පොඩි පොඩි දේවල් ගැන පොඩ්ඩක් ලියන එක මං මුලින්ම කරපු දෙයක් බයිසිකල් ගැන තව දැලි රැවුල කපපු කොල්ලො ගැන වගේම සහෝදරට ආච්චි කියලා දුන්නු කතාත් ලිව්වා...හැබැයි එහෙම ලියපු කතා ලිව්වෙ මොකක් හරි දෙයක් කියන්න,එ දේවල් බොහෝ වෙලාවට කමෙන්ටු තුල නැති වුණත් සාර්ථක වුණා.
මෙකත් එ ගොඩට යන කතාවක්,කොමත් මං ලියන්නෙ ටිකක් අතීත කතා විතරයි වර්තමාන කතා ඉදහිට ලියනවා එහෙම වර්තමාන කතා නොලියන්නත් හෙතු තියෙනවා ..
සහෝදරට ඉගෙන ගන්න පාසැල් කිහිපයකට යන්න වුණා,එහෙම යන්නත් විවිධ හෙතු තිබුණා.එහෙම පාසැල් කිහිපයකට ගියත් මං පරණ යාළුවන්ව අමතක කරේ නෑ,මොකද මං හිතුවා මට එහෙම අමතක වෙන එකක් නෑ කියලා.
මේ ලඟ දී දවසක සහෝදරට ඉගෙන ගත්ත පාසැල් වලට අයේ යන්න පුළුවන් උනා,ඒ කාලේ නැති සැලකීම් දැන් ලැබෙන කොට හිනාත් යනවා.ඒ කතා එහෙම වුණත් මේ එන අගෝස්තුවේ උ/පෙ කරන ළමයි නම් බර වැඩක යෙදිලා හිටියා,ඒ පොඩි ඔටෝ ග්‍රාෆ් අරගෙන එවායේ පොඩියට හරි සටහනක් තියා ගන්න,තවම අපිව ඉස්කෝලෙ ඉන්න ළමයි අදුනනවා එකත් හිතට සතුටුයි,එ දවස් වල බයට කතා නොකර හිටිය අලුතේන් ඇවිත් හිටිය ළමයි පවා ඇවිත් වචනයක් දෙකක් කතා කරලා ගියා .
මට මතක් වුණා මුලින්ම මම සා/පෙ කරන්න ගිය ඉස්කොලේ ගැන,එ දවස් වලත් අපේ පංතියේ ළමයි අතර ඔය ඔටෝ ග්‍රාෆ් වල විවිධ දේ ලිවිමේ චාරිත්‍රයක් වගේ දෙයක් තිබුණා,එක අපිට කලින් සා/පෙ කරලා ගිය අයත් කලා,මුලින්ම මේ වැඩේ පටන් ගත්ත කාලයක් නම් හිතා ගන්න බෑ,අපි සා/පෙ කරන දවස් වල පංතියේ ගොඩක් අය විවිධ හැඩයේ රූප තියෙන පොත් අරන් එනවා,ඇවිත් පංතියටම දෙනවා මොනවා හරි එකේ ලියන්න කියලා,සමහරු විභාගයට සුභ පතලා නිසදස්,කවි පංති ලිව්වා තවත් සමහරු එ කාලේ කියපු කරපු කතා ලිව්වා,එවයේ ගුරුවරු පවා විවිධ සුභ පැතුම් ලියලා තිබුණා.සා/පෙ කරන කාලේ සහෝදර නම් ඔටෝ ග්‍රාෆ් එකක් ගත්තෙත් නෑ කිසිම යාළුවෙක් ගේ පොතක ලිව්වෙත් නෑ,එහෙම කරේ මං ඔටෝ ග්‍රාෆ් වල ලියන එකට දක්වපු අකමැත්ත නිසාමයි ....
කොම හරි උ/පෙ කරන්න වෙනත් ඉස්කෝලෙකට යන්න උනා,අලුත් ඉස්කෝලයක් උනාට සැහෙන පිරිසක් කලින් දන්න අදුනන අය හිටියේ.කොම හරි උ/පෙ පංතිය නිවාඩු දෙනවා කියන ආරංචිය අවා,ඔන්න අයේ පරණ විදියටම මුලින්ම එකක් දෙකක් වුන ඔටෝ ග්‍රාෆ් පස්සෙ සියයක් විතර පංතියේ හුවමාරු වෙනවා,නමුත් වෙනදා විදියට අපේ පංතිය නිවාඩු දුන්නෙ නෑ අගෝස්තු මාසේ වෙනකම්ම පංති පැවැත්වෙන බව කිව්වා.සමහරුන් ගේ ඔටෝ ග්‍රාෆ් යතුරු දලා ලොක් කරන්න පුළුවන් එවා,තවත් එවා තිබුණා සුවද හමන එවා,සමහරු එ දවස් වල නොක නොබී එවා යේ කතා ලිව්වා,මං කරෙ ලියන්න දුන්නු පොත් වල අනික් අය ලියපු එවා කියවපු එක,ගොඩක් පොත් වල පිටු හත අටක් දිගට කතා ලියලා තිබුණා එවාගේ තිබුණේ ගොඩක් වෙලාවට යාළුවෝ එක්කාසු වෙලා කියපු කරපු දේවල් අමතක නොවන සිදුවීම් ගැන,මට ඒ වෙලාවෙත් ප්‍රශ්නක් අවා අමතක වෙන්නෙ නැත්නම් ඇයි මේ මහන්සි වෙලා ලියන්නෙ කියලා,සහෝදර ලිව්වෙ මතකය හරි නම් ඔටෝ ග්‍රාෆ් හයක විතරයි,එත් කතා ලිව්වෙ නෑ පොඩි වැකි දෙක තුනක් ලියලා යටින් ෆොන් නම්බර් එක ලිව්වා,ඇත්තටම එහෙම ලියන්නත් ඕන කමක් තිබුණේ නෑ හැබැයි ලියන්න වුණා යාළුකම රැක ගන්න,මොකද සම හරක් හිතුවෙ යාළුකම් තියෙන්නෙ කොළ අතර කියලා,මං නොලිව්වට මං ගැන එ පිටු අතර සැහෙන ලියවිලා තිබුනා.
