තිත්ත කළුවර වැටුණු අහසේ තැනින් තැන විදුලි රේඛා විටින් විට මතු වෙයි.ගෙදර පිල මත තිබූ කුප්පි ලාම්පුව විටින් විට හමන සුළඟින් නිවෙන්නට යෑම වැළැක්වීමට මැණිකා ලාම්පු දැල්ල අතින් වසයි..විට්න් විට හමන සුළගත් සමඟ මුසු වූ පිනි ඇගේ මුහුණ පිස හමද්දි........ඈතින් අරනොරිස් ගේ සුපුරුදු ගීතය ඇසෙත්ම පිලෙන් සිට ගත් ඇය නිවස ඇතුළට වැදුණේ කලින් ලද පහර කෑම් වල වේදනාව තවමත් නොමැකි මතකයේ තිබූ හෙයිනි........
කෝ මේ ගෙදර උන් ? සරම කැසපොට ගසා ගත් අරනොරිස් කෑ මොර දීම ඔහුගේ සිරිතය..රා පේරිම,කිතුල් පැණි හා හකුරු සෑදිම ජිවිකාව කර ගත් ඔහු වචනයේ අර්ථයෙන්ම රා ගුඩ්ඩෙකි .....
යකෝ .....මේ ගෙදර උන් කොහේ තොලොංචි වෙලාද ? ඔහුගේ කෝපය වැඩිවත්ම භාෂාව ද සැර පරුෂ වීම මැණිකාට හුරුය ...ඇය මුවින් කිසිත් නොදොඩා ඉදිරිපස දොර ළඟට වුත් කුප්පි ලාම්පුවෙන් එළිය අල්ලා ඔහුට නිවසට එමට සැලස්විය....
බත් කාලා හිටියා නම් ....මැටි බදුනට බත් හා වෙනත් ව්‍යංජන බෙදා අරනොරිස්ට පිලි ගැන්වු ඇය බලා උන්නෙ ඇයගේ ලොකු පුත්‍රයා නිවසට ගොඩ වන තුරුය ...ඔහු තරුණ කොලු ගැටයෙකි යන්තමින් දැලි රැවුල මුහුණෙ වැවුණු ඔහු නමින් යසපාල විය .ඔහුට රැකියාවක් නොතිබුණ අතර කළ එකම රාජකාරිය කොල්ලන් සමග ගම වටේ රවුම් ගසා රාත්‍රියේ නිවසට වැද නිදා ගැනිම පමණි....මෙතෙක් වෙලා ගැබ්බර හිටි අහස එක්වරම වැහි කඩා හලන්නට විය ...කළුවර රැයක අතොරක් නොමැතිව,අකුණු විදිමින් වහිනා වැස්ස රාත්‍රිය චමත්කාරය ඉහළ නැංවිය....අකුණු එළියෙන් නිවසේ විවිධ හැඩ සෙවනැලි මතුවී පෙනෙයි ...එවා සුන්දරය,මිහිරිය,කලින් හැමු සැඩ සුළග වුවද වාර්ෂාව සමඟ එක් වු විට හමන්නෙ ගතට සිසිලස දෙන අයුරිනි .....
වැස්ස තුරල් වත්ම ඉදිරිපස දොරට කවුරුන් හෝ තට්ටු කරනු හඩ ඇසුණු මැණිකා නැවැත කුප්පි ලාම්පුව දල්වා ......
කවුද ............
අම්මා ...දොර අරින්න ...මේ මම ....ගොනි පඩංගුව දෙකොන ගොට්ටක් අකාරයට නමා හිස මත දමා ගත් යසපාල දොර අසලය .....
ආ ...උඹට දැන් ද ගෙදර මතක් වුණේ ...මුවින් කිසිත් නොකි ඔහු පැදුර එලා නිදා ගැනිමට සැරසුණ අතර ...
අන්න බත් බෙදලා තියෙනවා කාපාන් ........
******************
අදත් තෙලිජ්ජ ටික මොකෙක් හරි බීලා ගිහිල්ලා,.....උදැසනින්ම හකුරු සෑදිමට අවශ්‍ය තෙලිජ්ජ ගෙන එමට ගිය හේ නිරුවත් පපුව අත ගාමින් නිවසේ පිලෙහි හිද හීල්ලිය ....
මොකා බොන්නද ? තමුසේ ඒ ටිකත් බොන්න ඇති කන මදයා වගේ ....අයේ බොන්න ගියාම තමුසේට සිහියත් තියෙන එකක් ඈ ...විල්ප්රට් මහත්තයාට පිං සිද්ධ වෙන්න මං අර රබර් කැල්ල කිරි කැපුවේ නැත්නම් ඔහෙල ගේ බඩ දැන් පිටට ඇලිලා .....
