10 December, 2013

වැඩක් නොකර ගොඩ යන රහස හෙලිවේ ...

ලියන්නට හිතාගෙන හිටපු කතාව පස්සේ ලියනවා කියලා හිතාගෙන මෙක ගැන ලියන්න හිතුනා ..හැමොම කැමතිනේ වැඩි  වැඩක් නොකර ගොඩ යන්න ඒ කියන්නේ කරන වැඩ කිරි ගහට මොල් ගහෙන් ඇන්නා වගේ කර ගන්න  ... 
                         අද දෙසැම්බර් 10 ආ.පො.ස  සා /පෙ පටන් ගන්න දවස ...මෙ කතාවට හෙතු වුණු කෙනාත් සා/පෙ කරන පොරක් ය  ..
                                                                           කෙසේ වුවද මේ අවුරුදු 6ක 7ක  සිට අපේ රටේ ඇයොන්ට පුදුම නැකත් පිස්සුවක් හැදිගෙන එනවා වාගෙය ..මුලින්ම මෙය අපේ බවලත් උදවියට හැදුනද දැන් දැන් පිරිමි පාර්ශවයටත් හොදට හැදිගෙන එන හැඩය .. 
                                                                      එදා සිට අපේ ක්‍රමය නැකතට වැඩ කිරිම බව කෙනෙකුට තර්ක කල හැක. නමුත්  අපි කුඩා කලයේ නැකත මේ තරම් විකුණා ගෙන කැවේ නැත  .ගමෙ නම් වෙද මහතා හෝ ගමේ පන්සලේ ලොකු හමුදුරුවෝ බුලත් අතක් දුන් පසු නැකතක් සදා දුන්නාය..
                                                                           දැන් එක ගමකට නැකත් බලන අය 4/5 පමණ සිටියි ..ඒ අය පත්තරෙන් ඉගෙන ගත් අය බව කතා කරන විට පෙනේ .කොපමණකට්ටිය සිටිය ද නැකතක් බලා ගන්න පොලිම් වල නම් අඩුවක් නැත ..විශේෂයෙන්ම විභාගයක් ලං වු විට තත්වය ඉතා බර පතලය ..
                                              නැකතකින් කරනුයේ මා දන්නා පරිදි ශුභ වෙලාවන් සදා දිමය (දන්නා පරිදි )....කෙසේ වෙතත් නැකැත් සදා ගන්නා එන මිනිසුන්ගේ  දියුණුවක් වඩා සිදු වන්නේ නැකත සාදන්නා ගේ දියුණුව නම් දිනෙන් දින ඉහල යන බව ම දුටු ප්‍රධාන කරණයකි ...බුදු දහමින් පවා එතරම් සැලකිල්ලක් නොදක්වන ලෙස කී දෙයක් පිලිබදව  අපි මෙතරම් දුවනු මන්ද ....එන මිනිසුන් බොහෝ පිරිසක් ප්‍රශ්න හමුවේ පිඩිත ජනතාවය ....
                                                                               මෙය අපේ රටේ ලොක්කා සිට ප්‍රචාරය දෙන  වැඩක් ය ..ගුරා හිටගෙන චු කරන කොට ගෝලයෝ දුව දුව චු කරනවා යන්න කියමනක් තියෙන්නෙ නිකන් නොවෙය ..ලොක්කා ගොඩ යන්නෙ නැකැත් නිසා යන්න මිනිසුන් සිතිම පුදුමයක් නොවේ මන්ද එතරම් විශ්ම කර්ම කරන පුද්ගලයින් ලොක්කා ගාව සිටින බැවිනි ..නමුත් සැබැ දේ නම් ලොක්කා ගොඩ යන්නෙ අපේ මිනිසුන් රැවටි කතිරය ගසන බැවිනි ..
                                                            එය එසේ සිදු වුවාට මo පොරට පඩුවක් නැත .මොකද මගේ කතිර කොල කැල්ලද ලොක්කාටය ...කියන්න ගිය කතාව සහමුලින්ම වෙනතක ගියා වාගෙය ...කරන්න දෙයක් නැත ...
                        මාගේ ස/පෙ කොරන කතා නායක තුමා විභාගයක් වෙනුවෙන් මෙලො පඩමක් කරපු නැති පොරකි ..කොටින්ම අවසාන කාලයේ පාසල පැත්ත පලාතේ ගියේ නැත .මo සිතා ගෙන සිටියේ පොර සා/පෙ කරන්නෙ නැතිය කියාය ..නමුත් අද උදේ කිරි කොකා වගේ දත් ටික එලියට දමා ගෙන පොර පාරේ හිටගෙනය මට ෆුල් හොල්මන් ය ..මු මොනවා ලියන්න යනවාද යන්න මටම ගැටලුවකි ..පොර බස් යන තුරු පරෙ හිට ගෙන ය ..යන පාටක් නැතිය මටත් ඔන නැති කුණු ගොඩක් නැතිය ..ටිකක් කිට්ටු කරලා ඇහුවා  මොකද මල්ලි බස් යනකන් පාරේ..  යන්නෙ නැත්ද ??පොර ගත් කටටම මට කියපි  අපේ අම්මා නැකතක් හදලා තියෙන්නේ ඒ වෙලාවට යන්න ඉන්නෙ කියලා .. 
                                                                                    මට අහවල් තැන් වලින්ද හිනා විසිවින පොරට ශාලාවේ වාඩි ගන්නද නැකතක් සදා දි තිබිණ...පොරගේ අම්මා ද හොද නැකැත් කරියක් ලෙස ප්‍රසිද්ධය ..මට ඒ බව අමතක වී තිබිණ .මෙතරම් කාලයක් රස්තියාදු ගහන්න ඉඩ දිලා දැන් මොන නැකැත් ද කියලා මට හිතුනා ..එත් පොරගේ අම්මා එකෙන්ම ගොඩ යන නැකැත් සෙට් එකක් හදලා දිලාය එක නිසා පොර ගොඩ යනු ඇත (පොර ගේ සිතුවිල්ල එසේය )අපි ශිෂ්‍යත්ව ලියන කාලයේදී නම් අපේ අම්මාත් ශාලාවෙ වාඩි ගන්න නැකතක් සදා තිබුනා මතකය නමුත් වාඩි උනාද නැත්ද මතක නැතිය ..
                                         දැන් අපේ උන් දියුණු වෙන රහස නැකත යන  තැනට ඇවිත් ය ...දියුණු වුණු මිනිසෙකු ගෙන් නැකත් ගැන ඇසුවහොත් කණට දෙකක් දි නැකතේ රහස කියනු ඇත ..ඕනම් දෙයක් ඕනාවට වඩා ඕනම් නැතිය ..නැකැත් ද එසේ දෙයක් යන්න  මගේ හැගිමයි 

