මේ කතාව ලියන්නට හෙතුව මා කුඩා කල සිට දුටු තිත්ත ඇත්තක බිදුවක් බ්ලොගියට මුදා හැරිමයි බ්ලොග් කියවන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම බඩඉරිඟු රසබලා අති බවට සැකයක් නැත.ඇතැම් විට බඩ ඉරිගු කරලක් රුපියල් 10 සිට 20 ,30 දක්වා මුදල කට ඔබ මිලදී ගන්න ඇත.
බොහො ලොකු යන වාහන වලින් ලොකුම ලොකුයි කියලා හිතන ,ඉන්ගිරිසි මරණ අයවලුන් පවා යන ගමන් අතරතුර පාර අයිනේ පොඩි මැස්සකින් ඉරිඟු කරලක් කන්නට මැලි වන්නෙ නැත .එහෙත් ඔවුන් කොච්චර සල්ලි තිබුණත් මට මතක ඇති කාලයක ඉරිඟු කරලක් ඉල්ලන්නේම කියන ගනනට වඩා අඩු මුදලකට ය .ඒ ඔවුන් ඉරිඟු කරලක් මැස්සකට එනතුරු කතාව නොදන්නා නිසා වන්නට ඇත .එසේ නම් ඒ කතාවයි මේ ..
සමාන්‍යයෙන් බඩඉරිඟු කරලක් නෙලිමට මාස 3 1/2 පමණ කාලයක් ගත වේ .ඒ කාලය තුල වගා කරන මිනිසුන් විදින්නෙ අප්‍රමාණ කරදර ප්‍රමාණයකි .සීසැමේ සිටම විශාල වශයෙන් මුදල් යට කල යුතුය .ඒ සඳහා බොහොවිට ඉරිඟු කඩා මුදල් ලබාදෙන පොරොන්දු මත වැඩ සිදු වේ(අක්කරයක් සදහා රුපියල්-3000/4000 අතර ) .ඉන් පසු පැල සදහා පොහොර දැමිම හා පස් එක් කිරිම කල යුතුය .
බොහො විට නිවසේ සිට බොහො දුර පැල් වල ඔවුන් මේ මාස 3/4ක කාලය ගත කරයි . ඒ කාලයට දරුවන් නිවෙස් වල තනියම කාලය ගත කරයි .ඉරිඟු පැසි එන කාලයට වල් අලින්ගෙන් කරදර නම් එමටට ,රෑ නොනි දා හෙන සතර කොන හූ කියමින් යා යුතුය.නැත්නම් සතෙක් හෙන පාළු කර දමා යා හැකිය .'''අනේ අර බලන්න අර තිරිසන් මිනිස්සු අලියෙක්ට වෙඩි තියලා මරා දලා'''''' ඔය සෙයිලමේ ඇයෝ රුප පෙට්ටියේන් බලා කියන හැටිය.ඒ දන්නා තරම ය .හෙනේ පැල කියන්නෙ ඔය පින්තුර වලින් දකිනා වගේ සුන්දර නැත.පිට ලෑලි දැමු මැස්සක් උඩ මාස 3 1/2-4 ක් හිදිම කල යුතුය.