මැණිකා ගේ වචන අරනොරිස් ගේ පපුව හරහා සිදුරු වී ගියේ මූනිස්සම් කැට එකින් එක තම පපුවට විදින්නාක් මෙනි...ඔහු මුවින් කිසිත් නොකියා කල්පනාවෙ සිට එක් වරම ඉණෙහි රුවාගෙන සිටි පිහිය ගෙන අතට කෝපයෙන් වෙව්ලන මුහුණින් යුතුව ....
අද මං කරන්නම් හොද වැඩක්,ඔහු කෝපයෙන් වෙව්ලන අතින් පිහියත් ගෙන ......
මේ ගිනි මද්දහනෙ කොහෙද මනුස්සයෝ ඔය යන්න හදන්නෙ ?...
මෙතුවක් කාලයක් මේ ගමේ එකෙක් මගේ තෙලිජ්ජ ටිකට අත තියලා නෑ..මං හොරකන් කරපු එකාට හොද වැඩක් කරන්න යන්නෙ ..සරමෙහි කොනක් දණහිසට මදක් උඩඩ එන තෙක් අතින් ගෙන කඩුල්ල උඩින් පැන ගිය අරනොරිස් ගැන මැණිකා ගේ සිතෙහි බියක් ඇති නොවුනාම නොවේ.නමුත් ඇයට කළ හැක්කක් නොමැත,අරනොරිස් කොට කෙන්තිකාරයෙකි එ බව ඈ හොදින්ම දැන් උන්නාය...ඔහු ප්‍රශ්නයක පැටලුණු පසු කොතනින් කෙළවර කර ගනිද යන්න දන්නෙ ඔහුම පමණි...
ගොම්මන් අඳුරු වැටෙත්ම නිවසට අරනොරිස් පැමිණියේ පුරුදුපරිදි කට ගොන්නක් බී ගෙනමය ....ඔහු විටෙක සිනාසෙයි ,තවත් විටෙක කල්පනා කරයි ...
හැක් ...අද නම් ඌ කම්මුතු වෙනවා ....හැක් හැක් .....මං හොද වැඩක් කරලා ආවේ ....
තමුසේ මොනවද කරේ ගිහින් මනුස්සයෙක්ට ගැහුවද ?රා පොල්කට්ටක් නිසා ...
හැක් ..පිස්සුද..මං කිතුලේ උඩින් හැර කපලා ආවේ....ඌ ගහ යටම කම්මුතු වෙලා යන්න .... හැක් හැක් ...
*****************
පසුදින උදෑසනින්ම අරනොරිස් නිවසින් පිටව ගොස් තිබිණ.දහවල් වන විට නැවත නිවසට වුත් පිල මත වාඩිවී බුලත් විටක් හපයි ...විටින් විට රත් පැහැති කෙළ ''චිරිස්'' හඩින් තොල් පට දෙකට ඇගිලි දෙකක් තද කොට ඒ අතරින් මිදුලට විදී .....
ඈ ...එයි ...මොකෝ අදත් තෙලිජ්ජ නැත්ද ?පිල උඩ බකන් නිලන් ඉන්නෙ ?
කොහේ ....මං ඊයෙ කිතුලේ උඩ හැර කපලා අවේ,ඌ එක මග ඇරලා ගහ දිගේ ගොහින් නේ ...
අනේ යනවා යන්න තමුසේගේ බොරු නොකියා ....එකත් බිලා මෙතන තව බොරුත් ගොතනවා ......පිලෙන් නැගිට සිටි අරනොරිස් මිදුලට බැස මුවින් කිසිත් නොබැණ කඩුල්ල පැන යනු මැණිකා බලා උන්නාය ....
එදින හවස අරනොරිස් නිවසට ආවේ බිමතින් නොවිම මැණිකා ගේ පුදුමයට හේතු වුවත් ඇය එ ගැන කිසිත් නොඅසා සිටි අතර අරනොරිස් ඉදිරිපස පිලට බර දී රෑ සඳ මුදුන් වනතුරුම කල්පනාවකය ..
එයි ...මේ බත් ටික කාලා හිටියා නම් ?
හ්ම්ම්ම්....
මොකෝ ඔහෙට වෙලා තියෙන්නෙ ආපු වෙලේ ඉදන් කල්පනාවෙමයි ....
පසුදින අරනොරිස් හදිසියේ වෙළෙඳපොළට ගිය අතර නිවසට එන විට ගොම්මන් අදුර වැටෙමින් තිබිණ.ඔහු නිවසට යන අතරතුර වෙද ගෙදර දෙස බැලුවෙ එහි ගමේ මිනිසුන් එක්කාසු වී සිටිනු දුටු හෙයිනි....ඔහු සෙමින් මිනිස්සුන් අතරින් ඇදි දුටු දෙයින් දෙපා පණ නැති වී ගියේ නොදැනුවත්වමය.වෙද නිවසෙහි ඉදිරිපස පැදුරු මත දිගා කරවු කොල්ලන් කිහිප දෙනෙකි.ක්ෂණයකින් ඔවුන් අතර සිටි ඔහු ගේ වැඩි මහලු පුත් යසපාලව ඔහුට අදුන ගැනිමට හැකි විය.මැණිකා හා තවත් ගැහැණුන් කිහිප දෙනෙක් බිම හිද කඳුළු වගුරවයි ...ඔහු හෙමින් ලංව .....
