20 December, 2013

අපේ අයගේ හෙළුවට ඇති භය ..

ටික දවසක ඉදල ලියන්න හිතන් හිටියත් වැඩ නිසා ලියන්න අතපසු වුණා ..කොහොම වුණත් මම ලියපු මම මගේ ඇසින් පොස්ටුව මම ජවිපෙ පොරක කියන හන්වඩුව ගලව ගන්න මම උත්සහ කරා.

හෙළුව කියන වචනය දැක්ක ගමන් හිතට එක එක දෙවල් එන්න පුලුවන් , විශේෂයෙන්ම  හෙළු වැල්ල කාගේත් හිතට එන්න පුලුවන් .(එක ගැන පසු දවසක )ඒ වුණාට මම අද කතා කරන්න හදන්නෙ අපේ අය අපේ හෙළ භාෂාවට දක්වන බිය ගැනයි ..

මෙය මo පොරට පෞද්ගලිකව දැනුණු ගැටලුවකි .දැන් ලංකාව තුල සිoහල භාෂාවට වඩා ඉoග්‍රිසි භාෂාවට  තැනක් දිලා,මෙකට හෙතුව කුමක්ද?.ඇයි අපි තවමත් සුද්දන් ගේ යටත් වැසියන් ද ?ව්‍යවස්ථාව තුලින් රාජ්‍ය භාෂාව සිoහල විදිහට පිලි ගත්ත ද අද ඉoග්‍රිසි භාෂාව නිල නොවන රාජ්‍ය භාෂාව වී හමාරය ,දැනට සිoහල භාෂාවෙන් ලංකාවේ කරන උපාධි ඇත්තෙ කියක් ද ?එවා කරලා අවසානයට රැකියාවක් ගන්න ගියාම සම්මුඛ පරික්ෂණය කඩ්ඩෙන්‍ ය ..

අපේ ඉන්න දෙමාපියෝත් යන්තම් බහ තොරන වයසට ළමයින් එන විටම ඉoග්‍රිසි බලෙන් උගන්වන්න උත්සහ කරණු පෙනෙයි ..ඔවුන්ගේ වැරැද්දක් නොමැත ඔවුන් හදන්නෙ දරුවන්ට යහපත් හෙට දවසක් සදන්නය .එසේ ඒ සඳහා උගෙන ගත යුතුය,නමුත් අපි ඉගෙන ගත යුත්තෙ ගොඩ සුද්දන් විදිහටය ..
     
කොහෙ හරි සිට රට ගොඩ ගැනිමට නම් ඉoග්‍රිසි සාක්ෂරතාව ය ඉහළ දැමිය යුතු යන්න යම් පුද්ගලයකු මොර දෙනාවා මට යන්තමින් කන වැකුණි .ඔය දියුණු වුණු ජපානය,චීනය වගේ රටවල මා දන්නා තරමින් මෙ ක්‍රමය වෙනස් ය .ඔවුන් තමන්ගෙ මව් භාෂාවට මුල් තැනක් දි කටයුතු කරයි .

දැන අපේ රටේ රැකියා ඉල්ලුම් පත්‍රයක වුව ද මුලින්ම ඉල්ලන්නේ කඩ්ඩය .ඇයි අපේ රටේ සියලු ආයතන දැනටමත් ආසියාවේ කෙන්ද්‍රස්තානය වී හමාර ද ?.විෂයන් 8ක් A රැගෙන කඩ්ඩ W  වුණොත් වැඩෙ හමාරය .එක්කො කොහොම හරි කඩ්ඩ ගොඩ දා ගත යුතුය .නැත්නම්  වෙන ඊට සමානව පිලිගන්නා  කඩ්ඩ සහතික කොලයක් තිබිය යුතුය.                                                                                      ඉoග්‍රිසි කියන්නෙ භාෂාවක් විනා ගණිතය මෙන් පොදු භාවිතයක් ඇති දෙයක් නොවන බව මගේ පෞද්ගලික මතයයි .කෙනෙකු භාෂාවන් පිලිබඳ දැන ගැනිම පුද්ගල කුසලතාවක් විනා මහා ලොකුවට වෙනම දැක්විය යුතු දෙයක් නොවේ.
                    
