27 June, 2014

හිරමන සමඟ සති පොළෙහි සවාරි


මා ඉතා කුඩා කාලයේ මව සමඟ ඉරු දින සති පොළට යෑම ඉතාම ප්‍රිය කලෙමි ... ඒ විශේෂයෙන්ම බූන්දි හෝ වෙනත් කෑම වර්ගයක් මව මා හට අරන් දෙන නිසාවෙනි ..වෙනත් දිනයහි පොළ පැවැතුණ ද ඉරු දින පොළට මව යෑම සිරිතක්ව තිබිණ.විශේෂයෙන් ඇයට සතියේ නිවාඩු දිනය ඉරු දිනය විම ද මේ සදහා බල පෑවාය ...බොහෝ දිනයන්හි මව මා පොළට රැගෙන යනු වෙනුවට ආච්චි අම්මා සමඟ ඇය ගේ නිවසේ තබා යයි.එ ඇයට පොළ තුළ  දි බඩුමලු හා මා රැගෙන යෑමට තිබු අපහසුතාවය නිසා වන්නට ඇත.එනමුත් මව සමඟ පොළේහි යෑමෙන් ලැබෙන දෑ නිසා පොළේ යෑමට මා ඉතා ප්‍රිය කළා ය...

එසේ යන බොහෝ දිනයහි පොළට ඇතුළු වන දොරටුව අසලම සිටි රැවුල තරමක් වවා ගත්,සෑම දිනම නිල් කොටු සරමක් හා විවිධ මල් කැටයම් ඇති සුදු අත් දිග කමිසයකින් සැරසුණු මුස්ලිම් වෙළෙන්දා ගෙන් මව මා හට යම් පැණිරස කෑමක් අරන් දිම ඇගේ සිරිත විය,ඔහු මා ඇමතුවෙ පුංචි මහත්තයා යනුවෙනි.ඔහු පියාව දැන හැදිණ ගෙන සිටි පුද්ගලයෙකු නිසා බොහෝ විට ඉල්ලන ප්‍රමාණයට වඩා යමක් ලැබිණ.එසේ ලැබෙන්නෙ බොහෝ වෙලාවට රතු පැහැති බූන්දි හෝ මොටයි ලෙස හැදින්වෙන සීනි උණු කොට සාදන ලද කෑම වර්ග වලින් එකක් ය.බූන්දි හැන්දෙන් එකක් රුපියල් පහක් පමණ විය.මොටයි නම් තිබුණේ කූඩා පොලිතින් උර තුළ හුළං නොවදින ලෙස ගැට ගසා ය.එවා කුඩා මලු වශයෙන් තිබු අතර මල්ලක් රුපියල් තුනක් පමණ විය.මා මොටයි කෑමට එතරම් ප්‍රියක් නොදැක්වූයේ එවා කටෙහි උඩු තල්ල කොටසේ ඇලෙන නිසාත්,අතින් තද වූ විට මල්ල තුළ ඇත්තෙ බූල්ටො ටෝෆි  වැනි කොටසක් පමණක් නිසාවෙනි .....එවැනි මල්ලක් ලැබුණු පසු අම්මා විසින් අවශ්‍ය බඩු රැගෙන පොළෙන් පිටවන තුරු අම්මා පසුපස යන අතරතුර එකින් එක ගෙන රස බැලිම තරම් විනෝදජනක දෙයක් පොළ තුළ මා හට නොමැති තරම් ය..බූන්දියක් ගෙන දෙකට කැඩු විට මැදින් බේරෙන පැණි නිසා හා කටට එන කෙළ බේරිම නිසා කට වටේ පැල්ලම් හටගනි,අම්මා විටින් විට මා දෙසට නෑමි බඩු මල්ල සමඟ අතේ ඇති ලේන්සුවෙන් නිතර මාගේ මුහුණ පිස දමයි ...

