27 December, 2013

කළමනාකරණය පාඩමක් මෙන්න ...

අවුරුද්ද අවසන් දින ටිකත් ගෙවිලා යනවා ලොකු ලොකු බර බර කතා මේ වෙනකොට ඔලුවට එන්නෙත් නෑ මොකද මන්ද? ලියන්න හිතාගෙන ඉන්න කතා ටික පොඩ්ඩක් පැත්තකට කරලා මේ  අවුරුද්දේ ලියන  අවසාන පොස්ටුව කියලා හිතාගෙන පොඩි කතාවක් කියන්න හිතුනා .

මෙ කතාව මම ගැන නම් නෙවෙයි  රජතුමෙක් පිලිබඳ සුටි කතාවක්  රජතුමා කිව්ව ගමන් අපේ රජතුමා වත් මතක් වෙනවා .තව වලගම්බා රජු ,දුටුගැමුණු පරපුරේ අයව ඔලුවට එනවා.මේ කතාව ඒ පරපුරේ අයගේ විර වැඩ ගැන නෙවෙයි.කොහොම වුණත් මෙක මමත් අහපු කතාවක් දන්න අයත් ඇති නොදන්න අයත් ඇති .

මේ කතාව කළමනාකරණය පිලිබඳව ඉගෙන ගන්න කියලා දිපු කතාවක් කස්ටිය එන අවුරුද්ද මෙ පාඩම ඉගෙන ගෙන හොඳට කළමනාකරණය කර ගන්න ..

මෙ වැඩක් නැති කතා කිව්වෙ කතාව පොඩි නිසා ..මෙන්න කතාව..(මෙක අපේ රජතුමා ගැන නම්  නෙවෙයි.)

ඔන්න අපේ විර රජතුමා යහමින් රට පාලනය කරගෙන ඉන්නවාලු .දවසක් රජතුමයි මහ ඇමතියයි රට තොට ඇවිදින්න කියලා හිතාගෙන පොඩි විදි සoචාරයක ගියාලු .කොහොම හරි ඔහොම රට තොට බලාගෙන රජතුමයි මහ ඇමතියයි  යන අතරේ රජුට පොඩ්ඩක් වගේ මහන්සියි ගතියක් දැනිලා .

පොඩ්ඩක් නැවතිලා බලනකොට පොඩි වතුර පිරුණු පොකුණක් දැකලා තියෙනවා .අයේ පොර රජුනේ එක එක අසාවල් තියෙනවා පොරටත් පොරට ඒ පොකුණෙන් පොඩ්ඩක් නාන්න හිතිලා .වලගම්බා රජුට වගේ මේ රජුටත් පොඩි අසාවක් හිතිලා.හැමදාම එකම විදිහට බෑ  නාන එකත් පොඩි වෙනස් ව වීදිහට නාන්න ඕනි . මහ ඇමති අද අපි වස්ත්‍ර නැතුව නාමු කිව්වාලු (අහන්න එපා වෙනදාත් දෙන්න එකටම ද නාන්නෙ කියලා) එදාත් අද වගේමයි වෙනසක් නෑ එහෙමයි දේවයන් වහන්ස කිව්වාලු .ඔන්න දෙන්නා රෙදි නැතුව නාන්න පටන් ගත්තාලු .

දෙන්නා හොදට නාන අතරේ පොකුණට  නන්න ස්ත්‍රිරියාවෝ සෙට් එකක් සැපත් වෙලා .අයේ කිම් ද රජු කිව්වාලු රජුයි ,මහ ඇමතියයි දෙන්නා හෙලු වැල්ල දොවන ගමන් අහවල් උපකරණ වැහෙන්න තරම් වත්  පොකුණේ වතුරත් නැතිලු.රෙදි ගන්න යන්න වෙලාවක් නැතිලු .රජු මොකද කරේ ඉක්මනට  උපකරණ වසා ගත්තාලු ,මහ ඇමතියාටත් කර ගන්න දෙයක් නැතිලු පොර අත් දෙකෙන්ම මුණ වහා හත්තාලු .ස්ත්‍රියින් ගියද හිටියා ද මම දන්නෙ නෑ .

දැන් කවුද මෙතන පොර ?රජු ද මහ ඇමති ද ?මෙතන කළමනාකරණය පිලිබඳ පාඩමක් තියෙනවා ද ?
(මෙක විශයන් සම්බන්ධ කර ගන්න අවශ්‍යය නැත .)


සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා..

     






22 comments:

  1. ඇමතියා නං බඩු පොරක් වෙන්ටැති..

    ReplyDelete
    Replies
    1. මෙ කතාව එහෙම 21+ එකක් නෙවෙයි මට හිතෙන හැටියට .බොහොම සරල පොඩි කතාවක් ,සරලව හිතන්න දේශක තුමනි

      Delete
    2. ඒක නේ මේ දේශක ඔහොම ම යි!

