අම්මෙ ...අම්මෙ ...
මොකෝ බොල...බෙරිහන් දෙන්නෙ නැතුව කියපන්කෝ ..
අන්න අම්මට හංදියේ කඩේ මුදලාලි කිව්වා ණය පොත බෙරන්න කියලා ...නැත්නම් අයේ බඩු දෙන්න බැරිලු ..හවස ඒ පැත්තෙ ඇවිත් යන්න කිව්වෙ ..
අබරන් මිය ගොස් දැනට තුන් මාසයක් ගෙවි අහවරය ...ඔහු ගේ මිය යාමත් සමග දරුවන් තිදෙනෙකු ගේ බර සිරියාවති ගේ හිස මත වැටුණෙ කබලෙන් ලිපට වැටුණාක් මෙනි ...එදා වෙල සරිකර ඔවුන්ට එකම ආදායම් මාර්ගය වුයේ අබරන් අන්දිරිස් මුදලාලි ලඟ වැඩ කර දෛනිකව ලබා ගත් මුදල පමණි ......
මුදලාලි මට එන්න කියලා පණිවිඩයක් එවලා තිබ්බෙ ,එක ගැන කතා කොර ගන්න කියලා අවේ මුදලාලි ...
උඹල ගේ ණය දැන් රුපියල් පන්දහකට වැඩී .....ඔක ගෙවලා දැම්මොත් නරකද?
අනේ මුදලාලි මුදලාලි නොදන්නවා යෑ අපිට පහු ගිය ටිකේ වුණ කරදර ....
හ්ම්ම් ....හ්ම්ම්ම් ....මං නොදන්නව ඈ බන් අබරන් නැති වුණ එකෙන් බොලාලට උණ විපැත්තිය.....මටත් උණේ සුලුපටු හානියක් ද බොලව්...උඹ වරෙන් අපේ දිහෑ ,හාමිනෙත් උදව්වට එකියක් හොය හොයා උන්නෙ ....ගිහින් හාමිනේ හම්බෙලා කතා කර ගනින් ......
හොදමයි මුදලාලි .....මං හාමිනේ එක්ක කතා කරලා බලන්නම් කෝ ...
වැඩ කොරන විදියට ඔය ණය තුරුස් ටිකත් කපා ගන්න බැරියැ ....අබරන් මගේ ලග සැහෙන කාලයක් හිටි එකා වෙච්චි ...
සිරියාවතිගේ හිතේ ගින්න මදක් හෝ නිවා දමන්න මේ පුවත ප්‍රමාණවත් විය..
අම්මා දැන් හෙට ඉදන් යනවද අන්දිරිසා ලගේ ගෙදර වැඩඩ ....
නැතුව..උඹලට කන්න දෙන්න මහා එකා කියක්වත් ඉතුරු කරලා මැරිලා ගිය ද ?බීලා බීලා මැරිලා ගියා මිසක්
ජීවත්ව සිටි කාලයේදී පවා අබරන් හා සිරියාවති නිතර නොහොද නොක්කඩු කම් තිබුන බවට ගමේ නොරහසකි.අබරන් සිරියාවතිට වඩා විසි අවුරුද්දක් පමණ වයසින් වැඩි පුද්ගලයෙකු විය....බෙබදු හා සූදු අන්තුවෙකු ලෙස ජිවිතය ගතකල ඔහු අඩ සියවසක් ගෙවා මිය පරලොව ගියේ ද සූදු පොලක ඇති වු ගැටුමක් හෙතුවෙනි...
සිරියාවති දැන් අබරන් මුදලාලි නිවසේ වැඩ කටයුතු භාර ප්‍රධාන සේවිකාව විය.මුදලාලි හාමිනේ ගේ සිත තුටු වන පරිද්දෙන් කටයුතු කිරිම නිසා ඇයට වැඩි සැලකිලි හිමි විය ...
සිරියාවති .....කෝ මේ අපේ හාමිනේ ...කොහේ හරි ගිහින් ද ?
වත්ත පහල පොල් කඩන උන්ට තේ අරන් ගියා,මට දවල්ට බත ලිපේ තියන්න කියලා .....ඇයි මුදලාලි මහත්තයෝ ....මොනවා හරි ඕනද ?
