27 March, 2014

බෝඩිම

කාලයාගේ අවැමෙන් සියලු දේ නිසියාකාරව සිදු වුවා යැයි මා සිතුවද එය එසේ නොවේ.ජිවිතයේ නොයෙක් බාධක මැදින් ආවද මෙතරම් පසුතැවිමට තරම් සිදුවිමක් සිදු වී ඇත්දැයි මා නිතරම කල්පනා කරයි.ගත යුතු තිරණය ගැන නිතරම කල්පනා කලද හරියාකාර පිළිතුරක් සොයාගත නොහැකි විම හෙයින් පීඩනයෙන් හිස පුපුරා යනු ඇත.

ඔයා තවම ලැස්ති වෙලා නැත් ද ?ඉක්මන් කරන්න අද ගොඩක් වැඩ තියෙනවා ....

මට කමලා හමුවන්නේ මා උසස් අධ්‍යාපනය ආරම්භ කල මුල් අවදියේදීම ය.එතරම්ම රූපයෙන් ලස්සන නොවුනත් ඇය මා හා ඉතාම මිත්‍රශීලී විය.තලෙලු පැහැයක් හිමි ඇය කොණ්ඩය පිට මැදට තෙක් දිගු වන්න ගොතා සිටියා ය.සැම විටම නිශ්ශබ්ද චරිතයක් වු ඈ ඉගෙනිමේ විශිෂ්ඨතා පෙන්විය.අප දෙදෙනා වෙනස් විෂයන් උගෙන ගත්තද මාගේ පැවැරුම් පවා සදා දෙන්න වුව ද ඇය කැමැත්තෙන්ම ඉදිරිපත් විය.ආර්ථික පීඩනයෙන් මිරිකි සිටි මා හට ඇයගෙන් ලැබෙන උපකාරය වචන වලින් කිව නොහැකි තරම් විය.

ගමේන් නගරයට ආවද අධ්‍යාපනයට මෙතරම් මුදලක් වියදම් වේ යැයි කිසිදා නොසිතුවෙමි.කන්න බත් පැකැට්ටුවක් ගන්න තරම්වත් මුදල් බොහෝ වෙලාවට මා අතේ නොවින.ඒ බව හොදාකාරවම කමලා දැන සිටියාය.මුල දි බොහෝ දිනවල ඇය මා හට වෙනම බත් පැකැට්ටුවක් ගෙනත් දුනි.තිබුණු අග හිග කම් මත වුවද මුල දි ප්‍රතික්ෂෙප කර ද ,පසුව මා බාර ගතිමි.පසුව නගරයට මා හුරු විමත් සමඟ වෙනයම් මාර්ග වලින් යම් මුදලක් සොයා ගැනිමට මා හට හැකි විය.ඒ වන විට කමලා හා මා එක බත් පැකැටිටුවට සීමා වී සිටියේය.ඇය මා සමඟ ඇගේ පවුල් පසුබිම ආදිය විස්තර කිසිදු රහසක් නොමැතිව පවසයි.ඇයගෙන් මා කිසිදා එම තොරතුරු ගැන අසා නැත.ඇය තරමක් වත් පොහොසත් පවුලක වැඩිමල් දරුවා විය.ඇයට තව එක සහෝදරයෙකු සිටි.

කාලය ගෙවි යාමත් සමඟ මා අලුත් නවාතැනකට යාමට සිදුවෙයි.අලුත් බෝඩිමකට යෑම පිළිබඳ මා කමලාට වචනයකුදු කිව්වෙ නැත.එසේ කිව යුත්තෙ ඇයිද යන්නෙ මා හටම ප්‍රශ්නයක් තිබිණ.ඇය බොහෝ විට රණ්ඩු කරන චරිතයක් නොවි ය.නමුත් ඈ ඒ ගැන දැනගත් දින මා සමඟ බොහෝ සේ අමනාපයෙන් කතා කලා ය.ඇස් දෙකේ කඳුළු කැට සිර වී තිබෙනු මා නොදුටුවාම නොවේ.

ඇයි ඔයා මට මේ ගැන කිව්වෙ නැත්තෙ?

