26 May, 2014

කලින් තට්ටෙ බලෙන් ............





ගෙවුණු වෙසක් කාලේ බුද්ධාලම්බන ප්‍රිතිය උතුරන බණ කතාවක් ලියන්න හිටියත් වෙලාවක් ලැබුණේ නෑ,එ කතා තව ඉස්සරහට තියලා අද කියන්නෙ පොඩි කතා දෙකක්

මේ කතා වුණේ අවුරුදු දවස් වල,ඔන්න මං පොර පොඩි ගමනක් ගිහින් ගෙදර එන්න ටවුමට වෙලා බස් එකක් නැතුව ඉන්නවා අවුරුදු දවස් වල,ගමන ගියාට අයේ එන්න වාහනයක් නෑ ,ඔහොම ඉන්න කොට කාර් එකක් ඇවිත් නැවැත්තුවා ,බලන කොට දන්න අදුනන පොරක්,ගෙදර යන්න විදියක් නැතුව වෙලාවේ මෙහෙම දේවල් ලැබුණාම තියෙන සනීපේ .....පොර තට්ටෙ තියෙන පොරක්,වයස අවුරුද්ද හතලිස් පහක් විතර ඇති,මතක විදියට කැම්පස් එක පේරාදෙණිය හෝ ජයවර්ධනපුර,ඒ ඉන්න කාලේ මහණ දම් පුරලා පස්සෙ ගිහි වෙලා.......දැන් නම් ලොකු තනතුරක් දරණවා ....

ඔන්න අපි දෙන්නා ටික දුරක් එනවා මනුස්සයා මගේ ආ ගිය විස්තර අහනවා,පොර ගේ අතිත නයි ටික ටික යවනවා ....එක පාරම කාර් එක බ්‍රේක් කරලා නැවැතුවා මං ඇහුවා ඇයි ද මොකක් හරි අවුලක් ද  කියලා ...ඔන්න ඒ පාර පොඩි ස්ලොකයක් කිව්වා මට තෙරෙන එකක් නෑ,මං ඇහුවා ඒ මොකක්ද කියලා ....ඊට ටික දුරක් ඇවිත් ඇහුවා

දැන් මං අර කාර් එක නැවැත්තුව තැන මොනවා හරි දැක්ක ද?

හ්ම්ම්ම්ම්ම්.......ගෑණු ළමයෙක් නම් දැක්කා ...

එහෙමද ...අන්න ඒ ගැන තමා මං අර කිව්වෙ ...කියලා කට කොණකින් හිනා වුණා ....

මට මාර ප්‍රශ්නයක් දැන් මේ කතාව .....ඒ මොකක්ද මටත් කියලා දෙන්න කියලා මං කිව්වා,මනුස්සායා එක මට කියලා දුන්නා දැන් නම් ස්ලොකය මතක නෑ ..එත් මෙන්න එකට අදාල කතාව ..

එක්තරා සිංහයෙක් ගුහාවකට වෙලා ඉන්නවාලු ඒ වෙලාවේ ගුහා දොරටුව ඉස්සරහින් මුව දෙනක් තණකොළ කමීන් යනවලු,එතනින් ගිය සිවලෙක් සිංහයට ඇවිත් කිව්වලු,අර මුව දෙනව ගොදුරු කර ගන්න මේ  ගුහා දොර අභියසම ඉන්නෙ කිව්වලු.අන්න ඒ වෙලාවේ සිංහයා හිවලට කිව්වලු මං දැන් මහළුයි,දත් නෑ ,නීය සැර නෑ,මං මේ මුව නැම්බියව දඩයම් කරන්න ගියොත් මේ මුව නැබ්බි මගෙන් බෙරිලා යනවා,එක මට අපහාසයක් ඊට වඩා හොදයි ඒ දිහා බලන් රස විදින එක කිව්වලු ....ඔන්න පලවෙනි කතාව .......

