06 July, 2014

පිස්සු ප්‍රින්සිපල්

උඹ මොකක්ද ඔය ජනෙලෙන් පැය ගාණක් තිස්සෙ බලන් ඉන්නෙ ....මන් බලා උන්නෙ උඹ දිහා......

මෙසේ කිවු මා මිත්‍රයා  ජනේල් කවුළුවෙන් ඉස්සි පිටත බැලීය...

මං අර මනුස්සයා දිහා බලා උන්නෙ ...හැමදාම වගේ මේ වෙලාවට අර බංකුවට එනවා මං දැකලා තියෙනවා ....පුස්තකාලයට එන හැමදාමත් වගේ ....

ඒ මනුස්සයා ගේ අහවල් එක්ක ද? ඔය විසි දෙකේ ලේන් එකේ පිස්සු ප්‍රින්සිපල් නේ ?හැමදාම හවසට ඔය බංකුව උඩ තමයි මිනිහා ඉන්නෙ ....

මොකක් පිස්සු ප්‍රින්සිපල් ? 

එහෙම තමයි මිනිස්සු කියන්නෙ,මිනිහා කලින් හිටිය ප්‍රින්සිපල් කෙනෙක්ලු ....දැන් නම් පිස්සු මං හිතන්නෙ .....තනියම ඇවිද ඇවිද ඉන්නෙ ...

මා කලිසම් සාක්කුවෙන් සිගරැට්වුවක් ගෙන මුවේ තබා පත්තු කලෙමී....සිගරැට් උගුරක් මුව තුළින් පිට වත්ම....

කවුද මෙකේ ඇතුළේත් සිගරැට් පත්තු කරපු තක්කඩියා .......පුස්තකාලාධිපති ගිගුලන හඩ සමඟ අඩි ශබ්දය ද ඇසිණ....මා ක්ෂණිකව සිගරැට්ටුව නිමා,ඉහළට ඇදෙන දුම් වළල්ල අතින් විසුරුවා කවුළුව ලගින් ගොස් පිටතට පැමිණ..පුස්තකාලයට ඉදිරිපිට ඇති මාර්ගයෙන්  එහායින් ඇති උද්‍යානයේ බංකුවක් වෙත ඇදුනෙමි...ඔහු වාඩිවී සිටි බංකුව වෙත ඇදුණු මා නැවත සිගරැට්ටුවක් ගෙන පත්තු කර ගතිමි.....

ඔහු පහතට නැඹුරුව වැඩකය,විටින් විට විවිධ වරගයේ කඩදාසි වර්ග විවිධ ප්‍රමාණ වලට කතුරකින් කපයි ..එවා එකින් එක පිළිවෙළට බංකුවෙ කොනකින් තබයි ....දෙපා මුල තරමක් විශාල රෙදි වලින් කරන ලද මල්ලකි...

සිගරැට් එකක් බොනවද ?මා ඔහුට සිගරැට්ටුවක් ගැනිමට පැකැට්ටුව දිගු කළෙමි ..

වියැළුණු බොකු ගැසුණු මුහුණක් තිබුණු ඔහු අඳුරු වු දෙනෙත් ඔසවා ...සිගරැට්ටුවක් වෙව්ලන ඇගිලි තුඩු මගින් ගැනිමට තැත් කළද එය අපහසු විය...ඔහු සිගරැට්ටු දීර්ඝ කාලයක් පාවිච්චි කරන බවට ඇගිලි පුරුක් දෙස බැලූ විට පෙනිණ....ඒ ඇගිලි පුරුක් අතර සිගරැට්වු වල උණුසුම නිසාම කහ පැහැයට හුරු අදුරු වර්ණයක් ගෙන තිබිණ....

ඔහොම ඉන්න මං අරන් දෙනකන්, සාක්කුවට අත දමා ලයිටරය සමඟ සිගරැට්ටුවක් ඔහු අත තැබීය...සිගරැට්ටුව බීමෙන් ඔහු ප්‍රාණවත් වන බවක් මුහුණින් පෙනිණ....

මහත්මයා මේ පළාතේ කෙනෙක් නෙවෙයි නේද ?

ඇයි එහෙම අහන්නෙ ?

නෑ ....මේ පළාතේ කෙනෙක් නම් මෙහෙම මං ඉන්න තැනකට එන්නෙ නෑ .....

මං නැවතිලා ඉන්නෙ අර ඇග්නස් ඇන්ටි ගේ බෝඩිමේ ....

ඇග්නස් කිව්වෙ අර හැත්ත හතේ ලේන් එකේ  ඉන්න මිටි රතුපාට ගෑනු කෙනා ද ? මං හිස සලා ඔහුට ඒ බව තහවුරු කළෙමි ......

                                                               **********
පසුදින හදිසි උවමනාවක් සදහා නගරයට යමින් සිටි මා දුටුවේ පිස්සු ප්‍රින්සිපල් කොල්ලන්  පිරිසක් සමඟ යම් රණ්ඩුවක පැටලි ඇති බවය....

