04 December, 2013

ජිවිතය ගින්නක් ද ?????

ජීවිතය යනු පුදුමාකාර දේ වලින් පිරි ඇති ගමනක් බදුය .ඒ ජිවිතය තුල ඇතිවන විපර්යාසයන් බොහෝය ..මේ විපර්යාසයන් අපේ ජිවිත හොද හො නරක ලෙස බලපෑම් සිදු කල හැක ..ජීවිතයේ මෙන්ම සමාජයේ විපර්යාසයන් සිදුවන ආකාරයත් ඒවා හමුවේ මුහුණ දෙන ආකාරයත් මෙමෙ කතාව තුල ගෙන හැර පායි..
                                            ගම නගරිකරණය තුල ඇතිවන විවිධ භෞතික විපර්යාස හා එම විපර්යාසයන් ජිවිත විනිවිඳ යන ආකාරය ඉතා චමත්කාර ජනක ලෙස ඉදිරිපත් කිරිමට ''ලිලාරත්න කoකානම්ගේ '' ''ළැවු ගිනි'' කතා ව හැකිවි ඇති බව මගේ අදහසයි..
ළැවු ගිනි කතාව අප ජීවිතයේ එක් පැති කඩක් හෙලි කිරිමක් වැනිය .
                                                                                කාලය සහ හා පරිසරය සමඟ පොරබදන පවුලක ඇතුලාන්තය මේ කථාවේ ප්‍රස්ථුතය වි ඇත.ගම  තුල පවුලේ පැවැත්ම හා ගම නාගරිකරනය තුල පවුල් සoස්ථාව තුල ඇතිවන වෙනස්කම් හා ජීවිත වලට ඉන් සිදු වන බලපෑම් ඉතා චමත්කාර ජනක ලෙස කතාව තුල ගෙනෙයි ..
                                                                      මෙම කතාව ගැන කතා කිරිමට මා හට සිතෙහි අසාව උපන්නෙ මෙම කතාව තුල අපේ ජීවිත වලට සිදුවූ සැබැ කතාවක් මේ තුල ගැබ්ව ඇති බවට හැගි ගිය බැවිනි .විශේෂයෙන්ම නුතන පවුල් සoස්ථාව තුල ඇති ගැටුම් හා ජීවිත වල කඩා වැටිම් මේ කතාව කියවන විට නිතැතින්ම මගේ සිහියට නැගුනු අනෙක් කරුණයි ..
             නුතන පවුල තුල අපි බොඩිම් කාරයින් වී ඇති ද යන්න තමාගෙන්ම අසා ගත යුතු ප්‍රශ්නයකි ..මා එසේ ප්‍රකාශ කරනුයේ එකට වඩී වී පවුලේ අය කැම ගන්නෙ සිoහල අලුත් අවුරුද්ද දා පමණක් යන තැනට දැන ගම ද දැන් පත්ව ඇත ..(මට  පෙනෙන  අකාරයට )මෙ තත්ත්වයට අපි තාක්ෂණය පාවිච්චියට ගන්නා ආකාරය ද බලපාන බව පෙනෙන කරුණකි...මෙම තත්ත්වය තුල දෙමාපිය දූ දරු සබැඳියාව බිඳවැටීම පුදුමයක් නොවනු නිසැකය ...



ප.ලි 
මේ හා අදාළ කරුණු ඇත්නම් ලින්කු  ඉදිරිපත් කිරිමට කරුනික වන්න
                      

8 comments:

  1. අදයි මේ පැත්තට ආවේ. බ්ලොගේට සුභ පැතුම් සහෝ. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. @Chathuranga Priyashad
      බොහොම ස්තුතියි දිගටම ඉන්න

      Delete
  2. // නුතන පවුල තුල අපි බොඩිම් කාරයින් වී ඇති ද යන්න තමාගෙන්ම අසා ගත යුතු ප්‍රශ්නයකි ..// වැදගත් අදහසක්! word verification අයින් කරන්න.

    ReplyDelete
    Replies
    1. @දිලිනි බොහොම ස්තුතියි ...
      මට මගේම නොවන pc එකකින් blog කොටන නිසා තමා ..word verification
      මම හදන්නම් ......

      Delete
  3. මමත් මාතලන්ගෙ සින්ඩ්ය හරහයි මේ පැත්තට ආවෙ. දිගටම හොද අර්ථවත් දේ ලියන්න ලැබෙන්න කියලා සුබපතනවා.... ඔබට ජය!!!

    ReplyDelete
  4. @කරත්ත රොදය
    බොහොම ස්තුතියි ...පිලිගන්නවා මේ පැත්තට

    ReplyDelete
  5. මම මේ පොත නම් කියවා නැහැ.. නමුත් ඔය කියන ගම/නගර තේමාව යටතේ දුවන පොත් ගැන මට පුද්ගලිකව පොඩි ගැටළුවක් තියෙනවා.. මොකද අද වෙද්දී ඔය කියන විදියේ පරම පවිත්‍ර නිකැළැල් අස්පර්ශ ගමක් කියල එකක් මේ හුන්ඩුව ඇතුළේ තියෙනවා කියන දේ මට නම් පිළිගන්න බැරි නිසා.. කොටින්ම මීමුරේ නාකුළුගමුවේ ඌරගස්මං හංදියේ අටකලම්පන්නේ දාච්චිගලේ කොල්ලා කුරුට්ටා අතෙත් ස්මාට් ෆෝන් තියෙනවා.. තාක්ෂනය සියලු සීමා මායිම් පරාජය කරමින් සියල්ල අතික්‍රමණය කරනවා. එහෙව් ලෝකෙක මොන ගම් ද? මොන නගර ද?

    පොත කියවලාම ඉතුරු ටික ලියන්නම්..

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ 100%ක් ඇත්ත දැන් තත්වය ඔක තමා ..අපි තාක්ෂණය ගන්න ඕනි අපේ දෙවල් අයින් කරලා නෙවෙයි...දැන් සමාජ,පවුල් ප්‍රශ්න 75% වැඩි ප්‍රමාණයකට මෙ අපි තාක්ෂණය භාවිතය වැරදි බලපෑම් කරලා තියෙන්නෙ (මට හිතෙන හැටි )

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.