මා මුනිවත රැකිම හැර වෙන මගක් නොවින,ඉතා අඩු මුදලකට මා හට බොඩිමක් සොයා ගැනිම මා ලද ජයග්‍රහණයක් විය.බොඩිමේ මා වැඩි කාලයක් ගත නොකරේ අමතර වැඩ තිබු නිසා ය.බොඩිම නිවසක් විය,නිවසේ එළියෙන් සැදු වෙනම කාමරයක් මා හට ලැබිණ.කෑම ලබා දෙන්නෙ නම් තව සුළු මුදලක් වැඩි වු නමුත් එය මා හට ලාභදායි වු නිසා ඊට ද කැමැති විය.බොඩිම් වු නිවසේ පියා මිය ගොස් සිටියා ය,පවුලේ  දරුවන් තුන් දෙනෙකු සිටි එක් දරුවෙක් උපතින්ම යම් අඩුපාඩු සහිත වී ඔත්පලව සිටි,අනෙක් වැඩි මහළු පිරිමි දරුවා උසස් අධ්‍යාපන ය සදහා සුදුසුකම් ලැබුව ද නිවසේ අගහිග කම් නිසා කුළි වැඩ වල නිරත් වෙමින් සිටි.මව හදුන්කුරු සාදන ස්ථානය වැඩ සදහා පිටව යයි.තව උන් එකම දැරිය විමලා විය.ඇය නිවසේ සියලු අඩුපාඩු බලමින් කටයුතු කල තැනැත්තිය විය,ඈ නිවසට වී කාලය ගත කරා ය.උදෑසන පිටව යන මා නැවත එන්නෙ බොහෝ විට සවස හතට පමණ ය.

කාලය ගෙවී යාමත් සමග විමලා කෙරෙහි මා සිතේ යම් පැහැදිමක් ඇති විය.එය ආදරයද කාරුණාව ද යන්න හරියටම මා හට ද නොතෙරින.ඇය තරමක් පැහැපත් ,සිහින් සිරුරක් ,දිගු කොණ්ඩයක් හිමි තැනැතියක විය,මට වඩා වසර දෙකක් පමණ වයසින් අඩු වුව ද විඩාබර ගතියක් ඈ තුලින් නිතරම දිස් විය.ඈ මා දුටු විගස සිනාවෙන් මුව පුරවා ගනි,ඇය සිනාසෙන විට ඇස් දෙක දිලිසෙනු බලන්න මා සිත ඇතුලින් බොහෝ විට ප්‍රිය කලා වන්නට ඇත.නිතරම කාර්යබහුල ඇය මල් ගවුමට උඩින් ච්ත්තයක් ඇද සිටියා ය.මා බොඩින් වී මාස 6ක් පමණ වුව ද විමලා හා මා කතා කොට ඇත්තෙ ඉතාම අඩුවෙනි.

ඇය මා ඇමැතුවේ ලොකු අයියා කියා ය.කෙසේ හෝ මව අසනීප විමත් සමඟ විමලා හදුන්කුරූ සාදන තැන වැඩට ගියා ය.මා ද දැන් කලින් එන නිසාත් කමලා යන්නෙ කහටගස්දිගිලිය ප්‍රදේශයට නිසාත් මා අනුරාධපුර පැත්තට යන නිසාත් කිසිදු අවහිරයක් නොමැතිව ඇය වැඩ ඇරි එන බසයේ ඇයත් සමඟ යා හැකි විය.මාතලේ හන්දියෙන් බැස දෙදෙනාම කතා බස් කරමින් යයි.ඇත්තටම විමලා මට වඩාත් ගැලපෙන යුවතිය බව සිත කියයි.ඒ බව මා ටික්කා සමඟ පැවසී ය.

මචං උඹට මොලේ අමාරුවක් ද?නිකන් කාපාලු වැඩ කරන්න එපා බන්,උඹට කමලා පණ ඇරලා බන් ..

මොකක්?උඹ කියන්නෙ මමයි කමලයි දෙන්නා ???උඹට පිස්සුද බන් එහෙම කිසිම දෙයක් නෑ බන්...

එතකොට උඹ මෙච්චර කල් කමලාව අශ්‍රය කරේ ජොලියට ද?උඹේ වැඩ කරවා ගන්න,බත් එකක් ලැබෙන නිසා විතරක් ද ?උඹ මහා අවස්ථාවාදීයෙක් නේ යකෝ ,අපිත් ආශ්‍රය කරා නේ උඹලව නොදකින් විතරක් ...තුඃ විතරක් 

මේ අහපන් බන්,කමලා ගෙන් අහපන් මං එයාට එහෙම දෙයක් කියලා තියෙනව ද,එයා මට කියලත් නෑ එහෙම මුකුත්ම...

