පොඩි දවස් වල මට තිබුණ ලොකු ප්‍රශ්නයක් තමා තාත්තාව පෙන්න බැරි කම කොටින්ම මට ඒ දවස් වල තාත්තාව පෙනුනේ මගේ හැම වැඩක්ම බදා කරන ලොකුම බාධකය විදිහට.මේ මගේ තාත්තා ගැන අවුරුදු විසි ගණනක් තුල මම දැක්ක දෙවල් සාරාංෂ කිරිමකි .
මගේ පියා වෘත්තියෙන් විදුහල්පති වරයෙකි,ඔහු ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ පොරකි.ඒ කතා කෙසේ වුවත් ඔහු මගේ පියාය,ඔහු මට කතා කරේ
ලොකු පුතා !!! මෙහෙ වරෙන් කියා ය
මම පොඩි කාලෙයේ දි ,අනෙක් ළමුන් ගේ තාත්තලා පාසැල ගෙනවිත් ගුරුතුමිය එක්ක කතා කරලා යන කොට මගේ තාත්තා පැත්තට වත් අවේ නෑ.හවසට අනෙක් ලමුන් ගේ තාත්තලා ඇවිත් ලමයි වඩන් යන කොට මම සපත්තු දෙකෙන් ගල් වලට ගහ ගහ ගියා හැරෙන්න වෙන දෙයක් කරන්න බැරි උනා.කොටින්ම මට මතක දවසක කවදාවත් තාත්තා මාව වඩාගෙන නෑ.මට මේ දෙවල් නිසා තාත්තා කියන්නෙ හිට්ලර වගේ පොරක් කියලා පෙනුනේ.
තාත්තා භීතිකාව මට වැඩි උනේ සා/පෙ කරන දවස් වලය.කොටින්ම කොතන ගියත් තාත්තා අදුරන පොරක් ය.ආ මේ අරයා ගේ පුතා නේ,කොටින්ම කෙල්ලක් එක්ක ගියත් ගෙදරට යන්න කලින් සිද්ධිය ගෙදර දන්නවා ය.එත් කවදාවත් මගෙන් එවා ගැන තාත්තා ඇහුවෙ නෑ.කොටින්ම තාත්තා දැනගෙන හිටියා කොල්ලො කරන වැඩ ගැන.තාත්තා කවදාවත් මට උපදේස් දෙන්න ගියේ නෑ.
දඩ කොල ලියා ගෙන පොලොසි ගියත් පොලොසියෙන් සින් ගලා එවනවා,මොකද තාත්තාව දන්න නිසා,කොටින්ම තාත්තා රටේ නොදන්න පොරක් නෑ කියලා මට තෙරුනෙ මට අවුරුදු විස්සක් විතර වෙනකොට.මොකද ඔය රටේ ලොක්කා ගාව ඉන්න ලේකම්ලා ගේ ඉදලා තාත්තා එක්ක තිබුණේ පුදුම බැදිමක්.එත් ඒ දෙවල් වලින් තාත්තා කවදාවත් ප්‍රයෝජන ගන්න ගියේ නෑ.
පැත්ත පාළාතේ එකෙක් තාත්තා දිහා ඔලුව උස්සලා බැණ්නේ නෑ.තාත්තා ලොකු චණ්ඩියෙකුත් නෙවෙයි ,හැබැයි කොල්ලා කාලේ පැත්ත පාලාතේ චණ්ඩි ,නොණ්ඩි කරලා තියෙනවා,ඒ වගෙම ජන සවිය වගේ වැඩසටහන් එක්ක වැඩ කරලා තියෙනවා.එක නිසා හැම කෙනාම කොතන ගියත් මට නෙවෙයි සැලකුවේ තාත්තා ගේ නමට ,කොටින්ම ගොඩක් දෙනෙක් මගේ නම දන්නෙ නෑ අදටත්, මොකද ඉස්කෝලෙ යන දවස් වල ගුරුවරු පවා කතා කරේ තාත්තා ගේ නමින් ,ඒ කාලේ එක පුදුම වදයක් මට හැබැයි,මම ලොකු වෙනකොට මුලු පැත්තෙම මිනිස්සු මාව අදුනනවා,ඒ විතරක් නෙවෙයි සලකනවා.
