සර් ……..සර් ……….
හා …… එන්න… එන්න………
මං….. යන්න… කියලා….සර්
දොඹේ …අදම යන්න ද හදන්නෙ….
ඔව් සර් ….
මේ තිරණේ හොදට හිතලද දැන් ගත්තෙ ඈ …..
මං හොදටම මේ තිරණේ ගැන හිතුවා …….
ඇයි දොඹේ මෙතන දලා යන්නෙ ?
මට මෙතන ඉන්න හිතෙන්නෙ නෑ සර් …..
ඒ මොකෝ ඈ…….හෙක්… හෙක්
සර් මේ නැමෙන නැමිල්ලෙ සිමාවක් නෑ……කෙලින්
වැඩ කරනවා කියලා හිතපු මේ වගේ තැන් වලත් මේ
නැමෙන නැමිල්ල මට තවත් කරන්න බෑ සර්…..ඉතිං මං
යනවා….
මමත් ඔහොම කාලයක් හිතුවා …හ්ම්ම්ම්ම්….දැන් මෙතනින් දොඹේ ගිහින් මොකද
කරන්න හිතන් ඉන්නෙ ….
සර්……මං --------- කරන්න හිතන් ඉන්නෙ
…..
හ්ම් ……හොදයි …....හොදයි ….
එහෙනම් යමුකෝ ---------- පැත්තෙ…..ගිහින්
අපි මේ කතා කරමු,ආ මෙන්න සල්ලි …..දොඹේ ගිහින් වයිට් ඩයමන් එකකුයි,ස්ප්‍රයිට් එකකුයි
,බයිට් එකට මොනවා හරි අරන් එන්න …….
ඔන්න කලමනා ගෙනත් දෙන්නා වැඩේ පටන් ගත්තා
……..මේ ඒ අතර කතාව
උඹ බොනවා නේ …..වක් කර ගනින් එහෙනම් ….
දොබේ දන්වද වාහන වල දුණුකොළ ගැන …..
ඔව්…..සර් …දන්නවා …..
වක්කර ගනින් බන් මෙතන සර්ලා … නෑ…සර්ලා ඉන්නෙ
ඇතුලේ විතරයි …..මෙතන ඉන්නෙ ---------- කියන
මනුස්සයා …..
ඔය දුණු නැමෙනවානේ …….දැකලා ඇති ….එ උනාට
ඔවා හරි හයියයි …….
උඹට ඔහොම කිව්වා කියලා මේ කතාව තෙරෙන්නෙ
නෑ …..උඹට තියෙන්නේ නැමෙන්න බැරි ලෙඩේ නේ ….හ්ම්ම් ……මේ කතාව අහපන් කෝ ……
ඔන්න දෙවාලයක් තියෙනවා එකේ දොර අඩි පහක්
විතර උස දැන් උඹට ඔය දොරෙන් යන්න බෑ කෙලින් යන්න ඕන නැමිලා එත් උඹට උවමනාවක් තියෙනවා
දේවාලෙ බලන්න යන්න…….උඹ මොකද
කරන්නෙ
මං
දේවාලෙට නොයා ඉන්නවා සර්…
එක නෙවෙයි පුතා කරන්න ඕන ….උඹට නොයා හිටියොත්
උඹටවත් උඹ වගේ හිතන වුන්ටවත් කවදාවත් දේවාලේ මොන වගෙද කියලා බලන්නවත් බැරි වෙයි ……..එක නිසා උඹ කරන්න ඕන ගිහින්
දේවාලේ දොර වෙනස් කරපන් …..
එක කරන්න බෑ…සර් ….මිනිස්සු මාව ගහලා මරයි
නෑ උඹට කරන්න පුළුවන් පුතා මෙහෙමයි…... ඉස්සෙල්ලාම
උඹ දේවාලෙට දොරෙන් නැමිලා පලයන් …….ගිහින් බලපන්….ඊට පස්සෙ ගිහින් දේවාලේ
අතු පතු ගාන වැඩේ කරපන් …..එහෙම කාලයක් යනකොට උඹට ඔය දේවාලේ ඇතුලේ
තියෙන සුළු සුළු වැඩ කරන්න දෙයි ….එවත් හොදට කරපන් ……එහෙම කාලයක් යනකොට දේවාලේ පුදපුජා
ලැස්ති කරන තැනට උඹට යන්න පුළුවන් ……
වක්කර ගනින් තව ටිකක් …..උඹට වැඩි ද ?