ගොඩක් අය ඇහුව දෙයක් තමා කෝ උඹේ ඔටෝග්‍රාෆ් එක කියලා,උ/පෙ වලට ගියා කියලා එ වැඩ වලට මගේ තිබුණ අකමැත්ත අඩු වුණේ නෑ. ඔය ලිවිල්ලෙ හොදම එක තමා අවසාන පිටු කිහිපයක් වෙන් කරලා තිබුණ පිස්සු පිටුව කියන පිටු කීපය.මට නම් හිතුණෙ නිදහසේ හිතෙන දෙයක් ලියන්න වෙන් කරපු පිටු කිහිපයක් කියලා.එකේ විවිධ සිංදු කෑලි,විවිධ වැකි වගේම පොතේ අයිතිකාරයාට මඩ ප්‍රහාරත් ලියවිලා තිබුණා.එවැනි දේ මතක නම් කමෙන්ටුවක් ලෙස ලියා යන්න....
ඒ දවස් වල මං පොරට මේ ලිවිල්ල ලියන්නෙ ඇයිද කියන එක තේරුම් ගන්න අමාරු වුණ දෙයක්.නමුත් මං ප්‍රසිද්ධියේ ඒ ගැන විවේචනය කරන්න ගියේ නෑ,මොකද තේරුම් ගත්තා මං අකමැති උනාට වැඩි පිරිසක් මේ දේට කැමැති කියලා.ඒ වගේම ගොඩක් අය මේ දේවල් කරන්නෙ තමන්ට කරන්න ඕන නිසාම නෙවෙයි කියලත්.
ප.ලි
මීට අදාළ පොස්ටු ඇත්නම් ලින්කු ඉදිරිපත් කරන්න ..
ලින්ක් දැමීල්ලෙන් නම් කකාට සෑහෙන තරඟයක් දෙයි වගේ සහෝ ....
ReplyDeleteඔය ඔටෝ ග්‍රාෆ් වැඩේ මටත් අරහං. එත් අනිත් එවුන්ගේ ඒවායේ නම් ලිව්වා , මොකෝ අපි අකමැති වුනාට උන් කැමතිනේ
හොදට බලන් හිටියා නම් ඉවාන්ට තෙරෙයි මන් ලින්කු දාන්නෙ මොන වගේ කතා වලට ද කියලා ...කකා වගේ ලින්කු දාන්න ලෙසි නෑ පුදුම මතකයක් එක ....
Deleteමමත් ලිව්වා කිපයක විතරක් ,වෙන තොරගන්න විකල්පයක් නැති නිසා එ වෙලාවෙ
ඔටෝ ග්‍රාෆ් එකක් මට තිබුණෙන් නැහැ.මම හිතන්නේ ඔය වගේ ආශාවල් තියෙන්නේ ගැණු ළමයින්ට වෙන්න ඇති වැඩි හරියක්ම.මොකද මම දැක්ක තරමක් ඔටෝ ග්‍රාෆ් දැක්කේ ගැණු ළමයි ගාව නිසා.
ReplyDeleteඉවාන් කිවා වගේ සහෝ කකා වගේ ලින්ක් වලින් කතා කියන්නද සැරසෙන්නේ.?
මං නම් දෙගොල්ලන් අතරෙම තියෙනවා දැක්කා ,ගැහැණු ලමයි ලඟ ඔටෝග්‍රාෆ් දෙක තුනක් තියෙනවා දැකලා තියෙනවා ,මං හැමදාම ලින්කු දලා කතා ලියන්නෙ නෑ විශේෂ කතා හැරුණම ,මේ කතා සියල්ල මට සම්බන්ධ කතා ...
Deleteඕවා අපේ අම්මලා ගේ කාලේ ඉඳලා පැවතගෙන එන ඒවා. මටත් නමේ පන්තියේදී තිබුණා උසස් පෙල පාසලේ ඒ සිරිත තිබුණේ නෑ.
ReplyDeleteඒ කියන්නෙ සැහෙන අතීතයක් තියෙනවා මෙවට ,කකාට නවය පංතියේ තිබුනා කිව්වෙ කකාත් අර N.C.G කියන විභාගේ ලියපු එක්කෙනෙක් ද ?
Deleteඔටෝ ග්‍රාෆ් කවදාවත් මට තිබුනෙ නෑ,එහෙමයි කියල අනිත් අයගේ පොත්වල නොලිය හිටියෙත් නෑ.
ReplyDeleteඔයා ලියන කතා ලියල ඉවරවෙලා පබ්ලිෂ් කරන්න ඉස්සෙල්ල ආපහු කියවල බලන්න.අඩුපාඩු තියේනං හදන්න.ගහල ඉවරවුන ගමන් හදිස්සියට පබ්ලිෂ් කරන්න එපා.
මමත් ලිව්වා කිපයක ....වෙන විකල්පයක් නැති වුන නිසා,එත් හැමෝගෙම එවා යේ ලියන්න ගියේ නෑ
Deleteඔයා//// මේ විදිය නම් මං වැඩිය කැමැති නෑ මමත් හැලප මහත්මයා කියන්න ද ?
