27 December, 2013

කළමනාකරණය පාඩමක් මෙන්න ...

අවුරුද්ද අවසන් දින ටිකත් ගෙවිලා යනවා ලොකු ලොකු බර බර කතා මේ වෙනකොට ඔලුවට එන්නෙත් නෑ මොකද මන්ද? ලියන්න හිතාගෙන ඉන්න කතා ටික පොඩ්ඩක් පැත්තකට කරලා මේ  අවුරුද්දේ ලියන  අවසාන පොස්ටුව කියලා හිතාගෙන පොඩි කතාවක් කියන්න හිතුනා .

මෙ කතාව මම ගැන නම් නෙවෙයි  රජතුමෙක් පිලිබඳ සුටි කතාවක්  රජතුමා කිව්ව ගමන් අපේ රජතුමා වත් මතක් වෙනවා .තව වලගම්බා රජු ,දුටුගැමුණු පරපුරේ අයව ඔලුවට එනවා.මේ කතාව ඒ පරපුරේ අයගේ විර වැඩ ගැන නෙවෙයි.කොහොම වුණත් මෙක මමත් අහපු කතාවක් දන්න අයත් ඇති නොදන්න අයත් ඇති .

මේ කතාව කළමනාකරණය පිලිබඳව ඉගෙන ගන්න කියලා දිපු කතාවක් කස්ටිය එන අවුරුද්ද මෙ පාඩම ඉගෙන ගෙන හොඳට කළමනාකරණය කර ගන්න ..

මෙ වැඩක් නැති කතා කිව්වෙ කතාව පොඩි නිසා ..මෙන්න කතාව..(මෙක අපේ රජතුමා ගැන නම්  නෙවෙයි.)

ඔන්න අපේ විර රජතුමා යහමින් රට පාලනය කරගෙන ඉන්නවාලු .දවසක් රජතුමයි මහ ඇමතියයි රට තොට ඇවිදින්න කියලා හිතාගෙන පොඩි විදි සoචාරයක ගියාලු .කොහොම හරි ඔහොම රට තොට බලාගෙන රජතුමයි මහ ඇමතියයි  යන අතරේ රජුට පොඩ්ඩක් වගේ මහන්සියි ගතියක් දැනිලා .

පොඩ්ඩක් නැවතිලා බලනකොට පොඩි වතුර පිරුණු පොකුණක් දැකලා තියෙනවා .අයේ පොර රජුනේ එක එක අසාවල් තියෙනවා පොරටත් පොරට ඒ පොකුණෙන් පොඩ්ඩක් නාන්න හිතිලා .වලගම්බා රජුට වගේ මේ රජුටත් පොඩි අසාවක් හිතිලා.හැමදාම එකම විදිහට බෑ  නාන එකත් පොඩි වෙනස් ව වීදිහට නාන්න ඕනි . මහ ඇමති අද අපි වස්ත්‍ර නැතුව නාමු කිව්වාලු (අහන්න එපා වෙනදාත් දෙන්න එකටම ද නාන්නෙ කියලා) එදාත් අද වගේමයි වෙනසක් නෑ එහෙමයි දේවයන් වහන්ස කිව්වාලු .ඔන්න දෙන්නා රෙදි නැතුව නාන්න පටන් ගත්තාලු .

දෙන්නා හොදට නාන අතරේ පොකුණට  නන්න ස්ත්‍රිරියාවෝ සෙට් එකක් සැපත් වෙලා .අයේ කිම් ද රජු කිව්වාලු රජුයි ,මහ ඇමතියයි දෙන්නා හෙලු වැල්ල දොවන ගමන් අහවල් උපකරණ වැහෙන්න තරම් වත්  පොකුණේ වතුරත් නැතිලු.රෙදි ගන්න යන්න වෙලාවක් නැතිලු .රජු මොකද කරේ ඉක්මනට  උපකරණ වසා ගත්තාලු ,මහ ඇමතියාටත් කර ගන්න දෙයක් නැතිලු පොර අත් දෙකෙන්ම මුණ වහා හත්තාලු .ස්ත්‍රියින් ගියද හිටියා ද මම දන්නෙ නෑ .