ටික දුරක් යනකොට පොඩි ප්‍රශ්නයක්  ගැන අපි දෙන්නා කතා කරනවා අයේ සැරයක් අර වගේ ස්ලොකයක් කිව්වා පලවෙනි කතාව මට අල්ලලා ගිය නිසා අයේ දෙවැනි එකෙත් තෙරුම ඇහුවා,එකේ තෙරුම මෙන්න ....ඔන්න ගෙදරක තියෙනවලු බෙරයකුයි,වංගෙඩියකුයි ,දෙකම තියෙන්නෙ එකම තැනලු,ඔන්න දවසක් මේ දෙක කතා කරන්න ගත්තලු,වංගෙඩිය බෙරෙට කියවනවලු ...

යාළුවේ ..මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ කිව්වලු ,බෙරේ ඇහුවලු ඇයි එහෙම කියන්නෙ කියලා,ඊට පස්සෙ වංගෙඩිය කිව්වලු මට කිසිම නිදහසක් නෑ,මිරිස් කොටනවා හාල්,කොටනවා හැම වෙලේම ඩෝං ..ඩෝං කියලා ගහන එකමයි වැඩේ,මේ ගුටි කන එක දැන් නම් එපා වෙලා තියෙන්නෙ මට නම් උඹට නම් කිසිම කරදරයක් නෑනේ හොදට සුදු රෙද්දක ඔතලා උඩින් එල්ලලා තියෙන්නෙ,කරේ තියාගෙන එහේ මෙහෙ අරන් යනවා මට ඒ වගේ නෑනේ කිව්වලු....බෙරේ ඊට පස්සෙ කිව්වලු උඹ කියන කතාව ඇත්ත යාළුවා මාව සුදු රෙද්දක ඔතලා උඩින් එල්ලලා තියෙනවා කරේ තියන් අරන් යනවා තමයි ,ඒ වුනාට උඹ දන්නෙ නෑ මට උඹට නම් ගහන්නෙ මේ ගෙදර ඇතුලේ නේ ,මට එහෙම නෙවෙයි මට ගහන්නෙ දෙනෝ දහක් ඉස්සරහා කිව්වලු ....

 

ප.ලි 
මේ වැනි කූඩා කතා දන්නෙ නම් (තනි කුණු හබ්බ නොමැතිව ) ලියා තබන්න.ලිවු පොස්ටු දන්නෙ නම්  ලින්කු එකතු කරන්න ...

47 comments:

  1. මම නං බණ කතාවක් දෙකක් වෙසක් එකට ලීවා,හැමදාම වල් කතා ලියන එකේ පව යන්නත් එක්ක.ඔය ආකාරයෙම පඬිවරයෙක් කාලෙකට ඉස්සෙල්ල අපිත් එක්ක හවසට කෝච්චියෙ ආවා.මේ කතාව කියවද්දී මට එතුමාව මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. මේවා බණ කතාම නෙවෙයි මං හිතන්නෙ ,මං අහලා තියෙනවා තව කවි එහෙමත් අපේ රටේ මේ හා සමාන අදහස් දෙන එවා...

      Delete
    2. බන තලන කතාවකුත් ලිව්වා නම් තමා වටින්නෙ. ;)

      Delete
    3. ඈ ආස ඒ කතා වලට වගේ නේ.... ;))

      Delete
  2. මේ..සහෝ.. අර පළවෙනි කතාවනම් කීවෙ පාරෙ අයිනෙ හිටපු කෙල්ල දැකලනෙ. එතකොට මේ මනුස්සය දෙවනි කතාව කිව්වෙ මොකක් දැකලද?

    ඒක නෙවෙයි.. ඊයක් එවනව කිව්වට එව්වෙ නෑනෙ..?

    masandumal@gmail.com

    ReplyDelete
    Replies
    1. දෙවැනි එක කියන්න වුණ හෙතුව කිව්වෙ නෑ කියලා හිතන්න එපා පොඩ්ඩක් හිතන්න පුළුවන් නම් කතා දෙකම තමන්ට ඕන විදියට ගලප ගන්න නිදහස තියෙනවා

      මං මෙලක් කොටන්නම් හෙමීට ,

      Delete
    2. හ්ම්.. ටිකක් ටිකක් තේරුනා වගේ.

      Delete
    3. ඉතුරු ටිකත් තෙරෙයි :P

      Delete
  3. Anonymous5/27/2014

    අර කන්ඩිෂන් වලට යටත්ව කථා ලියන්න බෑ මං හිතේ...

