මම ගිය අවුරුද්ද ඉවර වෙනකන් මගේ පෞද්ගලික කතා කිම අඩු කරා එත් දැන් අලුත් අවුරුද්දක් ඉතින් මගේ කතාවක් කියන්න හිතුණා..
මේක මගේම කතාවක් ය. වෙන අය ගේ කතා දමා බැණුම් අහන ලෙඩේ මට දැන් ටිකක් හොඳයි වගේ ය .පණ්ඩිත කතා කීම ද පොඩ්ඩක් අඩු කරොත් හොඳයි වගේ ය .
හැමොම අයිසින් කේක් කා ඇතිය.මට මේ අයිසින් කේක් කතාව මතක් උනේ දේශක තුමාගේ කතාවක් දැකලා ය .දේශක නම් තමන්ගේ පොඩි පුතාට ඔලුව අත ගා හොදින් කියලා දෙන තාත්තා කෙනෙකි .මට ඒ කතාව බොක්ක පසාරු කරගෙන ගියා වැනිය .
මම බොහෝ වෙලාවට ඔමා අක්කා ගේ පොඩි කාලයේ කතා වලට කමෙන්ටු දැමීමෙ දි තරමක් තරහින් වගේ ඇයි ද කියා මැලේ රාළ වරක් අසා තිබිණ.ඒවාට දෙන්නට උත්තර මා සතුව නැත.උත්තර නැති මම ඒ පැත්තෙ කමෙන්ටු දැමිම අඩු කලාය .
දැන් කියන්නෙ සහෝදර පොඩි එකා සන්දියේ අයිසින් කේක් කාපු විදිහය .මේ විදිහට කේක් කවුරුත් කාලා නැතුව ඇති .ඔන්න මම හිතන්නෙ 1999 විතර කොහොම හරි එ වගේ මතක මම පට්ට පොඩි එකා ඒ වුණාට වයසට වඩා පේරෙත කම තිබුණා. ඒ කාලේ ගෙදරට අයිසින් නෙවෙයි නිකන් කේක් ගෙඩියක් ගෙනවා කියන්නෙත් මගුල් වගේ තමයි .කොහොම හරි ඔහොම කාලෙක අපේ ගෙදරට කවුරු හරි පොරක් ඔය අයිසින් කේක් කියන එකක් ගෙනාවා .මට නම් මතක් නෑ කවුද කියලා .
මට ඉතිං ඔය කේක් එකින් කැල්ලක් කාලා බලන කන් නින්ද නෑ .ඇයි දෙයියනේ මේවා කන්න එහෙම හම්බ වෙන එවා නෙවෙයි නේ .කොහොම හරි ඔය කේක් එක අල්මාරිය උඩ තියලා කියලා මගේ ඉවට වැටහුණා ,වැටහුණා නෙවෙයි ඇත්තම කිව්වොත් හොයා ගත්තා ඇයි මෙක කනකන් නින්ද යන්නෙ නෑ නෙව .
එත් අල්මාරිය අඩි 6ක් විතර උසයි ගන්න බෑ .මම කොටා ඒ කාලේ දැනට කියලා ඒ වගේම තමයි .කොහොම හරි පුටුවක් තියලා එතන තිබුණු මේසයකට නැගලා මේස් උඩ ඉදන් අත ඉස්සුවම කේක් පෙට්ටිය ඇතුලට අත දා ගන්න පුලුවන් උනා ,අත දැම්ම ගමන් අතේ අයිසින් ,ලෙව කැවා අම්මෝ රස කියලා වැඩක් නෑ .මම ඉතිං සතියක් විතර ඔය විදිහට අයිසින් කැවා අත දිග ප්‍රමාණයට .කොහොම හරි දවසක් ඔය සින් එක අම්මාට මට්ටු උණා ,මොකද අයිසින් කට වටේ ගැවිලා තිබුණා අම්මා දැක්කා .
අම්මා කිසිම කතාවක් නෑ මාව එක්කර ගත්තා කේක් ගෙඩියත් ගත්තා,අප්පට සිරි කපුටො අයිසින් කේක් කාලා වගේ ,මව අතින් අල්ලාගෙන ගෙදර පිටිපස්ස දොර ගාව බිම වාඩි කරා කෑවේ නැත්නම් ගුටි පුජාව කිව්වා .කොට්ටක් අතේ ලෙල දෙනවා .මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑලු වගේ තමයි .මම මර හඬ දෙනවා .ගුටි කන්න බයට ,නැතුව මේ කේක් ගෙඩිය කන්න බැරි කමට නම් නෙවෙයි .
