25 February, 2014

ලොකු මාමා ගේ ලොකු වැඩ




අද කියන්නෙ අපට දුරින් නෑදෑ වන ලොකු මාමා කෙනෙක් පිලිබදවය.පොර වැඩ කරේ ආණ්ඩුවේ කන්තෝරුවක සමාන්‍ය රැකියාවක්ය.අපිට පොඩි කාලේ මාමා නොයෙක් කතාන්දර කියා දෙයි.අම්මා නම් කියන්නෙ ඔය මනුස්සයා ලොකු බොරු කාරයෙක්''ලොකු මිනිස්සු බොන තැන් වල වාඩිවෙලා ඉදලා අහන් එන එවා තමා ඔය,මේ මනුස්සයා දන්නෙ නෑ තමන් කියන්නෙ කාටද?කියන්නෙ මොනව ද කියලා වත්'',අම්මා ඒ දවස් වල ඒ කතාව කිව්වේ ඇයි දැයි දැන් ගෙන හිටියේ නැත.

කොම වුණත් ලොකු මාමා දිසාපති තැන සිට වෙනත් ආණ්ඩුවේ නිලධාරින් දැන හැදින ගෙන සිටියා ය.දිසාපති ගේ වාහනයෙන් බැස ගමේ අයට පෙන්නට මාමා එන්නේ ගමේ අයට ද කින්ඩියට මෙනි .ඒ කතා එසේ සිදු වෙයි .

කොම හරි ලොකු මාමා කතා කරන්න ගියාම නොදන්න දෙයක් නැති ය.හේ සියල්ල දන්නා පුද්ගලයෙක් මෙන් හැසිරේ.කතා කරන්න ගියාම ලොකේ සිදුවන දෙවල්,දේශපාලන කතා එහෙම රස කර ඔහු අසා ඉන්න අයට කියන්න මහත් වෙහෙසක් දරයි.ඕවා අසන අම්මා කියන්නෙ ඔය යකා දන්න මගුලක් නෑ,ඔය කොහෙන් හරි ඇහිද ගත්ත දෙයක් අරගෙන ඇවිත් මේ නොදන්න මිනිස්සු ඉස්සරහා විරයා වෙන්න හදනවා,කවුරු හරි ලොකු මාමා කියන කතා වලින් ප්‍රශ්නයක් ඇහුවොත් ලොකු මාමා පුෂ්පය විකසිත කර ගැනිම සාමාන්‍යය දෙයකි.තාත්තා නම් කතාව එපා වී ගෙන එන විට මැදින් කුමක් හෝ ප්‍රශ්නයක් අසයි,එවිට ලොකු මාමාට හදිසි රාජකාරි වැඩ මතක් වෙයි.පොඩි උන් වන අපි ''අනේ ලොකූ මාමේ කතාව කියන්න කෝ'' කිව්වත් වැඩක් නැත.හෙට කතාව කියන බව කියා යයි,හැබැයි ඒ ඇවිත් කියන්නෙ වෙන කතා ය.

අපේ ලොකු මාමා කසාද නොබැද තනිකඩ ජිවිතයක් ගත කල පොරකි.පොරට ලස්සන කෙල්ලක්ව පෙන්න බැරිය,පොර කරන්නෙ ඒ කෙල්ලට කුමක් හෝ ජරා විහිළුවක් කිරිම ය.වරක් තමන් ගේ ඕපිසියේ කෙල්ලකට විහිළු කොට කිහිප දෙනෙකුගෙන් ගුටි කෑ පුවතක් අපිට ආරංචි වුණේ සැහෙන කාලයක් ඔහු අපේ ගෙදර නැවිත් ඉන්න හෙතුව සොයා බලන විට ය.පොර ගේ මේ අනුන් ගේ කුණු හෙවිමේ ජරා පුරුද්දට ලගදි නැවත ගුටි පුජාවක් ලැබුණු බව ආරංචි විය. මේ එ කතාවේ සාරංශය ය.

මා උක්තව කිවු ලෙස ලොකූ මාමා නොදන්න මගුලක් නැති ය.කොම හරි පොර වැඩ ඇරී අපේ නිවසට එන්න ලොකු කම පෙන්නවන්න බහින්නෙ 500m  දුරින් ය.ඒ එන විට ගමේ ගෙදරක ලොකු කලබැගෑනියක් පොරට ඇසි තිබේ,කොම හරි ලොකු මාමා එතනට ඔලුව දමා බලන විට කතාව මෙසේය.ඒ ගෙදර සිටියේ බැදපු පවුලක් ය.ජොඩුවට අමතරව පොඩි අත දරුවෙක් සිටි.මනුස්සයා ට්‍රැක්ටර් රථ රියදුරෙකි.ගැහැනියට අනියම් සම්බන්ධයක් ඇති බවට ගමේ පොඩි කතාවක් තිබිණ.(එ කතා අපි නොදනි ) කොම හරි ගෙදර මනුස්සයා  වෙන දා එන වෙලාවට කලින් ගෙදර එන විට ගෙදර ගෙදර වැසිකිළියේන් මනුස්සයෙක් එලියට ඇවිත් ය.නෝනා මහතාටත් ඒ පැත්තේ සිට ගෙදර පැත්තට යන ගමන් ය.කොම හරි ලොකු යුද්ධයක් වෙන්නලු යන්නෙ,අර අනියම් සම්බන්ධක් තියෙනවා කියපු මනුස්සයාලු වැසිකිළියේ හිටියේ.කස්ටිය මරා ගන්න හදනවාලු කැති පොලු අරන්.කොම හරි අර ගෑණු මනුස්සයා තමන් ගේ මනුස්සයාට කිව්වලු මේ මනුස්සයාට හදිස්සියක් වෙලා මේ වැසිකිලියට ගියා කියලා කොම හරි වැඩේ පොඩ්ඩක් ශේප් වෙලා අර මනුස්සයාව යැව්වාලු.වැඩේ බලන් හිටපු ලොකු මාමාට මේ වැඩේ ශුවර් නැතිලු ,මේ ඔක්කොම සිද්ධිය බලන් ඉදලා ලොකු මාමා කිව්වලු අපි එහෙනම් යමු බලන්න වැසිකිළිය  ඔය මනුස්සයා කරපු වැඩේ අවශෙෂ ඇතිනේ කිව්වාලු.(කොමද පොර ගේ රහස් පරික්ෂණ දැනුම )කොම හරි කස්ටිය ගිහින් වැසිකිලිය බලලා.එකේ කිසිම ලකුණක් නැතිලු.ඔන්න ඒ පාර එතන ඉදලාම අර මනුස්සයා ,තමන් ගේ බිරිදට පහර දෙන්න පටන් අරන්.

