තවම
ඇහැරුණෙ නැති ද?අම්මා ගේ හඩ එක්ක අවදිව හාත්පස බැලු මම නැවතත් නින්දට
වැටුණෙමි.රෑ එළිවනතුරු බසයේ අවුත් ගමන් මහන්සිය ඇඟ පත වෙලාගෙන තිබිණ. යමු
යමු ඉක්මනින් ලැස්ති වෙන්න දැන් දහයත් පහු වෙලා.මට අවශ්‍යව තිබුණේ ගෙදර
අවුත් නිදහසේ නිදා ගැනිමටය .එහෙත් අම්මා එයට ඉඩ දෙන පාටක් නැත .
මොකට ද ?අද කොහෙ යන්න ද ?
ඇයි මම එදා කිව්වෙ .
මොකක්ද ?මට මතක නෑ .
ඇයි?ලොකු පුතේ අද අපේ ඉස්කෝලෙ කැමක් දෙනව කිව්වෙ ..
මට
පොඩ්ඩක් මතක් වුණද ඇදෙන් බිමට එකදු අඩියක් තියන්න මගේ හිත ඉඩ නොදෙයි .කෙසේ
හෝ අමාරුවෙන් ,ලැස්ස්ති වී ඉවර වන විට දහවල් දොලහා කනිසමට ලගය .අම්මා ගේ
හිත ද පොඩ්ඩක් පැරි ඇති වගෙ ය . මට යන්න ඔන කැමක් නැතිය.මට අවශ්‍යව
තිබෙන්නෙ පොඩ්ඩක් නිදාගෙන සවස් වන විට කොල්ලන් සමඟ වල බසින්නටය .
කෙසේ
හෝ මා මෝටර් රථය ගෙන අම්මා කැටුව ප්‍රධාන පාර දිගේ ඉතා හෙමින් ධාවනය
කරවිය.වෙනදා වේගය අඩු කරන්න නැති නම් මම පාරෙ බස් එකෙ යනවා කියන අම්මා ,
පොඩ්ඩක් ඉක්මනින් යමු ,අර මිනිස්සු කැම හදාගෙන බලන් ඇති
මට බෑ අම්මෙ ,පොලිසිය හිටියොත් මාවනේ උසාවි දාන්නෙ,
මම
පාඩුවේ ජැක්පොඩ් චිත්‍රපට ගීත සවන් දෙමින් ධාවනය කරවිය.සෙමින් සාක්කුවට අත
දාමා බැලු මම දුරකථනය ගැනිමට ය . එය ද ගෙදර තබා ඇවිත් ය.දැන් කරන්න දෙයක්
නැත.කෙසේ හෝ මිනිත්තු හැත්තෑවකින් පමණ පසු අපි පාසල වෙත ලඟා විය .තවමත්
එක්දාස් ගණන් වල කළු-සුදු චිත්‍රපටයක ස්වරූපය පාසල පුරා තිබිණ.පාලුව තනිකම
පාසලක් වුව ද එහෙම් පිටින්ම ගිලගෙන තිබිණ.මා ද හා හා පුරා කියා අකුරු
කෙරුවේ මේ පාසලින් ය .ඒ එකල අම්මා ද මේ පාසලෙ සේවය කල නිසාත් එකල මෙතරම්
තරගයක් නොතිබුණු නිසා වන්නට ඇත.
සෙමින්
සෙමින් පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ලට අපි පිවිසිය ,සියයයි වීස්ස ගොඩනැගිල්ලක්
වූ මෙහි මැද කැම මේසයක්,ගුරු මේස එක් කොට සාදා තිබිණ.ගමේ පොලොස් ඇඹුලේ සිට
සැම කැම ජාතියක්ම කැම මේසය මත විය.
හානේ මේන්න දම්මි මිස් ඇවිත්,අපි බලාගෙන උන්නෙ ,එත් බැලුවා අපි මිස් පරක්කු වෙනකොට .
මෙන්න මෙයා ලැස්ස්ති කර ගන්න වෙලා ගියා නේ,ඒ අම්මා ය
හානේ ....මිස් මේ ලොකු පුතා ද ?