නෑ ....නෑ ..ඔන්න ඔය වතුර විදුරුවක් දියන්කෝ මෙහෙට ....හරි තිබහයි .....උගුර කට වෙලිලා ගිහින් මේ දවස් වල ......
දැන් සිරියාවති ගේ දරුවෝ එහෙම කොහොමෙයි ?තාම ඉගෙන ගන්නවා ඇති ...
ලොකු කොල්ලව මිල්ලැවේ අයියලා ගේ ගෙදර ඇරියා වඩු වැඩ ඉගෙන ගන්න කියලා ....දෙවැනි කෙල්ල උන් ගේ පුංචි අම්මා එක්ක මහ යායේ නැවතිලා එහේ ඉස්කෝලෙට යනවා...පුංචි එකා ගමේ ඉස්කෝලෙට යනවා මහත්තයා ....
ආ ......එහෙම ද?......හොදයි හොදයි ....ඔය වැඩ ටික අහවර කරපන් කෝ .....
රෑ කුප්පි ලාම්පු එළිය නිවා දමා නිදි පැදුර එලා ගත් සිරියාවතිට කුස්සිය පැත්තෙන් වෙනදා මෙන්ම එදිනද සද්දයක් ඇසිණ...
කවුද ...එළියේ ඉන්නෙ ....මේ රෑ කරදර නොකර ගියොත් හොදයි ...
කෑ ගහන්න එපා සිරියාවතියෝ මේ මන් ...දොර ඇරපන් පොඩ්ඩක් ...
කවුද මං කියන්නෙ ....
මං අන්දිරිස් මුදලාලි බොල...
හානේ මුදලාලි ...මොකෝ මේ රෑ ...තුවක්කුවත් අරන්
දඩයමේ ගියා බන් .....හරි තිබහයි ....ඔන්න ඔය වතුර එකක් ගනින් බොන්න ..උගුර කට වෙලිලා මේ දවස් වල ...
මොකෝ බන් මේ කෑ මොර දෙන්නෙ ....
නෑ මුදලාලි ..රෑ තිස්සෙ එක එකා දොරට තට්ටු කරනවා,අර මනුස්සයා නැති උනා විතරයි කරදර ,මං ලොකු කෙලිටත් මෙහෙ එන්න එපා කියලා තියෙන්නෙ ඔය නිසාමයි ...
මොකෝ බන් මේ කෑ මොර දෙන්නෙ ....
නෑ මුදලාලි ..රෑ තිස්සෙ එක එකා දොරට තට්ටු කරනවා,අර මනුස්සයා නැති උනා විතරයි කරදර ,මං ලොකු කෙලිටත් මෙහෙ එන්න එපා කියලා තියෙන්නෙ ඔය නිසාමයි ...
හ්ම්ම්ම්....හ්ම්ම් ... සිරියාවති .....දැන් උඹේ මනුස්සයත් නැති වෙලා හය මාසේකටත් වැඩි ..උඹට තාම ඒ හැටි වයසකුත් තියේන එකක් ඈ ...නරකද තව අතක් එහෙම බැලුවොත්......
අනේ මට මොන කසාද ද මුදලාලි ...ඔන්න ඔහේ මේ ඉන්න ටිකත් ඉන්නවා ........
විශාල හඩක් නංවා අකුණක් සිරියාවති ගේ නිවස ඉදිරිපිට තිබු පොල් ගසට පාත් විය ....
මහ හයියෙන් වහිනවා නේ බොලන් ....වැස්සක් කොහෙන් පාත් උනා ද ...දැන් යන්න විදියකුත් නෑ ....
එදා රෑ ඇදහැලුණ මහ වැස්ස සිරියාවති ගේ නිවසේ වහලයට ඔරොත්තු දුන්නෙ නැත....වහලේ තිබු පොල් අතු අතරින් වැටුණු වැහි දියෙන් බිම තෙත් විය...