මොකද වෙද මහත්තයෝ මගේ කොල්ලට ...?
මොකක් හරි විසක් කැවිලා බොල,කොලුවො ටික කොහෙන් හරි විසක් දපු රහමෙරක් බීලා වගෙයි.......
අරනොරිස්ට ඇසුනෙ එපමණකි..........

හුටා..තාත්ත දුන්න නේද පුතාට බැස්ටිය...
ReplyDeleteහය්යෝ සංසාරෙ...
චිත්ත රූප මැවීම නං ඉහලයි දොඹේ...
මට නං සිරාවටම කතාව රහට දැනුන...
තාත්තා දුන්න එක පුතාට වැදුනා ,
Deleteස්තුතියි මහේෂ් ...
වැඩේ දරුණුයි
ReplyDeleteදරුණු වැඩත් වෙනවානේ කකා
Deleteලියවිල්ලනම් අන්තිම ඉහලයි.
ReplyDeleteඑල ද බ්‍රා.
එහෙනම් එච්චරයි මෙන්ඩි
Deleteඑල ද බ්‍රා ;))
හෆොයි .. ඔහොම දෙයක් වෙයිදෝ කියලා නිකමට හිතුනා
ReplyDeleteමීට වඩා දේවලුත් වෙනවා ඉවාන් ,මොනවා කරන්නද ??
Deleteෂුවර් එකටම මී පාසානං දාන්න ඇත්තේ, දැන් තියෙන්නේ ඉස්පිරිතාලෙට ගෙනිහිං වහ ජාතිය මේකයි කියලා කියන්න. කෝ තතාකරපං ඔය අරනෝරිසාට.
ReplyDeleteමේ අරනෝරිස්. මේ අහනවා. දැන් තමුසේ වහ ජාතියත් අරගෙන කොලල්ව ඉස්පිරිතාලෙට ගෙනියනවා. ඔව්, තමුසෙට උසාවි යන්න වෙනවා තමයි. ඇයි යකෝ තමන්ගේ පුතා නේද? හරි මම නඩුවත් කතාකරන්නම්. තමුසේ කොහොමද නඩු ගාස්තු ගෙවන්නේ නේද? හොඳයි මම ඒකටත් ක්‍රමයක් කියලා දෙන්නම්. මම තමුසෙට නොමිලේ පෙනී හිටින්නං. මට අද ඉඳලා හැමදාම තෙලිජ්ජ මුට්ටියක් ගෙදරට එවන්න ඕනෙ තමුසේ ජීවත් වෙනකල්. මොනවා. අසාධාරණයි? එහෙනම් මැණිකව එවාපං බංගලාවට හැම බදාදම රෑට...ඇයි යකෝ...මේක හරි වැඩක්නේ.
බොහෝ විට ඉදිරියේ විය හැකිදේ… +++++++++++++
Deleteමට වසක් ගැන ඔළුවට ආවේ නෑනේ ...ඔය තියෙන්නෙ ...
Deleteකමෙන්ටුවට කමැති .ඉදිරිය මෙහෙම නොවෙයි කියලා කියන්නත් බෑ...
සාමාන්‍යයෙන් ගම්වල රා මැදපු ගැමියෝ රා හොරෙන් බොන එක වලක්වගන්න රා මුට්ටියට ජාපාල දැම්මා.එතකොට බීපු මිනිහට හොඳ සීරුවට බඩඑළිය යනවා.ඒ ඇරෙන්න වෙන අමාරුවක් නෑ.ගැමියො හොරෙන් රා බොන එකාට පාඩමක් උගැන්නුවේ එහෙමයි.වස විස දැම්මේ නෑ රා ටිකක් නිසා ප්‍රාණඝාතයක් කරන්නෙ මොනවටද කියල හිතල වෙන්න ඇති.
ReplyDeleteඔය ජාපාල දාන විදිය මම දැක්කෙ පියසේන නිශ්ශංක මහත්තයගෙ ගිනි සිසිල පොතේ තිබිලයි.