ලොකු මාමා ඔක පොර වගේ අපේ ගෙදර ඇවිත්  අපේ ගෙදර අයට කිව්වා,මේ''ගමේ එකෙක්කුට මොලයක් නෑනේ'' කියමිනි.අපේ අම්මා එත් බැන්නා අනුන්ගේ ප්‍රශ්න හොයන්න ගියේ ඇයි,තමන් ගේ පාඩුවේ ඉන්න  කියලා,පොර එත් තමන් ගේ කෙරුවාව කියේව්වා.''එහෙම කොහොමද අපේ ගමේ මේ වගේ දෙවල් වෙන්න දෙන්න බෑ'' කොම හරි මේ ටික දවසකට කලින් කස්ටියක් පොරට හොදටම ගහලා.අපිට ආරංචි වුණෙ නම් අර වැසිකිළියේ හිටිය මනුස්සයා ගේ යාළුවෝ කියලා.

ලොකු මාමාව  බලන්න අපි ඉස්පිරිතාලෙට ගියා.එත් පොරගේ පම්පොරි ය නම් ඇරිලා නෑ.පොර කියනවා මම දන්න ලොකු මිනිස්සු ඉන්නවා, මට ගහපු මිනිස්සු අහු වුණොත් එහෙම පොලොසියට කියලා හතර හන්දි කඩලා හිරේ තමා යවන්නෙ'' කියලා.අම්මා ලෙඩා කියලා අතහැරියේ නෑ ,''අනේ නිකන් ඉන්නවා තමුසේ හිතන් ඉන්නෙ මේ ලොකේ තමුසේ විතරද කෙරුමා තමන් ගේ පාඩුවේ හිටියා නම් කවුරුත් ගහන්නෙ නෑනේ ,තවත් ලජ්ජා නෑ'' කියලා .

 ප.ලි
පොඩ්ඩක් මුණ ලැජ්ජාවෙන් රතු වුණාට මම නම් හිතන්නෙ මනුස්සයා අයේ ඔය අනිත් මිනිස්සුනේ කුණු හොයන වැඩේ කරයි කියලා.

කතාවේ සම්පුර්ණ අයිතිය සහෝදර වන මා සතුය.


18 February, 2014

සංවර්ධනය නිදිවැදිම


හැම තැනම කතා කරනවා රට සංවර්ධිත වෙනවාලු,හෙන විපාර්‍යාස වෙලාලු .අපි දැන් සුඛිත මුදිත වෙලාලු .ඇත්තටම සංවර්ධනය කියන්නෙ රටක භෞතික තත්වයේ වර්ධනක් විතර ද?මොකක්ද මේ සංවර්ධනය කියන්නෙ ,සරලව කිවහොත් මිනිසුන් ගේ භෞතික හා අධ්‍යාත්මික වශයෙන් ඇති කරන දියුණුවයි.තව මේ තුලම කතා කරනවා තිරසාර සංවර්ධනය කියන එක,එකත් සරලව කිව්වොත් රටක තියෙන සම්පත් අනාගත පරපුරටත් ඉතිරි කොට වර්තමාන ආර්ථික වර්ධනය සඳහා දායක කර ගැනිමයි .මොකක්ද මේ ආර්ථික වර්ධනය කියන්නෙ සමාන්‍යයෙන් සරලව කිවහොත් දළ දේශිය නිෂ්පාදිතය මේ තුල ගම්‍ය වෙන්නෙ.
           
දැන් එතකොට මේ ගිරි කඩාගෙන කෑ ගහන දේයක් වෙලා තියෙනව ද?,මෙහෙමයි සත්‍ය වශයෙන් අපේ රටේ යම් භෞතික වශයෙන් වර්ධනයක් වෙනවා හැබැයි ඊට සාපේක්ෂව ඊට වඩා මිනිස්සුන් ගේ අධ්‍යාත්මික වශයෙන් විශාල වශයෙන් කඩාගෙන වැටෙනවා.මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා මේ කොන්ක්‍රීට් ගොඩ ගැහුවා කියලා අවසානෙ ඉන්නෙ සත්තු ටිකක් නම් වැඩක් තියෙයි ද ?

හැමදාම කුමන මාධ්‍යය බැලුවත් තියෙන්නෙම අපරාධ මොකද මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ?මට තෙරෙන තරමින් (මේ දේශපාලන කතාවක් නම් නෙවෙයි ) රටේ අදායමෙන් වැඩි කොටසක් බෙදි යන්නෙ රටේ 25% කටත් අඩු පිරිසක් අතර,අනික් 75% පමණ පිරිස ඉන්නෙ ලොකු ජිවන බරක් දරාගෙන,එක හොදට බලා ගන්න පුළුවන් සති පොලකට ගියා නම් ,අම්මා කෙනෙක් එළවළු 250g ගන්න තුන් හතර සැරයක් කැරකෙනවා.ගාණ අඩු තැනක් හොයන්න,එතන තියෙන්නෙ තොරා ගැනිමේ නිදහස කියලා හරකෙක් කියන්න පුළුවන්.

කබ්බා හෙන පච ගනන් දලා ලොකු පොත් ගහනවා ,කාර්තුවෙන් ,කාර්තුවට හා අවුරුද්දේ අවසානෙට ,එකේ ගෙදර නැති බටු,මිරිස් කරලට පවා ගනන් හදලා තමා දාන්නෙ.ඊට පස්සෙ කියනවා 2500 කින් පවුලක් ජිවත් වෙන්න පුළුවන් කියලා ,ඒ කතාව න්‍යායක් විදිහට හරි,එත් ප්‍රයෝගික නම් නෑ.ඒ භාණ්ඩ පැස තුල අපේ රටේ තිත තියලා කියලා පෙන්නන්ඩ මධ්‍යසාර හා අනෙකුත් පාන වර්ග ඉවත් කරා,ඒ කියන්නෙ අපේ මිනිස්සු ඇල්කොහොල් අරහන් ජාතියක්,ගෙන්වලා තියෙන හා රටේ නිෂ්පාදනය කරලා තියෙන ප්‍රමණය අරන් බැලුවාම එක හොදට පෙනවා.