මං ලියපු ගමන් ගොඩක් වෙලාවට පබ්ලිශ් කරනවා ,එ වෙලාවෙ අඩුපාඩුවක් පෙවුනොත් හදනවා ,ඉස්සරහට අඩුපාඩු හදා ගන්නම් ...
සහෝදරට වගේ මටත් ඔහොම එකක් තිබ්බෙත් නෑ සහ අනුන්ගෙ ඒවල ලිව්වෙත් නෑ.. මටත් හිතුණෙ ඕක මහ පිස්සු වැඩක් කියල.. මනෝජ් කිව්ව වගේ ඔය ලෙඩේ වැඩි හරියක් තිබ්බෙ ගෑණු ළමයින්ට..
ReplyDeleteඋන්දැල ඕක ලියනකොට කලිං ඔය සිද්ධිය දැකලවල් අහලවත් නැති නිසා එවෙලෙ මේ මොන නාඩගමක්ද කරන්නෙ කියල හිතුණා.. :D
ජය වේවා...
සයිකලේ කතාවත් ආසාවෙං කියෙව්වා...!!! :)
Deleteමං නම් දැකලා තියෙනවා දෙහොල්ලො ගාවම ගැහැනු ළමයින්ට එක ටිකක් වැඩිපුර ඇති,මමත් අකමැති වුනත් එ බව කියන්න ගියේ නෑ නොලියා හිටියා ,...
Deleteසයිකල් කතාව ගැන තව ඉස්සරහට තව කොටස් ලියවෙයි බොහෝ විට ....
ඔන්න මං තුමා ළඟ නම් එකක් නෙවෙයි දෙකක් ම තිබ්බා!! :D
ReplyDeleteතාම තියෙනවා නේද?
Deleteඈ… මොකක්ද බං ඒ කතාව? :o :D
Delete:)) ඔටෝග්‍රාෆ් නේ තිබ්බෙ වෙන මොකුත් නෙවෙයි නේ ....හැක් ,
Deleteආ උඹේ දෙක පල් වෙලා නේද දැං ??? :D
Deleteනාඩිස්, උඹ ඔබාමාගෙ රටටත් ඔය දෙක ගෙනියනවද? එහෙනම් මතක ඇතිව ආයෙම අරන් වර හොදේ!! ;)
Delete@පත්තරේ & ප්‍රියා
Deleteනාඩියා ඔබාමාගේන් සමරුවක් ගන්නලු අරන් යන්නෙ
පිපෙන සියල්ල පපඩම් නොවේ..!
ReplyDeleteඅජිනමොටෝ කාල මොටෝ _____ නැතිව ඉදලා මොටෝ.
මළ වාතයක්... ඔටෝ දික්කරන එකනම්.
ම්..අපට තිබුණා ටින් බුක්.මම මගේ කොරියන් සිහින කමාරයාගේ පින්තුරවලින් පුරවලා තිබුණා.(තියෙනවා.)
දවසක් මං ආ...සම කෙනෙක් එන තැනකට මට යන්න බැරිවුණා.යාලුවෝ ගියා මං වෙනුවෙන්. මගේ ටින් බුක් එක දිලා විස්තරත් කියලා තිබුණා.මෙයා සාමාන්‍යයෙන් කෙල්ලෝ කැමති ගනයේ ගායකයෝ ,නලුවෝ වගේ කෙනෙක්් නෙමෙයි.කෙල්ලෙක් මෙයාට කැමතියි කිියන එක ටිකක් අමුතුයි.
එයා ලියලා තිබුණා මෙන්න මෙෙහම
“දයාබර _ _ _,
_ _ _ __ __-_ සෙනේහසේ නවාතැන
ඔබේ මුදු හදවතයි“
පසුකාලිනව මෙයාව දකින්න ලැබෙන්න ගත්තා.එයාමයි කථා කළේ.ලැජ්ජාවේ පණ යනවා.
මට හරිම හිතවත්. ඒත් අර සිද්දිය නම් කියන්නැහැ මම .
“මොකද ඕයාට නයාට අදුකොළ වගේ මාව පෙන්නන්න බැරි “කියලා තමයි අහන්නේ.
ඔය තියෙන්නෙ ලියන එවා ,
Deleteඇත්තටම මල්මී කියන එවා සමහර දේවල් කියන්නෙ කතාවෙන් බාගයක් වගේ මට නම් ,ඉතිං ඕං කතාව මට කැමැති විදියට තේරුම් ගත්තෙ ,එකත් හරි ද මන්දා ????ඔය ටීන් බුක් පිස්සුවකුත් තිබුණා තමා
සිරාවටම මතක නෑ අප්ප... මං ගාව එකක් තිබ්බෙ නෑ... ඒ හිංද මට ඒවයි තිබ්බ ඒව මතක නෑ... ඒත් මතක් වුනොත් මං පස්සෙ වෙලාවක කොමෙන්ටුවක් කොටන්නං...
ReplyDeleteඅපි නං හිතං හිටියෙ ඕව කරන්නෙ කෙල්ලො ඕව කොල්ලන්නෙ වැඩ කියල
ඔව් හිටගෙන
අපිට නම් ඉතිං තාම මද වශයෙන් මතක තියෙනවා,මතක් වුනොත් අයේ කොටන්න ,මං නම් හිතුවෙ මහේෂ් කවි නිසදස් එහෙම ලියන්න ඇති කියලා පිටු පිරෙන්න ....අනික මෙවා කෙල්ලන් ගේ වැඩ කියලා හිතන්න එපා...
Deleteදැං කොහොම හිතුවත් ඒ දවස්වල එහෙමනෙ හිතව්වෙ...