දැන් කවුද මෙතන පොර ?රජු ද මහ ඇමති ද ?මෙතන කළමනාකරණය පිලිබඳ පාඩමක් තියෙනවා ද ?
(මෙක විශයන් සම්බන්ධ කර ගන්න අවශ්‍යය නැත .)


සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා..

     






20 December, 2013

අපේ අයගේ හෙළුවට ඇති භය ..

ටික දවසක ඉදල ලියන්න හිතන් හිටියත් වැඩ නිසා ලියන්න අතපසු වුණා ..කොහොම වුණත් මම ලියපු මම මගේ ඇසින් පොස්ටුව මම ජවිපෙ පොරක කියන හන්වඩුව ගලව ගන්න මම උත්සහ කරා.

හෙළුව කියන වචනය දැක්ක ගමන් හිතට එක එක දෙවල් එන්න පුලුවන් , විශේෂයෙන්ම  හෙළු වැල්ල කාගේත් හිතට එන්න පුලුවන් .(එක ගැන පසු දවසක )ඒ වුණාට මම අද කතා කරන්න හදන්නෙ අපේ අය අපේ හෙළ භාෂාවට දක්වන බිය ගැනයි ..

මෙය මo පොරට පෞද්ගලිකව දැනුණු ගැටලුවකි .දැන් ලංකාව තුල සිoහල භාෂාවට වඩා ඉoග්‍රිසි භාෂාවට  තැනක් දිලා,මෙකට හෙතුව කුමක්ද?.ඇයි අපි තවමත් සුද්දන් ගේ යටත් වැසියන් ද ?ව්‍යවස්ථාව තුලින් රාජ්‍ය භාෂාව සිoහල විදිහට පිලි ගත්ත ද අද ඉoග්‍රිසි භාෂාව නිල නොවන රාජ්‍ය භාෂාව වී හමාරය ,දැනට සිoහල භාෂාවෙන් ලංකාවේ කරන උපාධි ඇත්තෙ කියක් ද ?එවා කරලා අවසානයට රැකියාවක් ගන්න ගියාම සම්මුඛ පරික්ෂණය කඩ්ඩෙන්‍ ය ..

අපේ ඉන්න දෙමාපියෝත් යන්තම් බහ තොරන වයසට ළමයින් එන විටම ඉoග්‍රිසි බලෙන් උගන්වන්න උත්සහ කරණු පෙනෙයි ..ඔවුන්ගේ වැරැද්දක් නොමැත ඔවුන් හදන්නෙ දරුවන්ට යහපත් හෙට දවසක් සදන්නය .එසේ ඒ සඳහා උගෙන ගත යුතුය,නමුත් අපි ඉගෙන ගත යුත්තෙ ගොඩ සුද්දන් විදිහටය ..
     
කොහෙ හරි සිට රට ගොඩ ගැනිමට නම් ඉoග්‍රිසි සාක්ෂරතාව ය ඉහළ දැමිය යුතු යන්න යම් පුද්ගලයකු මොර දෙනාවා මට යන්තමින් කන වැකුණි .ඔය දියුණු වුණු ජපානය,චීනය වගේ රටවල මා දන්නා තරමින් මෙ ක්‍රමය වෙනස් ය .ඔවුන් තමන්ගෙ මව් භාෂාවට මුල් තැනක් දි කටයුතු කරයි .

දැන අපේ රටේ රැකියා ඉල්ලුම් පත්‍රයක වුව ද මුලින්ම ඉල්ලන්නේ කඩ්ඩය .ඇයි අපේ රටේ සියලු ආයතන දැනටමත් ආසියාවේ කෙන්ද්‍රස්තානය වී හමාර ද ?.විෂයන් 8ක් A රැගෙන කඩ්ඩ W  වුණොත් වැඩෙ හමාරය .එක්කො කොහොම හරි කඩ්ඩ ගොඩ දා ගත යුතුය .නැත්නම්  වෙන ඊට සමානව පිලිගන්නා  කඩ්ඩ සහතික කොලයක් තිබිය යුතුය.                                                                                      ඉoග්‍රිසි කියන්නෙ භාෂාවක් විනා ගණිතය මෙන් පොදු භාවිතයක් ඇති දෙයක් නොවන බව මගේ පෞද්ගලික මතයයි .කෙනෙකු භාෂාවන් පිලිබඳ දැන ගැනිම පුද්ගල කුසලතාවක් විනා මහා ලොකුවට වෙනම දැක්විය යුතු දෙයක් නොවේ.
                    