අපි සිoහල නමට පමණි දැන් ඉන්න උඩ පුටුවල ඉන්නෙ ගොඩ සුද්දන් සෙට් එකකි ඔවුන් සොයන්නේ  ඊළඟට තව ගොඩ සුද්දන් සෙට් එකක් ය .සමහර පොරවල් මට සිoහල බෑ කියන්නෙ මහත්  ආඩම්බරයකිනි .ළඟදී දිනයක එක්තරා රූපවාහිනි මාධ්‍යයක වැඩසටහනකට සම්බන්ධ වු නිළියක් කියා සිටියේ තමන්ට සිoහල බෑ  කියයි .දැන් අපේ රටේ භාෂාව බෑ කියන්නෙ මහා වැඩක් ද? මොකක්ද මේ අපේ භාෂාවවට වෙන්න යන්නේ ,මා දන්නා තරමට සිoහල භාෂාව මළ භාෂාවක් විදිහට නම් කරා ද කියලා මතක් නම් නෑ එත් දැන් එ තත්වයට ඇද වැඩෙමින් යනවා කියලා පෙන්න තියෙන්නෙ .

                          දැන් ඉන්න  කොල්ලෝ- කෙල්ලොත් සිoහල වැඩිය දන්නෙ නෑ සිoදුවක් අහලා එක රසවිඳින්න දන්නෙ නෑ මේ භාෂා පරිහානිය අපේ හැම දෙයක්ම උඩු යටිකුරු කරනවා ..හැම තැනම එහෙමයි  දැන ඉන්න ගුවන් විදුලි නිවේදනයකින් බලන්න කියන්නෙ මොනවාද? පොලේ බඩු විකුණන වෙළෙන්දෙක් ඊට වඩා හොද සිoහල භාවිතා කරනවා .අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මෙ ක්‍රමයට තව ටික කාලයකින් දැන් පොඩ්ඩක් හරි ඉතුරුවෙලා තියෙන අම්මා ,තාත්තා වචන දෙකත් නැති වී යන බවයි..ඔය  කුමක් වුවත් අපිට මොකද අර  මොකක්ද වෙනවා කියන දේ වුනා නම් ...

ප.ලි 
පොඩි කතාවක් මතක් උනා පොඩි කාලේ අහපු එකක් .අහලා නැති අයට මෙන්න ..දවසක් සිoහල මහාචාර්යවරයෙක් බස් රථයකට ගොඩ වෙලා ඇහුවලු කොන්දොස්තර ගෙන් 'මගේ මෙ සිලිසිලි පයිය කොහි තබන්න ද කියලා ,කොන්දොස්තර දන්න මගුලක් නෑ පොරට මල පස්සෙ පොර කිවුවාලු  ,උඹලාගේ අම්මාගේ @$@%@^ තියා ගන්න කියලා '
තව කතා තියෙනව ,(ඊළඟ දවසට පඩ කතාවක් ඕනි නම් දැමිය හැකිය ..) 




                                     


31 comments:

  1. සිoහල භාෂාව මළ භාෂාවක් විදිහට නම් කරා ද ???? අප්පෝ නෑ!!!!!!!!!!! ඒක අපේ භාෂාව, ප්‍රශ්නෙ තියෙන්නේ කඩුවේ වැදගත්කම අපි තේරුම් නොගන්න එක යි.

    ReplyDelete
    Replies
    1. නෑ මම එහෙම කියලා නෑ .මම කියන්න හැදුවේ අපේ භාෂාව අපි පාවිච්චියට ගන්න එක අඩු කරොත් ඊලඟට එ තත්වය ඊලඟ පරම්පරාවට යන කොට මිට වඩා වැඩි වෙයි .දැන් හොදට බලන්න ජත්‍යන්තර පසැල් සoස්කෘතිය අපේ රට තුල අපේ භාෂාවට මිට වඩා තැනක් එන්න ඕනි .මොකද අපේ හැම දේම මෙ මත ගොඩ නැගිලා තියෙන්නෙ ..කල්පනා කරලා බලන්න

      කඩුව වැදගත් මම නෑ කියන්නෙ නෑ ,එත් අපි එක වැඩිය උලුප්පන්න ඕනි නෑ

      Delete
  2. සිරාවටම ඇත්ත කතාව..අපේ උන් හැමෝම අත්සන දාන්නෙත් ඉංගිරිසියෙන්.අපේ කැම්පා එකේම සිංහලෙන් අත්සන් කරන එකෙකුට ඉන්නෙ මන් විතරයි.අපේ උන් ඒක බලලා හිනාවෙනවත් එක්ක.ඒත් ඉතිං උන් දන්න එකක්යැ හිනාවෙන්නෙ තමන්ටම බව

    ReplyDelete
    Replies
    1. මමත් සිංහලෙන්.