ඉරිඟු ඇතැමුන් අමුවෙන්ම කඩා විකුණයි ,ඒ රුපියල් 3-5 දක්වා මුදලකට ය .තවත් සමහරු ඉරිඟු වෙලිම සිදු කරයි .වෙලන්න යන්ත්‍ර නැත අවූවේ දමා වෙලිම සිදු කරයි .වෙලිම ද ක්‍රම දෙකක් යටතේ සිදු වේ ,ඇතැමුන් හෙන් වලම බොහෝ විට ගල් තලා මත ඇට ගලවා වෙලිම සිදු කරයි.ඒ ගල් තලාව මත සතර කොණ ගිනිමැල ගසා රැ හිද අරක්ෂා කල යුතුය.අමු ඉරිඟු කඩා ඉතුරු වූ ප්‍රමාණය උක්ත රුපයේ අකාරයට වෙලා ඇට කරයි . බුතයා වැනි යන්ත්‍රයක් අධාරයෙන් හෝ අතින්ම ඇට වෙන් කිරිම සිදු කරයි .සමාන්‍යයෙන් දෙමුහුන් ඉරිගු ඇට වගා කිරිමෙන් හෙක්ටයාර එකකින් ටොන්5/ 6ක් පමණ ලබාගත හැකිය .ඇට කිලෝවක් රුපියල් 25/30 දක්වා අලෙවි වෙයි . වේළු ඉරිඟු ඇට වැඩි ප්‍රමාණයක් සත්ව ආහාර සදහා භාවිතා කරයි .අනෙක් එවා අපනයනය හා අතිරේක ආහර වර්ග සඳහා යොදා ගනි.
කතාව සරලව මෙසේය.දැන් අපේ රට ඉරිඟු වලින්ද ස්වයංපෝෂිත වි ඇති බවට බොහෝ කතා ඇසේ .නමුත් ප්‍රශ්න නම් එදා සිටම මගේ මිනිස්සු පැලේ ය .එනව කියන එක තවම ඇවිත් නැතිය .තවම ගොම පොලව වෙනුවට සිමෙන්ති ටිකක් දා ගන්න ආර්ථික සවි වී නොමැත.මේ ඉන්නා ගෙවල් වල ඉන්නා කොල්ලො -කෙල්ලොට ඇත්තේ ද ඔය ලොක්කන් ගේ දරුවන්ට මෙන් ලොකු ලොකු වහන ගන්න ,පාටි දන්න ,කෙල්ලො වට කරන් ඉන්න වගේ දෙවල් නොවෙය .අඩුම තරමින් රැකියාවක් කරන්නට අධ්‍යපනය ලබා ගන්න ටය.ගොවියා රජ කරනවා කවදා ද ?අපේ රටේ ගොවියාට කවදා යහපත් අනාගතයක් එවිද යන්න සැක සහිතය .මන්ද මෙ සදහා රජ්‍ය මැදිහත් විම අවම මට්ටමේ ය.තව කියන්න දේවල් ඇතිමුත් තවත් ලිපිය දිර්ඝ කිරිම වැඩක් නැතිය .මේ කතා නිසා පරණ කාඩ් වැදින්න පුළුවන,තව ද උබ දැන් අපිට කරන්න කියන්නෙ මොකක්ද?දැන් උබට පන් ද කියා අසන්න එපා ය .
ප.ලි
ඉරිඟු වල කතාව මෙසෙය ..සබැඳි ලිපි ඇත්නම් එක් කරන්න ..
වනබ්ම් කරා ගොවිබිම් රැගෙන යාමට මා විරුද්ධය..
ReplyDeleteදේශක ඔබ ඔන්න පටලා ගෙන ...කතාව තෙරුම් ගන්න බලන්න
Delete//'''අනේ අර බලන්න අර තිරිසන් මිනිස්සු අලියෙක්ට වෙඩි තියලා මරා දලා'''''' ඔය සෙයිලමේ ඇයෝ රුප පෙට්ටියේන් බලා කියන හැටිය.ඒ දන්නා තරම ය .//
Deleteඔය ගමේ ඈයෝ දන්න තරමය.
වනබ්ම් කරා ගොවිබිම් රැගෙන යාමට මා විරුද්ධය..////
Deleteඔබත් එක්තරා කොටුවක සිරවී ඇති බව පෙනේ .මෙහෙමයි ගොවිබිම් වනබිම් කරා යැමක් මෙතන නෑ .වෙන්නෙ අලින් ගෙන් අරක්ෂා වෙන්න නිසි ක්‍රමයක් නැ ,නතුව මම මේ කියන්නෙ අලි මරන්න නෙවෙයි,අලි මරන හෙතුවයි ...
