14 May, 2014

අමුතු රොටි සහ සිවිල් ආරක්ෂක නිළධාරීන් සමග හේන් කතා


                                     (පින්තූරය ගුගලයා ගෙන් උස්සපු එකක්)


කතාවක් ලියන්න හිතුවට ලියන්න ගත්තාම ලිය වෙන්නෙ නෑ  එක නිසා ලියන්න හිතුණා හේන් කතා ටිකක්,මං කලිනුත් හේන් ගැන ලියලා තියේනවා මුලින්ම ලිව්වෙ ඉරිඟු ගැන,පස්සෙ පැලක හිටපු කතාවක්.හේන් වල ජීවිතය කටුක වුණාට හරි සුන්දර කතා තියෙනව කලින් කතාවක කිව්ව වෙනම අරක්කු ජාතියක් බිව්ව ගුණයයි,මහතුන් වගේ ඇයෝ නිසා හේන් වල වලි ගුටිකෙලි  යනවා වගේම හරි සුන්දර දේවලුත් වෙනවා.

ඔන්න ගුණයයි මහතුනුයි තව ඒ වගේම පොරක් තමා නන්දසිරි කියන්නෙ,මනුස්සයා හිටපු සමෘද්ධි නිළධාරීයේක්,රස්සාව නැති උනේත් මේ බීම නිසා,පඩි දවසට මනුස්සයා බොනවා,බීලා පාරේ වැටිලා ඉන්නවා උඩ සාක්කුවේ තමා පඩි පැකට් එක තියෙන්නේ ඔකටත් කවුරු හරි විදිනවා සමහර දවස් වලට,ඔහොම වැඩ අතරේ මොනවදෝ ලිපි ගොණු වගයක් බීපු තැනකදි අතුරු දහන් වෙලා,එදා ඉදන් ජොබ් එකට තිත.....පස්සෙ හේනක් කරා මේ තුන් දෙනා එකතු වෙලා හවුලේ තමා කරේ තුන් දෙනාම හොද බේබද්දෝ නිසා ඉස්සෙල්ලාම කරලා තියෙන්නෙ කසිප්පු බැරල් එකක් පෙරා ගත්ත එක,පස්සෙ හේන කොටලා කංසා ඇට තැනින් තැන වපුරලා.පස්සේ තමා ඉරිගු ගැන හිතලා තියෙන්නෙ.යායටම කසිප්පු දෙන්නෙ මේ තුන් දේනා එකතු වෙලා,මේ තුන් දෙනාම දවසේම හොදටම බීලා කංසා සුරුට්ටුව කටේ කොණකින් තද කරගෙන සුරුට්ටුව බොන ගමන් තමා වැඩ කරන්නෙ,එක දිගටම වැඩ කරනවා මොන ප්‍රශ්ණේ තිබුණත්.....

අපේ ඉඩමක් තිබුණා මේ තුන් දෙනාගේ වාඩියට ලගම,ඉතිං මමත් ඒ පැත්තෙ යන ගමන් ගුණෙලා ගේ වාඩියටත් පොඩ්ඩක් ගොඩවෙලා යනවා,උදේ දවසක් යනකොට වාඩියේ හැම තැනම පිටි වගයක් හලලා තිබුණා මං ඇහුවා එත් මේ මොකද කියලා ,වැස්ස කාලේට වාඩියේ නිදා ගන්න බෑ කඩි එනවා,විස කුබි ජාති එනවා,එකට කරන දෙයක් තමා නිදා ගන්න කලින් ගිණි මැලෙන් උණු අළු අරගෙන වාඩිය වටේටම දාන එක මං හිතුවේ එහෙම වැඩක් තමා මේ කරලා තියෙන්නෙ කියලා,ඔය විර කොට පුච්චලා එකෙන් ලැබෙන අලු එහෙම ගන්නවා දත් මදින්න,තව බල්ලන්ට හැදෙන තුවාල වලට දාන්න ,මේ ගැන ගුණයාගෙන් ඇහුවාම තමා කතාව කිව්වෙ ...

