31 March, 2014

සහෝදරට ආච්චි කිවු කතාවක්

මං පොර ලියන්නෙ බොහො සරල රටාවකට ය.එක සම්පූර්ණ සත්‍ය ය.මං පොරට ඇතැම් කතා මතක් වෙන්නෙ බස් එකේ ගමනක් යන විටය ,තවත් සමහර කතා මතක් වෙන්නෙ බොගියක් කියවන විට ය.සමහරු මං පොර බයිසිකල් ගැන කියන විට ඒ කියන්නෙ බයිසිකල් ගැන කියා සිතුවා ය.ලොකු මාමා ගැන කියන විට සිතුවෙ මගේ ලොකු මාමා කෙනෙක් ගැන කියනවා කියා ය.කුවේණි වුණත් වැරදි නෑ කිවු විට මේ මාතෘකා මේ විදිහට යෙදුවෙ ඇයි ද කියා හැමටම තෙරුණා විය හැකිය.සහෝදර ගේ ජිවිතයේ තොරා ගැනිම් දෙකක් පැමිණ විට ගෙතු කතාව විමලා හා කමලා ය.එක  වැඩිය රසක් තිබුණේ නැතුව ඇති ය.ඒ කාලයේ සිට ලිවු කතා දෙස බලන විට මා වැඩිය අසම්මත කතා ලියා නැතිය.පොත් ගැන ලිව්වාට පොත් බලන් වැඩි ය ලියා නැතිය.බොහෝ නිර්මාණ වලට පාදක වන්නෙ තම පෞද්ගලික අත්දැකීම් ය.එසේම  මගේ සැබෑ ජිවිත අත්දැකිම් ද මං පොර ලියා ඇත.මේ කතා මතක් වවුයේ  මෙවා වැඩි අවස්ථාවකදි   ය .සහෝදර ගේ  සියලු බිදවැටිම් කාරණා වලට හෙතුව මං පොර සිතන පරිදි මා මුලින් ලිවුවෙ පොඩි පොඩි කතා නිසා විය හැකි ය .අද කතාවත් පෙර පරිදි සරල පොඩි කාලේ ඇසු කතාවකි කොටින්ම මුලින්ම ආච්චි සහෝදරට කියා දුන් කතාවකි.මේ ඒ කතාවයි ............

එක් රටක රජෙක් සිටියා ය.මේ රජාට දැහැමින් රට පාලනය කරන පොරක් ය.හරියට අපේ ලොක්කා වගේමය .ඒ දවස් වල කළු විදුරු බෙන්ස් නැති නිසා විදී සංචාර යන්නෙ අලියා ගේ හෝ අශ්වයා ගේ පිට උඩ ය.දිනක් ඔහොම යන විට ගෙදරක සහල් පොලන ස්තිරියාවක් දැක්කා,රජා යන්නෙ විශ්වාස වන්ත සේවකයෙක් එක්කලු විදි සංචාරේ.ඒ සහල් පොලන තැන බිම එකතු කරලා තියනවාලු සහල් කුඩු,රජා ඇහුවාලු අර සේවකයාගෙන් අර බිම එකතු කරලා තියෙන්නෙ මොනව ද කියලා ..රජතුමනි ඒ සහල් කුඩු කිව්වාලු ....එවගෙන් මොනවද කරන්නෙ  කියලා අයේ රජතුමා අර සෙවකයාගෙන් ඇහුවාලු..සෙවකයා කිව්වාලු  එවාගෙන්  රජතුමනි කැවිලි ජාති හදනවා,කිරිබත් හදනවා කියලා කියලා දුන්නාලු ....

රජා දෙවන දවසෙත් යන කොට අර ස්තිරියාව සහල් පොලනවාලු..රජා කියලා අසාවල් හිතෙන එක සමාන්‍යයයි ,ඉතිං රජා  අයේ අහනවා ලු  කුඩු වලින් හදන කිරිබත් රස ද කියලා .ඉතිං සේවකයා කියනවාලු ....එසේය දේවයන් වහන්ස හරි රසයි කිව්වාලු .

තුන් වන දවසේ රජා අයේ ඒ විදීයේ යනකොටත් අර ස්තිරියාව සහල් පොලනවාලු.ඉතිං රජා කිව්වාලු අර සේවකයාට ,මට කුඩු කිරිබත් කන්න අසාවක් ඇතිවෙලා තියෙනවා බැරිද ක්‍රමයක් යොදන්න කියලා...ඒ වකවානුවේ සහල් කුඩු වලින් හදන කැම කන්නෙ කුලයෙන් අඩු පිරිස්ලු .රජාට එවා රජවාසලේදි  කන්න බෑ,ඉතිං අර සේවකයා අර සහල් පොලන ස්තිරියාවට කියලා ,සහල් කුඩු කිරිබත් හදවාගෙන රජා එක්කරගෙන ගොහින් කන්න දුන්නාලු ,රජා අණ කලාලු අර සේවකයාට මේ ගැන කාත් එක්ක හරි කියලා තිබුණොත් හිස ගසා දමනවා කියලා කොම හරි වැඩේ එතනින් ඉවර වුණා කියලාලු රජා සිතුවේ.අර පිටිපස්සෙන් ගිය පොරටත් අසාවක් ඇති වුණාලු,ඒ රජා කුඩු කිරිබත් කාපු කතාව කාට හරි කියන්නලු.එත් පණට අදරේ නිසා කියන්න විදිහක් නැති වුණාලු...

ඉතිං අර මනුස්සයා කරේ කැලේට ගිහිල්ලා  ලොකු නුග ගහක් මුලට ගිහින් එකේ බෙනෙකට කට තියලා ඇති වෙනකං කෑ ගැහුවාලු ..

රජ්ජුරුවෝ කුඩු කැවෝ ...රජ්ජුරුවෝ කුඩු කැවෝ  ..කියලා

කාලය ඔහොම ගෙවිලා ගියාලු ,අර මනුස්සයා ගේ අසාවත් නිවුනාලු ..කොම හරි ඒ කැලයට ගස් කපන්න කියලා ගිය මිනිස්සු පිරිසක් ඒ නුග ගහ යට ගිමන් නිවන්න වාඩි වුනාලු ,හුලග ඇවිත් ඒ බෙන ඇතුලේන් පිටවෙනකොට ඇහෙනවාලු රජ්ජුරුවෝ කුඩු කැවෝ .. රජ්ජුරුවෝකුඩු කැවෝ කියලා.එ දවස් වල නීතිය දැන් වගේම තමා ,ඉතිං ඒ මිනිස්සු ගිහින් අරුම පුදුමන් නුග ගහ ගැන රජාට කිව්වාලු ..

ඉතිං ඊට පස්සේ ...





සටහන:-
මුලදී සිටි බොහෝ දෙනා සහෝදර ගෙන් හැලි ගොස් අවසන් ...අද ලිවු කතා සහා කමෙන්ටු කියවුවෙමි ...හිට් කවුන්ටරය නැග ගියත් එයින් මේ බොගි කෙරුවාට අවශ්‍ය බලයක් නම් ලැබුණෙ නැතිය.ඉතිං මදක් නැවති හැරි බැලිමි.........

මේ පොස්ටුව මං පොර ලිවු නරකම පොස්ටුව විය හැකිය ...



27 March, 2014

බෝඩිම

කාලයාගේ අවැමෙන් සියලු දේ නිසියාකාරව සිදු වුවා යැයි මා සිතුවද එය එසේ නොවේ.ජිවිතයේ නොයෙක් බාධක මැදින් ආවද මෙතරම් පසුතැවිමට තරම් සිදුවිමක් සිදු වී ඇත්දැයි මා නිතරම කල්පනා කරයි.ගත යුතු තිරණය ගැන නිතරම කල්පනා කලද හරියාකාර පිළිතුරක් සොයාගත නොහැකි විම හෙයින් පීඩනයෙන් හිස පුපුරා යනු ඇත.

ඔයා තවම ලැස්ති වෙලා නැත් ද ?ඉක්මන් කරන්න අද ගොඩක් වැඩ තියෙනවා ....

