08 November, 2013

අපි උන් වගෙද???උන් අපි වගේ ද????




           මිනිසා සතුන්ගෙන් වෙනස් වෙන්නේ මුලිකවම මනසින් උසස් යන්න පිලිගැනිම මතයි   .නමුත් මේ මනසින් උසස් නැත්නම් අපේ අයගේ මොලේ වැඩි කම නිසාම අපි අවුල් ගොඩක පැටලිලා ,…
                                                            විශේෂයෙන්ම සතුන්ගෙන් අපි වෙනස් වන ප්‍රධානකරුණක් තමයි හැගිම් හා බැදිම් .මිනිස්සු වෙච්ච අපි ජිවත් වෙන්නෙ මේ හැඟීම් බැදිම් නඩත්තු කරන එක තුලයි ..අපි ජිවත් වන කාලය පුරාවටම මේ හැගිම් බැඳීම් ටික නඩත්තු කරනවා  එහෙම කරන්නෙ අපි සතුන්ට වඩා උසස් බුද්ධියක් තියෙන නිසාලු
                                  ඇත්තටම එත්කොට සත්තුන්ට මිනිස්සුන්ට දැනෙනෙ හැගිම් (ආදරය ,කරුණාව ,ශෘoගාරය )දැනෙන්නේ නැත්ද ????අපිට ආගම දහමේ පවා කියලා දෙනවා සතුන්ට අපි දක්වන ආදරය  කරුණාව උන්ට දැනෙනවා කියලා ..නමුත් මේ ලග දී දවසක සහෝදර ගේ නිවසට පැමිණි උගත් මහත්මයෙකු පරේ යන බල්ලන් ජොඩුවක් පෙන්වා කිවේ බලන්න උන්ගේ තියෙන ආදරය මේ ආදරය දැන් ඉන්න මිනිස්සු ලග නැනෙ
                                                       ඇත්තටම සත්තු මෙහෙම හැසුරෙන්නෙ උන් අපිට ආදරය ගැන පාඩම් කියලා දෙන්නද ???මම නම් හිතන්නෙ පොදුවේ සත්තු ලග හැඟීම් දෙකක් තියෙනවා
 
1-ඌට ළගින් ඉන්න අනෙකා තර්ජනයක් නම් ඇත් වෙන එක
2-    අනික තර්ජනය අවම තැනට o විම

නැතුව උන්ගාව ආදරයක් තියෙනවාද නැත්ද යන්න හරියටම කියන්න බෑ .නමුත් සත්තු මිනිස්සු වගේ දිර්ඝ කාලින බැදිම් නම් ඇති කර ගන්නෙ නෑ ..(මට හිතෙන හැටියට )අපි කවුරුත් දන්න දෙයක් තමයි සතුන් සොබාදහමේ නියමයන්ට අනුකුලව ජිවත් වන බව ඇත්තටම එතකොට මී මැස්සා මී වදයක් බැන්දේ අපිට එකමුතුකම ගැන   කියලා දෙන්නද ??හැබැයි අපිට ඔය කතාවෙන් එකමුතු කම ගැන අපුරු පාඩමක් කියලා දුන්නා ..එතකොට වේයා බැන්ද හුඹසට නයා රිංගුවේ එකමුතුකම ගැන කියලා දෙන්නද ???
                                           එතකොට අර පාරේ බලු ජොඩුව එකට ගියේ අපිට ආදරය ගැන කියලා දෙන්නද ??????...අපිට පොඩි කාලේ  වෙල් අයිනේ හෙලවෙන්නෙ නැතුව  ඉන්න කොක්කු පෙන්නලා අච්චි කියනවා අන්න පුතේ කොක්කු සිල් අරන් කියලා..ඉතින් අපි එකෙන් දැන ගත්තා සිල් ගත්ත දවසට  දග නොකර ඉන්න .

                                        ඉතින් මට නම් හිතෙන්නෙ ඔය සත්තුත් love කරනවා කියන්නේ කොකා සිල් ගන්නවා  වගේ දෙයක් කියලා   මොකද නැත්නම් සත්තු බිහි කරන පැටැවු අනේ මේ අපේ අම්මා මේ අපේ තාත්තා කියලා වයසට යනකොටත් බලා ගන්න ඕනිනේ ..කෝ එහෙම වෙනවද ?(එහෙම නොකරන උන් සත්තු )නෑ ..මේ සොබාදහම අපි වෙනමම බලන්න ඔනි දෙයක්   මිනිසා හැරුනු කොට අනෙක් සත්තු ලග හැඟීම් තියෙනවා උන්ගේ පැවැත්මට නැතුව මේ පාඩම් කියලා දෙන්න නෙවෙයි ..