වාඩියේ රොටි හදන්නෙ කබලෙන් නෙවෙයි ගොඩක් වෙලාවට එකට ගන්නෙ තුනි ගල් පතුරක් එක අරන් තව ගලකින් අතුල්ලලා හොදට සිනිඳු කර ගන්නවා ඊට පස්සෙ තමා එක තමා රොටි හදන්න ගන්නෙ,එහෙම හදන රොටි අමුතුම රසයක් තියෙන්නෙ කන්න පුළුවන් කිසිම ව්‍යංජනයක් නැතුව උනත්  එත් වෙලිණු මුව මස් සම්බොලයක් හරි ගෝන මස් එක්ක හරි එක්ක ගොඩක් වෙලාවට කන්න හබ්බ වෙනවා.ඔන්න කලින් දවසේ තුන් දෙනා රෑට කන්න රොටි හදන්න හිතාගෙන ඒ දවස් වල අපේ ගම් වලට සහනාධාර බේදුවා,නියං සහනාධාර ලැබුණේ හොදටම වැස්ස තියෙන කාලේ,කොහොම හරි එවට ලැබුණේ කිරිපිටි,පරිප්පු ,සාඩින් ටින් වගයක්,තව තිරිගු පිටි පැකට් වගේ දේවල් ටිකක් ලැබුණා මේ දේවල් ටික මේ තුන් දෙනා වාඩියට ගෙනත්,එදා රෑ රොටි හදන්න මහතුන් පිටි ටික හදන්න කියලා මනුස්සයා පිටි බොහොම අමාරුවෙන් හදලා එත් රොටි ගල් තැටියට දලා ටික වෙලාවක් යනකොට රොටිය දියවෙලා යනවලු,සූර් පිට මේ වෙන දේ හිතා ගන්න බැරි වෙලා ,පස්සෙ තමා දන්නෙ මෙහෙම වෙලා තියෙන්නෙ තිරිඟු පිටි පැකට් කියලා සූර් පිටින් මහතුන් අනලා තියෙන්නෙ කිරිපිටි පැකට් එක අයේ රොටි හදන්න වෙලා නෑ,පිටි ටික සූර් පිට හිටපු ගුණයා විසි කරලා,කිරිපිටි වලින් ඉස්සෙල්ලාම රොටි හැදුව ගෞරවය මං හිතන්නෙ මේ තුන් දෙනා ගනි.ඇත්තටම රොටි හදා ගන්න වෙලා නෑ කිව්ව විදියට .......

ඔය කතා ඔහොම වුණේ යුද්ධය තිබුන කාලේ ඒ දවස් වල හේන් වලට යන්න දෙන්නෙ නෑ වැඩිය,හේන් කරන්නෙ නැතුව මොනවා කරන්න ද කියලා මිනිස්සුත් යනවා,ඒ නිසා හේන් වලට යන කැලේ පාරේ හදලා තිබුණා පොඩි බැරියර් එකක් එකේ ග්‍රාමාරක්ෂක නිළධාරීන් (ගම් බට්ටො කියලා කියන්නෙ ) දෙන්නෙක් හිටියා,දැන් නම් මේ අය දකින්න නෑ මං හිතන්නෙ සියලු දෙනාම ජාතිය ගොඩ නගන්න දැන් වගාව කරනවා.කොහොම හරි හෙන් වලට යන පාරේ මේ හිටපු දෙන්නා නිසා පොඩි පොඩි කරදර තිබුණා දවසක් යායේ හැමතැනම පොලිසියෙන් ඇවිත් අර තුන් දෙනාව හොයනවා,සමාන්‍යයෙන් මේ තුන් දෙනාට පොලිසිය කියන්නෙ ගෙදර වගේ,නිතරම යන එන තැනනේ,මේ සැරේ මොකක් කරල ද කියලා හොයලා බලනකොට තුන් දෙනා එක්කාසු වෙලා ග්‍රාමාරක්ෂක නිළධාරීන් දෙන්නා ගේ තුවක්කු උස්සලා,මහ දවාලේ ගමේ කවුරු හරි ඔත්තුව දිලා මේ තුන් කට්ටුව තමා වැඩේ කරලා තියෙන්නෙ කියලා,කොම හරි දවස් තුන හතරකට පස්සෙ ගමට තුන් දෙනා ඇවිත් හිටියා,තුවක්කු උස්සපු කතා කිව්වෙ නම් නෑ......