ලද දඩයමෙන් රස වැටුණු අන්දිරිස් නිතර දඩයමේ යැම සිදු කරත් පසු දිනම සිරියාවති තම දරුවත් සමඟ තම නෑනා වු රොසලින් ගේ නිවසේ නතර වී තිබිණ...
හාමිනේ..........හාමිනේ ............
මොකෝ බන් සිරියාවතියෝ .....හාමිනේ එපිට බැද්දෙ මහගෙදර ගියා තව දෙතුන් දොහකින් එයි ....මුදලාලි තමා අටවපු උගුල නියමාකාරයෙන් ක්‍රියා කරනු බලා සිටියේ නිසි වෙලාව එන තුරුය...
සිරියාවති ගේ හිත ඇතුලේද නැගෙමින් තිබුන ගින්න පුපුරා යන්න වැඩි වෙලාවක් ගත වුයේ නැත ....
මුදලාලි මෙන්න බෙලිමල් වතුර වීදුරුවක් ....බිලා හිටියා නම්
ආ.......එක හොදයි.....හොදයි ...එක හුස්මට බෙලිමල් විදුරුව ඉවර කර මුදලාලි සිරියාවති දෙස බැලුයේ ජයග්‍රහි විලාශයෙනි ......මද වෙලාවක් ගතවන විට අන්දිරිස් තමා අඩපණ වන බව දැනි ඇදෙහි නිදා ගත්තා පමණි,නිවසේ වැඩට සිටි සුමනදාස ගමේ වෙද මහතා ගෙන ආවද වැඩක් නැත....මුදලාලිට වචනයකුදු හෝ පිට කිරිමට නොහැක .......
වෙද මහතා නොයෙකුත් උත්සහා කලද දින දෙක තුනක් යනවිට ඔත්පලව සිටි මුදලාලි සතියක් යන්නට මත්තෙන් දැස් පිය වුණි .....ගමේ නොයෙකුත් කතා පැතුරුණ ද නිෂ්චිත හෙතුවක් මේ පිලිබඳ හෙලි නොවින......
ලද දඩයමෙන් රස වැටුණු අන්දිරිස් නිතර දඩයමේ යැම සිදු කරත් පසු දිනම සිරියාවති තම දරුවත් සමඟ තම නෑනා වු රොසලින් ගේ නිවසේ නතර වී තිබිණ...
හාමිනේ..........හාමිනේ ............
මොකෝ බන් සිරියාවතියෝ .....හාමිනේ එපිට බැද්දෙ මහගෙදර ගියා තව දෙතුන් දොහකින් එයි ....මුදලාලි තමා අටවපු උගුල නියමාකාරයෙන් ක්‍රියා කරනු බලා සිටියේ නිසි වෙලාව එන තුරුය...
සිරියාවති ගේ හිත ඇතුලේද නැගෙමින් තිබුන ගින්න පුපුරා යන්න වැඩි වෙලාවක් ගත වුයේ නැත ....
මුදලාලි මෙන්න බෙලිමල් වතුර වීදුරුවක් ....බිලා හිටියා නම්
ආ.......එක හොදයි.....හොදයි ...එක හුස්මට බෙලිමල් විදුරුව ඉවර කර මුදලාලි සිරියාවති දෙස බැලුයේ ජයග්‍රහි විලාශයෙනි ......මද වෙලාවක් ගතවන විට අන්දිරිස් තමා අඩපණ වන බව දැනි ඇදෙහි නිදා ගත්තා පමණි,නිවසේ වැඩට සිටි සුමනදාස ගමේ වෙද මහතා ගෙන ආවද වැඩක් නැත....මුදලාලිට වචනයකුදු හෝ පිට කිරිමට නොහැක .......
වෙද මහතා නොයෙකුත් උත්සහා කලද දින දෙක තුනක් යනවිට ඔත්පලව සිටි මුදලාලි සතියක් යන්නට මත්තෙන් දැස් පිය වුණි .....ගමේ නොයෙකුත් කතා පැතුරුණ ද නිෂ්චිත හෙතුවක් මේ පිලිබඳ හෙලි නොවින......
