02 March, 2015

තොටුපොළ.........

බෝඩිං කාමරයේ ජනෙල් කවුළුවෙන් උදෑසන හිරු එළිය පෙරි මේසය මතට වැටෙයි.බෝඩිං අයිතිකාරිය වූ රොසලින් නැන්දා ඉතා ආදරයෙන් රැකබලා ගන්නා පිච්ච වැලෙහි සුවඳ ජනේලයෙන් අවුත් නාස් පුඩු විද යයි.කාමරයේ සිටි අනික් වුන් සියල්ල ගම් බලා ගිය ද මාගේ හිතෙහි කොනක තිබූ වේදනාවක් හෝ යම් පරාජිත හැගිම් රාශියක් හේතුවෙන් තනිකඩ බෝඩිං කාමරයේ බොහෝ නිවාඩු කල් ගෙවා දමා ඇත.

විභාග ඉවරයි නේද?පුතා මේ නිවාඩුවටත් ගෙදර යන්නෙ නැත් ද ?රොසලින් නැන්දා මිදුල දෙස සිට ජනෙල් කවුළුවෙන් එබී අසයි ......

ආ.......යන්න තමා හිතා ඉන්නෙ ,හෙට දිහාටවත් යන්න ඕන ........

සෙමින් පොකැට්ටුවේ සගවා තිබු රූපය ගෙන බැලිය,එය පෙරදා මෙන්‍ම පැහැදිලිය,පිරිසිදුය,කළු සුදු පින්තූරය තුල ද ඇගේ දීප්තිමත් ඇස් මනාව පෙනේ,ඇගේ සුවඳ නාස් පුඩු අතර තවම රැඳි ඇතැයි මට සිතේ.

ටකස්........ටක්ස් ....කිරිස් ........කිරිස්  .....මගින් පිරි ඉතිරි ගිය දුම්රිය වේදනාවෙන් ඇඹරී ඉදිරියට යනු යැයි මට සිතේ..වෙනදා අසා නොමැති හඩවල් පවා ඇසෙයි එවා දුම්රියෙන් ද මාගේ හදවතින් ඇසෙන ශබ්දයන් ද යන්න සිතා ගත නොහැක.

ආනේ .....අම්මෙ මෙන්න ලොකු මල්ලි ඇවිත් ............අම්මේ ....

උඹ උදැහැනැක්කේම එන්න පිටත් උණා ද මල්ලීයේ ....ලොකු අක්කා ප්‍රශ්න පත්‍රයක්ම දිග හරි...

ඌට හුස්සමක් කටක් ගන්න ඉඩ දිහාන් බන් ,ගමන් විඩාව නැතැ .....
ඔහොම හිටින් පුතේ තේ කහට ඩිංගිත්තක් වක් කොරන්න ....

කාමරයේ ජනෙල් කවුළුවෙන් එක් පසෙකින් කදු ගැටයක මුදුනෙහි වු යශෝධා ගේ නිවස පෙනෙයි,අනෙක් පසින් නිසලව ගං දිය ගලා යයි.කුඩා කල සිට එකට සිටි ඈ අහිමිව ගොස් වසර තුනක් පමණය .එකලම ඇගේ මවට ඈ දිග දිමට තිබුණේ තදබල උවමනාවකි,එහි යම් සධාරණයක් ඇතැයි යන්න විටේක දිග යන වයස පසු වී නිවසේහි සිටන ලොකු අක්කා දකින් විට සිතේ.නමුත් මා ඇය ගැන බලාපොරොත්තුවෙන් සිටි බව නොදන්නවා ද නොවේ .ඒ ගැන සිතන වීටත් හදවත කෝපයෙන් පිරි යයි.

                            *******************************************

රාත්‍රී සඳ එළිය පොල් අතු වහලින් පෙරි රවුම් හැඩැති එළි ඇදෙයි විවිධ තැන් වල පතිත වෙයි.එවා දේස බලා හිදිම අශ්වාදජනකය .ඒ එළි දිහා කොතෙක් වෙලාවක් බලා උන්නා ද යන්න මතකයෙහි නොමැත.

උඹලා වෙනදාටත් මෙහෙම නිදා ගන්නව ද පුතේ...............? අම්මා කාමරයේ ජනෙල් කවුළු හැර දමමින්ම ඈසීය ....වෙලාව උදෑසන නවයත් පසුවි ගොස්‍ ය .උදෑසනින් ගං දිය පිස එන සුළං කාමරයේ ජනෙල් කවුළුව හරහා අවුත් ඇගේ හැපෙයි ,එවා මිහිරිය ,සනිපය ...

