මට තේරෙන විදිහට බ්ලොගියට තමන්ගෙ කතා දැමිම පහසුය.මට මුලදි හිනා වුණ ඇයෝ පවා මා ලියු ඉරිඟු ගැන කතාවට හොඳ කිව්වාය.
අද කියන්නෙ පාපැදිය ගැන කතා ය .අරූ ත් පාපැදි ගැන කතාවක් දමා තිබුණා ය.ලොකයේ කොතරම් වාහන ආවද,තාක්ෂණය දියුණු වුවාට පාපැදිය භාවිතයෙන් ඉවත් නොවන දෙයක් වී ඇත.මේ ඒ ගැන කතාව නොවෙය .
මං පොරට නම් මටම කියා පාපැදියක් ලැබුණේ ඔය එපා එපා කියන ශිෂ්‍යත්වය මම හොම්බෙන්ම ඇණ ගත් පසුවය.එතෙක් මා පැද්දේ පියා ගේ පාපැදිය ය.එහි බල්ලන් නැතුව තුන් සුත්තර ය රැක ගත්තෙ බොහොම අමාරුවේනි.(මම හිතන්නෙ ඔය ප්‍රශ්නය තියෙන එකම වාහනය මෙක වෙන්න ඇති) මගේ සම වයසේ කොල්ලන් ,අපි ඒ කාලයේ කිව්වෙ ජියර් දාන බයිසිකල් කියා ය.එවා ගනිද්දී මා ගත්තෙ ලුමාලා ස්ටැන්ඩර්ඩ් වර්ගයේ බයිසිකලයක් ය.මං පොර ඒ බයිසිකලය ගෙන ගමේ රවුම් ගැහුවේ බෙන්ස් එකක යනවා වගේ හැගිමෙන් ය.මං පොඩි එකා නිසා සයිකල යේ ශිට් එකේහි වාඩි ගන්නට හරි හැටි නොහැකිය.ඒ දවස් වල අම්මා නම් කිවේ ''උඹේ ඔය බයිසිකලේ සිට් එක යටින් මිරිස් කරල් තිබ්බොත් හොදට ඇබෙරෙනවා'' කියාය.කොම උනත් මුල් මුල් දවස් වල මා ගත් බයිසිකලය ගැන දුකක් තිබිණ.ඒ මගේ සයිකලය එතරම් ලස්සන නොවන නිසාවෙනි.කෙසේ වුවත් ඒ දවස බයිසිකලයෙන් මම නොයන ගමනක් නැති තරම් ය.ටිකක් කරදඩු උස් වන විට රෑ ගමන් තිබු නිසා බයිසිකලයට අලුතින් ඩයිනමොවක් එක් විය.කොතරම් රෑ ගමන් ගිය ද මා අවුත් බයිසිකලය පිස දා නිදා ගැනිම මගේ සිරිත විය.මා එතරම් මගේ බයිසිකලයට පෙම් කලේමි.නිවාඩු දවසේ ප්‍රධාන රාජකාරියක් ලෙස මා එදවස කලේ මගේ බයිසිකල් රාජයාට ඔයිල් සාත්තුවක් දිමය.
මට මේ බයිසිකල් කතා සිහිවුයේ දැන් වැසි ලැබෙන කාලයයි.වැසි දිනයන් වල බයිසිකල ය පැදිම තරම් විනෝද ජනක දෙයක් ඒ දවස නැති තරම් ය.පාරේ වතුර කපාගෙන චිරිස් ගා යන රෝදය කනට හා ඇසට ගෙන ආවේ ඉමහත් ප්‍රිතියකි.පාරේ වතුර වලක් සොයා එ මතින් යැම,අපි කොල්ලන් රැන් පිටින් පාරක් පාරක් පසා රවුම් ගැහුවේ මේ සයිකල් වලින් ය.ගුණේ මාමා ගේ දූව ද ගමන් ගියේ ඔය බයිසිකල් වලින්මය.ඒ දවස් වල නම් කොල්ලන් නම් කිවේ ,ගුණේ මාමා ගේ දුවට වෙනම කතා ය.ගමේ වැඩිහිටියන් නම් කිවේ ඔය සයිකල් ගමන නිසා ඔකිට කවදා හරි දිගේක යන්න බෑ කියා ය.එත් ගුණෙ මාමා ගේ දුව ලස්සනට දිග ගියාය.ඒ ඔය බයිසිකල් පදින අතරතුර හමුවුණු කොල්ලෙක් එක්කමය.ඒ දවස් වල ගමේ ගැටිස්සියන්ට ඔය බයිසිකල් පැදිමට අවසර ලැබුණේ එහෙමත් එකියකට ය.