කොහොම හරි මගේ වාසනාවට අපේ ගෙවල් ලඟ අච්චී ගේ ගෙදර තිබුණේ(තාත්තා ගේ මහා ගෙදර)මගේ මර හඬට අච්චි දුවගෙන අවා ,ඇවිත් ඇහුවා උඹ මේ කොල්ලව මරණ්න ද හදන්නෙ කියලා මගේ ඇගට ඔන්න ලේ ටිකක් ඉනුවා මම දන්නවා අච්චී ඉන්න තැන අම්මා කවදාවත් අත උස්සන්නේ නෑ කියලා ,මගේ හඩ ඉවරයි මම බිම වාඩිවෙලා ඔය කතා අස්සෙ කේක් ගෙඩියට වග කියන්න පටන් ගත්තා .මට ඔය කතා වැඩක් නෑ ,ඔය කතා මට මොකටද?
ඔය කතා ඔහොම යන කොට තාත්තා අවා මම කේක් ගෙඩියෙන් භාගයක් කාලා ,කොහොමද වැඩේ ?තාත්තා ඇවිත් කේක් ගෙඩිය විසි කරා ,නැත්නම් මම කේක් ගෙඩියම කාලා තමා නැගිටින්නේ එත් මට හිතුණේ අපරාදෙ කේක් ගෙඩිය කියලා .ඔය දවස් වල අයිසින් කේක් ගෙඩියක් රුපියල් 110 ක් විතර මට මතක තරමට .
ඔන්න මම මතක් හිට්න්න කේක් කෑව දවස ,තව කතා තියෙනවා කැම වලටම අඩපු .කොටින්ම පොඩි කාලේ ගැන කියන්න ඕන තරම් දේවල් තියෙනවා .
ප.ලි
මේ කතාව කියවා සමහරුන්ට හිනා යන්නට පුලුවන ,හිනා වුවාට කම් නැත නමුත් සත්‍ය කතාවක් මෙක .මට නම් මේ කතා වේ හිනා යන්න කිසිම දේයක් නැත ,මට ඇත්තේ අඩම්භරයකි මන්ද දැන් කේක් කන්න අතේ පිච්චීය ඇති නිසා ය .
ප.ප.ලි
කමෙන්ටු වලට උත්තර දිමට ප්‍රමාද විම ගැන සමාව අයදිමී ...
අපේ අම්මා නං ඒ දවස් වල කව්රු හෝ දෙයක් ගෙනාවොත් අපිට කන්න දෙන්නේය. ඒද ආච්චිගේ බැනුං අහමිනි. කව්රු හරි අමුත්තෙක් ආවොත් මොනවැයි ඉතිං දෙන්නේ කියා ඇය විස්සොප වෙයි. අම්මාට වගේ වගක් නැත. කේක් ගෙඩියම අටට කපා කන විට ආච්චි ද ලොඹු කටින් එය ගිල දමයි. ඒ නිසා කිසි ලෙසකින් වත් කෑම ගැන ආසාවක් තිබුනේ නැත. එහෙත් සොසේජස් වලට තිබු පෙරේත කම අම්මා සමුගන්නා තෙක්ම මාගෙන් නික්මුනේද නැත. එය තවමත් එසේමය. අනෙක නං ජම්බෝ පීනට්ය. බොන්න යනවා නං එක්කෝ උං ස්පෙෂල් කියා මට එයින් එකක් ගන්නේය. නැතහොත් මම එකක් මොන ස්ටාර් හොටලයට ගියත් සාක්කුවේ දමාගෙන යන්නේය.. හැක්..
