06 May, 2014

වෙසක් වලට කලින්ම ............

සිංහල ක්‍රමයට අනුව මේ මාසය වෙසක් මාසයයි .....වෙසක් කිව්වාම මතක් වෙන්නෙ වෙසක් සැරසිලි ,දැන්සැල් එහෙමත් තියෙනවා,පොසොන් එකට තරම් නැති උනත් ....දන්සැල් කතා පසුවට ,මේ වෙසක් කතා ...

ඉස්සර අපි වෙසක් කුඩු හැදුවේ උණ බට වලින්,බට කොටු,කිතුල් ඉරටු වලින් වගේ දෙවල් වලින් දැන් නම් ලෙසි නිසා කඩෙන් ගන්නවා.අපි ඉස්සර වෙසක් කූඩු වලට බට කපන්න යන්නෙ සයිමන් කියලා මනුස්සයා ගේ වත්තට,මනුස්සයා අපිට බට දෙන්නෙ නෑ,ඒ දවස් වල උණ බටයක් රුපියල් තිහකට වගේ මේ මනුස්සයා විකුණනවා,ඒ උණ පදුර තිබුණේ ඔය අයිනේ එක රජයේ ඉඩමක් මනුස්සයා ගේ අල්ලපු ඉඩම බට දෙන්නෙ නැති වුණත් අපි කරන්නෙ ඔය දිගේ ගිහින් කියතක් අරන් ගිහින් උණ පදුරට වැඩේ දිලා හොර කුරුම්බාත් කනවා උණ බටයක් දුන්නෙ නැති තරහට,පස්සෙ උණ ගහේ අතු කැලි දානවා අල්ලපු වත්තට,මොකද අල්ලපු වත්තෙ මනුස්සයා එක්ක සයිමන් වැට මයිමට නිතරම වලි,උණ ගහ කරේ තියන් යනවා කැලි වලට කපා ගෙන.අරන් ගිහින් ඉස්කෝල තමා කුඩුව හදන්නෙ,ටිකක් රෑ වෙනකන් ඉතිං ඉස්කොලේ තමයි රෑ වෙනකන් ඉදලා යනවා අර මනුස්සයා ගේ වත්තට,කඩනවා හොර කුරුම්බා බිලා ගෙදර ඉස්සරහින් ලස්සනට ගොඩ ගහනවා කොම්බ ටික ඇතුල්ට මුත්‍රා පුරවනවා පුළුවන් උන්..පස්සෙ එහෙන් මෙහෙන් හැංගිලා එක එක්කෙනා ගල් එකතු කරන් වහලෙට ගල් ගහනවා ගෙදර එලියක් පෙනකොට අපි දුවලා ඉවරයි ....


තව අපි වෙසක් කාලේට සරුංගල් යවනවා,එක එක විදියේ සරුංගල් හදාගෙන වෙලට තමා යන්නෙ,එතනයත් එක එක වලි සරුංගල් කණ්ඩායම් අතර ...

ඔය අතුරු කතා ...ඉස්කොලේ කුඩු හැදුවේ පංති පංති අතර තරගෙට වගේ,එක සැරයක් අපි නෙළුම් මල් හතක් හැදුවා තල් කොළ,හබරල කොළ වගේ ස්වාභාවික දෙවල් වලින් සිදුහත් කුමරු රූපයක් කඩදාසි පල් කරලා හැදුවා ලඟ ලඟ තිබුන පොඩි ඉස්කොල වලින් පවා අවා එක බලන්න..පත්තරේත් ගියා ද මතක නෑ. කොම උනත් දැන් අපි කරන්නෙ වෙසක් කුඩු,බකට් කඩෙන් අරන් ගිහින් එල්ල ගන්න එකනේ.අද සරල ක්‍රමයක් කියලා දෙන්නම් කුඩුවක් හදන විදිය ගැන බකට් ගැන කියලා දෙනවා නම් පින්තුර කැලි අවශ්‍ය වෙනවා ,මේ කුඩුවව හරි සරල ඉතාම ඉක්මනින් හදා ගන්න පුළුවන් ගොඩක් දෙනෙක් දන්නවා ඇති,මේ නොදන්න අයට,ලොකු කුඩු නම් බෑ පොඩි අට පට්ටමක් වගේ දෙයක් හදා ගන්න පුළුවන් ..

