ගම නගරිකරණය තුල ඇතිවන විවිධ භෞතික විපර්යාස හා එම විපර්යාසයන් ජිවිත විනිවිඳ යන ආකාරය ඉතා චමත්කාර ජනක ලෙස ඉදිරිපත් කිරිමට ''ලිලාරත්න කoකානම්ගේ '' ''ළැවු ගිනි'' කතා ව හැකිවි ඇති බව මගේ අදහසයි..
ළැවු ගිනි කතාව අප ජීවිතයේ එක් පැති කඩක් හෙලි කිරිමක් වැනිය .
කාලය සහ හා පරිසරය සමඟ පොරබදන පවුලක ඇතුලාන්තය මේ කථාවේ ප්‍රස්ථුතය වි ඇත.ගම තුල පවුලේ පැවැත්ම හා ගම නාගරිකරනය තුල පවුල් සoස්ථාව තුල ඇතිවන වෙනස්කම් හා ජීවිත වලට ඉන් සිදු වන බලපෑම් ඉතා චමත්කාර ජනක ලෙස කතාව තුල ගෙනෙයි ..
මෙම කතාව ගැන කතා කිරිමට මා හට සිතෙහි අසාව උපන්නෙ මෙම කතාව තුල අපේ ජීවිත වලට සිදුවූ සැබැ කතාවක් මේ තුල ගැබ්ව ඇති බවට හැගි ගිය බැවිනි .විශේෂයෙන්ම නුතන පවුල් සoස්ථාව තුල ඇති ගැටුම් හා ජීවිත වල කඩා වැටිම් මේ කතාව කියවන විට නිතැතින්ම මගේ සිහියට නැගුනු අනෙක් කරුණයි ..නුතන පවුල තුල අපි බොඩිම් කාරයින් වී ඇති ද යන්න තමාගෙන්ම අසා ගත යුතු ප්‍රශ්නයකි ..මා එසේ ප්‍රකාශ කරනුයේ එකට වඩී වී පවුලේ අය කැම ගන්නෙ සිoහල අලුත් අවුරුද්ද දා පමණක් යන තැනට දැන ගම ද දැන් පත්ව ඇත ..(මට පෙනෙන අකාරයට )මෙ තත්ත්වයට අපි තාක්ෂණය පාවිච්චියට ගන්නා ආකාරය ද බලපාන බව පෙනෙන කරුණකි...මෙම තත්ත්වය තුල දෙමාපිය දූ දරු සබැඳියාව බිඳවැටීම පුදුමයක් නොවනු නිසැකය ...
ප.ලි
මේ හා අදාළ කරුණු ඇත්නම් ලින්කු ඉදිරිපත් කිරිමට කරුනික වන්න