උඹලා මගේ මල්ල දෙනවද නැද්ද ?ඔහු කෝපයෙන් වෙව්ලන්න මුහුණින් යුතුව කොල්ලන් පිරිස දෙසට කඩා වදි ..කොලු රෑන ඉතා දුර්වර්ණ වූ රෙදි මල්ලක් අතින් අතට විසි කරයි ....කොල්ලන් ගේ සිනාව වැඩිවත්ම මහල්ලා ගේ කෝපය ද වැඩි වන බවක් මුහුණින් පෙනිණ ...ඒ අතර සිටි ඇග්නස් ඇන්ටි ගේ පුත්‍රයාව දුර සිටම මට හැදිණ ගැනිමට හැකිවිය ... 

මල්ලි .....මල්ලි.....ඔහු මා දෙසට පැමිණෙත්ම .....මල්ලි අර මනුස්සයා ගේ බැග් එක දීලා දාන්න ...... 

හරි..හරි ...අයියා......

එදින හවස මා හට බෝඩිමට යැමට උද්‍යානය පසු කොට යා යුතුය..එදිනත් පිස්සු පින්සිපල් සුපුරුදු බංකුව මත හිද පොළොව දෙසට බරව කඩදාසි කතුරකින් කපයි...වෙනදා මෙන්ම ඔහු ඇද සිටියේ අදුරු පැහැති කබා කඩමල්ලය,කලිසමේ තැන් තැන් සිදුරු වී තිබිණ.එවාට විටින් විට අණ්ඩ දැමු කොටස් ගැලවි එල්ලෙමින් තිබිණ... මා දුටු විටම ඔහු කාලයකින් පිරිසිදු කර නැති මුව පෙන්වා සිනා සී ..

බොහොම ස්තුතියි අර වෙලාවෙ කරපු උදව්වට......සිගරැට්ටුවක් ගන්න ළඟ නැතිද මහත්මයා ?? මා සාක්කුවට අත දමා සිගරැට් එකක් සමග ලයිටරය ගෙන ඔහු අත තැබීය..දුම් වළලු කිහිපයක්ම පිට කල ඔහු කඩදාසි සියල්ල මල්ලට පිළිවෙලින් අසුරා තබා ඔහු ලගින් හිද ගන්නා ලෙස අතින් පෙන්වීය ......

මහත්මයා ඉස්සර ප්‍රින්සිපල් කෙනෙක්ලු නේද ? ඔහු ගේ මුහුණට යම් ප්‍රබෝධයක් ලැබිණ........

ඔව්....මං එහෙම තමයි..... ඔහු බෑගයෙන් නිල මුද්‍රාවක් ගෙන මා අත තැබීය ..එහි අකුරු එතරම් පැහැදිලි නැති වුවද එහි ඇතැම් අකුරු කියවා ගැනිමට හැකි මට්ටමේ විය ...

මං ඉස්සර පාවිච්චි කරපු එක ..... ඉස්සර නම් ඔකට වැඩ නැති වෙලාවක් නෑ....දැන් ඔකෙන් කාට වැඩක් තියෙයි ද ?

                                                  ****************

ඊළඟ දවස් කිහිපය අපි විසින් ප්‍රදේශයේ පාසැලක ළමුන්ට පොත් පත් ඇතුළු උපකරණ බෙදාදීමේ උත්සවයක් සංවිධානය කිරිම කල හෙයින් වඩාත් කාර්යය බහුල විය...

අපි හෙට උදෙන්ම යනවද ?එදින සවස වැඩකටයුතු කරන අතරතුර මා මිත්‍රයා ඇසිය .....

එහෙම තමයි හිතා ගෙන ඉන්නෙ ?බඩු ටික සේරම හරි නේ ?

පාසල පිහිටා තිබුණේ විසිදෙකේ වීදිය ආසන්නයේම ය,උත්සවය ඉතා ඉහළින් අවසන් කිරිමට හැකි විය,එදින වෙනදාටත් වඩා උෂ්ණාධික දිනයක් විය,විටින් විට ලෙන්සුව ගෙන මුහුණ පිස දැම්ම ද,ශරීරය දහදියෙන් තෙත්ව තිබිණ.....මුහුණ දොවා ගැනිමට මිදුලේ කොනක තිබු කරාමයක් වෙත ගිය මා දුටු දෙය නැවත නැවතත් දෙස බැලිය .... වෙන්න බෑ මා මටම මුමුණා ගතිමි ....එහෙම වෙන්නෙ කොහොමද?

යන්න අදහසක් නෑ වගෙයි? මා මිත්‍රයන් පිටව යෑමට සුදානම්න් පෙළ ගැසි මා එනතුරු බලා හිදුණු පෙනිණ...

අර පිස්සු ප්‍රින්සිපල් ජීවත් වෙන්නෙ කොහෙද?,මා මිත්‍රයාගෙන් ඇසීය ....

හ්ම්ම්...මං දන්න තරමින් මේ විසිදෙකේ ලේන් එකේ කොනට වෙන්න අතැරලා දාලා තියෙන ගොඩනැගිලි වගයක් තියෙනවා එහේ තමයි,ඇයි මොකද ඒ මනුස්සයා ගැන මේ උනන්දුවක්?උඹට පින්තූර කෑලි ටිකක් ගන්න ඕන වෙලා ද ???