ඔය ගමේ ඈයෝ දන්න තරමය.////
ඔබ මේ කතාව කියන්නෙ මොන පදනමේ සිට ද ?මම ඔය සමාජ තල දෙක අතර දෝලනය වන කෙනෙකි ඒ අත්දැකීම් උඩ කියන්නෙ,ඇත්ත තත්ත්වය දකින්නෙ නැතුව මොකුත් කියන්න එපා ...
මේ ගැන මමත් දෙයක් කියන්නම්. මම ඉන්නෙත් හේන් වගා බහුලව සිදු කරන පැත්තක. සියඹලාණ්ඩුවේ..
Deleteසමහර මිනිස්සු තණ්හාව වැඩි කමට ( නැති බැරි කමටම කියන්න අමාරුයි) කැලෑව විශාල වශයෙන් එළි කරනවා. එහෙම වුණාම අලින්ගෙන් පාඩු වෙන එක වලක්වන්න අමාරුයි තමයි. ඉතින් එහෙම වුණා කියලා අලි මරන එක හරි දෙයක් නෙවෙයි.
කොටින්ම කියනවා නම් අපි අලින්ගේ භූමි ආක්‍රමණය කරලා මිසක් උන් අපේ භූමි ආක්‍රමණය කරලා නෙවෙයි නේ..
(මද කිපුණු අලි හැර)
මම කොතන හරි කියලා තියෙනවාද අලි මරන්න කියලා ,,,,
Deleteමෙහෙමයි රන්දුනු මම කියන්නෙ අලි හා ගොවින් වෙන් කරලා තියන ක්‍රමවේදයක් නෑ ,ඔබේ කතාව 100%ඇත්ත කොටියාගල වගේ මහා කැලෑ විනාශ වුනේ මිනිස්සුන් ගේ තණ්හාව වැඩි කමට ඒ ගැන මගේ තර්කයක් නෑ .මම කියන්නෙ ගොවියන්ට වානිජ වගාව පුරුදු කරන්න ඕන ,එතකොට ඔය අක්කර 10ක අදායම එක අක්කරේකින් ගන්න පුලුවන් ,එත්කොට වන විනාශය සිමා වෙනවා තවම රාජ්‍ය මැදිහත් විම මේ සදහා අඩු යි ..
බඩ ඉරිඟු කනවා වගේම දුකක් නේ ඒ මිනිස්සු මේවා හදන්නත් විඳින්නේ. ලංකාවේ ගොවියා කවදා රජ වෙයිද මන්දා...
ReplyDeleteඇත්ත මාතලන් ,අපේ මිනිස්සු හැමදාම තමන් ගේ වගාවට තමන් ගේ ජිවිතයම යට කරනවා එත් හැමදාමත් එකම තැන .කොතන හරි වරැද්දක් තියෙනවා ..
Deleteලංකාවේ ගොවියා කවදා රජ වෙයිද මන්දා...//////
මටත් මේ ප්‍රශ්නෙ තියෙනවා ...