නෑ ,හරි ….සර් …..කතාව කියන්න
එහෙම ටික දවසක් යනකොට උඹට පුළුවන් දේවාලේ
දුම් අල්ලන කපුවා ගේ ගොලයා වෙන්න ….එහෙම ඉන්න ගමන් උඹට පුළුවන් දේවාලේ දෙවැනි කපුවා
වෙන්න ….එතකොට උඹ ප්‍රසිද්ධයි මිනිස්සු උඹට ගරු කරනවා ….හැබැයි තවම උඹට බෑ දේවාලේ දොර
වෙනස් කරන්න…..එත් උඹ දොර වෙනස් කරන එක මතක තියන් ඉන්න ඕන..….ඔහොම ටික කාලයක් යනකොට
උඹට පුළුවන් පුතා දේවාලේ ලොකු කපුවාම වෙන්න ……………අන්න එදාට උඹ මිනිස්සුන්ට කියපන් දේවාලේ අපි ටිකක් ලොකු කරමු ඉඩපාඩු වැඩි
කරමු කියලා …..එදාට උඹට පුළුවන් පුතා දේවාලේ දොර වෙනස් කරන්න...….අන්න එදාට උඹ හිතපු
තරමේ දොරක් දාපන් ඔලුව කෙලින් තියන් දේවාලේ ඇතුල්ට යන්න පුළුවන් වෙන්න…...එහෙම වෙනස්
කරන්න ටික කාලයක් යයි පුතා ,එත් ඒ දොරෙන් එන මිනිස්සු දේවාලේට කොන්ද කෙලින් තියන් එයි
…ලෝකේ කොහේ උනත් මේ නැමිල්ල තියෙනවා පුතා …..එකයි ස්භාවය …...
හ්ම්ම් …….තවමත් උඹේ තිරණේ වෙනසක් නැත්ද
….
නෑ…..සර් මගේ තිරණේ එකමයි ….
හ්ම්ම් ඒ කියන්නෙ උඹ යනවා......මං ….දන්නවා පුතා උඹේ හිත හොදයි …..ටිකක් ඉවසලා හිටපන් ….බැන්දේ එහෙම නැනේ?
හ්ම්ම්ම්ම් …….තවම නෑ සර් …
මොනාවා කරත් ඉක්මන් නොවි හොදට හිතලා කරපන්
……
උඹලාට තවම වයස තියෙනවා .....
සටහන :-
බොතලයක් හිස් කරමින් මේ කතාව අවසන් වුවත්,එය
ඇතැම් ජීවිත වල නව පරිච්ඡේදයක අරම්භයක් විය ..අවසන් වශයෙන් කියන්න ඇති දේ නම් ජීවිත
ඇති කරන්නෙත් නැති කරන්නෙත් බලාපොරොත්තු ය
….
ප.ලි
මේ කතවා මතක් වුයේ කෙන්ජී මාමා ගේ දේවාල කතාවක්
නිසාය …මේ කියන්නෙ මා බොගි හැර දා යන කතාවක් නොව වෙනත් කතාවකි....පෞද්ගලිකත්වය ගැන නොසිතා කතාව ගැන හිතන්න...
දුනු කොලේ උදාහරනෙ නං නියම කතාව මචං !!
ReplyDeleteඔක කියපු මනුස්සයත් නියම පොරක්.පත්තරේ
Deleteදේවාලේ ලොකුම කපුවා උනාම උෟ කවදාවත් දොර වෙනස් කරන්නෙ නෑ... මොකද උෟ එතකාට කැමතියි පොඩි එවුන් ඔක්කාෙම නැමිල එනවට...
ReplyDeleteදුනු කොල සීන් එක නං මරු, වයිට් ඩයමන්ද බ්‍රෑන්ඩ් එක හැක්...
ජය වේවා!!!
වයිට් ඩයමන්ඩ් ගැහුවොත් පොතේ හැටියට කතා කරන්න ඕන ෂොක්ඇබ්ෂෝබර් , කොයිල් ස්ප්‍රීන් බාසාවෙං බං ..
