31 January, 2014

කපා ගන්න තිබුණ අමාරුව....(පිරිමින්ට විශේෂයි )

මේ දවස් වල මගේ සිකුරා උච්ච වෙලා ය ,ලියන්න හිතෙන්නෙම ස්තිරි විමුක්ති කතා ය.ඒ කතාවක් ඉදිරි දිනයකදී අනිවා ලියනවාය.
                                                                               අද කියන්නෙ රැවුල ගැන කතාය පිරිමින්ට සියල්ලන්ටම පාහේ මේ රැවුල තිබේ.(නැති උන්ද ඉන්නවා ද දන්නෙ නැතිය)ඔය අතර ගැහැණු අයටද රැවුල නැතුවාම නොවේ.ඒ ගැන පැහැදිලි කිරිම අනවශ්‍යය.
                                                              සමාන්‍යයෙන් කොලු ගැටයෙක් ඉලන්දාරි (ඉලන්දාරි =දැරියන් ඉල්ලන ) වයසට පත් වන විට ඔය රැවුල් ගස් එක දෙක මතු වෙන්න පටන් ගන්නෙ,ඉතිං ඔක දකින කොල්ලන්ට ඉහේ මල් පිපුණා වගේ ය .කපා ගන්න කන් ඉවසුමක් නැතිය.මං පොර නම් සා/පෙ කරන කාලෙදීම ඔය බැම පටන් ගත්තාය .පලමු කැපිල්ල ගැන කොල්ලො සියල්ලන්ටම හොද මතක ඇතුවා නිසැකය.තිබුණු ගස් බෑ පසු මුහුණ ඉදිමුණු ලබු ගෙඩියක් වගේ පෙනෙන්නෙය ,විශේෂයෙන්ම උඩු රැවුල කොටස බෑ පසු නසය පමණක් උඩට පෙනීම බලන් ඉන්න උන්ට හෙනම ජොලිය.එහෙම නැවුම් පිට ඉස්කෝලෙට ගොස් හිදිමත් හෙනම ජොලිය.කපා නැති උන්ට අතින් දමා උත්තර දෙන්න දවසම යයි.රැවුල නැති උන් සබන් කපන බව ඒ දවස් වල රැවුල තිබු කොල්ලන් කියන කතාවකි.කොම උනත් දෙතුන් වතාවක් රැවුල බාන විට ඔය ගතිය මැකි යයි.
              උ/පෙ කාලයේදි පාවා අපේ පංතියේ රැවුල නැති උන් සිටියාය.ඒ එක්කම ඒ දවස් වල රැවුල කපන්න පටන් ගත්ත උන් සිටියා ය.ඒ වෙනකොට මං පොරට නම් රැවුල වදයක් ය.මොකද ඔක නඩත්තු කොරන්න වෙල මදිය.මුල දවස් වල රැවුලට පුදුම සාත්තු ය.උ/පෙ දවස් වල කෙසේ හෝ සති අන්ත කැලැස් වලට රැවුල ටිකක් සෙට් කරගෙන යන්නෙය. උ/පෙ ඉවර වී ඉබාගාතේ යන කාලේ අයේ රැවුලට සාත්තුය,එහෙන් මෙහෙන් කට් කපා යටින් ටිකක් පාට කොරගන වල බැසිම මාර ලොකු දෙයක්‍ ය. ඔය ජර මර අස්සෙ කොක්කක් දා ගත්තාම රැවුල හොරු උස්සන්නෙය,අනේ ඔහොම හොද නෑ ,මෙහෙම හොඳයි ,අනේ පොඩ්ඩක් රැවුල තියන්නකෝ ,අදි පැණි කතාය.

                                                                   රැවුල් ගැන කතා නම් එමටය  සම හරක් උඩු රැවුල තියාගෙන ඉන්න කැමතිය. කොල්ලො නම් වැඩි දෙනෙක් නිකට යටින් පොඩි රැවුල ටිකක් තියා ගනි.සැලුන් වලින් නම් රැවුල කැපිම පුදුම ජොලිය මොකද තිතට රැවුල කපන නිසාය.සමහරු රැවුල බැම සදහා ෂෙවින් ක්‍රීම් පාවිච්චි කරයි තවත් අය සබන් පිහිට ඔය මොන මගුලක් වත් නැතුව වතුර ටිකකින් තෙමා කපන උන් ද සිටි .
                                                                          කොම හරි රැවුල වෙලාවකට මාර ජොලිය,වෙලාවකට එපාම වෙන්නෙය ,රැවුලත් හරියට ගැහැණු වගේය.විශේෂයෙන්ම හදිස්සියකට උත්සවයකට වගේ යන්න සුදානම් කර ගැනිම මාර අමාරුය.හැබැයි මං පොර දැක ඇති අකාරයට සම හරක් බැන්ද පසු ඔය දෙකම නෑ වගේ වැඩ කොරන්නෙ ය.
                        
ඔය රැවුල් කතාවක් ලියන්න හිතුනේ නැවුම් පිට රැවුල කැපු කොල්ලෙක් අද උදේ දැක්ක නිසාය .අනේ උගේ හොද මුණත් උදේ ලබ්බක් වගේ තිබිණ.මට රැවුල් කතා මතක් වුවද මගේ හොද නම් කෙලෙසෙන නිසා නොලියන්න තීරණය කලෙමි ...  :)
                                                      

  ප.ලි 
රැවුල නැති උන් රවුලේ ජොලිය දන්නෙ නැතිය ,එ වගේම වයසක පොරවල් වයිපරේ හා රැවුල දෙකම එපා උන් ද රැවුලේ ජොලිය දන්නෙ නැතිය ,රැවුල ඇති කොල්ලො ඉන්න ස්තිරින් එකේ ජොලිය දන්නවා ඇතිය.

ප.ප.ලි 
කමෙන්ටු සඳහා පිළිතුරු දිමට ප්‍රමාද වන බව දන්නා යමි ...

29 January, 2014

එකෝමත් එක කාලේක ...

කකුල් දෙකේ පිහිට හොයන කතාව පොඩ්ඩක් නැගලා ගියාය.බලපු නැති අය බලලා අව නම් .ඒ කතාව අස්සෙ පොඩි කතාවක් ගියේ මේ ස්කූට් ගැනය දේශක කියන්නෙ මෙවාට ඩිවොස් බයික් කියාය ,මාතලන් නම් කියන්නෙ''කැට් කූල් '' කියාය . මොකක් වුණත් කතාව එකම භාණ්ඩයක් ගැනය.මා දන්නා තරමට මේවා නිර්මාණය වුයේ කාන්තාවන් ඉලක්ක කර ගෙනය.දැන් නම් රජා තෙල ලාබෙට දෙන නිසා කොල්ලොත් ස්කුටියට වැඩි කැමැත්තක් දක්වයි. මං පොර නම් බයික් වලට කැමැති වුවද ගමන් යැමට  වැඩි කැමැත්තක් දක්වන්නේ දුම්රියේ ය .
                                                             ඔය කතා අතරේ  දැන් බ්ලොගි වල කාන්තා හඬ නැග එනු පෙනේ.මටත් ඔය විමුක්ති කතාවක් රසකර ශෘන්ගාරය එක්කර වනන්න ආසාව තිබුණ ද ගෙදරින් පුරුෂ හිංසනය දරුණු වනු ඇත.තව ද දන්නා අදුරන චිත්ත රෙදි ඇදගත් පිරිමි නිවසේ අයට ''අන්න පුතා ජංජාලෙට කුනුහරුප ලියලා දානවා දැන්'' මේ කතා කියන බ්ලොග් ගැන අකුරක් නොදන්න උන් මාත් එක්ක වාද කොට එලක් නැත.දන්නෙ නැති උන් මාතලන් ගේ බ්ලොග් පාඩම් වලට පොලින් උනා නම් වැඩේ ගොඩය.
                                                                                                                                  මේ කතා නිසා පාඩුවේ ඉන්න මගේ වුවද පුෂ්පය විකසිත වෙන එක නවත්වන්න බැරිය.කියන්න ආ කතාව අමතක වෙන්න කලින් කොටා දාන එක හොදය .කොටන්න අවේ ඩිවොස් බයික් ගැන අසා ඇති පොඩි කතාවක් ය .කතාව මෙසේය...
                                         එක්තරා ජොඩුවක් ඕං හිටියාලු ,මහත්තයා ඔපිසියක ලොකු පුටුවක් රත් කොරන පොරක්ලූ ,මේ පොර ගේ වයිපරේ ගෙදර නෝනා වැඩේ කරගෙන ඉන්න කෙනෙක්ලු .ඒ වුණාට ගමන් බිමන් එහෙම ඕසේටලූ සැලුන් ,මාර්කට්,තව ඉතිං තියෙන හැම මගුලටම යන්න අර මහත්තයාටම ටැලිෆොන් කොරනවාලු .බැරිම තැන නෝනාට ගමන් යන්න කැට් කූල් එකක් ගෙනත් දුන්නාලු,ඔය නෝනාට තව පොරක් එක්ක අස්තරේකුත් තිබුණාලු.කොම හරි අර ස්තිරියාව ඔය භාණ්ඩයේන් තව පොරක් එක්ක යන බව ආරංචියක් පැතිරුණාලු.ඊට පස්සේ මහත්තයා දවල්ට කතා කරලා අහනවාලූ

 ඔයා කොහෙද ඉන්නෙ .....

නෝනා කියනවාලු ගෙදර ඉන්නෙ කියලා ...

එහෙනම් කුස්සියට ගිහින් මට ඇහෙන්න බෙලෙන්ඩර් එක දාන්න....