අපි සිoහල නමට පමණි දැන් ඉන්න උඩ පුටුවල ඉන්නෙ ගොඩ සුද්දන් සෙට් එකකි ඔවුන් සොයන්නේ  ඊළඟට තව ගොඩ සුද්දන් සෙට් එකක් ය .සමහර පොරවල් මට සිoහල බෑ කියන්නෙ මහත්  ආඩම්බරයකිනි .ළඟදී දිනයක එක්තරා රූපවාහිනි මාධ්‍යයක වැඩසටහනකට සම්බන්ධ වු නිළියක් කියා සිටියේ තමන්ට සිoහල බෑ  කියයි .දැන් අපේ රටේ භාෂාව බෑ කියන්නෙ මහා වැඩක් ද? මොකක්ද මේ අපේ භාෂාවවට වෙන්න යන්නේ ,මා දන්නා තරමට සිoහල භාෂාව මළ භාෂාවක් විදිහට නම් කරා ද කියලා මතක් නම් නෑ එත් දැන් එ තත්වයට ඇද වැඩෙමින් යනවා කියලා පෙන්න තියෙන්නෙ .

                          දැන් ඉන්න  කොල්ලෝ- කෙල්ලොත් සිoහල වැඩිය දන්නෙ නෑ සිoදුවක් අහලා එක රසවිඳින්න දන්නෙ නෑ මේ භාෂා පරිහානිය අපේ හැම දෙයක්ම උඩු යටිකුරු කරනවා ..හැම තැනම එහෙමයි  දැන ඉන්න ගුවන් විදුලි නිවේදනයකින් බලන්න කියන්නෙ මොනවාද? පොලේ බඩු විකුණන වෙළෙන්දෙක් ඊට වඩා හොද සිoහල භාවිතා කරනවා .අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මෙ ක්‍රමයට තව ටික කාලයකින් දැන් පොඩ්ඩක් හරි ඉතුරුවෙලා තියෙන අම්මා ,තාත්තා වචන දෙකත් නැති වී යන බවයි..ඔය  කුමක් වුවත් අපිට මොකද අර  මොකක්ද වෙනවා කියන දේ වුනා නම් ...

ප.ලි 
පොඩි කතාවක් මතක් උනා පොඩි කාලේ අහපු එකක් .අහලා නැති අයට මෙන්න ..දවසක් සිoහල මහාචාර්යවරයෙක් බස් රථයකට ගොඩ වෙලා ඇහුවලු කොන්දොස්තර ගෙන් 'මගේ මෙ සිලිසිලි පයිය කොහි තබන්න ද කියලා ,කොන්දොස්තර දන්න මගුලක් නෑ පොරට මල පස්සෙ පොර කිවුවාලු  ,උඹලාගේ අම්මාගේ @$@%@^ තියා ගන්න කියලා '
තව කතා තියෙනව ,(ඊළඟ දවසට පඩ කතාවක් ඕනි නම් දැමිය හැකිය ..) 




                                     


17 December, 2013

මම මගේ ඇසින් ...