මව සති පොළේන් බොහෝ විට ගන්නා බඩු වර්ග කිහිපයක් හා එසේ ගන්නෙ එකම වෙළෙන්දා ගෙන් බව මා දැන සිටි අතර ඔවුන් පොළෙහි සිටි ස්ථාන ගැන ද මා හට යම් අවබෝධයක් තිබිණ.මව ගන්නා බඩුබාහිරාදිය අතර අල,කැරට්,බෝංචි,ලික්ස් වැනි උඩරට එළවළු වර්ග තිබූ අතර ඇතැම් දිනයහි සබන් පෙට්ටියක්,හැදි වර්ග ආදිය මිලට ගනියි.. විශේෂයෙන්ම කරවල වෙළෙන්දා සිටියේ පොළෙහි අවසාන පැත්තට වන්නටය,එම නිසා බොහෝ විට එළවළු ගැනිමට මවට මතක් වුව ද කරවල වෙළෙන්දාව අමතකව යයි.නමුත් මා කරවල කෑමට ප්‍රිය කරන බැවින් ඒ පිළිබඳව මතක් කර දීම මා නිතර කළ කාර්‍යයක් විය.කරවල වෙළෙන්දා සිටි තැනට මද දුරකින් සිටියේ මාළු වෙළෙන්දන් ය.බොහෝ විට අම්මා පොළෙන් මාළු,මස් ආදිය මිලදී ගන්නෙ නැත.නමුත් මාළු වෙළෙන්දන් ගෙන් බොහෝ දෙනෙක් මා දැන හැදිණ ගත් අය විය,ඒ මාළු ගෙන එන පෙට්ටි වල තිබෙන අයිස් කැබැලි ඉල්ලා ගැනිම නිසා ය.එම ක්‍රියාවට මව තදින්ම විරුද්ධ වුවත් මාළු වෙළෙන්දන් මා හට අයිස් කැබැලි ලබා දෙයි....එවා ගෙන එන්නෙ මුහුදෙන් බව මා සීතිය....එයට ප්‍රධාන හේතුව පාසලේ කියා දුන් මුහුදේ පාවෙන විශාල අයිස් කැට මේසේ මුහුදු ගොස් ඔවුන් රැගෙන එනවා යන්න ය..එසේ ගන්නා අයිස් කැටය දිය වන තුරුම අත්ලෙහි ගුලිකොට තබා ගනි.අවසානයේ අත්ල හිරි  වැටෙන අතර ඇගිලි තුඩු රත් පැහැයට හැරෙයි....

ඉදහිට දිනයන් දි මවා මා හට පොළෙන් විවිධ කුඩා සෙල්ලම් බඩු රැගෙන දෙනු ලබයි.නමුත් මා කිසි දිනෙක මවගෙන් එවැනි දෑ ඉල්ලා කරදර කර නැත.මන්ද එවැනි සෙල්ලම් බඩු වලින් කල හැකි සෙල්ලම් ගැන මා දැන සිටියේ නැත.මා සෙල්ලම් කියා කළේ උදැල්ලක් ගෙන නිවස වටා වළවල් හෑරිම හා වැසි දිනයක් නම් උල්දිය වතුර පාරවල් හරස් කොට බැමි බැද පැපොල් බට හෝ වෙනත් බට යොදා මිදුල පුරා වෙලි සකස් කිරිම ය.නමුත් ඇය මා බූන්දි හෝ වෙන යම් කෑමක සිර වී සිටින නිසා ඇය කැමැති සෙල්ලම් බඩුවක් මා වෙත ලබා දෙයි.

බොහෝ විට පොළ තුළදි මව  සමඟ සේවය කරනා ගුරුවරියන් මුණ ගැසෙයි.එවැනි අවස්ථා නිසා බොහෝ විට පොළ තුළ ඇති මිහිරියාව බිඳී යයි.මන්ද ඔවුන් මා වඩා ගනි,හිස පිරිමදි ,මුහුණ සිඹිම වැනි දේ කරයි.මිස් දැන් පුතාට වයස කීය ද ...ආ ...දැන් ලොකු කොල්ලෙක් නේ...අපි බලන්න එනකොට මේන් මෙච්චර ඇති..වැනි දේ මා නිතර අසන වදන් පෙළක් විය...

තවත් එක් ඉරු දිනක් උදා වී තිබිණ එදින යම් හේතුවක් නිසාවෙන් පොළෙට බූන්දි වෙළෙන්දා පැමිණ නැත.එදින පොළෙහි ඇවිදිම ඉතාම වෙහෙසකර කටයුත්තක් විය.මව ද වෙනදාට වඩා වැඩි වෙලාවක් භාණ්ඩ මිලදි ගැනිමට වැය කරනවා යන්න මගේ හැඟීම විය.එදින මා සිටියේ දැඩි අමනාපයෙන් බව මවට දැනෙන්නට ඇත.ඇය මා හට සෙල්ලම් බඩුවක් රැගෙන දීම සදහා පොළෙහි දකුණු පස දොරටුව දෙසට මා වඩාගෙනම රැගෙන ගියාය.මා එක් වරම දුටු දෙයින් සිත කුල්මත්ව ගියේ නොදැනුවමය.සෙල්ලම් බඩු තිබු තැනට වම් පසින් සිටියේ කැති,පිහි,දෑ කෑති ආදිය තබාගෙන සිටින කම්මල් ගුණපාලය.ඔහු අපේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කම්මල්කරුවෙක් විය.ඔහු විවිධ ප්‍රමාණයේ පිහි වර්ග,මූකලන් කැති,පොරෝ තල,කුරහන් පිහි,දෑ කැති ආදිය තබාගෙන සිටි අතර ඒ අතර මා කිසිම දිනෙක දැක නැති භාණ්ඩයක් විය.මා මවගෙන් විමසා සිටියේ ඒ මොකක්ද යන්න ය,ඈ කිවේ එය හිරමණයක් බව නමුත් මා කිසි දිනෙක එවැනි හිරමණ දැක නැත.එය අමුතුම ආකාරයේ භාණ්ඩයක් විය.මා හට එය මිල දී ගැනිමට කැමැත්තක් ඇති වුයේ නිරායාසයෙනි...එහි මිල රුපියල් හැටක් පමණ විය.එ දවස මව සතියකට නිවසට අවශ්‍ය භාණ්ඩ මිල දී ගත්තෙ රුපියල් තුන්සියයක් වැනි මුදලක් වැයකොට බව මා දැන සිටි නමුත් මා හට හිරමණය මිල දී ගැනිමේ අසාව වැඩි වෙමින් බුර බුරා නැගිණ.....මා හිරමනය අතින් ගෙන බැලිමි,එය කළු ලැකර් වලින් ආලේපිත එකක් විය.මවට මා කියා සිටියේ මෙම හිරමනය මට අවශ්‍ය ය බවය.මා හිරමණයක් අවශ්‍ය බව කිම කම්මල් ගුණපාල ගේ ද සිනාහවට හෙතුවක් වුයේ කෙසේද යන්න මා නොදන්නෙමි.
 