නෝනාට වැඩේ මිටර් වුණාලු ,පස්සෙ කරන්නෙ මොකක්ද යන හැම තැනම කැට් කූල් එකේ තියාගන බ්ලෙන්ඩර් එකත් අරන් ගියාලූ .එහෙම කරන බව අරංචි වෙලා දවසක් මහත්තයා කලින්ම ගෙදර අවාලු වැඩේ ඇත්ත නැත්ත බලන්න ..ඔන්න ටික වේලාවක් යනකොට නෝනා එනවලු බෙලෙන්ඩර් එකත් අරගෙන කැට් කූල් කරගෙන ,මහත්තයාට මලලු ඒ පිටිම ඇහුවාලු 

තමුසේ කොහේද ගියේ මේ වෙලාවෙ....

නෝනා කිසිම තරහක් නැතුව කිව්වාලු 

හැමදාම ඔයා කතා කරලා කියනවා නේ ඔයාට ඇහෙන්න බෙලෙන්ඩර එක දාන්න කියලා ,අද බලනකොට එක කැඩිලා එක හදාගෙන එන්න ගියේ කිව්වාලු ... 

ප.ලි 
සැබෑ කතාව මීට වඩා ශෘන්ගාරය අපේ කෙන්ජි මාමා ස්ටැයිල් එකට නම් ලෙසෙටම වනන්න තිබුණා.එත් ස්ත්‍රි හිංසනය හමුවේ කොරන්න බෑනේ .
 




28 January, 2014

කකුල් දෙකේ පිහිටත් ජොලි ය......


මට තේරෙන විදිහට බ්ලොගියට තමන්ගෙ කතා දැමිම පහසුය.මට මුලදි හිනා වුණ ඇයෝ පවා මා ලියු ඉරිඟු ගැන කතාවට හොඳ කිව්වාය.
                                                                                                අද කියන්නෙ පාපැදිය ගැන කතා ය .අරූ ත් පාපැදි ගැන කතාවක් දමා තිබුණා ය.ලොකයේ කොතරම් වාහන ආවද,තාක්ෂණය දියුණු වුවාට පාපැදිය භාවිතයෙන් ඉවත් නොවන දෙයක් වී ඇත.මේ ඒ ගැන කතාව නොවෙය .
                                                                                     මං පොරට නම් මටම කියා පාපැදියක් ලැබුණේ ඔය එපා එපා කියන ශිෂ්‍යත්වය මම හොම්බෙන්ම ඇණ ගත් පසුවය.එතෙක් මා පැද්දේ පියා ගේ පාපැදිය ය.එහි බල්ලන් නැතුව තුන් සුත්තර ය රැක ගත්තෙ බොහොම අමාරුවේනි.(මම හිතන්නෙ ඔය ප්‍රශ්නය තියෙන එකම වාහනය මෙක වෙන්න ඇති) මගේ සම වයසේ කොල්ලන් ,අපි ඒ කාලයේ කිව්වෙ ජියර් දාන බයිසිකල් කියා ය.එවා ගනිද්දී මා ගත්තෙ ලුමාලා ස්ටැන්ඩර්ඩ් වර්ගයේ බයිසිකලයක් ය.මං පොර ඒ බයිසිකලය ගෙන ගමේ රවුම් ගැහුවේ බෙන්ස් එකක යනවා වගේ හැගිමෙන් ය.මං පොඩි එකා නිසා සයිකල යේ ශිට් එකේහි වාඩි ගන්නට හරි හැටි නොහැකිය.ඒ දවස් වල අම්මා නම් කිවේ ''උඹේ ඔය බයිසිකලේ සිට් එක යටින් මිරිස් කරල් තිබ්බොත් හොදට ඇබෙරෙනවා'' කියාය.කොම උනත් මුල් මුල් දවස් වල මා ගත් බයිසිකලය ගැන දුකක් තිබිණ.ඒ මගේ සයිකලය එතරම් ලස්සන නොවන නිසාවෙනි.කෙසේ වුවත් ඒ දවස බයිසිකලයෙන් මම නොයන ගමනක් නැති තරම් ය.ටිකක් කරදඩු උස් වන විට රෑ ගමන් තිබු නිසා බයිසිකලයට අලුතින් ඩයිනමොවක් එක් විය.කොතරම් රෑ ගමන් ගිය ද මා අවුත් බයිසිකලය පිස දා නිදා ගැනිම මගේ සිරිත විය.මා එතරම් මගේ බයිසිකලයට පෙම් කලේමි.නිවාඩු දවසේ ප්‍රධාන රාජකාරියක් ලෙස මා එදවස කලේ මගේ බයිසිකල් රාජයාට ඔයිල් සාත්තුවක් දිමය.

                   මට මේ බයිසිකල් කතා සිහිවුයේ දැන් වැසි ලැබෙන කාලයයි.වැසි දිනයන් වල බයිසිකල ය පැදිම තරම් විනෝද ජනක දෙයක් ඒ දවස නැති තරම් ය.පාරේ වතුර කපාගෙන චිරිස් ගා යන රෝදය කනට හා ඇසට ගෙන ආවේ ඉමහත් ප්‍රිතියකි.පාරේ වතුර වලක් සොයා එ මතින් යැම,අපි කොල්ලන් රැන් පිටින් පාරක් පාරක් පසා රවුම් ගැහුවේ මේ සයිකල් වලින් ය.ගුණේ මාමා ගේ දූව ද ගමන් ගියේ ඔය බයිසිකල් වලින්මය.ඒ දවස් වල නම් කොල්ලන් නම් කිවේ ,ගුණේ මාමා ගේ දුවට වෙනම කතා ය.ගමේ වැඩිහිටියන් නම් කිවේ ඔය සයිකල් ගමන නිසා ඔකිට කවදා හරි දිගේක යන්න බෑ කියා ය.එත් ගුණෙ මාමා ගේ දුව ලස්සනට දිග ගියාය.ඒ ඔය බයිසිකල් පදින අතරතුර හමුවුණු කොල්ලෙක් එක්කමය.ඒ දවස් වල ගමේ ගැටිස්සියන්ට ඔය බයිසිකල් පැදිමට අවසර ලැබුණේ එහෙමත් එකියකට ය.නමුත් අපේ බයිසිකල් ඉල්ලා ගෙන කෙල්ලන් පැද්දා ය.ඔය ඉස්සර අපේ ගම් වල තිබු කතා ය.දැන් කෙල්ලන් යන්නෙ ස්කූටි වලින් ය(ඩිවොස් බයික් ).ඔය කොතරම් බි.එම් .ඩබ්ලිව්,බෙන්ස් ආව ද මට නම්  බයිසිකලයක් පගා ගෙන පාරේ ඉන්නා ගැටිස්සියක් දිහා ඇසැක් මරා යැම තරම් ජොලි යක් නැතිය.බයිසිකලය ඒ තරම් ජොලි වාහනයකි.කකුල් දෙකේ බලයෙන් බයිසිකල් පැද ඇති ඇයෝ එකේ ජොලිය දන්නවා ඇත,ලයිසොන් කොළේ ගන්න කලින් වුව ද යන්න යන්න පුළුවන් විම කොයි තරම් ජොලි ද ?... :)



 ප.ලි
මගේ පලමු රථය වන බයිසිකලය ට දැනට වයස වසර දහයකට වඩා වැඩිය.අද බලන විට ඒ බයිසිකල ය මෝටර් රථය දමන ගාරාජයේ  මුල්ලක තනි වෙලා ය.ඒ බැලුවෙ ද මුදල් හදිස්සියක් වී බයිසිකලය විකුණා දැමිමටය .පණ්ඩිතයා වගේ විකුණන්න තීරණය කල ද අවසානයේ මට විකුණා ගැනීමට සිත් නොදිනි.මන්ද මා ලොවට පෙනෙන්නට අදරය නොකළ ද තවමත් මගේ පරණ බයිසිකල යට ලෝභ කල බැවිනි.

22 January, 2014

අතීතයට පාර දිගේ.......

තවම ඇහැරුණෙ නැති ද?අම්මා ගේ හඩ එක්ක අවදිව  හාත්පස බැලු මම නැවතත් නින්දට වැටුණෙමි.රෑ එළිවනතුරු බසයේ අවුත් ගමන් මහන්සිය ඇඟ පත වෙලාගෙන තිබිණ. යමු යමු ඉක්මනින් ලැස්ති වෙන්න දැන් දහයත් පහු වෙලා.මට අවශ්‍යව තිබුණේ ගෙදර අවුත් නිදහසේ නිදා ගැනිමටය .එහෙත් අම්මා එයට ඉඩ දෙන පාටක් නැත .

මොකට ද ?අද කොහෙ යන්න ද ?

ඇයි මම එදා කිව්වෙ .

මොකක්ද ?මට මතක නෑ .

ඇයි?ලොකු පුතේ අද අපේ ඉස්කෝලෙ කැමක් දෙනව කිව්වෙ ..
 
මට පොඩ්ඩක් මතක් වුණද ඇදෙන් බිමට එකදු අඩියක් තියන්න මගේ හිත ඉඩ නොදෙයි .කෙසේ හෝ අමාරුවෙන් ,ලැස්ස්ති වී ඉවර වන විට  දහවල් දොලහා කනිසමට ලගය .අම්මා ගේ හිත ද පොඩ්ඩක් පැරි ඇති වගෙ ය . මට යන්න ඔන කැමක් නැතිය.මට අවශ්‍යව තිබෙන්නෙ පොඩ්ඩක් නිදාගෙන සවස් වන විට කොල්ලන් සමඟ වල බසින්නටය .