      Delete
    2. @මල් කතාව 100% එකඟයි
      උපාධිය කඩ්ඩෙන් ගොඩ දා ගත්තා කියලා අවුලක් නෑ හැබැයි එක නිසා තව කෙනෙක් පහත් වෙන්නෙ නෑ .අපේ උන් හිතන්නෙ කඩ්ඩ පොඩ්ඩක් එහෙට මෙහෙට දැම්මාම පොරවල් වෙනවා කියලා ,ඔක නිකන් අර රට ගිය ඇයො ඉස්සර ගමට අවාම කඩ්ඩ හලනවා වගේ ගොන් පාට් එකක් ,ඔවාට හිනා යනවා ..

      Delete
    3. @ දිලිනි..
      සතුටුයි ..පොඩි තැනක වුණත් අපේ භාෂාව පාවිච්චියට ගන්න කඩ්ඩ අවශ්‍යම තැනට විතරක් ඇති ..

      Delete
    4. අම්මෝ යන්තන් ඔන්න සිංහලෙන් අත්සන් කරන තව කෙනෙක් හොයාගත්තා.දිලිනි මාරම සතුටුයි හොදේ.....මෙහෙමයිනේ කේස් එක,සුද්ද රටෙන් ගියේ උන්ව ෆලෝ කරන කලු සුද්දො සෙට් එකක් හදලානෙ.අන්න ඒකයි වැරැද්ද..මේ වැරැද්ද මනුස්සයොන්ගෙ ජාන වලම තියෙන එකක්

      Delete
    5. Anonymous12/21/2013

      මගේ අත්සනත් සිංහල. අඩුම ගානේ ඒකවත් සිංහලෙන් තියනවානේ.:D

      Delete
    6. @ arugeadaviya

      ලොකු දෙයක් මොකද අපේ අය ඔක තමා ඉස්සෙල්ලාම කඩ්ඩ හලන තැන ..

      Delete
    7. මාත් සිංහලෙන් නේ අත්සන් කරන්නේ. සිංහලෙන් ගහන අත්සන ලස්සනට ගහන්න පුළුවන්. මගේ යාලුවෝ ගොඩාක් ඉන්නවා සිංහලෙන් අත්සන් කරන. මාරම ලස්සනයි. අර ඕ ලෙවල් කාලේ තමන්ගේ නම වැල් අකුරෙන් ලියවෙන විදියට යන්තම් කරකවලා ගහන අත්සන් වලට වඩා එකේ වැදගත් කමක් තියනවා. මම කිව්වේ මම දැකලා තියන ටිකක් ගැන. මොකද මගේ අත්සන සිංහලෙන් ගැහුවට ඉංග්‍රීසිද සිංහලද කියලා දන්නේ මම විතරයි. එක වගේ

      Delete
    8. දාපන් 5ක්! මමත් හෙළුවෙන් තමයි අත්සන් කරන්නේ!

      Delete
  3. මම නම් කියන්නෙ භාෂා දෙකක් දන්න එක කොහොමටත් හොඳයි කියල.ඒත් ඉංග්‍රීසි පොත් සිංහලට පරිවර්තනය කරල ජපානෙ චීනෙ වගේ සිංහලෙන් උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාව තිබුන නම් වඩා හොඳයි

    ReplyDelete
    Replies
    1. යකා 100%ක් එකඟ වෙනවා ,
      දැන් බලන්න මොකටද කඩ්ඩ අහන්නෙ නැත්තෙ, ඔක නිසා අපේ උසස් අධ්‍යපනය ගොඩක් අයට අහිමි වෙනවා අපි කඩ්ඩ පුලුවන් වෙන්න ඕනි හැබයි හැම දේටම ඕනි ද ප්‍රශ්නය මගේ හිතේ තියෙනවා ..

      Delete
  4. http://helapakade.blogspot.com/2013/03/blog-post_12.html
    මෙන්න මේ කතාව කියවන්නකො.