මා හිරමනය ගෙන එය අතින් වටයක් කරකවා බැලිය,එය මා කිසි දිනෙක දැක නොමැති අපූරුම දෙයක් විය.එය සදා තිබුණේ පාපැදියක පැටලයේ මැද කොටසට යකඩ කොටස් පෑස්සීමෙන් ය.එය මිලදී ගත් මා නිවසට ආවේ මහත් වු උද්යෝගයෙන් ය.ආ විගස මවට පොල් ගා දිමට මා හිරමනය ගෙන කුස්සියට ගිය මුත් එවැනි හිරමනයක් සවි කරන්නට මේසයක් කුස්සිය තුළ නොවිය,තිබුණේ කොස් පිට පළුවක් බීමට වල දැමු  දඩු ලි උඩ තබා ය.සවස තාත්තා ආ පසු පිට පලුව යටින් පිහියක අධාරයෙන් කට්ටයක් සකස් කොට එහි හිරමනය සවි කෙරිණ.මගේ හිරමණ රාජයා කුස්සියේ බැබැලෙමින් තිබිණ මා විටින් විට අවුත් හිරමණය කරකවා බෑලිය.එය හරිම අපූරු ය,නිතරම මව ගෙන් පොල් බෑයක් ගෙන එය හෙමින් හිරමනයේ තලයට තබා කරකවයි,කුඩා පොල් තීරු,කැරලි කොණ්ඩා කොට මෙන් හිරමනය යටින් තැබු පිගානට එක් වෙයි.මා එයින් ටිකක් ගෙන කටේ දමාගෙන හපයි.මගේ අලුත් හිරමණ රාජයා නිසා කලින් සිටි එක කොටෙන් කැපු දෙපැත්තට දිග හරින හිරමණයට වැඩ නැති විය.

දිනක් රාත්‍රියේ කුස්සියේ තිබු කුප්පි ලාම්පුව පුසා පෙරලිම නිසා ගින්නක් හටගෙන තිබිණ.හිරමනය තිබු තැනට ඉහලින් වහලයට ලණු දෙකක් ආධාරයෙන් ගැට ගසා තිබුණු  ලැල්ල ගින්න නිසා හිරමනය උඩඩ වැටි ඇත.මා උදෑසන නැගිට බලන විට හිරමනය කැබැලි දෙක තුනකට කැඩි වෙන්ව ගොස් තිබිණ අම්මා එය අනික් ගින්නෙන් පිලිස්සුණු දෑ සමග මගේ හිරමනයේ කොටස් ද කුණු ගොඩඩ එක කොට ඇත.මා හිරමනයේ කැඩුණු කොටස් ගෙන පියා සොයාගෙන ගියේ නැවැත හිරමනය සදා ගැනිමේ අටියෙනි,නමුත් එය සාර්ථක  නොවීය.....මා හිරමනයේ කොටස් ටික කඩ්බොඩ් පෙට්ටියකට දමා පරිස්සමින් විදුරූ භාජන තැබූ කැබිනට්ටුවෙ පහළ කොටසින් තැබිය ....

වසර පහලවකට පසු නැවත සති පොළට ගොඩ වැදුණේ අවුරුදු කාලයට අවශ්‍ය එළවළු මීලදි ගැනිම සදහා ය.එ අතර මා දැක්කෙ විශාල සෙල්ලම් බඩු ගොඩට එහායින් සිටින කැති තල,පොරෝ තල විකුණන වෙළෙන්දා ය,අද සිටින්නෙ ගුනපාල නොවෙය,ඔහු ගේ පුත්‍රයා වන අතර ගුණපාල මිය ගොස් දැනට වසර කිහිපයක් වන බව මා හට මතකය.අද ගුණපාල ගේ පුතු ළඟ හිරමන විකිණීමට තබා නොමැත.මා ගුණපාල ගේ පුත්‍රයා සමග ආගිය තොරතුරු විමසන අතරතුර කුඩා කොලු ගැටයෙකු අවුත් තම මවට පෙරැත්ත කළේ කුඩා යකඩ වංගෙඩියක් අරන් දෙන ලෙසටය...අවට සිටි අය උපහාසයෙන් බැලුවද ..මා අතීත මතක පිරැවු මළු දැතින් ගෙන සති පොළෙන් එළියට ආවෙමි....