මේ සියල්ල මිනිසුන් ගේ කර උඩ යන්නෙ ඒ මදිවට බදු මත බදු ගහලා තියෙන්නෙ.මේ සියලු පිඩනයන් මිනිස්සු පිට කරන්න දගලනවා,එවා පිට කරන ක්‍රම වෙනස්,සම හරක් මහා දාවාලේ මංකොල්ල කනවා,වෙන කරන්න දෙයක් නැති නිසා වෙන්න ඇති.සම හරක් සියදිවි නසා ගන්නවා.වෙන රටවල් වල ඉන්න බොහි ලියන අය මේ සමහර දේවල් එයාලට රටින් පිට ඉදන් දකින නිසා වෙනම කොණ ඇති.කොම වුණත් අපේ රටේ අයට තියෙනවා මේ කොදෙව් මානසිකත්වය,අපි ඇත්තටම දුපතක් බව ඇත්ත.ඒ කියලා අපි තනියෙන් ජිවත් වෙන්න නෙවෙයි නේ.

වෙනින් රටවල් මම හොදයි කියනවාම නෙවෙයි.ඒ රටවල් වල යම් නීති පද්ධතියක් තියෙනවා,මිනිස්සුන් ගේ ජිවිත වලට යම් වටිනාකමක් තියෙනවා,එකිනෙකා ගරු කරනවා,අපේ රටේ කොන්ක්‍රීට් ගොඩ ගැහුවා කියලා මේ දේවල් නම් හදන්න සත පහක් යොදවනවා පෙන්න නෑ.එහෙනම් ඔය කියන සංවර්ධනයක් වෙලා තියෙනව ද?අවසාන්යේ ඔලු වල ලොකු බරක් පුරවා ගත්තු සත්තු ටිකක් බිහිවෙයි.උන් එකිනෙකා මරා ගනි ,ඇයි ජිවිත වල කිසි වටිනාක් නෑ නිතියක් නෑ ඉතිං ප්‍රශ්නයක් නෑනේ.හැමදාම රටේ මිනිස්සු කී දෙනෙක් නම් මරා ගන්නව ද?ඒ මැරුණේ හොරෙක් නම් මිනිස්සු හරි හොදයි කියනවා,මොකක්ද මේ වෙලා තියෙන්නෙ මේ යක්කු එක ආගමක් වත් පිලි ගන්න වුන් නෙවෙයි ද?නැත්නම් මේ තත්ත්වයට මේ මිනිසුන්ව කවුරු හරි තල්ලු කරලා ද ?

දැන් රටේ හැමතැනම අධික නියගය,සියලු බව භෝග ඇස් ඉදිරිපිට විනාශ වෙලා යනවා,කබලේ හිටපු ගොවියා ලිපට වැටෙන දිනය අද හෙටමයි.දන්නො දන්නවා ගොවියා තමන් ගේ අස්වැන්න ගෙට ගත්තේ නැතොත් අවුරුද්දම ඉවරයි.එදාවෙල කන්න බැරි වෙනවා.තවම අපේ රට කෘෂිකාර්මික රටක් වැඩි පිරිසක් ගොවියෝ.

සටහන 
පාරේ යන චුන් පාන් වැන් එකක් දිහා බලන් හිටපු මනුස්සයෙක් තමන් ගේ දරුවන්ට රැට කන්න දෙන්න විදහක් ගැන කල්පනා කර කර ඉදලා එක පාර කිව්වා දැන් ඉතිං පාන් වැන් එක මංකොල්ල කන්න තමා වෙන්නෙ කියලා.

ප.ලි 
ඇතැමෙකුට මෙය සුරංගනා කතාවකි ,තවත් සමහරක්ට මෙක යම් දේශපාලන කතාවක් විය හැක,චින්තනය ඔබ අතේ හැබැයි මේ දේවල් තමා මට දැනෙන්නේ ඇතැම් විට වැරදි වෙන්න පුළුවන් .එළියට බැහැලා බලන්න පොඩ්ඩක් මිනිස්සු ඔලුවේ ප්‍රශ්න කොටියක් පුරවාගෙන,කිසිම අරමුණක් නැතුව යනවා..මොකටද ? එදාවෙල හොයා ගන්න .

ප්‍රියා ලිවු තිත්ත කරවිල කතාවත් බලන්න .

17 February, 2014

උපරිම කාලයක්-උපරිම වින්දනයක්







නිවාඩු දිනයේ සුවපහසු ලෙස නිවස ඉස්සරහා හාන්සි පුටුවේ වාඩි වී සති අන්ත පුවත්පතකට මුණ ඔබා ගෙන මා සිටියෙමි .අම්මාත් මා අසලම යම් වැඩක නිරත වෙමින් සිටිය .පාර දෙසින් වෙළෙන්දෙකු ගේ හඩක් ඇසින 

උපරිම කාලයක් ............ උපරිම වින්දනයක් 

අදම ගෙන වෙනස වටහා ගන්න 

මූ කැගනවා ..ඉවරයක් නෑ ...අම්මා මගෙන අහනවා මොනව ද ඒ කියලා ,මට ඒ කතාව තිබුණ නිකන් මතකයි වගේ ,මම හිතුවේ එවත් දැන් පාර දිගේ විකුණනවා ද කියලා ,මෙන්න මූ ඒ පාර කෑ ගහනවා 

ඉස්තරම් ලියෙන් ,කැටයම් කපාපු ......

උපරිම කාලයක්-උපරිම වින්දනයක්...

මට මාර ප්‍රශ්නෙ මේ යකා මොනවා විකුණව ද කියලා ,ඔන්න අම්මා ගෙට්ටුව ගාවට ගිහින් ,ඒ මනුස්සයාව නැවැත්තුවා,ඒ මදිවට මටත් එන්නලු ,වෙන දෙයක් වෙයි කියලා ගියා ..

එන්න මහත්තයා මෙවා ඉස්තරම් පුටු ...ගන්න මහත්තයා ..

මෙවා අපේ රටේ එවා වගේ නෙව්යි ...වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් 

ඔන්න මට පුෂ්පය විකසිත වුණා ...මේ යකා අපේ දේශ ප්‍රේමේ ගැන දන්නෙ නෑ වගේ අපේ බඩු නිකන් පහත් කරන්නෙ

ඇයි මනුස්සයෝ එහෙම කියන්නෙ ..ඇයි අපේ රටේ හදන්නෙ පුටු නෙවෙයි ද ???

නෑ... මහත්තයා අපේ රටේ හදපු පුටු ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි උනානේ ..එවා වැඩිය සවි සක්ති නෑ මහත්තයා..එකයි දැන් මේ පිටරට එවා විකුනන්නේ

ම්ම්ම් ...එකත් ඇත්ත තමා..අබුඩ ලෙන්සුවත් පිටින් ගෙන කාලේ

දැන් මේ පුටු ලංකාවට ගෙන්වන්නේ කවුද ???