මට කමලා හමුවන්නේ මා උසස් අධ්‍යාපනය ආරම්භ කල මුල් අවදියේදීම ය.එතරම්ම රූපයෙන් ලස්සන නොවුනත් ඇය මා හා ඉතාම මිත්‍රශීලී විය.තලෙලු පැහැයක් හිමි ඇය කොණ්ඩය පිට මැදට තෙක් දිගු වන්න ගොතා සිටියා ය.සැම විටම නිශ්ශබ්ද චරිතයක් වු ඈ ඉගෙනිමේ විශිෂ්ඨතා පෙන්විය.අප දෙදෙනා වෙනස් විෂයන් උගෙන ගත්තද මාගේ පැවැරුම් පවා සදා දෙන්න වුව ද ඇය කැමැත්තෙන්ම ඉදිරිපත් විය.ආර්ථික පීඩනයෙන් මිරිකි සිටි මා හට ඇයගෙන් ලැබෙන උපකාරය වචන වලින් කිව නොහැකි තරම් විය.

ගමේන් නගරයට ආවද අධ්‍යාපනයට මෙතරම් මුදලක් වියදම් වේ යැයි කිසිදා නොසිතුවෙමි.කන්න බත් පැකැට්ටුවක් ගන්න තරම්වත් මුදල් බොහෝ වෙලාවට මා අතේ නොවින.ඒ බව හොදාකාරවම කමලා දැන සිටියාය.මුල දි බොහෝ දිනවල ඇය මා හට වෙනම බත් පැකැට්ටුවක් ගෙනත් දුනි.තිබුණු අග හිග කම් මත වුවද මුල දි ප්‍රතික්ෂෙප කර ද ,පසුව මා බාර ගතිමි.පසුව නගරයට මා හුරු විමත් සමඟ වෙනයම් මාර්ග වලින් යම් මුදලක් සොයා ගැනිමට මා හට හැකි විය.ඒ වන විට කමලා හා මා එක බත් පැකැටිටුවට සීමා වී සිටියේය.ඇය මා සමඟ ඇගේ පවුල් පසුබිම ආදිය විස්තර කිසිදු රහසක් නොමැතිව පවසයි.ඇයගෙන් මා කිසිදා එම තොරතුරු ගැන අසා නැත.ඇය තරමක් වත් පොහොසත් පවුලක වැඩිමල් දරුවා විය.ඇයට තව එක සහෝදරයෙකු සිටි.

කාලය ගෙවි යාමත් සමඟ මා අලුත් නවාතැනකට යාමට සිදුවෙයි.අලුත් බෝඩිමකට යෑම පිළිබඳ මා කමලාට වචනයකුදු කිව්වෙ නැත.එසේ කිව යුත්තෙ ඇයිද යන්නෙ මා හටම ප්‍රශ්නයක් තිබිණ.ඇය බොහෝ විට රණ්ඩු කරන චරිතයක් නොවි ය.නමුත් ඈ ඒ ගැන දැනගත් දින මා සමඟ බොහෝ සේ අමනාපයෙන් කතා කලා ය.ඇස් දෙකේ කඳුළු කැට සිර වී තිබෙනු මා නොදුටුවාම නොවේ.

ඇයි ඔයා මට මේ ගැන කිව්වෙ නැත්තෙ?

මා මුනිවත රැකිම හැර වෙන මගක් නොවින,ඉතා අඩු මුදලකට මා හට බොඩිමක් සොයා ගැනිම මා ලද ජයග්‍රහණයක් විය.බොඩිමේ මා වැඩි කාලයක් ගත නොකරේ අමතර වැඩ තිබු නිසා ය.බොඩිම නිවසක් විය,නිවසේ එළියෙන් සැදු වෙනම කාමරයක් මා හට ලැබිණ.කෑම ලබා දෙන්නෙ නම් තව සුළු මුදලක් වැඩි වු නමුත් එය මා හට ලාභදායි වු නිසා ඊට ද කැමැති විය.බොඩිම් වු නිවසේ පියා මිය ගොස් සිටියා ය,පවුලේ  දරුවන් තුන් දෙනෙකු සිටි එක් දරුවෙක් උපතින්ම යම් අඩුපාඩු සහිත වී ඔත්පලව සිටි,අනෙක් වැඩි මහළු පිරිමි දරුවා උසස් අධ්‍යාපන ය සදහා සුදුසුකම් ලැබුව ද නිවසේ අගහිග කම් නිසා කුළි වැඩ වල නිරත් වෙමින් සිටි.මව හදුන්කුරු සාදන ස්ථානය වැඩ සදහා පිටව යයි.තව උන් එකම දැරිය විමලා විය.ඇය නිවසේ සියලු අඩුපාඩු බලමින් කටයුතු කල තැනැත්තිය විය,ඈ නිවසට වී කාලය ගත කරා ය.උදෑසන පිටව යන මා නැවත එන්නෙ බොහෝ විට සවස හතට පමණ ය.

කාලය ගෙවී යාමත් සමග විමලා කෙරෙහි මා සිතේ යම් පැහැදිමක් ඇති විය.එය ආදරයද කාරුණාව ද යන්න හරියටම මා හට ද නොතෙරින.ඇය තරමක් පැහැපත් ,සිහින් සිරුරක් ,දිගු කොණ්ඩයක් හිමි තැනැතියක විය,මට වඩා වසර දෙකක් පමණ වයසින් අඩු වුව ද විඩාබර ගතියක් ඈ තුලින් නිතරම දිස් විය.ඈ මා දුටු විගස සිනාවෙන් මුව පුරවා ගනි,ඇය සිනාසෙන විට ඇස් දෙක දිලිසෙනු බලන්න මා සිත ඇතුලින් බොහෝ විට ප්‍රිය කලා වන්නට ඇත.නිතරම කාර්යබහුල ඇය මල් ගවුමට උඩින් ච්ත්තයක් ඇද සිටියා ය.මා බොඩින් වී මාස 6ක් පමණ වුව ද විමලා හා මා කතා කොට ඇත්තෙ ඉතාම අඩුවෙනි.

ඇය මා ඇමැතුවේ ලොකු අයියා කියා ය.කෙසේ හෝ මව අසනීප විමත් සමඟ විමලා හදුන්කුරූ සාදන තැන වැඩට ගියා ය.මා ද දැන් කලින් එන නිසාත් කමලා යන්නෙ කහටගස්දිගිලිය ප්‍රදේශයට නිසාත් මා අනුරාධපුර පැත්තට යන නිසාත් කිසිදු අවහිරයක් නොමැතිව ඇය වැඩ ඇරි එන බසයේ ඇයත් සමඟ යා හැකි විය.මාතලේ හන්දියෙන් බැස දෙදෙනාම කතා බස් කරමින් යයි.ඇත්තටම විමලා මට වඩාත් ගැලපෙන යුවතිය බව සිත කියයි.ඒ බව මා ටික්කා සමඟ පැවසී ය.

මචං උඹට මොලේ අමාරුවක් ද?නිකන් කාපාලු වැඩ කරන්න එපා බන්,උඹට කමලා පණ ඇරලා බන් ..

මොකක්?උඹ කියන්නෙ මමයි කමලයි දෙන්නා ???උඹට පිස්සුද බන් එහෙම කිසිම දෙයක් නෑ බන්...

එතකොට උඹ මෙච්චර කල් කමලාව අශ්‍රය කරේ ජොලියට ද?උඹේ වැඩ කරවා ගන්න,බත් එකක් ලැබෙන නිසා විතරක් ද ?උඹ මහා අවස්ථාවාදීයෙක් නේ යකෝ ,අපිත් ආශ්‍රය කරා නේ උඹලව නොදකින් විතරක් ...තුඃ විතරක් 

මේ අහපන් බන්,කමලා ගෙන් අහපන් මං එයාට එහෙම දෙයක් කියලා තියෙනව ද,එයා මට කියලත් නෑ එහෙම මුකුත්ම...

ඇයි බොල මී හරකෝ ...උඹට දැන් ඕක කටින් කිව්වාම විතර ද තෙරෙන්නෙ?බලන් හිටපන් අනික් දෙවලුත් උඹ කටින් කියනකන්..උඹලා වගේ මී හරකුත් ආවානේ මේ වගේ තැන් වලට ....

මේ අහපන් ටික්කා පොඩ්ඩක්,මෙතන කතාව ඕක නෙවෙයි බන් .....