එහෙම දෙයක් නෙවෙයි ..........

                                                      **************

උදෑසනින් අවදිව ගමන් ආරම්භ කළේ විසිදෙකේ වීදියේහි කෙළවරට වන්නට පිහිටි අත්හැර දැමු ගොඩනැගිලි අතර ඒ පිස්සු ප්‍රින්සිපල් සොයන අටියෙනි...නමුත් යන අතර මගදීම ඔහුව මුණ ගැසිණ...ඔහු කඩවල් හිමියෙක් සමග යම් කථාවක ය.......

මගේ ගාන මීට වඩා වැඩි වෙන්න ඕන ....??

නෑ ..තමුසේ දුන්න බඩු වලට හරි ගාන තමයි මේ දුන්නෙ ,ඕකත් අරන් මෙතනින් තොලොංචි වියන්,උදේම වද දෙන්න ආවා ....ටිකකින් ඔහු බලාපොරොත්තු කඩවූ මුහුණින් කඩයෙන් පිටතට පැමිණිය අතර මා දැක වෙනදා මෙන්ම කහ පැහැති දත් අතරින් පතර නැති මුව පෙන්වා සිනාසීය ...

මහත්මයා මේ පැත්තෙ ?

ඔව් ...එන්න හිතුණා පොඩ්ඩක් ........

මං දැන් නම් වැඩක් මහත්මයා,මං විකුණුව කඩදාසි බෑග් ටිකේ සල්ලි එකතු කර ගන්න ඕනෑ ...... නැතන්ං පස්සෙ කඩවලින් සල්ලි දෙන්නෙ නෑ ...

එදිනම දහවල් විසිදේකේ විදියට ගියේ හිතේ තිබුණු කුතුහලය නිසාවෙනි,අවසානයෙ දී පිස්සු ප්‍රින්සිපල් සොයා ගත හැකි විය.....මා නැවත දුටු දෙයින් ඇතිවුණු හෑගිම මට ද තේරුම් ගැනිම අපහසු විය.ඔහු දොර පළුවක් මත වෙව්ලන්න දෑතින් හිගන කොලු කෙල්ලන් රෑනකට අකුරු උගන්වයි .....වචන එතරම්ම හොදින් උච්චාරානයක් නොවීය ...මා නිහඩව බලා  සිටි අතර ඔහු වයස සමඟ සැසඳීමේ දී ඉගැන්විමේ හැකියාව පුදුමාකාර බව හැගින....මඳ වේලාවකින් ඔහු මා දුටු අතර  මා උන් ස්ථානයට පැමිණියේය...

මහත්මයා මොකද මෙහෙ කරන්නෙ ??

මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද?කට ඇර සිනා සුණු ඔහු ...

මොනවා ගැනද කතා කරන්න තියෙන්නෙ මාත් එක්ක ??

අර ලේන් එක පටන් ගන්න හරියේ තියෙන ඉස්කෝලෙ ගැන....

මං මොනවා කතා කරන්න ද මහත්මයා ඒ ඉස්කෝලෙ ගැන ???

මං එහෙට ගිය වෙලාවක දැක්කා අර එදා මට පෙන්නපු සීල් එකේ තිබුණ නමින් කෙනෙක් තමයි ඒ ඉඩමයි ගොඩනැගිලි කිහිපයකුයි පිනට දීලා තියෙන්නෙ ඉස්කෝලෙ පටන් ගන්න ..... ඔහු ගේ මුහුණ ප්‍රීතිමත් බවක් සමග සැඟවුණු හැඟීම් වලින් පිරි යනු මා දුටිමි ........

ඔව්.... ඒ සෑහෙන කාලයකට කලින් .....

ඒ කියන්නෙ සර් තමයි ඉස්කෝලෙට ඉඩම දුන්න සිරිල් කේ වික්‍රමසිංහ විදුහල්පති තුමා .....

ඒ වගේ නමක් තමයි මට තිබුණේ...දැන් නමත් අමතකයි ....ඔහු සිනා විය ...අවුල් වූ කොණ්ඩය තවත් අතින් අවුල් කර ගන්නා ගමන්ම .......

එහෙම නම් ඇයි සර් මෙහෙම ඉන්නෙ ?සර්ට නෑයෝ කවුරුත් නැති ද ?

ඔහු නැවැතත් කොණ්ඩය අතගාමින්  කල්පනා කළේය .....වැඩක් නෑ මහත්මයා දැන් ඔවා මගේන් ඇහුවා කියලා .....දැන් මහත්මයා යන්න පස්සෙ දවසක අපි කතා කරමු .......

පසුදින හදිසි උවමනාවක් සදහා ගමට ඒමට සිදුවිය,නැවත බෝඩිමට යා හැකි වුයේ මාසකට පමණ පසුවය...නැවැත ගොස් පිස්සු ප්‍රින්සිපල් ගැන සොයා බලන විට ඔහු මා බොඩිමෙන් පිට වී සතියකින් පමණ පසු මියගොස් ය...ඔහු සමඟ ඔහුගේ කතාව ද වැළලි  ඇත ....