ReplyDeleteඅපේ අම්මාත් වැරදි නෑ දේශක තුමා අම්මා කේක් ගෙඩිය අරන් තිබුණේ මට මතක් විදිහට අවුරුදු දා මේසයට තියන්න ,ඉතිං එක මම කාලා. .මොනවා කරන්න ද ?මම සොසේජස් දකින කොට 7හෝ 8 වසරෙ ,මොකද ඕවා ගන්න තරම් දන්නෙ නෑ ඒ වගේම අපිට ඒ කාලේ සල්ලිත් නෑ ,ටවුමේ කඩෙක තමයි ඔවා තිබුණේ .දැනටත් ඒ නිසාම වෙන්න ඇති වැඩිය ඔය කැම ජාති කන්න දන්නෙ නෑ .
Deleteඅඩෝ ඔය සීන් එකම මටත් වෙලා තියෙනවා බන්. හැබැයි එදා මම ගෙදරට ආපු මිනිස්සු ඉස්සරහම කේක් ඉල්ලලා පොලොවෙ පස් කාලා හෙන තොවිලයක් නැටුවා. අන්තිමේ ගුටිත් කාලා කේකුත් කෑවා. හැබැයි සම්පූර්ණ කේක් ගෙඩියම කන්න මම වාසනාවන්ත උනා සහෝ.
ReplyDeleteප්‍රියා මට සම්පූර්ණයෙන්ම කේක් ගෙඩියම කන්න තරම් ලොකු නෑ එත් මගේ පෙරෙත කම නිසා වාඩි වෙලා කන්න හැදුවේ කේක් ගෙඩියම .මම හිතන්නෙ වයස අවු 7/8 ක් විතර ඇති ,ඇත්තටම කේක් ගෙඩියම කැවා නම් ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙනවා මාව .
Deleteඒ කතාවත් වෙලාවක දාන්නකෝ චතුරංග අයියෙ
Deleteප්‍රියා අනිවාර්යයෙන් ඒ කතාව දාන්න ...ඔය වගේ දෙවල් දැන් මතක් වෙන කොටත් හිතා ගන්න බෑ .
Delete///.එයට උත්තර නැති මම ඒ පැත්තෙ කමෙන්ටු දැමිම අඩු කලාය .// සහෝදර මේ වාක්‍යයේ දෝෂයක් ඇති බව පෙනෙයි .
ReplyDeleteහරි දැන් බලන්න ,
Deleteඔමා අක්කෙ ඔබ ගැන වෙනම් පොස්ටුවක් හරි නම් මා ලිවිය යුතුය,මක් නිසා ද යත් ඉබාගාතේ බ්ලොග් අටවමින් සිටි මාගේ අඩුපාඩු පෙන්වා දුන්නෙ ඔබය .දැනුත් ඔබ ඒ කාර්යය කරයි.ඔමා අක්කෙ මට මුල අමතක නැත ....
ස්තුතියි....
දිගටම ලියන්න මල්ලි ...අපිට වඩා දක්ෂයෙක් ඔයා .
Deleteඋඹේ ලියවිල්ලේ අමුතු පැත්තක් ඇතිබව පේනවා .දිගටම ලියන්න පරද්දක් දැක්කොත් පෙන්නලා දෙන්න ප්‍රවීණයෝ ඕන තරම් ඉන්නවා.
ReplyDeleteස්තුතියි කෙන්ජි මාමේ .
Deleteමම තවම හැදෙන්න දඟලන්නෙ ,කවුරුත් තවම බැනලා නම් නෑ අඩුපාඩු පෙන්නලා දෙනවා, එක ඇත්තටම මට සතුටු වෙන්න පුලුවන් දෙයක්
උබ හරිම අවංක අව්‍යාජ කෙනෙක් බං....
ReplyDeleteමෙහෙමයි මල් මම අවංක අව්‍යාජ කෙනෙක් ද කියලා කියන එක ගැන මම නිහතමානීව සතුටු වෙනවා .
Deleteඅනික මේ මගේ ජීවිතේ ඇත්ත කතා, මම ලැජ්ජ නෑ මෙවා කියන්න .
අපෙත් පොඩි කාලේ අක්කයි අයියයි ඔහොම දෙයක් කරලා දෙන්නට කේක් දෙකක් ගෙනත් දීලා එක එක කාපිය කියලා.. හොද වෙලාවට මම අහු වුනේ නෑ ඒ කාලේ..
ReplyDeleteඅපරාදෙ හිටියා නම් කේක් කන්න තිබුණා මදි නොකියන්න ...ඔය වගේ සින් සමහර වෙලාවට ජීවිතෙට එන්නෙ එක පාරයි .