උඹේ කතා වැඩක් නෑ උඹ වරෙන් මගේ බොඩිමට එකේ කොල්ලො තව තුන් දෙනෙක් ඉන්නවා ,අපි උයන් කන්නෙ ලොකු වියදම් නෑ...ඉදපන් මං කමලා එක්ක මේ ගැන කතා කරන්න ..

ඒ ...ඒ  එපා බන් එකි තරහා වෙයි,උඹ පිස්සු නටන්න එපා ...

මං නෙවෙයි යකෝ මෙතන පිස්සු නටන්නෙ උඹයි ...කොහෙවත් නැති උරචක්කර මාලයක් කරේ එල්ල ගන්න හදනවා ...


               ******************************************

මා නැවත අලුත් බොඩිමට පැමිණියාය.ඉගෙනුම අතරතුරම මා හට රැකියාවක් ලැබිණ.ඒ කමලා ගේ උදව්වෙන් ය.ඇත්තටම මගේ අපිලිවෙල ජීවිතය පිළිවෙළක් කරේ කමලා ය.මේ වන විට කෙසේ හෝ කමලා හා මාගේ විවාහයට දෙපාර්ශවයේම කැමැත්ත හිමිවිය.කාලය පියඹා යන්නෙ විදුළි වේගයෙන් ය.

මා හා කමලා ගොස් මා කලින් ලැඟුම් ගෙන සිටි බොඩිමේ නැන්දාට ද  අපේ  විවාහය සඳහා ආරාධනා පත දුනි.

කෝ ඇන්ටි විමලා නංගි...දැන් මොකද කරන්නෙ,තවම හදුන් කුරු හදනවා ද ..

ඇන්ටි ගේ දෙනෙතින් විශාල කදුළු කැට දොර ගලා යන්න විය...

එකිව මං අසනිප වෙච්ච දවස් ටිකේ හදුන්කුරු හදන්න යැව්වා නේ පුතේ,මෙකි ගේ තියෙන ගොන් මොලේ තරම කියන්නෙ කොහේ හරි යන වනචරයෙකුට අහුවෙලා,ගෙදරම හැදුන එකි නේ,මොනවා දන්නවා කියලා ද ?දැන් බඩඩ මාස හයක් විතර....මොකා ද මේ වැඩේ කරේ  කියලා ඇහුවත් කියන්නෙ නෑ පුතේ,ලොකු එකා මෙකිට නොසැහෙන්න තරවටු කරා,එත් කට හොල්ලන්නෙ නෑ,තාත්තා හිටියා නම් පපුව පැලිලා මැරෙන්නෙ මෙවට ....

විමලා හරි අමාරුවෙන් වතුර කළයක් ගෙන නිවස දෙසට එමින් සිටියා ය.ඇය මා දුටු නමුත් වෙනසක් නොපෙන්වා කුස්සිය පැත්තෙන් ගොස් නිවස ඉදිරියට අවාය..

මා පුටුව උඩ සිටම අපායට ඇඳගෙන යන්නාක් මෙන් හැඟීණ,උගුරේ රත් වු යකඩ ගුලි හිර වුවාක් මෙනි...ඔලුවපුපුරා යන්න අසන්න ය.මා ආයාසයෙන් විමලාට සිනාසුණි .........

හා ...ලොකු අයියාට අපිව මතක් වෙලා තියෙන්නෙ කාලෙකට පස්සෙ ... ඉන්න මං තේ ටිකක් හදන් එන්න ...

විමලා ගේ දැස් වෙනදා මෙන්ම දිප්තිමත්‍ ය.මුහුණ පියකරුය.නමුත් කකුල් දෙක ඉදිමි තිබිණ.පොඩ්ඩක් විතර ශරීරය මහත් වි අමුතුම ලස්සනක් ඇය තුලින් දිස් විය.ඇය කලින් දුටුවාට වඩා දැන් තවත් සුන්දර වී ඇත්දො සිතිණ.

තවත් වැඩ තිබු නිසාවෙන්,ඉක්මනින් එතනින් පැමිණි මුත්,නිවසට ආවෙ කෙසේද යන්න නිච්චියක් නොමැත,උඹට තවම හරි තිරණයක් ගන්න වේලාව තියෙනවා යන්න හිත කිවද නැවැත හැරිය හැකිද....හිත යකා ගේ කම්මල වෙන් විය.ඇත්තටම මා බොඩින් කාරයෙක් පමණි ...

වචනයේ අරුතින්ම මා සැමටම බොඩින් කාරයෙක් විය......  

සටහන :- මෙහි ඇති කතාව,චරිත,ගම්,ස්ථානයන් අදිය මා හා නොබැදේ ....






21 March, 2014

සියවෙනි ගුවන් ගමන හා තවත් කතා .

කරුණාකර මගින් ආසන පටි තද කර ගන්න ...

මං පොර තද නින්දක ය,යන්තමට වගේ කවුද මුමුණන ශබ්දයක් ඇසින ...හම්මෙ දැන් අපේ රටේ  තියෙන බස් නේ කියලා හිතන් මං පොර තවත් නිදා ගත්ත.ටික වෙලාවකින් 

මං නින්දෙන්ම නැගිට දොර ලඟට යන්න හදන විටම 

හෝ ..හෝ කොහෙද යන්නෙ? තමුසේ අර ඇමැති පුතා ද ? කියලා එතන හිටපු පොරක් අහපි ..

අම්මා ගහයි බැට් එකෙන් කිව්වාලු ,කවදද මං දන්නෙ නැතුව අපේ  තාත්තා ඇමැතියෙක් වුණේ හැබැට,

මොන ඇමැති පුතා ද අයියේ ?? මං පොඩි එකා වගේ පහත් වෙලා ඇහුවා 

ඇයි?අර ක්‍රිකට් ගහන ,අර අපුල්ලන අමැති ගේ පුතා 

අනේ ඒ මං නෙවෙයි නේ අයියේ ,මට බහින්න ඕන 

තමුසේත් බීලා ද ඕයි ඉන්නෙ ??

ජිවිතෙට ඕවා දැකලාවත් නැති මට ඔහොම කියන කොට තවත් කොහොමද ඉවසන් ඉන්නෙ, මේ  මොන හොතම්බුවෙක් ද 

තමුසේ මට බහින්න මේ ටිකට් එකේ ඉතුරු සල්ලි දෙනව ද නැත් ද ? නැත් නම් තමුසේම තියා ගන්නවා මං බහිනවා කියලා මං යන්න හැදුවා ..

තමුසේ බීලා ද පොඩ්ඩක් වටපිට බලනවා මේ කොහේද ඉන්නෙ කියලා .

මං නින්ද මැද්දෙම වටපිට බැලිමි ...

අම්මා ජේන් කිව්වාලු ,හැබැට මේ වගේ බස් එකකට නෙවෙයි නේ මං නැග්ගේ .මගේ මොලේත් විකාරයි වගේ ,හරි ලක්සනයි ,බලුප් දලා

ඇත්තට මේ කොහේද අයියේ ??

කට වහන් වාඩි ගන්නවා ද?නැත්නම් වාඩි කරන්න ද මං ?ඇදලා ගත්තා පිස්තෝලයක්,මං පොර ඉතිං කොහොමත් චන්ඩියා නේ

හම්මේ හොදට හිටපු අයියාට තරහා ගියා නේ ,මං යනවා අයියේ,තරහ ගන්න එක ශරිර සෞඛ්‍යයට හොද නෑ කියපු මං පොර පුස් පැටියෙක් වගේ ගිහින් වාඩි වුණා .

මෙන්න  අපේ ලොකු මාමා කාරයාත් වාඩි වෙලා ,හැබෑට ලොකු මාමේ අපි මේ කොහෙද ඉන්නෙ ?? ලොකු මාමා මගේ මුණ දිහා බලලා ඇදවෙලා තිබුණ මුණ අනික් පැත්තට හරවා ගත්තා .මං පොරට වගේම අනික් අයටත් බෙහෙත් ලැබිලා වගේ,ලොකු මාමා නැත්නම් මෙහෙම ඉන්නෙ නෑ,මං පොර අයේ ලඟ හිටපු එකෙක් එක්කවත් කට හොල්ලන්න ගියේ නෑ .

ටික වෙලාවකින් අර පොර දොරක් ඇරියා ,ඇරලා ඔළුව එළියට දලා

ෂෝ..ෂෝ ..කියලා කෑ ගහනවා,අහසට වෙඩි තියනවා,නිකන් අර්සස් පොරකට  කක්කා බර ගහලා වගේ .