අද කියන්න හදන්නෙ මගේ කතාවක්..අනිත් අයට මේ කාලේ තමන්ගේම නොවන එවා තියෙන නිසා මට හිතුනා මගේ ගැන ලියන්න ...
                                              සහෝදර කියන්නෙ කවුද යන්න වැඩිය දන්නෙ නැති අය බොහෝ දෙනෙකු සිටි, අඩු තරමින් මo පොරගේ ගෙදර අයද  හරියට දන්නෙ නැත අයේ කුමන කථා ද  ...ගිය වර ලියූ ලිපියට මo තුමාගේ සහෝදරිය ටිකක් බැන්නා වගේය ...තවත් දන්නා අදුරන කිහිප දෙනෙකු සිනහා වුවා මතකය ..මම ආයේ ටික කාලයකට ගෙවල් අවට සිදුවන දෙවල් නොලියන්න තිරණය කලෙමි ..(මේ අවුරුද්ද තුල )
                                                                                            මට මුහුණ පෑ තවත් සිද්ධියක් වනුයේ මා මගේ බොලොගියට සහෝදර     කියා  නම තැබිම නිසා මාo පොර ජෙබ්බෙක් කියා හන්වඩු ගැසිමයි .විශේෂයෙන්ම මo ලියන දෙවල් ද මෙයට බලපෑම්ක් වන්නට ඇති .විශේෂයෙන්ම ඒ අයට කියන්නට ඇත්තේ හරකුන් උනාට උම්බෑ කියන්න එපා කියාය ..
                                                                        මම ලියන්නෙ මට හොදයි කියලා හිතෙන දේවල් ය ..මම මුලින්ම පොස්ට් එකක් ලිවුවෙ චේ ගුවේරා ගැනය ,මම එසේ ලියුවේ චේ ගැන මම ඒ වනවිට පොතක් කියවමින් සිටි නිසාය ..මිනිසුන් ගේ දුක ,කදුළ ගැන කතා කරන්නෙ ජෙ.වි.පි  කාරයන් පමණ ද??ඇයි ජෙ.වී.පි ය  ජනතාව ගේ මහා ගැලවුම්කරු ද ?? ඇයි අනෙක් මිනිස්සුන් ගේ හදවත් උගස් තියලා ද  මිනිසුන්ගේ දුක නොතේරෙන්න ..මo තුමා පෞද්ගලිකකව දරන් දේශපාලන මතය කුමක් වුවද මම දේශපාලන කතා වැඩිය කරන්නෙ නැත. මම සියලු දෙනාට හොඳ ද නරකද කියන පොරකි.මට ජෙ.වී.පි කාරයේක් කියන අය ගේ මෝඩ කම මට තේරුම් ගත හැකිය ..ඔවු කටෙන් බතල හිටවන හින ලෝක වල ජිවත් වන $#@$%% ය .(කියන්නට හොද නමක් නැතිය ).
                                                                     සහෝදර කියා නම තබා ගත්තෙ බොලොග් ලෝකයට මිස සැබෑ ලෝකයට නොවේමි..කෙසේ වුව ද මo පොරට බොලොග් ලෝකය තුල හොද සහෝදර ,සහෝදරියන් රැසක් හම්බවුණි ..
                          බ්ලොග් කියවමින් සිටි මට  බොලොග්  ලියන්නට  පිස්සුව තද වුණෙ කතාන්දර බ්ලොගිය කියවු පසුය .ඒ තුල පොත් වල නොතිබුණ අමුතුම රසයක් හමුවිය..ඊට පසු ඔමා අක්කා ලියන කතා ද හෙතු විය .. පසුව මාතලන් ගේ කතා නිසා පණ්ඩිත කම වැඩි විය .(තිබුණු එක දියුණු විය )
                                               මට මේ වැඩකට නැති කතා කියන්න හෙතු වු කරණය නම් පිරිසක් මා පිලිබද ඇති වැර දි අවබෝධය ඉවත් කිරිමයි .තමන් කවුරු වුනත් අන් අය ගැන නිර්වචන ඉදිරිපත් කරන්න යැම ඉතා නරක පුරුද්දකි..මන්ද තමන්ට තමන් කවුද යන්න ප්‍රශ්නයක් අසා බලන්න, පිළිතුරක් දිය හැකි ද ?? මට නම් මම මිනිසෙකු විනා කියන්න දෙයක් නැත .තමන් කවුද යන්න නොදැන් අනුන් ගැන නිර්වචන කරන්න යැම ඉතා භයානකය
                                              අපි යහපත් වැඩ නොකර කුමන  උපාධි,ගරු නම්බු  ගැහුවත්  වැඩක් නැත.ඒවාට පිම්බෙන්න දැගලුවාට වැඩක් නැත . එවා යහපත් මිනිසුන්ගේ  යහපත් වැඩ  ඉදිරිපිට කොල කැල්ලක් පමණි .මම සිතන්නෙ එසේය.පුහු මාන්න හිස දරා නැති දේවල් ගැන  බයිලා ගැසිම මට නම් වැඩක් නැත..
                                                                                        එසේ හිතිමත් සමාජවාදය නම් කියන අයට වයර් ශෝට් වෙලාය .සම හරක්ට මම බ්ලොග් ලියන එක ද මාර ප්‍රශ්නයකි...ඔවුන්ට කියන්න හොද උත්තර මා සතුව නැත ,කිවුවොත් මා කුණු හබ්බයෙක් කියා ලෙබල් ගසනු ඇත ..
                                                                                            මා දන්නා අය කකුලෙන් අදිද්දි මව දැකලා නැති කවුද කියලා දන්නෙ නැති  බොලොග් ලෝකේ අය -බ්ලොග් ලියන්න මට දුන්නු උදව් වලට තුති .
                                                  