ප.ලි
කලින් ලිවු කතා අතරින්
http://sahodarage.blogspot.com/2014/03/blog-post_7595.html

http://sahodarage.blogspot.com/2014/01/blog-post_27.html

ලින්කු එක් කිරිමට මේ ක්‍රමය භාවිතා කරන්න

<a href="LINK HERE"> WORDS HERE</a>



78 comments:

  1. උඹ ගැල්ලමයෙක් කියන එක මට දැං ෂුවර්...

    ReplyDelete
    Replies
    1. දේශක කිව්වා අයේ හොයා බලන්න දෙයක් නෑ :))) ෂුවර්ම තමයි

      Delete
    2. චැක්… මොකක්ද බොලවු ඒ කතාව? ;)

      Delete
    3. දේශකට පිච්ච මල් සුවඳක් දැනිලා බොලව් මගේ ලගින් ;)))

      Delete
    4. ඕකා ඔහොම කියන්නෙ මේ විදියට ලියල තියෙන හින්ද බොලාට තේරෙන්නෙ නැද්ද.
      //පොළේ යෑමට මා ඉතා ප්‍රිය කළා ය...//

      Delete
    5. ඉවරයි ඈ ... හැමදාමත් ව්‍යකරන අඩුපාඩු .... :((((

      Delete
    6. නෑවා..දැන්වත් ගිහිං හදපන් ටක් ගාල. මටත් ඕවා හරියට මිස්වෙනවා.

      Delete
    7. ළඟදී ගත් උඩුකය ඡායාරූපයක් ස්මඟ විමසන්න :D

      Delete
    8. @ පත්තර
      නිරුවත් උඩුකය එකක්

      Delete
  2. උඹ ලියලා තියෙන විදිහට මැවිලා පෙනුනා සහෝ. බූන්දි කන්න නම් මමත් මාර ආසයි.

    ReplyDelete
    Replies
    1. බූන්දි නම් අපි කොච්චර කනවද ???? මෙක ඔය ලින්කු දලා තියෙන කතා ලිව්ව කාලේ ලිව්වෙ ඔන්න ඔහේ දැම්මා ...

      Delete
    2. තවත් බූන්දි කාරයෙක්. සැක්!! කාපල්ලකො පරිප්පු වඩයක්.

      Delete
  3. සහෝදරගේ පුංචිකාලෙ හරි ෂෙ‍ා්ක්.

    ReplyDelete
    Replies
    1. කාගේත් පුංචි කාලේ ෂෝක් වෙන්න ඇති නේ ???

      Delete
  4. මම නම් තාමත් ඔහොම තමයි. පොලේ යන්න වෙලාව නෑ ක්ලාස් නිසා. බට් අපේ අම්ම තාමත් මගෙ බූන්දි මල්ල අමතක කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. තවමත් ඔහොම තමයි කිව්වෙ ?? ලොකු උනත් පැණි රස කෑම කන්න කස්ටිය කැමැති ... :D

      Delete
    2. හපොයි සහෝ.... ව්‍ය0ගාර්තයක් එහෙම නෙවෙයි නේද මේක

      මන් කිව්වෙ මේ අහුවෙන හැම කුණු ගොඩම පණ වගේ සුරක්ශිත කරන එක

      Delete
    3. බිංදුවට එක්ස් අකුර පාවිච්චි කරලා බලන්න ...
      කිසිම දෙපැත්ත කැපෙන වචනයක් කියවිලා නෑ මං හිතන්නෙ :))

      Delete
  5. මටනං එකදෙයක් කියල තිබ්බෙ නෑ.. අම්ම පොළේ ගිය දවස්වලට ඔය මොකක්හරි එකක් අරං දෙනවා..පොළේ යන එකනං හෙන ආසම වැඩක්.. :D

    ReplyDelete
    Replies
    1. බූන්දි වලට ගොඩක් අය කැමැතිලු නේ .... ගොඩක් අය පොලේ යන්න කැමැති කඩෙ යනවට වඩා :)))
      මගේකමැත්ත ගැන මෙන්න කලින් ලිව්ව එක සාප්පු හිංසනය

      Delete
  6. මමත් පොලේ යන්නෙ හරිම ආසාවෙන්, බඩු ගන්නම නෙවෙයි වෙළෙන්දොත් එක්ක ආශ්‍රය කරන්න.සහෝ මේ කතාවෙන් ටිකක් මගෙ බ්ලොගේ කමෙන්ට් එකකදී කියල තිබ්බ මට මතකයි.
    කතාව රසයි හැබැයි තැන් තැන් වල ව්‍යාකරණ නං වැරදියි.

    ReplyDelete
    Replies
    1. මේ කතාව ලියන්නත් එක හෙතුවක් මගේ ව්‍යාකරණයි අකුරුයි හදා ගන්න එක ,වැරදි සැහෙන්න ඇති වගේ :((, ව්‍යාකරන පොතකුත් ඉල්ල ගත්තා බලමු ටික ටික හදා ගන්න ...
      ඒ කමෙන්ටුව දවස් වලම ලියන්න ගත්තට ලියවුණේ නෑ පස්සෙ අයේ හම්බුණේ හදලා දැම්මා කතාව ...