අවශ්‍යය ද්‍රව්‍ය :-

  • බීම බට
  • ඉටිපන්දමක් 
  • කතුරක් 
  • සවු කඩදාසි 
  • හොද මැලියම් වර්ගයක්  

 මුලින්ම බීම බට එක සමාන වෙන්න කපා ගන්න,අවශ්‍යය නම් තනි  බටයක්ම ගන්න ,බට කෑලි දෙකක් අරන් ඉටි පන්දමේ දැල්ලට යන්තමින් කිට්ටු කරලා උණු වෙන විටම අලවා ගන්න,අතින් උණු උන බටේ කොණ තද කරන්න ඕන.ඔය විදියට අලව ගත්ත සැකිල්ලට ගම් වලින් සව් කඩදාසි අලවා ගන්න පුළුවන් ඕන විදියට,සල්ලිත් ඉතුරුයි වැඩෙ සරලයි..වාහන තියෙන අය ඔය පොඩි පොඩි කුඩු එල්ල ගන්න ඕන නම් බීම බටය හතරට වගේ කපලා කුඩුවක් මේ විදියට හදා ගන්න ....


 ප.ලි
කතාවක් ලියන්න කියලා හිතාගෙන පටන් ගත්තට ලියන්න  හිතෙන්නෙ නෑ,එහෙනම් නිවාඩු වෙලාවක කුඩු හදලා බලන එකයි තියෙන්නෙ ...පොඩි ළමයින්න්ට නම් කරන්න දෙන්න එපා බට අලවන එක,ඒ අයට සවු කඩදාසි අලවන්න බැරියෑ

47 comments:

  1. පින්තුර නැති එක නං අවුලක්... අපිත් ඉස්කෝලේදි කඩදාසි පල්ප හදලා හැදුවා මිහින්තලේ පොඩි ආකෘතියක් පොසොන් වලට... දැං කාලේ ඕව කරන එකක් යැ. බං.. කඩේ ගියා ගත්තා ලස්සන කූඩුවක් එල්ලුවා.. එච්චරයි.. මම නං පොඩි එකත් එක්ක දවසක්ම වෙසක් කුඩු හදනවා..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං ඔය පල්ප වැඩ කියලා දෙන්නෙ නෑනේ,ඔය බීම බට කුඩුව පොඩ්ඩක් උත්සහ කරලා බලන්න ඉක්මනින් හදා ගන්න පුළුවන් ,හරිම සරලයි ,බලමු ෆොටෝ ටිකක් දාන්න ..

      Delete
  2. මම නං හදන්නෙ උනබට රබර් බෑන්ඩ් කූඩුව. ලේසියි ශක්තිමත්

    ReplyDelete
    Replies
    1. එකත් ලෙසි මෙකත් බලන්න හරිම ලෙසි ඉක්මන්,පොඩි එකක් මේ සැරෙ හදලා බලන්න වෙනසකට එක්ක

      Delete
    2. Anonymous5/07/2014

      අයි ඔ්ල් සෝ..

      Delete
  3. පින්තූර දාපන්කෝ බං , ඔහොම් ඒවත් හදලා විකුනන්න තියෙනවා දැන්...

    ReplyDelete
    Replies
    1. පින්තුර ටිකක් දාන්නම් ,කඩෙන් ගන්න ගියාම ගාණ ඇහුවාම කූඩු එපා වෙනවා

      Delete
  4. අවුරුදු දෙක තුනකින් කූඩු හැදුවෙ නෑ බං. කඩෙන් අරන් එල්ලනවා මිසක්.… බලමු බලමු මේ පාර වත්.……

    ReplyDelete
    Replies
    1. වැඩ එක්ක වෙලා නෑ තමයි ,ඔය උඩින් තියෙනවා වගේ සරල කුඩු හදන්න ලෙසි පොඩ්ඩක් බලන්න

      Delete
  5. නාගරීකරණය විසින් ළමා කාලයේ ලබා ගැනීමට තිබූ වින්දනීය මතකයන් උදුරගන්න හැටි ........................

    ReplyDelete
    Replies
    1. එකගයි ,ළමා කාලයේ සුන්දර මතකයන්

      Delete
  6. බට සුද්ද කර ගන්න තැනක් දන්නෙ නැද්ද මාමේ..

    ReplyDelete
    Replies
    1. මාමේ..///හැක් අඩු වයසින්ම මාමා වෙන්න චැන්ස් එකක් ආවා ,
      දැන් ඉන්න අය බට සුද්ධ කර කර කරනවද කියන එකනම් ගැටලුවක් පුතේ......

      Delete
    2. http://atw-cmb.blogspot.com/2012/11/blog-post_13.html

      Delete
    3. ඒ කාලෙ නං මහ ඉස්පිරිතාලෙ 33 කාමරේ බට සුද්ද කළා මචං,දැන් නං කොහොමද දන්නෙ නෑ පොඩ්ඩක් හොයල බලහං.