ප.ලි 
ලිපිය දිග වැඩි බව මට ද තෙරුනු නමුත් කරන්නට දෙයක් නැත ..අකුරු අඩු පාඩු ගැන සමාව අයදිමි ...
                                              
                                                       
                                                  
                                                                                                

35 comments:

  1. අකුරු ගැන හා කියවීමේදි තිබිය යු.තු සටහනේ පැහැදිලි කම ගැන අවධානය යොමු කරන්න... ජය වේවා

    ReplyDelete
    Replies
    1. පිලි ගන්නවා මුලින්ම ...
      අකුරු පොඩි අවුලක් තියෙනවා මම ලියන හැම එකකම ..හදන්න ට්‍රයි කරනවා ...
      ස්තුතියි දේශක තුමා ..

      Delete
  2. අහලා බලපන් අද හැන්දෑවට ගිහිල්ලා කොල්ලාට උත්තර ටික ඉබේම වගේ ලියවෙලා ද කියලා?

    ReplyDelete
    Replies
    1. අහන්න දෙයක් නෑ නැකතේ බලෙන් මිනිහා ගොඩ ...:D

      Delete
  3. හොයල බලපන් ඔක්කොම උත්තර ඉබේම ඔලුවට එන තෙලක් එහෙම අම්ම ගාගන්න දුන්නද දන්නෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. Hoda deyak. Kaata hari vaedagath deyak liyanavanam Post eka akkara deka thunak dik unath aulak na.

      ekata hodama udaharane thama me halapa aiya.

      Delete
    2. පිලිගන්නවා හැලප අයියාව
      @Helapa kade අපේ උන්ට එහෙම දෙයක් තියෙනවා කියලා මොන ජරාව දුන්නත් ගනි ...