      Delete
    2. ව්‍යාකරණ වැරදි හදාගන්න තදින්ම හිතට ගන්න. නැත්නම් ලියවිල්ලට විකට ස්වරූපයක් එනවා. කවුරුත් දන්නා සරල දේවල්නේ 'මා...... තැබීය' , මා..........බැලීය' වගේ දේවල් නොගැලපෙන බව.

      මම කියන්නද වැඩක්. නිකම් ඔහේ කතා කරන බාසාවෙන් ලියන්න. 'ඉස්සර මං අපේ අම්මත් එක්ක පොලට යන පුරුද්දක් තිබුනා. ඔහොම ගියාම අම්මා මට එක එක කෑම ජාති එහෙමත් අරං දෙනවා, සෙල්ලම් බඩුත් ඉඳ හිට අරං දෙනවා............'

      ඔන්න ඔයවේගේ ලියලා බලන්න.

      Delete
    3. ව්‍යාකරන දොස් නම් සැහෙන තියෙන පාටයි :))
      ඔබ කියන විදිය හොදයි වගේ තමයි ,එ විදියටත් ලියලා බලමු ,එත් වැරැද්ද හදා ගන්න එක ඊට වඩා හොද නැත්ද ?බලමු ඊළඟ කතාව ,....විචාරක තුමා කියන කතා කරන බාසාවෙන් ලියලාත් බලමු වෙලාවක ..

      ස්තුතියි අදහසට ...

      Delete
  7. මොන බුන්දිද බන්, අපේ අම්මා මාව පොලට ගෙනියන්නේ බඩු බෑග් ටික උස්සන් යන්න.... ඒ විතරක් නම් බැරියැ අනිවා මගේ පර්ස් එකටත් විදිනවා..
    මුන් බූන්දි ගැන කතාකරනවා........

    ReplyDelete
    Replies
    1. හැක්...උඹ හොද පුතෙක් බන් ,
      උඹේ පර්ස් එකට විදින එක නම් පිලි ගන්න අමාරුයි ;))).. බූන්දි .....හැක් හැක්

      Delete
    2. අනේ නිකා ඉදින්... ගිය සතියෙත් විද්දා....!
      "මාරු සල්ලි නැද්ද? තියෙනවනම් දෙන්න, මම දෙන්නම්" කියලා කියන්නේ. ගෙදර ආවම කියන්නේ ඕක පස්සේ ගන්න බැරිය කියලා.

      Delete
    3. ඉතිං බන් එකත් අර හෙට දවස වගේ තමයි බන් ....පස්සෙ දවසේ දෙයි බන් හැක් :D

      Delete
    4. උබ බයිලා කියනවා..... ඔව්වා හම්බෙන දවසක් නෑ යකූ... ඔව්වා බොල් ණය.. බොල් ණය...
      මේ සතියේ වත් බේරෙන්න, අනිද්දට වැඩක් දාගෙන ගෙදරින් මාරු වෙන්න ඕනේ.....!

      Delete
    5. ශික් හතර විලි ලැජ්ජයි බන් ,මාරු කාසි ටිකක් නිසා මෙහෙම කරන එක ..

      Delete
    6. ආ.....හරි.... හරි......
      බොට ලජ්ජා උනාට මට කමක් නෑ... තට්ටු වෙන්නේ මගේ පොකට්ටුවටනේ..... මම මාරු වෙනවා.....
      උබ ඕන අහක පල....!

      Delete
    7. ඒ උඹට මේ පුෂ්පය විකසිත කරන් ද බන් :)) යකෝ විහිළුවට බන් කිව්වෙ ඈ

      Delete
    8. පික්සුද බන්,, ඔයිට වැඩිය දේවල් අහල තියෙනවා බන්. ඕන දෙයක් කියහන් බන්, අපි අද ඉදලා හෙට මැරිලා යයි. ඉන්න ටික කාලෙට මිනිස්සු හම්බකොරාම ඇති බන්, සල්ලි නැතත්.

      Delete
    9. අනේ අසරණ නිමෝ..උඹ ගැන දුකයි..

      ඕවා ඔහොම තමයි බං ගනන් ගන්නෙපා.

      Delete
    10. මන් සංතෝසයි උබට හරි මගේ දුක තේරෙනවා..
      ගණන් නොගෙන කොමෙයි බන්......

      Delete
    11. @නිමෝ
      මල්ලි හරි මල්ලි ,උඹලා අපිලට මොනවා කියා ගන්න බැරිද බන් හැක් ...මේ ඉන්න ටිකේ

      Delete
    12. @සහෝ
      ඒකනේ බන්ස් කියන්නේ..... :D

      Delete
    13. උඹලයි අම්මට උඹට කන්න දෙන සල්ලිවලිං ලෑං මාට්ටරයක් ගත්තනං හරි බං. බූරුවෙක්ගෙ පිටේ පටවන්න පුලුවං බඩු පොඩ්ඩයිනෙ . චැහ්

      Delete
    14. එතකොට ලැං මාස්ටරේට ඩිසල් ගහන්න සල්ලි දෙන්නේ තෝද?