නමුත් අපේ බයිසිකල් ඉල්ලා ගෙන කෙල්ලන් පැද්දා ය.ඔය ඉස්සර අපේ ගම් වල තිබු කතා ය.දැන් කෙල්ලන් යන්නෙ ස්කූටි වලින් ය(ඩිවොස් බයික් ).ඔය කොතරම් බි.එම් .ඩබ්ලිව්,බෙන්ස් ආව ද මට නම් බයිසිකලයක් පගා ගෙන පාරේ ඉන්නා ගැටිස්සියක් දිහා ඇසැක් මරා යැම තරම් ජොලි යක් නැතිය.බයිසිකලය ඒ තරම් ජොලි වාහනයකි.කකුල් දෙකේ බලයෙන් බයිසිකල් පැද ඇති ඇයෝ එකේ ජොලිය දන්නවා ඇත,ලයිසොන් කොළේ ගන්න කලින් වුව ද යන්න යන්න පුළුවන් විම කොයි තරම් ජොලි ද ?... :)
ප.ලි
මගේ පලමු රථය වන බයිසිකලය ට දැනට වයස වසර දහයකට වඩා වැඩිය.අද බලන විට ඒ බයිසිකල ය මෝටර් රථය දමන ගාරාජයේ මුල්ලක තනි වෙලා ය.ඒ බැලුවෙ ද මුදල් හදිස්සියක් වී බයිසිකලය විකුණා දැමිමටය .පණ්ඩිතයා වගේ විකුණන්න තීරණය කල ද අවසානයේ මට විකුණා ගැනීමට සිත් නොදිනි.මන්ද මා ලොවට පෙනෙන්නට අදරය නොකළ ද තවමත් මගේ පරණ බයිසිකල යට ලෝභ කල බැවිනි.
අර ස්කූටී වලට අප කියන්නේ, "කැට් කූල්" කියාය. ටියුබ් ලයිට් නම්, පත්තු වන තුරු ඉවසන්න වෙනවාය..
ReplyDeleteනැත නැත.... ටියුබ්ලයිට් නැත
Deleteඔය වගේ කතා දමන්නෙ නැත්තෙ මගේ බොගි කෙරුවාවට තිත වැටේදෝ යන බිය නිසාය
යකෝ අපි කියන්නේ ඩිවෝස් බයික් කියලා
Deleteඅඩේ මම දැනගෙන හිටියේ නැනේ දේශක මේ ගැන ලිව්වා කියලා ,
Deleteලින්කු එක් කරන එකට මම කැමති...
චඃ...........අලුත් නම මාර කූල් ඈ. අනේ අපිනම් බලයි ඔය 'බයිසිකල්' දිහා
Deleteඅලුත් නම කු.........ල් ..හැක් හැක්
Deleteඈ ඒ මොකෑ විචාරක දැන් බයිසිකල් හොද නෑ ඉස්සර හොදයි .... :)
කැට් නම් කූල්,ඒ වුනාට ඇස් නම් හොට්.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteඈ ඒ මොකක්ද බන් ඒ කතාව ...:))
Deleteමගෙත් තිබුන බයිසිකලය විකුණුවා... පදින්න තියන ආසාවටම අවුරුදු 6කට විතර පස්සේ ගිය මාසෙ අලුත් එකක් ගත්තා. :) හොද පොස්ටුවක්.
ReplyDeleteබයිසිකල් එක කවදා වුණත් ලඟ තියා ගන්න ඕන වාහනයක් ...අලුත් එකක් ගත්ත එක නම් හොදයි
Deleteඉස්කෝලේ යන කාලේ එකම හීනය බයිසිකල් කටුවක් අරගන්න එක. ඒත් මවුන්ටන් හරි ටෙන් ස්පීඩ් එකකි හරි. අන්තිමට නිකං සයිකලේම ගිහින් මං නතර උනා. ඒත් තියෙන විසේට ගස් ගල් කදු පල්ලං වල හප්පල පළවෙනි අවුරුද්දෙම ප්රේම් එක තුන්පාරක් දැම්මා දෙපාරක් පැස්සුවා.
ReplyDeleteඅඩේ මම හිතුවේ දේශකම් ගේ විසේ මේ බ්ලොග් කෙරුවාවට විතරයි කියලා ...
Deleteමගේ බයිසිකලේන් නම් ඔහොම ගස් ගල් උඩ ගියේ නෑ ...