මං පොරටත් ඕන නැති කුණු ගොඩක් නෑනේ,මං හිතුවා එත් මේ පොර පාරේ උද්ඝෝෂණ කරන අයට වෙඩි තියනවා  කියලා.එත් ඉතිං අපේ රටේ කොහෙද එහෙම වෙන්නෙ .මං පොර ලංවෙලා බලන කොට ,ලෙල්ල වෙයි පුංචි අම්මා හාල්මල්ල ලොරියේ කිව්වලු .ඇයි යකෝ අපි ඉන්නෙ අහස උඩ නේ ,අපි හෙන කැළැවක් උඩින් යනවා ,මේ යකා කුරුල්ලො පන්නනවා ...එකට තමා මේ තටමන්නෙ ...

මල්ලි මෙන්න මේ මල් වෙඩි ටික යවපන් ,කියලා මගේ අතට දුන්නේ නැතෑ ලොකු මල්ලක් ...

මට මේ වෙන මොන මගුලක් වත් හිතා ගන්න බෑ අයියේ ...

උඹ මැරුම් කන්නෙ නැතුව ඔය ටික දාපන්,මේ මගුලේ වැදිලා කුරුල්ලො මැරෙන්න කලින් ,නැත්නම් මෙතනම ඉවර කරනවා හරිද ?මං පොර භයට සට සට ගලා මල් වෙඩි ගහනවා..අනේ අහිංතක කුරුල්ලො ගැන දුක හිතුණා.

ඔබ සම අත්තල මිලින්ද රාජ පස්ස ගුවන් ටොටුපොළට පිලිගනිමී කියලා මහ සද්දෙට ඇහෙනවා .බස් එක බ්‍රේක් ගහනවා ,පිට්ටනිය  මැද පොරක් හිටියා පොර යන්තම් දුවලා බේරුණා ,නැත්නම් එතනම වු සීනිගම යනවා.

හරි මල්ලි එහෙනම් බැහැ ගන්න ,කියනවා ඇහුනා විතරයි මං පොර බැග් එකත් අරන් පැන්නා බිමට.අනේ හොබ්බ ගිහින් ඇනුනා ගිහින් පොළොවේ.වටේටම කකුල් ටිකක් පෙනවා මං පොර භයටම අත්දෙක උස්ස ගත්තා උඩට ,නැගිටලා බලන කොට කස්ටිය මාව වට කරන් විඩියෝ කරනවා,පින්තුර අල්ලනවා ,එකම මගුලයි .... ඒ අතරේ
සුදු අක්කා කෙනෙක් ඇවිත් මොකක්ද පොල්ලක් දික් කරලා කට ලඟට...

ඔබට මොකක හිතෙන්නෙ මේ ගුවන් ගමන් ගැන?ඔබේ දේශාභිමානය අද ලොකයාම දැක්කා .ඇත්තටම මේ ටොටුපොළ අපිට හෙන ආඩම්බරයක් නේද ??? 

අක්කා මේ මගුලක් කතා කරනව ද මං මේ ගෙදර යන්න බස් එකට නැග්ග එකා,මේ මගුලට කොම අවාද දෙයියෝ තමා දන්නෙ,අනික කොමද අක්කා දන්නෙ මගේ දේශාභිමනය ගැන ?

ඇයි දැන් මල්ලි බැස්ස ගමන් බිම බදා ගත්තේ දේශාභිමානයට නෙවෙයි ද ? අපේ ලොක්කා කරන්නෙ එහෙමනේ?එහෙමයි දේශාභිමානය පෙන්නන්න,ඇයි මල්ලි දන්නෙ නැත්ද ?

හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු,අක්කා මගුලක් කතා කරනවා ද ,මං මේ ......කියන කොටම තඩි පොරක් එවිත් මාව අල්ලන් ගියා,සුදු ලක්සන අක්කිලා ටිකක් මල් මාල දානවා,මගේ හොදපු නැති මුණට උම්මා දෙනවා,එහෙන් මෙහෙන් අල්ලනවා එකම විකාරයයි.

මෙන්න මල්ලි සල්ලි කියලා තව පොරක් රුපියල් දෙදහහේ කොළයක් දික් කරා.මං ඔළුවට ලොකු ටොක්කක් ඇනගෙන බැළුවා මේ හිනයක් ද කියලත් ,එහෙමත් නෑ,නයි කයිද රොස් පාන් කිව්වාලු .

කොම හරි  සියලු සත්කාර මැද මං පොර යහතින් ගෙදරට ගියා ලොකු මාමා නෑ හොයා ගන්නවත්,යනකොටම ගෙදර අයයි ගමේ අයයි මල් වෙඩි තියනවා එකම මගුලයි එතනත් ...මං පොර හිතුවා මේ නම් මට පිස්සු හැදිලම තමයි කියලා.නැත්නම් අම්මා මුත්තාගේ කාලේවත් මේ වගේ විකාර වුණාද අපේ ගමේ.හම්මේ මගේ කරට මල් මාලයක් දැම්මා සුමනා නැන්දා දුවගෙන ඇවිත්,

දුවේ වැදපන් අයියාට කිව්වා ,අයේ මොකද මෙන්න කියන පමාවෙන් මල් හිනා විසි කරලා දඩාස් ගලා බිම පෙරලිලා වැන්දා,හම්මෙ උම්මා එකක් දෙන්න හිතුණා තදට ,කොහෙද වටෙට සූගාලා ගමේ උන් නේ . 

මං හිතුවා උන්දැගේ දුවත් එක්ක තිබුණ ආස්තරේ ගෙදරට මාට්ටු වෙලා තමා මාව අල්ලලා බන්දලා දෙන්න යනවා කියලා.මේ මං පොර ගේ අවසානේ තමයි,කසාද දෙකක් කොරන්න බැනේ අපේ රටේ,අනික හොරෙන් බැන්ද එකත් මාට්ටු වෙනවා අද නම් ...

එතකොටම අපේ අම්මත් දුවගෙන අවා,එක කනක් අල්ලන් මං පොර ඇස් දෙක පියා ගත්තා විතරයි ,අම්මා උම්මා දෙකක් දිලා එක්කරන් ගියා ගේ ඇතුලට.මට මේ නම් පිස්සුම තමා කියලා හිත හදා ගත්තා,කලබල අස්සෙ මොකෙක් හරි ගහපු එකක් ඔළු වටවැදිලා මං දන්නෙ නැතුවම ..

ගෙදර  ටැටලිවිසොන් එක දලා තිබුණා,අප්පට සිරි ,අච්චිට මල්,මට ජුවල්-උන්ට සිරි රජ සිරි කිව්වාලු උඩ ඉදන් කුරුල්ලෝ පන්නන්න දැම්ම මල් වෙඩි ටිකයි ,මං පොර අර බිම වැටිලා හොබ්බ ඇණ ගත්ත එකයි යනවා නයි.ටි.ඇන් එකේ,අපේ ගමේ එකෙක් කවදද රූප පෙට්ටියට ගියේ,ගියත් ඒ ලොක්කාට කතා කොරන්න විතරනේ .අනික මෙක හැම චැනල් එකකම නිතරම යනවා කියලා අක්කා කියපි.මට දැන් තමා සිද්ධිය මිටර් වුණේ,මේ සැලකිලි ඇයි කියලා මෙන්න ඒ නිවුස් එක 

"අත්තල මිලින්ද  රාජ පස්ස ගුවන් ටොටුපොළට අද දින සියවෙනි ගුවන් ගමන් සනිටුහන් කරයි ඊට අද දින විශාල මල් වෙඩි සංදර්ශනයක් සහා පිලිගැනිමේ උත්සවයක් සංවිධානය කර තිබිණ,ලොකයේ ඇති ගුවන් යනා මීට උඩින් ගියත් සල්ලි රටට ගලාගෙන එන ටොටු පොළක් වන මෙය අපේ රටට මහත් අභිමානයකි,රටට සල්ලි ගෙන එන උල්පතකි ,අද දින ගුවනින් විශාල මගින් සංඛ්‍යාවක් පැමිණ ඇත,ඔවුන් ගේ ඇති දේශාභිමානය මේ රූප පෙලේ දිස් වේ''

කියලා මං පොර බිම වැටිලා හොබ්බ ඇන ගත්ත එක දානවා,නොදකින් මට නම් දැන් වෙන්නෙ එක්කො වහ කන්න,නැත්නම් සාරියකින් බෙල්ලෙ වැල දා ගන්න තමා කියලා මං පොර හිතුවා ,මෙහෙම විලිලැජ්ජාවක්.එතකොටම අම්මා ඇවිත් හාල් සෙරුවක විතර බත් එකක් බෙදා ගෙන කවන්න හදනවා .හිතේ තිබුණ අවුල නිසාම මං පොර පොඩ්ඩක් එළියට බැස්සා,කන්න පිරියකුත් නෑ ..