ඔව් ........මේ මනුස්සයා පිස්සු ප්‍රින්සිපල් කෙනෙක්ම තමයි ..............

87 comments:

  1. ම්ම්ම්...... සත්‍ය කතාවක් ද පුත්‍රයා........
    ලියවිල්ල මට නම් එල........
    අනිත් එකාලට කෝමද මන්ද යකෝ...... හෙක්..... හෙක්......

    ReplyDelete
    Replies
    1. පොඩි කොටසක් ඇත්ත අනික් ටික හිතලා ලිව්වෙ ...
      කතාව එල නම් හිතට සතුටුය .....

      Delete
    2. මමත් අයියන්ඞි එක්ක.

      Delete
  2. පිස්සු ප්‍රින්සිපල් කෙනෙක් නෙවෙයි මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. තව මේ වගේ පොරක් කමිං සූන්..

      හිටපු චාට්ඩ් ඉංජෙක්ලු !!!! සංසාරේ !!!

      Delete
    2. එහෙම මනුස්සයින්ටත් මෙහෙම වෙන්න පුළුවන් ....

      Delete
    3. පත්තරයා, ඌත් මනුස්සකං පිරැන රියල් මනුස්සයෙක්.

      Delete
    4. හැක... හැක... හැක්......!

      Delete
    5. ඉවාන් නේ.. ?? මං ඕකට වෙඩි තියන්ඩ ඉන්නෙ සංජීවෙයො .

      Delete
    6. නොදෝමකින් පත්තරයා

      Delete
    7. සිරාවටම මනුස්සයෙක්....

      Delete
  3. උතුම් මනුස්සයෙක්... වයසට යනවත් එක්ක මානසිකව වෙනස්වෙන්න ඇති..

    (දුම්බීම ශරීරයට අහිතකර විය හැක)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කෑමට පසු එකක් බිව්වට අවුලක් නෑ !!!

      Delete
    2. මානසිකව කඩන් වැටෙන්න පටපිටාවත් බල පැවද දන්නෙ නෑ ...

      (එහෙමත් හිතෙනවා )

      Delete
    3. තේ එකක් බිලා ෂියට් එකක් අවුලක් නෑ.!!!

      Delete
    4. ආන්න සංජීව අයියා.. බොක්කෙන්ම ෂපෝට් !!!

      Delete
  4. මේ වගේ චරිතයක් මම ඇත්තටම දැකලා තියනවා. ඔහු අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙක්. පසුව ලොතරැයි වෙළෙන්දෙකු වුනා. අවසානයේදී මනස විකෘති වුනා.

    එක අතකට අපි ඔක්කොම පිස්සෝ වර්ගයක් තමා.

    ReplyDelete
    Replies
    1. මමත් මේ හා සමාන චරිත කිහිපයක් දැකලා තියෙනවා...එ මත හිතාගෙන තමයි ලිව්වෙ ..හරිම ශෝචනීය තත්වයක් විචාරකතුමා ගේ කතාවක් .ඇයි එහෙම වෙන්නෙ කියන එකත් ගැටලුවක් .....

      අපි නම් බොගි පිස්සො වෙන්න ඇති , :)))))))))))))

      Delete
  5. ගොඩක් හිත හොද මිනිස්සුන්ව හදුන්වන පොදු නාමය - "පිස්සා"

    කතාව නම් ලෙසටම පට්ට. ආයෙ දෙකක් නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් කට්ටිය එහෙම කියනවා

      Delete
    2. උඹට කොල්ලො වන අපි නම් එහෙම කියන්නෙ නැහැ බං ...
      ඔසී වල ඉන්න මගෙ අනී ... බොට ඔහොම කීවම .... මං හරියට බැන්න එයායිට ....

      Delete
    3. විදානෙ. උඹේ හිත හොඳයි. ඒත් මොලේ හොඳ නෑ :D

      Delete
    4. සමාජෙට වැඩිය හොද කරන්න ගියාමත් ඔය ලෙබල් වදින්න වෙනවා ...
      කතාවෙන් යමක් දැනුනා නම් සතුටුය :))

      Delete
    5. ප්‍රියා..උඹේ කතාව සම්පූර්ණෙන්ම හරි.

      Delete
  6. රසවිඳීමි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..රසවින්න තමයි මේ කතා ලියන්නෙ

      Delete
  7. පිටතින් බලද්දි පිස්සො වගේ ‍පේන ගොඩක් අය ඇතුලත ජීවත් වෙන්නෙ බොහොම සොදුරු මිනිසුන් .

    ReplyDelete
    Replies
    1. පිස්සො කියලා ලේබල් ගහලා එහෙම මිනිස්සුව කොන් කරන අපිද පිස්සො කියලා හිතෙනවා

      Delete
  8. වර්ථමාන ගුරු ගීතය........................... දුයිෂෙන්ලා අනන්තවත් මේ ලෝකේ ඉන්නවා සහෝදර. ඒත් අපි ඔවුන් ඉස්සරහා මූසිලයෝ. මේ ගුරුවරු නෙමෙයි දෙවිවරු...