හා ...මහත්තයා මෙවා ගෙන්වන්නෙ ..කුරහන් සහ දේශප්‍රේමි සමාගම නේ..

ඊට පස්සෙ විමල් සහ පචොරිස් සමාගමෙන් ඉස්තරම් පෙන්ට් පාරක් ගලා තමා මේව මේ තියෙන්නෙ ....එක නිසා බය වෙන්න එපා මහත්තයා ...අයේ අවුරුදු දහයක් වුණත් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ...

ම්ම්ම් ම්ම් .....අපේ ගෙදර ඇති වෙන්න පුටු තියෙනවා නේ ....ඈ අම්මෙ ගන්නවා ද ..අම්මා ඒ පාර කියනවා 

මේ පුටුවල අමුතු සිරියාවක් තියෙනවා ගත්තා නම් හොදයි වගේ ...බලන්නකෝ එකේ තියෙන ගැජට් ටික

ගන්න නෝනා ....මේ පුටුවක ඕන තරම් වෙලා ඉන්න පුළුවන් ..රත් වෙන්නෙ නෑ ,දේශ ප්‍රේමය වැඩි වෙලා සිතල වෙනවා  නෝනා ...

මොකක්ද මනුස්සයෝ ඒ හරුපේ .....

නෑ මහත්තයා ..මොකුත් නෑ ...මෙකේ මේ තියෙන ගැජට් නිසා තමා එහෙම වෙන්නෙ ,පොඩි බැටරි කැල්ලක් ඇති මෙකට ,වාඩි වෙලා ඉන්න ආස හිතෙයි

ඈ ...එ කියන්නෙ මෙක මේ සමාන්‍ය පුටුවක් වගේ නෙවෙයි...

නෑ ...මහත්තයා ...එකනේ මම මේ කියන්නෙ ...
හැරි.....දැන් මෙක තමුසේ විකුණලා යනවා ,හදිසියේ මොනවා හරි වුණොත් එහෙම අපරාදේ නේ සල්ලි ...

අපි නිතර නිතර එනවා මහත්තයා ....කතිර කොළ හැදෙන කාලෙට අපි කොහොමත් එනවා,අනික දැන් නිතරම කතිර කොළ හැදෙනවා නේ ....මහත්තයා බය වෙන්න එපා .
                                .....................................
 

කොම හරි ඔය  පුටුවක් ඉතිං අපිත් ගත්තා ,එත් පුදුම වැඩේ කියන්නෙ මට නම් එකේ වාඩි ගන්නම බෑ ,,රත් වෙනවා මෙලෝ සීතලක් දැන්නෙන් නෑ .කිව්ව කිසිම ගැජට් එකක් වත් වැඩ නෑ ..අර මිනිසා කියලා තියෙන්නෙ බොරු නේ ,ඒ ගැජට් එහෙම පෙනුනාට එවා වැඩ නෑ ...බලනකොට පරණ විසි කරපු පුටු වගයක් තමා මේ පොඩි පෙන්ට් පාරක් ගහලා විකුණන්නෙ .අයියෝ.... අපරාදේ සල්ලි




ප.ලි 
මෙය හුදෙක් ගෙතු කතාවකි,කිසිවෙකුටත් අපහාස හා උපහාස කිරිම මා නම් එතරම් අනුමත නොකරමි.අද ඇනෝ කමෙන්ට් දැමිය හැක 

මේ පිංතුරෙත් බලන්න එක පැත්තකින් හිතන කොට මොනව කියන්න ද මන්දා,හැබැයි මට එකක් හිතෙනවා දැන් ඔය දේශ ද්‍රෝහීන් කියලා හංවඩු ගහන වුන් ටික විතරයි කවදා හරි ඔය කොතන වුණත් අවසානයේ ඉන්නෙ ,ප්‍රශ්නයක දී  ඔය දේශ ප්‍රේමින් ඇද යට රිංගනවා සිකුරුයි .







13 February, 2014

ඇයි ශෑෂේ පැකට් වැදගත් වෙන්නෙ (පිරිමින්ට විශේෂයි )



ලඟ දී ලිව්ව කතාවක් මම ඉල්ලලා ,ඇඳගෙන ඇති වෙන්න නෑවා,එක නිසා ලියන්න හිටපු කතා නවත්වලා සම්පුර්ණ වෙනස් කරලා,වෙනම කතා දෙකක් ලියන්න වුණා.
                                         මෙකත් ටිකක්  ඒ වගේ කතාවක් ,ඇයි අපිට ශෑෂේ පැකට් වැදගත් වෙන්නෙ මෙන්න ප්‍රශ්නය.මට නම් මෙච්චර කාලයක් ඔය කැම ජාති එහෙම ලොකු ගනන් දිලා ගන්න බැරි එවායේ පොඩි පැකට් අරන් රස බලන්න විතරයි.ලගදි දවසක වුන දෙයක් නිසා ඒ මතය පොඩ්ඩක් වෙනස් වුණා.
             ලොකු ප්‍රශ්න වලට පොඩි ශෑෂේ පැකට් එකක් පිලිතුරක් වෙන්න පුලුවන්.ඇයි අපි සුවඳ විලවුන් පාවිච්චි කරන්න පොඩ්ඩක් සුවඳට ඉන්න ,මම නම් වැඩිය ඔවා පාවිච්චි කරන්න නෑ,නෑ නෙවෙයි කොරන්න ගන්න පිච්චිය නෑ.ඒ කතා එහෙම වුණත් ඔය පොඩි ජෙල් ටිකක් එහෙම ගානවා ,පොඩ්ඩක් ගඳ එනකොට පොඩි මොකක් හරි සෙල්ලමක් දානවා .
                                                                             

හැබැයි ඔය මොන  මගුලක් ගැවත් කමක් නෑ .හම්බ වෙන්න යනකොට හොයලා බලලා උලා ගෙන යන එක  ඇගට හොදයි .

ඔයා අද කොහෙද ගියේ ???
කොහෙවත් නෑ .....
අලුත් ෆර්ෆියුම් එකක් ගත්තා ද ???
මේ මම ??? ...නෑ ...
ඔයා ගාවින් එනවා නේ සුවඳක් .....
ආ ...................
මෙක ලෙඩිස් ෆර්ෆියුම් ජාතියක සුවදක් නේ ..
ඈ .......මම දන්නෙ නෑ ...
මෙක තමා  @#@#$  පාවිච්චි කරන්නෙ !!!
මම දන්නෙ නෑ ....මොන මඟුලක් වත්!!!!
.