මෙන්න තව මගුලක්,මගේ රූපෙ දාලා පොස්ටර් ගහලා හැම තැනම ,දේශාභිමානී සහෝදර වැඩිම මානපයෙන් ඊළඟ පළාත් සභාවේ මුල් පුටුවට කියලා.ලංවෙලා පොස්ටරේ යටින් තියන එක කියවන්න හදන කොටම,සෙට් එකක් ඇවිත් මාව කරේ තියන් සහෝදරට ජයවේවා!!! රටේ දේශාභිමානය රැක ගත් වීරයාට ජයවේවා!!! ,කියලා අරන් ගියා පාර දිගේ ,මල් මාලා දලා...

එවලේ මං පොර හිතා ගත්තා අයේ නම් බස් වලට නැගලා නිදා ගන්නෙ නෑ කියලා,කොහේ අරන් යයිද කවුද දන්නෙ ,ඊළඟ සැරේ ජිනීවා වලින් වත් මතු වුණොත් කාට කියන්නද ,එත් හිත හදා ගත්තා කේ.පි වගේ ගල් හොරු ලක්සනට උස්සන් අපු අයට මාව වැඩක් ද ?කෝ අපේ ලොකු මාමා,මනුස්සයා කොහේ ගියා ද?හොයා ගන්න ඕන ..






ප.ලි 
මෙම කතාව සම්පූර්ණ ගෙතු කතාවකි ,කතාවේ අයිතිය සහෝදර වන මා සතුය.

මගේ අවුරුදුකතාව බලපු නැති අයට








19 March, 2014

ඒ දවස පිළිබඳ මතක බිඳක්..



සිංහල හින්දු  අලුත් අවුරුද්දට තව ඇත්තෙ මාසයකට අඩු කාලයකි.අපි කුඩා කාලයේදී නම් අලුත් අවුරුදු කියන්නෙ පුදුම විනෝදජනක සිද්ධියකි.එ දවස ගමේ සියලු ගෙවල් පාහේ සුද්ධ පවිත්‍ර කරයි.අපේ නිවෙස් වල නම් අලුතින් ගොම ගා පිරියම් කරයි.නිවසේ සියලු බඩු භාණ්ඩ නිව්සේ අගුවේ ගොඩ ගසයි.ඊට පසු ගොම සහ මැටි කලවම් කොට සදා ගත් බොල නිවසේ තැනින් තැන තබයි,පසුව වතුර භාජනයක් ගෙන ලොකු බෝලය දිය කර ගනිමින් ගොම මැටි පිරියම් කරයි.කුඩා ළමුන් වු අපට ගොම පිරියම් කරන විට නිවසේ ඇවිද යැම තහනම් ය.ගොම අඩු වුවහොත් මැටි බිම වෙලිමේදි ඉරිතැලි කැබැලි ගැල වී යයි.අලුතින් ගොම පිරියම් කල පසු නිවස තුලින් දැන්නෙනෙ සිත සනහන සිසිලසකි.

ඒ දවස අපේ නිවස මැටි වුවද බිත්ති වලට සුදු හුණු පිරියම් කොට තිබිණ.හුණු ගන්න විශාල මුදලක් වැය වෙන නිසා හුණු පිරියම් කරේ අවුරුදු තුන,හතරකට වරක්‍ ය.හුණු නොගෑ නමුදු නිවස වර්ෂා කාලයට වරින් වර ගිලා බැසිම නිසා බිත්ති පුපුරා තිබිණ,එවාට සිමෙන්ති වලින් බදාම පැලැස්තර දැමිම සිදු කෙරිණ.තවද වහලයට පිටින් කණු ගසා සවිය වැඩි කරයි.අවුරුදු කාලයට අපේ කාමර තුනෙ නිවස රජ මාලිගයක වෙස් ගනි.අම්මා අලුතින් සාරි රෙදි කපා ජනෙල් හා දොරවල් වලට සවි කරයි.එවා සුළගට සෙල වෙනවා බලන් ඉන්න ප්‍රිය දසුන් ය.

ගමේ තරමක තරුණයින් උණ ගස් කපා ගෙනවිත් උණ වෙඩි සාදයි.ඉන් පසු අල්ලපු ගමේ කොල්ලන්ට ඇසෙන්නට ශබ්ද කරයි.එහෙන් එකක් තියන හඩට අපේ ඇයෝ ද කටින් පිබිමින් උණ වෙඩි පත්තු කරයි.කුඩා අපිට දෙන්නෙ බිරංග පත්තු කරන්නය.ඒ දවස හෙන් වල සත්තු එලවිමට ද භාවිතා කෙරිණ.රැට කුරුම්බා මල් වෙඩි බැලිමට ගමේ කොල්ලන් එක්කාසු වෙයි.එවා බලන් ඉන්න ලස්සන ය.ගුණයා හා මහතුන් වැනි උන් කලින්ම බැරල් ගනන් පෙරා ගත් කසිප්පු බී මත් වූ ගමන් ය.ඔවුන් සියලු දෙනා කොතරම් බීමත්ව සිටියත්,සුදු පුතා කොහෙද යන්නෙ කියා අසා වඩාගෙන ගම පුරා රැගෙන යයි.ඔවුන් ලගින් එන කසිප්පු ගඳ තවම හොදට මතකය.අවුරුදු ලංවත්ම ගමේ හොර අරක්කු,සුදු පොලවල් ඕනෑ තරම් ය.දිනක් ඕවැනි හොර අරක්කු දෙන තැනකින් මහතුන්ට ගල් අරක්කු කියා කොකාකොලා පුරවපු බෝතලයක් දී ගමේ ලොකු රණ්ඩුවක් පවා ඇති විණ.

අවුරුදු කාලයට මං පොර නම් වැඩියෙන්ම ආසා කරේ අලුත් ඇදුමක් ලැබෙන නිසා වෙනි.අම්මා සහා තාත්තා අවුරුද්දට නිවසට බඩු ගෙන්න එන අතරතුර අපට අලුත් ඇදුමක් ද ගෙන එයි.බොහෝ විට කොට කලිසමක් හා ටි ෂර්ටයක් වන අතර ඇතැම් විට එය ඒ අවුරුද්දට ලැබේණ එකම ඇදුම ද වෙයි.ඒ ඇදුම ඇදන් අවුරුදු කාලයට නෑදෑ නිවෙස් වලට යයි.

තවද මං පොර ආසා කල අංගයක් වන්නෙ අවුරුදු කාලයට සාදන කෑම කන්නය.අදට ද කොණ්ඩ කැවුම් වලට මං පොර දක්වන්නෙ අසිමිත පෙරේත කමකි.තව ද කොලිකුට්ටු කෙසේල් වලටද පෙරේත කමක් දක්වයි.අපේ නිවසේ ද අවුරුදු කාලයට කැවිලි ,පෙවෙලි විශාල ප්‍රමාණයක් සාදයි.අම්මා කැවුම් සැදිමට අනන මිශ්‍රණය කන්න දෙන්නෙ නැත.ඉන් ටිකක් රස බලන තුරු මට නින්ද යන්නෙ ද නැත.කැවුම් සැදු පසු කැම එතරම් රස නැති ය.තවද කළු දොදොල් ද ඉතා රසවත් ය.අවුරුදු දිනවල දි දවල් කෑමට නෑදෑ නිවෙස් වල මෙන්ම අපේ නිවසේ ද දිනක් වෙන් වේ.ඒ දින වලට කඩේන් ගෙනා අල,පරිප්පු සහා සාඩින් ආදිය පිළියෙළ වේ.එවැනි කැම වෙලක් ලැබිම එදවස ලොකු දෙයක් ය.