උඹ ගැන මං අර හිච්චි කෙලි බැන්ද මහත්තයැයි එක්ක කතා කොලා,ආණ්ඩුවෙ රස්සාවක් ගන්න බලමු කිව්වෙ .......උඹත් ගිහින් කතා කලොත් නරක ද ?..........අම්මා හිච්චි කෙලි කිවේ යශෝටය .....ඇය විවාහ වුයේ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයෙහි රාජකාරි කල පුද්ගලයකු සමඟ බව එ දවස ආරංචි විය..... එයැයිට ආණ්ඩුවේ උඩ ඉන්න මහත්වරුත් එක්ක සම්බන්ධ කම් තියෙනවා කියන්නෙ,අනික රාජපක්ෂ ඇමතිත් උන්දැලාගේ මාමා කෙනෙක්ලු,ඒ නිසා උඹට ආණ්ඩුවේ රස්සාවක් ගන්න බැරි වෙන එකක් නෑ......... 

මං ගොළුය,හිතින් රස්සාවට වඩා ඇය දැකීමට ආශාවක් උපදි,නමුත් පය ඒ දෙස ගමන බාල කරයි,ඇය දැන් කෙසේ ඇත්ද ?ඇතැම් විට ඇයට දැන් දරුවන් ඇත,නිවසේ වැඩපල නිසාම ගමේ අනෙක් කෙල්ලන් මෙන් විරූපිව සිටිනවා සැක නැත,ඇයට සැමියා කට ගොන්නක් බීගෙන වුත් ඇයට පහර දෙනවා විය හැක,රජයේ කාර්යාල වල වැඩ කරන වුන් පගා මරුවන් ය,බේබද්දන් ය,අනික ඇය ඇගේ සැමියාට මා සමඟ තිබු සම්බන්ධය පළිබඳව කියා තිබිමට පුළුවන,ඒ සියල්ලට වඩා යසවති නැන්දා ගේ කතා අසා සිටිය නොහැක.නැවත ඇය දැකිමේ අසාව මතුව එයි .....

ආ .....එන්ඩ ලොක්කයියේ ...........

මිදුල මැද ජංගි පොඩියක් ඇදගත් පොඩි දරුවෙකි,සිංහල උළු වහල හා දෙපසින් ගරාදි වැටවල් දෙකකින් යුතු නිවසේ ඉදිරිපස පඩියක් මත ඇය කුඩා දරුවට කැවිමට සදාගත් කැමක් ඇතතිව සිටිය.දරුවා මිදුලේ වැලි ඒ මේ අත විසුරවමින් සිනාසෙයි .පොඩි දරුවා ගේද ඇයගේ දැස් මෙන් දීප්තියෙන් දිලිසෙනු පෙණින.සිනාසෙන විට ඇය මෙන් දැස සිහින් කර සිනාසෙයි.ඈ වෙනදාටත් වඩා පිරිපුන් යැයි මට සිතිණ.ඇය දැන් පෙරදාටත් වඩා යහපත් ජීවිතයක් ගත කරනු පෙනේ .....

ආ............ මේ පුතානේ මේ ....මං එත් බැලුවා කවුද කියලා මේ .....වෙනදා නැති හිත හොද කමක් යසවතී නැන්දා පෙන්වයි.

නිමල් පුතාටත් අද නිවාඩු නේ හොද වෙලාවට ආවේ......නැන්දා මා හට යම් සරදමක් කලා ද යන්න නැත්නම් හිත හොදින්ම කියු දෙයක් ද යන්න සිතාගත නොහැක නමුත් ඉන් මුහුණේ වෙනසක් ඇති වේ යැයි බියෙන් මම ආයාසයෙන් ඔහු හා සිනාසුනෙමී..........සරමෙහි ගැටය තද කර ගනිමින් ඔහු මා කතාවට එක් විය .දහවල් වන තුරුම ඔහු හා විවිධ මාතෘකා ගැන කතා ඇති විය.ආණ්ඩුවේ වෙනස් වේද,රටේ ඉදිරි දේශපාලන කෙබදු වේද?,රැකියා ප්‍රශ්න වලට විසදුම්,රජයේ පඩි වැඩිවිම් ,වැනි විවිධ කතා ඒ අතර විය.

ලොක්කයියේ......බත් කමු ........

දහවල් අහාරයෙන් පසු නිවස් බලා ඒමට පල්ලම බැස එත්ම ....

ලොක්කයියේ .....................ලොක්කයියේ .....ඉන්න මාත් එනෝ .....

යශෝලා දැන් දිගටම මෙහෙද ඉන්නෙ .....? සිතෙහි මිරිකෙමින් තිබු ප්‍රශ්නයක් මුදා හැරිය ....