    ReplyDelete
    Replies
    1. @ හැලප
      කියෙව්වා නියමයි ,,මේ කතාවත් කියවන්න කට්ටිය ..

      Delete
    2. මීට අදාළ ලින්කු ඉදිරිපත් කිරිම පිලිබඳ තුති ..තව ලින්කු තියෙනවා නම් එක් කරන්න කියවන අයට වැදගත් වෙයි එක ..

      Delete
  5. ලංකාවේ උඩරට රදළ ප්‍රධානීන් 1815 ගිවිසුමට අත්සන් කරද්දිත් විදේශීය බසක් වෙච්ච දෙමළින් අත්සන් කරලා තිබුනා.1956දී දේශපාලන පොරොන්දුවක් වෙනුවෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව නොකලා නම් අද වෙද්දි සිංහලයට හොඳ පිළි ගැනීමක් තියෙන්න තිබුනා.මොකද ලංකාවේ භාෂා අනුව ආර්ථිකමය හා සමාජමය බෙදීම තීව්‍ර කරන්න ඒක හේතු වෙච්ච හින්දා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. හොද කතාවක්..ඇත්ත අපේ භාෂාව සිoහල රාජ්‍ය භාෂාව කරපු එක පොඩි වැරැද්දක් වෙලා තියෙනවා ,කරා කියලා කෝ තැනක් නෑ මම එක තමයි කිව්වෙ දැන් ඉoග්‍රිසි නිල නොවන රාජ්‍ය භාෂාව වෙලා කියලා එක එක පැත්තකින් හොද විදිහට බලන්න පුලුවන් .හැබැයි අපේ දේවල් රැදිලා තියෙන්නෙ මෙ භාෂාව තුල දැන් බලන්න පාලි ,පන්සල් වලට සිමා වෙලා .අපි අපේ භාෂාව එ තත්ත්වයට යවන්න ඕනි නෑනෙ..

      Delete
  6. සිංහල අමතක කරනවා නොවෙයි. ඉංගිරිසිය ගණිතය වගේ කියා හිතලා හොඳින් ඉගෙන ගන්න.

    චක්කරේ නැතුව බෑ බෝතල් පත්තර වෙළදාමක්වත් කරන්න.

    ReplyDelete
    Replies
    1. කතාන්දර තුමාව පිලිගන්නවා මුලින්ම ...(තුමා කියන එක අවුලක් නම් කියන්න )

      මම කියන්නෙ අපේ සoස්කෘතිය ඉතිහාසය වගේ හැම දෙයක්ම අපේ භාෂාව එක්ක බද්ධ වෙලා ඉතින් අපි අපේ භාෂාව භාවිතය අඩු කරන එක ඉදිරි පරම්පරාවට යනකොට එක වැඩිවෙයි..

      මම පැහැදිලිවම ගණිතය කියන දේ පිලි ගන්නවා 100% ..
      /// ඉoග්‍රිසි කියන්නෙ භාෂාවක් විනා ගණිතය මෙන් පොදු භාවිතයක් ඇති දෙයක් නොවන බව //
      ඔබට මේ කොටස මග හැරෙන්න ඇති ..මම කියන්න උත්සහ කරේ කඩ්ඩ භාෂාවක් එක අපේ භාෂාවට වඩා දැන් අපේ ජීවිතයට බද්ධ කරලා .කවුද?? ..එකේ අතුරු ප්‍රතිඵල ගැනයි ..

      Delete
  7. ඇත්ත සහෝ, මංනම් හිතන්නෙ පුලුවන් තරම් භාෂාවන් ඉගෙනීම වැදගත්. නමුත් අපි ඒවයෙ වහලුන් නොවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අයියෙ කතාවනම්.ඒත් අද වෙලා තියෙන්නෙ ඒක නෙමෙයිනෙ