ඇයි බොල මී හරකෝ ...උඹට දැන් ඕක කටින් කිව්වාම විතර ද තෙරෙන්නෙ?බලන් හිටපන් අනික් දෙවලුත් උඹ කටින් කියනකන්..උඹලා වගේ මී හරකුත් ආවානේ මේ වගේ තැන් වලට ....

මේ අහපන් ටික්කා පොඩ්ඩක්,මෙතන කතාව ඕක නෙවෙයි බන් .....

උඹේ කතා වැඩක් නෑ උඹ වරෙන් මගේ බොඩිමට එකේ කොල්ලො තව තුන් දෙනෙක් ඉන්නවා ,අපි උයන් කන්නෙ ලොකු වියදම් නෑ...ඉදපන් මං කමලා එක්ක මේ ගැන කතා කරන්න ..

ඒ ...ඒ  එපා බන් එකි තරහා වෙයි,උඹ පිස්සු නටන්න එපා ...

මං නෙවෙයි යකෝ මෙතන පිස්සු නටන්නෙ උඹයි ...කොහෙවත් නැති උරචක්කර මාලයක් කරේ එල්ල ගන්න හදනවා ...


               ******************************************

මා නැවත අලුත් බොඩිමට පැමිණියාය.ඉගෙනුම අතරතුරම මා හට රැකියාවක් ලැබිණ.ඒ කමලා ගේ උදව්වෙන් ය.ඇත්තටම මගේ අපිලිවෙල ජීවිතය පිළිවෙළක් කරේ කමලා ය.මේ වන විට කෙසේ හෝ කමලා හා මාගේ විවාහයට දෙපාර්ශවයේම කැමැත්ත හිමිවිය.කාලය පියඹා යන්නෙ විදුළි වේගයෙන් ය.

මා හා කමලා ගොස් මා කලින් ලැඟුම් ගෙන සිටි බොඩිමේ නැන්දාට ද  අපේ  විවාහය සඳහා ආරාධනා පත දුනි.

කෝ ඇන්ටි විමලා නංගි...දැන් මොකද කරන්නෙ,තවම හදුන් කුරු හදනවා ද ..

ඇන්ටි ගේ දෙනෙතින් විශාල කදුළු කැට දොර ගලා යන්න විය...

එකිව මං අසනිප වෙච්ච දවස් ටිකේ හදුන්කුරු හදන්න යැව්වා නේ පුතේ,මෙකි ගේ තියෙන ගොන් මොලේ තරම කියන්නෙ කොහේ හරි යන වනචරයෙකුට අහුවෙලා,ගෙදරම හැදුන එකි නේ,මොනවා දන්නවා කියලා ද ?දැන් බඩඩ මාස හයක් විතර....මොකා ද මේ වැඩේ කරේ  කියලා ඇහුවත් කියන්නෙ නෑ පුතේ,ලොකු එකා මෙකිට නොසැහෙන්න තරවටු කරා,එත් කට හොල්ලන්නෙ නෑ,තාත්තා හිටියා නම් පපුව පැලිලා මැරෙන්නෙ මෙවට ....

විමලා හරි අමාරුවෙන් වතුර කළයක් ගෙන නිවස දෙසට එමින් සිටියා ය.ඇය මා දුටු නමුත් වෙනසක් නොපෙන්වා කුස්සිය පැත්තෙන් ගොස් නිවස ඉදිරියට අවාය..

මා පුටුව උඩ සිටම අපායට ඇඳගෙන යන්නාක් මෙන් හැඟීණ,උගුරේ රත් වු යකඩ ගුලි හිර වුවාක් මෙනි...ඔලුවපුපුරා යන්න අසන්න ය.මා ආයාසයෙන් විමලාට සිනාසුණි .........

හා ...ලොකු අයියාට අපිව මතක් වෙලා තියෙන්නෙ කාලෙකට පස්සෙ ... ඉන්න මං තේ ටිකක් හදන් එන්න ...

විමලා ගේ දැස් වෙනදා මෙන්ම දිප්තිමත්‍ ය.මුහුණ පියකරුය.නමුත් කකුල් දෙක ඉදිමි තිබිණ.පොඩ්ඩක් විතර ශරීරය මහත් වි අමුතුම ලස්සනක් ඇය තුලින් දිස් විය.ඇය කලින් දුටුවාට වඩා දැන් තවත් සුන්දර වී ඇත්දො සිතිණ.