    හැබැයි පිස්සු ප්‍රින්සිපල් කියන එකනම් හරි. මොකද මේ තරම් පිස්සු මිනිස්සුන්ට ඉස්කෝලයක් හදලා දීලා දුක් විදින එක පිස්සුවක් ම තමයි. පිස්සු සමාජයක වැදගත් මිනිහා තමයි නොගැලපෙන කෙනා. සමහර විට බැලුවා ම ඔහුට පිස්සු කියලා තමයි අනික් අයට පේන්නේ. ඉතින් මේ වගේ සමාජයකට ඔහු පිස්සෙක් තමයි....

    පිස්සු ප්‍රින්සිපල්ට නිවන් සුව පතමු.................

    ReplyDelete
    Replies
    1. මීට වඩා කෑප කිරිම් කරන ගුරුවරු මං දැකලා තියෙනවා ඇත්තට...එ චරිත පුදුමාකාරයි,එහෙම චරිත මැද හිටිපු ඇතැම් මුසිලයේ අද රටේ ලොකු තැන් වල,තමන්ගේ වාසිය ගැන හිතලා කටයුතු කරපු ගුරුවරුත් හොද තැන් වල .....කතාව නම් කුරුටු අනුමත කරමි .....

      Delete
  9. hithata danena kathawak, thawa deyak thiyanawa.

    yamekuge sathya jiwithaya nodana kisith pawasima waradi deyak.hamoma me kenata pissu kiyala kon karala thiyana eka karala thiyana harima waradi wadak.

    ReplyDelete
    Replies
    1. කතාව දැනුනා නම් සතුටුයි ....අපි මිනිස්සුන් ගැන කොහොමත් තීරණය කරන්න යනවා නේ..කොහොමහ් සමාජේට ඇතැම් මිනිස්සුව පිස්සො කියලා පේනවා ...

      Delete
  10. ඔහොම මිනිස්සු ඉන්නවා බං.. මට මුණගැහිල නෑ. ඒත් අහල තියනවා.. ඇත්තටම එතකොට කව්ද පිස්සො ??

    ReplyDelete
    Replies
    1. ඉන්නවා පත්තරේ ,මට නම් කිහිප දෙනෙක් හම්බවෙලා තියෙනවා ,අපි හොද සිහියෙන් ඉන්නවා නම් මේ මිනිස්සු ගැන පොඩ්ඩක් හරි බලන්න එපැයි.ඔය පිස්සො කියන මිනිස්සු එක්ක අපි කතා කරන්න අප්‍රිය කරන්න පුළුවන් එ වුනත් ඒ මිනිස්සු හරිම සංවේදී මිනිස්සු ....

      Delete
    2. @ පත්තරේ,
      තෝ තමා පිස්සා...! :P

      Delete
    3. ඒ මිනිස්සුන්ට පිස්සො කියන අප්යි බොලාලා පිස්සන්ගෙත් පිස්සො.

      Delete
    4. හෑ .මං පිස්සෙක්ද ?? :D

      Delete
    5. මට අප්‍රමාන සතුටුයි පත්තරේ අන්තිමට හරි උඔ තේරැම් ගත්ත එක. එහම කියලා අපි උඔව අතඅරින්නේ නෑ.

      Delete
    6. චැහ් සංජීව මචෝ.. මගේ දෑත් සක්තිමත් කරපං :D

      Delete
  11. අත්දැකීමක් වගෙයි නේද සහෝ.

    ReplyDelete
    Replies
    1. මං ලිව්වා නම් කතාවක් එවට අනිවාර්යයෙන්ම අඩුවැඉ තරමින් පෞද්ගලික අත්දැකීම් බලපැවා,මෙකත් එහෙමයි ,මෙහෙම ඉස්කොලයක් හදන්න ඉඩම් ටික පූජා කරලා අවසානේ කාලේ ගෙදර මිනිස්සුම කොන් කරපු විදුහල්පති කෙනෙක් දැක්කා ...හබැයි දැන් නම් ඉඩම පූජා කරපු එලකේ වත් ඒ ඉස්කොලේ තියෙද දන්නෙ නැ,ලොක්කා මොනවා තිබුණත් අර විද්‍යාගාර හදන්නෙ පාරට පෙන්නලු නේ ...

      Delete
    2. /ලොක්කා මොනවා තිබුණත් අර විද්‍යාගාර හදන්නෙ පාරට පෙන්නලු නේ ./
      මේක තමයි විදිය විය යුතු.

      Delete
    3. මල්මී මං කිව්වෙ ඉඩම් දුන්න මනුස්සයා ගේ නම තිබුණ එලකෙ කඩලා එතන අලුත් ගොඩනැගිල්ලක් හැදුවා කියන එකයි,මං නම් එක අනුමත කරන්නෙන් නෑ ඒ එලකේට පාසලේ කොතැනක තැනක් වෙන් වෙන්න ඕන ...