      Delete
    15. පත්තරේ...+++++++++++++++

      ඒක නෙවෙයි බං. ඉතාලියට 28 වෙනිදත් වෙලාද? අපිට තාම 27නේ..

      Delete
    16. මං හිතන්නෙ බ්ලොගර්ලගෙ අවුලක්ද මන්ද බං මනෝෂො .. මේ බලපංකො මේ නිමෝටත් 28 නෙ බං.. බොන්ඩ හොඳ හේතුවක් ඕක !!! ඕ යේස් .

      Delete
    17. නිමෝ .. ලෑම්මාට්ටරේටත් උඹ බොන ඒවම හලපං .. බඩු ටික පටවං උඩින් යයි බෲම්ම් ගාල :D

      Delete
    18. හුටා....! පිස්සුද බන්... ඩීසල් ගහන එක ලාබයි ඊට වඩා...

      Delete
  8. අඩේ මචං උඹේ මේ කතාව ආයෙමත් මාව මගේ පුංචි කාලෙටයි අපේ සෙනසුරාද පොලටයි එක්ක ගියා. හැබැයි මචං වෙනසකට තියෙන්නෙ මටනම් බූන්දි වගේ පැනිරස ජාතිනම් පේන්න බෑ. මගේ පොලේ ෆේවරිට් මුරුක්කුයි, වඩේයි. අම්මා...උමබ්ලකඩ මැදිවෙච්ච, සුදු කොච්චි කරලක් රිංගවපු වඩයක තියෙන රහ...කෙළ උනනවා අප්පා..

    ReplyDelete
    Replies
    1. වඩේ ගැන කියලා මගේ කටත් අවුස්සනවා... යකූ....

      Delete
    2. නීමෝ උඹ වැඩිය ආස උළුදු වඩේ වලට නේ ;)))

      Delete
    3. උළුදු වඩ වලට මන් පට්ට ආසයි මචන් ආය බොරු මොකටද.. හැක්....
      බොලන් කොහොමද ඒක දන්නේ?

      Delete
    4. @ මනෝ
      පොලහරිම සුන්දර තැනක් සැහෙන සෙනගක් ඉන්න රස විදින්න දෙවල් සැහෙන තියෙන තැනක් ,වඩේ සමෝසා වගේ එවටත් මං ආසයි බන් මේ බූන්දි කියන එක ගත්තෙ පොඩි රූපකයක් වගේ දෙයකට ,
      උඹ දන්නවා ඇතිනේ බණ්ඩාරවෙල වඩේ කඩ ටික ගැන,මං මාසයක් හිටියා එහේ හැමදාම හවසට රුපියල් 50ක වඩේ ගන්නවා මුදලාලි සමොසා නොමිලේ දෙනවා ..

      Delete
    5. @ නිමෝ
      මමත් ආසයි බන් එවට ,පෙන්න බැරි ඉස්සො වඩේ හැක් ...වඩේ නම් තඹුත්තේගම,බණ්ඩාරවෙල මට නම් අල්ලලා ගිය තැන් දෙක

      Delete
    6. ඉස්සෝ වඩ කොහොමත් මමත් නොකන ජාතියක්......
      උබයි මනොශයයි දෙන්නම එකතුවෙලා මගේ කට අවුස්සනවා... අද නම් ගෙදර යන්න කලින් වඩයක් කාලම තමා යන්නේ. ඕ.. යේස්..!

      Delete
    7. උඹලට කියන්න මචං බදුල්ලෙ පොඩි වඩේ කඩවල වඩේ වගයක් තියෙනවා බං..අම්මේ රහ. ඒව උලුඳු වඩේ. වඩේ එක මැදින් පලලා ඒ මැදට පට්ටම රස ලුණුමිරිසක් දාලා තියෙන්නෙ. අදටත් බදුලු යන හැමවෙලේම අනිවාරෙන් අරන් කනවා. දැන් අවුරුදු හයකට කලිනුත් ඒව රුපියල් 10යි, අදත් රුපියල් දහයයි. එදත් අදත් රහේ වත්, සයිස් එකේවත් වෙනසක් වෙලත් නෑ..

      නිමෝ...තවත් කට අවුස්සව්වා නේ?? යනගමන් වඩයක් කකාම පලයං..

      Delete
    8. වඩේ විතරක් බම්බු ගහන්නද බොල. බාගෙකුත් ඇරං පල !!!!!

      Delete
    9. @මනෝ
      ඔව් බන් දැන්නම් අනිවා වඩයක් ගිලලමයි යන්නේ.

      දවස් 3කින් බාගයක් දැක්කේ නෑ බන්. අදවත් අරන් යන්න ඕනේ..! සෙට් කරලා කියන්නම් උබත් වරෙන් පත්තරේ,, :D

      Delete
    10. ඕං මං මාරු..මං නෑ ඕවට..