Deleteඅපරාදේ ඉතුරු කේක් බාගේ..ශිහ්
ReplyDeleteකියලා වැඩක් නෑ ඉවාන් මටත් ඔක හිතුනා කේක් භාගේ තාත්තා ඇවිත් විසි කරාම .
Deleteඔය සීන් එක මැටිල්ඩා පොතේ තියනවා නේද සිරාවමට. අර ට්‍රචන්බුල් කියලා තඩි මහත විදුහල්පතිනියක් පොඩි එකෙකුට පත දාරු චොකලට් කේක් එකක් කන්න කියලා ඒකා සේරම කන එකක් ද කොහෙද?
ReplyDeleteමට නම් ඔය කතාව පිලිබඳ වැඩි මතකයක් නැතිය .,කොහොම වුණත් මේ කතාව මගේ සැබැ කතාවක් යක්ෂයෝ චොකලට් එකක් කන්න දුන්නා නම් දැනුත් හොදයි ..
Deleteහි හි... මම නම් ඉතින් පොඩි කාලෙ ඉඳන් අයිසින් කේක්වලට වැඩි මනාපයක් නෑ!
ReplyDeleteමෙහෙමයි දිලිනි මම දන්නවා මෙ කතාව සමහර අයට එච්චර ලොකු කතාවක් නෑ කියලා ,එත් අපේ ජිවිතය එදා තිබුණේ ඔය විදිහට තමයි .
Deleteඔහොම කාලයක් තිබුණා මතකය.. දැං නැත.. කේක් ගන්න බැරි හිංද නොව කන්න බැරි හිංදාය. හේතුව ඔයිට ටිකක් සමානය. එදා සිට සට කේක් අප්පිරියාය. දැං දුන්නත් කනවා අඩුය. දකින කොටත් නෙදකිං කියා හිතේ
ReplyDeleteගොඩක් දෙනෙකුට මේ හා සමාන අත්දැකිම් ඇති බව පෙනේ..මගේ පොඩි කාලේ නම් අයිසින් කේක් කියන්නෙ පට්ටම ලොකු දෙයකි ,කොටින්ම සුඛෝපභෝගි භාණ්ඩයකි .දැන් නම් මටත් කේක් කන්න වැඩි කැමැත්තක් නැතිය ...
Deleteඇත්තය මෙලෝ රහක් නැතිය... හී.......
Deleteකතාව ද අතීතය ද නැතිනම් කේක් ද මෙලො රහක් නැත්තෙ....
Deleteනැත නැත වරදවා වටහා නොගන්න... මා කීවේ කේක් ගැන පමණය
Deleteමා කීවේ කේක් ගැන පමණය/////
Deleteඑසේ නම් අවුලක් නැතිය ... :) .... පැණි රස කොහොමත් ලොකු වෙද්දී රස අඩු ය ..
අපේ හස්බන්ඩ්ගේ අක්කලා තුන්දෙනා පොඩි දවස්වල හොරෙන් ඉදවපු කෙසෙල් කැනක් කාලා...බලනකොට දානෙකටද කොහෙදෝ ගෙනියන්න තිබුන එකක්...තාත්තා එක්කෙනාට ඇවරිය ගානේ දීලා කෑවෙ නැත්තන් ගුටි...කස්ටිය අමාරුඑන් කන හැටි දැක්කම තාත්තටම දුක හිතිලා
ReplyDeleteමාර රසක් තියෙන්නෙ හොරෙන් කන එකෙත් ඒ වගේම තමයි ඔහොම ගෙදරට අහුවෙලා කන්න කියලා දෙන දඩුවම් ,කන්න දිලා කන්නෙ නැතිනම් ගුටි ,
Deleteකස්ටිය අයේ කෙසෙල් ගහක් දිහාවත් හැරිලා බලන්නෙ නැතුව ඇති ..හික් හික්
මට නම් පොඩි කාලෙ ඒම ප්‍රශ්නයක් නෑ.. හැම්දේම මට.. මම කෑවෙ නැතුව මිසක් :3
ReplyDeleteමම එකම දරුව හින්ද වෙන්නැති
හරියටම හරි සමි //මම එකම දරුව///මේ තත්ත්වය තියෙන කොට මේ වගේ දෙවල් වෙනවා අඩුයි ,මොකද කිසිම දෙයක බෙදා ගන්න හරි බදා ගන්න හරි තරගයක් නෑනෙ ,
Deleteඋඹේ මේ අත්දැකීම මට නොවුනාට අපේ මල්ලි කෙනෙකුට උනා. ඒ කේක් එක කොහෙද ගෙනියන්න ගෙනාපු එකක්. ඉස්සර අම්මට සල්ලිත් අතේ නැහැ ආපහු එකක් ගේන්න. ඊට පස්සේ අම්මා ඕක ලස්සනට කෑලිවලට කපලා පරණ බිස්කට් ටින් එකකට අහුරලා අරන් ගියා.