Deleteකෙල්ලන්නෙ පොත් වල ලීව මිසක් කවදාවත් අපි ඕකක් අරගත්තෙ නෑ...
අපේ පන්තියෙ කෙල්ලො 21යි කොල්ලො 6 යි හිටියෙ... අපි හය දෙනාටම ඖකක් තිබ්බෙ නෑ... උවමනාවක් නැති වෙන්න ඇති...
කවි තමා හුගක්ම ලියන්න කියල දීපුවයි ලීවෙ...
ඒත් ඒව මතක තියෙයි යැ..
නැද්ද
මොකක් මහේෂ්..
Deleteකෙළ්ලෝ 22 යි කොල්ලා් 5 යි..
චැහ් එහෙනං මං හැමදාම ඉස්කෝලෙ යනවා .ඕ යේස් .
Delete@මහේෂ්
Deleteමාර පංතියක්නේ ,එහෙම කොල්ලො ටිකක් හිටපු නිසා හොදට ඉන්න ඇති,අපේ නම් වැඩිය හිටියේ කොල්ලො මුලින් පස්සෙ සමානව වගේ හිටියා,ඔය ප්‍රශ්ණෙ ලංකාවේ අධ්‍යාපන යේ දකින්න තියෙන දෙයක් ඔය ගැන මං කලින් පොස්ටුවක් ලිව්වා
@විදානේ
Deleteබොලා පංතියේ ලමයි සංඛ්‍යාව වෙනස් කරේ ඇයිද කියලා මං නම් අහන්නෙ නෑ ....
@පත්තරේ
අපිටත් ඔහොම වාසනාවක් තිබුණේ නෑනේ ...
මගේ ලග නම් තිබුනේ නෑ, අර මහේෂ් කිව්වා වගේ මම දන්නා කියන කිසිම කොල්ලෙක් ලග තිබුනේ නෑ... මට මතක විදියට දෙක තුනකට වඩා ඔටෝ වල ලියලා නෑ මම, ඒ කාලේ හැමදාම මුණ ගැහෙන නිසා ගානක් උනේ නෑ, හැබැයි ඒ වගේ දේක වටිනාකම දැනෙන්නේ කාලයක් ගියාම තමයි....
ReplyDeleteමං නම් දැනුවත්ව කොල්ලො ගාවත් තිබුණා ,ඔය උඩ ඉන්නෙ නාඩි වගේම කකා ලගත් තිබුනා කියන්නෙ ....යාළුවෝ මට නම් එහෙම මුණ ගැහෙන්නෙ නෑ එත් තවමත් අමතක නෑ ,ඔය ලියන දේ වලින් වැදගත් මං හිතන්නෙ ෆොන් නම්බර් එක තමයි බොහෝ විට
Deleteමමත් ඔව්වයින් එකක් තියාගෙන හිටියා උසස්පෙළ කරන කාලේ. මගේ පොතේ හුඟක් ලිව්වේ ගෑණු ළමයි බව කියන්නේ බොහොම ආඩම්බරෙන් හරිද?
ReplyDeleteවෙන එවුන් මට පොත දෙන්නේ 'අනම් මනම් එහෙම ලියන්නේ නෑ ඔන්න' කියලා පොරොන්දු කරවාගෙනයි. නැත්නම් මම බොහෝවිට ලියන්නේ 'සනීපවත් ජීවිතයකට ලයිෆ්බෝයි' කියලා.
හැක් එක නම් අඩම්බර වෙන්න ඕනම කතාවක්,ඔය පොත් දැනටත් තියෙනව ද ?මං නම් ඔය පොත් දෙනකොට හරි හරි පස්සෙ ලියලා දෙන්නම් කියලා මග හරිනවා එහෙම කරන්න බැරිවුණු කීප දෙනෙක් හිටියා ..
Deleteඅර ලියපු විදියේ කතාවක පොඩි කොටසක් ලිව්වා නම් වටිනවා ....
තව ඒකාලේ තිබුණා පොත් ජාතියක්. ඒක එක පිටුවක ලියන එකක් නෙමෙයි. ලොකු පොතක හැම පිටුවක ම රූල් අංක කරලා තියෙන්නේ. පිටුවෙන් පිටුව එක එක ඒවා අහලා තියෙනවා. ඒවට තමන්ට අයිති රූලේ විස්තර ලියනවා. ඒ විදිහට පිටු හාරසීයක විරත පොතක්.ඒකක් සෙට් වුණොත් ඉතින් ඕ.ලෙවල් නොකර ඒක ලියන්න තිබුණා. මරු පිස්සු තිබුණේ. දැන් ඒකාලේ යාලුවෝ කියලා හිටපු එවුනුත් නෑ. පොතුත් නෑ. හරියට බැලුවාම අපිත් නෑ....................
ReplyDeleteමට නම් එහෙම පොත් ලැබිලා නෑ මතක විදියට ,එත් විවිධාකාර දේවල් තිබුණා මතකයි,එ දවස් වල ඔවා ලියන අය හිටියා ලඟ පොත් දෙක තුනක් අරගෙන ,ඇත්ත යාළුවෝ කාලයෙන් කාලයට වෙනස් වෙනවා ,එත් මට නම් බොහෝ දෙනෙක් තවම මතකයි,
Deleteමටත් තිබුන් නෑ බං.. එත් කෙල්ලො නං අරං ඇවීල ලියපං කිව්වම මොකක් හරි බලි කුරුට්ටක් ලියනවා.. රොටරියෙ ක්ලාස් ඉවර වෙන අන්තිම දවසෙ බං එලම සීන් එකක් උනා. අපේ එකෙක් කාලයක් පෙරුම් පුරාගෙන කියාගන්න බැරුව හිටපු ගෑල්ලමය ඔටෝ එක දුන්නම ඌ ලියලා " මගේ ආදරේ දිය ඇල්ලකින් වැටෙන කෝටු කෑල්ලක් වගේ " කියලා .. ඌවත් දන්නෙ නෑ ඒකෙන් කියන්නෙ මොකද්ද කියල :D ඉතිං කෑලි වැටෙයියෑ.හැක්
ReplyDeleteඋඹටත් තිබ්බෙ නැත්ද? මටත් තිබ්බෙ නෑ.