      @ප්‍රියා මට තම බැරි උනා හැලප කතාවක් කියවන්න ...බලන්නම්

      Delete
  4. Ape minissu godak ohoma thamaa saho. Ohoma idala vibage aena gaththama gedara un ara nakatha hadapu ekage ammata ahaval vade karanna kiyakiya e ahinsaka manussayava mathak karai

    ReplyDelete
    Replies
    1. එක තමා මාත් මේ කියන්නෙ අපේ මිනිස්සු ඕන නැති දෙයක් වැඩියෙන් බදා ගන්න හදන්නෙඉට පස්සේ නැති ප්‍රශ්න ..උදෙට බුදුන් වදින එක ඇති මිනිස්සුන්ට ...

      Delete
  5. Anonymous12/10/2013

    නැකත දිහාම බලාගෙන ඉඳල අන්තිමට නැකත් පතේ තමයි

    ReplyDelete
    Replies
    1. ඇනොට තමා හොදටම තෙරිලා තියෙන්නෙ
      :D

      Delete
  6. නැකතෙන් වෙන හොඳ දෙයක් තමයි මිනිස්සු වෙලාවට වැඩ කරන එක! 'කාර්යාලයේ වැඩ පටන් ගන්නා නැකත' කිව්වොත් කට්ටිය ම ගාණට ඒ වෙලාවට වැඩ පටන් ගනී. :DD

    ReplyDelete
    Replies
    1. නැකතෙන් හොද දෙවල් වෙනවා ..හැබැයි ඔය කියන තරම් දෙයක් කරන්න බෑ ...කර්යාල ගැන නම් කතා කරන්න එපා ..රජයේ එවා නම් නැකතටම තමා වැඩ ..නැකත එනකන් මෙලෝ දෙයක් කර ගන්න බෑ ..කියක් හරි දුන්නොත් අන්න නැකත ....:D :D

      Delete
    2. //..හැබැයි ඔය කියන තරම් දෙයක් කරන්න බෑ ...// ඇත්ත. නැකත් බලල කරපු වැඩ කීයක් නම් වැරදිලා ඇද්ද? මේ වගේ දේවල් ගැන විධිමත් ව හොයල බලනව නම් වැදගත්!

      Delete
    3. එකටත් තවම නැකත නෑ එකනේ තවමත් අපේ රට මේ විදිහට...:D

      Delete
  7. ඒ විතරක් ද...මතුරපු පිරිත් කරපු පෑනුත් විකුණන්න තියෙන්නෙ..සමහොර නැකපති උන් ලඟ.....

    ReplyDelete
    Replies
    1. @Kandyan පිලි ගන්නවා මෙ පැත්තට ...
      කතාව සහතික ඇත්ත වැඩෙ තියෙන්නේ අපේ අය එවා ඔනාවට වඩා ඔලුවට ගන්න එකනෙ ...පිරිත් වලින්ම ගොඩ යන්න බලන්නෙ ....

      Delete
  8. මම ජෝතිෂ්‍ය පිලිගත්තට නැකත් පිලිගන්නෙ නෑ.. නමුත් අර උඩ කියලා තියෙනවා වගේ, වෙලාවකට වැඩක් කරන්නෙ නැති. කාළකන්නි රටක නැකතටවත් වැඩ කරන එක ළොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔය හැම දෙම තරමක් හෝ ඇත්තක් තිබුන නිසා තමයි මෙච්චර කාලයක් පැවතුනෙ ...එත් අපේ අය ජීවිතෙ හැම දෙටම ඔක ගව ගන්න ගියාම වැඩෙ අවුල් යනවානේ ...

      Delete
  9. මේවා සිම්පල් වැඩනේ සහෝදරයා.අපේ මනුස්සයො කුණු වැව් වලට පිරිත් කියලා බවුසර් වලින් ඒවා බෙදුවට පස්සේ අපේ අයත් අනේ සාදු සාදු කියලා වදින රටේ මෙව්වත් කජ්ජක්ද??

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ඇයි දොලුකන්දේ හාමුදුරුඑහෙම කරේ අපේ අයත් සූ ගලා ගියේ වැදගෙන ....