තවත් වැඩ තිබු නිසාවෙන්,ඉක්මනින් එතනින් පැමිණි මුත්,නිවසට ආවෙ කෙසේද යන්න නිච්චියක් නොමැත,උඹට තවම හරි තිරණයක් ගන්න වේලාව තියෙනවා යන්න හිත කිවද නැවැත හැරිය හැකිද....හිත යකා ගේ කම්මල වෙන් විය.ඇත්තටම මා බොඩින් කාරයෙක් පමණි ...

වචනයේ අරුතින්ම මා සැමටම බොඩින් කාරයෙක් විය......  

සටහන :- මෙහි ඇති කතාව,චරිත,ගම්,ස්ථානයන් අදිය මා හා නොබැදේ ....






33 comments:

  1. උඹගෙ ජීවිත කතාව ලියනව කියලයි මම හිතුවෙ.එහෙම නෙවයි නේද.ව්‍යාකරණ වැරදි ටිකක් තියෙනව හදාගන්න.

    ReplyDelete
    Replies
    1. මෙකෙ සමහර දෙවල් ගොතලා ලිව්වාට ඇත්ත පැතිත් තියෙනවා ,මං ඊයේ පොස්ටුව අයින් කර ගත්තෙත් ඒ නිසා ,මටම භය හිතුණා පස්සෙ අයේ වෙන දෙයක් වෙයි කියලා හිතුවා .. :))

      වැරදි හදා ගන්නම්

      Delete
    2. මටත් කියන්න තියෙන්නේ ඔබ තුල හොඳ චින්තන ශක්තියක් තියෙනවා. නිර්මාණ කිරීමේ හැකියාවත් තියනවා. මූලික ව්‍යාකරණ නීති රීති ටික හදාගෙන ලියන්න. ඔබේ අනාගතය දීප්තිමත් වේවා!

      Delete
    3. @ විචාරක තුමා

      මොකො මෙතන කොටලා ගිහිල්ලා ...

      මාව මුරුංගා අත්තෙ තියලා ද මේ :)))
      ව්‍යාකරණ හදාගෙන ඉස්සරහට ලියන්නම් ,අඩුපාඩු ඇති ,මටත් එක හිතුණා

      Delete
  2. ඒකනේ අපේ අම්මලා බෝඩිමක් බලද්දී මුලිනම් ඇවිත් එකේ කෙල්ලෝ ඉන්නවා ද කියලා බැලුවේ

    ReplyDelete
    Replies
    1. හැක් හැක් පුත්‍රයා ගැන දන්න නිසා වෙන්න ඇති නේ ;))

      මෙක කතාවක් බන් ,100% ඇත්ත එකක් නෙවෙයි

      Delete
  3. කාට භය වෙන්නද...උඹට හිතෙන දේ ලියපං .....
    කතාව හොදයි...
    මම අහන්නෙ නැහැ කමලාගේ කොල්ලද විමලව බඩ කලේ කියල....
    කතා නායකයා මම නම්....කෙලින්ම ...yes .....

    ReplyDelete
    Replies
    1. කාට භය වෙන්නද...///
      මං මටම තමා ....
      හැක් හැක් අහලා තියෙන විදිය පස්ට නියමයි
      කතාව කියවලා තෙරුම් ගත්තා නම් ඇති ...

      Delete
  4. අඩේ සිරාවටම එළ. හිතා ගන්න බැරි උනා බං. 'සටහන' දැම්මෙ නැත්නම් මම හිතුවෙම උඹේ කතාව කියලා. ;))

    ආයෙත් කියන්නෙ උඹේ නිර්මාණෙ සාර්ථකයි. (y)

    ReplyDelete
    Replies
    1. මේක ඊයෙ මැකුවෙ අපරාදෙ. මොන කෙහෙල් මලකට බය වෙන්නද? නි‍ර්මාණකරු වෙනයි නිර්මාණය වෙනයි.

      Delete
    2. මගේ කතාව හැක් හැක් ;))

      නි‍ර්මාණකරු වෙනයි නිර්මාණය වෙනයි.//

      ඒ වුණත් ප්‍රියා සමහර සිද්ධි නිර්මාණකරු ගේ අත්දැකිම් වලින් ලියවෙන්නෙ ...(මෙක එහෙම නෙවෙයි ) මං භය වුණ හෙතුව පොස්ටුවක් ලියන්න පුළුවන් තව

      Delete
    3. ඒක හරි සහෝ එය ඇතම් අවස්ථාවල උනත් හැම අවස්ථාවෙම නෙමෙයි.