ගමේ අවුරුදු හමාර කරන්නෙ මැයි මස මුල වාගේ ය.ඒ හොර අරක්කු,සුදූ පොළවල් වලට පොලිසියෙන් පැන්නාම හෝ බීමතින් රණ්ඩු වී කවුරු හෝ එකෙකු ඉස්පිරිතාලේට ගියාම ය.සුදු පොළවල් වලට බොහෝ ප්‍රදේශ වලින් පිරිස් එයි,ඒ එන පිරිස් හා අපේ ගමේ අය අතර ද රණ්ඩු ඇති වනු සුලභ කරුණකි.එවැනි දෑ එක දිගට සිදු විම නිසා අවුරුදු සිරිය හමාර වේ.

දැන්ට නම් අලුත් අවුරුදු එනවා කියා එතරම්ම නිදහසක්,සතුටක්  සිතට දැනෙන්නෙ නැත.කඩෙන් ගෙනා කේක් හා වෙනත් කැවිලි කා නැකතට වැඩ කරයි.පසුව නිවසේ සිටිය හොත් රූපවාහිනියේන් අවුරුදු උත්සවයක් නරඹයි.ඇත්තටම නිවසේ සියළු දෙනා ඉන්න හැකි වන්නෙ මෙවැනි දවසකට කියා සිතුවද එය ද එසේ නොවේ.මං පොර නම් එසේ වෙනවා කියා දුක් වන්නෙ නැති ය.මන්ද එදා මෙන් නොව අද දවස කරන්න වැඩ බොහෝ ය.


ප.ලි

කතාව එක දිගට ගලා යන්නෙ නැති ය,තැනින් තැන සිංහල අවුරුද්ද ගැන මං පොරට මතක සිද්ධි පිලිබඳ  තැබු සටහනකි.

කමෙන්ටු ලෙස ලින්කු එක් කිරිමට මේ ක්‍රමය භාවිතා කරන්න

<a href="LINK HERE"> WORDS HERE</a>



13 March, 2014

කුවේණි වුණත් වැරදි නෑ


අද කතාව කියන්න හෙතු වුණු වස්තු බීජ රාශියක් පසුගිය කාලය තුලම දක්නට ලැබිණ, බොහෝ කරුණු ප්‍රසිද්ධ මාධ්‍යය තුලින් සොයා ගත හැකිය.කෙසේ වෙතත් මං පොර නම් ඔය යන්ත්‍ර -මන්ත්‍ර,නැකත් අදිය හිස මුදුනින් පිලි ගන්නෙ නැත.එවා බොරුයි කියා කියන්නෙ ද නැත.එහෙම කියන්න ගියොත් මං පොරත් බොදු බල සේනාව මෙන් ආන්ධානුකරණයට බැණ වදිමින් එකම කරන පිරිස් ගේ ගොඩට වැටෙනු ඇත.නමුත් පෙනි පෙනි ඔය විකාර වැඩ අනුමත් කරන්න මං පොරට නම් බැරිය.කෙසේ මුත් ඒ කතා එසේය.

එක එල්ලෙම අසන්න ප්‍රරශ්නයක් ඇත.එනම් අපේ ජිවිත පිලිබඳ කොලයක් ,තැටියක් කුමක් හෝ නොපෙනෙන දෙයකින් කියා තවත් මනුස්සයෙකුට තිරණ දිය හැකිද?.අපි බොහෝ දෙනෙකුට කෙන්ද්‍රයක් කියා එකක් සදා ඇත.ඇත්තටම ඔකද අපේ ජිවිතය පෙන්වන එකම කරුණ.අපේ මිනිසුන් මං පොරට පෙන පරිදි භෞතික වශයෙන් යම් දියුණුවක් ලගා කර ගන්නා අතර විශාල වශයෙන් මානසිකව කඩන් වැඩි ඇත.නැත්නම් ඔය යන්ත්‍ර-මන්ත්‍ර කඩවල් වල මෙතරම් පොලිම් තිබිය නොහැක.මානසික වශයෙන් යම් සහනයක් ලගා කර ගැනිමට බෝධි පූජා වැනි ඕනෑ තරම් ක්‍රම තිබේ.

නමුත් ජිවිත එක්ක සෙල්ලම් කරන මේවැනි ගෝත්‍රික වැඩ මං පොරට නම් කිසිසේත්ම අනුමත කරන්න බැරිය.තැටියක් දෙස බලා ඇද බාන බෙගල් දෙස දොහොත් මුදුන් තබා වැද ඉන්නා පිරිස් දැක්කාම ඇති වන්නෙ අනුකම්පාවකි.මේ තැටි වලට හෝ ඔය දේවාල වලට ලක්ෂ ගනන් මිනිසුන් ඝාතනය කල ප්‍රභාකරන්ට හෝ එකෙකු ගේ මයිලක් වත් හොලවන්න බැරි විය.එහෙත් අහිංසක මිනිසුන් මිරිස් හෝ යම් දෙයකින් වරු තුනෙන් අනතුරක් කල හැක.වරු තුනෙන් වැඩ පෙන්වන මේ තරම් වැඩකාරයෝ හිටියා නම් ප්‍රභාකරන් අවුරුදු 30ක් නටන්න දෙන්නෙ නැති ය.අපේ අවාසනාවට මේ වීරයන් ඒ දවස් වල මර නින්දේ ය.අවදි වී තිබෙන්නෙ දැන් ය.ඒ කාලයේ සිටියේ වෙඩි උන්ඩෙට පපුව දෙන්න අපේ වීර හමුදාව පමණි.

සම හරක් මෙසේ කියන විට ගොඩනගන ප්‍රධාන තර්කයක් නම් මේ දෙවල් අපේ සංස්කෘතිය කියලා ය.ඇත්ත මං පොරත් සංස්කෘතිය තුල මේ දෙවල් තියෙන්න ඕන කියන එක පිලි ගන්නවා.එත් මේ දේ පරම සත්‍ය කියා පිලි ගන්නෙ කුමක් මතද ?. කතාව උදාහරණ මගින් කියනවා නම් මෙසේය.ඔන්න ගැණු දරුවෙක් ඉපදෙනවා ,කෙන්ද්‍රය බලනකොට සතර කෙන්ද්‍රයේ ග්‍රහයෝ නෑ,තව ඔය සර්ප යෝග ,පවුලට හොද නෑ,තාත්තාට හොද නෑ වගේ එක එක ප්‍රශ්න දානවා තවම පොලොවේ පය තියලාවත් නැති පොඩි එකා ගේ ඉදලාම.මෙහෙම කියන්නෙ යම් ක්‍රමයකට වෙන්න පුළුවන් හැබැයි ඒ දේ සත්‍ය නොවෙයි.අන්න එක සත්‍ය කියලා මං පොර පිලිගන්නවා.හැබැයි ඔය යම යම් දේවල් සම්භාවිතාව අනුව ඕනම කෙනෙක් ගේ ජිවිත වල වෙනවා ,ඇතැම් විට ඔය දරුවා ගේ තාත්තාට යම් අනතුරක් වෙන්න පුළුවන් ,ඔන්න හැම කෙනාම කියන්න ගන්නවා  අර දරුවා ගේ වරදින් තමා මේ දේ වුණේ කියලා ,ඇත්තට මෙහෙම වෙන්න පුළුවන්ද ?කොම වුණත් අර දරුවා සමාජයට වයිර කරන පුද්ගලයෙක් නම් වෙනවා.(ඔය සියළු දෝශ දෙකොඨාශයටම තිබුණත් කුමණ හෝ වරදින් පිරිමියා ගේ එවා වැඩිය මතු වෙන්නෙ නෑ )

තව දෙයක් තමා ඔබේ සැමියා බිමත් ද?/ඔබට දරුඑල නැත්ද මෙන්න අපෙන් සහනයක් ,අර අම්මාගේ වරයෙන් මේ යකා ගේ බලයෙන් ඔබේ ගැටලු වලට විසදුම් යනාදි දෙවල් ඕනෑ තරම් දැක ඇතුවා නිසැකය.