Deleteදුනුකොල ගැන කියනව කියන්නෙ ගහල තියෙන්නෙ ගල් විදානෙයො.. හැක්
මාත් බැලුවා මේ මොකද කියල, ගහල තියනේනේ හිගුරාන ස්පෙෂල් ගල් වෙන්න ඔ්න..
Deleteවිදානේ පොර ගහන්නෙම ඔය බ්‍රැන්ඩි එක එක නිසාම නමකුත් තියෙනවා ඔය බ්‍රැන්ඩ් එකෙන් ,කවුද කියලා දන්නවද හැක් හැක්
Deleteවිදානේ යන එකා ගේ අරමුන කපුවා වෙන එක නෙවෙයි නම් හොද සිහියෙන් ඉදලා දොර වෙනස් කරයි සමහර් වෙලාවට
Deleteපත්තරේ & පත්තරේ ගහලා තියේනව ද අර රන්දෙණිගල ගහන බැන්ඩ් වගයක් තියෙන්නෙ ,මං එක සැරයක් බණ්ඩාරවෙක ඉන්නකොට ගැහුවා,පට්ට ජරාව මට නම් ....
Deleteරවුං බෝතලේ, මල ජරාව, මොනව කරන්නද හොයාගන්න නැතිතැන බොනවා
Deleteඅනිවා එවා තමයි ගලුත් රවුං නේ තියෙන්නෙ ගාන නම් අඩුයි වගේ මතක ,දෙමළ අය අතර හොදට යනවා ....
Deleteසහෝ මචං..චැහ් අපිත් නුවර එලි ගිහිං දවසක් බඩු මදි වෙලා ඕකක් ගෙනාවා, අපි හිතුවෙ කවලං බඩු කියල චැක්.. ඊට හොඳා කසිප්පු ටිකක් බොනවා .තුක් !!
Deleteපත්තරේ කසිප්පු කොච්චර හොදද මෙවාට වඩා ,නැති උනාම මක් කරන්නද :)))
Deleteහැබැයි ගොඩදෙනෙක් කපුවා වුනාම අර දොර වෙනස් කරන්න කැමති නෑ. තමුන් මුලදී කොන්ද කෙලින් තියන් වදකරන්න් හිතුවට ,තමන් යටතේ ඉන්න අනික් ය කොන්ද කෙලින් තියන් වැඩකරන එක දරාගන්න් බෑ. එහෙම නොවී තමන් වගේම අනිත් මිනිස්සුත් කොන්ද කෙලින් තියන් තමන් යටතේ වැඩ කරන එක දරග්නං පුළුවන් මනුස්සයෙක් වෙන්න උඹට පුලුවන්ද කියන එක හිතලා බලපන්.
ReplyDeleteඉවාන් මෙක බ්ලොග් ගැන කතාවක් නම් නෙවෙයි ,පෞද්ගලික ජිවිතෙට සම්බන්ධ දෙයක්,මෙතන මොකක් ගැනද කතා වුනේ කියන එක මං ලියලා තිබ්බා නම් කමෙන්ටු මීට වඩා වෙනස් වෙන්න තිබුණා එක මං හිතාමතාම අයින් කරා .....
Deleteකොහෙද යකෝ සහෝ මම කියලා තියෙන්නේ මේක බ්ලොග් ගැන කතාවක් කියලා , ...මොකක් ගැනද කතාවුනේ කියන් එක හොඳටම පැහැදිලිව තියෙනවා නේ මචං. මොකෝ උම්බ් හිතුවේ මම බ්ලොග් ගැන කතාවක් කිව්වා කියලා මෙතන, අනික බ්ලොග් කියන්නේ අපේ ජීවිතේ ලොකු කොටසක් වුනාට මෙතනින් එළියේ ලෝකේ ඒකට තියෙන්නේ බොහොම සුළු අවධානයක් ..
Deleteහැක් .....කතාව ගැන සතුටුයි මෙක මොකක් ගැන කතා වුනාද කියන එක තෙරුණා නම් ඉවාන්ට සතුටුයි මං හිතුවෙ තෙරුණේ නෑ කියලා ,සමාවෙන්න (මේ රැකියාවක් ගැන නම් නෙවෙයි) බොලොග් ගැන මගේ සැලකිල්ල ගැන කතා කරන්න දෙයක් නෑ බ්ලොග් ලියන් අයව දැන ගෙනත් මං කට වහන් ඉන්නෙ ...ඒ මගේ මගේ බ්ලොග් කෙරුවාව ;))))
Deleteඔබ ඔබම වෙන්න...