නියමයි සහෝ. මටත් මතක් උනා මගේ පොඩිකාලෙ බයිසිකලේ.
ReplyDeleteදැන් නම් ඇඟ බර වැඩී බයිසිකල් පදිනවා තියා හිතන්නත් අමාරුයි.
ඈ .... ප්‍රියා දැන් එච්චර බර පොරක් ද ??? එහෙනම් බයිසිකල් පදින්නම වෙනවා ...බර අඩු කර ගන්න
Deleteශීට් = ඇතිරිල්ල, කඩදාසියක් මෙන් පැතලි කොලය, තහඩුව, සෙවිලි තහඩුව,
ReplyDeleteසීට් = ආසනය, මැතිවරණ කොට්ඨාශය, ඇඳුමක පසුපස පැත්තේ මිනිස් සිරුරේ තට්ටම් ප්‍රදේශය ආවරණය වන කොටස
ස්තුතියි ඇනෝ ,මගේ අතින් වැරැද්දක් වෙලා මම හදන්නම් ...
Deleteඇනෝ මේක හුගක් හොද දෙයක්. මොකද බහුතරයක් ඕක වැරදියට බාවිතා කරනවා අනන්තවත්.. බස් එකෙත් ෂිට් හොයනවා. ස්තුතියි මේ නිවරැදි කිරීම පිළිබදව
Deleteඇත්ත දේශක මමත් සිට් එකෙයි ශිට් එකෙයි වෙනස වැඩිය දැනෙගෙන හිටියේ නෑ ...
Deleteබයිසිකලය කියන්නේ මෙතෙක් මිනිසා විසින් සොයාගත් අති විශිෂ්ටතම නිපැයුමක්. පරමාණු බලයෙන් යන වාහන ආවත් බයිසිකලයට අභියෝගයක් නැහැ.
ReplyDeleteඅහලා නැද්ද මේක
පින්සිදුවෙන්නේ - අනේ පොඩි කොල්ලන්නේ
සීට් එකේ උස වැඩිනම් - ...............තැලෙන්නේ
ඇත්ත විචාරක බයිසිකලයට ඔය මොන වාහනය අවාත් මිනිස්සු පාවිච්චි කරයි
Deleteඅඩේ අද තමා ඔය සිංදු කැල්ල අහුවේ ..හැක් හැක් ..නියමයි
මමත් ආසම එක බයිසිකලේය! නැත්නම් පයින් යන එකත් ආතල් ය! කොහොමත් බයික් ගමන් වලටනම් එච්චර කැමැත්තක් නැත. ප්‍රශ්නේ මගේ මයිසිකලේ දැන් අවුරුද්දකට විතර ඉස්සරලා හොරෙක් උස්සපු එකය! :'(
ReplyDeleteමමත් මාර අසාවක් තියෙන්නෙ බයිසිකල් එකේ යන්න ......මට හිතෙන හැටියට බයික් එකෙන් අපි අරක්ෂා වෙන්නෙ නැති ,පොඩ්ඩක් අවුල් වාහනයක් ...
Deleteඅඩේ හොරා අරන් බයිසිකලේ ...ඉන්නවා නේ මහා @## $$### හොරු යකෝ ඔය ලොක්කන් ගේ එකක් උස්සපන් උන් උස්සන්නෙත් අපේ එකා ගේ පොඩි වාහනේම තමා
මූත් සියදෝරිස් වගේ බයිසිකලයටම ලවු එකේ ඉඳලා නෙව.
ReplyDelete++++++++++++
Deleteඅමිල අයියට සියදෝරිස් තාමත් මතකේ තිබිලනේ.. මටත් මේ කමෙන්ට් එක දැක්කම කතාවම ආයෙම ඔළුවට ආවා..
Delete@ amila & දිලිනි
Deleteමම සියදෝරිස් තරමට නැතැත් මගේ බයිසිකලයට ආදරය කරා ,මම හිතන්නෙ අපි පොඩි කාලෙදී තිබුණ ලොකු හීනයක් බයිසිකලයක් ගන්න එක ..
@ දිනේෂ්
Deleteමටත් ඒ කතාව අමතක වෙලා තිබුණේ ,මටත් මතක් වුණා ,හොයා ගෙන කියවන්න ඕන
අපිත් ඉතින් බයිසිකලේට ආදරේ මිනිස්සු තමයි..