    ප.ලි                                                                                                                 ඔය කතා අතරේ අද දෙසැම්බර් 17 වනදාය ඒ කියන්නෙ සහෝදර බ්ලොගිය ලියන පොරගේ උපන් දිනය අදය ..දැන් මම ලොකු කොලුවෙක් ය ..මගේ කුළුඳුල් කතිර කොල කැල්ල ජාතියේ ආදරණිය තාත්තාට දෙන්න වාසනා කර ඇත්තෙමි..
                                                          
                                  

10 December, 2013

වැඩක් නොකර ගොඩ යන රහස හෙලිවේ ...

ලියන්නට හිතාගෙන හිටපු කතාව පස්සේ ලියනවා කියලා හිතාගෙන මෙක ගැන ලියන්න හිතුනා ..හැමොම කැමතිනේ වැඩි  වැඩක් නොකර ගොඩ යන්න ඒ කියන්නේ කරන වැඩ කිරි ගහට මොල් ගහෙන් ඇන්නා වගේ කර ගන්න  ... 
                         අද දෙසැම්බර් 10 ආ.පො.ස  සා /පෙ පටන් ගන්න දවස ...මෙ කතාවට හෙතු වුණු කෙනාත් සා/පෙ කරන පොරක් ය  ..
                                                                           කෙසේ වුවද මේ අවුරුදු 6ක 7ක  සිට අපේ රටේ ඇයොන්ට පුදුම නැකත් පිස්සුවක් හැදිගෙන එනවා වාගෙය ..මුලින්ම මෙය අපේ බවලත් උදවියට හැදුනද දැන් දැන් පිරිමි පාර්ශවයටත් හොදට හැදිගෙන එන හැඩය .. 
                                                                      එදා සිට අපේ ක්‍රමය නැකතට වැඩ කිරිම බව කෙනෙකුට තර්ක කල හැක. නමුත්  අපි කුඩා කලයේ නැකත මේ තරම් විකුණා ගෙන කැවේ නැත  .ගමෙ නම් වෙද මහතා හෝ ගමේ පන්සලේ ලොකු හමුදුරුවෝ බුලත් අතක් දුන් පසු නැකතක් සදා දුන්නාය..
                                                                           දැන් එක ගමකට නැකත් බලන අය 4/5 පමණ සිටියි ..ඒ අය පත්තරෙන් ඉගෙන ගත් අය බව කතා කරන විට පෙනේ .කොපමණකට්ටිය සිටිය ද නැකතක් බලා ගන්න පොලිම් වල නම් අඩුවක් නැත ..විශේෂයෙන්ම විභාගයක් ලං වු විට තත්වය ඉතා බර පතලය ..
                                              නැකතකින් කරනුයේ මා දන්නා පරිදි ශුභ වෙලාවන් සදා දිමය (දන්නා පරිදි )....කෙසේ වෙතත් නැකැත් සදා ගන්නා එන මිනිසුන්ගේ  දියුණුවක් වඩා සිදු වන්නේ නැකත සාදන්නා ගේ දියුණුව නම් දිනෙන් දින ඉහල යන බව ම දුටු ප්‍රධාන කරණයකි ...බුදු දහමින් පවා එතරම් සැලකිල්ලක් නොදක්වන ලෙස කී දෙයක් පිලිබදව  අපි මෙතරම් දුවනු මන්ද ....එන මිනිසුන් බොහෝ පිරිසක් ප්‍රශ්න හමුවේ පිඩිත ජනතාවය ....