කෙසේ හෝ මා මෝටර් රථය ගෙන අම්මා කැටුව ප්‍රධාන පාර දිගේ ඉතා හෙමින් ධාවනය කරවිය.වෙනදා වේගය අඩු කරන්න නැති නම් මම පාරෙ බස් එකෙ යනවා කියන අම්මා ,

පොඩ්ඩක් ඉක්මනින් යමු ,අර මිනිස්සු කැම හදාගෙන බලන් ඇති

මට බෑ අම්මෙ ,පොලිසිය හිටියොත් මාවනේ උසාවි දාන්නෙ,

මම පාඩුවේ ජැක්පොඩ් චිත්‍රපට ගීත සවන් දෙමින් ධාවනය කරවිය.සෙමින් සාක්කුවට අත දාමා බැලු මම දුරකථනය ගැනිමට ය . එය ද ගෙදර තබා ඇවිත් ය.දැන් කරන්න දෙයක් නැත.කෙසේ හෝ මිනිත්තු හැත්තෑවකින් පමණ පසු අපි පාසල වෙත ලඟා විය .තවමත්  එක්දාස් ගණන් වල කළු-සුදු චිත්‍රපටයක ස්වරූපය පාසල පුරා තිබිණ.පාලුව තනිකම පාසලක් වුව ද එහෙම් පිටින්ම ගිලගෙන තිබිණ.මා ද හා හා පුරා කියා අකුරු කෙරුවේ මේ පාසලින් ය .ඒ එකල අම්මා ද මේ පාසලෙ සේවය කල නිසාත් එකල මෙතරම් තරගයක් නොතිබුණු නිසා වන්නට ඇත.

සෙමින් සෙමින් පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ලට අපි පිවිසිය ,සියයයි වීස්ස ගොඩනැගිල්ලක් වූ මෙහි මැද කැම මේසයක්,ගුරු මේස එක් කොට සාදා තිබිණ.ගමේ පොලොස් ඇඹුලේ සිට සැම කැම ජාතියක්ම කැම මේසය මත විය.

හානේ මේන්න දම්මි මිස් ඇවිත්,අපි බලාගෙන උන්නෙ ,එත් බැලුවා අපි මිස් පරක්කු වෙනකොට .
මෙන්න මෙයා ලැස්ස්ති කර ගන්න වෙලා ගියා නේ,ඒ අම්මා ය 
හානේ ....මිස් මේ ලොකු පුතා ද ?
ඔව්!ඇයි අදුන ගන්න බැරි ද ?
කොහොම අදුන ගන්න ද මිස් අපි දකින කාලේ පොඩි අත දරුවොනේ..
අවුරුදු 14කින් 15කින් මම හිතන්නෙ මේ එන්න ඇත්තෙ ?
හ්ම්ම්ම්ම්ම් 

දැන් පුතා මොකද කරන්නෙ ?

ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න නොහැකි නිසාම මේ වාගේ බොළඳ වැඩ වලට මාගේ එතරම් රුචියක් නොවීය.

යමු මිස් කැම කන්න,පරණ ගෝලයොත් කිහිප දෙනෙක්ම ඇවිත් ඇහුවා අද මිස් එන්නෙ නැති ද කියලා.අපි පනහක් පමණ පිරිසක් කැම මේසය වටේ වාඩි වී කැම ගත්ත .සමහරුන් තලප හා වැව් මාළු රස බැලූහ,තවත් සමහරුන් කැම කන එක අමතක කර ආගිය තොරතුරු කතා කලහ .මා පාඩුවේ පොලොස් ඇඹුල හා තව කව්පි මැල්ලුමක් සමඟ කැකුළු බත් ටිකක් රස බැලිය.කැම කා සියල්ලන් යන පාටක් නැත ආගිය කතා ,අතීතයේ පාසල ගැන අදි කතා තෙරක් නොවිය .මේ බොරු කතා මැද ඉවසා සිටි නොහැකි මම පාසල තුල ඇවිදින්න සිතුවෙමි .

අතීතයේ දි මම මේ පාසැලේ සැම බිම් අගලකම කෙලි සෙල්ලම් කර ඇත.උස් කන්ඩි සිට පඩි පෙල් සදා තිබිණ,ඒ දෙපස බැමි වල කලිසම හිල් වන තුරු ඉහළ සිට පහලට එම එදා මාගේ ප්‍රියතම ක්‍රීඩාව විය.උදෑසන එකොළහට ඉවර වී අම්මා එනතුරු මා එදා කල දේවල් මගේ දැස ඉදිරිපිට මැවි පෙනින.

එසැනින්ම මා පිටුපසින් ඇසුණු ගැහැණු හඬක් නිසා මා හැරි බැලිය. අවුරුදු තිහක පමණ පෙනුමැති දරුවෙකු වඩාගත් ගැහැනියක් හා පිරිමින් දෙදෙනෙකු මා දෙස බලා සිටී.

කොහොමද ඔයාට ...අදුන ගන්න පුළුවන්ද?

බෑනේ ...මට මතක නෑ..

අපිටත් ඔයාව අඳුන ගන්න බැරි වුණා ටිචර් තමා ඔයා මේ පැත්තට ගියා කිව්වෙ.මතක නැත්ද අපි එක පන්තියේ හිටියේ,මම මාලි ,මේ උපුල් ,මේ නුවන්,දැන් මතකද?....අපේ තව අයත් ඇවිත් හිටියා ..

මම හිටි තැනම ගල් ගැසින ..මට මතකයි ..මට කියවුණේ එපමණකි .මගේ පන්තියේ හිටපු අය ,මාත් එක්ක සෙල්ලම් කරපු අය,ඔවුන් දැන් වයස මුහුකුරා ගිය දෙමාපියන් ගේ පෙනුම ගෙන තිබිණ. අපි අරලිය ගස් සෙවනේ වාඩිවී බොහෝ දේ කතා කලාය.අතීත මතක,දැන් කරන දේවල්......බොහෝ ගැහැණු දරුවන් දීග ගොස්‍ ය .පිරිමි ළමුන් ඇතැමෙක්   හමුදාවට ගොස්ය.වැඩි දෙනෙකු ගොවිතැනින් ජීවිතය සරි කර ගනි.ඔවුන් ගේ කතා මගේ හදවත වී සිදුරු කරන්න විය.මම මෙතෙක් දවස් නැටු නාඩගම්,බොළඳ වැඩ දිය වී දෙපාමුල වැටිණ.මම මේ අමතක කොට ඇත්තෙ මගේ යහළුවන්ය,මට ආදරය කරන මිනිසුන් පිරිසක් ය ,ඔවුන්ට මා ගැන සොයා බැලුවද මා දවසක් වත් මොවුන් ගැන සොයා බලා නැත.

හා.....! පරණ යහළුවෝ අයේ එක්කාසු වෙලා වගේ ..

හැරි බැලිය ...අපේ මව හා පලමු හා දෙවන වසර භාරව සිටි
ගුරුතුමිය අප පසු පසිණ .වසර ගණනකට පසු මගේ දෙපා නැමිණ .
යමු අපි දැන් හතරත් පහුවෙලා ..එනකොට තිබුණ හදිස්සිය දැන් නැති ද ?ඒ අම්මා ය ...නෑ නෑ යමු .සියල්ලට සමු දුන් මා ,විශේෂයෙන් මාගේ මිතුරන්ට නැවත එන පොරොන්දුව තබා සමු ගතිමි.

මෝටර් රථයට නැගි මා සි.ඩි පටයක් දැමිය...ගුණදාස කපුගේ  මහතා ගේ ගීත වාදනය විය.මගේ හදවත තුල පෙරලි වෙමින් තිබිණ,උඹ මොකද මෙච්ච්ර දවස් කරේ ..උඹ මේ ගෙවන ජිවිතය මොකක්ද?අදි නොයෙක් ප්‍රශ්නය......මේ මිනිස්සුන්ට යමි උදව්වක් මා විසින් කල යුතුව ඇත ,නමුත් මොකක්ද?අම්මාට ද මාගේ වෙනසක් පෙනෙන්නට ඇත.වෙනදා කතා කරන අම්මා ද වචනක් හෝ කතා කලේ නැත .

අධික ගමන් මහන්සියට වඩා සිතේ අමාරුව දරා නිවසට ආ වෙනදාටත් වඩා වෙලාවක් නෑම සඳහා ගෙවා දැමිය.ඇදට වැටුණ මා දුරකථනය ගෙන බැලිය,මැසෙජ් පනහක් හා මගහැරුනු ඇමතුම් තිහක් පමණ විය.මා එකින් එක බැලිය.ඒ සැනින් දුරකථනය නාද විය..ඒ කට්ටා ය...

කුලයා උඹ කොහෙද බන් මකබෑවිලා හිටියේ......යකෝ අන්න පණ කඩාගෙන අරකි උඹව හොයනවා ...

හරි.... හරි..... බන් ....

අද අරුන් ගේ අයියා පාටියක් සෙට් කරලා ,උඹ එනවා නේ අපේ උන් සෙරමලා එනවා කිව්වා උඹ තමා අඩුව තිබුණේ,මම හවස උඹලා ගේ ගෙදර ...

කරන්නෙ කුමක්ද යන්න තීරණය කර ගැනිමට නොහැකි වූ මම ඇද මත උඩු බැලිව හිද සිවිලිම දෙස බලා හිදීය .මා කොතරම් වෙලාවක් එහෙම හිටියා ද නොදනි මට නින්ද ගොස් තිබිණ..

නිවස දෙසට එන මෝටර් රථයක හඩින් මා අවදි විය...වෙලාව සවස 8.30 පමණ බව ඔරලෝසුවේ සටහන්ව තිබිණ...