මේ පොස්ට් එක කියෙව්වෙ උණු උණු බඩඉරුගුවක් කන ගමන්. අද නිවාඩු උනාට ක්ශේත්‍ර රාජකාරියකට ගියා අක්කර 6ක් විතර බඩඉරිගු වගා කරන ගෙවිලියකට වගා ලිදක් අනුමත කරන්න. කෘශිකර්ම අමාත්ය0ශයෙන් වානිජ ගොවිපල වැඩසටහන යටතෙ රු, 1,50 /= දෙනව වගා ලිදක් බැදගන්ඩ. අනුරාදපුරේ පැත්තෙ ගිහින් බැලුවොත් මේ දවස් වල වතුර ගැටලුවත් එක්ක වී වගාව අඩුයි ,බඩඉරිගු තමා යායවල් හදල තියෙන්නෙ, මිනිස්සුත් මහන්සි වෙනව මදි නොකියන්ඩ,. වගා ලින් ඉල්ලනව හිටු කියල ලින කපාගන බැදගන්න. පෙනේරයක් වෙන තරමට වගා පින්.කොහෙ කියල දීල ඉවර කරනන්ද රයජ උනත්, කීපදෙනාටයි හම්බෙන්නෙ ඉතින්. ගොඩක් අය බීජ වලට විකුනනව. අමු කරල් දෙන එක පාඩුයි කියල තමා කිවෙ, නැත්තම් මරල 3- 4 කාටතම ඉල්ලන්නෙ,
ReplyDeleteනදි
Deleteඔබෙ කතාව ඇත්තටම මගේ පොස්ටුවේ අඩුවක් පිරෙව්වා .මමත් ලංකාවේ ගොඩක් ගොවින් වගා කරන හැටි දැකලා තියෙනවා .මම අනුරාධපුර ප්‍රදේශයේ වගාවන් දැකලා තියෙනවා .මේ මිනිස්සු ජිවිතේ වතුර බින්දුවේ ඉදලා මාර කට්ටක් කන්නෙ .ඔබ ප්‍රයෝගිකව මේ තුල ඉන්න කෙනෙක් වගෙයි.ඒ ගැන සතුටුයි.ඔබ දකින්න ඇති කියලා මම හිතනවා ඔවුන් ගේ ජිවිත මේ වගා වලටම දිය වෙන තරම ..
දේශීය බීජ වගා කරන අයට බීජ වේලන්න කමත් ඉදිකරන්නත් මේ වගෙ මුදලක් දෙනව.
ReplyDeleteමම නම් පෞද්ගලිකව මේ අධාර දෙන වැඩ වලට වැඩිය කැමැත්තක් නෑ .රජයෙන් කරන්න ඕනි ගොවියා වානිජ කෘෂිකර්මයට අවශ්‍ය වටපිටාවක් සදා දෙන එක ,නැතුව හැමදාමත් අධාර දෙන එකෙන් විතරක් මේ ගොවින් ගේ ජිවිතය හොද තත්ත්වයකට ගෙන්න අමාරුයි .හැබැයි අපේ මිනිස්සුත් දෙන දෙන් දියුණු වෙන්න දැන ගන්න ඕනි .
Deleteඔබ මේ තුල සේවය කරන කෙනෙකු වශයෙන් කල අදහස් දැක්විම ඇත්තම වටිනවා .
අපේ රටේ ගොඩක් ක්ෂේත්‍ර වල තියෙන ගැටළුවක් තමා ඕක. නිසි දේට නිසි වටිනා කමක් නොලැබීම.
ReplyDelete100% ඇත්ත ප්‍රියා මේ මිනිස්සු දහදුක් විදින්නෙ කවදාහරි හරි සැපක් විදින්න ඒ වුණාට හැමදාමත් එකම තැන ,කොතන හරි වැරැද්දක් තියෙනවා ..
Deleteමඩ හෝද ගත්තම ගොවියා රජෙක් කියලා කියන්නෙ පොත්වල විතරයි බං.නැත්නම් දේශපාලන රැස්වීම්වලදි තමයි ඕවා ඇහෙන්නෙ.ඔන්න ඕකයි මට මතක් උනේ මේක කියවලා
ReplyDeleteකියලා වැඩක් නෑ මල් ,හැමදාම ඇහෙනවා අරවා කරා මෙවා කරා කියලා ,හැබැයි ගොවින්ගේ ජිවිත දන්න දවසේ ඉදලා දියුණුවක් නෑ ,
Deleteඅලි මිනිස් ගැටුම මේ කපේදිනම් ඉවරවෙන පාටක් නොමැත..චන්දයක් කිට්ටු වෙන්න යනකොට අහින්සක මිනිස්සු රවටා චන්දය ලබාගැනීම මොවුන්ගේ අරමුණ වී තිබේ..
