17 April, 2014

පවුලක කතාවක් .....

පිටර් ගමේ සිටී හොදම වඩු බාස්‍ ය.සවස් වන විට සයිඩර් ටිකක් කටේ තබා ගන්නා පිටර් නියන ඉනහි රුවා ගෙන සතර දෙසට ඇසෙන්න කුණු හරප සිංදු කැලි කියමින් නිවසට එම ගමේ අයට සුලභ කරුණකි.වයිසින් අවුරුදු පනහක පමණ දේහධාරි පුද්ගලයෙකු වු හෙතෙම,මත් පැන් හා දුම් වැඩි නිසාම වැහැරී,කුදු ගැසි සිටියා ය.නිතර මගතොටේ දී පිටර්ව මා හට හමු වන්නෙය,ඔහු නිතරම බිඩියකින් උගුරු දෙකක් පමණ බී ඉතිරිය කනෙහි රුවා ගනි.නිල් කොටු කොටු සරමක් හා බැනියම සමඟ පරණ කෝට් බෑය ඔහු ගේ නිල ඇදුම මෙන් විය .යතු කැටය හා වේනත් වඩු උපකරණ එකට තබා පසු බැදගත් මල්ලක් සමග බයිසිකලයෙන් ඔහු නිතර ගමන් බිමන් යෑම සිදුවිය.ඔහු මගතොටේ දී හමුවූ විට ..

පිටර් මාමේ අද වැඩ නැතේයි .... 
අද උඩහනැක්කේ  වැඩ කොලා පුංචි මහත්තයා ,වරුවේන් වැඩ ඉවර කරා ....
එහෙනම් පිටර් මාමා ඔය යන්නෙ ලුසියා ගේ දිහා වෙන්ටෑ ...
නෑ ...මං මේ අබරන්ලා ගේ පැත්තෙ යන්න කියලා ...
පුංචි මහත්තයා අපේ ගෙවල් පැත්තෙ ගියේ නැතෙයි ...
නෑ පිටර් මාමේ යන්න හිටියේ යන්න වුණේ නෑ නොවෑ ..
අන්න පහල වෙලේ කොල්ලො සරුංගල් යවනවා,මං දැක්කා අපේ එකත් එතන ඉන්නවා ...
හැබෑද ...එහෙනම් මාත් හැන්දෑ වෙලා යන්න ඕන ...
ඇගපත හරියට ඇදුම් කනවා නොවෑ දවසේම ලී දඩු එක්ක ඔට්ටු වෙලා ....මං ගොහින් එන්නම් පුංචි මහත්තයා..

පිටර් ගේ බිරිද ජොසපින් ය.ඇය වයස තිහක පමණ මැදි වියේහි කාන්තාවක් විය.රූපයේන් ඉතාම ලස්සනට තුරුණු සමයේ සිටි බවට ලකුණු තවමත් ඈ සතු විය.දරුවන් සිවුදෙනකු පවුලේ විය.ඉන් වැඩිමල් පිරිමි දරුවා මා එකම වයසේ පසු විය.තවත් මට වඩා වයසින් අවුරුදු දෙකක් පමණ අඩු නැගනියක් හා අවුරුද්දක් පමණ වයසැති නිවුන් සොහොයුරන් විය.ජොසපින් ගේ ප්‍රධාන අදායම් මාර්ගය කිරි කැපිමය.ඇය අපේ නිවසට උඩින් තිබුණු රබර් ඉඩමේ කොටසක කිරි කැපිය.ඇය කිරි බාල්දිය හිස මත තබාගෙන යනු  මා නිතරම දකි.මා පිටර්ලා ගේ නිවසට යන්නේ ලලිත් හමු විමටය.ඔහු හා මා හොඳ යහළුවන් විය.දෙදෙනාම විභාගයට මුහුණ දී ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් සිටියාය. ඇය ගේ නැගනිය ද මා හා ඉතාම කුළුපග මිතුරියක් විය.