Deleteඅන්න නාඩියා ගාව නම් දෙකක්ම තියෙනවලු. මොකෝ කියන්නෙ දෙන්නා එක එක ඉල්ලගමුද? :D
@පත්තර අයියා ;))
Deleteබොලා නම් ලියන්න ඇති මට හිතෙනවා සාහිත්‍ය වලින්ම ,අර කොල්ල මොන සෙද්දකට ලිව්ව ද දිය ඇලි වලින් වැටෙන කොටු කැලි ගැන ,අර කෙල්ල මොනවා හිතන්න ඇතිද එක කියෙව්වාම :)))
නාඩියා දෙයි ප්‍රියෝ මේං කියලා..: D අපි දන් නැද්ද උගෙ නාඩි .. ඒක නෙවෙයි බං ඔයිං තුන හතරක් ඒ කාලෙ ලිව්වනං අද බ්ලොග් ලියන එක සිම්පල්.. හැක්. අම්මපා මාත් බ්ලොග් ලියනවා එගෙනං. කොපි කරා පබ්ලිශ් කරා :D
Deleteසහෝ මචං. මොනවා හිතනවද බං කලිං කිව්වනං දන්න කැටයං සේරම දාල අපි වැඩේ කරනවනේ. ඌ ඇඹරුනානෙ අපිටත් කොලේ වහලා.අන්තිමට ටොපිය හරිනේ.
ප්‍රියා & පත්තරේ
Deleteබොලාලා දෙන්නා නාඩියා ගේ දෙකට විදින්න ද හදන්නෙ ,පත්තරේ දැන් ඔටෝග්‍රාෆ් හොයාගෙන ලියන්ඩ වෙයි පත්තරෙ පොස්ටුවක් දාන්න නම් ....
කොලේ වහන්න ඇත්තෙ බොලාලට කිව්වාම මොනවා ලියයි ද කියලා විශ්වාසයක් නැති නිසා වෙන්න ඇති .... :D
හැක්… දන්නවනම් විභාගෙ වත් නොලියා ඔය මඟුල් ලියනවා බොලවු. ඒ විභාගෙ ලිවුවා කියලත් වැඩක් තියෙන එකක්යැ :D
Deleteඅන්න ඒකනෙ බං මට පැය දෙකේ පේපරේ පැය බාගෙන් ලියල ඉවරයි :D
Delete@ප්‍රියා & පත්තරේ
Deleteබොලාලා දෙන්නා එකම ඉස්කෝලෙ හිටියා නම් කොම වෙයි ද ?විභාග කොම වුනත් විවාහ නම් නැගලම යයි ;))))
අනෙ අම්මෝ බං මට නම් පේන්න බැරි වැඩක් ඔය සමරු පොත්. (ඉස්සර)
ReplyDeleteඉස්කෝලෙ ගෑණු ළමයි (අපේ පංති වල) අපෙ අතකට අහු වෙන්න වත් ඔය පොත් තියන්නෑ. ඇයි දන්නවනෙ ගත්ත ගමන් ලියන පට්ට කුණුහබ්බ කවියක් තිබුනා අපේ. ඒක ලියයි කියලා බයට. :D
ඉස්සර පෙන්න බෑ කිව්වෙ දැන් නම් ආසයි වගේ ;)ඉස්ස්කොල කාලේත් ඉතාම හොද ලමයෙක් විදියට ප්‍රියා නමක් තියාගෙන වැඩ කරලා තියෙන හැඩයි,අපිට නම් යකෝ මෙකේ වචන තුන හතරක් වත් ලියලා දෙන්ඩ කියලා කරදර කරා ,
Deleteමෙතන ලියන්න අපහසු කවියක් ද ?එහෙම නැත්නම් කොටලා යන්න
හැක් .. ප්‍රියා සෑහෙන්න ගැල්ලමයිංගෙ හිත් දිනාගෙන ඉඳල නොවැ.. ආං එහෙමයි හැදෙන ගහේ කොල කඩා පාන්ට එපා කියන්නෙ :D
Deleteසහෝෙ එහෙම පුරසිද්දියෙ කියන්න ඇහැක්ද බං ඒවා. ඒක බොහොම ජනප්‍රිය මන බන්ධන කවියක්. උඹලත් දන්නවා ඇති. ඒක ලියපු එකා නම් මොකාද දන්නෑ. බොට පස්සෙ වෙලාවක කියන්නම්. ;)
Deleteපත්තරේ, අපෙ සීයාත් ඕක නිතරම කියනවා බං. අපි ඔය චණ්ඩි පාට් වසල පාට් කුපාඩි පාට් ඔක්කොම දැම්මෙ අපේ වයසේ අපෙ පංති වල කෙල්ලොන්ට. අපිට වඩා බාල උන්ට අපි හරි 'වැදගත් කොල්ලො' ඇයි බං අපේ වෙන්න වයිෆ්ලා (දැන්නම් ළමයගෙ අම්මා ;) ) හිටියෙත් අපිට බාල පංතියෙනෙ. :D
එහෙමනම් අප්‍රසිද්ධියේ වෙලාවක බුකිය හරහා එවන්ඩෝ ,අපි ඔය වගේ එවා දන්නෙ නෑ තවම පොඩි උන් නේ ;))
Deleteප්‍රියා පස්ට ආදර අන්දරයක් නොවෑ,ළමයගේ අම්මා හැක් හැක්
සැක් ඉතරක්. ඔටෝ ග්‍රාෆ්නම් මටනම් අරහං. මහ කිසි තේරුමක් නැති වැඩක් විදියටයි ඒ කාලෙ මට ඕක පෙනුනෙ. අනික ගොඩක් උන් ඕක කලේ රැල්ලට. කෙල්ලොන්ට තමයි ඔය මේනියාව අම්බානක තිබුනෙ. මං නම් එකෙග්ගෙවත් ඔටෝ වල ලිව්වෙත් නෑ, මට එහෙම එකක් තිබුනෙත් නෑ. හැබැයි, ඔටෝ දහය පහලොව ලියපු එවුන්ට වඩා මට මගේ පාසැල් මිත්‍රයෝ හොඳට මතකයි.