ඔය සිවිල් ආරක්ෂක නිළධාරින් ගැන කියන කොට තවත් කතාවක් මතක් වුණා.ඔය පොඩි පොඩි මුර කුටිවල හිටියේ ගම්වලම කොල්ලො ඉතිං ඔය කොල්ලො බැදපු අලුත ගොඩක් අය,එක නිසා ද දන්නෙ නෑ රෑට මුර දැම්මට හොරෙන් ගෙදර යනවා.දවසක් මළ ගෙදරක් වුණ දවසේ ඒ ලග මුර කුටියේ ඉන්න ඕන දෙන්නා ගෙන් එක මනුස්සයෙක් නෑ,නම ඇහුවාම දන්න කොල්ලෙක් අපි කලේ නම්බර් එක අරන් කොල් එකක් අරන් කතා කරා සිවිල් ආරක්ෂක ප්‍රධානියෙක් විදියට,තමුන් රජකාරිය පැහැර හැරලා තියෙනවා මං ඉන්නෙ මේ මුරපොළ ලග කියලා කතා කරා,මේ පොර කියනවා සර් බඩේ අමාරුවක් හැදුනා මේ දෙහි ගෙඩියක් ගෙන්න  ලගට ගියා කියලා,ආ එහෙනම් එනවා ඉක්මනින් තමුසේ ගැන හොයලා බලන්න ඕන කිව්වා,අපි මග කොඩි අදිනවා මේන්න මේ මනුස්සයා එනවා දෙහි ගෙඩි වගයක් අරන් ,බලනකොට ඇත්තටම බඩේ අමාරුවකින් ඉදලා තියෙන්නෙ,මනුස්සයා රෑ එළි වෙනකන් කාපු කට්ට කිව්වෙ එතන හිටපු අනික් කෙනා පස්සෙ දවසේ කොමහරි මේ වැඩේ කරේ කවුද කියලා මනුස්සයා දැනගෙන තිබුණා ....ඊට පස්සෙ වුණ දෙවල් අයේ කියන්න දෙයක් නෑනේ ඔය කොල් ගැන කියන කොට තව කතා මතක් වුණා .......

මෙහෙම කතා ලියන්න ගියාම නවතින්නෙ නැතුව කියන්න වෙනවා.....

කුප්ප ලෙස මේ ටික කාලයක් ගෙවුණා,මුලදි මගේ තිබුන ජොලි ගතිය දැන් ගිහින් වගේ,මං මුල් කාලේ ලියපු එවත් එක්ක බලනකොට,දැන් මං කමෙන්ටු වලටත් කියන්නෙත් යන්නෙ කොහෙද මල් පොල් කතා වගේ ...ඒ ගැන සමාව ඈ :))))) අයේ මල් මූඩ් එක ගන්න මේ උත්සාහය ඈ .....

එහෙනම් ප්‍රිති වෙසක් සියලුදෙනාම.........

ප.ලි 
මේ කතා මීට වසර කිහිපයකට කලින් සිදු වූ සිද්ධින් ය.......

59 comments:

  1. මරු කතා ටික. සහෝදර හේන් ගොවිතැන් කරනවාද දැනුත්.

    ReplyDelete
    Replies
    1. ම.ක.සි
      දැන් නම් කරන්නේ නැති ගානයි දැන් වවපු ඉඩම් තියෙන්නෙ ,හැබැයි කවදාවත් ගොවිතැන අත් අරින එකක් නෑ :)))))))
      http://sahodarage.blogspot.com/2014/04/blog-post_22.html මෙන්න මෙක බලන්න ...

      Delete
  2. උඹ දන්න කතාද...?නැත්නම් තාත්ත කිවව කතාද බං කොහොම වුනත් ඇත්ත කතා.....
    හේනානිගල / දෙහිඅත්තකන්ඩිය පැතිවල ඔය සහනාධාර වියලි මිදී පවා කිලෝ ගණන් බෙදුව.මිනිස්සු ඒව විකුනනව.
    පාන් පිටි වුනත් හොදම තත්වයෙ නැහැ.කිරිපිටි වුනත් සිමෙන්ති උරවල වගේ ලොකු උරවල එන ඒව....නහය ලගට ගත්දිත් අමුතු සුවදක්.... නමුත් කුඩා දරුවන්ට පවා ඒ අසරණ මිනිසුන් හදල පොවනව.
    පැල්වත්ත සීනි එක හදන කාලෙ මාස ගානක් සති අන්තවල ඔයක් අයිනෙ පැලක නැවතිල ...රෑට දඩයමෙ ගිහිල්ල කොල්ලො සෙට් එක එක්ක ආතල් ගත්ත කාලෙකුත් තිබ්බ බන්.....