අයේ කියන්න එපා සත්තු පැටවුන්ට කිරි දෙන්නෙ කියලා මිනිස් මවක් කිරිදිම පිලිබඳව ඇත්තේ වෙනම කතාන්දරයක් ..අපි කවදාවත් මිනිස්සුගේ වැඩයි සත්තුන්ගේ වැඩයි පටලවා ගන්න හොඳ නෑ ආදර්ශය ගත්තට අවුලක් නෑ .හැබැයි සත්තු කරන වැඩ කරන්න ගිහින් නිකන් පිචo වෙන ඇයොත් අපි අතර ඕනි තරම් ඉන්නවා

.ලි
අපි හරිම උසස් බුද්ධිමත් අපුරු මිනිස්සුනේ ….

15 comments:

  1. Anonymous11/08/2013

    මල්ලි ෆොන්ට් එක අවුල් ගිහින්ද ඈ

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඒ වගේ තමයි

      Delete
  2. ඌ මට ගැහුවා මට ඌ ගැහුව වගේද? හ්ම් හිතන්න දෙයක්..
    බ්ලොගය දිගටම කරගෙන යන්න සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete
  3. බ්ලොග් ලෝකේ අලුත් සහෝදරයෙක් වගේ.....
    තව ටික චූටි ෆොන්ට් එකකින් ලිව්වා නම් ගොඩක් හොඳයි.
    ඉදිරි ගමනට ජය වේවා.....!!!!!!

    ReplyDelete
    Replies
    1. //// බ්ලොග් ලෝකේ අලුත් සහෝදරයෙක් වගේ.....////
      මම අලුත් ඒ කතව හරි ...
      @ රන්දුනු ස්තූතියි

      Delete
  4. වැඩි වෙනසක් නැද්ද මන්දා

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න සමහර අය දිහා බැලුවම එහෙමත් හිතෙනවා ///
      ස්තුතියි යකා මේ පැත්තට ගොඩ වැදුනට

      Delete
  5. ඔයා ඡේදය පටන් ගන්න කලින් ටැබ් තියනවා ඒක අවුල්. අනික ඡේද අතර නියමිත පරතරය තියන්න පුරුදු වෙන්න. මේවා හැමදාම කියන්න බෑ හොදේ..

    කතාව ගැන කියනවනං ලෝකය පවතින්නේ මේ විවිධත්වය නිසා තමා. හරියට තරාදිය වගේ එක පැත්තක්වත් වැඩි වෙන්න බෑ. එහෙම වැඩි උනොත් ස්වාභාවිකවම ඒක සමබර කරනවා. එහෙම නොවුනොත් බලෙන් කරන්න වෙනවා.. ඒකයි සිද්ෂිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශක තුමා උපදෙස් වලට ....මම හදගන්න උත්සහ කරන්නම් ඉදිරියට ඔය වගේ වැරදි නැති වෙන්න

      Delete
    2. ගණං ගන්න එපා.. හදාගන්න ඕන නිසයි කියන්නේ හදිස්සියකුත් නෑ පොඩ්ඩක් හිතුවම මදෑ

      Delete
    3. තම අලුත් නේ පුරුදු නෑ ...ඉස්සරහට හදා ගන්නම් ...මටමනෙ හොද හදා ගත්තොත් ...
      අයෙත් ස්තුතියි

      Delete
    4. හැක් හැක්.. අන්න එහෙම එන්න... අපි වෙනුවෙන් අපි

      Delete
  6. ඇත්ත ඇත්ත. හැබැයි ආදරය, කරුණාව ගැන වුණත් අපට සත්තුන් ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.

    ReplyDelete
    Replies
    1. උන් ලඟ අපිට වඩා හොද ගතිගුණ ඇති එවා අපේ වගේ බැදිම් නෙවෙයි. එවා උන් ජිවිතය පවත්වා ගෙන යන්න කරන අනුවර්තන විතරයි ,,,

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.