නිමිත්ත -:
ඔන්න කසාද බැදලා අවුරුදු ගනනක් යනකන් දරුවන් නැති පවුලක් ඉන්නවා,කරන්න තියෙන ගොඩක් දෙවල් කරනවා,ප්‍රතිඵල නෑ,පස්සෙ කවුරු හරි කියන දෙයක් අහලා ඔය වගේ යන්ත්‍ර-මන්ත්‍ර වැඩ කර්න ස්ථානයකට නෝනා මහත්තයා හොරෙන් යනවා ගියාම කියන්නෙ මෙන්න මේ ගුලි දවස් 14ක් යනකන් කැම වලට දාලා කන්න දෙන්න මේ ගැන කටවත් කියන්න එපා එහෙම වුණොත් මෙකේ බලය නෑ කියලා.ඊට පස්සෙ නෝනාත් ඔය වැඩ ටික පිලිවෙලට කරලා අයේ ගියාම කියනවා මහත්තයාව එක්කරන් එන්න කියලා.මොනවා දෙනවද දන්නෙ නෑ ඔය බෙහෙත් කියලා,හැබැයි අවසානයේ වෙන්නෙ අර මනුස්සයා මානසික රෝගියෙක් හරි ,වෛද්‍යවරුන්ට හොයා ගන්න බැරි ලෙඩක් හැදිලා අකාලයේ මිය පරලොව යනවා.පස්සෙ ඔය ගැන ආරංචි වෙන පිරිස් හමුවේ ,අර බිරිදට ඇති වන පිඩනය ආදි නොයෙක් ප්‍රශ්න.අවසානයේ ඒ මනුස්සයාටත් තමන් ගේ ජිවිතය එපා වෙනවා.ඕවැනි සත්‍යය කතා විශාල ප්‍රමාණයක් පසු ගිය දවස් වල අහන්න දකින්න ලැබුණා.

ඇයි මිනිස්සු මේ තරම් හරි ක්‍රම තියෙද්දිත් මේ වගේ ගෝත්‍රික වැඩ තවමත් පිලි ගන්න හදන්නෙ.ජීවිත්යෙන් වන්දි ගෙවන්න වෙන තරම් අවධානමක් අරන් ,මං පොරට හිතා ගන්නම බැරි ප්‍රශ්නයක් .විශේෂයෙන්ම උගත් කියලා රටේ පිලිගත් අය තමා වෙලාවකට මේ දෙවල් වල ඉදිරියෙන්.පසු ගිය කාලයේ රහත් වුණු භික්ෂූන් ඉන්න රටක ද මෙහෙම වෙන්නෙ කියලා හිතෙනව වේලාවකට.

ප.ලි 
අසන්න දකින්න ලැබුණු කරුණු නිසා මේ දේ ලියවුණි.කියවන්න අපහසු බව මං පොරටද තෙරෙනවා .හිතේ තිබුණු කලකිරිම,පිලිකුල වැනි සිතුවිල්ලක් නිසා ලියවුනේ මේ විදිහට .

08 March, 2014

කාන්තා දිනයේ පුරුෂ හිංසන ගැන කතාවක්


මං පොර නම් දන්නා තරමින් ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි ඇත්තේ මාර්තු 08 වෙනිදාට ය.කාන්තා අයිතින් ගැන මං පොරට කතා කිරිමට කිසිසේත්ම දැනට අවශ්‍ය නැත.ඒ ගැන ඕනෑ තරම් පොස්ටු ලිය වී ඇතුවා නිසැක ය.මං පොර නම් පෞද්ගලිකව කාන්තාවන්ට සමතැන ඉල්ලන එකට මානප නැත.ඒ ගැන කතා එසේ ය.

මේ කියන්නෙ පොදුවේ මං පොර හිතන විදිහට පුරුෂයන් කාන්තාවන් අතින් සිදුවන සිංසනයක් පිලිබදව ය.උඩ රූපයේ අකාරයට හිංසනය වන පිරිමින් නෑ කිව්වොත් එය ටොන් නෙවෙයි ඊටත් වඩා ලොකු පචයකි.ඇතැම් ස්ත්‍රින් පුර්ෂයින් ගේ නිල වලින් අල්ලා බිම දිගේ ඇදගෙන වද හිංසා දුන් එවා ගැන ද කතා අසා ඇත.එවා දැක නැත ඒ නිසා ලිව්වොත් මං පොර ටොන් පච කාරයෙක් නිසැකයෙන් වෙනු ඇත. අද මේ කියන්නෙ ෂෝපින් වන්දනාව ගැනය.

ඕනම කෙල්ලක් යන්න කැමැති එකක් වෙන්න ඇති මේ ශෝපින් වන්දනව.ඇයි ද මන්දා මං පොර දන්න එක පොරක්වත් මේ වැඩේට කැමැති නෑ ,එත් හිත රිදවන්න බැරි කමට යනවා .ගියාම වෙන ලොකයක් නෑ අර කඩවල තියෙන බඩු අල්ලලා හරි බලන්න ඕන.යන පිරිමියා විලිබරව ඉන්නවා ,වෙන මොනවා කරන්න ද ?කන්දක් විතර රෙදි තොරලා තොරලා ගන්නෙ පොඩි ලෙන්සුවක් වගේ එකක් .තනිකඩ මේ අපි වගේ පොරවල් නම් ඔය වගේ වැඩ වලට ගත වෙන්නෙ ඉතාම සුළු කාලයකි ගියා ගත්තා සංකල්පය මත බොහෝ වෙලාවට වැඩි පුරුෂ පිරිසක් කටයුතු කරන්නෙ.ඇත්තටම ඇයි මේ වැඩෙට කාන්තාවෝ මෙච්චර කැමති?ඇත්තටම මෙකට වයස් භේදයක් නෑ කියන්න පුළුවන් ,පොඩි ලදැරිය ගේ සිට මහළු කාන්තාවක් දක්වාම සාප්පු වන්දනාව යන්න දක්වන්නෙ පුදුම කැමැත්තක් ය.ඔය දඹදිව වන්දනා වේ යන ආච්චි අම්මා කෙනෙක් ගෙන් ඇසුව හොත් ''කොම ද අම්මෙ ගමන''' කියලා කියන්නෙ '' අම්මේ පුතේ එහෙමේ සාරි තියෙන්නෙ ''කියලා ය.බුදුන් දකින්න ගොස් එන්නෙ සාරි පුරවපු ලොකු මල්ලක් කර ගසාගෙන ය.

ඔය සාප්පු වාන්දනාව ගැහැණුන් මේ තරම් ආස මං පොර හිතෙන තරමට තමන්ට ගන්න බැරි උනත් අල්ලා හරි බැලිමේ අසාවක් මේ උදවියට තියෙනවා ය.මේවා කියන්න ගොස් හොදවයින් අසා ගන්න උවමනා නැතිය.

එත් මේ සාප්පු වන්දනාවේ පිරිමි යා ගේ කොටස මේ වගේ ය.කොතැන හෝ ස්ථානයක් වෙන් කරගෙන නිදා ගැනිම ය.නැත්නම් වෙනත් කෙල්ලන් දිහා බලමින් පොඩි පහේ ලයින් පාරක් දැමිම ය.එසේ ලයින් එකක් දැමිම ද ලේසි නැත.කොම කිවත් පෞද්ගලිකව මං පොරට නම් කිසිසේත් දරාගත නොහැකි පුරුෂ හිංසනයක් ලේස මේය පෙනි ගොස් ඇත.

මේ සාප්පු වන්දනාවේ යනවාට වඩා වඩයක් හා පොල් රොටියක් කා පේලෙන්ටියක් බී උඩ බලා සිටිම මාර සැපතකි. මන්ද එයට මේ තරම් සල්ලි වියදම් වෙන්නෙ නැති ය.තව ද පුෂ්ප විකසිත කර ගන්න අවශ්‍ය වන්නෙ ද නැත.ඔය සාප්පු වල ගියාම ගෙවල් වල පුරශ්ණ ද ඇද ගන්න පිරිමි ඕනෑ තරම් ය.