මං පොදු ආකෘතියක් බලාපොරොත්තු උනත් අන්තිම හරියට යන කොට කතාව නියමෙට වෙනස් උනා.. සහෝ කතාවේ උවමනා තැන් තව ප්‍රසාරණය කරන්න ඕන.. පෝස්ට් එක දිග උනාට කමක් නෑ... සාර්ථක උත්සාහයක් මං කැමතියි මේ කතාවට..
ReplyDeleteකතාව අවසන් කොටස තවත් තිබුනා නම් හොදයි කියලා මටත් හිතුනා,අඩුපාඩු පෙන්නලා දෙන එකට ස්තුතියි ඉස්සරහට බලමු ...ටිකක් දිග කතාවක් ලියන්න
Deleteකෙහෙල් ගහට කොටපු දාට කොට්ටෝරුවා මට්ටු වෙනවා නෙව......!
ReplyDeleteමම එක කියලා දාන්න හදනකොටම දේශකයා උඩින් කොටලා.
අනිවාර්යයෙන්ම මට්ටු වෙනවා ....දේශකත් එක්ක ලෙසි නෑ ,පස්සෙ වෙලාවක බලන්න ..
Deleteමම නැගිටල ඉන්න වෙලාවක මොකාටවත් ඉඩ දේනනෑ එක වෙන්න.. හැක්...
Deleteපලවෙනි පාර පොස්ටුව කියවලා ඉවර වෙනකොට දේශා කොටලා නෑ, දෙවෙනි පාරටත් කියවලා මම එක කියලා දාන්න කලින් පේජ් එක රිලෝඩ් කරපු නිසා හොදට ගියා. නැත්තන් විලිලැජ්ජාවෙ සන්තෝසේ බෑ. මේකා බ්ලොග් වල අරක් ගෙනද මන්දා.(බුතයෝ වගේ)
Deleteහැක්.................
එහෙම නෑ බං.. මම ෆ්‍රී හිටියොත් එසැනින් බලනවා එච්චරයි...
Delete@ නිමෝ
Deleteදේශක කියවලාම ද මේ කමෙන්ට් කරන්නෙ කියලා මට සැකයක් තිබුණා මුල් දවස් වල ;)))
ෆ්‍රී වෙන එක තමා අමාරුම වැඩේ දේශා, මම නම් ඔපිසියෙන් තමයි බලන්නේ. හිටුකෝ බලන්න ඊලග පාරවත්, ජය වේවා...!
Deleteසාර්ථකයි සහෝ.. මමත් කියන්න හදපු ටික දේශකයා කියල .. නමුත් සාර්ථකව අවසානය වෙනස් කිරීම ගැන සතුටුයි .
ReplyDeleteස්තුතියි
Deleteඅවසානය තව ටිකක් ප්‍රසාරණය වෙන්න ඕන කියලා දේශක කියන්නෙ ,ඉස්සරහට ලියන්න බලමු,මට අවශ්‍ය වුණේ මේ අවසානයට කතාව ගෙනියන්න එක දැනෙනවා නම් සතුටුයි ..
තල්මස්සු කොච්චර ලොකු වුනත්,කන්නෙ කූනිස්සෝ..!
ReplyDeleteකූනිස්සොත් හිරවෙනවා එහෙනම්..ඕ....
හරි හරි හීන් සැරය පොත මතක් වුනා.
අලියාගේ නාහේ කටුස් ටුස් ටුස්...
කථාව සස්සනයි සහෝ,ඒත් ඉතින් ෂියට දශම බින්දු ගොඩායි එකකටත් අඩු ෂම්බාවිතාවක් තමා නීද??
ඇත්තටම මට ඔයා කියන කතාව වැඩියම පහැදිලි නෑ උඩ කොටස ...
Deleteඅවසාන එක නම් කියන්න තියෙන්නෙ මෙක කතාවක් විතරයි කතා රසය ගැන හිතන්න ,සැබෑ ජිවීතේට ගොඩක්ම ගලපලා බලන්න එපා ....හැබැයි මේ දෙවල් නැතුවමත් නෙවෙයි..
නිලයටම ගැසීම කියන්නේ මෙව්වට තමයි.. ශක්තිය නෙවෙයි ඉලක්කයයි වැදගත්. රසබර කථාවක් සහෝ..