    ReplyDelete
    Replies
    1. ඒවා ලියපන්කෝ කෙන්ජි. කෝ උඹේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි කතා.

      Delete
    2. තාත්තා නෙවි කෙන්ජී මාමේ මං පොඩි එකා කාලේ ඉදන් නොගිය තැනක් නෑ ,ඉඩම් පස්සේම තමා ,මේ දේවල් උනේ දැනට අවුරුදු තුන හතරකට කලින් .තව පරිප්පු බෙදුවා කිලෝ ගනන් ,එවා යේ තත්වය නම් ඇත්තට්ම කියාලා වැඩක් නෑ,වෙනම තම්බන්න ඕන උයන්න කලින්/බඩු දෙන විදියේ පවා ලොකු ගැටලු එත් මිනිස්සු එවා බලන්නෙ නෑ,


      බලන් ගියාම කෙන්ජී මාමාත් නොයපු තැනක් නෑනේ ...සතුටුයි මේ දේවල් දැකලා තියෙනවා කිව්වාම ,

      Delete
  3. අම්මට ආතල් ටොපික් එකක්නේ.. මාත් කියන්නං මට වෙච්ච සීන් එකක්.
    අපේ තාත්තට යන්න උනා වැඩ වගයකට මචං මැල්සිරිපුරින් හරවල ඇතූලට යන්න හේන් කරන ගමකට..හෙනම අමාරුයි පාර ..ට්‍රැක්ටර් යන පාරක් වගේ ...බස් නෑ.. එක හෙදරක රෑ නවතින්න ලෑස්ති කරල තිබුනේ.වෑන් එක මිදුලෙ දාල අපි නිදාගත්තා.

    මහ රෑ හෙන කලබලයක්.අලි ඇවිත් ගමට .අලි එනවලු රෑට කව්දෑ දන්නෙ..මට අයිඩියා එක ආව වල් අලියෙක් බලාගන්න නියම චෑන්ස් එක..දූවල ගිහින් ඩ්‍රයිවිං සීට් එකට නැගලා ගැහුවා හෙඩ් ලයිට්. එබුව ෆොග් ලයිට් බට්න් එකත්. අම්මට හුඩු පැත්තම දවල් වගේ එලියයි..අලි තියා බල්ලෙක්කත් නෑ.

    ඒ එක්කම ඩෝං ගෑවා..කන කීං ගාගෙන ගියා.මං හිතුවා ඉන්න ලොකුම අලියා ඇවිත් ඔලුවටම කෙලියා මගේ කියලා.. අනේ නෑ.අපේ තාත්තා කනේ පාරක් ඇරලා ..

    " තමුසෙට පිස්සුද ඕයි අලියට හෙඩ් ලයිට් ගහන්නේ..ඌ එතකොට ලයිට් එක ළඟට එන බව දන් නැද්ද බූරුවෝ ??? "
    "
    අම්මටහුඩු, ඔව් නේන්නං...කව්දෑ දන්නෙ.දන්නෙ ගහනවැයි ..

    ReplyDelete
    Replies
    1. බොට එදා අලියා ගැහුවනම් කාටද පාඩු මං අහන්නෙ. මේ බ්ලොග් අවකාශෙටම කෙළ වෙනවා එහෙනම්. :)

      Delete
    2. ආයිත් අහල .. අපි නැතුව මුං බ්ලොග් කොරයි ..!!!

      නැද්ද බං..

      Delete
    3. සිරාවට ඒ විතරක්ද බං ඉතාලියෙම කෙල්ලො කී දාහක් සා‍රි වල එළ්ලෙයිද? :D

      Delete
    4. මේකට තාත්තා ගහපු කනේ පාර නිසා තමයි ඔය පිස්සු ගතිය හැදුනේ.

      Delete
    5. පත්තරේ මං ගොඩක් කාලේකට කලින් මැල්සිපුර ඇවිත් හිටියා පන්සියගම කියන පැත්තෙ ,

      අලි බලපු විදිය නම් එල ඈ,ගුටි කාපු වෙලාවෙ පත්තරේ ගේ මූණ කොහොම තියෙන්න ඇතිද හැක් හැක් ....ඇද වෙලා යන්න ඇති නේ ......