පියසේන නිශ්ශංක මහත්තයගෙ "ඔය බොඩ ගෙදර" සහ "හීන් හාමිනේ" මාත් ඉතාම ආසාවෙන් කියවපු පොත්... තැන්කූ හලපේ මහත්තයා මතක් කර දුන්නාට
Deleteජාපාල දැම්ම්මාම හිට ගන්න බැරි වෙනකන්ම බඩැඑළිය යනවලු ,හැබැයි මං නම් අහලා තියේ වස විස දාපු අවස්ථා ගැනත්,එහෙම නොකරනවා කියලා කියන්නත් බෑනෙ,මං කතා පොතක මෙහෙම කතාවක් හබ්බවෙලා නෑ පොත හොයා ගෙන කියවන්න්න ඕන .....
Deleteවස විස දාලා කෙනෙක් මැරුණු කතාවක් මම වාද්දුවේ රා පොළකින් අහලා තියෙනවා. ඒක රා අයිතිකාරයා නෙමෙයි කරලා තියෙන්නේ. මූ හොරෙන් බොන බව දන්න, මුගේ හතුරෙක්. රා හොරෙන් බොන එවුන් එකම ගහෙන් , එකම වත්තෙන් හැමදාම බොන්නේ නැහැ. අපි වාද්දුවේ ඉස්සර හොරෙන් බොනවා. පස්සේ ලියන්නම්.
Deleteඅරූ අර මම රාජ්ටත් කියලා තියෙන්නෙ එහෙම කතාවක් ,බොහෝ විට තරහා පිරිමහ ගන්න කරන වැඩ තියෙනවා ඔය වගේ තැන් වල රා හොරෙන් බීම ගැන ඉස්සරහදි කියවන්න පුළුවන් වගේ .....
Deleteලිවිල්ල හොද තැනකට පැමිණෙමින් තිබේ.. බෝම සන්තෝසයි සහෝ..
ReplyDeleteස්තුතියි දේශක ...ඉස්සරහට බලමු හෙමිට පිච්ච මලක් කඩන්න එහෙම ..හැක්
Deleteඔයවගේ සීන් ඇත්තටම වෙලා තියනව.
ReplyDeleteරාජ් වෙලා තියෙනවා,වස නෙවෙයි රා මුට්ටියට රබර් ඇසිඩ් පුරවලා තිබිලා කටට හලා ගත්තු අය ගැන අහලා තියෙනවා,එක නම් හබැයි තරහාකාරයෙක් කරපු වැඩක්ලු
Deleteයසපාල තමා එහෙනම් දිගටම ගේම් කාරයා. අන්තිමට තාත්තා අතින්ම පාර කෑවා.
ReplyDeleteකතාව නම් එළ සහෝ, ආයෙ දෙකක් නෑ එළ.
යසපාල සමඟ කොලු රෑන තමයි වැඩේ දිලා තියෙන්නෙ ....
Deleteස්තුතියි ප්‍රියා ....
බොරු මොකටෙයි. වස වැඩේ මට නම් හිත ගන්න බැරි උනා.
ReplyDeleteසුපිරි ලියැවිල්ලක් සහෝ...!
උඹට කියන්න මං මේ කතාව ලියන්න පටන් ගෙන තිබුණේ මොකක් ලියන්න ද කියලා මතකත් නෑ,කෝක් ටිකක් ගැවුණාම කතාවෙ ඉතුරු ටික මෙහෙම කෙටුවා හැක් ...
Deleteස්තුතියි නීමෝ ....
කතන්දරේ කෙසේ වෙතත්. ලිවිල්ල නම් ඉස්තරන් සහෝදරයා
ReplyDeleteමං හැමදාමත් කියනවා වගේ හැමොම කතා වලට කැමැති වෙන්නෙ එක එක විදියට නේ ...එක නිසා කතාව රසවත් නැති වෙන්න පුළුවන්
Deleteස්තුතියි මාතලන් ,...
මට හිතුනේ යසපාලයා දෙරිගහයි කියලා.. ඔය තරමින් හරි බේරුන එක මැදැයි.. දැං තියෙන්නේ තාත්තගේ බිස්නස් එක පුතාට දීලා, අරනොලිසාට පන්සලකට ගිහං යන එන තැනකට මොනවහරි කරගන්න එක තමයි...
ReplyDeleteරා ගැ න කිව් උඹඨ
බු දු ස ර ණ යි !!!!
හැක් ....බලන් ගියාම මෙහෙම කරන්නත් පුළුවන් නොවෑ ,මෙකේ අවසානයක් මංවත් දන්නෙ නෑ,එක නිසා බොලලා ඔක්කොම කියන එවා හරි ...
Deleteමෙක කියවපු උඹට අඹ සරණයි ;)))
අද ලියවිල්ල ලෙසටම මෙව්වය...... ඒ කියන්නෙ උඹ ලියන මගට වැටිලය......