ReplyDeleteහැබැයි ඔටෝ එක්ක මට තියෙනවා කවදාවත්ම අමතක නොවෙන මතකයක්. කොච්චර නෑ කිව්වත් මාත් එකම එක ඔටෝ එකක් ලිව්වා. මගේම ඔටෝ එකේ මංමයි ලිව්වෙ. පිටුවක් දෙකක් නෙවෙයි, හරියටම ඔටෝ එකෙන් බාගයක්ම ලිව්වා. ඒ වගේම ඒ ඔටෝ එකේ තව එකම එක්කෙනෙක් ලිව්වා. ඒ කෙනා ඉතිරි බාගෙ සම්පූර්ණ කලා. බොහොම දිග කතාවක් බොහොම කෙටියෙන් ඔය කිව්වෙ.
මමත් වැඩිය කැමැත්තක් නෑ ,අපි කොච්චර තෙරුමක් නැති වැඩ කරනවද ?එවා වයසත් එක්ක හිතෙන දේවල් සමහර විට,මටත් ගොඩක් යාළුවන්ව මතකයි,පාසැල් මිත්‍රයන් විතරක් නෙවෙයි....
Deleteමං හිතන එක හරිද දන්නෙ නෑ දෙන්නා ඔටෝ එකක් පිරෙන්න ලිව්වෙ මොනව ද කියන එක මට ප්‍රශ්නයක් ??තවම එ ඔටෝ එක ලඟ ඇති මං හිතන්නෙ හැක් ;)))) නැතුව දැන් අලුත් එකක් ලියනවා නෙවෙයි නේ ;)))
පණ සේ සුරැකිව තියෙනවා.. ආයෙ ඔටෝ ලිව්වෙත් නෑ ලියන්නෙත් නෑ!!!
Deleteමං හූණ කිව්ව වගේ කියන්නං උඹ ලිව්ව ටිකේනං ඒකෙත් ඇත්තෙ ගීත විචාරයක්.. සිංදුව මොකද්දෑ ???? :D
Delete@මනෝ
Deleteපණ සේ සුරැකිව තියෙනවා කියන්නෙ සැහෙන වටිනවා ඇති හැක් ....
@පත්තරේ
Deleteඅහන්න දෙයක් නෑ ලියන්න ඇත්තෙ ගීත විචාර වෙන්ඩ ඇති ,... ඔබ මගේමයි මා ඔබෙමයි කියලා ලියන්ඩ ඇති ;)))
ආ ආ මනෝ සෑහෙන්න ලොකු කතාවක් පොඩියට ලියලා වගේ.
Deleteමට පේන්නෙ ඒක නම් ප්‍රේම ගීතයක විචාරයක්. :)
පොරි හැලෙන්න දීල තියෙන්නෙ ඔය! දැන් දීපල්ලකො උත්තර.
Deleteපත්තරේ....
සිරාවටම බං ඒකෙ එක සිංදු කෑල්ලක් ලියාගන්න බැරිවුනානේ. දැන් හිතෙනවා එහෙම එකක් ලියල තිබ්බනම් කොච්චර හොඳද කියලා. ඔන්න උඹේ හූනු සාස්තරේ වැරදි ඈ...
සහෝ...
වටිනවද කියලත් අහනවා!!
ඒ ටයිප් එකෙන් ගීතයක්ම විචාරය කරල දෙන්න තිබ්බෙ බං. සැහ්! උඹල ඒ කාලෙ හිටියනම් ඕක මතක්කරල දෙනවනෙ.
ප්‍රියේ...
අන්න මස්සිනානම් ගානට වැටුනා ට්‍රැක් එකට.
ඔය සමරු පොත් වල ලියන ඒවා හුඟක් ගොංපාට් වුනාට අපිට ඒකාලේ එහෙම හිතෙන්නේ නෑ. මේ සුප්‍රසිද්ද කෑලි කීඅයක්
ReplyDeleteසූකිරි කන්දකින් පහලට ගලන ඉබේ
මී පැණි ගඟක් වේවා ජීවිතය ඔබේ
මේ තව එකක්
කෙතරම් මිතුරියන් සිටියත් ඉහල පෙලේ
(නම) තමයි අන්තිම පිට ඉවර කලේ
ඒ කාලේ කරපු ගොඩක් වැඩ දැං වෙනකොට ගොංපාට් වෙලා ඉවරයි ,ඔක වයස එක්ක වෙන දෙයක් මං හිතන්නෙ ...
Deleteදෙවැනි එක මං දැනගෙන හිටියේ නෑ ,සූකිරි ඈ ස්තුතියි පද කිපයක් ලිව්වට
ඉස්සර මම හැම එකාගෙම ඔටෝ එකේ ලියන්නේ..