      Delete
    6. විචාරක සෑර් .. සිරාවටම ඔයිං තුන හතරක් වදිද්දි ලොකු ඉෆෙක්ට් එකක් ඇති නේ :D

      මොන මූණු ද බං මට තරු පෙනුනා,. මාත් ඒ ගියාමයි බං හෙන ගමකට ගියෙ කොහෙද කියන්න මටත් නිච්චි නෑ හ්ඹැයි තිබ්බෙ නං හේං ම තමා..

      Delete
    7. එහෙනං එච්චරයි පත්තරේ ,,

      Delete
  4. මරු කතාවක්නේ....

    ReplyDelete
    Replies
    1. කියෙව්වා නම් එච්චරයි

      Delete
  5. මටත් තියනවා හේන් කථාදෙක තුනක්.. එක්කෝ ඔ්න නෑ.. දැං යන්න ඔ්න පොඩි එකාට කූඩුවක් හදල දෙන්න..

    ඔ්න පුකක් ප්‍රීති වෙසක්...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අර සහෝ කියපු කූඩුවද හදන්නෙ?

      Delete
    2. වෙසක් කූඩු හදන්න දෙයක් නෑ විදානෙ උඹ වටේට සව්කොල ටිකක් අලෝල බල්බ් එකක් දාගනිංකො . :D

      Delete
    3. උඹට ඕනම නම් අපි එන්නම් බල්බ් එක ඔන් කරලා උඹෙ කූඩුව විවෘත කො‍රන්න. :)

      ඕන්නම් දැන්ම කියපන්. මේ ටිකේ අපි බිසී. දන්සල්ම දහයක් විවෘත කරන්න තියෙනවා අද හවසට. ;)

      Delete
    4. පත්තෙර් අන්ඩ් ප්‍රියා...
      ගිය සැරේ වගේ මේ සැරෙත් හදනවා කොන්ඩම් එකක් වගේ කූඩුවක්...
      මගේ එල්ලෙන බල්බ් එකනං ඉතිං අහලගං හතකට එලියයි...

      Delete
    5. එච්චර සැර බල්බ් දාන්න එපා බං. සැර රස්නෙට සව් කොල පිච්චෙයි :) :D

      Delete
    6. ඕ යේස් ප්‍රියා .. කලාමැදිරියට උගෙ අර චුට්ටං එලිය ලයිට් හවුස් එක වගෙ පේනවලු.. :D

      Delete
    7. අඩෝ අල්ලපු ගෙදර නංගි එ්කි අවංක කෙල්ල, දවසක් රෑ අටට විතර මං එ්කිව ගෙදරට අැරළුවාම තමයි එ්කි කිව්වේ "අයියේ ඔයානං ගමට අාලෝකයක් කියලා"
      පුහ් බොලා මොක්කුද..

      Delete
    8. කලුවරේ හින්ද මූණ දකින්න නැතුව ඇති,

      චැක් .නංගිලාගෙ ටෝක්ස් වලට කඩේ යන්න ලැජ්ජ නැද්ද බොල,. ඔන්න කමක් නෑ උඹටත් වාසියක් වෙනවනං..
      උඹත් මීය කැඩුවෙ අත ලෙවකන්ඩ නෙවෙයි වෙන්ඩ ඇති. දකුණෙ උං ආයෙ අපි දන් නැද්ද..
      නංගිට දැං බබා ලැබෙන්න ලඟයිද බං ????? :D

      Delete
    9. @ විදානේ
      ..යකෝ විදානේට දරුවනුත් ඉන්නවද ....
      අපි නම් කියන්නෙ ඕන පුකක් සිලිං දෙකයි කියලා හැක් හැක් .

      Delete
  6. පට්ට බං අරුන් තුන් දෙනා නම්.

    අර ගම් බට්ටන්ගෙත් සමහරක් ඉන්නවා බං පුදුම රැස්පොට් එකක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අම්මටහුඩු.. ට්‍රැපික් මාමල එක්ක ඉන්න ගම්බට්ටො ඉන්නව ඌ ඉන්නෙ ට්‍රැපික් ඕ අයි සී වගේ..
      අම්බෝ සැර ඒ මාමලගෙ ..

      Delete
    2. අපිටත් එක පාරක් මරු වැඩක් උනා ඔය බට්ටෙක් නිසා කිරිබත්ගොඩ පංති යත්දි.

      උන් සැර කොච්චරක්ද කියනවනම් මචෝ උන්ට නම හැදිලා තියෙනෙ, බටු කොච්චි = ගම් බට්ටා. ආන්න ඒකයි කතන්දරේ.