      Delete
    4. Anonymous5/07/2014

      බට කෙසේ වෙතත් ජාපාල ටිකක් බිව්වනං බඩ සුද්ද වෙයි.. හැක්

      Delete
    5. Anonymous5/07/2014

      හි හි ...

      Delete
    6. මාතලන්,
      කොක්කු කීයක් මරලද ඔය බටේ සුද්ද කරන්න හදන්නෙ?

      Delete
  7. හැක් මටත් කලිං හිතිල තිබ්බ බට වලිං කෝමද කූඩු තනන්නෙ කියල...
    මේ තියෙන්නෙ යස අගෙට...
    උණ බට වලිං නෙව වෙනද හදන්නෙ... මේපාරවෙනසක් කරනව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. වෙනසකට හොදයි කරලා බලන්න ,උණ බට කුඩු වලට ගහන්න කුඩු නෑ අයේ ..

      Delete
    2. ඒක ඇත්ත මොකද තියනව නං අවුරුද්දක් වුණත් තියන්න පුලු වං...

      Delete
    3. සත්තුන් ගේ හානියක් නැත්නම් හරි ,:))

      Delete
  8. අපි පොඩි කාලෙ වෙසක් කූඩු හදාගන්න මොන කට්ටක් කෑවද,දැන් නං ඔක්කොම රෙඩිමේඩ්.

    ReplyDelete
    Replies
    1. ඒ කාපු කට්ට මොන තරම් සුන්දරද ඈ

      Delete
  9. උණගස් යායක්ම තිබුණත් අපිත් කරන්නෙ කඩෙං ගත්ත අර ප්ලාස්ටික් කූඩුවක කොළ අලෝල එල්ලන එක තමයි.

    ReplyDelete
    Replies
    1. කඩෙන් ගන්න කුඩු වගේම හොදට බීම බට වලින් හදා ගන්න පුළුවන් සවි ශක්තිය එන්නෙ කොළ ඇලව්වාම තමා

      Delete
  10. Anonymous5/07/2014

    ඕවා කරකර ඉන්න වෙලාවක් නැහැ සහෝ....දෙකක් දාගෙන ගේ ඉස්සරහ තියෙන කොක්කේ එල්ලිලා ඉන්නවා. එතකොට මටත් වටේ පේනවා. වටේ යන එවුන්ටත් මාව පේනවා :D

    ReplyDelete
    Replies
    1. හක්.....හක් .. වෙලාව නැති නිසා තමා මේ වගේ ක්ෂණික ක්‍රම තියෙන්නෙ ,
      දෙකක් දා ගත්තාම කොහොමත් ගේ ඉස්සරහා ඉන්න වෙන්නෙ ....හැක්

      Delete
    2. කාලෙකින් අරූ අංකල්ගෙන් හිනා කාල පණ යන කමෙන්ට් එකක්!
      +++++++++++++++

      Delete
  11. Anonymous5/07/2014


    ගියපාර කොන්ඩම් එකක් වගේ එකක් හැදුවා ගෙදර මනුස්සයා වෙසක් එකට කලින්ම එ්ක ගිනිතිබ්බා...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. විදානේ හදන්න වෙන හැඩයක් තිබ්බෙම නැත්ද ඈ ,ගිනි තියලා බේරුනා මැදෑ ගිලි නොකා ;))

      Delete
    2. Anonymous5/08/2014

      නෑ නෑ.. රොකට් එකක් තමයි හදන්න ට්‍රයි කලේ.. හදල ඉවර උනාම මේ මනුස්සය අහපි මේ මොකක්ද කියලා.. මටත් නිකං ඉන්න බෑනේ මම කිව්වා කාෙන්ඩම් එකක් කියලා.. එච්චරයි බඩු බනිස්..

      Delete
    3. අම්මපා විදානේ බොලා ගේ වැඩ නම් කියලා වැඩක් නෑ ,ගුටි කෑවේ නෑනේ ...

      Delete
  12. Anonymous5/07/2014

    මාත් එකක් හදනවා

    ReplyDelete
    Replies
    1. ෆොටෝ දානකන් ඉන්න පොඩ්ඩක් ,හදලා බලන්න

      Delete
  13. කලෙකින් කූඩුවක් හැදුවේ නෑ බං.. අනික අපිට ඉතින් වෙසක් කියලා දැනෙන එකක්යැ..