 






20 January, 2014

අසම්මතයත හා සම්මතය

අපි සම්මතය කියලා දෙයක් හැම දෙකම හදා ගෙන ඉන්න සත්තු ජාතියක් ,අපි ඒ රාමුව ඇතුලේ වෙන දෙවල් අනුව හොඳ නරක ගලපන්න උත්සහ කරනවා.එත් ගොඩක් මිනිස්සු ලෝකයට හොරෙන් ඔය කියන මහා ලොකු සම්මතය කියන රාමුවෙන් පිට පැනලා ක්‍රියා කාරනවා.සමහරුන් රාමුව තමන්ට පනින්න අවශ්‍ය උනත් ලෝකයාට බයේ අමාරුවෙන් රාමුවට කොටු වෙලා ජිවත් වෙනවා .ඒ අපේ විදිහලු ,අපි මේ රාමුව හින්දා අනෙක් සත්තුන් ගෙන් වෙනස් වෙනවා කියලා මට හිතෙන්නෙ .
                                                               ඔය කතා කොහොම උනත් මම නම් හිතන්නෙ කවුරු කවුරුත් හිත ඇතුලින් හරි කැමති මොහොතකට හරි ඔය රාමු කඩා ගෙන මොහොතක් හරි ජිවත් වෙන්න (හරි ද දන්නෙ නෑ ,මම අන් අය ගැන තීරණ දෙන්න කැමති නැති උනත් ලියන්න උනා ),ඔය අසම්මත කියන දෙවල් සුන්දර ලෙසත් අසුන්දර ලෙසත් දකින්නෙ අපිමයි. 
                                                                                                       ඔය කියන රාමු පිට පනින එකත් හොද නිර්මාණ බිහිකරන්න පුළුවන් වස්තු බිජයක්.හැබැයි ඒ දෙවල් කියන්න යොදා ගන්න භාෂාව අනුව එක කුණු හරුපයක් ද ?නැති ද යන්න තීරණය වෙන වෙලාවල් තියෙනව.ලඟ දි දේශක ලියපු සුදු සාළුව ඔය රාමු පිට පැනපු රස කතාවක්.

ඔය වගේ සිද්ධි ගිත වුණ වෙලාවලුත් තියෙනවා . අහලා බලන්න .


චාමර ටිකක් බොලද විදිහට කියනවා ,එක නිසා මේ ගැන ඕන කෙනෙකුට  අදහසක් එනවා .

එත් අපේ නන්දා මාලනියත් ඔය හා සමාන වස්තු බීජයම හරි අපුරුවට ගායනා කරනවා .

 ප.ලි 
ඇතැම් විට එක් වරම චාමර ගේ ගිතය ග්‍රහණය වුව ද ,මාලනිය ගේ ගිතය එසේ නොවනු ඇත.ඔබට සිතෙන දේ කියන්න .තවත් ගිත ඇතිමුත් නම් මතක් වෙන්නෙ නෑ දන්න එවා යේ නම් හෝ ලින්කු එක් කරන්න .

මේ හා සබැඳි ලින්කු ඇත්නම් එක් කරන්න ..

17 January, 2014

මට ලැබුණු අමතක (නො)වන පාඩමක් ...

මම කලින් ගොඩ යන  පාඩමක් ගැන කිව්වා මතක අති .අද කියන්න යන්නෙ මට කියා දුන් පාඩමක් ගැන ය.කොටින්ම හොඳට මතක හිටින්න මගේ තෙල බහින්න කියා දුන් පාඩමක් ගැන ය .
                                                                                                                                       මේ කතාව සිදු වුයේ ඇත පෙර අතීතයක නොව මිට වසර කිහිපයකට පෙර  ය .ඒ නිසා හොදින් මතකය .මේ කියන්නෙ තේ එකක් බී  පාඩුවේ කෙක් කැල්ලක් කලා ඉන්න බැරි කමට වූ කතාවක් ය .හැමදාමත් බොරු පණ්ඩිත කතා ලියා හරි යන්නෙ ද නැත .එ නිසා මෙන්න මා උගත් පාඩම.
                                                                                                                           මේ  කතාව සිදුවන්නේ මා උ/පෙ කර ඉබාගාතේ රවුම් ගහන කාලයේදී ය .ඒ දවස්වල ගෙදරින් පනින්න (ඒ කියන්නෙ වල බහින්න ) හෙතු එමටය .මොකද අතිජාත වුන් ටිකත් ගෙවල් වලය.කරන්න තියෙන හැම මගුලම කොරන්න ඕනෑ තරම් කස්ටිය ,එක කොල් එකින් සෙට් වන්නෙ ය . කරන්නෙම යහපත් වැඩය.ඔය දවස් වල කොහොම හරි අපි පාරේ ඉන්න තැනකින් කෙල්ලක් යන්නෙ එහෙමත් එකියක් ය.ඒ තරම් අපේ උන් කෙල්ලන්ට ගරු කටයුතු ය .මම නම් ඔය වැඩවලට සම්මාදම් වෙන්නෙ නැතිය.එහෙත් මගේ නම් ඔවාට ඇදි තිබේ.ඔය වගේ ඉබාගාතේ ජිවිතෙ ගෙවන් කාලේ කර ගත්තු දෑ බොහොමය.ඒ වගේම ඉගෙන ගත්තු දෑත් බොහොය .
                                                                                   ඔය කාලේ දාන ගෙවල් ,පිරිත් ගෙවල් ,දන්සැල් දෙන තැන් ,මගුල් ගෙවල් අපේ උන්ට පෙන්න බැරිය .අඩෝ අපේ ගමේ අරකක් තියෙනව වරෙල්ලා බන් ,ඔන්න කසන වුන් ටික එතනය.දන්නෙ නැති තැන් වලට සෙට් වී වුණ සින් ඉදිරියට . ඔන්න අද කතාව ඔය වගේ ජිවිතයක් ගෙවපු කාලේ අපේ එකෙක් ගේ නoගි කෙනෙකු ගසකින් වැටි අසනිප වෙලා ය .අපේ උන් සැමට අරාධනා ලැබිණ(නැතත් යනව නේ )කොම හරි දවස අවා ගමනට හැම දේම හරි හැබැයි අපේ ගෙවල් වල ඉදලා ටිකක් දුරයි .යන්න විදිහක් නෑ ,කොම හරි මගේ අතිජාත මිත්‍රයා පොර ගේ මස්සිනා ගේ දඩු මොණරාව වැදලා ගමනට ඉල්ල ගත්තා ,මොනවා වුණත් නම්බු පිට යන්න එපැයි .ඔය වගේ හෙන නම්බු පිට අපි එදා ලෙඩ බලන්න ගියා ,දවල් කෑමට  එන්න කිව්වත් අපිට රාජකාරි බහුල උදවිය හැටියට අපි රෑ කැමටම ගියා .
                                                                             ඔන්න අපේ උන් ගේ හොද පුරුදු  ඉස්මතු වෙන්න ගත්තා ,කන්න කලින් බිම එකක් බොන්න කියලා බිම එකක් දුන්නා විතරයි අඩේ අරවා නැත් ද ?අහුවා වරෙල්ලා කෝ කියලා අපිට ආරාධනා කරපු එකා අපිට වෙනම කාමරයකට එක්කරන් ගිහින්  පැණි බීම බොන්න දුන්නා .අපේ උන්ට බොන්න පුරුදු නැත.කොටින්ම මම තමා උපාසක ,උත් බොන්න ගත්තෙ කටේ කිරි සුවඳ යන්න කලින් ,අනිත් උනුන් එ වගේය .කොම හරි නම්බු පිට ඉන්න ඕන නිසා වැඩිය සෙට් වුණෙ නෑ.මතක විදිහට එකා බියර් බොතල් දෙකක් විතර බිලා ශෙප් උනා ,වෙන දා ඔය මගුල් බොන්නෙ නැති උනුන් නම්බුව ගැන හිතලා ,ලොකු එවා තිබුනාට  ශෙප් උනා .
                                                                                                                                                    ඔහොම උන මමයි මගේ අතිජාත මිත්‍රයයි දෙන්නා ශෙප් එකේ ගෙදර එන්න පිටත් උනා ,ටික දුරක් එනකොට මට සුළුදිය පහ කරන්න අවශ්‍ය වුණා.රෑ 12ට විතර ඇති .කොම හරි පාරෙ අයිනේ කඩයක් තිබුණා ඉස්සරහා ලයිට් දලා,ඔන්න කළුවරේ සත්තු ඇති කියලා අපි දෙන්නා කඩේ දොර දිහා බලාගෙන ඉන්නවා .ඔන්න එතකොටම අවා ජිප් එකක් ,ඔන්න ලස්සනට මොනව ද දේශනා කරනවා.අපිට ඔය අහක යන කෙස් වැඩක් නැතිය .අපි අපේ පාඩුවේ කඩේ  දොරේ ගහලා තියෙන පොස්ටර් සිරි නරඹනවා. 