      Delete
    2. ප්‍රියා කතාව මම 100% පිලි ගන්නවා ,
      මෙතන එක නෙවෙයි නේ වෙන්නෙ අද කාලේ සිoදුවක් අරන් බලන්න මොකක්ද කියන්නෙ කියලා මෙලෝ තේරුමක් නෑ ..සිoහල ද ඉoග්‍රිසි ද කියලා මට නම් තෙරෙන්නෙ නෑ , ..හොදට බලන්න අපේ සමහරු පොලටත් ගිහින් කඩ්ඩ හලන්න හදනවා මට නම් හිනා යනවා ,අපි කඩ්ඩට වහල් වෙලා දැන් ඔය ඔපිසි වල රැස්විම් තියන්නෙ කඩ්ඩෙන් මොකද් එතන ඉන්නෙ සුද්දො ද නෑනෙ ..
      අපේ අය කඩ්ඩ ලොකු කරගන්න හදනවා ..නැතිනම් වහල් වෙලා

      Delete
    3. @ මල්
      අපේ එක අoශයක් කියලා නෑ ,හැම තැනම් ඔය කඩ්ඩ වහල් විම තියෙනවා .

      Delete
  8. Anonymous12/21/2013

    මම සිංහලෙන් ඉගෙනගත්තේ- මට ඉංග්‍රීසි පුළුවන්
    අපේ දුව ඉංග්‍රීසියෙන් ඉගෙන්ගත්තේ- එයාට සිංහල පුළුවන්

    මෙහෙම වෙනවානම් කිසිම අවුලක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. @arugeadaviya
      අපිට කඩ්ඩ පුලුවන් කියන්නෙ හොද දෙයක් ,තවත් භාෂා පුලුවන් කියන්නෙ ඊටත් වඩා නියමයි ..අපි හැබැයි අපේ භාෂාව පුලුවන් හැම තැනදීම භාවිතා කරන්න ඕනි මොකද අපේ හැම දේටම පදනම් අපේ භාෂාව ඒ දේ නැති වුණු දාට අපි සුද්දාන් ගේ කොලනියක් වෙයි .භාෂාව නැතුව අපි සිoහල කියන්නෙ කියන්නෙ කොහොමද එතන ප්‍රශ්නයක් නැති ද ?

      Delete
  9. අඩු ගානේ බුකිය ඇතුලෙවත් දැන් දැන් සිංහලෙන් ලියන කරන තැනකට ඇවිත් තියන එක ලොකු දෙයක් ඒ අතින් බලද්දී. අපේ බ්ලොග් අවකාශයත් තියෙන්නේ. ඒක නෙවේ මේ බ්ලොග් කියන එකට නැද්ද දන් නෑ හොඳ සිංහල වචනයක්

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි යක්ෂයා ..එ තුලින් අපේ භාෂාව ඉදිරියට යයි ද ? මම කියන්න උත්සහ කරේ අපි දැන් අනවශ්‍යය විදිහට කඩ්ඩ පිලි ගන්න හදනවා ..කඩ්ඩ දන්න එක ලොකු දෙයක් කර ගන්න ඕනි නෑ .මොකද එක භාෂාවක් .

      Delete
  10. මෙහෙමයි බං.. ඉංගිරිසි අත ඇරලා දාලත් බෑ. සිංහල අනිවාර්යෙන්ම රැක ගන්න ඕනේ.. සමහර දේවල් නම් බං සිංහලෙන් ඉගෙන ගන්න උගන්නන්න ටිකක් අමාරුයි. (IT, Engineering, Medicine, Physics වගේ ඒවා) ඒ නිසා මමනං ඒ වගේ දේවල් ඉංගිරිසියෙන් කරන එකේ වැරැද්දක් දකින්නේ නෑ. හැබැයි සිංහල තුට්ටුවට දානවනම් ඒක වැරදියි.

    ReplyDelete
    Replies
    1. නාඩි මම කඩ්ඩ අතහරින්න කියන්නෙ නෑ අපි කඩ්ඩ මතම යැපෙන තත්වයට එන්න හොද නෑ කියලා මම කියන්නෙ .අනික මම 100%ක් පිලිගන්නවා සමහර දේවල් කඩ්ඩෙන් ඉගෙන ගන්න එක ලේසි කියලා..අනික තමයි කඩ්ඩ අනිවාර්ය කරන්න තරම් දෙයක් නෙවෙයි මොකද එක වෙන ජාතියක ගේ භාෂාවක් ..දැන් අපේ භාෂාව බෑ කියලා කවුරුත් මොකුත් කියනවා ද නෑනේ ..අපි අපේ භාෂාවත් දැන ගන්න ඕනි කඩ්ඩ වගේම ..

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.