      Delete
  12. කාලයත් සමග අනුවර්තනය නොවූවන් බොහෝ තරුනයයන් පිස්සන් නැත්තම් චමින්දයයි කියති..නමුත් ඔවුන්ගේ කාලයේදී ඔවුන් අද තරුණයා විහිළුවකටවත් කිරිමට නොසිතන දෑ කල යුග පුරුෂයන් ය...
    ඔවුන්ට හිනා වෙන්නා අනුන්ට තබා තමන්ටවත් කිසිවක් කරනොගත් අනුවණයන් ය...

    ReplyDelete
    Replies
    1. විරකෝන් +++++++++++++
      අපි නොදන්න මෙහෙම මිනිස්සු කොච්චර ඉන්නවා ඇතිද ...අනුන්ව විහිළුවට ලක් කරන්නෙ තම්න් ලග වෙන කිසිම දෙයක් නැති නිසා වෙන්න පුළුවන් ...

      Delete
  13. කතාවනම් හිතට වැදුනා තදින්ම..

    ReplyDelete
    Replies
    1. දැනෙන්න යමක් ලියවිලා නම් හිතට සතුටුයි ...

      Delete
  14. කොහොමත් හොඳ මිනිහට මේ සමාජයේ තැනක් නෑ. දැන් එක ඉස්ටයිල් එකක් වෙලා. ඒත් ඉවසගෙන ඉන්න ඕන. පිස්සු හදා ගන්න නරකයි. උපේක්ෂාවෙන් ඒ දිහ බලන්න ඕන. ඒ කියන්නේ මේ ප්‍රින්සිපල් පවා දියුණු මිනිහෙක් නෙමෙයි. පීඩනයට පිළිතුරු දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් උපේක්ෂාවෙන් ඒ දිහා බලා ඉවසා වැදෑරීම. නැත්නම් ඊට එරෙහිව සටන් කිරීම. මම තෝරා ගන්නේ දෙවනි එක.

    ReplyDelete
    Replies
    1. සමහර මිනිස්සුන්ට හොද මිනිස්සුන්ව පෙන්නෙත් පිස්සො කියලා ,සමහර විට මේ මනුස්සයාට මානසික වියවුල් තත්වයක් බලෙන් ලේබල් කරලා ඇති අපේ මිනිස්සුම ...කොම උනත් මං පෞද්ගලිකව හිතන්නෙ ඕනම කෙනෙක් කඩා වැටෙන යම් තැනක් තියෙනවා,එ කඩාවැටුණාම එක දරා ගන්න එක තමයි ඕන ,....

      Delete
  15. පට්ටයි සුපිරියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙන්ඩි

      Delete
  16. අප්පෙ පට්ට කතාව...
    ඇත්ත කතාවක් ය කීව නේද..
    මේ වගේ මිනිස්සුන්ගෙ පිහිටෙන් ඉහලට ගිහින් ඒ මිනිස්සුන්ටම ගරහන අය අනන්තයි...
    අපූරු සංවේදී සටහනක් සහෝ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මේක 100% ඇත්ත නෙවෙයි සමහර දේවල් කතාවට ගොඩ නගපු දේවල් .මේ වගේ මිනිස්සු නිසා උඩඩ ගියපු උන් සැහෙන ඇති,මේක සංවේදී කම්න් පොඩ්ඩක් මිදිලා කල්පනා කරන්න ඕනෑ තැනුත් ඇති මං හිතන්නෙ ...

      Delete
  17. පව්.. ජීවිතේ කොයිතරම් නම් නොහිතන වෙනස්කම් සිද්ද වෙනවද... ප්‍රින්සිපල් කෙනෙක් වෙලා ඉන්න කාලේ ඒ මනුස්සයා තමන්ගේ අවසාන් කාලය මේ විදිහට ගත කරන්න වෙයි කියලා කීයට වත් හිතන්න නැතුව ඇති...

    ReplyDelete
    Replies
    1. අපි කාටවත් හිතා ගන්න බෑනේ අපි ආවසන් කාලය කොම වෙයිද කියලා එක මේ ප්‍රින්සිපල්ට උනත් පොදු වෙන්න ඇති ...කොයි තරම් සල්ලි,බලය තිබුණ මිනිස්සු ඉන්නවද අවසන කාලේ දුක් විදලා මැරිලා යන අය ඔය කිසි දෙයක් නැතුව....

      Delete
  18. දුකයි. ඒ උනාට මාරයි. හිතට වැදුනා.... :(

    ReplyDelete
    Replies
    1. මේක ගැගිම් නැතුවත් බලන්න ,
      හිතට දැනෙන්න යමක් ලියවිලා නම් සතුටුයි ..

      Delete
  19. බොහොම ලස්සන කතාව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..රාජ්

      Delete
  20. කතාව ඉතා ලස්සනයි.. ඉතාම හොද මනුස්සයෙක් නේ... මේ ප්‍රින්සිපල්..