එයි තොපි දෙන්නට .........
 වේ@ ගේ පු$$ තොපි මොනව ද කරන්නෙ  කියලා පටන් ගත්තු එක දෙනව එලොව පොල් මතක් වෙන්න .අපි දෙන්නා බැලුවා මොකාද මේ කියලා බලනකොට එ ජිප් එකේ ගහලා පොලොසිය කියලා .දිපන් කෝ උත්තර ,ඔන්න කර කර හිටපු රාජකාරිය පොඩ්ඩක් නතර කරලා ජිප් එක පැත්තට ගියා .ඔන්න ඒ පාර තව සද්දෙ .
තොපි දෙන්නා බීලා ද ඉන්නෙ ..
නෑ....... සර් .
මොකද කරන්නෙ මේ මහා රෑ පාරේ .
පොඩ්ඩක් ** ** හැදුනා ,එකයි ..
තොපි බිලා නේද?
මම එතකොටම ,පොඩ්ඩක් විතර ඔව් සර් ..
මොන හු@#$% %^&&&    &&@#$ කියන්නෙ ..
සාජන් ලයිසන් බලනවා මේ  වේ#$  ^$$#$#$%&& බිලා ද කියලා .
(සජන් උම්මා දෙනවා අපි ලයිසොන් පෙන්නනවා )
ලයිසන් නම් තියෙනව සර් ,මුන් දෙන්නා බිලා ඉන්නෙ ..

ගන්නවා අදායම් බලපත්‍රය බලන්න ,හෙට  උදේ  පොලොසියට ඇවිත් කියනවා  ,(මොකා ද කියලා මතක නෑ) ,ලයිසන් එක ගත්තා කියලා .ලයිසන් එක ගත්තා පොර ගියා .

අයේ රෑ නිදි නෑ ,උසාවි තමයි ,ගෙදරට කොම කියන්න්න ද ?රෑ නින්ද නෑ දාඩිය දනවා ,නලා වගේ තමයි ,වතුර බොනවා බොනවා ඉවරයක් නෑ ,මට එදා තමා තෙරුනේ බිලා පොලොසියට අහු වෙන එක කොයි තරම් පිචo දෙයක් ද කියලා .. කොම හරි උදේ අපි දෙන්නා ගියා කියමුකෝ පොලොසියට ,එත් මතක නෑ මොකා ද ලයිසොන් එක ගත්තෙ කියලා .දඩ ගෙවන තැන ගෙදර වගේ නිසා එතන හිටපු අදුරන පොලොස් ස්ත්‍රීරියාවක් ඇහුවා මල්ලි අයේ දඩයක් ද කියලා ,අපි දෙන්නා කිව්වා අපේ ලයිසොන් රෑ පොලොසියේ කවු ද ගත්තා කියලා .හා පොඩ්ඩක් ඉන්න කියලා කාමරයක දොර ගාවට එක්කර ගෙන ගියා ,ගිහින් කිව්වා සර් ලයිසොන් ගත්තා කියලා දෙන්නෙක් ඇවිත් කියලා ...එතකොට නැවත් බණ පටිය වාදනය වෙන්න ගත්තා ...
කෝ ඔය වේ @#%$# කියලා,මෙහෙ වරෙල්ලා කියලා ලුණු දෙහි ඇතුව ..අපි දෙන්නා බිම බලාගෙන හිටියා ,කොම හරි පොරටම එපා වෙලා ,ඇහුවා උඹලා දෙන්නා මොකද කරන්නෙ කියලා.අපි දෙන්නා ඇත්තම කිව්වා .
 බලපල්ලා උබලා ඔය විනාශ කරන්නෙ අම්මා තාත්තා අමාරුවෙන් හම්බු කරන එවා නේ ,උබලා තවම පොඩි උන් ඉගෙන ගෙන ඉවරත් නෑ ,මොක ද වෙලා තියෙන්නෙ..අදි ලෙස කරුණික වදන් වලින් කියලා දුන්නා ..(ගුටි කැවෙ නම් නෑ හොදේ )
කවුරු පොලොසිය හොද නෑ කිව්වත් මේ වගේ හොද ඇයොත් පොලොසියේ ඉන්නවා කියලා මට එදා තෙරුණා මම  නම් එද ඉදන් අයේ අම්මා තාත්තා ගේ සල්ලි වලට බොන එක නැවැත්තුවා. කොට්න්ම බොන එකට පොඩි කොමාවක් දැම්මා .

ප.ලි 
 මම ලියපු දිගම පොස්ටුවක මෙක වෙන්න ඇති ,හිතා ගන්න කොමද වුණ බලපැම කියලා  ,:D
බොන එක ගැන කලින් ලියපු එක මෙන්න .. 

14 January, 2014

වැඩිය රසක් නෑ ....

මේ කතාව ලියන්නට හෙතුව මා කුඩා කල සිට දුටු තිත්ත ඇත්තක බිදුවක් බ්ලොගියට මුදා හැරිමයි බ්ලොග් කියවන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම  බඩඉරිඟු රසබලා අති බවට සැකයක් නැත.ඇතැම් විට බඩ ඉරිගු කරලක් රුපියල් 10 සිට 20 ,30 දක්වා මුදල කට ඔබ මිලදී ගන්න ඇත.
                                                                                        බොහො ලොකු යන වාහන වලින් ලොකුම ලොකුයි කියලා හිතන ,ඉන්ගිරිසි මරණ අයවලුන් පවා යන ගමන් අතරතුර පාර අයිනේ පොඩි මැස්සකින් ඉරිඟු කරලක් කන්නට මැලි වන්නෙ නැත .එහෙත් ඔවුන් කොච්චර සල්ලි තිබුණත් මට මතක ඇති කාලයක ඉරිඟු කරලක් ඉල්ලන්නේම කියන ගනනට වඩා අඩු මුදලකට ය .ඒ ඔවුන් ඉරිඟු කරලක් මැස්සකට එනතුරු කතාව නොදන්නා නිසා වන්නට ඇත .එසේ නම් ඒ කතාවයි මේ ..
                                                                       සමාන්‍යයෙන් බඩඉරිඟු කරලක් නෙලිමට මාස 3 1/2 පමණ කාලයක් ගත වේ .ඒ කාලය තුල වගා කරන මිනිසුන් විදින්නෙ අප්‍රමාණ කරදර ප්‍රමාණයකි .සීසැමේ සිටම විශාල වශයෙන් මුදල් යට කල යුතුය .ඒ සඳහා බොහොවිට ඉරිඟු කඩා මුදල් ලබාදෙන පොරොන්දු මත වැඩ සිදු වේ(අක්කරයක් සදහා රුපියල්-3000/4000 අතර ) .ඉන් පසු පැල සදහා පොහොර දැමිම හා පස් එක් කිරිම කල යුතුය .
                      බොහො විට නිවසේ සිට බොහො දුර පැල් වල ඔවුන් මේ මාස 3/4ක කාලය ගත කරයි . ඒ කාලයට දරුවන් නිවෙස් වල තනියම කාලය ගත කරයි .ඉරිඟු පැසි එන කාලයට වල් අලින්ගෙන් කරදර නම් එමටට ,රෑ නොනි දා හෙන සතර කොන හූ කියමින් යා යුතුය.නැත්නම්  සතෙක් හෙන පාළු කර දමා යා හැකිය .'''අනේ අර බලන්න අර තිරිසන් මිනිස්සු අලියෙක්ට වෙඩි තියලා මරා දලා'''''' ඔය සෙයිලමේ ඇයෝ රුප පෙට්ටියේන් බලා කියන හැටිය.ඒ දන්නා තරම ය .හෙනේ පැල කියන්නෙ ඔය පින්තුර වලින් දකිනා වගේ සුන්දර නැත.පිට ලෑලි දැමු මැස්සක් උඩ මාස 3 1/2-4 ක් හිදිම කල යුතුය.
                                     ඉරිඟු ඇතැමුන් අමුවෙන්ම කඩා විකුණයි ,ඒ  රුපියල් 3-5 දක්වා මුදලකට ය .තවත් සමහරු ඉරිඟු වෙලිම සිදු කරයි .වෙලන්න යන්ත්‍ර නැත අවූවේ දමා වෙලිම සිදු කරයි .වෙලිම ද ක්‍රම දෙකක් යටතේ සිදු වේ ,ඇතැමුන් හෙන් වලම බොහෝ විට ගල් තලා මත ඇට ගලවා වෙලිම සිදු කරයි.ඒ ගල් තලාව මත සතර කොණ ගිනිමැල ගසා රැ හිද අරක්ෂා කල යුතුය.අමු ඉරිඟු කඩා ඉතුරු වූ ප්‍රමාණය උක්ත රුපයේ අකාරයට වෙලා ඇට කරයි . බුතයා වැනි යන්ත්‍රයක් අධාරයෙන් හෝ අතින්ම ඇට වෙන් කිරිම සිදු කරයි .සමාන්‍යයෙන් දෙමුහුන් ඉරිගු ඇට වගා කිරිමෙන් හෙක්ටයාර එකකින් ටොන්5/ 6ක් පමණ ලබාගත හැකිය .ඇට කිලෝවක් රුපියල් 25/30 දක්වා අලෙවි වෙයි . වේළු ඉරිඟු ඇට වැඩි ප්‍රමාණයක් සත්ව ආහාර සදහා භාවිතා කරයි .අනෙක් එවා අපනයනය හා අතිරේක ආහර වර්ග සඳහා යොදා ගනි.
                                                             කතාව සරලව  මෙසේය.දැන් අපේ රට ඉරිඟු වලින්ද ස්වයංපෝෂිත වි ඇති බවට බොහෝ කතා ඇසේ .නමුත් ප්‍රශ්න නම් එදා සිටම මගේ මිනිස්සු පැලේ ය .එනව කියන එක තවම ඇවිත් නැතිය .තවම ගොම පොලව වෙනුවට සිමෙන්ති ටිකක් දා ගන්න ආර්ථික සවි වී නොමැත.මේ ඉන්නා ගෙවල් වල ඉන්නා කොල්ලො -කෙල්ලොට ඇත්තේ ද ඔය ලොක්කන් ගේ දරුවන්ට මෙන් ලොකු ලොකු වහන ගන්න ,පාටි දන්න ,කෙල්ලො වට කරන් ඉන්න වගේ දෙවල් නොවෙය .අඩුම තරමින් රැකියාවක් කරන්නට  අධ්‍යපනය  ලබා ගන්න ටය.ගොවියා රජ කරනවා  කවදා ද ?අපේ රටේ ගොවියාට කවදා යහපත් අනාගතයක් එවිද යන්න සැක සහිතය .මන්ද මෙ සදහා  රජ්‍ය මැදිහත් විම අවම මට්ටමේ ය.තව කියන්න දේවල් ඇතිමුත් තවත් ලිපිය දිර්ඝ කිරිම වැඩක් නැතිය .මේ කතා නිසා  පරණ කාඩ් වැදින්න පුළුවන,තව ද උබ දැන් අපිට කරන්න කියන්නෙ මොකක්ද?දැන් උබට පන් ද කියා අසන්න එපා ය .