ReplyDeleteඅලි මිනිස් ගැටුම මේ කපේදිනම් ඉවරවෙන පාටක් නොමැත..///
Deleteඇත්ත උමේෂ් හැමදාමත් මේ මිනිස්සු ගේ ජන්දය බලාගෙන කෑ ගහන අය පැත්තක වත් නෑ .මේ දේ ඉවර කරන්න පුලුවන් එත් ඉවර කරන්න කාටවත් ඕන නෑ ,මොකද AC කාමර වලට අලි ගහන්නෙ නෑනේ .එහෙම වුනොත් ඇස් ඇරෙයි
මහා පරිමාණයෙන් බඩඉරිඟු වගා කරන සමාගම් වලට විතරයි ඔක්කොම සැළකිලි. උන් ටික එළවලා දේශීය ගොවියාටම මේ ආර්ථික බෝග වගාව බාරදෙන්න ක්‍රමයක් නැද්ද?
ReplyDeleteවිචාරක තුමාව පිලි ගන්නවා මුලින්ම ..
Deleteඔබ මේ කතාව වෙනස්ම අකාරයකට ග්‍රහනය කරගෙන ,ඔබේ කතාව ඇත්ත බිජ විකිනිම , බිජ මිලදී ගැනිමේ සිට මහා පරිමාණ සමාගම් ලොකු බලපැමක් කරනවා ,ගොවියාට එ තුලින් ලොකු පිඩනයක් එල්ල වෙලා .රජයක් ලෙස අධාර දෙන වැඩපිළිවෙළවල් වලට වඩා නිසි ක්‍රමවෙදක් මේ වගා කෙරෙහි ක්‍රියාත්මක කරනවානම් හොදයි (ඒ තුල පෞද්ගලික අන්ශය තියෙන්න ඕන මම හිතන්නෙ නැත්නම් ඒ බදු බරත් ගොවින් මතම තමා )
බොහොම හොඳ ලිපියක්. රස කර කර කෑවට ගොඩක් දෙනෙක් දන්නෙ නෑ මේවා නිශ්පාදනය කරන්න තියෙන අමාරුව....
ReplyDeleteරස කර කර කෑවට ගොඩක් දෙනෙක් දන්නෙ නෑ මේවා නිශ්පාදනය කරන්න තියෙන අමාරුව..////
Deleteමම හිතන්නෙ මේ බ්ලොග් ලියන ඇතැම් අය දන්නෙ නෑ ,ඒ ජිවිත ගැන
ඉරිඟු කරලක් වෙනුවෙන් ගොවියෙක් කොයි තරම් මහන්සි වෙනවාද?එත් අවසානයේ ......
ලංකාවේ කොයි ගොවියත් මේ වගේම දුකක් විඳිනවනේ ඉදගෙන..
ReplyDeleteඉදගෙන ලෙඩේ බෝ වෙලා වගේ හැක් හැක් ..
Deleteඒ දුක් විදින තරමට හරි අදායමක් නෑනේ දිනෙශ් තවමත් ,
ශ්‍රීලංකාවේ ගොවියාගේ සැබෑ තත්වය...........
ReplyDeleteරට ස්වයංපෝෂිත වුනාට ගොවි පවුල් ස්වයංපෝෂිත නොවීමේ රහස දන්නේ අතර මැදියා සහ තොග වෙළෙන්දා පමණයි. සෑම වගාවකම තත්වය ඕක වෙන්න ඇති ගංජා හැර.
ගංජා හැර.////හෙක් හෙක් අන්න නියම කතාව +++++++++++++
Deleteඔබ කියන දේ සහතික ඇත්ත අතර මැදියා මේ දෙවල් කරන්නෙ හරි වැඩ පිලිවෙලක් නැති නිසයි ..
වෙලාවකට හිතෙනවා අවධානමක් අරගෙන මිනිස්සු ගංජා වවන එක හරි කියලා ,එත් මොන දෙත් හරි ක්‍රමයක් තිබුණා නම් මම කියන්නෙ ගංජා වුණත්...