    උපැවිදි වූ අයෙකුගෙන් ලබාගතහැකි දැනුම බොහෝයි....
    ගිහිං එන්නං

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මොන කන්ඩිෂන් ද විදානේ ,හැක් හැක් එවැනි අය උඩගු කම ඇරෙන්න දැනුම නම් බොහෝ අය ගේ ඉහළයි .....

      Delete
  4. සහෝ ලියන්න මොන කන්ඩිෂන් දැම්මත් ලියලා තියෙන කථා දෙකම කියෙව්වාම අපේ තියෙන කුනු කමටද කොහෙද, කුනුහබ්බමයිනේ මතක් වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මොන දේ වුණත් එක තමන්ට කැමැති විදියට ගලප ගන්න පුළුවන් ,ඔය කුණු කමට නෙවෙයි කොලු කමට හිතෙන එවා වෙන්න ඇති හැක් හැක්

      Delete
    2. මේ නහින දෙහින කාලේ මොන කොලු කංද සහෝ...කුනුකමම තමයි...

      Delete
    3. එහෙම හිතන්න එපා ,ඔය ගොඩක් අය වයසට යනකොට තමා කොල්ලො වගේ වැඩ කරන්න ....
      නාකිත් තරිකඩ තෙයි
      කාටත් ඔය ටික වෙයි ...කියලා අහලා නැතෙයි

      Delete
  5. //තනි කුණු හබ්බ නොමැතිව// මේ මොකෑ බං?

    හැබැයි ඒකෙත් අමුතුම ආතල් එකක් තියෙනවානෙ. හැක් හැක්. ;)

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ප්‍රියා දෙපැත්ත කැපෙන කතා නැතුව අමුවේන්ම වනන්න එපා කියන්න ඕන වුණේ ........

      Delete
    2. ආ සහෝත් දැන් විනය තකා වැඩ වගේ. හැක් හැක්. ;)

      Delete
    3. හම්මෙ ඉතිං .... :P

      Delete
    4. ප්‍රියෝ .. මූ ආස්සරේ කරන්නේ උපැවිදි උන අයනේ.. :D

      Delete
  6. කතා ටික රසවින්දා.

    ReplyDelete
    Replies
    1. එකනේ වෙන්න ඕන මෙන්ඩි

      Delete
    2. Anonymous5/27/2014

      උඹට ඔය සොලෝක දෙක මතක නැද්ද...ඔය උදවිය උගත් දේ තියෙනවා. හැබැයි සමහර වෙලාවට හෙණ පඬි ටෝක් දෙනවා බං. ඒ තැනට හරියන ඇණේ පාවිච්චි නොකර කිච වෙන තැනුත් තියෙනවා. ඒ ගිහි ලෝකය ගැන අවබෝධය මදිකමත් වෙන්න ඇති.

      Delete
    3. සොලොක දෙක මතක නෑ ,ගිහි ලොකයෙත් මුල් තැන ලබා ගන්න ගිහින් කිච වෙනවා දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ...

      Delete
  7. Replies
    1. බස්සිට කතාව තෙරිලා හැඩයි හැක් හැක්

      Delete
  8. බලමු බලමු කල්පනා කරල... දවසක් සිංහයෙක් හරකෙක් මැරුව ලු. නරියට කිව්ව ලු ගුහාවට උස්සන් යන්න කියල. නරිය කිව්ව ලු බර උස්සන එක යි කෙඳිරි ගාන එක යි දෙක ම එකපාර කරන්න බෑ කියල. ඉතින් ආඩම්බරකාර සිංහයා කෙඳිරි ගාන්න අකමැති නිසා බර උස්සන් යන්න කැමති වුණා ලු. නරියා කෙඳිරි ගගා ගියා ලු.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ දිලිනි කතා ,ඔකටත් සොලොක එහෙම නෑනේ ,මේ කතා පොඩි අයටත් හොදයි ,ලොකු අයටත් හොදයි :))))
      ස්තුතියි කතාවට

      Delete
  9. පළවෙනි කතාවනම් ඇත්ත තමා.. දෙයක් ලබාගන්න ගිහින් නොහැකිවෙලා ලැජ්ජ වෙනවට වැඩිය ඈත ඉදන් රසවිදින එක හොදයි කියලා හිතෙන වෙලාවල් තියෙනවානම් තමයි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දිනේෂ් එහෙම අවස්ථා ඕන තරම් ....