ඔව්!ඇයි අදුන ගන්න බැරි ද ?
කොහොම අදුන ගන්න ද මිස් අපි දකින කාලේ පොඩි අත දරුවොනේ..
අවුරුදු 14කින් 15කින් මම හිතන්නෙ මේ එන්න ඇත්තෙ ?
හ්ම්ම්ම්ම්ම්
දැන් පුතා මොකද කරන්නෙ ?
ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න නොහැකි නිසාම මේ වාගේ බොළඳ වැඩ වලට මාගේ එතරම් රුචියක් නොවීය.
යමු මිස් කැම කන්න,පරණ ගෝලයොත් කිහිප දෙනෙක්ම ඇවිත් ඇහුවා අද මිස් එන්නෙ නැති ද කියලා.අපි පනහක් පමණ පිරිසක් කැම මේසය වටේ වාඩි වී කැම ගත්ත .සමහරුන් තලප හා වැව් මාළු රස බැලූහ,තවත් සමහරුන් කැම කන එක අමතක කර ආගිය තොරතුරු කතා කලහ .මා පාඩුවේ පොලොස් ඇඹුල හා තව කව්පි මැල්ලුමක් සමඟ කැකුළු බත් ටිකක් රස බැලිය.කැම කා සියල්ලන් යන පාටක් නැත ආගිය කතා ,අතීතයේ පාසල ගැන අදි කතා තෙරක් නොවිය .මේ බොරු කතා මැද ඉවසා සිටි නොහැකි මම පාසල තුල ඇවිදින්න සිතුවෙමි .
අතීතයේ දි මම මේ පාසැලේ සැම බිම් අගලකම කෙලි සෙල්ලම් කර ඇත.උස් කන්ඩි සිට පඩි පෙල් සදා තිබිණ,ඒ දෙපස බැමි වල කලිසම හිල් වන තුරු ඉහළ සිට පහලට එම එදා මාගේ ප්‍රියතම ක්‍රීඩාව විය.උදෑසන එකොළහට ඉවර වී අම්මා එනතුරු මා එදා කල දේවල් මගේ දැස ඉදිරිපිට මැවි පෙනින.
එසැනින්ම මා පිටුපසින් ඇසුණු ගැහැණු හඬක් නිසා මා හැරි බැලිය. අවුරුදු තිහක පමණ පෙනුමැති දරුවෙකු වඩාගත් ගැහැනියක් හා පිරිමින් දෙදෙනෙකු මා දෙස බලා සිටී.
කොහොමද ඔයාට ...අදුන ගන්න පුළුවන්ද?
බෑනේ ...මට මතක නෑ..
අපිටත් ඔයාව අඳුන ගන්න බැරි වුණා ටිචර් තමා ඔයා මේ පැත්තට ගියා කිව්වෙ.මතක නැත්ද අපි එක පන්තියේ හිටියේ,මම මාලි ,මේ උපුල් ,මේ නුවන්,දැන් මතකද?....අපේ තව අයත් ඇවිත් හිටියා ..
මම හිටි තැනම ගල් ගැසින ..මට මතකයි ..මට කියවුණේ එපමණකි .මගේ පන්තියේ හිටපු අය ,මාත් එක්ක සෙල්ලම් කරපු අය,ඔවුන් දැන් වයස මුහුකුරා ගිය දෙමාපියන් ගේ පෙනුම ගෙන තිබිණ. අපි අරලිය ගස් සෙවනේ වාඩිවී බොහෝ දේ කතා කලාය.අතීත මතක,දැන් කරන දේවල්......බොහෝ ගැහැණු දරුවන් දීග ගොස් ය .පිරිමි ළමුන් ඇතැමෙක් හමුදාවට ගොස්ය.වැඩි දෙනෙකු ගොවිතැනින් ජීවිතය සරි කර ගනි.ඔවුන් ගේ කතා මගේ හදවත වී සිදුරු කරන්න විය.මම මෙතෙක් දවස් නැටු නාඩගම්,බොළඳ වැඩ දිය වී දෙපාමුල වැටිණ.මම මේ අමතක කොට ඇත්තෙ මගේ යහළුවන්ය,මට ආදරය කරන මිනිසුන් පිරිසක් ය ,ඔවුන්ට මා ගැන සොයා බැලුවද මා දවසක් වත් මොවුන් ගැන සොයා බලා නැත.