පසු කතා හෙන අවුල් ය ,හෙන ගසා වැහිය,පුතා ගේ කැරැට්ටුව හොද නැති නිසා වැඩේ ලේසියෙන් ශේප් නැත .

සාමාන්‍යයෙන් කියන්නෙ කොල්ලා බල්ලෝ කියාය.එත් කොල්ලන්ට මේ වගේ ඉවක් නම් මම හිතන්නෙ නැතුව ඇති.අනික කවුද සුවඳ ජාති මතක තියන් ඉන්නෙ.

කොම හරි ඔය වගේ තැනකට යන්න කලින් කරන්න ක්‍රමයක් මට අතිජාතයෙක් කියලා දුන්නා,පොඩි සැකයක් වගේ හිතෙනවා නම් කරන්න තියෙන්නෙ ඔය කඩේ තියෙන පොඩී ෆර්ෆුම් පැකට් එකක් අරන් ඇග පුරා ගාගෙන යන එක.එකත්  ඔය පිරිමින්ට තියෙන එකක්.අයේ ඉව කරා කියලා කොම හොයන්න ද ?,පුළුවන්ද දන්නෙ නෑ ????

ප.ලි 

මං පොර වෙන්න කතාවේ කොටසක් පමණක් ලිවෙමි .හැක් 
 

 
                  

12 February, 2014

තාත්තා භීතිකාව හෙවත් මගේ තාත්තා පොරක්

පොඩි දවස් වල මට තිබුණ ලොකු ප්‍රශ්නයක් තමා තාත්තාව පෙන්න බැරි කම කොටින්ම මට ඒ දවස් වල තාත්තාව පෙනුනේ මගේ හැම වැඩක්ම බදා කරන ලොකුම බාධකය විදිහට.මේ මගේ තාත්තා ගැන අවුරුදු විසි ගණනක් තුල මම දැක්ක දෙවල් සාරාංෂ  කිරිමකි .
                                                                    මගේ පියා වෘත්තියෙන් විදුහල්පති වරයෙකි,ඔහු ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ පොරකි.ඒ කතා කෙසේ වුවත් ඔහු මගේ පියාය,ඔහු මට කතා කරේ 

ලොකු පුතා !!! මෙහෙ වරෙන් කියා ය 

මම පොඩි කාලෙයේ දි ,අනෙක් ළමුන් ගේ තාත්තලා පාසැල ගෙනවිත් ගුරුතුමිය එක්ක කතා කරලා යන කොට මගේ තාත්තා පැත්තට වත් අවේ නෑ.හවසට අනෙක් ලමුන් ගේ තාත්තලා ඇවිත් ලමයි වඩන් යන කොට මම සපත්තු දෙකෙන් ගල් වලට ගහ ගහ ගියා හැරෙන්න වෙන දෙයක් කරන්න බැරි උනා.කොටින්ම  මට මතක දවසක කවදාවත් තාත්තා මාව වඩාගෙන නෑ.මට මේ දෙවල් නිසා තාත්තා කියන්නෙ හිට්ලර වගේ පොරක් කියලා පෙනුනේ.
                                       තාත්තා භීතිකාව මට වැඩි උනේ සා/පෙ කරන දවස් වලය.කොටින්ම කොතන ගියත් තාත්තා අදුරන පොරක් ය.ආ මේ අරයා ගේ පුතා නේ,කොටින්ම කෙල්ලක් එක්ක ගියත් ගෙදරට යන්න කලින් සිද්ධිය ගෙදර දන්නවා ය.එත් කවදාවත් මගෙන් එවා ගැන තාත්තා ඇහුවෙ නෑ.කොටින්ම තාත්තා දැනගෙන හිටියා කොල්ලො කරන වැඩ ගැන.තාත්තා කවදාවත් මට උපදේස් දෙන්න ගියේ නෑ.

දඩ කොල ලියා ගෙන පොලොසි ගියත් පොලොසියෙන් සින් ගලා එවනවා,මොකද තාත්තාව දන්න නිසා,කොටින්ම තාත්තා රටේ නොදන්න පොරක් නෑ කියලා මට තෙරුනෙ මට අවුරුදු විස්සක් විතර වෙනකොට.මොකද ඔය රටේ ලොක්කා ගාව ඉන්න ලේකම්ලා ගේ ඉදලා තාත්තා එක්ක තිබුණේ පුදුම බැදිමක්.එත් ඒ දෙවල් වලින් තාත්තා කවදාවත්  ප්‍රයෝජන ගන්න ගියේ නෑ.

පැත්ත පාළාතේ එකෙක් තාත්තා දිහා ඔලුව උස්සලා බැණ්නේ නෑ.තාත්තා ලොකු චණ්ඩියෙකුත් නෙවෙයි ,හැබැයි කොල්ලා කාලේ පැත්ත පාලාතේ චණ්ඩි ,නොණ්ඩි කරලා තියෙනවා,ඒ වගෙම ජන සවිය වගේ වැඩසටහන් එක්ක වැඩ කරලා තියෙනවා.එක නිසා හැම කෙනාම කොතන ගියත් මට නෙවෙයි සැලකුවේ තාත්තා ගේ නමට ,කොටින්ම ගොඩක් දෙනෙක් මගේ නම දන්නෙ නෑ අදටත්, මොකද ඉස්කෝලෙ යන දවස් වල ගුරුවරු පවා කතා කරේ තාත්තා ගේ නමින් ,ඒ කාලේ එක පුදුම වදයක්  මට හැබැයි,මම ලොකු වෙනකොට මුලු පැත්තෙම මිනිස්සු මාව අදුනනවා,ඒ විතරක් නෙවෙයි සලකනවා.

අන්න එතකොට තාත්තා මාව ඉස්සරහට දාන්න ගත්තා.එයා යන්න ඕන තැන් වලට මාව යැව්වා ,එයා ගේ ඉන්න යාළුවෝ අදුන්නලා දුන්නා,හැමදෙම කරා.මට කියලා වෙනම තැනක් හැදෙන්න ගත්තා,එක මගේ විදිහට ,මුල දී තාත්තා ව මගෙන් බලාපොරොත්තු වුණ අය පවා වෙනස් වුණා.එක වුණේ කොමද කියන්න මම දන්නෙ නෑ, හැබැයි එහෙම වුණා.