                                                                               මෙය අපේ රටේ ලොක්කා සිට ප්‍රචාරය දෙන  වැඩක් ය ..ගුරා හිටගෙන චු කරන කොට ගෝලයෝ දුව දුව චු කරනවා යන්න කියමනක් තියෙන්නෙ නිකන් නොවෙය ..ලොක්කා ගොඩ යන්නෙ නැකැත් නිසා යන්න මිනිසුන් සිතිම පුදුමයක් නොවේ මන්ද එතරම් විශ්ම කර්ම කරන පුද්ගලයින් ලොක්කා ගාව සිටින බැවිනි ..නමුත් සැබැ දේ නම් ලොක්කා ගොඩ යන්නෙ අපේ මිනිසුන් රැවටි කතිරය ගසන බැවිනි ..
                                                            එය එසේ සිදු වුවාට මo පොරට පඩුවක් නැත .මොකද මගේ කතිර කොල කැල්ලද ලොක්කාටය ...කියන්න ගිය කතාව සහමුලින්ම වෙනතක ගියා වාගෙය ...කරන්න දෙයක් නැත ...
                        මාගේ ස/පෙ කොරන කතා නායක තුමා විභාගයක් වෙනුවෙන් මෙලො පඩමක් කරපු නැති පොරකි ..කොටින්ම අවසාන කාලයේ පාසල පැත්ත පලාතේ ගියේ නැත .මo සිතා ගෙන සිටියේ පොර සා/පෙ කරන්නෙ නැතිය කියාය ..නමුත් අද උදේ කිරි කොකා වගේ දත් ටික එලියට දමා ගෙන පොර පාරේ හිටගෙනය මට ෆුල් හොල්මන් ය ..මු මොනවා ලියන්න යනවාද යන්න මටම ගැටලුවකි ..පොර බස් යන තුරු පරෙ හිට ගෙන ය ..යන පාටක් නැතිය මටත් ඔන නැති කුණු ගොඩක් නැතිය ..ටිකක් කිට්ටු කරලා ඇහුවා  මොකද මල්ලි බස් යනකන් පාරේ..  යන්නෙ නැත්ද ??පොර ගත් කටටම මට කියපි  අපේ අම්මා නැකතක් හදලා තියෙන්නේ ඒ වෙලාවට යන්න ඉන්නෙ කියලා .. 
                                                                                    මට අහවල් තැන් වලින්ද හිනා විසිවින පොරට ශාලාවේ වාඩි ගන්නද නැකතක් සදා දි තිබිණ...පොරගේ අම්මා ද හොද නැකැත් කරියක් ලෙස ප්‍රසිද්ධය ..මට ඒ බව අමතක වී තිබිණ .මෙතරම් කාලයක් රස්තියාදු ගහන්න ඉඩ දිලා දැන් මොන නැකැත් ද කියලා මට හිතුනා ..එත් පොරගේ අම්මා එකෙන්ම ගොඩ යන නැකැත් සෙට් එකක් හදලා දිලාය එක නිසා පොර ගොඩ යනු ඇත (පොර ගේ සිතුවිල්ල එසේය )අපි ශිෂ්‍යත්ව ලියන කාලයේදී නම් අපේ අම්මාත් ශාලාවෙ වාඩි ගන්න නැකතක් සදා තිබුනා මතකය නමුත් වාඩි උනාද නැත්ද මතක නැතිය ..
                                         දැන් අපේ උන් දියුණු වෙන රහස නැකත යන  තැනට ඇවිත් ය ...දියුණු වුණු මිනිසෙකු ගෙන් නැකත් ගැන ඇසුවහොත් කණට දෙකක් දි නැකතේ රහස කියනු ඇත ..ඕනම් දෙයක් ඕනාවට වඩා ඕනම් නැතිය ..නැකැත් ද එසේ දෙයක් යන්න  මගේ හැගිමයි 