      Delete
    3. ඉතිං ලියපන්කො බටු කොච්චි ගම්බටු ජාතකේ කියල,මේ වෙසක් සතියෙ අපේ සිත් පහන් වෙන්නත් එක්ක.

      Delete
    4. පහන් වෙලා වැඩි වෙලා අර විදානෙගෙ බල්බ් එක වගේ ගම් හතකට එලිය වෙයිද දන්නෑ හැලප අයියෙ.

      ලියමු ලියමු වෙලාවක. වැඩේ කියන්නෙ ඕවා ලිව්වම නීතියට වස් වදීද දන්නෑ. කොලු කමට කරපු වැඩ නොවැ. :) :)

      Delete
    5. ලියපං එඩිට් කරලා හරි..

      Delete
    6. @ ප්‍රියා
      තුන් කට්ටුව කියලා වැඩක් නෑ,ගමේ මොකක් හරි උනෝත් එතන ,ආතල් ලොකයයි ගම්බට්ටො කියලා හැදුනේ කොමද දන්නෙ නෑ ..

      Delete
  7. ගම්බට්ටෝ අපේ සංස්කෘතියේ ප්‍රධානම අංගයක් වෙච්චි කාලෙකුත් තිබුනා. හැබයි ඒ කාලේ උන්ගෙන් උන සේවාව නම් කියා නිම කරන්න වචන නෑ. අද නම් ආන්ඩුවේ හෙන් කොටනවයි කියලා ආරංචියි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියලා වැඩක් නෑ ඒ කරපු සේවයට කරන උපහාරය වෙන්න ඇති ඒ ,හැබැයි එක් අතකින් එක හොද වැඩක්

      Delete
  8. අර රොටි තැටිය වෙනුවට ගල් පතුර අරගන්නවා කිව්වේ ඒක රොටි තැටියක් වගේ වෙනකල් මදිනවද? ඒක ලේසියෙන් කරන්න පුලුවන් වැඩ නෙවෙයිනේ කපනකට්ටක් වත් පාවිච්චි නොකර. අනික ඒක ලිප උඩ තියනවාද?

    ReplyDelete
    Replies
    1. මහ ලොකු දෙයක් කරන්නෙ නෑ ,ගලකින් පතුරක් ගන්නවා එක රොටි තැටියක් වගේම නෑ රළු බව තියෙනවා වතුර ටිකක් දලා තව ගලකින් අත්ල්ලා සිනිදු කර ගන්නවා,ලොකුවට හිතන්න එපා...පිප උඩ තියනවා

      Delete
  9. මේ යමන්කෝ බං දවසක හේනක් පැත්තේ

    ReplyDelete
    Replies
    1. යමු නාඩි ඕක ලොකු දෙයක් ඈ,උඩ පැලැක් අල්ලලා රැයක් ඉන්න යමු

      Delete
  10. මටත් හරි ආස හිතුනා බන් ගල් රොටියක් කන්න. අනිත් එක අර බුවාලා තුන්දෙනා එක්ක දවස් දෙක තුනක් තනියම ලගා එකක් ගහන්න.

    ඔය ගම්බට්ටෝ ගැන මට හරි දුකයි බන්. හැබැයි සරත් වීරසේකර ඕක බාරගත්තාට පස්සේ පිලිවෙලක් කරා. දැන් නම් උන් ආපහු වලේ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මටත් ආසා හිතුනා අරූ අයියෙ, කිරිපිටි රොටියක් කාලා බලන්න. :)

      Delete
    2. ප්‍රියා...උඹ හිතහන් ඔය කිරිපිටි රොටිය හදන වෙලාවේ මුන් කොච්චර ආතල් එකකද ඉන්න ඇත්තේ කියලා. ගංජා කසිප්පුයි එකට ගැහුවාම බඩුම තමයි.

      Delete
    3. අරූ අයියේ.. :D

      Delete
    4. කංසා හේනක වල් උෟරු මසුයි කසිප්පුයි අරක්කුයි... ෂා.... නියමයි.. පොඩි කථාවක් තියනවා..
      මේ පුන් පොහෝ දින එ් වගේ පවුවැඩ කියන්න හොද නෑ... පස්සෙ කියන්නං..

      හැක් හැක්..