ReplyDeleteසිරියාවතීලයි බිහිවන්නට ඔ්න..
ජය වේවා!!!
ස්තුතියි විදානේ ....
Deleteසිරියාවතිලාම තමයි බිහි වෙන්නෙත් නැත්තෙ ....අපේ වානිතා ඇන්ටි දැක්කා නම් කොහොම ඇතිද මේ කතාව ;))
@ සහෝදර, එන්න කියන්නෙයි වනිතා ඇන්ටිට...! හික්ස්
Deleteඑන්න කිව්වා නම් මට හොද එවයින් අහගන්න පුළුවන් වෙයි ;))
Deleteම් ම් ම්ම් සෑහෙන්න හොඳ උත්සාහයක්. ඉන්තිම හරිය කිව්වත් වගේ ඉක්මනින් ලියලා වගේ එතන පොඩි අභව්‍ය ගතියක් තියෙනවා. කතාවේ පරමාර්ථය පතිවත රකින්න උත්සාහ කරන අසරන කාන්තාවක් කියන එක හොඳින් ලියවිලා තියෙනවා . . ජය
ReplyDeleteමගේ අඩුවක් එක ටිකක් ලියාගෙන යනකොට ඉක්මනින් එක ඉවර කරන්න හදනවා ,ඇත්තටම අඩුපාඩු ඇති ...ලියපු දේ කියවන කෙනාට කාන්දු උනා නම් එක තමා සතුට ..ස්තුතියි
Deleteකතාවේ අග වෙනස් කරපු හැටි නියමයි.. හිතන් කියවන දේ වෙනස් වෙනකොට දැනෙන "ගතිය" සුපිරියි
ReplyDeleteනියමයි සහෝ...
ස්තුතියි ෂැගියා ..කාලේකින් ..
Deleteකතාව පොදු තැනින් පිටට ගන්න ඕන නිසා තමා එහෙම ලිව්වෙ ..එක සාර්ථක වුනා කියලා හිතනවා ..
ඔබගේ බ්ලොග් අඩවියත් ඔබ දන්නා වෙනත් සිංහල බ්ලොග් අඩවිත් ගැන විස්තර අපට එවන්න අමතක කරන්න එපා. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයට ඔබේ අඩවියත් ඉදිරිපත් කරන්න. අපට එය ප්‍රචාරය කිරීමට අතහිත දෙන්න පුලුවන්. අපේ බ්ලොග් දර්ශකයට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
හොද වැඩක් ජයවේවා!!!!
Deleteඊට පස්සේ සිරියාවතී කෑවේ බිව්වේ කොහොමද දන්නේ නෑ. එයත් බෙලි මල් වතුර බිව්වද දන්නෙ නෑ.
ReplyDeleteමාතලන් අපිට ඕන තරම් හිතන්න පුළුවන් සිරියාවති මුදලාලි ගෙදරම ඕන නම් වෑඩ කරා,මොකද සිරියාවති අහු උණේ නෑනේ ,නැත්නම් වඩු වැඩ කරන පුතා හම්බ කරලා කන්න දුන්නා ,නැත්නම් වෙන තැනක වැඩට ගියා..ඔය සෙරම හරි නැත්නම් හිරේ ගියා පොඩි එකා රොසලින් හදා ගත්තා,ඔබ කියන එකත් වෙන්න පුළුවන් බොහෝවිට...
Deleteමං නම් හිතන්නෙ කතාවක රසය තමා මුලික දේ ,කතාවේ කියන දේ හැමෝගෙම ජිවිත වලට 100%ක් ගලපන්න අමාරුයි නේ ...
කතාවේ කිසි අවුලක් නෑ. සාම්ප්‍රදායික කතාවකට නැවුම් නිමාවක්. අළුත් වෙනසක්. ඒ වෙනසට මම බොහෝම කැමතියි. ඒත් මට හැම දේම හිතෙන්නේ නුහුරටනේ, ඒක නං ලෙඩක් බං. බෙහෙත් නෑ..