    ReplyDelete
    Replies
    1. හොද මනුස්සයෙක් වුනත් අවසානේ මෙහෙම වෙන්න පුළුවන්,එහෙම වෙනවා බෝහො මිනිස්සුන්ට තමන් ගේ නිවස තුලම මෙහෙම මිනිස්සුන්ට මං දැකලා තියෙනවා
      අගය කිරිම සතුටුයි ....:))

      Delete
  21. සෑහෙන තදින් කතාව හිතට වැදුනා..
    මේ වගේ මිනිසුන් කොතෙකුත් ඉන්නවා අපි නොදන්නවා උනාට....! මේ සංවේදී කතාව අකුරුකිරිම ගැන ස්තුතිය...!
    සහෝ දැන් නියමෙට ලියනවා...

    ReplyDelete
    Replies
    1. >>සහෝ දැන් නියමෙට ලියනවා...<<
      +++++++++++++++++++++++++++++++++

      Delete
    2. @නිමෝ
      අනිවාර්යයෙන්ම ඉන්නවා ප්‍රශ්ණෙ අපි ඒ ගැන හොයලා බලන්නෙ නෑ ,එකයි දකින්න බැරි මං හිතන්නෙ
      දැනෙන්නයමක් ලියවිලා නම් හිතට සතුටුයි ...

      Delete
    3. @ කෙන්ජි මාමා

      ස්තුතියි,

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මකලා දැම්මෙ මොකෝ මේ ??????????

      Delete
  23. සහෝ... මේ කතාවෙ මුල ඉඳල අගටම මට දැනුනේ දුයිශේන් කෙනෙක් නේද මේ කියන එක. ඒක ගී පවුරත් උඩින් කියල තිබුනා. බොහොම සරලව, නිහතමානීව ජීවත් වෙන අවංක උදාර මිනිස්සුන්ගේ ජීවිතවල වසන් කාලෙ මෙහෙම තම්යි. මේ නපුංසක සමාජේ හැමදාමත් ඉස්මතු කලේ උඩ තියාගෙන හිටියෙ හිස් මිනිස්සු.

    මහා මූසල හැඟීමක් හිතට දැනුනා. අපේ ඇස් කොනකට විතරක් අහුවෙන මහ පාරෙ වැටිල ඉන්න මේ වගේ මිනිස්සු කී දෙනෙක්නම් අපි දවසකදි පහුකරගෙන යනවා ඇතිද.

    ReplyDelete
    Replies
    1. සමාජේ කියන්නෙත් අපිමයි බන් එහෙම කරන්නෙ ..
      අපේ ඇස් කොනකට විතරක් අහුවෙන මහ පාරෙ වැටිල ඉන්න මේ වගේ මිනිස්සු කී දෙනෙක්නම් අපි දවසකදි පහුකරගෙන යනවා ඇතිද./// මෙන්න කතාව අපි ඒ මිනිස්සු දිහා බැලන්නෙ කොමද ? ඇත්තටම බලන්න කියන හැගිමවත් එනවද මන්දා ...

      Delete
  24. පිස්සෙක් නෙමේ සැබෑ මනුස්සයෙක්,හැබැයි සමාජේ ගොඩක් අය ඒ වගේ අයට කියන්නේ පිස්සෝ කියලා තමයි.
    එකයි මේ සමාජෙ ඇතුලේ තියෙන ඛේදවාචකය.හොඳ කරන වුන් පිස්සෝ,මෝඩයෝ හැබැයි අවස්ථාවාදියෝ,හොරු,මංකොල්ලකාරයෝ,
    ඇවිත් රජ වැඩකාරයෝ...:)

    ReplyDelete
    Replies
    1. අවස්ථාවාදියෝ,හොරු,මංකොල්ලකාරයෝ,
      ඇවිත් රජ වැඩකාරයෝ...:)+++++++++++++

      හොද මිනිස්සු පිස්සො ගානට ලේබල් කරනවා ගොඩක් වෙලාවට ,

      Delete
  25. ගුරු ගීතය මතක් වුණා..
    උඹ ලියන කතා නං නියමයි සහෝ..
    අයින්ටයින්ටත් ඒ කාලෙ හිටිය සමහර ඈයො "පිස්සා" කිව්වලු.

    ReplyDelete
    Replies
    1. උඹලා කියවලා කමෙන්ටුවක් කොටන කන් ලියනවා ,ගොඩක් ඇයින්ට වෙනස් විදියට බලන්න ගියාමත් ඔය පිස්සා ලේබල් එක වැදුණා ඉතිහාසේ ඉදලම අද දක්වා

      Delete
  26. හිතන්න බොහෝ දේවල් හදවත පතුළටම කාවදින්න ලියපු අපුරුම කතාවක් සහෝදර....

    ReplyDelete
    Replies
    1. .මෙහෙට ආව පලවෙනි වතාව නේ ..පිලි ගන්නවා මුලින්ම
      ස්තුතියි නලින් අයියා ...