මගේ නම් උපදෙස අමාරුවෙන් හරි සාප්පු වන්දනාවට සහභාගි වන ලේස ය.මන්ද තනිකඩ උන්ට සප්පු යන දවසක් උදාවනවා ය.එදාට වන දේ කලින්ම බලාගෙන හිත හදා ගන්න හැකි ය.ඒ බලාගෙන ඉවසිමේ හා පොකැට්ටුව බෙර ගන්න විදිහ ගැන බලා ඉගෙන ගත හැකිය.
https://lh6.googleusercontent.com/-eURoaVo-TW8/Uxq5QMaOTxI/AAAAAAAABLU/9srqh4GClfg/w361-h257-no/stock-photo-two-women-kissing-sad-resigned-man-cheeks-to-giving-them-money-from-his-wallet-for-shopping-63769495-HEARTS.gif

ඔය කොකු, පවුල් වෙලා ඉන්න උදවියට නම් මේහි වාසිය උපරිම ය .අමාරුවෙන් පුෂ්පය විකසිත කර ගන්නෙ නැතුව ඉවසා වදාරා සිටිය හොත් පොකැට්ටුව ද බෙරා ගෙන අවසාන යේ ඔය රූපේ වගේ එවා ලැබි ය හැක.අත්දුටු යි.ප්‍රක්ත්‍යයක්ෂයි .වැරදුනොත් මං පොර මතක් කරන්න.මගේ නාසය දනවා කියන්නෙ ඔබ අති සාර්ථක ය.මං පොර ගේ අම්මා ගේ නාසය දනවා කියන්නෙ  ,අයේ කියන්නෙ දෙයක් නැනේ.

ප.ලි 
සාප්පු ගිහින් පවුල් වෙලා නැති උන් පොර වෙන්න මං සල්ලි දෙන්නම් කියලා පැනලා දෙන්න එපා,තියෙන උන් දුන්නාට අවුලක් නැති ය.එත් ඒ මුදලින් ඉතාම අඩු මුදලක් වියදම් කොට තරහා උනත් ශේප් කර ගත හැක.පොකැට්ටුව ගැන සිතා කටයුතු කරමු.


සටහන -
වෙනදා නම් ගූ ගලායා ගෙන් පින්තුර කැල්ලක් සොයා ගන්න ලේසි නැතිය ,අද නම් සුටුස් ගලා සැට් වුණා එක නිසා පින්තුර කැලි ටිකක් දැම්මා වැඩිපුර. :)

03 March, 2014

බොන්න බැරි උන අරක්කු





වෙලාව රාත්‍රි 7ට පමණය,සංගීත සංදර්ශනය පටන් ගන්න ඇත්තේ තව සුළු මොහොතකි බෝතලයක් ගෙන්න ගිය උන් තවම නැතිය.කොතන ගියත් මධුවිත පෙරට ගෙන යැමේ උසස් පුරුද්ද අපේ අය ලග ඉහලින්ම තිබිණ.යුද්ධය ඉවර නිසා රටේ මිනිස්සුන්ට මාර සැහැල්ලුවක් දැනි තිබේ .සැම තැනම උත්සවය ය .අපි තිත තැබුවේ නලලේ ය.ඒ කතා එසේ ය .

බ්‍රැන්ඩි බෝතලයක් ගන්න විදින්න වෙන්නෙ මාර දුකකි.රුපියල් 1200ක් පමණ එකතු කර ගන්නවා කියන්නෙ ඉබ්බන් ගෙන් තටු ගන්නවා වගේ ය.කොම හරි පස් දෙනෙක් එකතු වී බ්‍රැන්ඩියක් හරි අමාරුවෙන් ගෙනා ගත්තා ය.සැන්ඩි හා බයිට් වලට සල්ලි නැතිය.මේ වෙලාවට තමා ගල් බෝතලයක් ගැහුවා නම් ඉවරයි කියලා හිතෙන්නෙ,එත් බැරිය ගල් නාසය ලගට ගන්නා විටම කබරයා (වමනය) ශුවර් ය.අමාරුවෙන් ගත්ත බෝතලේ අරන් කනත්තට යැම සිරිත ය.මගතොටේ අදුනන උන් එමටය.මල් වඩම් මැදින් තියලා බෝතලෙට තට්ටුවක් දලා වැඩේ පටන් ගත්තා.අමුවෙන්ම ගසනවා ය .එක වටයක් හෙමිට ගියා.අවුලක් නෑ.ටිකක් දෙවනි වටේ යනකොට ටොච් එළියක් අපි සිටි සොහොන මුල ය.මුණට එළිය අල්ලා බැලිය.හිතුවේ නම් අද නම් කූරු ගනන් කිරිමක්,සෙට් වුණා කියලා ය.

හා ...මේ  මහත්තුරු ටික නේ ......

පොරගේ  නම මහතුන් ය.ගමේ එහේ මෙහේ යන ඉන්න තැනක් නැති ,කා සමග වුවත් කුළුපග වෙන,ඕන උදව්වක් කරදෙන පොරක් ය.කොම හරි මේ යකා අරක්කු මල පෙරෙත්යෙක් ය.උදේ පාන්දර සිටම කසිප්පු කටේ තියා ගත් ගමන් ය.පොර මගේ ලගින්ම වාඩි විය.එපා කියන්න කලින්ම පොරත් ලගම දෙකක් නමා ගත්තා ය.උදේ ඉදන් කසිප්පු ගසා ඉන්න පොරට බ්‍රැන්ඩි නිකන් කොක් ගසනවා වගේ වැනි ය.බොන එක පැත්තක,අපි මේ යකා නමන නැමිල්ල බලන් කට ඇරගෙන.

මේ මගුල හරි යන්නෙ නෑ ..බන් මේකා අද මේ ඉතුරු භාගේ සේරම ගහලා තමා නැගිටින්නෙ,අරන් පලයන් කවුරු හරි මේකාව පැත්තකට.කොම හරි මං පොර මහතුන්ට ලොකු බොරු ටිකක් කියලා පැත්තකට අරන් ගියා.අනික් වුන් ටික ඉක්මනින් ඉවර කරලා මට එකක් තියලා ඇවිත් ,ඉක්මනින් පලයන් ..මං පොර ඉක්මනින් ගොස් බලන විට අඩියේ යන්තම් පොඩ්ඩක් ඉතුරු වී තිබිණ.කරන්න දෙයක් නැත.

වෙන දා නම් ගිනි කූරක් බෝතලයට දමා එයි.අද කරන්න දෙයක් නැත.ලොකු මුත්‍රා බරක් තිබු මා වැඩ හමාර බැවින් ,ඉක්මනින් අනික් අය සිටින පැත්තට ගියා ය.යන විට මහතුන් බර කතා ය.

සුදු මහත්තයා කොහෙද ගියේ ....

අපි යනවා මහතුන් .දැන් අරක පටන් අරගෙන වගේ ....මහතුන් එන්නෙ නැත්ද ?...

තව ටිකකින් එනවා මහත්තයා..මේ ගුණේ එනකන් ඉන්නෙ මාත් .

කොමහරි ඇතුලට යනකන් මම සිතින් බැණ බැණ ගියා ය ..

                                   ..... පසු දවසේ .උදැසනම මට මහතුන් මුණ ගැසින .  ...

ඊයේ මහත්තුරු ටික අර බ්‍රැන්ඩි බාගේ බොන්න බැරුව ද සොහොන ගාව හංගලා අවේ ?මම යි,ගුණෙයි ඇද්දා එකත් ,අපි දෙන්නාට නම් ගානක් වත් නෑ ..මහත්තුරු තවම පොඩි නේ එකයි ඕය,දැන් අපේ වදින තැන් ගෙවිලා.ගුණෙත් ඇති වෙන්න දලා හිටියේ ...අපි දෙන්නා ගැහුවෙ මහත්තයා...සමාවෙන්න ඕන.

මට වත් නැති එවා මුන් දෙන්නාට මතු උනේ කොමද?කන්ත්තේ මැරිච්ච බේබද්දෙක් වත් හිටියා ද?මුට වැරදිලා වෙන්න ඇති කියලා හිතුවත් ,පස්සේ කන්ත්තෙන් එන්න කලින් කරපු වැඩේ මතක් වුණාම වැඩේ තෙරුණාය ,දැන් මහතුන්ට ඕවා කියා වැඩක් නැත..




ප.ලි 
 කලින් ලිවු පොලොසි ගිය කතාව 

ඉල්ලිමක් .
ඔබේ බ්ලෝගිය මගේ රොලේ නැත්නම් දන්වන්න. කමෙන්ටුවක් ලෙස හෝ ලින්කුව එක් කරන්න හැකි නම් .