Deleteඑක කිසිම අවුලක් නෑ කියවන කෙනාට හිතෙන දේ,මේ වගේ කමෙන්ට් නිසා හොද කතා ලියවෙවි ඉස්සරහට ..
Deleteපට්ට බං සහෝ… සාම්ප්‍රදායික විදිහෙ අවසානයක් නොදී මෙහෙම අවසානයක් දුන් එක ඇත්තටම හොදයි
ReplyDeleteසිරයාවතී යකඩ ගැහැණියක්.
මට ඕන උනේ මුලිකවම කතාව වෙනස් විදියකට ලියන්න ..සිරියාවති ගේ තිබුණේ සමහර වෙලාවට පළිගැනිම වගේ දෙයක් වෙන්න පුළුවන් ..
Deleteහොඳට කතාව ගලාගෙන ගියා,මැදට පැනල කාල දැම්ම නේද අපරාදෙ.ලියද්දි පොඩ්ඩක් සම්භාවිතාව ගැන හිතපන්.
ReplyDeleteහික් මැදින් මොකෝ වෙලා තියෙන්නෙ ,ඇත්තටම මගේ සම්ප්‍රදායික කම්මැලිකම නිසා කතාව කොට කරා ...ඉස්සරහට එහෙම වෙන එකක් නෑ
Deleteලියද්දි පොඩ්ඩක් සම්භාවිතාව ගැන හිතපන්.////
.හැලප කියන්නෙ මොකක් ගැනද කියන එක පොඩ්ඩක් පැහැදිලි කලා නම් ..
මරු පහර!!!
ReplyDeleteහැබැයි එක පාර මරලාම දාන්න???
එක තමා මගේ අඩුව ලියාගෙන ගිහින් එකපාරම ඉවර කරා ...බලමු ඉස්සරහට ඔක වෙනස් වෙයි
Deleteහොදට ආපු කතාව එක පාරටම මොකක්ද වුනා වගේ මට නම්.
ReplyDeleteකොහොම වුනත් මේ ආකෘතියේ අනෙක් කතා ඉවර වෙනවාට වඩා වෙනස් විදියකින් කතාව ඉවර කරපු එක හොදයි.
කතාව එක පාරම ඉවර වුණේ මගේ තියෙන කම්මැලිකම නිසා වෙන්න ඇති ....ගනන් ගන්න එපා ...:))
Deleteප්ලොට් එක හොඳයි සහෝ. තව ටිකක් ආලවට්ටමක් දාල පුම්බල ගත්තනම් පට්ට!
ReplyDeleteමෙකනේ අවුල මං කතාව ගැන මනෝ ගහලා ලියන්න ටිකක් කල් ගනවා ඉතිං ඔය අලවට්ටම් මතකත් නෑ ..මෙන්න මෙක බලන්න වැඩේ තෙරෙයි ඒ ඇයිද කියලා ..
Deletehttp://sinhalaya19.blogspot.com/2013/12/blog-post_2945.html
අඩේ දොඹා
ReplyDeleteමං කලිනුති කියල තියනව ලියන එක ඉවසීමෙන් ලියන්න කියල යකෝ මේ වගේ පොල්ලෙන් ගැහුව වගේ කතා කියනවද මං අහන්නෙ ඈ....
(ඔහොම කීවට මාත් එහෙමනෙ)
කතාව නං පට්ටයො... මං කීවෙ ප්ලොට් එක... ඒත් තව ටිකක් විතර වෙනස් විදියකට වර්ධනය කරන්න තිබ්බ
ඉදිරියෙදි බලමු වෙනස් කතා ලියන්න ඉවසලා ,ටිකක් අඩුපාඩු නැතිව ලියන්න ,එත් මං කැමැති පොඩි පොඩි එවට නේ ;)))
Deleteමේ සිද්ධි දාමයේ අවසාන කොටස තව ටිකක් නාටකීය තත්වයට පත්කලානම් දැනට තිබෙන රසය තවත් වැඩිවෙනවා. කෙසේ වෙතත් හොඳ නිර්මාණයක් බව කියන්නට කැමතියි.