මහියංගණය වගේ පැති වල කුඹුරු වලත් ගොඩාක් දුරට වගා කරන්නේ බඩ ඉරිඟු. ඒ පැත්තේ ඉන්න කාලේ දැක්කේ. හරියට වතුර ටිකවත් නැතුව ගොඩාක් අමාරුවෙන් කරන්නේ
ReplyDeleteඔව් යක්ෂයා එත් එහෙම කරන දෙට හරි වටිනාකමක් ලැබෙනවා ද කියන ගැටලුව තියෙනවා .රට ස්වයංපෝෂිත වුනාට ගොවි පවුල් ස්වයංපෝෂිත වෙලා නෑ තවම .
Deleteබඩ ඉරිඟු අප්‍රිකාවේ ප්‍රධාන ආහාරයයි. සැම්බියාවේ අප ජීවත්වූ කාලයේ බොහෝ විට කෑවේ බඩ ඉරිඟු තලපයි. එය ඉතාම ශක්තිජනක ආහාරයක්. වෙහෙස මහන්සියෙන් අපට ලැබෙන මේ බඩ ඉරිඟු අපේ දරුවන්ට ඉතා යෝග්‍ය ආහරයක්. සහල් සමඟ නිතර මේ බඩ ඉරිඟු ආහරයට එක් කර ගන්නවා නම් අපේ දරුවන් මන්ද පෝෂණයෙන් මිදේවි. අවාසනාවකට ලංකාවේ බඩ ඉරිඟු පිටි ඉතාම දුර්ලබයි. මෙහි වටිනාකම දන්නේ නම් ඔවුන් පිටිකර විකුණනු නියතයි. බොහෝ පිං මේ ලිපියට.
ReplyDeleteඔබෙ අදහස් හැක්විම මා හට අලුත් උත්ජෙදනක් ලැබිණ.මම මේ කතා කරේ මගේ මිනිස්සු ගැනය ,මා උපන් දා සිට දැක ඇති පරිසරය ගැනය ,
Deleteබොහෝ විට කෑවේ බඩ ඉරිඟු තලපයි.////
තවමත් අපේ ගම් වල නම් කුරහන් හා බඩ ඉරිගු තලප ආහාරයට එක් කර ගනි ,අවාසනාවට සමහරු තිරිඟු පිටි මතම යැපෙන නිසා අපේ දේ අමතකව ගොස්ය ,අනෙක් කරනය තලප නම් සදා ගන්න බොහෝ අය දන්නෙ නැත ,කෙසේ නමුදු බඩ ඉරිඟු ඉතාම ශරීරයට හිතකර කැමකි .සමාන්‍යයෙන් බඩ ඉරිඟු ග්‍රෑම් 100ක කිලෝ කැලරි 365ක් පමණ ඇති බව කියයි .
සහොදර තාම අප්ඩේට් වී නැත.. දැන් ඇත්තේ හයිබ්‍රිඩ් බීජය... ඒවාට මාස තුනක් අනවැසිය... දින 60 උපරිම කාලයයි.. නැත්නම් 45යි.. බඩු බනිස්ය
ReplyDeleteවන බිම් ගොවි බිම් කතාවට මා කිසිත් නොකියන්නේ අපද ගොවියන් බැවිනි.. රෑප පෙට්ටියෙන් බලා කවුරු මොනා කීවත් ඒ කටු අප දනී.. කෙනෙක් අලියෙක්ට හරි වෙනත් සතෙක්ට වෙඩි තියන්නේ ආසාවට නෙමේය.. කරන්න දෙයක් නැතිම තැනය.. මා ඒ වග ඉදුරාම කියමි... ඊට වඩා කිසිත් නොකියන්නේ බොරු සත්ත හිමිකං කාරයෝ කේ එෆ් සී එකේ ඇතුලේ ඉදං උඩු බුරලන හින්දාය
සහොදර තාම අප්ඩේට් වී නැත..