ReplyDeleteකිතුල් ගහට හැර බදින දෙයක් මා දැක නැත.... පොල් ගස් වලට නම් වියලි පොල් ලෙල්ල ලනු වලින් බැද හැර විදියට සාදා ...පොල් ගස් දෙක අතර යාමට පයට තදට ඇබරු කඹ පොටවල් සතරක් සහ උඩට අත් දෙක විහිදා අල්ලාගෙන ගමන් කල හැකි ලෙසට කඹ පටවල් දෙකක ආධාරකයක් ලෙස තිබෙනව ..... සමහර විට එය ගස් 25 හ 30 යා කොට තිබෙනව .... විශාල විදියට රා කර්මාන්තයෙ යෙදෙන අය ....
ඔය කිතුල් ගහට නගින එක නම් මා දැක ඇත්තෙ මෝරපු උණගස් භාවිතා කරන බවයි....
සමහර විට පළාත් වලට වෙනස්ද මන්ද.....
කිතුල් රා බීපු තරමක් බීවෙ නාවලපිටියෙ පැත්තෙ .... හෙක්... හෙක්...
පොල්ගස්යාකර බැඳි ලණුවට කියන්නේ අතුර කියාය.. අතුර මතින් ගසින් ගසට මාරු වීම ඉතා අසීරු කටයුත්තකි.. එනිසා ඉතා අවධානම් කටයුතු වලට අතුරේ යනවායයි කියයි.. මාද දැක ඇත්තේ කිතුල් ගස් වලට උන ගස් තබා බැද ඇති ආකාරයයි.. එහි නැගීමද තරමක් අවධානම්ය.. සහෝදරයා හැර ගසනවා යයි ලියන්නට ඇත්තේ එය විය හැකිය..
Deleteමලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
Deleteඅපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ
හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය නගින්නේ
මලට කලින් අපි තෑලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//
අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ..
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි
නැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය වඩන්නේ
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//
මුලින්ම ස්තුතියි ,..
Deleteමෙහෙමයි අතුර ගැන නම් ඔය විදානේ කියලා තියෙනවා නේ ,හැර කියන්නෙ පොල් ලෙලි බදින එකට තමයි මං නම් දැකලා තියෙනවා කිතුල් වලටත් හැර බදිනවා එත් කිතුල් වලට වැඩියෙන්ම කරන්නෙ මොරපු උණ ගහක් බදින එක නම් තමයි...එත් හැරත් බදිනවා ....
@ විදානේ ස්තුතියි ...සිංදුව කෙටුවට ..නියමෙට ගැලපෙනවා ..
Delete
Delete.වේලිච්ච පුවක් ගහං අරං තීරු වලට පලලා හරි කිතුල් ලීයක්ම හරි අරගෙන අඩියක් විතර දිගට කපලා ගහට තියල බඳිනවා මං දැකලා තියනවා මචෝ.
ඔව් පත්තරේ එහෙමත් කරනවා අනික පුවක් පටි නැතත් ලී කැලි හරි තියලා බදිනවා,මං හිතන්නෙ ඔය හැර බැදිල්ල පළාතේන් පාළාතට එක එක විදියට කරනවා,එ මොනවා කරත් ගහට නගින්න පහසු වෙන්න තමයි වැඩෙ කරන්නෙ,තමන් ගේ පාවිච්චියට එක ගහක් වගේ කරන අය නම් ඔය හැර බදින්නෙ නෑ වැඩිය
Deleteමං හිතුවා යසපාලය හිරිමිජ්ජා වගේ ඉන්න කොට ඌ තමා රා ටිකට වැඩේ දෙන්නෙ කියල.. :D
ReplyDeleteලිවිල්ල නං ඉස්තරං ඈ..
හොරෙන් ඔය වගේ වැඩ කරන ඇයෝ ඉන්නෙ එහෙම කියලා හිතුවා බන් (මේ මං කරන විදිය හැක් )
Deleteස්තුතියි සංචාරක..
හත් ඉලව්වයි.....
ReplyDeleteනියම කෙටි කතාවක් මචං.....
Deleteස්තුතියි රන්දුනු ....
ඇත්ත සිද්ධියක් ද මන්දා....
ReplyDeleteනෑ නෑ මෙක මං දැනුවත්ව වුන ඇත්ත සිද්ධියක් නම් නෙවෙයි,හැබැයි මට කතාව ලියන්න අරම්භ කරන්න හෙතු වුණ කරණා අහන්න තිබුණා,මං අර උඩ රාජ්ට කියලා තියෙන්නෙ,
Deleteකතාවනම් නියමයි සහෝ.. මේ වගේ දේවල් වෙන්න තියෙන ඉඩකඩත් වැඩියිනේ ඉතින්.. දැන් නම් ලිවීම හොදයි.. මෙහෙම යමු ඉස්සරහට..
ReplyDeleteස්තුතියි දිනේෂ්.. මේ වගේ වැඩ අඩු වැඩි තරමින් වෙනවා ,බලමු ලිවිල්ල තව හදා ගන්න .....
