සිරි ගෙදර ගොම මැටි පිරියම් කර ඇති එළිපත්ත මත වාඩි වී බර කල්පනාවක ය .....ඔහු විටෙන් විට ළග තිබු සුදු පැහැති පොලිතින් මල්ලකින් බුලත් කොළ කැල්ලක් ගෙන හපයි .....
මොකෝ ලොකු පුතේ උඹ පාර දිහෑ බලන් භාවනා කරනව ද ?මේ ගොම්මන් වෙලාවෙ......

නෑ අම්මෙ මේ පොඩි මලයා එනකන් බැලුවේ ,මං ඌව දැක්කෙ නෑ දවස් ගානකින් .... එකයි මේ බැලුවෙ .......
ඔන්න ඔය හපේ අහක් කරලා මෙන්න මේ කහට ඩිංගිත්ත බීලා හිටපන්,බලපන් උඹේ හැටි ලොකු පුතේ.....අව්වටම කර කුට්ටං වෙලා ගිහින් සරිර කුඩුව......
තම පුතු දෙස බැලු පොඩි මැණිකාට හිල්ලින,දිගු සුසුමක් හෙළූ ඈ කලකට ඉහත දි සුදු පැහැයට තිබු බවට සලකුණු ඇති ගුරු පැහැයට හැරුණු බෙලෙක් කොප්පයක් හේ පුතුට පෑවාය.....කටේ තිබු හපය අතට ගත් ඔහු කෙළ පිඩක් මිදුලට දමා කකුලෙන් වැලි එක්කාසු කොට වැසිය ...
එක නෙවෙයි ලොකු පුතේ,ඊයේ ගිරිගෝරිස් උන්නැහැ මේ පැත්තෙ ආවා ....
හ්ම්ම්ම්ම් ,ඇයි හදිස්සියක් වත්ද මිනිහට අපිව මතක් වෙලා තියෙන්නෙ ?
නෑ ...ආවේ ,එපිටහැක්කෙ අරනොලිස් උන්නැහේ ගේ දුව උඹට යෝජනා කරගෙන ..........මං කිව්ව උඹෙන් අහලා පනියිඩයක් එවන්නම් කියලා ,උඹ මොකෝ කියන්නෙ මේ ගැන ?
මට මොන ගෑනු ද අම්මෙ ,ලොක්කිට උගන්නලා එකිව කොම හරි විශ්වවිද්‍යාලයට යවන්න ඕන,ඊළඟට පොඩි එකාව .....
කෝ ....දැන් උඹ ගියා කියලා වැඩක් උණා ද.....ඇයි බන් උඹත් එක කොරන්න බෑ කියල නේද මේ ඇවිත් හේන් කොටන්නෙ උඹේ කල්පනාව අනික් උන් දෙන්නාවත් එ ගොඩටම ඇදලා දාන්න ද ?
සිරි ගේ උගුර හරහා විශාල ලෝහ ගුලියක් යන්නාක් මෙන් විය,ඉහළට ගත් හුස්ම පපුව ඇතුළතින් තද විය ....තව පවුලේ කිසිවෙක් නොදත් ඔහු ගේ අතීතය,තම මව කියනා කතාව ද සත්‍යයක් නැතුවාම නොවේ,සිරිට දැනට වසරක පමණ පෙර අතීතයක් සිහි විය,අනෝමා හා ගෙවුණු දවස්,කල කී වැඩ යහළු මිත්‍රාදින් .....එකින් එක පෙළින් පෙළ ගැසි මතකාවර්ජනය වන්නට විය.පිලට බර දී ආයාසයෙන් නැගිට ගත් ඔහු භාගයක් ඉතුරු කල කහට කෝප්පය ඈ අත තැබීය.....
මං යනවා හංදිය පැත්තට ලොක්කිත් හොදටම පරක්කුයි වගේ,එකි ආච්චි අම්මලා ගේ දිහෑ නවතිනවා කියලා කිව්වෙත් නෑ.....මං බලන් එන්නම් ......
නිවසේ ඉදිරිපස ලණු දෙකක අධාරයෙන් හරස් අතට රෙදි දැමීමට බැද තිබු කෝටුවෙන් කමිසයක් ගෙන ඇගේ රුවා ගත් ඔහු නිවසට මඳ දුරකින් පිහිටි තම පියා සිටි කාලයේ අතරමග වැඩ නවතා දැමු මෝඩ ගැඩොලින් කරන ලද නිවස ඉදිරිපිට නැවති බැලිය,බැද තිබූ ගඩොල් වල දිය පාසි බැදි සවස් හිරු එළියෙන් විවිධාකාර රූප මතුවී ඔහුට පෙනිණ,එවායෙන් තමා ගේ යටගිය අතීතය හා බැදි භයංකර කතා පුවත් මැවි පෙන්නට වීය........සුළු වේලාවකින් පියවී සිහිය එළඹ ගත් ඔහු කඩ පිල දෙසට පිය නැගී ය ....