Deleteඔබ හිතන්නෙ එසේ ද?
මා මුලිකවම කතා කරේ බඩ ඉරිගු වගාවේ මධ්‍යස්ථය ගැන සිතා ය .සමාන්‍යයෙන් හයිබ්‍රිඩ් බඩ ඉරිඟු කිරි ඉරිඟු ලෙස කැඩිමට දින 68-75ක් අතර කාලයක් යන අතර වියලී කැඩිමට දින 100ත් 120ත් අතර කාලයක් ගතවේ .ඔය කතා ගොවි බිමෙදි බොහෝ විට වෙනස් වේ .
දැන් ඇත්තේ හයිබ්‍රිඩ් බීජය.///
මෙන්න ඔය හයිබ්‍රිඩ් කතාන්දරය...
මුලින්ම 1995 දි පමණ කාලයෙදි ඔය බිජ ගෙන්විම අරම්භ කලා ,මුලින්ම පැසිපික් 11,පසුව පැසිපික් 984 ,ඊට පස්සෙ සම්පත් කියන ප්‍රභේදය 2004 දි ගෙනාවා...දැන් වෙනකොට දෙකැල් ,රම්බො ,වගේ එවත් තියෙනවා ,ඔය හැම බිජ ජාතියක්ම ගෙන්නන්නේ ඉන්දියාව ,තායිලන්තය ,ඉන්දුනීසි යාවවගේ රටවල් වලින් ගොඩක් විස්තර ඕන නෑ කියලා හිතනවා ,
කෙනෙක් අලියෙක්ට හරි වෙනත් සතෙක්ට වෙඩි තියන්නේ ආසාවට නෙමේය/////
මෙන්න මේ කතාවට නම් ඔබ සමග 100%ක් එකඟයි මොකද මිනිස්සු අලින්ව දඩයම් කරන්නෙ නෑ ,කරන්න දෙයක් නැති කමට කරනවා ,ඒ දේ විදින්න නැතුව කෙනෙකුට තෙරුම් ගන්න අමාරුයි ..
බඩ ඉරිඟු කෑවට පිටිපස්සේ තියා යෙන කතාව දැනගත්තේ අදයි ? හැම දෙකම පසුබිම එච්චර සුන්දර නෑ නේද සහෝදර
ReplyDeleteබඩ ඉරිඟු කෑවට පිටිපස්සේ තියා යෙන කතාව දැනගත්තේ අදයි ?////බ්ලොග් කරන ගොඩක් අය මේ තැන ඉන්නෙ කියලා මට හිතෙනවා කමෙන්ටු දැක්කාම ..
Deleteඉවාන් අයියේ කතාවේ බර අඩු කරලා සරලව ලිව්වෙ ,ඇත්තටම හැමදේකම පසුබිම එච්චර සුන්දර නෑ
ඔව්, මමත් මෙච්චර දුරට හිතුවේනම් නෑ තමයි. ඔය බඩ ඉරිඟුවලට කෘමිනාශක, දිලීර නාශක ගහන්නේ නැද්ද?
ReplyDeleteහැමොම ඔය ගැන දන්නවා අඩුයි ...බඩ ඉරිඟු වලට පොහොර නම් දානවා ,කෘමිනාශක එහෙම භාවිතා කරනවා නැති තරම් ,දිලීර නාශකත් එහෙම තමා ...
Deletekarabük
ReplyDeletetunceli
ardahan
giresun
ordu
KH0L
yurtdışı kargo
ReplyDeleteresimli magnet
instagram takipçi satın al
yurtdışı kargo
sms onay
dijital kartvizit
dijital kartvizit
https://nobetci-eczane.org/
5NVS2İ
salt likit
ReplyDeletesalt likit
dr mood likit
big boss likit
dl likit
dark likit
66EO