      Delete
  9. අම්මා එක්ක පොලේ ගියේ නැතත් බෝඩිමේ හිටිය අක්කා එක්ක පොලේ ගොස් එළවළු ගේන්න පුරුදු වෙලා හිටිය නිසා ආපහු මතකය අවදි වුනා.. එක එක වෙළෙන්දන්ගේ් ගණන් අහ අහ තමන්ට කැමති එලෝලු පළතුරු ජාති ගන්න පුළුවන් වෙන එකත් වෙනස් අත්දැකීමක්...

    පලි, මේ කාලෙකට කලින් සයිබර් යායේ පළවුනු පොලේ කතාවක්..
    http://cyberyaya.blogspot.com/2012/04/blog-post_10.html

    ReplyDelete
    Replies
    1. බොඩිම් වල අය එක්ක නම් මං ගිහින් නෑ ,එත් එකම තැනින් බඩු වල මිල අහගෙන අපාහු ගිහින් පොල වටෙම මුලින් ගාන අහපු තැනින් ගන්න වැඩේ නම් වෙලා තියෙනවා ...

      ඇත්තටම මේ ලින්කුව මට නම් වැඩ කලේ නෑ

      Delete
  10. සහෝ....අද හරිම හිත්ගන්නා විදිහට ලියලා. නියමයි. හැලපේ කියලා තියන දේ ගැන හිතපන්.

    මම පොඩි එකා කාලේ බොම්බයි මුටයි ටිකක් පොඩි කඩදහි කොලයක් උඩට දාලා දෙනවා සත පහයි. බොම්බේ මිටායි කියන්නේbombay sweets කියන එක. ඒක තමයි අපි බොම්බයි මුටයි කිව්වේ.බූන්ඩි කියන්නේ උතුරු ඉන්දියාවෙන් ආපු පැණි කෑමක්. බූන්ඩි වර්ග සීයකට වඩා තියෙනවා ඔය කඩවල. කඩල පිටිවලින් තමයි හදන්නේ.

    ReplyDelete
    Replies
    1. අරූ අහන්නත් සතුටුයි ,මං ව්‍යාකරන හදා ගන්න හදනවා ,අකුරු නම් සුබස පිහිට තමයි ...
      තව කතා ලියන්න පොඩි අදහස් කිපයක් තියෙනවා ලියලා අපරාදෙ වගේ මෙහෙම අඩුපාඩු සැහෙන තියෙන වෙලාවක ...
      කඩල පිටි වලින් තමයි නේද ඔය බොහෝ කෑම වර්ග හදන්නෙ ,බයිට් වරග වුණත් ...

      Delete
    2. අඩුපාඩු හදාගන්නේ කොහොමද බන් ලියන්නේ නැතුව. ඒකත් හරියට ලුනු වැඩිවෙයි කියලා බයට හොද්ද ලිපේ තියන්නේ නැහැ වගේ කතාවක්නේ. දන්න අය කියලා දෙයි.

      කඩලපිටි ඉන්ඩියන් උන් හරියට පාවිච්චි කරනවා.

      Delete
    3. හැලපෙට මං කියලා තියෙන්නෙ ඔය ව්‍යාකරන ටිකක් බලන්න පටන් ගත්තා කියලා ,එහෙම බලලා ලියනවා, එත් තව තියෙන්න පුළුවන් අඩුපාඩු.... :D ..අනිවාර්යයෙන්ම ඒ කතා ලියනවා දැන් මට ඕන හොද කතාවක් ඉවසලා ලියන්න ...මේකයි කලින් කතාවයි අරූට බැලුවොත් තෙරෙයි ඉස්සෙල්ලා එක චරිත වලටයි දෙබස් වලටයි මුල් තැන,මෙක විස්තර කිරිමට මුල් තැන දුන්නා කියලා මට තෙරෙන තරමින්

      ඇයි කඩල පිටි රූපලාවණ්‍ය වැඩ වලටත් ගන්නවා කියන්නෙ ... :D

      Delete
    4. ඔව් සහෝ කතාවේ weight එකක් තියෙනවා.

      Delete
  11. අපි ගියපු පොළ නම් තිබුනේ කොළඹ හතේ. එතන තමයි දැන් තර්ස්ටන් එකේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. කැළණියේ ඉඳලා 154 බස් එකේ යන්නේ. විශේෂයෙන් ගියේ සුරතල් මසුන් ගේන්න. දැන් හදිස්සියේ පොල එතන තීලා මාළු ගෙනාවනම් උන් ටැංකියේ දැමීම කෙසේ වෙතත්, තාච්චියේ දාලා බැදලා කන්න තමයි වෙන්නේ. මම හිතන්නේ බස් එක එතනට යන්න පැය තුන හතරක් යනවා.

    ReplyDelete
    Replies
    1. අපිටත් තිබුණා සැහෙන ඔය මාළු හැදිල්ල ලෙඩේ බැනුම් අහලා ඉවරයි වතුර මාරු කරන්න කියලා ,
      හැබැට කාපට් පාරවල් නිසා වෙන්ඩ ඇති එච්චර වෙලා යන්නෙ දැන් ???