ඇයි ලොක්කයියා දන්නෙ නැත්ද ?අපි ඉන්නෙ නිමල්ල ගේ මහ ගෙදර ,එයාට ගමේ ඉදන් වැඩට යන එක ලෙසි නේ .අම්මා තනියෙන් ඉන්න නිසා නිවාඩුට ඇවිත් බලලා යනවා,නිමල් වැඩ කරන්නෙ හම්බන්තොට නේ.අම්මා එහෙට යන්නත් කැමති නෑනේ .................

නැන්දත් විටින් විටේ අසනිප වෙන නිසා කවුරු හරි ලඟ හිටියොත් නරක ද?

                                               *********************************************
සිමෙන්ති  පඩි දෙක තුනක් ඉවුරේ ගං දිය දෙසට බැද ගමේ දිය නාන තොටුපල සදා තිබිණ.බොහෝ විට ගමේ කොල්ලන් දිය කෙලියට වෙනත් ස්ථානයක් භාවිතා කෙරිණ,ගැහැණුන් හා කුඩා දරුවන් මෙම ස්ථානය භාවිතා කෙරිණ.කාමරයේ ජනෙල් කවුළුවෙන් ගඟේහි නාන තොටුපල මනාව පෙනේ,වඩදිය ඇති දාට සිමෙන්ති පඩි දෙකක් පමණ ගං දියට යටව යයි.

එවකට සැම දිනකම පාහේ යශෝ දිය නෑමට ගං තොටුපොළට එයි.දියෙන් තෙත්ව පිට දිගට වැටුණු නිල් වරල,තෙත බරිතව ඇගට ඇලුණු දිය රෙද්ද තුලින් මතුවන ඇගේ සුන්දර නාරි සොබාව එවකට ජනෙල් කවුළුව ලඟ සිටින මා හට සුලභ දසුනකි.ඇය ඒ පිලිබඳ නොදැන උන්නා ද නොවේ.දිනක මා දකිත්ම ලැජ්ජාවෙන් ඇඹරී ගිය ඇගේ මුහුණ තවම මතකය.....

පසු දිනම ඈ සැමියා සමඟ ගමට යන දිනය විය.හදවතේ බුර බුරා නැගෙමින් තිබූ ආශාවන් මිශ්‍ර වේදනා බරිත හැඟුම් හේතුවෙන් රාත්‍රි නින්ද නොනින්ද අතර විය.විකාර රූපි හැගිම් වලින් හදවත පිරි යයි.යශෝ උඹට තමා අයිති,උඹට අයිති ඈ අර කන්තෝරු කාරයා උඹෙන් උදුරාගෙන තියෙන්නෙ,පලයන් ගිහින් යශෝට උඹ කියපන් ...............

පසු දින අවදිවන විටදහවල් ඉර මුදුන් වෙමින් තිබිණ.ජනෙල් කවුළු තුලින් දුටු දසුන දුටු සිත එක් වරම නතර විය..ගං තොටුපොළේ යශෝ විය.

ලොකු පුතේ ......................උඹ තවම නිදිද ?? එක්වරම කාමරය දෙසට  අම්මා ගේ හඩ නැගෙත්ම අතේහි සියුම් වේදනාවක් නැගිණ.....

හා....නේ  බලපන් උඹට බොන්න සිනි ටිකක් දලා හදපු තේ වතුර ටිකට තෙල් කූඹි ඇවිත් ....අපරාදෙ සිනි ටික,කොහෙන් ආපු ජරා සත්තුද මන්දා ...හිටින් මං මුන්ට දාන්න උණු අළු ටිකක් ගෙනත් දාන්ඩ,ගෙදරම විනාසයි මූන් ආවම .........

තෙල් කූඹි රැලක් මේසය මත සිට ජනෙල් කවුළුවෙහි උලුඅස්ස  දිගේ ඉහලට ඇදෙමින් සිටි අතර උන් දෂ්ඨ කිරිම නිසා අතේහි රතුව කුඩා බිබිලි කිහිපයක් මතුව තිබිණ......

40 comments:

  1. හා කොහොමද?බොහොම කාලෙකිං නොවැ.කතාව ඉවරද?

    ReplyDelete
    Replies
    1. ආයේ මතක් වුණා kකාලෙකටපස්සෙ කතාව ඉවරයි ,

      Delete
  2. මතුසම්බන්දයි නොදැම්මට තවත් කොටසක් තියෙනව නේද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ආයේ නෑ කතාව ඉවරයි

      Delete
  3. කෝ ලොක්කයියේ මේකේ අනික් කොටහා ?