      Delete
    2. දොලා ගැන තමයි මාත් කිව්වේ....හනේ අපේ උපාසක උන්දලා දැනටමත් හත් අට පොලකින් නිවන් යන්නත් ඇති...සාදු සාදු

      Delete
    3. කියලා වැඩක් නෑ මල් අපේ ඔය දියවන්නාවෙ ඇයෝත් හරියට දොලා පස්සෙ ගියා ,මට කවුද කියලා හරියටම මතක නෑ (ඔවා කියන්න ගිහින් මම නිකන්ම ජෙප්පා වෙනවා මල් )

      Delete
  10. නැකත හඳහන මේවා නිසා මිනිස්සුන්ව බය කරන් කඩා වඩා ගන්න පොරවල් දැන් එමටය :P

    ReplyDelete
    Replies
    1. පිලි ගන්නවා ෂැගි ....
      නැකත ,හදහන් මෙවා ඇත්තක් නෑතුවම නෙවි ...ඔබ කියන අකාරයය කඩා වඩා ගෙන කන එක දැන් දැන් එන්න එන්නම වැඩිය ....

      Delete
  11. මිනිස්සු පිස්සුවෙන් බං ඕවා පස්සේ යන්නේ....හැබැයි ඒ වෙනකම් කරන්න පුළුවන් දහ ජරා වැඩ ඔක්කොම කරනවා...

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා නාඩියා ව ......
      ඇත්ත වැඩෙ කියන්නෙ මිනිස්සු ඔක්කෝම වැඩ ටික මෙ වගෙන් ගොඩ දා ගන්න හදනවා නේ (කෙල්ල වශි කරගන්න වගේ දෙවලුත් )...එතන තමා අවුල ...

      Delete
  12. Replies
    1. මොකටද හා කියන්නෙ?????

      Delete
  13. අදමයි ආවේ.. නක්ෂත්‍රය කියන්නේ වැදගත් දෙයක්.. ඒක නොවැදගත් දේට යොදාගැනීමේ තමා වරද.. කනබොන රෙන සහ රමණය කරන හැම එකටම නැකත් හදන්න ගියාම නක්ෂත්‍රය කියන සාස්තරය විහිළුවට ලක්වීම වලක්වන්න බෑ තමා..

    ReplyDelete
    Replies
    1. පිලිගන්වා තහනම් වචන කියන දේ ....හැබැයි වැඩක් නොකර ඉදලා ඔය වගේ දේවල් කරා කියලා වැඩක් වෙයිද????සාස්තරය මම විහිළුවට ලක් කරේ නෑ මම කියන්නෙ මේ දේවල් මිනිස්සු යොදා ගන්න ක්‍රමයේ පොඩි ගැටලුවක් තියෙනවා කියලා විතරයි ,,,,නැතුව ඔය පිරිත් නුලකින් මොනාද කරන්න පුලුවන් කියලා වගේ මොඩ ප්‍රශ්නයක් අහන්න නෙවි මම හැදුවේ...

      Delete
  14. වැඩක් කරනව නම් නැකත් බල්ලට රාලේ වැඩක් කරන්න ඕන හිතේහය්ය විතරය්. මට නම් හිතෙන්නෙ ඒමය්. කෝමත් මං ඔය නැකත් කාරයන්ට කැමතිම නෑනෙ. උන් අපේ මොලේ තවත් මෝල් කරනව විතරය්. නැද්ද හා

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි නැකැත් ඕනි එවා අපිට එපා ,හොද නෑ ,වැඩක් නෑ කියලා අයින් කරන්න හොඳ නෑ .නැකත් කියන්නෙ අපේ සස්oස්කෘතියේ කොටසක් අපි එකෙන් බැහැර වෙන්නත් බෑ ..හැබැයි කිසිම වැඩක් නොකර හිටියොත් මොකුත් නෑ .

      Delete
  15. අපේ දෙමව්පියන්ට නං ඔහොම උණකත් තිබුනේ නෑ. එනිසා පාසල් විභාග ටික පාස් වුණා.

    හැබැයි මගුලට නං නැකත් බැලුවා, සිරිත් නිසා අර පෝරුවට නගින්න වගේ එවා අතහරින්න බෑනේ සංස්කෘතිමය ප්‍රශ්න නිසා.

    ඒත් අපේ තාත්තයි අම්මයි නං ඕවා එකක්වත් කරලා නෑ.

    ReplyDelete
    Replies
    1. මම ඔබෙ කතාව හා 100% එකඟයි ,
      අපි අපේ සංස්කෘතියටඅවනත නොවි වැඩ කරන් බෑ හැබයි ජිවිතෙ වැඩක් නොකර මේ වගේ දෙවල් වලින් ගොඩයන්න පුලුවන් කියලා කරන බොරු වැඩ වලට මම කැමති නෑ .මොකද එ නිසා ඇත්ත දෙත් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා යම් තැනක දි .

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.