අන්න ප්‍රතිඵල ඉස්කෝලෙට ඇවිත්ලු ....ගිහින් බලන් අවා නම්...දිනක් අම්මා කියනු ඇසිණි ..මාගේ ගත පණ නැති වී ගියා ය.මා සැනකින්  සුදානම් වී ලලිත් බලන්න ගියා ය.ඔහුටද ඒ වන විට ආරංචිය ලැබි තිබිණ.දෙදෙනා කැටුව ගොස් ප්‍රතිඵලය බැලිය.දෙදෙනාම විභාගය සමත්ව උසස් අධ්‍යාපනය ලැබිමට හැකි බව ගුරුවරුන් ගේ එකම පැතුම විය.දින කෙමෙන් ගෙවි ගියා ය.ලලිත් සැමට හොරෙන් හමුදාවට බැදුණු බවට ආරංචි ගම පුරා පැතිරිණ.ලලිත් මා හා එම කතාව සත්‍ය බවට තහවුරු කලාය.දැන් ලලිත් හමුදාවට බැදි යම් මුදලක් නිවසට එවයි.දැන් ජොසපින් රබර් කිරි කපන්නෙ නැත.ඇය නිවසට වී කාලය ගත කරයි.

පහල වෙලේ බැද නැති ලිදක් විය.එහි දිය ගන්නෙ අපිත් අපේ වත්ත අසල සිටි පිටර් පවුලේ අයත් පමණි.දිනක් මා හට ජොසපින් ලිද ලගදි මා දිය නාන අතරතුර හමු විය.වෙනදා මෙන් නොව ඇය දැන් කතාව හා හැසිරිම අමුතු වෙලාය,නිවසටම වී කාලය ගත කරන නිසා දෝ ලස්සන ද වැඩි වී අති බවට මට හැගිණි.ඇය කියන කතාවල අරුත් කුමක්ද යන්න යම් තරමක් තෙරුණු නමුත් මා ඊට පිළිතුරු නොදි යන්න ගියා ය.

**************************************************************************
කාලය ගෙවි ගියාය,මා ගමින් පිට විය.ගමට නැවත ආවේ අවුරුදු දින වලට හෝ යම් විශේෂ නිවාඩුවක් ලැබුණු විට පමණි.එක් දිනක අවුරුදු නිවාඩුවට ගමට ගිය අවස්ථාවක දි ලලිත් මුණ් ගැසිණ,ඔහු දැන් වෙනදා මෙන් නොව කඩ මණ්ඩියේම වාඩි වී සිකරට්ටුව උරයි.ඇග පතද තරමක් විශාල වී තිබිණ.ඔහු හා නිවාඩුවට ආ තවත් යහළුවෙකු විය.ඔහු නලින් නම් අපට වඩා අවුරුදු දෙකක් පමණ වයසින් වැඩි පුද්ගලයෙක් වු අතර ලලිත් හා එකට සේවය කල අධික සුරාවට ඇබ්බැහි වු අයෙක් විය.

කාලයත් සමඟ නලින් නිතර ලලිත්ලාගේ නිවසට පැමිණිම ගමේ අයට පුදුමයට කරුණක් නොවින.ගමේ වුන් නලින් හා කමලා ඈදා විවිධ කතා ගොතා තිබිණ.නමුත් නලින් හා කමලා අතර එවැනි සම්බන්ධයක් නැති බවට මා විශ්වාස කලාය.ඔය අතර ජොසපින් හිටි අටියේ ගමෙන් අතුරුදන් වූ බවට ආරංචි විය,හැම දෙනාම සිතුවේ ජොසපින් පිටර් ගේ කරදර වලින් බෙරිමට තම ගමට ගියා කියාය.නමුත් හරි තොරතුරක් සොයා ගත නොහැකි විය.පිටර් ගේ බීම එන්න එන්නම වැඩී වී ඔහු ලේඩ ඇදට වැටින.මා අවුරුද්දට ගමට ආ දිනක ලලිත්ලා ගේ නිවස ඉදිරිපිට සුදු කොඩි ඇද තිබෙණු දුටුවෙමි.

අම්මෙ පිටර් මාමාටද අර කොඩි දලා තියෙන්නෙ ....
නෑ .නෑ ලලිත්ට නේ ඔය කොඩි දලා තියෙන්නෙ යන්න ඔව ගේ පිළිතුර විය...
මා උන් තැනම බිම වාඩි විය ....ආරංචි වු කතාව මෙසේය ,ජොසපින් ගමෙන් පැණ ගොස් ඇත්තෙ නලින් සමගය,ඒ බව ලලිත්ට සැල විමත් සමග නලින්ට වෙඩි තබා ඔහුත් වෙඩි තබාගෙන ඇත.මේ තරම් මෝඩ ක්‍රියාවක් සිදු කර ගත්තෙ ඇයි ද යන්න මා නිතර කල්පනා කලාය.පිටර් ද ලෙඩින්ම ඊට ටික දිනකින් මිය පරලොව ගියේය.