මට දැන් තමා පොඩ්ඩක් හරි තේරෙන්නේ තාත්තා මට පාඩම් කියලා දුන්නෙ කටින් නෙවෙයි,මිනිස්සු එක්ක තැලෙන්න ඇරලා කියලා.මම අධික වේගයෙන් ගිහිල්ලා කාර් එක හැප්පුවත් මට කවදාවත් බැණ්නෙ නෑ,අම්මා කණ පුරා බැණ්නත් 

ඔයා ඉන්න මම මේ ගැන බලා ගන්නම් කියනවා හැරෙන්න වෙන මොකුත් නෑ ...

හැබැයි තාත්තා එන්නෙ නෑ කරන්න ඕන දේ කියනවා හැරෙන්න,කරනකොට මට තෙරුනා ,ඒ දේවල් කර  තියෙන අමාරුව,අයේ කරන්නෙ නෑ ඒ වගේ වැඩ ඒක ගැන දන්න නිසා.

මට තෙරෙන්නෙ නැත්තෙ කොමද තාත්තා මෙච්චර හැමදෙම දන්න,කරලා පෙන්වන පොරක් වුණෙ කියලා .

 ප.ලි 
ඉදිරියෙදි තාත්තා කොමද විදුහල්පති කෙනෙක් විදිහට වැඩ කරන්නෙ කියලා ලියන්න හිතෙනවා...බලමු .මොකද අර ෆෙස් බුක් සිද්ධිය ගැන තාත්තා දැන ගත්තාම කිව්වෙ ,මුණ් මොන මිනිස්සු ද කියලා විතරයි.
        





10 February, 2014

මෙහෙම වෙන්නෙ ඇයි ??



බුද්ධ දර්ශනය පිලිබඳ අන්ද භක්තියෙන් ඉන්න අය මෙක  කියවන්නෙ නැති තරමට හොදයි.මෙක මම පිලි ගන්න ධර්මයට කරන නිගාවක් නෙවෙයි කියන මගේ පෞද්ගලික මතයේ එලබ ගෙන ලියනවා .
                                                               ඇත්තටම  බුදු රජාණන්වහන්සේ ධර්මය තුල මුලිකවම අපි අනුගමනය කරන්න ඕන මැදි පිලිවෙත කියලා පෙන්නලා දුන්නා.එත් දැන් රට පුරා පෙන්න තියෙන්නෙ බෞද්ධ කම හිගා කැමක් කියලා මට පෙන්නෙ.මං පොර රට පුරා යනකොට දැක්ක දෙයක් තමා මිනිස්සු මොකක් හරි කොල කැල්ලක් දික් කරලා හිඟා කනවා,ඒ එක්කම කවුරු හරි පොරක් ඇවිත් තව බුද්ධ රූපයක් තියෙන කොලයක් දික් කරලා රුපියල් 100 /250/500/1000 ක් වගේ ගනන් වලින් සල්ලි එකතු කරනවා.ඒ මිනිස්සු කතා කරන්නෙ හරියට ඒ සල්ලි දුන්නෙ නැති වුණොත් නිවන් යන්න ටිකට් එකක් දෙන්නෙ නෑ වගේ.අනේ අහිංසක මිනිස්සු දරුවට කන්න අරන් දෙන්න තියෙන රුපියල් 100 ය දෙනවා ,අත ගැහි ගැහි.
                                   මේ දවස් දෙකකට කලින් මම ගිය බස් එකකට ගොඩ උනා බුදු පිලිමයකට වහලක් සදන්න සල්ලි එකතු කරන්න ,වහලය සදහා යන වියදම ලක්ෂ 750( කොහෙද තියෙන්නෙ කියලා කියලා වැඩක් නෑ මතක තරමට ලොක්කා විවෘත කරපු එකක් )වහලයට මෙච්චර නම් පිලිමයට කොච්චර මුදලක් ගියා ද කියලා හිතා ගන්න,ඇයි මෙච්චර හැම තැනම පිලිම හදන්නෙ මේ තියෙන පිලිම මදිද අපිට වන්දනා මාන කරන්න,මම දැකලා තියෙන විදිහට හැම ගමකටම පාහේ පන්සල් හෝ යම් කිසි බෞද්ධ ආගමට අවශ්‍ය ස්ථානයක් තිබේ,එහෙනං මොකටද මේ හන්දියක්, හන්දියක් ගානේ පිලිම හදන්නෙ,ඇයි බුදු රජාණන්වහන්සේ කියන්නෙ,මේ ඔය හැම තැනම අටවලා තියෙන දේශපාලුවෝ වගේ පුද්ගලයෙක් ද ?,අනික ඔච්චර පිලිම ගොඩක් හැදුවා කියලා අපේ මිනිසුන් ගේ බෞද්ධ කම බෙරෙන්න ගනිද ?
                                                                                             රටේ භාගයක් එදා වෙල සවි කර ගන්නෙ බොහොම අමාරුවෙන් ඔය කබ්බා මොන පච වාර්තා හැදුවත් බලන්න ඕන ගෙදරක ගිහින්(දියවන්නා වේ වුණ් ගේ හරක් මඩු හැරෙන්න ) ඒ මිනිස්සු කන්නෙ බොන්නෙ කොම ද කියලා, බැලුවා නම් තෙරෙනවා .තව පැත්තකින් මිනිස්සු වකුගඩු රෝග නිසා නොමැරි මැරි මැරි ජිවත් වෙනවා අපේ හාමුදුරු ගොල්ල සිවුරු කරට අරන් කෑ ගහනවා අරක එපා ,මෙක එපා .ඒ අස්සෙ අපේන් ගන්න පඬුරෙන් කොහෙ හරි @#$#% එක්ක රවුම් ගහනවා.ගහන රවුමක් හොරෙන් ගහන්නෙ නෑ කොමද අපේ වැඩ කියලා කොහේ හරි කුණු ගොඩකට පොටෝ කැලි දෙක තුනකුත් දානවා.
                                         මෙච්චර සල්ලි වියදම් කරලා හදන පිලිම නිකන් සිමෙන්ති,ගල් ,විතරක් වෙයි.මිනිස්සු හිතේ ගින්දර තියාගෙන මේ දෙන සල්ලි වලින් ඇත්තටම අපේ හාමුදුරුවරුන් කරන්නෙම විකාර වැඩ,ඒ කරන සිගිති වැඩ අපේ රටේ T.V චැනල් වලිනුත් තලු මරලා පෙන්නන්වා,මේ දෙවල් දැක්කාම කලකිරෙන එක විතරයි වෙන්නෙ,හිතේ සතුටින් පන්සලකට ගියොත් අධාර පත්‍රයක් කඩන්න ඕන.එකත් බලෙන් ඇගේ ගහන්නෙ.මට නම් මිට වඩා හොඳයි ගෙදර ඉදන් බුද්ධ ධර්මය පිලි පදින එක .
                                                                              කෝටි,ප්‍රකෝටි ගනන් වියදම් කරලා මේ පිලිම හදනවට වඩා හොදයි කියලා හිතෙනවා වෙලාවකට දුප්පත් මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දෙන එක,අර වකුගඩු රොගින්ට බෙහෙත් ගන්න ක්‍රමයක් හදලා දෙන එක.ඇත්තටම් අපේ බෞද්ධ ධර්මය විනාශ කරන්නෙ වෙන කවුරුත් නෙවෙයි අපි අපිමයි.බණ කියන්න ,ධර්මය දන්නෙ නැත්නම් සිවුරු ටික ගලවලා තියලා ඔය දැන් කරන දේශපාලන වැඩම කරගෙන හිටියා නම් පවු අඩු වෙයි.