ReplyDeleteමම උඹ ලියන සරල රටාවට හරි කැමතියි.
ස්තූතියි ...අරූ ..
Deleteමේ මම මගේ රටාව හොයන ගමන් ඉන්නෙ තවම .
ඇත්ත ඔය වගේ වෙලාවට මොනවා කරන්නද අම්මලා වැරදි නෑ ,පොඩි උන් වැරදිත් නෑ ,මොකද පොඩි කාලෙදී ගෙදර අමාරු කම් වැඩිය තෙරෙන්නෙ නෑනේ,
මේ වාගේ දේවල් කොයි කාගෙත් ලමා කාල වල තියෙනවා.අපේ දරුවන් පොඩිකාලේ මේ වාගේ. මම කේක් හදලා හංගනවා එකපාරට ඉවර කරන නිසා. දැන් මගේ මුණුබුරාත් මේ වගේ. මොනවා හරි රස දෙයක් දැක්කොත් ඒක දෙනකල්ම මර ලතෝනි තියෙනවා. කතාවේ ලස්සන නිසා ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteමුලින්ම පිලිගන්නවා චන්ඩි/චන්දි ..
Deleteපොඩි කාලේ දි විතරයි මේ දෙවල් මේ තරම් රසට දැනෙන්නේ,හරිම සුන්දරයි ,
ස්තුතියි..
මගේ පොඩි කාලෙත් මතක් වුණා... ගෙදරට කවුරු හරි එනකොට මොනව හරි ගෙනාවම අර මනුස්සයා ගෙදරින් යනකම් ඉස්පාසුවක් නෑ බෑග් එකේ මොනවද තියෙන්නෙ කියල බලනකම්... ආයෙ මේසෙ උඩින් ගෙනත් තිබ්බද, තිබ්බ වෙලාවෙ ඉඳලා නංගිලයි මමයි මාරුවෙන් මාරුවට එකිනෙකාට නොදැනෙන්න භුක්ති විඳිනවා... අන්තිමට තේ බොනකොට කපන්න බැලුවම සමහරදාට වහල්ල විතරයි තියෙන්නෙ කේක් ගෙඩිවල...
ReplyDeleteමේ වගේ බාප්පා කෙනෙකුගෙ පුතෙකුට වෙච්ච දෙයක් මාත් බ්ලොගේ ලිව්වා කලකට ඉස්සෙල්ලා... ඔයා තව හොඳයි... ඌ කරල තිබ්බෙ කේක් ටික ඉවර කරපු එක විතරක් නෙවේ... ගෙදරට ආපු අය බීලා ඉතුරු වෙච්චි බීම කොට ටික එක වීදුරුවකට දාගෙන ඒ මිනිස්සු ඉස්සරහම ගුඩුස් ගාල ඇදල ඇරිය එක...
හ්ම්ම්ම් පොඩි කාලේ මේ වගේ වැඩ කරලා නැත්නම් වැඩක් නෑ මං හිතන විදිහට ...
Deleteබීලා ඉතුරු වෙච්චි බීම කොට ටික එක වීදුරුවකට දාගෙන ඒ මිනිස්සු ඉස්සරහම ගුඩුස් ගාල ඇදල ඇරිය එක...////
මමත් දැකලා තියෙනවා ඕය වගේ එකක් පොඩි එකා පවු ,ලොකු අය ඒ වගේ වෙලාවට පොඩි එකාටත් බිම විදුරුවක් දුන්නා නම් ඉවරයිනේ වැඩේ