ReplyDeleteඉදිරියෙදි බලමු අඩුපාඩු හදා ගන්න ,පෙන්නලා දුන්නාම තමා මට එක හදා ගන්න පුළුවන් ස්තුතියි.. පෙන්නල දුන්නට ..
Deleteකතාව නියමයි සහෝ.. කියවන් එද්දී මම හිතුවේ සාම්ප්‍රදායික අවසානයක් වේවිද කියලා.. එහෙම නොවුන එක ගැන අගය කරනවා.. සමහරක් තැන් තව හොදට විස්තර වුනානම් කියලා හිතෙනවා.. හැබැයි අනවශ්‍ය විදිහට දිගට අදින්න කියනවා එහෙම නෙමෙයි මේ..
ReplyDeleteඅවසාන ටික පොඩ්ඩක් වෙගේ වැඩි වෙලා ගිහින් ,ඉස්සරහට ලියන එවයේ අඩුපාඩු හදා ගන්න බලමු,පෙන්නලා දෙන එකෙන් තමා හදා ගන්න ලෙසි ,එකට ස්තුතියි
Deleteකතාව කියවගෙන එනකොට මතක්වුනේ "සුද්දිලාගේ කතාව". නමුත් උඹ වෙනස් කලා සම්පූර්ණයෙන්ම. මටත් හිතෙනවා අවසානය ඉක්මන් උනාද කියලා. නිගමනයක් නෙමේ මට හැඟුණු දේ.
ReplyDeleteසුද්දිලා ගේ කතාව මීට වඩා වෙනස් ද ?මං චිත්‍රපටියක් බැලුවා වගේ මතකයක් තියෙනවා,
Deleteඅවසානේ ඉක්මන් වෙලා වැඩි වගේ තමා ,ඉදිරි කතා වලට හදා ගන්න බලමු
සිරියාවතීට ජය වේවා//.........හොඳ උත්සාහයක් සහෝ...
ReplyDeleteඇත්තටම මෙතන සිරියාවති ලබපු ජයක් නෑ මට නම් හිතෙන්නෙ ...
Deleteඅගය කිරිමට ස්තුතියි..
ලියවිල්ලට කැමතියි පුත්‍රයා....
ReplyDeleteලගකදී සිට ඔබ අධි වේගී මාර්ග භාවිතා කොරන්න අරන්ද ලියවිල්ලට..????
මට මතක විදියට කෙන්ජී මාමා තමා මුලින්ම උඹේ ලිවිල්ලෙ අමුතු ගතියක් තියෙනවා කියලා කිව්වෙ ....දිරි ගැන්විමට ස්තුතියි
Deleteඉදිරියෙදි බලමු පොඩ්ඩක් ඉවසලා කතාවක් ලියන්න ..
එල කතාව සහෝ, සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේට වඩා වෙනස් විදිහකට ලියලා තියනවා :)
ReplyDeleteමේ කතාවේ පදනම සම්ප්‍රදායිකයි එක පොඩ්ඩක් වෙනස් කරා අලුත් රසයක් එන්න කියලා
Deleteඅවසානය ඉක්මන් උනා වැඩියි...... සහෝ......කතාව නම් හොදයි....... අන්තිමට මොකද උනේ.......
ReplyDeleteඅවසානේ ඉක්මන් වෙලා තියෙනවා වැඩි තමා තව ලියන්න තිබුණා ,අරම එක පාරම මුදලාලිට යමක් දෙන තැන ඉක්මන් වැඩි වෙලා එක පොඩ්ඩක් බොරු ගතියක් තියෙනවා ..
Deleteඅන්තිම අඩිය අනික්එවුන් ගහයි කියල හිතුවද දන්නෑ...
Deleteඑහෙමද දන්නෙ නෑ විදානේ
Deleteඅවසානය ඉක්මන් උනා වැඩියි...... සහෝ......කතාව නම් හොදයි....... අන්තිමට මොකද උනේ.......
ReplyDeleteඅවසානය කියවනා කෙනා හිතා ගන්න මං ඔක්කොම විස්තර කරොත් මෙක වාර්තාක් වෙනවා නේ,කතාවක රසය තමන්ම එක තමන්ට හිතෙන ප්‍රමාණයෙන් රස විදිනකොට මට හිතෙන්නෙ ...
