08 November, 2013

අපි උන් වගෙද???උන් අපි වගේ ද????




           මිනිසා සතුන්ගෙන් වෙනස් වෙන්නේ මුලිකවම මනසින් උසස් යන්න පිලිගැනිම මතයි   .නමුත් මේ මනසින් උසස් නැත්නම් අපේ අයගේ මොලේ වැඩි කම නිසාම අපි අවුල් ගොඩක පැටලිලා ,…
                                                            විශේෂයෙන්ම සතුන්ගෙන් අපි වෙනස් වන ප්‍රධානකරුණක් තමයි හැගිම් හා බැදිම් .මිනිස්සු වෙච්ච අපි ජිවත් වෙන්නෙ මේ හැඟීම් බැදිම් නඩත්තු කරන එක තුලයි ..අපි ජිවත් වන කාලය පුරාවටම මේ හැගිම් බැඳීම් ටික නඩත්තු කරනවා  එහෙම කරන්නෙ අපි සතුන්ට වඩා උසස් බුද්ධියක් තියෙන නිසාලු
                                  ඇත්තටම එත්කොට සත්තුන්ට මිනිස්සුන්ට දැනෙනෙ හැගිම් (ආදරය ,කරුණාව ,ශෘoගාරය )දැනෙන්නේ නැත්ද ????අපිට ආගම දහමේ පවා කියලා දෙනවා සතුන්ට අපි දක්වන ආදරය  කරුණාව උන්ට දැනෙනවා කියලා ..නමුත් මේ ලග දී දවසක සහෝදර ගේ නිවසට පැමිණි උගත් මහත්මයෙකු පරේ යන බල්ලන් ජොඩුවක් පෙන්වා කිවේ බලන්න උන්ගේ තියෙන ආදරය මේ ආදරය දැන් ඉන්න මිනිස්සු ලග නැනෙ
                                                       ඇත්තටම සත්තු මෙහෙම හැසුරෙන්නෙ උන් අපිට ආදරය ගැන පාඩම් කියලා දෙන්නද ???මම නම් හිතන්නෙ පොදුවේ සත්තු ලග හැඟීම් දෙකක් තියෙනවා
 
1-ඌට ළගින් ඉන්න අනෙකා තර්ජනයක් නම් ඇත් වෙන එක
2-    අනික තර්ජනය අවම තැනට o විම

නැතුව උන්ගාව ආදරයක් තියෙනවාද නැත්ද යන්න හරියටම කියන්න බෑ .නමුත් සත්තු මිනිස්සු වගේ දිර්ඝ කාලින බැදිම් නම් ඇති කර ගන්නෙ නෑ ..(මට හිතෙන හැටියට )අපි කවුරුත් දන්න දෙයක් තමයි සතුන් සොබාදහමේ නියමයන්ට අනුකුලව ජිවත් වන බව ඇත්තටම එතකොට මී මැස්සා මී වදයක් බැන්දේ අපිට එකමුතුකම ගැන   කියලා දෙන්නද ??හැබැයි අපිට ඔය කතාවෙන් එකමුතු කම ගැන අපුරු පාඩමක් කියලා දුන්නා ..එතකොට වේයා බැන්ද හුඹසට නයා රිංගුවේ එකමුතුකම ගැන කියලා දෙන්නද ???
                                           එතකොට අර පාරේ බලු ජොඩුව එකට ගියේ අපිට ආදරය ගැන කියලා දෙන්නද ??????...අපිට පොඩි කාලේ  වෙල් අයිනේ හෙලවෙන්නෙ නැතුව  ඉන්න කොක්කු පෙන්නලා අච්චි කියනවා අන්න පුතේ කොක්කු සිල් අරන් කියලා..ඉතින් අපි එකෙන් දැන ගත්තා සිල් ගත්ත දවසට  දග නොකර ඉන්න .

                                        ඉතින් මට නම් හිතෙන්නෙ ඔය සත්තුත් love කරනවා කියන්නේ කොකා සිල් ගන්නවා  වගේ දෙයක් කියලා   මොකද නැත්නම් සත්තු බිහි කරන පැටැවු අනේ මේ අපේ අම්මා මේ අපේ තාත්තා කියලා වයසට යනකොටත් බලා ගන්න ඕනිනේ ..කෝ එහෙම වෙනවද ?(එහෙම නොකරන උන් සත්තු )නෑ ..මේ සොබාදහම අපි වෙනමම බලන්න ඔනි දෙයක්   මිනිසා හැරුනු කොට අනෙක් සත්තු ලග හැඟීම් තියෙනවා උන්ගේ පැවැත්මට නැතුව මේ පාඩම් කියලා දෙන්න නෙවෙයි ..

අයේ කියන්න එපා සත්තු පැටවුන්ට කිරි දෙන්නෙ කියලා මිනිස් මවක් කිරිදිම පිලිබඳව ඇත්තේ වෙනම කතාන්දරයක් ..අපි කවදාවත් මිනිස්සුගේ වැඩයි සත්තුන්ගේ වැඩයි පටලවා ගන්න හොඳ නෑ ආදර්ශය ගත්තට අවුලක් නෑ .හැබැයි සත්තු කරන වැඩ කරන්න ගිහින් නිකන් පිචo වෙන ඇයොත් අපි අතර ඕනි තරම් ඉන්නවා

.ලි
අපි හරිම උසස් බුද්ධිමත් අපුරු මිනිස්සුනේ ….