අන්න එතකොට තාත්තා මාව ඉස්සරහට දාන්න ගත්තා.එයා යන්න ඕන තැන් වලට මාව යැව්වා ,එයා ගේ ඉන්න යාළුවෝ අදුන්නලා දුන්නා,හැමදෙම කරා.මට කියලා වෙනම තැනක් හැදෙන්න ගත්තා,එක මගේ විදිහට ,මුල දී තාත්තා ව මගෙන් බලාපොරොත්තු වුණ අය පවා වෙනස් වුණා.එක වුණේ කොමද කියන්න මම දන්නෙ නෑ, හැබැයි එහෙම වුණා.
මට දැන් තමා පොඩ්ඩක් හරි තේරෙන්නේ තාත්තා මට පාඩම් කියලා දුන්නෙ කටින් නෙවෙයි,මිනිස්සු එක්ක තැලෙන්න ඇරලා කියලා.මම අධික වේගයෙන් ගිහිල්ලා කාර් එක හැප්පුවත් මට කවදාවත් බැණ්නෙ නෑ,අම්මා කණ පුරා බැණ්නත්
ඔයා ඉන්න මම මේ ගැන බලා ගන්නම් කියනවා හැරෙන්න වෙන මොකුත් නෑ ...
හැබැයි තාත්තා එන්නෙ නෑ කරන්න ඕන දේ කියනවා හැරෙන්න,කරනකොට මට තෙරුනා ,ඒ දේවල් කර තියෙන අමාරුව,අයේ කරන්නෙ නෑ ඒ වගේ වැඩ ඒක ගැන දන්න නිසා.
මට තෙරෙන්නෙ නැත්තෙ කොමද තාත්තා මෙච්චර හැමදෙම දන්න,කරලා පෙන්වන පොරක් වුණෙ කියලා .
ප.ලි
ඉදිරියෙදි තාත්තා කොමද විදුහල්පති කෙනෙක් විදිහට වැඩ කරන්නෙ කියලා ලියන්න හිතෙනවා...බලමු .මොකද අර ෆෙස් බුක් සිද්ධිය ගැන තාත්තා දැන ගත්තාම කිව්වෙ ,මුණ් මොන මිනිස්සු ද කියලා විතරයි.
පින්සිපොල් මාමන්ඩියෙක් ඉන්න නිසා මං ඕවා හොදට අහල තියෙනවා. මොනා උනත් උඹට කොන්දක් දීපු එක වටිනවා..
ReplyDeleteපින්සිපොල් මාමාණ්ඩියෙක් ඉන්නවා හොදට ඇති එහෙනම් හැක් හැක් ...
Deleteකොන්දක් විතරක් නෙවෙයි දේශක දුන්නෙ ... හැක්
හොඳ තාත්තෙක් වගේම හොඳ වෘත්තිකයෙක් කියලත් පේනව. දාමු බලන්න ඉස්සරහට.
ReplyDeleteතාත්තා හොද වෘත්තීකයෙක් එකේ අයේ කතා දෙකක් නෑ .....හිතාගෙන ඉන්නවා ඒ ගැනත් ලියන්න ,බලමු ...ටික ටික ලියනවා
Deleteමට කියන්න තියෙන්නෙ ..
ReplyDelete..
..
උඹේ තාත්ත සිරා පොරක්......... කියල විතරයි... (ඒ විදිහට කීවට තරාගන්නෙපා ඒත් මට හිතෙනව ඒක තමා හොදම විදිහ කියල)
මොනා නැතත් ඒ හින්දමද කොහෙද නිදහස් නිවහල් චින්තනයක් ඉතුරු වෙලා තියෙනව
මතක් තියාගනින් පුතේ තාත්තා උඹට හදලා දීපු හැම තැනක්ම, දෙයක්ම තාත්තා තනියෙන් ගොඩනගා ගත්ත දේවල් කියලා . ඒවා රැකගැනීම හෝ නොගැනීම උඹේ වගකීම
ReplyDeleteඉවාන්ට කතාව හොදට තෙරිලා තියෙනවා ,මට ඔන්න ඔය තැනදි ඔලුවට එන්නෙ පස්ට බරක් ,දැන් තමා ඉස්සර නම් දැනුනෙ නෑ ,
Deleteඅනික මට තාම පුරශ්නේ ඔය තරම් දේයක් කරේ කොමද කියලා ..