ReplyDeleteඅනිවා ආඩම්බරයි ......මොන වාහනේ අවාත් බයිසිකලේ කියන්නෙ මල් හතයි
Deleteකොහොම අමතක වෙන්නද මම තාම වැඩිපුරම පාවිච්චි කරන්නෙ පුටාර් 1නෙ. හොන්ඩ ජුලෝන 1ට වඩා තාම පේම කොරන්නෙ ඔය තෙල් ගහන්නැති ට්‍රේලටම තමා.
ReplyDeleteහොදම සීන් තිබුනෙ නයිට් රයිඩර් ආව කාලෙ ඒ දවස් වල පේන පේන ගැටි උඩින් ටර්බෝ බූස් දාන්න ගිහින් ඉස්සරහ රෝදෙ අට කරන් ගෙදර ඇවිත් තාත්තගෙන් නට් වෙන්න ගුටි කාපුව කෝම අමතක කරන්ද අනේ
අනිවා ....බයිසිකලෙත් එක්ක අපේ කතා තියෙනවා ,රසවත් ඒ තරම් ජොලි වාහනේ තමා බයිසිකලය කියන්නේ .....
Deleteමට නම් බයිසිකලෙන් වැඩ දන්න බැරි උනා මොකද මගේ තිබුණේ ස්ටැන්ඩර්ඩ් වර්ගයේ එකක් ,කොම වුනත් බයිසිකලය ජොලි වාහනයක්
උඹ මගේ ගැනත් ලියලා. ස්තූතියි.
ReplyDeleteඋඹ විශ්වාස කරපන් සහෝ අපිට කියලා බයිසිකලයක් තිබුනේ නැහැ ඒ කාලේ. මම රට ගිහින් මගේ මුල් නිවාඩුවට එනකොට 1988 මම අපේ බාලම මල්ලිට රේසින් බයික් එකක් ගෙනත් දුන්නා. හදිසියකට බයිසිකලයක් මල්ලිලාට නොදුන් අය පවා මේ රේසින් එක පදින්න ඉල්ලන් ආවා. මල්ලිලාත් ලෝබ නැතුව ඒක දුන්නා. හැමෝම ඉල්ලන් ගිහින් ගිහින් ඒක වයසට ඉස්සෙල්ලා අභාවයට ගියා.
අනිවා මගේ හිත ගත්ත අය ගැන මම පුළුවන් විදිහට ලියනවා ..
Deleteමගේ එක නම් කවුරුත් වැඩිය ඉල්ලුවේ නෑ ..මොකද එතකොට ඔය රෙසින් එවා නේ කස්ටියට පිස්සුව ,මගේ එක අදටත් පිහිදලා හොදට තියෙනවා ,මම වාහන වලට ඒ තරම් ආදරේ කලා
ෂහ්..මං ආසම දෙයක් ගැන පෝස්ට් එකක් ලියල..ඔය උණ මටත් පොඩි කාලෙ ඉඳංම තිබ්බා.. ඉස්සෙල්ලාම පැද්දෙ තාත්තගෙ ස්ටෑන්ඩඩ් එක.. පස්සෙ රු.2000 ට මළකඩ කාපු ෆ්‍රේම් එක විතරක් යාන්තං හොඳට තිබ්බ මවුන්ටන් එකක් අරගෙන හදල පැද්ද..ඕක විකුණල තමයි දැං තියෙන ටොමහොක් එක ගත්තෙ.. ඔය නානාප්‍රකාර නාඩගං තියෙන වාහන තිබුණත් බයිසිකලේ තරං ඇඟටයි හිතටයි දැනෙන එකක්වත් නැ..අදටත් මං ඕක අරං හැන්දෑවට ගම වටේම යනව.. මාසෙකට වතාවක් ක්ෂේත්‍ර චාරකාවක් වගේ ටිකක් දුර කොහේ හරි තැනකට ගිහිල්ල එනව.. ඕක ගැන මාත් පෝස්ට් එකක් ලිව්ව ඒත් ඒක එච්චර සාර්ථක නෑ..
ReplyDeletehttp://www.rasthiyaduvak.blogspot.com/2013/12/blog-post_21.html
ළඟදි මං ඕකට ඊබේ එකෙන් ස්පිඩෝමීටරයක් ගෙන්නගත්ත..
ජය වේවා..!!!
මට නම් මුල ඉදලම ස්ටෑන්ඩඩ් වර්ගයේ එකක් ,මෙකේ තව නෑ බයිසිකලේ සම්පූර්ණ කතාව ,
Deleteපොස්ටුව හොදයි ,හොද විස්තරයක් ,...