මා අධ්‍යාපන කටයුතු හමාර කොට ගමට ආ දිනක උඩ රබර් කොටසේ තරුණ ලදක් රබර් කිරි කපනු පෙනින ...මල් මල් චිත්තයක් ඉන වටා ඔතාගෙන හිටි ඇය පිට දිගට තෙක් ගෙතු කොණ්ඩයක් විය.

අම්මේ කාටද උඩහ රබර් කැල්ල දුන්නෙ කිරි කපන්න ...
පිටර්ලා ගේ පවුලටම තමා ......ඇයි පුතා ඇහුවේ .
නෑ ..නෑ මුකුත් අම්මේ ....මං දැක්කා කවුද ගෑණු කෙනෙක් කිරි කපනවා උඩහ කැල්ලේ ...
ආ ....එ කමලා නේ ...
මොකක් ...ඒ ලලිත්ලා ගේ නංගි ද ?
ඔව් ..එ කෙල්ල තමා .....
කමලා බැදලද ..අම්මෙ ....
ඔව් ඔව් ..අර  උඩහා වින්කලයක් කරපු සුමනදාසයාව නේ බැන්දේ ..දැන් දරුවෙකුත් ඉන්නවා....අර කොල්ලො දෙන්නත් බලා ගන්නෙ ඒ කෙල්ල තමා
අර වයසක සුමන්දාසයාව ...මේ අපේ කමලා බැන්ද ද ?

39 comments:

  1. අබුද්දස්ස කාලෙ නොවැ ආයිබංඩ.... නැද්ද මං අහන්නෙ... කොල්ලො මහ ගෑණු එක්ක යනව... කෙල්ලො වයසකවයා එක්ක යනව...

    අධ්‍යාපනයක් ලැබුවත් හැගීම් වලට වහල් වීම නොවැ හැම කාරණයටම මුල...
    නැත්තං නලිය මරල ඌත් මැරෙන තැනටම වැඩ සිද්ද කරගන්ට ඕනයැ... ටිකක් නිවිහැනහිල්ලෙ හිතුව නං ඔය සංගෙදිය වෙන්නෙ නෑනෙ...

    අද ප්ලොට් එක හොදයි.. ඒත් අව ශිල්පීය හැකියාවක් තමා පෙන්නන්නෙ... ඇයිද මංද...
    සහෝදර තුමා.............................................***********
    ටිකක් ඉවසීවමන් ලියන්න.... මංකීවෙ ලියල ටික දවසක් තියල ආයෙ කියෙව්ව නං වැරදි අහු වෙනව...

    ReplyDelete
    Replies
    1. වැරදි පෙන්නලා දෙන එක කියවන අය කරා නම් මට හදා ගන්න ලෙසි මහේෂ්

      Delete
    2. ඒ කතාව නං මටඇත්තටම තේරුනේ නෑ... ඔයා කියන්නෙ අපි කතාව නොකියවා ඔයාව විවේචනය කරනව කියලද............................??????????????????????

      Delete
    3. Anonymous4/18/2014

      එහෙම දෙයක් නෙමේ මහේෂ් , සහෝ කියන්නේ. උඹට පෙනෙන වැරැද්ද කියපන්. එතකොට ඌට පුළුවන් ඒක හදාගන්න.

      Delete
    4. දැන් කවුද මං කරපු කමෙන්ටුව තෙරුම් අරන් නැත්තෙ ඈ ...මගේ වැරදි තැන් තියෙන තැන් කියන්න මං හැමදාම ඕනම දෙයකින් ඉගෙන ගන්න හදන කෙනෙක් ,මට එක ගැන තෙරෙනවා නම් වැරදි කියලා මං එක හදා ගන්න ඕන ...

      Delete
    5. @ අරූ
      හරියටම හරි මගේ වැරැද්ද මට හදාගන්න ඕන ,තියෙනවා කිව්වට එක මට වඩා එක කියවන අයට පෙන්වා නේ ,මට පෙවුණා නම් මං කරන්නෙ නෑනේ

      Delete
    6. @ මහේෂ්

      මේ දෙවල් වෙන එක නම් එක්තරා විදියක අවාසනවක් ...ඇත්ත හැගිම් තමා මේ හැමදේටම මුල ...මං පොඩ්ඩක් හදිසි වෙලා වගේ තමා ..ස්තුතියි පෙන්නලා දුන්නට

      Delete
  2. මේවා ඉතින් පුදුම වෙන්න දේවල් නෙමෙයි.. ඒත් ඉතින් අපේ සමාජය මේ වගේ දේවලට මාර බයයි. ඒත් ඕන තර්ම් තියෙනවා. ඉතින් බය වෙන්නේ මොකද කියන එක තමයි ප්‍රශ්ණය.