    ReplyDelete
    Replies
    1. පොඩි වට හදලා බලන්න ,එකත් ඇත්ත මටත් මතක් වුණේ වෙසක් සැරසිලි දැකලා :))

      Delete
  14. ඔය බට කූඩු ඉක්මනට හදාගන්න පුළුවන්, හැබැයි සවුකොල අලවනකොට තමා අවුල. කූඩුව ගැලවෙන්න බලනවා, ඒ නිසා කුඩුව හදල ජොයින්ට් වලට ගම ටිකක් දාගන්න.(මම නම් දාන්නේ සිලිකොන් ගම්.) හරිම හිමින් අලවන්න ඕනේ, අනික තමයි ගොඩක් රස්නේ පිටවෙන බල්බ් දාන්න එපා කූඩුව උණු වෙනවා, හදනකොට කූඩුව එල්ලන්න හිතාගෙන ඉන්න පැත්තේ කොන් වලට වැඩිපුර ගම දාන්න, කොන් වලින් කූඩුව එල්ලන,

    බට එකිනෙකට අලවද්දී හරි කෙලින් අලවන්න වගබලාගන්න නැත්තන් අටපට්ටමක් නැතුව නමක් නැති කුඩුවක් තමා අන්තිමට හැදුවම තියෙන්නේ. උණ බට වගේ ගලවලා හදන්නත් බෑ නෙව, ඔක්කොටම වඩා බීම බට උණු කරද්දී අතේ ඇලෙනවා අත පිච්චෙනවා, මේ වැඩේ පොඩි අය කරනවානම් පොඩි ළමයි ගැන පරිස්සමෙන් ඉන්න. මහා බබාලටත් එච්චරයි. හුලන් හමන්නේ නැති තැනක වැඩේ කරන්න ගන්න. බට හරි ගානට පුච්චන්න පුළුවන්. ජය ශ්‍රී....!!!

    ReplyDelete
    Replies
    1. මං නම් දැන් දෙතුන් වතාවක්ම හැදුවා අවුලක් උනේ නෑ,හොදට තියෙනවා,අලවන්න අමාරු උනෙත් නෑ,කොහොමත් කුඩු වලට දාන්නෙ පොඩි බල්බ් නේ ...බට අලවන එක නම් අතේ හුරුව තමා ,එච්චර අමාරු නම් නෑ ,ලොකු බාබාලට නම් අමාරුයි තමා ;))

      ගානට අලවා ගත්තොත් බට කුඩුවටත් වඩා පිලිවෙලයි ....

      Delete
    2. @ සහෝ,
      අතේ හුරුව නම් ඕනේ, හරියට හදාගත්තාම බට කූඩු කැලේ, මාරම පිළිවෙලට තියෙනවා. මම දැන් අවුරුදු 6කින් විතර කුඩුවක් හැදුවේ නෑ. මේ පාර වත් බලන්න ඕනේ.....!

      Delete
    3. මේ පාරවත් හදන්න බලන්න ,මමත් ඔය කිව්වට කූඩු හදයි ද දන්නෙ නෑ හැක් :))

      Delete
  15. අනේ මන්ද .... පොඩි කාලේ කුඩු හැදුව, ඒත් දැන් කුඩු හදන්න පුදුම කම්මලිකමක්නේ තියෙන්නේ.... ඒත් ලස්සන බලන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව දැන් කුඩුවක් හදන්න වෙලාවක් ලස්සන බලන්න කවුරුත් කැමති වෙසක් කාලේට

      Delete
  16. කූඩු හදන්න වෙන්නේ බීම බට වලින් තමා උණ ගසුත් නෑ දැන් වැඩිය.. බට ගස් වලින් තමයි තරු නෙලුම් මල් එම හැදුවේ බට පඳුරක් වත් හොයා ගත්තොත් ගෙදරම කූඩුවක් හදනවා.. ;)

    ReplyDelete
    Replies
    1. මොනවා කියනව ද අයේ දැන් හදන්නෙම බීම බට වලින් තමා වෙන එවා හොය හොය ඉන්නෙ නෑ ,,,, ;)))

      Delete
  17. මේ පැත්තෙනං බට පඳුරු වැහි වැහැල..
    ඒකටත් හරියන්න හැම සැරේම කූඩුවක් හෝ කූඩු පහ හයක් හදනව..
    ඔය කඩවලිං අරං එල්ලන කාරිය නං මට දිරවන්නෑ..

    ReplyDelete
    Replies
    1. බට පතුරු සුද්ධ කර කර ඉන්න වෙලාව තියෙනවා නම් හොදයි ,මේ වැඩෙන් කූඩුවල් හැදුවා කියන සතුට හරි ඉතුරු වෙනවා කඩෙන් ගන්නවට වඩා,

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.