      Delete
    2. අදයි ලින්කුව සෙට් වුණේ දැන් එනවා දිගටම.......මගේ බ්ලොග් රෝලෙත් එල්ලුවා මේක ඔන්න

      Delete
    3. හරි...ස්තුතියි ,එහෙනම් ඉමු දිගටම .... :)))

      Delete
  27. ඔය හොඳ අන්තිමේදී ජයගන්නවා කිව්වට හුඟක් වෙලාවට වෙන්නේ ඔය දේ තමයි. මිනිස්සුන්ට ආගම ධර්මය ගැන සැක පහලවෙන්න එක හේතුවක් ඕකයි.
    හුඟක් වෙලාවට crime pays.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අද නම් වරදි කර්න නරක වැඩ කරන මිනිස්සු තමයි යෙහෙන් වැජබෙන්නෙ,
      මෙක පින් රැස් කරගෙන තව සැප විදින්න දගලන සමාජයක් නේ ..සංවේදී කියන තැනින් මිදිලා කමෙන්ටුවක් දැකිමත් සතුටක් ...

      Delete
  28. හිතට වැදුනදේ අනුනට දැනෙන්නම් අරළු බුලු සමග දියයුතුමය.
    අපිද කොතෙක් කැපකිරිම් ,පිරිනැමීම් කරත් (එපමණම නොවුවත්) හරිහමන් ඇගයුමක් ලැබුනිද?
    මහා පොදු සාධකය
    කාටත් පොදුය
    ඔහුට සේම අපටද
    හැමදාම

    ReplyDelete
    Replies
    1. පිලි ගන්නවා ගමයා .. :))

      Delete
  29. මේක නරුම කමෙන්ට් එකක්.
    ඉස්කෝල හදන්න පොදු වැඩ වලට දේපල දිපු මෝඩ හැතිකර පරම්පරාවක එකෙක් මමත්.පරම්පරා මෝඩකම් යන්නෙ නැහැ.උගුල්ලා දාන්න බැරි කරුම ජාන.
    ඔය දාන පාරමිතා පුරන්නා පිස්සු හිගන්නෙක් විම ගැන කුරිරු සතුටක් ලබනවා.නැතිනම් සිගන්නෝ වෙන්නේ ඔය වෙස්සන්තරලාගේ දරු මුනුපුරෝ.
    ආන්ඩුවේ ඉඩම් ,දේපල වස්තු අල්ලගන ,පොඩි මිනිස්සුන්ගේ දේවල් සුරගන මනාප ගන්න අයියලා අක්කිලා ගෙ රැස් දකිද්දි හත්මුතු පරම්පරාව මතක් වෙනවා “පිස්සු ප්‍රින්සිපල්ලගේ“

    ආන්ඩුවේ ඉස්කෝලවලට පරිත්‍යාග කරපු ඉඩකඩම් නම් අපරාදේ සහෝ,දැන් යන අධ්‍යාපන ක්‍රමය බලද්දි.නිදහස් අධ්‍යාපනය කියන්නේ වැඩකට නැති දෙයක්.අවුරුදු 70 කට පමණ කලින් තිබුනු තැනමයි අධ්‍යාපනය නැවතත්.


    ReplyDelete
    Replies
    1. මල්මි මුලින්ම කමෙටුව පිලිබඳව මගේ සතුට,මෙහෙමයි මල්මි කියන කතාව හරි ඔහොම ඉඩම නිදහස් අධ්‍යාපනයට දෙනකොට තවත් කොටසක් රජයේ ඉඩම් අල්ල ගන්නවා හබැයි මෙහෙම මිනිස්සු ඉන්නවා ,අධ්‍යාපනය ගැන නම් කතා කිරිම දැන් නිශ්එල දෙයක් මේ කාලේ ,

      Delete
  30. සහෝ.... මරු කතාව බං...අපිට පාරවල් වලදි හම්බෙන පිස්සු මනුස්සයොත් මේ වගේ වෙන්න පුලුවන් නේද කියලා හිතුනා... ගිය ආත්මෙක කරපු පවක පඩිසං දෙන්න ඇති බං... මොනව උනත් අන්න මිනිස්සු...ආදර්ශෙකට අරන් හැදෙනවනං මෙන්න නියම මගපෙන්වීම්....
    තා දෙයක් බං...උබ ලියලා දාන ඒවා මට එන්නෙ නෑ නෙ බං...ඒ මොකෝ?

    ReplyDelete
    Replies
    1. මල් එහෙම හිතිමම ඇති ...අපිට මෙහෙම මිනිස්සු ඕන තරම් හබ්බ වෙනවා ඇති ,දන්නෙ නැත්තෙ අපි ගැන බලන්නෙ නැති නිසා වෙන්න ඇති ...

      තා දෙයක් බං...උබ ලියලා දාන ඒවා මට එන්නෙ නෑ නෙ බං...ඒ මොකෝ?/// මෙකට දෙන්න තියෙන්නෙ හරි සරල උත්තරයක් බන් ..හිතට එන දේ අකුරු කරපන් කියන එක තමයි ,එක සමහර විට හරි යයි සමහර විට වරදියි ...එ මොනවා උනත් ලියමු

      Delete
  31. දුක හිතුනා...හුගක් සියුම්ව හිතට වදින්න ලියල තියෙනවා ...නියමයි සහෝ..

    ReplyDelete
    Replies
    1. පිලි ගන්නවා මුලින්ම ,ස්තුතියි...

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.