ආ ....සිරි පුතේ උඹ දැක්ක කල් ,වරෙන් මෙහෙන් වාඩි ගනින් .....උඹ අර ඉඩම් කැල්ල සුද්ද කොරලා අහවර ද ?
තවම මොන .....අන්දිරිස් මාමා අපේ පොඩි එකාව දැක්ක ද ?
එකා ආන් මං දැක්කා පොල් වත්තෙ බූරු පොළේ ඉන්නවා ........අපේ පරම්පරාවේ ඒකෙක්වත් ගිය තැන් ද බොල ඕවා ....මං ඌට අවවාදයක් කරන්න ගියාම ඌ මටම පිප්පුවේ නැතෑ ......මගේ මොකෝ බන් ... මං අවා එන්ඩ .........
සීරි සිටි තැනින් වේගයෙන් නැගිට සරම කැසපොට ගසාගෙන බඩවැටිය දිගේ අඩි වේගයෙන් තබමින් යන්නට විය.......යන අතරමග ඔහු එක්වරම නතර වුයේ හුරුපුරුදු රුවක් දුටු නිසාය.......ලොකු නංගි ,ඔහු ගේ හදවත යකා ගේ කම්මල මෙන් විය ......ලොකු නංගි තවත් කොලු ගැටයෙකු හා රබර් වත්තෙ අසල මුකුළු කරමින් සිටි .........හිතට නැගි ආවේගය ගුලි කර ගත් සිරි මුවින් කිසිත් නොදොඩා අසල තිබූ රබර් ගසක් මුල වාඩි විය.....ඔහු ගමට ආවේ මෙවැනි දකින්න සිතාගෙන නොවේ....ඔහුට අනෝමා සිහියට නැඟිණ .......
අපි කසාද බඳිමු සිරි ,ඔයා ඉන්න එන්න අපේ ගෙදර .....අපේ පවුලේ කියලා මං ඇර වෙන කවුරුත් නෑනේ ..................
අනෝමා...... අපේ ගෙදර තත්වේ ඔයා නොදන්නවා වගේ කතා කරන්න එපා ..........තව පොඩි උන් දෙන්නෙක් ඉන්නවා මං බලන්න ඕන උන් දෙන්නා ගැනත් ................
අම්මා ඉන්නවා නේ සිරි ඒ ගැන බලා ගන්න,අපි පුළුවන් විදියට උදව් කරමු ...............
එයාලා බර තියෙන්නෙ දැන් මං ගාව ............
එහෙනං ඔයා ඔය අවදානම් වැඩ නවත්වන්න .....එවා වැඩක් නෑ ....ඔයා ජොබ් එකක් හොයා ගන්න ..........
ඔයාට මේවා තේරුම් කරන්න මට උවමනා නෑ .............. ඔයටත් ඕන මං අර ජිනේ වගේ ඉන්නවා දකින්න ද ?
ඇයි ජීනේට දැන් මක් වෙල ද තියෙන්නෙ ?
ඌට මොකක් වත් වෙලා නෑ,යමුනා ගහන ගහන පදෙට නටනවා ඇරෙන්න,ඌ කරන වැඩ නිසා ලගදිම අමාරුවේ වැටෙනවා ....මට එහෙම වෙන්න ඕන නෑ .............
සිරි සැමදා යමක් තීරණය කළා නම් ඒ ස්වකීය අභිමතය පරිදි ය....ඔහු කිසි විටෙක එම තීරණ ගැන නම්‍යශීලී බවක් නොපෙන් වීය .......
මං යනවා ...ඔයා එනව ද ?
ඔයාට බැරි ද තව පැය භාගයක් මාත් එක්ක මෙතන ඉදලා යන්න ?......
එදා ඔහුට අනෝමා හමුවූ අවසන් මොහොත වීය ....එදිනම ඔහු සැමට හොරෙන් ගමට පැන එමට සිදු විය .............පසුව ඔහු ගමේම නතර වුයේ නංගි සහ මල්ලි ගේ අධ්‍යාපනය ගැන මෙන්ම පවුලේ ඉදිරිය ගැන සිතාය.පියා මිය යාමට මත්තෙන් සිරි පියාට පොරොන්දු වුයේ පවුලේ ඉදිරිය ගැන වගකීම තමන් ගන්නා බවට ය ....
ලොකු පුතේ ...උඹ තමයි මං නැති දවසක ගෙදර වැඩ මුල් වෙලා කරන්න ඕන ....පොඩි උන් දෙන්නා ගැන බලපන්,උඹ දැන් දැනුම් තේරුම් තියෙන එකෙක් .........
තාත්තා මේ මොනව ද කියන්නෙ ?