ප.ලි 
ඉරිඟු වල කතාව මෙසෙය ..සබැඳි ලිපි ඇත්නම් එක් කරන්න ..


08 January, 2014

පොඩි උන්ට ලොකු අදහස් දිම ..........

ගියවර මා ලියු සුද්දි ගේ කතාව මට එතරම් සුභඑල ගෙනාවෙ නැතිය .කරන්නට දෙයක් නැතිය .ඒ කතාව මා ස්පර්ශ කරන්නට උත්සහ දැරු තරම් සාර්ථක නොවුණි .මට අවශ්‍ය වි තිබුණේ මගේ ලකුණක් සොයා ගැනිමට  ය .කෙසේ නමුදු දැන් 2014ය ..

                             අලුත් අවුරුද්දක් ඇවිත් ය .දැන් පොඩි උන් ඉන්නා  දෙමාපියන් දැන් බරටම වැඩය .ඒ තමන් ගේ පොඩි එකාට ලොකු කැලැසියක් හොයා දෙන්නටය .ඒ වැඩෙට පිය පාර්ශවය වැඩි පිස්සුවක් නැතත් මව් පාර්ශවයට ඇත්තෙ පුදුම අමාරුවකි .ඒ දරුවන්ට අම්මා එලි පිටම ආදරය පෙන්වන නිසා වෙන්න ඇතිය .

                                                සහෝදර නම් පොඩි එකා සන්දියේ ගියේ ඉතාම කුඩා පාසලකට ය .අදටත් එහි ඉන්නෙ ළමුන් සියයක් හෝ දෙසියක් වගේ ඉතා අඩු පිරිසකි .එ මගේ පොඩි කාලයේ අපේ අම්මට වැඩිය ඉස්කෝල සෙවිමේ පිස්සුවක් තිබුණේ නැති නිසාය.මම ශිෂ්‍යත්වය ඇන ගත් පසු ටිකක්  ලොකු  පාසැලකට මගේ මරහඩ මැද ඇතුලත් කරනු ලැබිණ .

                                                                                                              ලොකු එවා     අල්ලන්න දැගලුවාට කම් නැතිය .මක් නිසා ද පොදුවෙ අපේ අය ටිකක් ලොකු එවාට කැමතිය .එත් මේ පොඩි දරුවන් ගේ මුල් ගුරුවරුන් වන්නෙ දෙමව්පියන් බව දැන් ඉන්න අයට අමතව ගොස් ඇති හැඩය .මක් නිසාද මේ ඉස්කෝලෙට යන පොඩි එකාට ,ඉස්සෙල්ලාම කියලා දෙන්නෙ පුතේ මේ ඔයා ගේ පැන්සල ,මේ ඔයා ගේ පුටුව,ඩෙස් එක ,මේ ඔයා ගේ කැම එක ,ඔක්කෝම ඔයා ගේ වැනි කතා ය .

                                                                      මම නම් ගියේ අපේ රටේ මිනිස්සුන් ගේ සල්ලි වලින් යැපෙන පාසැල් වලටය ,එක නිසා එකේ පුටුව මගේ කියන්න මට කිසිම අයිතියක් නැතිය .මේ රටේ තමන් ගේ දුව පුතා ඉස්කෝලෙට යවා ගන්න බැරි දෙමාපියන් වුවත් මේ පාසැල් නඩත්තු කරන්න මුදල් දෙයි .එහෙම රටක මේ දෙමාපියන් මේ කරන නාඩගම මට නම් විහිළුවකි .එක අතකින් පොඩි එකා ගේ පොඩි මොලයට මේ දෙන්නෙ මොනව ද ?පොඩි එකා කවදාවත් දෙයක් බෙදාහදා ගන්න දන්නෙ නැති සතෙක් වෙනවා.පොඩි එකාට ඇයි උගන්වන්නෙ නැත්තෙ පුතේ පුතාට හොදට ඉගෙන ගන්න ,ඒ වුනට හැමදෙම පුතා ගේ නෙවෙයි කියලා .ඔය පොඩි එකාම තමයි ලොකු වෙන්නෙ ,අපි පොඩි කාලේ තමන් ගේ අම්මාට පොල්කට්ටක වතුර බොන්න දිපු පුතෙක් ගේ කතාවක් අසා ඇතිය .ඒ දෙමාපියන්ට ලැබෙන්නෙ තමන් වපුරන දෙවල්මය .

                                                              අපේ දෙමාපියන් හොදින් බැරි නම් කොටුවෙන් හරි අපිව සමාජයේ නිකමන් ගෙන් ගුටි නොකන්න හැදුවා .එක නිසා දැන් ඔලුව් කෙලින් කරන් මිනිසුන්ට නරක වැඩක් නොකර ජිවත් වෙනවා .ඒ බලපැම කොච්චර ද කියලා හැමොටම අත්දැකීම් ඇතිය .

                                                                                            අශ්වයා ගිය පසුව ඉස්තාලය වසා වැඩක්  නැතිය.අවසානයේ කියන්නට ඇත්තෙ අපේ පොඩි උන්ට දෙවි පිහිටයි කියා ය .
අමතක වෙන්න කලින් කෙටුවෙමි ..

 


ප.ලි 
මගේ අඩුපාඩු තිබෙ නම් කියන්න ,ඒ වගේම මේ හා සබැඳි ලිපි වල ලින්කු එක් කරන මෙන් ඉල්ලා සිටිමි.

07 January, 2014

ලතා නැන්දා සහා සුද්දි ..


මේ කතාව මම ටිකක් සීතල ප්‍රදේශයක ඉන්න කොට වුණු දෙයක්,එහෙ ඉන්න කාලයේ අයිසින් කේක් කන්න ලැබුණේ  නම් නෑ හැබැයි වඩේ නම් කැවා.
                                                                                                         ඔය සිතල ප්‍රදේශයේ මාසයක් විතර කැරකි කැරකි මම හිටියා,කරන්න ලොකු වැඩකුත් නැති එකේ පාර දිගේ ඇවිදින එක තමයි වැඩියෙන්ම කරපු වැඩෙ ,ඔය පැත්ත ටිකක් සිතල වැඩි ,ඒ වගේම පාරවල් ඒ තරම් හොදත් නෑ .ප්‍රවාහනය අන්තිම සවුත්තුයි .පුටාර් වල යන්නත් බෑ කදු .ඔය මම ලැගුම් අරන් තිබුණ ස්ථානයේ ඉදලා ප්‍රධාන නගරයට ටිකක් දුරයි .කොටින්ම ටවුමට යනවා කියන්නෙ දවසම ඉවරයි .
                                                                                                   හොද වෙලාවට මාත් එක්ක තව අයියා කෙනෙක් හිටියා .ඉතින් අපි දෙන්නා තමයි ඔය පොඩි පොඩි වැඩ කරන්න යන්නෙ(අයියා කිව්වට යාළුවෙක් වගේ ) .ඔය පැත්තෙ තිබුණා .පාර අයිනේ පොඩි ලැලි ගහපු කඩයක් තේ දෙන එක තමයි කඩේ ප්‍රධාන ආදායම ,කෙටියෙන් කිව්වොත් එක  තේ කඩයක් , (වෙන කතා මොකටද )මම නම් වැඩිය ඔය කඩවලින් තේ බොන්න කැමති පොරක් නෙවෙයි .මොකද මම පොඩි කාලේ අහලා තියෙන කතාවක් නිසා .ඔය තේ කඩවල වැඩ කරන කොල්ලො එන යන අය විහිළු කරනවා නම් තේ එකට කෙල දලා දෙනවාලු .ඉතින් ඔය ගෙන තේ වල පොඩි පෙන ටිකක් තියෙනවා නේ මට හිතෙන්නෙම ඒ කෙල කියලා(මොකද මගෙත් කට වැඩිය හොද නෑනේ ) .