      Delete
    3. මොනවා කරන්න ද ඒ දේශක ට හිතෙන හැටි

      Delete
  2. කළමනාකරණය සම්බන්ධ නෑ. මේක ස්තානෝචිත අහවල් එක ගැන කියවෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. මේ කතාව කිව්වෙ ලංකාවේ කළමනාකරණය පිලිබඳ පොරක් ..හික් හික් අපිටත් ඔය ප්‍රශ්නෙම තිබුනා..
      ///මෙතන කළමනාකරණය පිලිබඳ පාඩමක් තියෙනවා ද ?////

      Delete
  3. අයියෝ අහිංසකයො දෙන්නට වහ කන්න හිතෙන්න ඇති.

    සුභම සුභ අලුත් අවුරුද්දක් සහෝ.

    ReplyDelete
    Replies
    1. දෙන්නටම නෙවෙයි ප්‍රියා ..දෙන්නම් මොකටද හික් හික්

      සුභ අලුත් අවුරුද්දක් ප්‍රියා ...

      Delete
  4. අනේ මන්ද බන් හතිල්වුවට ගහපු කලාබරේ කිවුවලු.. මේක රජු සමග හෙළුවෙන් වගේ ... ;)

    ReplyDelete
    Replies
    1. Anonymous12/27/2013

      යා යා

      Delete
    2. @ ඔමා අක්කා යා යා කියන්නෙ ඒ රජාව හොයන්න ද ????

      Delete
    3. @ ෂැගි මෙක රජ ඇමති හෙලුවෙන් .හික් හික්

      Delete
  5. ඇත්තෙන්ම මෙතන පොර තමයි ඇමතියා. මෙහෙම හිතන්න. දැන් ඔතනට ආපු අය දකිනවා රජා අහවල් එක වහගෙන ඉන්න බව, නමුත් ඒ අය රජා එක්ක හිටිය කෙනාගේ අහවල් එක දැක්කට ඒ හිටියේ කවුද කියලා දකින්නේ නැහැ. ඒ නිසා ඇමතියා ගොඩ.



    ReplyDelete
    Replies
    1. @Ayilas
      ඔබ විතරයි කතාව ගැන හිතලා තියෙන්නේ .අපි ජිවිතේ තිරණ ගන්න කොට හිතන්න ඕන විදිහ ගැන මේ කතාවෙ අපුරු පාඩමක් තියෙනවා ,කිව්ව කෙනා කළමනාකරණය කියලා කිව්වාට .

      Delete
  6. මෙතන තියනවා අර Risk Management එක ලොකුවටම. නැතිනම් ලොකුම ලොකු උවදුරක් වෙනවා අරුන් දෙන්නා වෙන විදියකට හැසුරුනා නම්. මට හිතෙන විදියට මේක Risk transferring හරි Risk mitigation හරි වගේ දෙයක් වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා යක්ෂයා කොහොම හරි රජා කපොති උනාලු ...

      Delete
  7. මහ ඇමති මූණ වහගත්තා මූණෙන් මිස ඔය උපකරණ වලින් කෙනා කවුදැයි කියලා හඳුනාගන්ට බෑනේ... :D

    කළමණාකරන කේස් එකක් නම් මට පේන්නෑ හැබැයි මේකේ(මේක මී මුරේ රූ ගත කිරීමකට ගිය නළුවෝ දෙන්නෙකුට උන හැබෑ සිදුවීමක් )

    ReplyDelete
    Replies
    1. අන්න කතාව උපකරණ වලින් කවුද කියලා දැන ගන්න බැරි උනා .D රජා ඉවරයි .

      මම මෙක නළුවෝ දෙන්නෙකුට උනා කියලා දැනගෙන හිටියේ නෑ .හැබැයි වෙන දෙන්නෙකුට ඕය වැඩේ උනාලු හික් හික් නම් කියන්න විදිහක් නෑනේ .

      Delete
  8. කළමනාකරණයක්??? අනේ මන්දා....
    ඇමතියා තමයි පොර.....

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි රන්දු මෙක කිව්ව කෙනා රටේ කළමනාකරණය පිලිබඳ පොරක් කොටින්ම මේ කතාව කිව්වෙ කළමනාකරණය පිලිබඳ පාඩමක් කියලා කාටවත් තෙරුණේ නෑ ?කතාව හොදට අරන් බලන්න..

      මෙතන කළමනාකරණය පිලිබඳ පාඩමක් තියෙනවා ද ?////
      මේ කතාව කළමනාකරණය පිලිබඳව ඉගෙන ගන්න කියලා දිපු කතාවක් ///

      හැමොටම අවුල මෙක කිව්ව කෙනා කවුද කියලා නැති නිසා ,

      Delete
  9. මූන වහගත්ත එකා දක්ෂයා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මිනිහා දක්ෂයා .කියපු කෙනාත් දක්ෂයා .නාඩි ඔය තමා ලොකු පොරවල් දෙන උදාහරණ.මගේ ටිකිරි මොලේ දෙපාරක් බම්ප් උනා ...

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.