හා.....! පරණ යහළුවෝ අයේ එක්කාසු වෙලා වගේ ..
හැරි බැලිය ...අපේ මව හා පලමු හා දෙවන වසර භාරව සිටි ගුරුතුමිය අප පසු පසිණ .වසර ගණනකට පසු මගේ දෙපා නැමිණ .
යමු අපි දැන් හතරත් පහුවෙලා ..එනකොට තිබුණ හදිස්සිය දැන් නැති ද ?ඒ අම්මා ය ...නෑ නෑ යමු .සියල්ලට සමු දුන් මා ,විශේෂයෙන් මාගේ මිතුරන්ට නැවත එන පොරොන්දුව තබා සමු ගතිමි.
මෝටර් රථයට නැගි මා සි.ඩි පටයක් දැමිය...ගුණදාස කපුගේ මහතා ගේ ගීත වාදනය විය.මගේ හදවත තුල පෙරලි වෙමින් තිබිණ,උඹ මොකද මෙච්ච්ර දවස් කරේ ..උඹ මේ ගෙවන ජිවිතය මොකක්ද?අදි නොයෙක් ප්‍රශ්නය......මේ මිනිස්සුන්ට යමි උදව්වක් මා විසින් කල යුතුව ඇත ,නමුත් මොකක්ද?අම්මාට ද මාගේ වෙනසක් පෙනෙන්නට ඇත.වෙනදා කතා කරන අම්මා ද වචනක් හෝ කතා කලේ නැත .
අධික ගමන් මහන්සියට වඩා සිතේ අමාරුව දරා නිවසට ආ වෙනදාටත් වඩා වෙලාවක් නෑම සඳහා ගෙවා දැමිය.ඇදට වැටුණ මා දුරකථනය ගෙන බැලිය,මැසෙජ් පනහක් හා මගහැරුනු ඇමතුම් තිහක් පමණ විය.මා එකින් එක බැලිය.ඒ සැනින් දුරකථනය නාද විය..ඒ කට්ටා ය...
කුලයා උඹ කොහෙද බන් මකබෑවිලා හිටියේ......යකෝ අන්න පණ කඩාගෙන අරකි උඹව හොයනවා ...
හරි.... හරි..... බන් ....
අද අරුන් ගේ අයියා පාටියක් සෙට් කරලා ,උඹ එනවා නේ අපේ උන් සෙරමලා එනවා කිව්වා උඹ තමා අඩුව තිබුණේ,මම හවස උඹලා ගේ ගෙදර ...
කරන්නෙ කුමක්ද යන්න තීරණය කර ගැනිමට නොහැකි වූ මම ඇද මත උඩු බැලිව හිද සිවිලිම දෙස බලා හිදීය .මා කොතරම් වෙලාවක් එහෙම හිටියා ද නොදනි මට නින්ද ගොස් තිබිණ..
නිවස දෙසට එන මෝටර් රථයක හඩින් මා අවදි විය...වෙලාව සවස 8.30 පමණ බව ඔරලෝසුවේ සටහන්ව තිබිණ...

කාලය මැව් වෙනසක අරුමේ....
ReplyDeleteම්ම්ම්ම්ම්ම් එක තමා ඇත්ත
Deleteයාලුවො අද නැත වෙන අය එහි ඇත
ReplyDeleteකාලය මැව් වෙනසක අරුමේ....
අමතකම කරනව නෙමේ සහෝදර තුමා තියෙන වැඩත් එක්ක මතක් කරන්න වෙලාවක් නෑ...
ඒක නිදහසට කාරණයක් නං නෙමෙයි... ඊටත් හුගක් අය බැදල කරල ගියාම ආපහු හම්බෙන්නෙ අහම්බෙන්
අනේ මංද..කාලෙ වෙනස් වෙනව මිනිස්සුත් නොදැනිම වෙනස් වෙනව...