Deleteනියම කතාව.. ඔව්...
ReplyDeleteස්තුතියි කොල්ලා
Deleteනියම දඬුවම :D
ReplyDeleteකාටද දඬුවම් ලැබුණේ? :D
Deleteතාත්තටයි පුතාටයි දෙන්නටම :D
Deleteකතාව එල සහෝ...... මේකේ අලුත් වර්ෂන් එක හැටියට..... දැන් කාලේ එවුන්නම් කරන්නේ තාත්තාගේ ගෙදර තියෙන බෝතලේට බහින එකනේ
ReplyDeleteඒක ලේසියිනේ බං. මක්කටෙයි ගස් බඩගාන්නේ. ගත්තා ගැහුවා වතුර ටිකක් දැම්මා අඩුව පේන් නැතිවෙන්ඩ..නැද්ද ඕං !!
Deleteඒක නේන්නං, ගස් බඩ ගාන්න ඕනැයැ
Delete@ රාළ
Deleteස්තුතියි..අලුත් විදිය නම් එහෙම තමයි ....හරි ලෙසි බඩුත් හොදයි
රා කියපු ගමං හූ කියාගෙන ආවේ. ඕ යේස්.සහෝදර මචං සාර්ථකයි ,ලියවිල්ල රහයි. අඩු පාඩු හදාගෙන යමං ඉස්සරහට .. අපි දෙන්නං ඇන්කෝර් එක.
ReplyDeleteමාත් එහෙමමමමමමමමයි... පන කඩං ආවේ (54/2)
Delete@පත්තරේ
Deleteරා දැක්කත් ඇති නෙව ,අඩු පාඩු ඉතිං කියවන අය පෙන්නලා දෙනවා නම් හදා ගන්න ලෙසි,
දෙපැත්තම කැපුන දඩුවමක්.කතාව ලස්සනයි සහෝදර
ReplyDeleteඅනිවාර්යයෙන් ලිහිණි දෙන්නාටම දඬුවම් ලැබුනා ....
Deleteආදර්ශවත් කතාවක්. අගනා නිර්මාණයක්.
ReplyDeleteඇත්තෙන්ම මේ කිතුල් රා නිෂ්පාදනයේදී ඇතිවන විවිධ ගැටුම් ප්‍රශ්න එමටයි. උගුඩුවෙක් තෙලිජ්ජ ටික බීලා ගීයත්, (තෙලිජ්ජ බීලා තියනවද? හරිම රසයි. මත්වෙන්නේ ගොඩක් බිව්වොත්) එය අවබෝධ කර නොගන්නා කෙනෙක් හිතන්නේ කවුරු හරි හොරෙන් බිව්වා කියලා. කිතුල් කර්මාන්තය ආශ්‍රිතව නොයෙක් රහස් උපක්‍රම, කෙම් ක්‍රම, ආදිය උප සංස්කෘතියක් ලෙස අදටත් පවතිනවා. නමුත් කණගාටුදායක ලෙස මේ කර්මාන්තය පිරිහීගෙන යනවා.
අදටත් මගේ හමුදා ගෝලයෙක් මාස දෙකකට පමණ වරක් මට කිතුල් රා ලීටර් 10 ක් පමණ රැගෙන එනවා. මමත් යාලුවන්ට එන්න කියලා සප්පායම් වෙනවා. ඒ ගොලයාම තමයි රා මදින්නේ. ඔහුගේ ගෙදරගියාම තමයි දැක්කේ (මහනුවර - දිගන) ඔහු වෙනත් කිතුල් ගස් කොපමණ තිබුනත් ඔහුගේ නිවසට යාබදවම තිබෙන එක විශේෂ ගසක් තෝරාගෙන මදින බවත් දැක්කා. ප්‍රමිතිය ඉස්තරම්. එමෙන්ම ඉතා ඉහල තත්වයේ කිතුල් හකුරු සහ කිතුල් පැණි ඔහුගෙන් මට ලැබෙනවා. (පිනට නෙවෙයි සල්ලි වලට)
රා නිෂ්පාදනයෙදි පොල්,කිතුල් යන දෙඅංශයෙම ජිවිත කටුකයි.ඔබ කියන දේ හරි ඔය සත්තුන් ගේ කරදර මං දන්න විදියට නම් අදුන ගන්න පුළුවන්,ඔය මලට බදින බෙහෙත් එහෙම පරම්පරා රහස්ලු හකුරු හදන විදිය එහෙමත් එහෙමයි,මං රා වගේම තෙලිජ්ජ බිලා තියෙනවා,හැබැයි ත්ලිජ්ජ බිලා නම් පොඩි අකරතැබ්බයක් වුණා, දන්නවද දන්නෙ නෑ ඉස්සර රා හොරෙන් බොන එක නවත්වන්න ඇට ජාතියක් දැම්මා මුට්ටිය යටට දාන්වලු එකට මුත්‍රා කිරිම පාලනය වෙනවලු :)))
Deleteවිචාරකතුමා නම් වාසනාවන්තයි වගෙ අඩුවක් නැතුව රා පැණි හම්බ වෙන්න... :)).වෙලාවක මේ ගැනත් ලිපියක් ලියන්න පුළුවන් නම් ඔබේ ගොලයා ගෙන් සැහෙන විස්තර ගන්න පුළුවන් වෙයි .... අපි වැඩිය දන්නෙ නැති දේවල් තියෙනවා ඔය කාර්මාන්තය ගැන සැගවිලා යන ...