            ඒ කතාව එහෙම තියෙන අතරේ රටතොට පැත්තෙ, ඇවිදින්න බෑ තේ එකක් වත් නොබි, එ තරම් සීතල . දවසක් අර අයියා කිව්වා යන ගමන් මල්ලි ලතා නැන්දා ගේ කඩෙන් තේ එකක් බිලාම යමු ,එකේ කැමත් හොදයි කියලා ,මම වැඩිය කැමැත්තකින් නොවුනත් කරන්න දෙයක් නැති කමට කැමති වුණා .කඩේට ගිහින් වඩෙ කලා නැන්දේ තේ දෙකක් දෙන්න කිව්වා ,නැන්දා සුද්දි මේ පුතාලා දෙන්නට තේ දෙන්න කිව්වා මට බඩ දගලනවා ,ඔන්න ඒ පාර චිත්ත ගවුමක් ඇදගත්ත,කොන්ඩේ දිග කෙල්ලක් ,ඇල්මිනියම් තැටියක තියලා තේ දෙකක් ගෙනත් දුන්නා.
                                                                                    තේ බොන්න බෑ කියපු මම තේ එක ඔක්කොම බිලා කඩේ බිල ගෙවල යන ගමන් උඹ තේ බොන්න බෑ කිව්වට ඔය බිව්වෙ හොදට ,මම නිකන් බොරු කාරයෙක් වුණා වගේ හැඟීමක් හිතට අවා .කොහොම හරි තව දවසක් මම තනියම ගියා අයේ කඩෙට තේ බොන්නම නෙවෙයි,යටිහිත කිව්වා පලයන් සුද්දිව ටිකක් බලපන් කියලා ,මටත් ඒ කලේ වැඩකට නැතත් කෙල්ලො උඩ තියෙන එක මාර ජොලි ,මම ගිහින් කඩේ පිලේ වාඩි වුණා .සුද්දි පෙන්න නෑ ,නැන්දා විතරයි ,නැන්දා කිව්වා පුතා පොඩ්ඩක් ඉන්න පුළුවන් ද මම සුද්දිව බැදලා එනකන් කියලා ,මට මාර ප්‍රශ්නයක් සුද්දිට මොකද වෙලා තියෙන්නෙ කියලා ,නැන්දා කඩේන් පිටිපස්සෙ තියෙන වෙල පැත්ත බලාගෙන සද්දෙන් සුද්දි කියලා කෑ ගැහුවා ,එතකොටම එළදෙනක් උම්බෑ කිව්වා වැඩෙට මට බඩ කොර වෙන්න හිනා .මම තනියම හිතුවා දුවයි ගෙදර එළදෙනයි දෙන්නටම එක නමින් කතා කරන එක මොන තරම් නොගැලපෙන දෙයක් ද කියලා .
                                 කොහොම හරි මට එදා බැරි වුණා සුද්දිව බලන්න (එළදෙන නම් නෙවෙයි )මම අයේ දවසක් ගියා කඩේව්,ඒ වෙනකොට මම  වඩෙ වලට ඇබ්බැහි වෙලා. එදා කඩේ සුද්දි විතරයි ,මම ගිහින් වෙනදා වගේම වඩෙ දෙකක් කැවා සුද්දි මට හොද තේ එකක් දෙන්න කිව්වා ,මෙන්න මල විදුනා ,කතාව ටිකක දුර ගියා ,@#$% අයියගේ යාළුවා කියලා තමයි සුද්දි මාව දන්නෙ ,කොහොම හරි මල විදපු  සුද්දි මාත් එක්ක මාර ෆිට් එකක් හැදුනා.මම සුද්දි කිව්වට බැණ්නෙත් නෑ. සුද්දි ගොඩක් දෙවල් කිව්වා මාත් එක්ක ,එත් මොකටද?මට එදාත් තිබුණ ප්‍රශ්නය ඕක .මගේ යටිහිත සුද්දි ගෙන් අහපන් කිව්වත් මගේ නොන්ජල් කම මාව පස්සට ගත්තා ,එ වගේම සුද්දි ඒ දවස් වල මම  කැමති කිව්වත් පිලිගන්න එකක් නෑ ,මොකද මම විහිළු කරනවා නේ.
                                                                                            කොහොම හරි  මේ ලඟදි දවසක් මම සුද්දි වගේ කෙල්ලක් මම දැක්කා මම පස්සෙන් ගිහින් කතා කරා ''සුද්දි කොහෙද මෙහෙ කියල''''කෙල්ලට ෆුල් හොල්මන් මට ටිකකින් වැඩෙ තෙරුණා ,මාත් එක්ක හිටපු එකා බඩ අල්ලගෙන හිනා ,පස්සෙ මටත් හිනා .මම අයේ @#$$ අයියාට කොල් එකක් අරන් රටේ කතා ඔක්කෝම කතා කරලා ඇහුවා ,අයියේ අර කඩේ හිටපු සුද්දි තවම ඉන්නවා ද කියලා ,කොහෙද බන් එකි දැන් බැදලා දරුවෝ දෙන්නෙක් ගේ මව් කිව්වා .මට මොන මගුලක් වුණා ද මන්දා.මම මටම චෝදනා කරගන්නවා වගේ විකාර හිතෙන්න ගත්තා ,ඒ එක්කම උඹට මේ මොන පු% අමාරුවක් ද ,එකිත් එක්ක තිබුණ සම්බන්ධය මොකක්ද?ඔය වගේ විකාරත් හිතුණා .
                                                                        සුද්දි මටත් වඩා බාලයි ,එත් ආරථික අපහසුතා නිසා කසාද බදින්න ඇති (ඒ දවස් වල කියපු කතාවක් නිසා )අපේ රටේ බොහෝ දුප්පත් පවුල් වල ගැහැණු දරුවන් ගේ  තත්වය මෙක,ඉන්න කොල්ලො ඉගෙන ගන්න එකත් අඩුයි ,මොකද සුද්දි හොදට ඉගෙන ගන්න පුළුවන් ළමයෙක්.අපේ රටේ මෙ තත්ත්වයට විසඳුමක් පෙන මානයක නැති ද ?.ඔලුව ලොකු ගලක හැපුණා වගේ ..මේ වගේ කතා කිව්ව ගමන් අර පරණ කාඩ් වදිද දන්නෙ නෑ .

ප.ලි 

කියන්න බැරි වුණා නේ සුද්දි ගොඩක් ලස්සනයි.නිළියක් වගේ මෙකප් නැති වුණත්.අනිවාර්යෙන්ම අයේ සැරයක් ඒ පැත්තෙ යනවා ,සුද්දිලා ගේ පවුලට උදව්වක් කරපන් කියලා හිත කියනවා ..


  ප.ප.ලි 
මෙතෙක් මම ලියූ ලිපිවලට හත්පසින්ම වෙනම රටාවක් මේ තුල ඇති බව මගේ හැඟීමයි ..
දිග වැඩි බව දන්නා නමුත් ,අමාරුවෙන් කියවපු සැමට තුති .. 
                                                
                       

02 January, 2014

පොඩි එකා සහ අයිසින් කේක් ගෙඩිය ..

මම ගිය අවුරුද්ද ඉවර වෙනකන් මගේ පෞද්ගලික කතා කිම අඩු කරා එත් දැන් අලුත් අවුරුද්දක් ඉතින් මගේ කතාවක් කියන්න හිතුණා..
                                                                          මේක මගේම කතාවක්‍ ය. වෙන අය ගේ කතා දමා බැණුම් අහන ලෙඩේ මට දැන්  ටිකක් හොඳයි වගේ ය .පණ්ඩිත කතා කීම ද පොඩ්ඩක් අඩු කරොත් හොඳයි වගේ ය .
                     හැමොම අයිසින් කේක් කා ඇතිය.මට මේ  අයිසින් කේක් කතාව මතක් උනේ දේශක තුමාගේ කතාවක් දැකලා ය .දේශක නම් තමන්ගේ පොඩි පුතාට ඔලුව අත ගා හොදින් කියලා දෙන තාත්තා කෙනෙකි .මට ඒ කතාව  බොක්ක පසාරු කරගෙන ගියා වැනිය .
                                                                        මම බොහෝ වෙලාවට ඔමා අක්කා ගේ පොඩි කාලයේ කතා වලට කමෙන්ටු දැමීමෙ දි තරමක් තරහින් වගේ ඇයි ද කියා මැලේ රාළ වරක් අසා තිබිණ.ඒවාට දෙන්නට උත්තර මා සතුව නැත.උත්තර නැති මම ඒ පැත්තෙ කමෙන්ටු දැමිම අඩු කලාය .
                                                                  දැන්  කියන්නෙ සහෝදර පොඩි එකා සන්දියේ අයිසින් කේක් කාපු විදිහය .මේ විදිහට කේක් කවුරුත් කාලා නැතුව ඇති .ඔන්න මම හිතන්නෙ 1999 විතර කොහොම හරි එ වගේ මතක මම පට්ට පොඩි එකා ඒ වුණාට වයසට වඩා පේරෙත කම තිබුණා. ඒ කාලේ ගෙදරට අයිසින් නෙවෙයි නිකන් කේක් ගෙඩියක්  ගෙනවා කියන්නෙත් මගුල් වගේ තමයි .කොහොම හරි ඔහොම කාලෙක අපේ ගෙදරට කවුරු හරි පොරක් ඔය අයිසින් කේක් කියන එකක් ගෙනාවා .මට නම් මතක් නෑ කවුද කියලා .
                                                                      මට ඉතිං ඔය කේක් එකින් කැල්ලක් කාලා බලන කන් නින්ද නෑ .ඇයි දෙයියනේ මේවා කන්න එහෙම හම්බ වෙන එවා නෙවෙයි නේ .කොහොම හරි ඔය කේක් එක අල්මාරිය උඩ තියලා කියලා මගේ ඉවට වැටහුණා ,වැටහුණා නෙවෙයි ඇත්තම කිව්වොත් හොයා ගත්තා   ඇයි මෙක කනකන් නින්ද යන්නෙ නෑ නෙව .
                  එත් අල්මාරිය අඩි  6ක් විතර උසයි ගන්න බෑ .මම කොටා ඒ කාලේ දැනට කියලා ඒ වගේම තමයි .කොහොම හරි පුටුවක් තියලා එතන තිබුණු මේසයකට නැගලා මේස් උඩ ඉදන් අත ඉස්සුවම කේක් පෙට්ටිය ඇතුලට අත දා ගන්න පුලුවන් උනා ,අත දැම්ම ගමන් අතේ අයිසින් ,ලෙව කැවා අම්මෝ රස කියලා වැඩක් නෑ .මම ඉතිං සතියක් විතර ඔය විදිහට අයිසින් කැවා අත දිග ප්‍රමාණයට .කොහොම හරි දවසක් ඔය සින් එක අම්මාට මට්ටු උණා ,මොකද අයිසින් කට වටේ ගැවිලා තිබුණා අම්මා දැක්කා .
                                   අම්මා කිසිම කතාවක් නෑ මාව එක්කර ගත්තා කේක් ගෙඩියත් ගත්තා,අප්පට සිරි කපුටො අයිසින් කේක් කාලා වගේ ,මව අතින් අල්ලාගෙන  ගෙදර පිටිපස්ස දොර ගාව බිම වාඩි කරා කෑවේ නැත්නම් ගුටි පුජාව කිව්වා .කොට්ටක් අතේ ලෙල දෙනවා .මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑලු  වගේ තමයි .මම මර හඬ දෙනවා .ගුටි කන්න බයට ,නැතුව මේ කේක් ගෙඩිය කන්න බැරි කමට නම් නෙවෙයි .
                                                           කොහොම හරි මගේ වාසනාවට අපේ ගෙවල් ලඟ අච්චී ගේ ගෙදර තිබුණේ(තාත්තා ගේ මහා ගෙදර)මගේ මර හඬට අච්චි දුවගෙන අවා ,ඇවිත් ඇහුවා උඹ මේ කොල්ලව මරණ්න ද හදන්නෙ කියලා මගේ ඇගට ඔන්න ලේ ටිකක් ඉනුවා මම දන්නවා අච්චී ඉන්න තැන අම්මා කවදාවත් අත උස්සන්නේ නෑ කියලා ,මගේ හඩ ඉවරයි මම බිම වාඩිවෙලා ඔය කතා අස්සෙ කේක් ගෙඩියට වග කියන්න පටන් ගත්තා .මට ඔය කතා වැඩක් නෑ ,ඔය කතා මට මොකටද?
             ඔය කතා ඔහොම යන කොට තාත්තා අවා මම කේක් ගෙඩියෙන් භාගයක් කාලා ,කොහොමද වැඩේ ?තාත්තා ඇවිත් කේක් ගෙඩිය විසි කරා ,නැත්නම් මම කේක් ගෙඩියම කාලා තමා නැගිටින්නේ එත් මට හිතුණේ අපරාදෙ කේක් ගෙඩිය කියලා .ඔය දවස් වල අයිසින්  කේක් ගෙඩියක් රුපියල් 110 ක් විතර මට මතක තරමට .
                                                                     ඔන්න මම මතක් හිට්න්න කේක් කෑව දවස ,තව කතා තියෙනවා කැම වලටම අඩපු .කොටින්ම පොඩි කාලේ ගැන කියන්න  ඕන තරම් දේවල් තියෙනවා .