    ReplyDelete
    Replies
    1. හැම තැනම තියෙනවා නම් තමා ....මට කියපු කතාව ස්ම්පුර්ණයෙන් තෙරුණේ නෑනේ

      Delete
  3. ගැමි ජිවිත වල ගැටළු.....විසදෙන්නෙත් සරලවම තමා.....

    ReplyDelete
    Replies
    1. මෙක තනිකරම ගැමි ජිවිත වලට ගලපන්න එපා මේ වගේ එව ඕනම තැනක වෙන්න පුළුවන් ..අනික මේ විසදුනා නෙවෙයි නැවත අරම්භයක් කියලා හිතෙන්නෙ නැත්ද ???

      Delete
  4. වතු ආර්ථිකය තුල මෙවැනි විවාහ බහුලයි. ඔවුන්ගේ ලෝකය වතුයායට සීමා වෙලා තියෙන්නේ. උඩරට වතුකරයේත්, මැද රට සහ පහත රට පොල් සහ රබර් වගාවෙත් මේ තත්වය මෙහෙමමයි ඊට අමතරව වතු ආශ්‍රිතව අතීතයේදී ස්ත්‍රී දූෂණ සහ අපයෝජනය බහුලවම තිබුණා. එයින් බේරෙන මගක් ලෙස ලාබාල යුවතියන් බලහත්කාරයෙන් මෙන් විවාහ බන්ධනයට ඇතුලත් කෙරුණා.

    ReplyDelete
    Replies
    1. ඔබ කතාව හොද තැනකින් අල්ල ගෙන ..ඔබ කියන කතාව ඇත්ත වතු අර්ථිකය තුල වුණ බලපැමත් මේ කතාවේ ඇතුලේ තියෙනවා ...හැබැයි කස්ටිය කියන දේ වලින් මට පෙන්නෙ එක හරියට යන්නෙ නෑ වගේ

      Delete
  5. ලියලා තියෙන විදිය හොදයි, කතාවත් හොදයි. එත් කියවගෙන යද්දී ජොසපින් එන්නේ මෙතනට කියලා සහෝ කියන්න කලින් තේරුණා. කමලා ගැනනම් කියනකන් හිතුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. හොදයි කිව්වට හොදම නෑ වගේ ....මේ කතාවේ ජොසපින්ට මෙහෙම වෙන්න ගොඩක් හෙතු බලපැවා

      Delete
    2. මොන හේතුව තිබුනත් නැතත් යන එකා යනවා බන්ස්, මොන හේතුව තිබුනත් හැමදේම හැගීම් වලට යටයි. මම මේ ගැන තර්ක කොරන්නේ නෑ බන් සහෝ, නිකන් හිත රිදෙනවා විතරයි.

      මේ බොලන් මම දාපු මේල් එකට රිප්ලයි දාපන්. ජය

      Delete
    3. ඔව් ඔව් යන එකා යනවා නම් තමා ...තරක් වැඩක් නෑ බන් ...හැගිම් තමා මේ හැම දේම

      Delete
  6. කවුද බං කතාව ලිව්වෙ,මේ මෙච්චර දවස් ලියපු සහෝදරමද කියල මට හිතුණා.වැරදි ගෝනියයි.

    ReplyDelete
    Replies
    1. මං පොරම තමා ලිව්වෙ තාම ටිකක් සූර් එක නිසා වෙන්න ඇති ..හැක්

      ඇත්තටම වැරදි පෙන්නලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් ...මට තෙරෙන එකම දේ කෙටි වාක්‍ය තියෙන එක විතරයි

      Delete
  7. හ්ම්ම් ඔහොම ඒවා මේ පොළොවෙ නොවන දේවල් නෙමේ බං. ඕකට මූලික හේතුවක් වෙන්න ඇති හැඟීම් වලට වහල් වීම.

    කමලා ගැන නම් දුකක් තියෙන්නෙ. ඇය අසරණ කම නිසාම ඔය තීරණේ ගෙන ඇති. සුමනදාස ඒ අසරණ කමෙන් ප්‍රයෝජන අරන් වගේ.