ප.ලි 
ලියන්න ගොඩක් දෙවල් තියෙනවා ,එත් මේ කතා කරා කියලා වැඩක් වෙයිද කියන දේ හිතේ තියෙනවා .පොඩ්ඩක් මැදි පිලිවෙතෙන් හිතන්න ,ඇත්තටම අපි බෞද්ධයන්ම ද කියලා ,නැත්නම් ධර්මයක් නැති වුන් ටිකක් ද කියලා  

07 February, 2014

මෙහෙම එවුන් ඉන්නව ද හැබැට .....



ලියන්න බෑ කියලා හිතුවත් ඔන්න ඔහෙ වෙන දෙයක් වෙයි කියලා ලියලා දානවා .මම දන්න අදුනන පොරක් හිටියා කෙල්ලක්ව සෙට කර ගන්න ටික කාලයක් බලාගෙන හිටපු.හොඳම යාළුවෙක් කියන්න බෑ ,හැබැයි ෆිට් එකක්.මිනිහා ගෙන් අපි සෙට් උන වෙලාවට තමා ඔය ස්තිරි කතා අහන්නෙ කියන කතා මල් හතයි.
                                      සෙට් වුණ වෙලාවට මිනිහා ලැජ්ජ නෑ,කියලා දානවා ඕන දෙයක්.අනික් හැමෝම කෙල්ලො සෙට් කරගෙන ඉන්න කොට පොරටත් ඕන වෙලා තිබුණා කෙල්ලක් සෙට් කර ගන්න හැබැයි අපේ උන් ගේ කතා අහලා ද මන්දා පොර ගාව තිබුණේ අමුතු විකාර අදහස්.අපේ ඉන්න උන් ඉන්නවා මාසේන් මාසේට කෙල්ලො මාරු කරන උන් ,කරා කියමුකෝ ,ඒ ගැන ගහන නයි ,අර පොරත් හිතන්නෙ එවා ඇත්ත කියලා,ඒ වෙලාවට මිනිහා කියන්නෙ ''තොපි මහා වලත්තයෝ කවදා හැදෙයි ද දන්නෑ'' කියලා කියන එක.අනේ ඉතිං මං පොර උපාසක නිසා පොරට හෙන විශ්වාසයි,ඔය කතා ඉතිං මට කියනවා,මටත් මොකද නිකන් ඉන්න ගමන් අහන් ඉන්නවා.

          පොරගෙන් මම දවසක් ඇහුවා ,ඈ බන් උඹ තවම කෙල්ලක් හොයා ගත්තේ නැත් ද කියලා.තවම නෑ කුලේ එකක් ඉන්නවා මම පොඩි ට්‍රයි එකක් දැම්මා ,ගොඩ වගේ කිව්වා.පොර හොයන්නෙ කොල්ලෙක් අත තියපු නැති කෙල්ලක්ව ,අපේ උන් පොරට විහිළු කරන්නෙම ඔය කාරණෙ නිසා.උඹට හබ්බ වෙයි පැකින් පිටින් එකක් කියලා .
                       
                       එහෙම කෙල්ලො ඉන්නව ද?හැබෑට.....අනේ හිටියත්   මට නම් වැඩක් නෑ කියලා පොරට මම දවසක් කිව්වා,පොරට තේරෙන්නේම නෑ ,එහෙම කෙල්ලක් හිටියා කියන්නෙ එක්කො සාමාජයේ නැති එකියක්,නැතිනම් කොල්ලෙක්ට බලන්න බැරි එකියක් කියලා.කොම හරි ඒ කතා ඔය විදියයි.
                              මෙන්න මේ ලඟදි දවසක් පොර මට හම්බ උනා මල් හිනාවක් දා ගෙන ටවුමේ.උඹ කොහෙද මේහේ කියලා ඇහුව

ශොපින් අවා.... කුලේ කොහේ යන ගමන් ද ?

මම ගෙදර යන ගමන් බන් ,උඹ කවදාවත් නැතුව ශොපින් ඇවිත් ....ඇත්ත කියහන් ..කෙල්ලක් සෙට් වුණා ද (මම විහිළුවට ඇහුවා )

ආ .....හිටපන්  අදුන්නලා දෙනකන් ....

කොම හරි පැය බාගයකට විතර පස්සෙ ඔන්න කෙල්ලව මට අදුන්නලා දුන්නා .අනේ වාසනාවන් ඌට ඌ හිතපු විදියේම කෙල්ලක් හබ්බ වෙලා.මට ඉතිං හතර හිනා .අනේ උගේ අර කොන්දේසි ගැන මට ඒ වෙලාවෙ මතක් උනා එත් මට ඒ වෙලාවෙ එක අහන්න ගටක් තිබුණේ නෑ.එකක් ඒ කෙල්ල ගේ මුණ තිබුණ විදිහට.අනික මොකක් වුණත් මට මොකද කියලා හිතුණ නිසා .මට ඇහුනා ලොතැරයි කුඩුවක යනවා කපුගේ මහත්තයා ගේ ඔබ පෙම් කරනා ඔබෙ කුමාරි සිංදුව.අනේ ඉතිං මේ වගේ දෙවලුත් වෙනවා නේ සැබෑ ජිවිතෙත් කියලා හිත හිතා අවා වෙන අහවල් එක කොරන්න ද ...