සෑර් . ඔබුතුමාගෙ ගෙවල් කුරුණෑගල කොයි හරියෙද කීවෙ . නෑ නිකං දවසක ගොඩවෙලා යන්ඩ අර ගෝලය එන දවසක !!!! ඕ යේස්.
Deleteමෙන්න පින් අතෙ වැඩ විචාරකතුමා ...පත්තරේ එහෙනං තව ලිටර් 10 ක් ගෙන්න කියන්න වෙයි,ගෙදර කිව්වාම විචාරකතුමා ලගේ ගෙදර හොයන් එයිද දන්නෙ නෑ කස්ටිය රා බොන්නම ....හැක් ....මටත් කුරුණෑගල බොහොම ලගයි නොවෑ හැක්
Deleteඉතින් ලොක්ක අපිත් යාලුවොනේ.
Deleteඅරනෝරිසාට ඉතුරු වෙච්චි වස තියේනම් කටේ හලා ගන්න හිතෙන්නේ ඇති වෙච්චි සිද්දියට.
ReplyDeleteඅනිවා ,පොඩි දෙයකට කරන මෝඩ වැඩ වලට අවසානේ වෙන්නෙ එහෙම වෙන්න පුළුවන්
Delete:O
ReplyDeleteඅපූරුවට ලියල තියෙනව සහෝ
ස්තුතියි බස්සි ,ඊලඟ පොස්ටුව දැක්ක ගමන් කස්ටිය අපුරුව කුඩු කරනවා මගේ ශුවර :))))
Deleteඅඩෙ මිට කලින් මට මෙහෙ එන්න බැරිවුනාද?
ReplyDeleteලියවිල්ල නියමයි.අනිතිමටික මෙහෙම වෙන්න බැරිද
අරනොරිස්- (තැතිගැන්නු මුහුනකින් යුතුව )වෙද මහත්තය කොහෙන්ද මුන් මෙ ජරාව බිලතියෙන්නෙ.
වෙද මහතා- කියල වැඩක් නැ අරනොරිස්.ඔය ඉන්න්නෙ කොනේම,අර අලුතෙන් ආව තැපැල් කන්තොරුවෙ මහතයත් .
අරනොරිසට සතුටුවෙන්නද දුක්වෙන්නද් අසිතාගැනිමට නොහැකිවෙයි
මතක විදියට මේ ආපු පළවෙනි දවස ....එකට මක් වෙනවද :))
Deleteආවසානය ඔය විදියටත් වෙන්න පුළුවන්.. මෙක මෙතනින් එහාට තමන්ට ඕන විදියට හිතන්න නිදහස තියෙනවා ..තැපැල් මහත්තයාටත් බඩු හබ්බ වුණා නම් අවසානය පොඩි ජොලියක් එයි තමයි ...අදහස නියමයි ..
හපොයි..
ReplyDeleteකොහොම වුනත් කෙටි කතාවේ රසය නම් නො අඩුව තියනවා ...
ස්තුතියි තුශානි ...
Deleteඋඹව නිරතුරුවම කියවන කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නෙත් උඹ සෑහෙන්න දියුණු වෙලා කියලා තමයි. මොකක්ද රහස...
ReplyDeleteඅනිවාර්යයෙන්ම අරූ මුල ඉදන්ම මං ලියන එවා කියවන කෙනෙක් ,රහස තමයි වැඩිහිටි උපදේස් පිලි පැදිම :D සම හරක්ට අඩුපාඩුවක් කිව්වම දොකොණ පටලවා ගෙන වලි නැත්නම් අනේ මං ඉතිං ඔයා වගේ විශිෂ්ට එවා ලියන්න බෑනේ මේ මගේ විදිය කියනවා නේ... මං පෙන්නන අඩුපාඩු හදාගෙන ලියන්න හදා ගන්න හදන්නෙ අරූ ...මතකද කිව්වා මෙන්න මෙහම
Delete///අඩුපාඩු හදාගන්නේ කොහොමද බන් ලියන්නේ නැතුව. ඒකත් හරියට ලුනු වැඩිවෙයි කියලා බයට හොද්ද ලිපේ තියන්නේ නැහැ වගේ කතාවක්නේ. දන්න අය කියලා දෙයි./// දැන් ලිපේ තියලා තියෙන්නෙ :D
හරිම සතුටුයි!! Very well done!!!!!!!!!!!!!