ReplyDeleteකව්දෝ එකෙක් එහෙම කියුවා මතකය.. ඒත් මේ යන හැටියට අපිට අපිම වන්නට බැරිය.. වෙන් ගල්ඉබ්බන් අපිව වෙනස් කරන බැවිනි...
අපට සෘජුව යමක් හිතා මතා කරන්නට හැකියාව නැත්තේද මේ කියන ගන්දබ්බයන් නිසාය...
අර කියලා තිබුණා සේ අපිට අපේ විදියට වැඩ කරන්න නං දේවාලේ ලොකු කපුවා වගේ ලොකු පොරක් වෙන්නට ඕනෑය.. පොඩි වුණ්ට ඒම කරන්නට බැරිය.. ඒ මෙහේ හැටිය අප සමාජයේ හැටිය
මහේෂ් අපිට යමක් වෙනස් කරන්න ඕන නම් එකට ක්‍රමයක් තියෙනවා හිතේ හයිය තිබුණට වෙලාවකට වැඩක් නෑ මොලේ නැතුව,ඔබ කියන දේත් වෙන්න පුළුවන් අපිව ඔය නිකන් ඉන්න උන් චුන් කරලා අපේ වැඩේට වල කැපෙන්නත් පුළුවන්,කවදත් සල්ලි /බලය දෙකට තැන්ක් තිබුනා සමාජේ
Deleteසර් සර් හොඳ කතාවක්
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
ස්තුතියි...
Delete.හ්ම් හ්ම්ම්ම් එකත් බලන්නම්
\\ඔහොම ටික කාලයක් යනකොට උඹට පුළුවන් පුතා දේවාලේ ලොකු කපුවාම වෙන්න ……………අන්න එදාට උඹ මිනිස්සුන්ට කියපන් දේවාලේ අපි ටිකක් ලොකු කරමු ඉඩපාඩු වැඩි කරමු කියලා …..එදාට උඹට පුළුවන් පුතා දේවාලේ දොර වෙනස් කරන්න...…//
ReplyDeleteදේවාලෙ ලොකු කපුව වෙනකොට මේ අරමුණ අමතකවෙනවා.නැත්නම් හිතාමතාම අමතකරන්න සිද්ධවෙනවා. ඒකයි හැමතැනම වගේ වෙන්නෙ. ඒ නිසා කොන්ද කෙලින් තියාගෙන මේ විදියට ගිය එකමයි හොඳ.
එහෙම වෙන්නත් පුළුවන්,එත් අපිට ඕන විදියට වැඩ කරවට වඩා අපි හොදම විදියට වැඩ කරන්න ඕන ,කතාව කියවල තියෙන එක ගැන සතුටුයි
Deleteනැමෙන්න නැමෙන්න ඵලබර වෙනවායි කියන්නේ..
ReplyDeleteහිටියොත් දෙකට නැවී..දෙවියොත් ...ට අරී..
Deleteදේශකට කියන්න දෙයක් හිතා ගන්න බෑ ,ඕන්
Deleteමනෝ දේවියෝ කොහොම වෙතත් අපේ උන් නම් ඔය වැඩේ කරලා යයි ;)))
Deleteඅර 1400 බ්‍රැන්ඩි එක නේද බං,රීගල්ද මොකක්ද
ReplyDeleteරීගල් කියන්නෙ වෙන එකක් නෙවෙයි ද ?
Deleteඋඹ මේ පෝස්ට් එක දැම්මෙ මං වෙනුවෙන්මද හිතෙනවා බං. :( කොටින්ම ඔහොම ප්‍රශ්ණයක් නිසා මත් මේ ටිකේ විදෝනවා බං.
ReplyDeleteඕකෙ තියෙන උපදෙස් ටික ගොඩක් වටිනවා.
මචං අඩි 7කට වඩා උස දොරවල් කොහේවත් නෑනේ බං,
Deleteහැක්. දොර උඩින් ජනේලයක් හැදුවනම් හරි. :)
Deleteඔය නැමිල්ල ගැන හැම තැනම,එක නිසා විදවන ඇයොත් හැම තැනම ,ඉවසන් ඉන්න එක හොදයි ප්‍රියා ....