හිත හිත ඉන්න එපා බන් අනිවාර්‍යෙන්ම ලියහන්. ඔය වගෙ චරිත ගැන අහන්නත් ආසයි සහෝ.
ReplyDeleteලියනවා ...එක පාරම නෙවෙයි ,තොරලා බෙරලා හොද කතා ලියනවා ...
Deleteබොට තාත්තගෙ නම තියන්නත් පුළුවනි මකන්නත් පුළුවනි අන්න ඒක මතක තියාගෙන වැඩ කරපං
ReplyDeleteහැලප අයියෙ ,ඔතන තමා පුරශ්නේ ,ඔයා ලොකු පොරක් නම් ,ඔයාට පුතෙක් ඉන්නවා නම් කවදා හරි ඒ පුතාටත් මේ පුරශ්නේට මුණ දෙන්න වෙනවා ...
Deleteඅන්න තාත්තගේ නම තියලා වැඩ කරපන්
ReplyDeleteකරනවා නාඩි ,එකේ අයේ දෙකක් නෑ ,ඒ වුණාට වෙලාවකට ඒ නම් බරක් වෙනවා
Deleteදැන් කාලේ වෙන දේවල් හැටියට හම තාත්තම හොදයි කියන්න බැහැනේ ,, ඒ නිසා පොදුවේ තාත්තලා කියලා නොකියා කියන්නම් ඔයාගේ තාත්තා විස්සවිද්යාලයක් වෙලා ඔයාට...දැන් ඉන්නේ වැඩිහරියක් ගුරුසේවෙට නෙමේ පියන් වැඩේට හරියන අයනේ.. ඔයාගේ වගකීම තාත්තා නිහඩව දීපු පාඩම ඔයාගේ දරුවන්ටත් දෙන්නයි... තාත්තව ඔමාය කියලා බ්ලොග් ලියන කෙල්ලෙක් මතක් කළා කියන්න හොදේ
ReplyDeleteමට ගුරුවරුන් ගොඩක් හම්ම්බවෙලා තියෙනවා මේ ටික කාලයට ,ඒ වැඩි පිරිසක් ඉතාම හොඳ අය ඔය ටික දෙනෙක් තමා ඉන්නෙ පිස්සො ,
Deleteතාත්තා ගෙනපු දේවල් අරගෙන යන එකම මාර අමාරු වැඩක් ,හැමොම බලන් ඉන්නෙ යම් මට්ටමක ඉදලා,....
කියන්නම් කෝ මතක් කරා කියලා.... හැක්
සහෝගේ තාත්තාගේ ගතිගුණ ගැන අගය කලයුතු වෙනවා. කටින් කියලා හදනවාට වඩා හරි ප්‍රායෝගිකයි මිනිසුන් තුල හිඳීම තුලින් ,වටහාගැනීම් තුලින් කෙනෙක් නිසි මගට ගැනීම. එහෙම එලියට එන එකා ප්‍රායෝගික මිනිහෙක්. අත්දුටුවයි. සත්තයි!
ReplyDeleteඔය දේවල් මට තෙරුණේ ටිකක් ලොකු වෙනකොට,තාත්තා එයා දන්න දෙවල් කරන්න පුරුදු කරා මිසක් කියලා දුන්නෙ නෑ ,පොඩි කාලේ නම් වදයක් දැන් තමා තෙරෙන්නෙ ...එහෙම කරපු එක හොදයි කියලා
Deleteතාත්තාගෙ නමින් මම දන්නෙවත් නැති උදවිය මාව අඳුනාගන්නකොට දැනෙන හැඟීම වචනෙන් විස්තර කරන්න අමාරුයි නේද? එයාලා යෝධ චරිත. අපි ඒවාට අලගු තියන්නවත් මදි. ඔයාගේ තාත්තා සැබෑ මිනිසෙක්.
ReplyDeleteඑක ඇත්ත බස්සි ,ඔබටත් අත්දැකීම් තියෙන හැඩයි ,ඒ දේවල් වචන වලින් කියන්න බැරි දෙවල් .මට තවම ප්‍රශ්නයක් ඒ දෙවල් ගොඩ නැගුවේ කොමද කියන එක .