Deleteරූපක බාවිතයනම් ඉතාම ඉහළයි සහෝ.. ඒ වගේම කතාවත් ඉස්තරම්. පෝය දවසට හිත නිවන කතා බැලුව වගෙයි.
ReplyDeleteපහුගුය ටිකේම බ්ලොග් වලින් ගොඩක් ඈත්වෙලා ඉන්න උනා. කමෙන්ට් එකක් ඩ්වත් දාගන්න බැරිවුනා.
මෙක ඉක්මනින්ම ඉවර කරපු කතාවක්,දාන්න හිටියේ වෙනම කතාවක් ,එක තවම ඩ්රැෆ් ගොඩේ ...
Deleteස්තුතියි බන් ...ඉක්මනින් ලියහන් කමෙන්ටු පස්සෙ බැරියෑ
ලස්සනයි සහෝ
ReplyDeleteමුල්ම දවස නේ පිලි ගන්නවා ...
Deleteස්තුතියි...
Antalya
ReplyDeleteTrabzon
Niğde
Maraş
Antep
0WE
sakarya
ReplyDeleteyalova
elazığ
van
kilis
LJ1N
van
ReplyDeletedüzce
mardin
elazığ
sakarya
PK3
ankara
ReplyDeletesakarya
tekirdağ
kastamonu
amasya
Q22
görüntülü.show
ReplyDeletewhatsapp ücretli show
ZT0L2K
İstanbul Lojistik
ReplyDeleteZonguldak Lojistik
Konya Lojistik
Ağrı Lojistik
Ordu Lojistik
PGG5
çankırı evden eve nakliyat
ReplyDeletekırşehir evden eve nakliyat
kütahya evden eve nakliyat
hakkari evden eve nakliyat
antalya evden eve nakliyat
FNQ
F331F
ReplyDeleteZonguldak Parça Eşya Taşıma
Ardahan Parça Eşya Taşıma
Burdur Lojistik
Niğde Parça Eşya Taşıma
Antep Evden Eve Nakliyat
1C604
ReplyDeleteParibu Güvenilir mi
Manisa Evden Eve Nakliyat
Batman Evden Eve Nakliyat
testosterone propionat for sale
Isparta Evden Eve Nakliyat
order anapolon oxymetholone
Antalya Evden Eve Nakliyat
Hatay Evden Eve Nakliyat
Kırıkkale Evden Eve Nakliyat
0907A
ReplyDeleteİstanbul Şehirler Arası Nakliyat
Mercatox Güvenilir mi
Tokat Lojistik
Pancakeswap Güvenilir mi
Yozgat Evden Eve Nakliyat
Zonguldak Evden Eve Nakliyat
Aydın Parça Eşya Taşıma
Bingöl Parça Eşya Taşıma
AAX Güvenilir mi
24646
ReplyDeletesustanon
Yozgat Evden Eve Nakliyat
Zonguldak Evden Eve Nakliyat
Aydın Evden Eve Nakliyat
Ağrı Evden Eve Nakliyat
Paribu Güvenilir mi
Afyon Evden Eve Nakliyat
Erzincan Evden Eve Nakliyat
buy testosterone propionat
74656
ReplyDeletebuy boldenone
order testosterone propionat
Çerkezköy Fayans Ustası
Iğdır Evden Eve Nakliyat
Van Evden Eve Nakliyat
sarms
buy steroid cycles
Erzincan Evden Eve Nakliyat
order boldenone
EBAE3
ReplyDeletereferanskodunedir.com.tr
7411D
ReplyDeleteBitcoin Mining Nasıl Yapılır
Parasız Görüntülü Sohbet
Mexc Borsası Kimin
Threads Beğeni Satın Al
Loop Network Coin Hangi Borsada
Clubhouse Takipçi Satın Al
Referans Kimliği Nedir
Binance Nasıl Oynanır
Pinterest Takipçi Hilesi
E14D3
ReplyDeletelayerzero
uniswap
pudgy penguins
zkswap
pancakeswap
eigenlayer
yearn finance
thorchain
DefiLlama
EBF25B165A
ReplyDeleteinstagram bayan takipçi al
A3F54D5EA2
ReplyDeleteinsta takipçi
ucuz takipçi satın al
düşmeyen takipçi
Pubg New State Promosyon Kodu
Viking Rise Hediye Kodu
Osm Promosyon Kodu
Viking Rise Hediye Kodu
Rabia Hangi Romanın Kahramanı
Geçici kimlik Belgesi ile e-Devlet şifresi alınır mı