      බල බල ඉන්න එපා. ඒ හේතුවත් ලිවුවානම් ඉවරයි.

      Delete
    4. ලියන්න ඕන හැබැයි ඉල්ලන් කැමැක් වෙයි ද දන්නෙ නෑ එක

      Delete
  5. කවුරු වැරදිද කවුරු හරිද කියලා කියන්න බැරි සිද්ධියක් බං....

    ReplyDelete
    Replies
    1. එහෙම දැනුනා නම් මං පොඩ්ඩක් හරි සාර්ථකයි ...

      Delete
  6. ආපහු හැරෙන්න බෑ,... හැරිලා බැලුවම පෙන දේවල් ඉවසන්නත් බෑ
    නියමයි

    ReplyDelete
    Replies
    1. හැරෙන්න බෑ සමහර වෙලාවල් වල දී ,එක සමාන්‍යායි නේ

      Delete
  7. අනේ මන්දා බන්. පිස්සු හැදෙනවා. සුපිරියි ඈ!!

    ReplyDelete
    Replies
    1. පිස්සු හදා ගන්න එපා බස්සි ,ඔය තියෙන ටික මදෑ ....හැක්

      Delete
  8. Anonymous3/28/2014

    ෂහ්.. නියමයි..
    අල්ලපු අත්තද පයගහපු අත්තද?

    ඊයේ දෙතුන්පාරක් ඇව්ත් බැලුවා මොකද මේ කියලා..
    නියම ලියැවිල්ල (වනිතා ඇන්ටි එහෙම ආවොත් සුනේ සුන්..)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕන අතු නෙවෙයි බන් අහු වෙන්නෙ ලැබෙන අතු ...

      ඊයේ පොඩ්ඩක් අවුල් වුණා ..

      වනිතා ඇන්ටි කියන්න එපා බොලන් සුදු කෙලි පොඩ්ඩට .. හැක්

      Delete
  9. සහෝදර, උඩින් කමෙන්ට් කරපු අය කිව්වා වගෙ ඔබට හොඳ හැකියාවක් තියන බව පේනවා. කතාව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු චන්දන ...වෙන දෙයක් වෙයි කියලා ලියලා දානවා

      Delete
  10. හුටස්.... අන්තිමේ විමල ගැන දුක හිතිල ඒකිට වත් කර ගැහැව්වද...
    පට්ට සහෝදර තුමා

    ReplyDelete
    Replies
    1. එහෙම මොකුත් කියලා නෑ මහේෂ් කියවලා තෙරුම් ගන්න කෙනාට හිතෙන විදිය තමා ..මටත් හිතා ගන්න බෑ

      Delete
  11. විමලට බොරලුව අමතක වෙලාවත්ද?

    ReplyDelete
    Replies
    1. හැක් ..උමේෂ් කාටුන් බැටුවා දැන් මැදෑ ,

      Delete
  12. Anonymous3/29/2014

    උඹ ලස්සනට ලියනවා සහෝ....විමලා පව් බන්...ඉතින් ඊට පස්සේ මොකද උනේ...උඹ මාට්ටුද :D

    ReplyDelete
    Replies
    1. උඹ මාට්ටුද////

      අයියෝ මෙවා තමා ඇදගෙනම නානවා කියන්නෙ .....මාට්ටු වෙලා කියලා තියෙනවා ද ???

      Delete
  13. සහෝ ව්‍යාකරණ වැරදි ගැනනම් මට වගක් උනේ නෑ. නියමෙටම ලියවෙලා තියෙනවා, කතා දෙකක් නෑ ඒ ගැන. අවසානයත් නියමයි.

    බ්ලොග් ෆලෝ කරන එක ගැන මගේ බ්ලොගේ ලින්ක් එක දැම්මට බොහොම ස්තුතියි......!

    ReplyDelete
    Replies
    1. ඕක මොකක් ද නිමො ..මෙවා බදන් ඉන්න නෙවෙයි බන් තියෙන්නෙ ....

      Delete
  14. ලින්කුවෙන් බලාගෙන අදයි මේ පැත්තෙ ආවෙ.
    ප්‍රබන්ධයක් පමණක් බව දැක්කට පස්සෙයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ

    ReplyDelete
    Replies
    1. මොකට බය වෙනවද ...හැක් මෙවා කතා විතරයි

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.