      Delete
    2. අපි නං මාලු නොහැදුවත් තාම වෙලාවට වතුර මාරු කොරනවා. ඒව හොඳ පුරුදු :D

      Delete
  12. මරු බං සහෝදර මේ සිද්දිය නම්. හරිම හුරතල් කතාවක්. අනිත් උන් ආච්චිට හාල් ගරද්දි උඹ අම්මට පොල් ගාලා දීලා වගේ. ආච්චිට හාල් ගරන එකත් ඔහොම ඇතිවෙච්ච කතාවක්ද කියලා හොයලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මං දන්න තරමින් ආච්චිට හාල් ගරන්න කියන්නෙ වැඩක් හරියට නොකරන කොට එකට එහෙම කියන්නෙ ආච්චිට සාමාන්‍ය වයස නිසා කටේ දත් අඩුයිලු ඉතිං හාල් ගරන්නෙ ගල් වැලි ඉවත් කරන්න නෙ ,ඉතිං ආච්චිට ගල් වැලි තිබුණා කියලා හැපෙන්න දත් නෑනේ එක නිස හාල් හරියට ගැරුවේ නෑ කියලා අවුලක් නැතිලු ,ඕක මං අහලා තියෙන කතාව වෙන කතාත් ඇති මෙකටම ....


      Delete
  13. අඩේ අපිත් ඉතින් ඒ දවස් වල පොලේ ගියා තමයි බෑග් ටික උස්සන් එන්න.. සංතෝසමක් හැට්යට ඉතින් අපිටත් ඔය මොනා හරි හම්බුනා ඒ දවස් වල..

    ReplyDelete
    Replies
    1. මේ කාලේ බෑග් උස්සන් එන්න බැරි තරම් පොඩි කාලේ,අම්මා මාව වඩාගෙන යන්නෙ සමහර වෙලාවට ....ඒ ලැබෙන දේ කොච්චර වටිනවද ??

      Delete
  14. හිහි...
    දේශකය කීවෙ ඇත්තද මංද...
    කොල්ලො යනවැයි පොලේ...ඊටත් හිරමනා...
    හැක්...
    මං නං අපේ අම්ම එක්ක පොලේ යන්න සොපිං යන්න තරං අකමැති වෙන කිසිම දෙයක් නෑ...
    හප්පා... ඒ වගේ පනිස්මන්ට් එකක්...
    ලෝකෙ තියන ලොකුම වැරැද්ද කෙරුවත් ඒ වගේ පනිස්මන්ට් එකක් දෙන එක නීති විරෝධී අප්ප
    ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. දේශක ව්‍යාකරන වැරදි නිසා කිව්වෙ බන් ,කොල්ලො යන්නෙ නෑ කිව්වට ඔය උඩ ඉන්න අය නම් ගොඩ දෙනෙක් ගිහින් තියෙනවා ,ශොපින් නම් පුදුම වදයක් හැබැයි දෙපැත්තම බෙරං වැඩේ ගොඩ දා ගන්න ඕන ;)))

      Delete
  15. ඒ අතීත මතක නැවත ආවර්ජනය කරනකොට,වෙනකොට හරිම මිහිරියි නේද.?

    බූන්දි වලට මමත් ආසයි,බෝම්බෙයි මොටෙයි වලට වැඩියෙන්...:)

    ReplyDelete
    Replies
    1. අතීත කතා නම් හරිම මිහිරි මනොජ් ,
      ආවසානයේ හරි මෙහෙම කමෙන්ටුවක් දැකිම සතුටයි ඕං ............

      Delete
  16. මේ කතාව නියමයි සහෝ!

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ කියවන්නෙ නැතුවම දැම්ම කමෙන්ටුවක් කියලා , :D

      Delete
  17. පොලේ යන වැඩේ නම් මමත් ආසම වැඩක්..මොනාහටි කඩචෝරු ටිකක් කන්න පුළුවන්නේ... :D

    කතාව හිතෙන් මවාගෙන කියෙව්වා.. අපූරුයි සහෝ...

    ReplyDelete
    Replies
    1. ඔය කඩචොරු කන්න ගන්න පුළුවන් නම් ෂොපින් කිරිල්ල පවා වෙනස් වෙනවා,බොරු නම් පොඩ්ඩක් කරලා බලන්න ,මෙවා තමන් ගේ අත්දැකීම් එක්ක කියවනවා නම් තමයි දැනෙන්නෙ ..

      Delete
  18. උණු බුන්දි කන්න දොළක් ආවා මේක කියවලා.
    මොකක්ද මන්දා බුන්දි වගේ රස කෑම මතක් කර කර යකඩ බඩු ගැන කියවනවා.

    ReplyDelete
    Replies
    1. හැක් එච්චර බූන්දි ගැන කියලා තියෙනව ද ?යකඩ කැල්ල ගැන තමයි ලියන්න ගියේ...හැක්
      බූන්දි ටිකක් ගෙන්න ගෙන හරි කන එක හොදයි දොල සංසිදෙන්න

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.