    ReplyDelete
    Replies
    1. මේ කතාව සිද්ධ වුණ දෙයක් කිව්වොත් ප්‍රියා පිලි ගන්නව ද ?මෙතන කමලට මෙහෙම කරන්න සිද්ද් වුණා පවුලේ තිබුණ වැඩ නිසා විශේෂයෙන්ම පිටර් නිසා ,බේබදු කම නිසා ...හිතලා කතාවේ අඩු පුරව ගන්න මට ලියන්න බෑ හැම විස්තරයික්ම :))))

      Delete
    2. අනිවාර්‍යෙන් පිලි ගන්නවා බං. මොකද මේවා හැම තැනම වෙනවා. මාත් ඇස් දෙකටම දැකලා කණ් දෙකටම අහලා තියෙනවා. අර මම ලියපු' ස්ත්‍රී දූශකයා කතාවෙත් මීට ළගින්ම යනවා. නගරෙද ගමේද වෙනසක්නෑ.

      මාත් දන්නවා පීටර් නිසා, බේබදු කම නිසා තමා කමලාට අර වගේ අවස්ථාවක් උදා උනේ. සහෝ නොලියපු ටික හිතා ගත්ත නිසා නේන්නම් මම කිවුවෙ "මට තියෙන්නෙ ඇය ගැන දුකක්… ඇය ඔය තීරණේ ගත්තේ අසරණ කම නිසයි" කියලා. :)))

      Delete
    3. ප්‍රියා මට ඒ කතාව මතක් වුණේ නෑනේ ලින්කුව දාන්න ...කතාව තෙරුම් ගත්තා නම් එච්චරයි ..අසරණ කමට ඕනම මනුස්සයෙක් පත් වෙන්න පුළුවන් තමන්ගේ වැරැද්දක් නැතුව ...

      Delete
  8. Anonymous4/18/2014

    මෙහෙම දේවල් වෙනවා සහෝ. ඔහොම දේවල්වලට සෙට් වෙච්ච අම්මලා වැදගත්, ප්‍රභූ කියන එවුන්ගේ පවුල්වලත් නෝන්ඩි නැතුව කරගෙන යනවා. වැඩේ අප්සට් යාලුවාගේ අම්මා නිසා.

    මේ වැරදි තියෙනවා කියන්නේ උඹේ ව්‍යාකරණ වෙන්න ඇතැයි හිතෙනවා. ඒවා කියාදෙන්න තරම් මට දැනුමක් නැහැ

    ReplyDelete
    Replies
    1. මේ දැක්ක දෙවල් තමා අරූ ,ඇත්ත හැමතැනම මෙවා තියෙනවා අපි පිලි ගත්තත් නැතත් .

      වැරදි ඇති ඒ ගැන පෙන්නලා දුන්නා නම් මට හදා ගන්න තිබුණා .ලේඛන රීති වලට ගැපෙන්නෙ නැති තැන් ඇති මං හිතන්නෙ

      Delete
  9. ගැමි පරිසර එක්ක මේ වගේ කතා අරුමයකුත් නෙමෙයි.. වෙනදා වගේම හොදයි.. කලබලෙන්ද මන්දා පෝස්ට් කරලා තියෙන්නේ.. වැරදි ටිකක් අහු වුනා..

    ReplyDelete
    Replies
    1. ගැමි පරිසරයටම ගලපන්න එපා දිනේෂ් ..වෙනදත් මේ වගේම තමා ඉක්මනින් කොටලා දාන්නෙ ,මේකේ ව්‍යාකරණ දෝශ තියෙනවා එක පස්සෙ මමත් දැක්කා ..අයේ හදන්න බෑ වගේ :((

      Delete
  10. Anonymous4/18/2014

    ඔව්වා ඔහොම වෙනවා සහෝ.....
    පිටට පෙන්නේ පොඩි මිනිස්සුන්ගේ එ්ව විතරයි.. ලොකු එ්වා ඉබේම හැංගෙනවා..
    පවු කමලා..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හරියට හරි විදානේ එහෙම දෙයක් නම් තියෙනවා ..ඔක අදත් එහෙමයි හෙටත් එහෙම වෙයි

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ////ඔහොම දේවල් වෙනවා. ඒ මිනිස්සු එක්කො හිර වෙලා, නැත්නම් හිර කරල. සහෝදර ගෙ කතා වල මං දකින හොඳම දේ තමයි කතාව ඕනවට වඩා දික් නොවීම. ඇත්තටම මට නම් කර ගන්න බැරිම දේ ඒක. මේ ගානෙන් කතාවක් අවසන් කලාම කියවන්න කම්මැලි නෑ.