ප.ලි 
මේ කතාව කියවා සමහරුන්ට හිනා යන්නට පුලුවන ,හිනා වුවාට කම් නැත නමුත් සත්‍ය කතාවක් මෙක .මට නම් මේ කතා වේ හිනා යන්න කිසිම දේයක් නැත ,මට ඇත්තේ අඩම්භරයකි මන්ද දැන් කේක්  කන්න අතේ පිච්චීය ඇති නිසා ය .

ප.ප.ලි 
කමෙන්ටු වලට උත්තර දිමට ප්‍රමාද විම ගැන සමාව අයදිමී ...                         
                                                                        
                       
                                                             
                                                             

01 January, 2014

බබාලා නලවන පිරිමි ...(පිරිමින්ට විශේෂයි )

මේ අවුරුද්දේ මුලින්ම ලියන පොස්ටුව මොකක් ගැනද කියලා හිතා ගන්න බෑ ,කොහොම වුණත් මේ අවුරුද්ද තුල පොස්ටු 50 ක්  ඉලක්ක කරගෙන  ලියන්න පටන් ගත්තා . 
                    මේ කතාව ලියන්න ගොඩක් කල් හිතාගෙන හිටියේ. මම කලින් වැඩක් නොකර ගොඩ යන රහසක් ගැන කිව්වා මතක ඇති .ඒ රහස දන්නෙ නැති අය බලන්න .තවම වෙරි මත බැහැලා නැති අයත්  මෙක බලන්න ,ඊට පස්සෙ දිගටම සෙට් වෙන්න .
                                                                  අපේ  පිරිමි නැත්නම් කොල්ලොන්ට මොකද වෙලා තියෙන්නෙ ?ඉස්සර නම් පවුලක රැකියාවක් කරේ පිරිමියා .දැන් ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා වගේ මට නම් හිතෙන්නෙ .අහන්න එපා ඇයි එහෙම උනා කියලා උඹට පාන් ද කියලා ..
                                                               ලඟ දි අපොස උ/පෙ ප්‍රතිඵල නිකුත කරා ඒ ප්‍රතිඵල වල පෙන පැහැදිලි කරුණක් තමයි ගැහැණු දරුවන් විභාගය සමත් විම ඉහළ අගයක .තුන් ලක්ෂයක් පමණ පෙනි සිටි මේ විභාගයෙන්  A-3 ක් ගත්ත අය 4663 ඒ අයගෙන්  කෙල්ලො 3023 ,එතකොට කොල්ලො  1640 ,කොහොමද අපේ කෙල්ලොන් ගේ  වැඩ ,රජයේ විශ්ව විද්‍යාල වල සමාන්‍යයෙන් ගැහැණු දරුවන් 4කට පිරිමි දරුවන් 1 වගේ .මරු නෙද ?හැබැයි මම හිතන්නෙ ඔය ගණිත අoශයේ ඔය තත්වය ටිකක් වෙනස් 2-1 වගේ වෙන්න ඇති .
                                                           මෙහෙම වෙන්නෙ ඇයි අපේ රටේ පිරිමි නැත්ද අපේ රටේ මතක් විදිහට ගැහැනුන් 3කට පිරිමින් 1ක් වගේ .අඩුම තරමේ 2:1 හරි ඉන්නවා නේ එක නිසා කෙල්ලොන්ට ගහ ගන්නෙ උන් දෙපාරක් හිතුවා නම් නරකද ?
                                                       රටේ සැම අoශයක්ම ඔය තත්වය තියෙනවා.මම හිතන්නෙ දියවන්නා වේ හැර.මොකද එතනට යන්න මහා ලොකු අධ්‍යපනයක් ඕනි නෑනේ. සමහරු හිතන්න පුලුවන් මේ තත්ත්වය දියුණුවේ ලක්ෂණයක් කියලා .අපේ පිරිමි ඇයි මේ අධ්‍යපනයෙන් ඇත් වෙන්නෙ .මම නම් දැක්ක ප්‍රධාන කාරණය තමයි කොල්ලොන්ට තියෙන මානසික අවුල .යන්තමින් අපොස සා/පෙ කරා රැකියාවකට ගියා .ඊට පස්සෙ පරස්තාවක් කර ගත්තා ඔක තමා ලොකුම වැඩේ .අපේ රටේ නිදහස් අධ්‍යපනයක් තිබිලත් මෙහෙම වෙන්න හෙතුව කුමක්ද?
                                                                     මේ කතාවට විශේෂයෙන්ම අපේ රටේ 30වසරක යුධ තත්ත්වය ද බලපෑවා.මොකද යුද්ධයට වැඩියෙන්ම සහභාගි වුණෙ පිරිමි .දැන් ඒ කතා හමාර වී බොහෝ කල්ය .තවම පිරිමි අධ්‍යපනය තුල මන්දගාමීය .පළමු ශ්‍රේණියට ඇතුලත් වන කොල්ලා 13 වන ශ්‍රේණියෙන් පසු උසස් අධ්‍යපනය සඳහා යොමු වෙන්නෙ කියෙන් කී දෙනා ද ?
                                                  රටේ ගැහැණු වැඩි නිසාත් කෙල්ලො වඩි පිරිසක් ඉහළට අධ්‍යපනය ලබන නිසාත් කෙසේ හෝ යමි තරමක් රැකියාවක් කරන කෙල්ලක්ව එල්ලා ගත හැකිය .ඊට පස්සෙ භාර්යාව ගේ සියලු වැඩ කර දි දරුවන් බලා කියා ගෙන ඉන්න පුලුවන් සුන්දර දවස් වැඩි ඇතක නොවනු ඇත .සමාජයේ බොහෝ පවුල් ප්‍රශ්න වලට පිරිමියාට වඩා ගැහැනිය උගත්කම බලපාන බව මා පෞද්ගලිකකව දැක ඇති කරණයකි .
                                      දැන් කරන්න ඇත්තේ ගෙදර ඉන්න කට්ටි පනින කොල්ලොන්ට දෙකක් දි හෝ ඉගැන්විම යි .නැතිනම් ඉදිරියේ බරපතළ ගැටලු රාශියකට සැඟවුණු මුල බීජය මෙය වනු ඇත .

ප.ලි 
ගැහැනු දරුවන් හොදින් ඉගෙන ගැනිම සම්බන්ධව මගේ කිසිදු ඊර්ෂ්‍යාවක් නැත .කාටත් ඉගෙන ගන්නට පොදුවේ අයිතියක් ඇත .නමුත් මේ යන ක්‍රමය එතරම් සුභ නැතිය උඹට වෙන එවා නැත් ද හොයන්න කියලා අහනවාට වඩා යම් අදහසක් එකතු කරන්න ..

ප.ලි 
සැමට ලැබුවා වු නව වසර සියලු බලාපොරොතුන් ඉටු වන සුභ නව වසරක් වේවා..!!!!!!