Deleteනියම තාත්තා කෙනෙක්. හරියට ළමයි හදනවානම් ඔලුව අතගෑම නෙවෙයි කලයුත්තේ අත්දැකීම් ලබන්නට ඉඩදීම
ReplyDeleteවිචාරක තුමා එක තෙරුනේ ටිකක් ලොකු උනාම නේ ,ඒ කාලේ හිතුවේ තාත්තා කියන්නෙ ඔලුව අතගාන එක්කෙනා කියලා ,පස්සේ තමා තෙරූණේ තාත්තා කියන්නෙ ජිවිතේ හදන කෙනා කියලා .
Deleteඅත්දැකීම් තමා හැම වෙලාවෙම වැදගත් ,නැත්නම් සාමාජයට ගියාම ජිවත් වෙන්න බෑ,
බලමුකෝ එහෙනම් අපි තාත්තගේ කතාවත් කියවලම..
ReplyDeleteතාත්තා ගේ කතාවම ලියන්න බෑ ,පොඩි පොඩි වැදගත් වෙයි කියලා හිතෙන එවා ලියනවා
Deleteරැකියාව වෙනස් වුවත් මට කියන්න තියෙන්නෙත් ඔය ටිකය සහෝදර.....එල
ReplyDeleteම්ම්ම්ම් රැකියාව වෙනස් වුණත් ගතිගුණ,ක්‍රියා කරන විදිහ පොදු දේවල් ඇති මම හිතන්නෙ ...කෙන්ජි මාමා ස්තුතියි .
Deleteතාත්ත මට ඇනපු ටොක්ක සිංදුව මතක් වුනේ..
ReplyDeleteඅපෙ තාත්තත් වැඩි සද්ද නැහැ. එක වචනෙන් ගේම ගහන්නෙ.. :)
ඒ සද්ද නැතිව දෙන ගෙම මාර ගෙමක් ,එතන තියෙන්නෙ මම හිතන්නෙ පෞර්ෂත්වය වගේ දේයක් කියලා ..
Deleteහොද පියෙක් කියල තමයි මචෝ කියන්න තියෙන්නෙ...
ReplyDeleteස්තුතියි ...උමේෂ්...
Deleteසැබෑ පොරවල් එහෙම තමයි. කියා කියා ඉන්නේ නැ. කරලා පෙන්නනවා. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන්නේ එකනේ. ආදර්ශමත් තාත්ත කෙනෙක්. අද කාලේ බොහෝ දෙමව්පියන් ළමයින්ට කියන්නේ "එපා.එපා, වැටෙයි, බලාගෙන, වගේ වචන. මේ තාත්ත එහෙම කරලා නැ. ළමයින්ට අවස්ථාව දීලා තියෙනවා.සහෝදරටත් ඒ වගේ තාත්ත කෙනෙක් වෙලා ආදර්ශමත් පියෙක් වෙලා වැඩකරන්න කියල ඉල්ලනවා.
ReplyDeleteම්ම්ම්ම් ...දැන් ඉන්න තාත්තාලා නෙවෙයි නේ ,උන් බබාලා ගේ බබාලා නේ ,ඒ අතින් අපේ තාත්තා උඩින් ,
Delete.සහෝදරටත් ඒ වගේ තාත්ත කෙනෙක් වෙලා ආදර්ශමත් පියෙක් වෙලා වැඩකරන්න කියල ඉල්ලනවා.///
තව පස්ට කාලයක් යයි ඕන් ඔය වැඩේ කරන්න
සැබෑම පියෙක්. එහෙම පියෙක් ලබන්න සහෝදර පින් කරල තියනව. "දෙගුරුන් විසින් තම- දරුවන්ට දෙන නොමඳ දන නම්" කියල කවියකුත් තියනව නේද.. එතනදි සිල්ප කියන්නෙ ඔය හැම ශිල්පයක්ම කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteම්ම්ම් ,,,එහෙම ලබන්න පින් කරලා ඇති ,ඒ දේත් එක්ක ලොකු බරකුත් ජිවිතයට පැටවෙනවා ,නිතැතින්ම...
Delete