ReplyDelete"දිනක් බල්ලෙක් ටකරමකට චූ කර දිලිසෙන සියල්ල රත්තරන් නොවේ යැයි කීවේලු..."
හැක් හැක් .. ස්තුතියි
Deletelink දැමීමෙන් කකාට හොඳ තරඟයක් දෙන්න පුලුවන්. හික්ස්!
ReplyDeleteමාත් හැදුවා ඉස්සර ටීන් බුක්. අර ප්‍රශ්ණ සීයක් තියෙන්නෙ. කෙල්ලො නම් පොරකාගෙන ලියන්නෙ. පිරිමි ළමයි ගොඩ දෙනෙක් ඕව ලියන්න කැමති නෑ තමයි නේද?
මං මෙහෙම කලිනුත් ලියලා තියෙනවා මෙන්න මේ කතාව බලන්න මෙකටත් වඩා ලින්කු ඇති ...
Deleteකොල්ලො වැඩි දෙනෙක් ලිව්වෙ නැති වුනත් ලියපු අයත් හිටියා,උඩ ඉන්නෙ කිප දෙනෙක් ,එ ලිව්ව දෙයක් දැම්මා නම් වටිනවා,
ඔටෝ නම්.... මට දෙක තුනක් ඉස්කෝලේ යන කාලේ තිබුණා...... දැන් ඒවා කොහෙද දන්නේ නැ.....
ReplyDeleteමං මෙන්න මෙහෙම ලිව්වා...... යාලුවෙක්ගෙ ඔටෝ එකක ...
' සැම අදුරු වලකුලකම රිදී රේඛාවක් ඇත ' මතක තිබුනේ ඔච්චරයි...... සහෝ......
අයි
Delete"සූකිරි බෝලේ...
ඔයාට බෝල බාේල අනාගතේකට,
පෙරලි පෙරලී සුභපතන මා..
නිහිංසා"
කියල ලිව්වෙ නැද්ද???
හුකෑස් :D
Deleteඒ කාලේ ඔටෝ දෙක තුනක් ලිව්ව කෙනෙක් මෙහෙම පොඩි පෙළියක් ලිව්ව එක නම් අපරාදේ ඈ
Deleteස්තුතියි ,වචන දෙක තුනක් එක්කාසු කලාට ..
@විදානේ
Deleteහැක් ...කොම හරි නිහංසාට සුකිරි බොලේ කියන්න ඕන එක බොලා වෙනස් කරලා කිව්වා නේ ...
පත්තරේ මොකද හිතන්නෙ ඈ
අපි දන් නැද්ද සහෝදර මචං විදානෙගෙ කොම්බු !! මූ වැද්දන්ගෙන් බණ අහල ඉන්නෙ. ඔය කැලේ රිංගනව කිව්වට මට නං හිතෙන්නෙම මූ …………
Deleteසමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
ReplyDeleteසොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා
සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ගඟට ගොසින් දිය නාගෙන එනව පේනවා
වෙළට ගොහින් පළා නෙලා එනව පේනවා
මලට ගොහින් මල් අරගෙන එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...
මා දැක්කම වැට අයිනට එනව පේනවා
මා එක්කල හිනාවෙනව වාගෙ පේනවා
මූණුස්සල අමනාපෙන් යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...
සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
මාල වළලු දැම්මම තව රුවට පේනවා
වට පිට කොපමණ හිටියත් කාට පේනවා
හැඩට පේනවා මටනම් රුවට පේනවා
රුවට පේනවා මටනම් හැඩට පේනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා..
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා..//
අපිට කාෙයින්ද සමරු පොත්...
තිබ්බේ අපිට ඉලපපත් සහ කොලපත්...
මූදු යන්න නැතත් බලපත්..
කාලකින් හම්බෙනවා කන්න මාලු තලපත්..
ජය වේවා!!!
අමුවෙන් ඕව කියන්න බෑ යකෝ .. අද ඉරිදා .මොකෝ කියන්නේ :D
Delete@විදානේ
Deleteඅද නම් මොනවා හරි වෙලා වගේ ,මං දැක්කා තව තැන් කිපයකම සිංදු කොටලා ගිහින් තිබුණා ,
අවසාන පද ටික එල ඈ :)
@පත්තරෙ
අද නම් විදානේට මොනවා හරි වෙලා සැහෙන සිංදු මතක් වෙලා
මට නම් තිබුනෙ නැහැ...... මට කියල ලියව ගත්ත......
ReplyDeleteපසු කාලෙක ....යාලුවන්ගෙ නංගිල/අක්කිල ගෙන් බේරුම් නැතිව ගියා නළු/නිලියන්ගෙ අත්සන් අරං දෙන්න කියල.....
නළු නිළියන් ගෙන් සමරු අත්සන් ගන්න එක මට නම් තෙරුම් ගන්න බැරි දෙයක් ?කොම වුනත් කෙන්ජි මාමා සිංහල සිනමාව ගැන තව ලිව්වා නම් වටිනවා
Deleteමාත් කැමති පිස්සු පිටුවට තමයි. අපේ එවුන් ඉස්සෙල්ලම ලියන්නෙ අන්තිම පිටුවෙ.
ReplyDeleteඑ පිටු කිපය තමයි මං හිතන්නෙ ලියන්නෙ කවුද කියන්නෙ නැතුව හරියට ඇනෝ කමෙන්ටු වගේ ලියවෙන පිටු ටික ....
Deleteඔටො ග්‍රාෆ් ලියන එක පිස්සු වැඩක් වගේ පෙනුනත් ඒ ඇතුලේ තියෙන්න සොඳුරු මතකයන් ගොඩක් කියලයි මට හිතෙන්නේ...