Deleteමං මාතලන්ට කියපු එක පොඩ්ඩක් බලන්න ..
පළමුවතාවටයි මේ පැත්තේ ආවේ. කතාවේ මම අගය කරනම කොටස //එදා රෑ ඇදහැලුණ මහ වැස්ස සිරියාවති ගේ නිවසේ වහලයට ඔරොත්තු දුන්නෙ නැත....වහලේ තිබු පොල් අතු අතරින් වැටුණු වැහි දියෙන් බිම තෙත් විය...// කියන කොටසටය. ඒක බොහොම අර්ථවත් වචන භාවිතයක්. ඒත් කතාව හරි හදිස්සියෙන් ඉවර කරපු එක අඩුවක් ඒකෙන් අසාධාරණයක් වනෙවා සිරියාවතීගේ චරිතයට.
ReplyDeleteඑතන මං හිතාගෙන ලියපු දේ දැනෙනවා නම් සතුටුයි ...ඇත්තටම කතාව ඉක්මනින් ඉවර කරපු එක චරිත සියල්ලන්ටම කරපු අසාධාරණයක් මං හිතන තරමින් ,මට ඕන වුණේ සියලු චරිත අවසානේ සාධාරණ කරන්න ...
DeleteBursa
ReplyDeleteKırşehir
Muş
Mersin
Çanakkale
ROHO
Erzurum
ReplyDeleteistanbul
Ağrı
Malatya
Trabzon
JQJ0Q
Kocaeli
ReplyDeleteDenizli
Bursa
istanbul
Van
3F8
van
ReplyDeleteerzincan
sivas
ağrı
manisa
4XW
whatsapp görüntülü show
ReplyDeleteücretli.show
ZPOJX
görüntülü.show
ReplyDeletewhatsapp ücretli show
7KA5TR
https://titandijital.com.tr/
ReplyDeletetunceli parça eşya taşıma
ordu parça eşya taşıma
aydın parça eşya taşıma
van parça eşya taşıma
WİM4E1
ankara parça eşya taşıma
ReplyDeletetakipçi satın al
antalya rent a car
antalya rent a car
ankara parça eşya taşıma
GGTJ
aydın evden eve nakliyat
ReplyDeletebursa evden eve nakliyat
trabzon evden eve nakliyat
bilecik evden eve nakliyat
antep evden eve nakliyat
8N3WF4
rize evden eve nakliyat
ReplyDeletemuğla evden eve nakliyat
kırıkkale evden eve nakliyat
mardin evden eve nakliyat
istanbul evden eve nakliyat
H6J
amasya evden eve nakliyat
ReplyDeleteeskişehir evden eve nakliyat
ardahan evden eve nakliyat
manisa evden eve nakliyat
karaman evden eve nakliyat
5CS
77821
ReplyDeleteÇerkezköy Sineklik
Çerkezköy Evden Eve Nakliyat
Ceek Coin Hangi Borsada
Gümüşhane Şehir İçi Nakliyat
Antep Şehirler Arası Nakliyat
Muğla Şehirler Arası Nakliyat
Floki Coin Hangi Borsada
Samsun Şehir İçi Nakliyat
Antep Lojistik
238D8
ReplyDeletebinance %20 indirim
898D6
ReplyDeleteen iyi görüntülü sohbet uygulaması
telefonda kızlarla sohbet
kars mobil sohbet sitesi
antalya kadınlarla sohbet et
sesli sohbet
van parasız görüntülü sohbet uygulamaları
aksaray mobil sohbet chat
tamamen ücretsiz sohbet siteleri
parasız görüntülü sohbet uygulamaları
6D041BE0C8
ReplyDeleteskype şov
5DB1205EA5
ReplyDeletetiktok takipçi atma
1744168AFD
ReplyDeletetakipçi arttirma
13460B0729
ReplyDeleteAnadoluslot Yeni Adres
Anadoluslot Güncel Adres
Anadoluslot
Anadoluslot
Trwin Güncel Giriş Adresi
Trwin Giriş
Trwin
Trwin Yeni Adres
Trwin