ප.ලි 
ලිපිය දිග වැඩි බව මට ද තෙරුනු නමුත් කරන්නට දෙයක් නැත ..අකුරු අඩු පාඩු ගැන සමාව අයදිමි ...
                                              
                                                       
                                                  
                                                                                                

04 December, 2013

ජිවිතය ගින්නක් ද ?????

ජීවිතය යනු පුදුමාකාර දේ වලින් පිරි ඇති ගමනක් බදුය .ඒ ජිවිතය තුල ඇතිවන විපර්යාසයන් බොහෝය ..මේ විපර්යාසයන් අපේ ජිවිත හොද හො නරක ලෙස බලපෑම් සිදු කල හැක ..ජීවිතයේ මෙන්ම සමාජයේ විපර්යාසයන් සිදුවන ආකාරයත් ඒවා හමුවේ මුහුණ දෙන ආකාරයත් මෙමෙ කතාව තුල ගෙන හැර පායි..
                                            ගම නගරිකරණය තුල ඇතිවන විවිධ භෞතික විපර්යාස හා එම විපර්යාසයන් ජිවිත විනිවිඳ යන ආකාරය ඉතා චමත්කාර ජනක ලෙස ඉදිරිපත් කිරිමට ''ලිලාරත්න කoකානම්ගේ '' ''ළැවු ගිනි'' කතා ව හැකිවි ඇති බව මගේ අදහසයි..
ළැවු ගිනි කතාව අප ජීවිතයේ එක් පැති කඩක් හෙලි කිරිමක් වැනිය .
                                                                                කාලය සහ හා පරිසරය සමඟ පොරබදන පවුලක ඇතුලාන්තය මේ කථාවේ ප්‍රස්ථුතය වි ඇත.ගම  තුල පවුලේ පැවැත්ම හා ගම නාගරිකරනය තුල පවුල් සoස්ථාව තුල ඇතිවන වෙනස්කම් හා ජීවිත වලට ඉන් සිදු වන බලපෑම් ඉතා චමත්කාර ජනක ලෙස කතාව තුල ගෙනෙයි ..
                                                                      මෙම කතාව ගැන කතා කිරිමට මා හට සිතෙහි අසාව උපන්නෙ මෙම කතාව තුල අපේ ජීවිත වලට සිදුවූ සැබැ කතාවක් මේ තුල ගැබ්ව ඇති බවට හැගි ගිය බැවිනි .විශේෂයෙන්ම නුතන පවුල් සoස්ථාව තුල ඇති ගැටුම් හා ජීවිත වල කඩා වැටිම් මේ කතාව කියවන විට නිතැතින්ම මගේ සිහියට නැගුනු අනෙක් කරුණයි ..
             නුතන පවුල තුල අපි බොඩිම් කාරයින් වී ඇති ද යන්න තමාගෙන්ම අසා ගත යුතු ප්‍රශ්නයකි ..මා එසේ ප්‍රකාශ කරනුයේ එකට වඩී වී පවුලේ අය කැම ගන්නෙ සිoහල අලුත් අවුරුද්ද දා පමණක් යන තැනට දැන ගම ද දැන් පත්ව ඇත ..(මට  පෙනෙන  අකාරයට )මෙ තත්ත්වයට අපි තාක්ෂණය පාවිච්චියට ගන්නා ආකාරය ද බලපාන බව පෙනෙන කරුණකි...මෙම තත්ත්වය තුල දෙමාපිය දූ දරු සබැඳියාව බිඳවැටීම පුදුමයක් නොවනු නිසැකය ...



ප.ලි 
මේ හා අදාළ කරුණු ඇත්නම් ලින්කු  ඉදිරිපත් කිරිමට කරුනික වන්න