Deleteවිදානේ ප්‍රියා උසම බ්ලොග් කරු වාර්තාව තියන කොට මං කොටම බ්ලොග් කරු වාර්තාව තියන්න පුළුවන් ..හැක්
Deleteඔය මල ඉලව්ව ඔහොම තමයි බන්. මම ඒ කාලේ රස්සාවල් දමලා ගහලා යනවා. ඒත් අපි ස්ථාවර නැති තාක් කල් අපිට ටික කාලයක් හරි ඉන්න වෙනවා. ඊට පස්සේ උඹට උඹ වෙන්න පුළුවන්. ඒකට ටිකක් කල් ඕන. අත්දැකීම් සහ අවබෝධය තුල තමයි ඒ තත්වය ගොඩ නගන්න පුළුවන්. මේක තමයි ප්‍රැක්ටිකල් තත්වය. මේවාට 1+1=2 වගේ තියරි සහ ෆොමියුලා නැහැ.
ReplyDeleteඋඩ එල්ලලා තියෙන කූඩුව බීම බටද...උණ බටද
ඔව් ඒක ඇත්ත.
Deleteඅරූ හරි ගොඩක් වෙලාවට අත්දැකිම් තමා වටින්නෙ ,තව කියන්නෙ දෙයක් නෑ හැමදාම වගේ කමෙන්ටුවට කැමැති ......
Deleteඋඩ එක බීම බට කූඩුවක් ....
නැවෙන්න ඕන තැන් වලදී නැවෙන්න ඕන....... අපේ වෙලාව එනකන්...... මේක මගෙත් තියරි ඒක...... සාර්ථක ක්‍රමයක් .......ප්‍රතිපල අත්දුටුයි .....ප්‍රත්‍යක්ෂයි...... සහෝදර.....
ReplyDeleteඑක ඇත්ත අපි සමහර වෙලාවට නැවෙන්නෙ නැතුව ඉදලා බලන කොට එක වැඩක් ඇති දෙයක් නෙවෙයි ....අත්දැකීම් වගේ මේ
Deleteමාත් කිසිම කෙනෙක්ට නැමෙන්න අකමැති කෙනෙක් , ඒත් සමහර අවස්ථා එනවා යම් කාලයක් ඉවසන්න වෙන, වාතාවරනය වෙනස් වෙනකල් කාලයක් බලන් ඉන්න, මේ වෙසක් කූඩුව ගන්න විදිය මටත් කියාදෙන්න
ReplyDeleteගොඩක් උන් නැමෙන කාලේ අපි කෙලින් ඉන්න හිතන එකත් සමහර තැන් වලදී වැරදි වෙනවා ,ඉවසන් ඉන්න එක හොද උත්තරයක් හොයන්න එක ක්‍රමයක් වෙයි බොහෝ වෙලාවට ....
Deleteමෙන්න මේ ලින්ක් එකට ගිහිං බලන්න සහෝ..
Delete@ ඔමා
ලින්ක් එකක් දැම්මා තරහ වෙන්න එපා
විදානේ ලින්කු දාන එක හොදයි ,මංමෙක බලලා තියෙනවා :))
Deleteඔමාමොකට තරහ වෙන්න ද ? ;o
හ්ම්ම්, මාත් මගේ හිතට කේන්තිය ,දරාගන්න බැරි දේවල් වෙද්දී ඕක ආයෙම කියෝනව විදානේ, ඉස්කෝතුයි ඈ ලින්ක් එක මෙතන මෙවුවා කලාට ඉදගෙන :D
Deleteඉදගෙන දාපු පොස්ටුවක් හිටගෙන කියවිමෙන් කෙන්තිය පාලනය කර ගත හැක ,
Delete:D
//එක නෙවෙයි පුතා කරන්න ඕන ….උඹට නොයා හිටියොත් උඹටවත් උඹ වගේ හිතන වුන්ටවත් කවදාවත් දේවාලේ මොන වගෙද කියලා බලන්නවත් බැරි වෙයි ……..එක නිසා උඹ කරන්න ඕන ගිහින් දේවාලේ දොර වෙනස් කරපන් …..// ++++
ReplyDeleteඔක කරන්න ක්‍රම ගොඩක් තියෙනවා ,අපි නම් කරන්නෙ හදිසියට ඔක කඩන් යන්න හදන එක ....