    ReplyDelete
    Replies
    1. ආයේ නෑ මලයෝ ,මේ මදෑ අවසානයක් නෑ කියලද හිතෙන්නෙ

      Delete
    2. එහෙනම් සහෝ අවසානය සාර්ථක මදි මචෝ.පොල්ලෙන් ගැහුවා වගේනේ බං කතාව අන්තිමට නවත්වල තියෙන්නේ.මගේ රස වින්දනේ අවුලක් වෙන්නත් පුළුවන් ඈ.

      Delete
    3. රස වින්දනේ අවුලක් නෙවෙයි ඇත්ත මටත් ආයේ කියවන කොට අවසාන කොටස එකපාරම ඉවරවෙලා කියලා පෙණුනා ,දැන් ආයේ කරන්න දෙයක් නෑ .....

      Delete
  4. Anonymous3/03/2015

    කාලෙකින් මල්ලි, ලස්සනයි කතාව කොටස් නොලියා එකෙන්ම ඉවර කරන එවුවට මන් මනාපයි,,,

    ReplyDelete
    Replies
    1. සැහෙන කාලෙකින් ,එක කොටසකින් ඉවර වෙන එවට තමා මමත් මානප :)

      Delete
  5. හාාාාාාා ගොයියෝ ආයේ ඇවිත් තියෙන්නේ... මෙහෙමහරි ලියන එක කොයිතරම් දෙයක්ද??

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අවා අවා ,සහතික ඇත්ත...නොලියා ඉදලා ලියන්න ගියාම තමා ලිවිල්ලෙ අමාරුකම් තෙරෙන්නෙ

      ජය .....

      Delete
  6. කාලෙකින් මේ පැත්තෙ ආවෙ. ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. සැහෙන කාලෙකින් ලිව්වෙත් මේ ......

      Delete
  7. හද පාරවන සොඳුරු මතක.... අවසානයට මම එච්චරම කැමති නෑ.. ඒත් මැද නම් පට්ට රහයි

    ReplyDelete
    Replies
    1. මතක කිව්වෙ කාගේද ඈ :D
      කතාව නාඩියා තෙරුම් ගත්තා නම් ඇති ,අවසානේ මට ඕන වුනා මෙහෙම කරන්න එක නිසා සම්මතය ගැන හිතුවේ නෑ ....මෙක කතාවක් විතරයි නේ :)))

      Delete
  8. අප්පට සිරි දැන්නෙ මේක දැක්කෙ..
    වෙල්කම් බැක් ඈ.. :D

    ReplyDelete
    Replies
    1. කියෙව්වා නම් එල ....කෝ සංචාරය ඉවරද ඈ ????දැක්කෙ නෑ අලුත් ලිපි

      Delete
  9. ඉවරද???? අදමයි ආවේ...එල

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මුලින්ම ....දිගටම එමු
      ජය ....

      Delete
  10. තව ටිකක් ලියන්න. අවසානය ඉක්මනින්ම ඇවිත්.

    ReplyDelete
  11. ජ ය වේ වා !!! ලස්සනයි!

    ReplyDelete
  12. කාලෙකින් අාවත් මොකද රටාව ඒහෙමමයි.. වැදගත් ඒකයි.... දිගට ම ලියමු සහෝදරයෝ................

    ReplyDelete
  13. හොදයි.. වැඩි පුර ලියහං. දියුණු වෙන්න ඕන නං

    ReplyDelete
  14. තෝ නොලිය ඉද්දි මෙහෙම වෙනව අමු කම්මැලි කමට ගොතපලු කතාවද්ද කොහෙද...
    ඒත් යමක් නොතේරෙනව නෙවී.... අර කොළුව පච නොකර එහෙම්ම කතාව ඉවර කොරපු එකත් හොදයි එක්කතකට...
    ආයෙත් ලියපං...
    අවුරුද්දක් හරි පරක්කු වෙලා එනව කියවල යන්ට

    ReplyDelete
  15. අද තමයි මේ පැත්තට මුලින්ම ආවේ ලස්සනයි කතාව දිගටම එනවා කියවල යන්න. මතක ඇතුව ලියල තියන්න

    ReplyDelete
  16. පළමු සැරේ ආවේ . නොලැබුන ආදරයවල් ගැන විධි කියකින් ලියන්න පුලුවන්ද කියල කල්පනා කලේ.

    ReplyDelete
  17. මේක www.blogpower.info එකට ඇතුලත් කලා.

    ReplyDelete
  18. හම්මේ ... මරු හොඳේ ...

    ReplyDelete
  19. නිමල්.. ලොක්කය්යා කියද්දි මතක් වුණා ගැහැණු ලමයි නවකතාව..

    ReplyDelete
  20. Anonymous8/28/2019

    පට්ට කතාව

    ReplyDelete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.