ප.ලි 
කිසිවෙකුට අපහසයට හෝ උපහාසයට ලක් කිරිමේ අදහසකින් නොලිවෙමි .ෆිට් එකට කතා කරාට පොර අයියා කෙනෙකි.

03 February, 2014

මොකක්ද මේ සංකල්පය ?

මේ දිනවල බ්ලොග් ලොකයේ නානන්තර විපර්යාස වෙමින් පවති.කෙසේ වුවද මා මේ දිනවල ලිව්වෙම මගේ වචනයෙන්ම කිවහොත් සිගිති ආතල් දෙන කතාය,
               අද   කියන්න වෙන්නෙ වෙනත් කතාවකි,මේ කතාවත් කලින් මා කිවු ඉරිඟු කතාව මේන් මා කුඩා කාලයේ සිටම අත්දකින කතාවකි. ගොඩයා කවුද මේ ගොඩයා කියන්නෙ?හැමදාමත් උඹලා මහා ගොඩයෝ බන්,ගොඩේ කම නේ,ආදි කතා දැන් මං පොරට වැඩිය නැති වුණත් මං එදා මං හිටි තත්වයේ අද ඉන්න උන් හට තිබෙනවා.ඇත්තටම කාටද මේ ගොඩයා කියන්නෙ,මට තෙරුණු විදිහට නම් මේ ගොඩයා කියලා ගමෙ අයටය.ඇයි මේ ගොඩයා කියන්නෙ ,නගරේ ඉන්න අයට වඩා ගමේ ජිවත් වෙන අයගේ ගතිගුණ,කතාව අදි හැම දේම වෙනස් ,ඒ වෙනසට ගොඩයා කියලා පහත් කරාම හරිද ?
                                     අපේ රටේ ඉන්නෙ මිලියන විස්සකට ආසන්න ජනතාවක් ,ඒ වුණත් අපේ ඉන්න මිනිස්සුන් ගේ තියෙන්නෙ පුදුම භේද බින්න කමක්,මට හිතෙන හැටියට ඒ භේද බින්න කමේ එක පැත්තක් තමා මේ ගොඩයා සංකල්පය.ඔය දේ මම හිතන්නෙ උඩරට පවුල් වදි රදළ ක්‍රමය තුල ලොකු අනුබලයක් තියෙන්නෙ ඇති.මම හිතුවේ දැන් ඔය කතා නැතුව ඇති කියලා එත් මේ දවස් ටිකෙම අහන්න වුණා ඔය කතාව.මට නම් තෙරෙන්නෙ නැහැ මේ ගොඩයා කතාව,මොකද මාත් මේ කියනවා වගේ ගොඩයෙක් නිසා වෙන්නෙ ඇති.
                          පොඩ්ඩක් හිතන්න දැන් නුවර පැත්තෙ අයගේ කතා රටාව,සිරිත් විරිත්,හැසිරිම වෙනස්,මාතර පැත්තෙ ඊට වඩා වෙනස් ,මාගම් පත්තුව,දිගාමඩුල්ල අදි පැති වල කතා කරන විදිහ,සිරිත් විරිත් අදිය වෙනස් ,එහෙම බලන කොට කොතන ද මේ ගොඩයා ඉන්නෙ.අවසානේ සල්ලි භාගේ නැති දුප්පත් මනුස්සයාට තමා මේ ගොඩයා කියලා තියෙන්නෙ.සම හරක් කෙනෙක් ජිවත් වෙන පැත්ත අනුව ගොඩයා කියලා කියනවා ,අපෝ ඒ පැත්තෙ ද ඔයා ,එහේ මහා ගොඩයෝ නේ ඉන්නෙ .මං පොර නම් ඕන තරම්  ඔය කතාව අසාගෙන තියෙනවා.එත් පොඩි කාලයේ සිත් පිඩා කර ගත්ත ද දැන් නම් මං ගොඩයා කියන එක මං කියන්නෙ අඩම්බරෙන්.මොකද එකත් හොද මාකට් කරන්න පුළුවන් දෙයක් නිසා.
                           මේ කතාවට අසන්නම හෙතු රාශියක් තියෙනවා ඒ මම බස් එකේ ගමනක් යන විට බස් එකට ගොඩ වුණා මිනිස්සු කණ්ඩායමක් ,නගරේ එක්ක බලන කොට ,ඇදුම් පැලදුම් ,කතාව හාත්පසින්ම වෙනස් ,පොඩ්ඩක් බස් එකේ සද්දෙන් කෑ ගහනවා ,පොඩි උන් එහෙට මෙහෙට යනවා,එවා දැකපු මගේ ලඟ හිටපු පොර මට කියනවා මල්ලි අර බලන්න මහා ගොඩයෝ සෙට් එකක් ,අදද දන්නෙ නෑ කැලේන් එලියට බැහැලා තියෙන්නෙ ,ශුවර එකට මහියංගනය පැත්තෙ වෙන්නෙ ඇති.මට ඉතින් මේ දවස් වල පුෂ්පය අතේ අරන් යන ගමන් ඉන්නෙ අර මනුස්සයාට මම මොකුත් කිව්වෙ නෑ ,කිව්වා නම් ගුටි කෙලියක් තමා එතන,

          ඇයි යකෝ ඒ මිනිස්සු ඇත්තටම මහියංගනයේ කියමු,හරි අදිවාසින් උනාම කියමු ,ඇයි ඔය කියපු එකා එංගලන්තේ මහා රජා වදපු එකෙක් ද ?මං පොරත් ඔය වගේ කතා මුණටම අසා ඇති පොරක්ය.එත් තව මනුස්සයෙක්ව දැක්ක ගමන් පහත් කරලා කතා කරන මේ වගේ මනුස්සයෝ මට නම් පෙන්න බෑ.කෙනෙක් උසස් හෝ පහත් වන්නෙ පුද්ගලයන් කරන ක්‍රියාවෙන් බව අපි කුඩා කල සිටම අසා ඇති කතාවයි,ඉතින් කවුද මේ සමාජයේ උසස් අය ....

සටහන 
මේ කතාව දැනටත් වචනයෙන් ලියන බ්ලොග් කරුවන් මා දැක ඇත.ඒ අයවලුන් රෙදි උස්සා ගත යුතු නැත,කතාව විද ඇති අය හා තෙරුම් ගත හැකි අය සදහා පමණි.

ප.ලි 
තවම මේ තත්වය රට තුල තිබිම ඇත්තටම ශෝචනීය තත්වයකි . 
තරමක් පුෂ්පය අතින් ගෙන ලිවු පොස්ටුවකි ...