      Delete
    5. අද තමා නියම ආතල් එක . පෝය නෙවැ. :D

      Delete
    6. මචංලා මට මේ සාෙක් වැදිලා ඉන්නේ... කංසා අසුරණ වලත් 80% ක් රූපමය අවවාද දෙන්න තීන්දුවක් ගනීද කියලා.. එතකොට අර මෝදක ගුලි වලට.. සැහ්..

      Delete
    7. @ අරූ
      ඇත්තටම ගල් පතුරක රොඩියක් හදනවා කියන්නෙ ලොකූ දෙයක් නෙවෙයි,අර තුන් කට්ටුව එක්ක ඉදලම බලන්න ඕන,පික්ශු ලොකයයි ,

      Delete
  11. අඩේ නියමයි බං.. හේනක අත්දැකිමක් විදින්න මට තාම වෙලාවක් ලැබිලා නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මේ දේවල් අත්දැකිමක් විදියට ලැබුවේ නැති අය ඕන තරම් ඉන්නවා අපේ ගම් වල ඉදලත්

      Delete
  12. ග්‍රාමාරක්ෂක (අද සිවිල් ආරක්ෂක බලකාය) හඳුන්වන අර අනික් නම කියන්න මම කැමති නැහැ. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ වගේම ඔවුන් අතරත් හොඳ නරක දෙවර්ගයම හිටියා. හොඳ අය වැඩියි. සමහර අයව නරක් කෙරුවේ අපේම අය. ඇත්තටම ඔවුන්ව තමා කමාන්ඩෝ සහ විශේෂ බලකාය වැනි හමුදාවන්ට පුහුණු කරලා ගන්න තිබුණේ. මොනරෙකු කෑගහන හඬ අසාගෙන ඉඳලා ඒ කෑගහන්නේ සතෙකු දැකීමෙන්ද මිනිසෙකු දැකීමෙන්ද කියලා කියන්න පුළුවන් ග්‍රාමාරක්ෂකයකු මා ළඟ හිටියා.

    හේන් ජීවිතය කටුක, සරල, සුන්දර ජීවිතයක් බව මමත් දැක තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මුලින් සමාව ඉල්ලලා ඉන්නව අරම නමක් කියපු එකට ,එක ලියන වෙලාවේ ලියවුනා ... හොද නරක අය ගැන ඔබට හොදටම අත්දැකීම් ඇති ,

      සුන්දර බව ඇතුලේ තියෙන්නෙ පුදුම මහන්සියක ප්‍රතිඑල

      Delete
  13. සහෝ..... හේන් කතා වල නම් නියමට ගමේ සුවද වැක්කෙරෙනවා. මේව ඔයා ලියන්න නම් මේ අත්දැකීම ඔයා ලබන්න ඕන. මං හිතන්නේ ඔයත් ...... වන්නි හත්පත්තුවේ වෙන්ටැති..........

    ReplyDelete
    Replies
    1. ගමේ සුවද තවම ගිහින් නෑ,යන්න කලින් තමා මේ ලියලා තියන්නෙ ,මේ අත්දැකිම් තමා ........අපි දිගාමඩුල්ලට නම් ලග ඈයෝ .... ;))))))))

      Delete
  14. හේන් ජීවිතේ තියෙන සුන්දරත්වය ඉතින් පොත් 10ක් ලියලවත් ලියල ඉවරකරන්න පුලුවනෑ. නමුත් ඕකෙ අපිට පේන ආතල් එකේ අනිත් පැත්ත දන්නෙ තුන්සිය හැටපස් දවසෙම ඕකෙ කට්ට කන මිනිස්සු තමා.

    ReplyDelete
    Replies
    1. මනෝ මීට කලින් ඒ කටු ගැන මං ලිව්වා ඇත්තටම ඒ කටු උනත් 100%ක්ම මේ බ්ලොග් වල ලිවිම වැඩක් නෑ මං හිතන්නෙ ,මේ ඒ කට්ට ඇතුලේ වෙන පොඩි කතා ටිකක් ...

      Delete
  15. වෙසක් හොයිනේ

    ReplyDelete
    Replies
    1. ද යන්න හැලුනා.

      Delete
    2. විදානේ මොකෝ මේ

      Delete
    3. ඔය හැලේන එක ස්වාභාවිකයි කියාලා කියලා තියෙනවලු හැක්

      Delete
    4. හරි "ද" ද යන්න දැම්මා

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.