      වැරදි පෙන්නල දෙන්න කියල සහෝදර කැමැත්තෙන්ම කියන නිසා මං දැකපු එකක් දෙකක් විතර කියන්නම්. හැබැයි ඉතින් මගෙ දැනුමත් බොහොම සුට්ටයි.

      //හෙතෙම,මත් පැන් හා දුම් වැඩි නිසාම වැහැරී,කුදු ගැසි සිටියා ය// මෙතන පිරිමි කෙනෙක් කරන ක්‍රියාව අවසන් වෙන්නෙ ස්ත්‍රී ලිංග ක්‍රියා පදයකින්. 'සිටියාය' නෙවෙයි සිටියේ ය කිව්ව නම් හරි. එහෙම නැත්තන් කතා කරන භාෂාවෙන්ම ලිව්ව නම් ඔක්කොම ඉවරයි. " අවුරුදු පණහක් විතර වෙච්චි මේ පීටර් හැඩි දැඩි ඇඟක් තිබුනු පුරුසයෙක්. හැබැයි ඉතින් මත් වතුරයි දුමයි හින්ද ටිකක් විතර කුදු ගැහිලයි හිටියෙ" අන්න ඒ වගෙ. (ඔය ශෛලිය හැම කතාවකටම නම් හරි යන එකක් නෑ.)
      //නමුත් නලින් හා කමලා අතර එවැනි සම්බන්ධයක් නැති බවට මා විශ්වාස කලාය// නැති බව තමයි මගේ නම් විශ්වාසය වුනේ. කියල හරි නැත්නම් මා කියන එක මම කරල "නැති බව මම විශ්වාස කළෙමි " එහෙම ලියන්න පුළුවන්.

      කලින් කිව්ව වගේ මං දන්නෙත් සොච්චමයි. බාගදා මං ඔය ලිව්ව ටිකෙත් වැරදි ඇති. හිනා වෙන්න එහෙම එපා.. හරි ය !!! :)/////


      මෙක චන්දන අයියා ඇයිද දන්නෙ නෑ අයින් කරේ එත් මෙක තමා ලැබුණ හොදම කමෙන්ටුව එක නිසා මේ අයේ දැම්මෙ ...

      තරහා අවසර ඕං ... :))

      Delete
  12. ඔය වැඩිමහලු පුද්ගලයෝ ලා බාල කාන්තාවෝ සරණ පාවා ගන්න එක අලුත් චාරිත්‍රයක් නෙවෙයි. ඇත්තටම අද ඒවගේ දේ සාපේක්ෂව අඩුයිකියන්න පුලුවන්. ඔය වගේ දේවල් ඉන්දියාව වගේ රටවල බහුලයි. ඇයි බණෙත් කියනවා නේද මහල්ලෙක් තරුණියක් බැඳගත්තාම තියෙන ප්‍රශ්ණ ගැන. ඒ කියන්නේ ඒ කාලෙත් ඒක කොයි තරම් සුලභද කියන එකනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය ඉන්දියාවේ ඔය වගේ වැඩ තියෙනවා ...තවමත් ඇති .ඒ කාලේ බහුලව තියෙන්නෙ ඇති ,ඔය දේව ගැති අය කරා කියලත් කියනවා නේ ....

      Delete
  13. ජොසපින් තව ටිකෙන් සහෝගේ මායියා වෙනවා ඒ ගිය විදිහට , වෙලාව වෙලාව

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම දෙයක් නෙවෙයි එතන තියෙන්නෙ ....කතාව සම්පූර්ණයෙන්ම අජපල් වෙලා ගියා

      Delete
    2. හැක හැක හැක ....... තද වුනාද ? උඹ අවුරුදු උත්සවයට ආවාද ?

      Delete
    3. නෑ මට එන්න බැරි උනා ඉවාන් බදුල්ලෙද ???

      Delete
  14. කතාව ලස්සනයි සහෝ ! පුළුවන් නම් අර උඩ තියන කොට කෑල්ල අයින් කරල දාන්න. :)

    ReplyDelete
    Replies
    1. එවා අයින් කරන්නෙ ඇයි ආ ....උඩ එක අයින් කරපු එක නම් ලොකු වැරැද්දක් :(((

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.