.කාලෙ වෙනස් වෙනව මිනිස්සුත් නොදැනිම වෙනස් වෙනව...////
Deleteවෙනස් විම තුල වැඩියෙන්ම තියෙන්නෙ දුරස් විම ....
හැමෝටම පාසල් විය තරම් සුන්දර අතීතයක් නැති තරම් නේද??
ReplyDeleteඑක නම් ඇත්ත ,එත් අපි අපේ පරණ යළුවෝ අමතක කරලා ,එත් හැබැයි එ අය අපිව අමතක කරලා නෑ ...
Deleteඅනේ මන්දා බං.. පරණ යාලුවෝ හම්බවෙනවා හරිම අඩුයි. ගමෙන් ඈත් වෙලාද මන්දා....
ReplyDeleteඅනේ මන්දා බං.. පරණ යාලුවෝ හම්බවෙනවා හරිම අඩුයි. ගමෙන් ඈත් වෙලාද මන්දා....////////
Deleteහරියට හරි නාඩි එන්න එන්න අපි ගමෙන් ඇත් වෙනවා .
ඉස්කෝලේ යාළුවෝ හම්බුන කාලයක් මතක නෑ.. දැන් හැම දෙයක්ම බුකියට සීමා වෙලා..
ReplyDeleteම්ම්ම්ම් ..එ දෙවල් දැකලා වත් නැති යාළුවෝ මේ ,කොම ඇති ද ??
Deleteඒක සදාකාලික මතකයක්. සමහර විට අපි මැරෙන කොටත් අන්තිමට ඉස්කේලේ යාලුවෙක් ළග ඉන්න ඉඩ තියෙනවා..
ReplyDeleteඇත්ත දේශක අපි හිත්න්නෙ නැති දෙවල් වෙන්නෙ ,ඒ වුණාට එ බැදිම් හරිම සුන්දරයි
Deleteදැන් මොනවද කරන්නේ ? අන්න ඒ ප්‍රශ්නේ තමයි ලොකේ තියෙන කුජිතම ප්‍රශ්නේ.
ReplyDeleteසිහින මදාරා පිලි ගන්නවා ...
Deleteදැන් මොනවද කරන්නේ ? අන්න ඒ ප්‍රශ්නේ තමයි ලොකේ තියෙන කුජිතම ප්‍රශ්නේ. ////
හැක් හැක් එක ඇත්ත ,සමහරුන්ට කරන්න දෙයක් නෑ ..එත් මම හිතන්නෙ මට කරන්න දෙයක් තියෙයි ,,අඩුම තරමේ පොස්ටුවක් හරි ලියන්න ...හැක් හැක්
ගූ සිංහල නිසා මොකවත් ලියන්න හිතෙන්නේ නෑ.
ReplyDeleteඅපරාදේ ඇනෝ
Deleteපාසල් සමය... අර සිංදුවකුත් තියන්නේ "සුලගේ ලෙලෙනා" කියල.. කොච්චර කාලයක් ගිහිල්ල වුනත් ඒ කාලේ ගුරුවරයෙක් දැක්කම අදටත් මං ශිෂ්‍යයෙක් වෙනවා ඉබේම.
ReplyDeleteඅනිවා ,අපි කොච්චර ලොකු උනත් ගුරුවරයෙක් ඉස්සරහා ශිෂ්‍යයෙක් වෙනවා ඉබේම.හැබැයි සමහරුන්ට ඔය දෙවල් මතක නෑ .....
Deleteසමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙනවාට වඩා වේගෙන් කාලය ගිහින් ,එත් අපිට එක දැනිලා නෑ
ReplyDeleteඑක නම් ඇත්ත ,අපි වැඩිය කැමති නෑ එ කාලය ගෙවිලා කියලා දැනෙනවාට (මම කියන්නෙ සුන්දර දෙවල් )අපි ආසයි ඒ දෙවල් වල තව තව ඉන්න
Delete