ReplyDeleteඅනිවාර්යයෙන්ම එහෙම නිසානේ ගොඩක් අය ලියන්නෙ,එක දිහා ඕන කෙනෙක්ට තමන් කැමැති විදියට බලන්න පුළුවන්
Deleteඉස්සර මටත් තිබුන ලා නිල් පාට පොඩි ඔටෝ එකක් ලොක් එකකුත් තියෙන.දැන් එ්කෙ යතුර නැති වෙලා. යාඑවො පිටු හය හතක් ලියනව.පිටු ගනන් ලීවත් ඒ යාඑකම් අද ඔටෝ එකටම සීමා වෙලා.ඔටෝ එකේ නොලියපු අය හැමදාටම දුකට සැපට ලග ඉන්න යාඑවො වෙලා.ඔටෝ එකේ යතුර හොයන වැඩෙත් මම අතෑරල දැම්ම.
ReplyDeleteයතුරු තියෙන ඔටෝ පොඩි ඇල්පෙනිත්තක් හරි කම්බියකින් හරි අරින්න පුළුවන් ,...ගොඩක් වෙලාවට යාළුවෝ වෙනස් වෙනවා කාලයත් එක්කයි කරන කියන වැඩ අනුව ...
DeleteDenizli
ReplyDeleteKonya
Denizli
ısparta
Bayburt
17UNAG
Denizli
ReplyDeleteKonya
Denizli
ısparta
Bayburt
7EQF
Sakarya
ReplyDeleteKayseri
Van
Konya
Samsun
E4V
görüntülüshow
ReplyDeleteücretli show
UDHAA7
bartın evden eve nakliyat
ReplyDeletebitlis evden eve nakliyat
diyarbakır evden eve nakliyat
kars evden eve nakliyat
nevşehir evden eve nakliyat
0YC02
van evden eve nakliyat
ReplyDeletesivas evden eve nakliyat
çankırı evden eve nakliyat
bartın evden eve nakliyat
erzincan evden eve nakliyat
JKBFNN
denizli evden eve nakliyat
ReplyDeletekars evden eve nakliyat
çorum evden eve nakliyat
kars evden eve nakliyat
malatya evden eve nakliyat
7CE
maraş evden eve nakliyat
ReplyDeletemalatya evden eve nakliyat
ağrı evden eve nakliyat
elazığ evden eve nakliyat
aydın evden eve nakliyat
WYR2TP
sivas evden eve nakliyat
ReplyDeleteerzurum evden eve nakliyat
bitlis evden eve nakliyat
mardin evden eve nakliyat
rize evden eve nakliyat
ZM4V6
EEE51
ReplyDeleteKırıkkale Şehir İçi Nakliyat
Kripto Para Borsaları
Kütahya Şehirler Arası Nakliyat
Urfa Evden Eve Nakliyat
Ağrı Lojistik
Afyon Evden Eve Nakliyat
Ankara Lojistik
Eryaman Parke Ustası
Hotbit Güvenilir mi
1D6D7
ReplyDeleteErzincan Şehir İçi Nakliyat
Bayburt Evden Eve Nakliyat
Çorlu Lojistik
Pancakeswap Güvenilir mi
Çorum Lojistik
Çerkezköy Fayans Ustası
İzmir Evden Eve Nakliyat
Van Lojistik
Binance Güvenilir mi
D272C
ReplyDeleteOsmaniye Parça Eşya Taşıma
Nevşehir Parça Eşya Taşıma
Muş Evden Eve Nakliyat
Edirne Lojistik
Kırıkkale Şehirler Arası Nakliyat
Giresun Lojistik
Burdur Parça Eşya Taşıma
Batıkent Fayans Ustası
Bursa Lojistik
A8901
ReplyDeletetestosterone enanthate for sale
dianabol methandienone
deca durabolin
sarms
buy testosterone propionat
pharmacy steroids for sale
order parabolan
buy winstrol stanozolol
deca durabolin for sale
8CF52
ReplyDeleteniğde ücretsiz sohbet sitesi
sohbet
diyarbakır görüntülü sohbet odaları
parasız görüntülü sohbet
kayseri ücretsiz sohbet odaları
Trabzon Sohbet Odaları
Erzurum Rastgele Canlı Sohbet
karaman görüntülü sohbet kadınlarla
kadınlarla sohbet et
3FDA5
ReplyDeletecanlı sohbet siteleri
afyon görüntülü sohbet kadınlarla
Aksaray Sohbet Chat
düzce canlı görüntülü sohbet odaları
sesli sohbet
bartın ücretsiz sohbet uygulamaları
Afyon Sesli Sohbet Sesli Chat
Trabzon En İyi Sesli Sohbet Uygulamaları
görüntülü sohbet canlı
ECE5B
ReplyDeleteTelegram Abone Hilesi
Shibanomi Coin Hangi Borsada
Keep Coin Hangi Borsada
Soundcloud Beğeni Satın Al
Kripto Para Çıkarma Siteleri
Ön Satış Coin Nasıl Alınır
Likee App Takipçi Hilesi
Bitcoin Nasıl Alınır
Youtube Abone Hilesi
7BF7D
ReplyDeletedefilama
trezor suite
trezor suite
poocoin
metamask
ledger wallet
arculus
dappradar
onekey
CA930
ReplyDeleteKadirli
Selçuk
Pınarhisar
Çiftlik
Altınordu
Güroymak
Damal
Gürün
Turhal
B8AA67C610
ReplyDeleteucuz instagram takipci
9B14CBBA32
ReplyDeleteinstagram takipçi