Deleteදුණුකොල කතාවත් මරු කතාව. ඒ වගේමයි අර උණ පඳුරෙයි, නුග ගහෙයි කතාවත්. මොන කතාව ඇහුවත් මමත් නැමෙන්න අකමැති නිසා යම් යම් ප්‍රශ්ණ වලට මුහුණ දෙනවා කවදත්.
ReplyDeleteඋණ ගහෙයි නුග ගහෙයි කතාවත් නියමයි .....සමහර ප්‍රශ්න එන්නෙ ඔය නැමෙන්න තියෙන අකමැත්ත නිසා කොහේ උනත් අඩු වැඩි තරමින් නැමිල්ල තියෙනවා ,මං හිතන්නෙ
Deleteඅපි ඔහොම හිතුවට අරකා කල් ගිහිල්ලා දේවාලේ කපුවා උනාම දොර වෙනස් කරන්නේ නැහැ. අපි තව එකෙක් යවනවා ඒ වැඩේටම. ඌත් කරන්නේ කලින් එකා කරපු දේම තමයි. අපිම සංවිධානය වෙලා ගිහින් දොර කඩනවා හැර වෙනත් විසඳුමක් නැත.
ReplyDeleteඔබ කියන එකත් හරි ..
Deleteබහුතරයක් ඕන නෙද එහෙම කරන්න ,එහෙම කරනවට වඩා එකේ අවශ්‍යතාවය මතු කරන එක හොද නැත්ද ?අරමුණක් තියේ නම් කපුවාත් වෙලා දොරත් වෙනස් කර ගනි , මේ කතාව තමන්ට කැමැති විදියට හිතන්න පුළුවන්....
හැබැයි ඉතිං නැමෙනවා කියලා පඟර නැට්ටෝ වගේ නැමෙන්න නම් බෑ!
ReplyDeleteඑකඟයි .....
Deleteනාඩි අපිට නැමෙන්නෙ නෑ වගේ පේන සම හරක් නැමෙන නැමිල්ල දැක්කාම හිනා වෙන්න ද අඩන්නද හිතා ගන්න බෑ
නැමෙන්න ඕන තැන් වලදී නැමෙන්න ඕන තමයි.. ඒත් හැමදාම එහෙම ඉන්න නරකයි... අන්න ඒකයි මතක තියා ගන්න ඕන..
ReplyDeleteදිනේෂ් කතාව හරි .....
Deleteඅර දර මිටියට බැන්ද නයා ගේ කතාවත් ඒ වගේ නේ ,
මගේ එකේ තිත් කමෙන්ට් එක දැම්මම මං හිතුවෙ වෙන එකක් බං .... එල දෙබස් ලිපිය....හෙක්..හෙක්...
ReplyDeleteයකෝ මෙලෝ රහක් නැති මගේ ලිපියකින් උනත් උඹල වගේ කොල්ලොන්ට කතා ලියන්න හිතෙන එකත් මට සතුටක්....
අර බොසා වගෙ මමත් නොයෙක් අවස්ථාවල උපෙදෙස් දීල තියෙනව ....වචන වෙනස් උනත් වෙනස් විදියට...
කවුද කෙන්ජී මාමා ගේ ලිපි රහ නෑ කිව්වෙ මට නම් නියමයි ,පෙන්නෙ නැත්ද උඩින්ම එල්ලන් තියෙන්නෙ .... සමහර වෙලාවට ගොඩල් කල් තෙරුම් ගන්න බැරි උන දේවල් මේ වගේ එක කතාවකින් තෙරුම් ගන්න පුළුවන් වෙනවා ,
Deleteඅති විශිෂ්ඨයි සර්!
ReplyDeleteසර් ගේ අති විශිෂ්ඨයි කම නිසාම තමා නම ලිව්වෙ නැත්තෙ හැක් .
Deleteහිතන්න ඕන කතාවක්. ඕවායෙ දෙපැත්තම තියනව. දේවාලයේ කතාව හරියන තැනුත් හරි නොයන තැනුත් තියනව.
ReplyDeleteඑක හරි හැම කතාවකම දෙපැත්තක් තියෙනවා නේ ,කතාව හරි තැන අල්ල ගත්තොත් වුණේ මොකක්ද කියලා හිතා ගන්න පුළුවන් වෙයි
Delete