      Delete
  10. කියවල තේරුම් ගත්ත....විස්තර කියන්න ගිහිල්ල කුණු හබ්බ අහගන්නෙ මොටෙයි.....

    ReplyDelete
    Replies
    1. තෙරුම් ගත්තා නම් කුණු හබ්බ නැති වෙන්න ඕන ;))

      Delete
  11. කුණු රස දන්නෝ මෙය හදුනන්නෝ... ;)

    ReplyDelete
    Replies
    1. නාඩි මේ කතාවට කලින් මං ලියපු කතා දෙකකුයි තව කොටසක් ලියලා ගලපලා බැලුවොත් ඔය කුණු රස නැතුව වෙනත් කතාවක් මතු වෙයි :)))))

      Delete
    2. http://sahodarage.blogspot.com/2014/03/blog-post_30.html

      මෙන්න මේ කතාව මං ලිව්වෙ ඇයි කියලා තෙරුම් ගත්ත කෙනෙක්ට මේ කතාවත් තෙරුම් ගන්න ලෙසි නාඩි ,

      Delete
  12. අපූරු කතා දෙක. හිතාගන්න කෙනෙක්ට ඔන දෙයක් හිතාගන්න පුලුවං...
    ආදර්ශයටගන්න වුණත්
    කුණු හරුපවුණත් නේද

    ReplyDelete
    Replies
    1. දෙවැනි කතාව නම් ඒ විදියට පෙරළගන්න බැරි වෙයි එක ගැන තව විස්තර තිබුනා නම් ,මෙක ඇත්තටම පෞද්ගලික හෙතුවකට ලියවුණු එකක්

      Delete
  13. උඹ ඔය මුලින් කිව්ව තට්ට පොරට හතලිස් පහක් වෙන්න බෑ. සමහර විට අනූ පහක් හරි එකසිය පහක් හරි ඇති. හතලිස් පහට ඔහොම හිතෙන්න විදියක් නෑ. ඔන්නම් පත්තරවල යන සිද්දි බලාපං.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ...........නෑ නෑ මනුස්සයා තවම විශ්‍රාම ගිහින් නෑ එක නිසා මං වයස අනුමාන කරා .....

      Delete
  14. තේරුණෝ.... තේරුණෝ ......... කතා දෙකම තේරුණෝ................

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයියි ගී පවුරේ ....තෙරුම් ගැනිම වැදගත්

      Delete
  15. අපොයි හිරලු අංකල්ලා එක්ක වැසිල්ල තමා වැසිල්ල..!


    මට කුංෆු මතක් වුණා.සෙන් කථා ,මහායානේ ඔය කථා හරියට..පාලි සොලෝක අපි දන්නවද ඔවා හාංදුරුවො දර්ම දේසනා සෛලියෙන් බණට කියනවට වඩා මෙහෙම කවුරුහරි ට්‍රාන්ස්ලේට් කොරලා දෙනවනම් අපුරුවට තේරෙනවා.
    ස්තුතියි සහෝ.මේ කතා දෙක නම් ජිවිතේට අමතක වෙන එකක් නැහැ.



    ReplyDelete
    Replies
    1. හැක් ..හැක් එහෙනම් අපුරුවට තෙරුණානේ ,අමතක නොකර මතක තියා ගන්න පුළුවන් නම් හොදයි ,මට මේ සොලොක දෙක දැන් අමතකයි ....

      Delete
  16. කතා දෙක තේරුනා,කමෙන්ට් එක දාන්ඩ විදියක් කුණුහරුප එපා කියලනේ.. හැක්

    ReplyDelete
    Replies
    1. තෙරුණා නම් එල ...කුණු හබ්බ කියන්න එපා කිව්වෙ මෙක ලිව්වෙ පොඩි උවමනාවකට අර නාඩිට දිලා තියෙන ලින්කුව බලන්න ......

      Delete
  17. එතකොට එහෙම ශ්ලොකත් තියනවා නෙද???? හ්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. එහෙම එවත් තියෙනවාලු ,තව දේවල් තියෙනවා ලියන්න බැරි එවා :D :D

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.