පියාව එක්වරම පරලොව ගියේ ගඟේ ගිලෙමින් ය....බොහෝ දෙනා කිවේ පියා සමඟ වැලි තොටුපොළට ආරෝවක් තිබු සෙතං ගේ මස්සිනා වූ අරනොරිස් දියේ ගිල්වා ඇති බවයි.....නමුත් මවට එ ගැන සොයා බැලිමට තරම් වුවමාවක් නොතිබුණ ..... රබර් ගස මුලින් නැගිට සිටි ඔහු හෙමින් කදු ගැටේ මැදින් අතුරු පාරක් හරහා ගොස් කනත්ත මැදින් නිවස දෙසට ගියේ ය.....
අම්මේ....අම්මෙ ....
මොකෝ ලොකු පුතේ ,මේ ඉහින් කණින් දාඩිය පෙරා ගෙන ?
මං යනකොට අන්න ලොකු නංගි රබර් වත්ත ගාව කොල්ලෙක් එක්ක මුකුළු කර කර ඉන්නවා,අද ගෙදර ආවාම අහන්න,ගමේ උන් මොනවා නොකියයි ද මෙවා දැක්කාම .....
ආ.................ලොක්කි මට ඒ දරුවා ගැන කිව්වා ....එහා ගමේ සෙතං ගොයියා ගේ ලොකු ළමයා නේ .....
මොකක් ?,අම්මා මේ ගැන දැනගෙන හිටිය ද?
ඇයි මං ඔවා උඹට කියන්න උඹ මේ ගෙදර මහ මිනිහා ද බොල ?ඇය සිරි දෙස කෝපයෙන් බැලිය...උඹල ගේ මහ එකත් ඉන්නකන්ම කරේ මාව හදන්න ආපු එක දැන් උඹ........
ලොක්කි තවම පොඩි එකි තවම ඉස්කෝලෙ යන වයසේ .....සිරි බිමට බර වූ මුහුණින් යුතුව පැවැසිය ...
උඹේ පැහිච්ච කම තියා ගනින් උඹට.......මගේ ඉහ නිකට පැහැණු ගේ නිකමට නෙවෙයි...අනික මං උඹලා ගේ අම්මා මේ ගෙදර තීරණ ගන්නෙ මං ,උඹ මට උපදේස් දෙන්න එන්න ඕන නෑ .......
සිරි ....නැවැතත් නිවසේ එක් පසකින් පිහිටි වෙල් යාය මැදින් ප්‍රධාන මාර්ගය දෙසට යනු පෙනිණ.....රෑ මැදියම ලං වනවාත් සමඟ කිසිවෙකු තම දොරට තට්ටු කරනු ඇසි ....
කවුද .....මේ වෙලාවෙ...
මං සිරි ....අම්මා දොර අරින්න .....
මොහොතකින් දොර ඇරිණ ....සිරි සිටියේ තනියම නොවේ තවත් කොණ්ඩා,රැවුල් අපිළිවෙළට වැවුණු කොල්ලන් කිහිප දෙනෙකු සමඟ ය....
අම්මෙ ..මේ මගේ යාළුවෝ ටිකක් .....කෝ...කෝ .. ලොක්කි යි ..පොඩි මල්ලියි ...
උන් දෙන්නා දැන් නිදා ගත්තා විතරයි .....මොකටද
හ්ම්ම්ම් ...කමක් නෑ ......අම්මා රෑට ඉව්වා ද හොදටම බඩගිනි බත් කටක් කන්න ඕන ...
උඹට බත් ඉතුරු කරේ නෑ ...මං හිතුවෙ උඹ හේනට ගියා කියලයි....
හ්ම්ම්ම් ....එහෙනං කමක් නෑ ....මං මේ යාළුවෝ එක්ක පොඩ් ගමනක් ගිහින් එන්නම් ,අම්මා දොර වහලා නිදා ගන්න .......
සිරි ගේ මුහුණ සුදුමැලිව තිබුණු අතර වචන ද පැටලෙන ගතියක් තිබිණ........රබර් වත්ත එපිට කැලෑ රොද දෙසින් කෝනෙකු ගේ හඩ ඇසින ......එදා සිරි නිවසට ගොඩ වැදුණු අවසන් මොහොත විය ........සිරි ගැන තොරතුරක් නැවත ගමට ආරංචි නොවිය .............
ප.ලි
කමෙන්ටුවක් නොදමා ගියා කියා අහිතක් නැත ..පෞද්ගලික තෘප්තිය සඳහා ලියවු කතාවකි .....

අපොයි සිරි...
ReplyDelete//""කැලෑ රොද දෙසින් කොණෙකු ගේ හඩ ඇසින""// මම හිතන්නේ "කණ කොකෙකුගේ" කියලා වෙන්න ඇති කියන්න හැදුවේ සහෝ ?
කොණා කියන්නේ මොකාද?
ReplyDeleteතමන්ගේ සතුට අතැරලා යුතුකම් ඉස්ටකොරන්න යන කොයි අයියටත් ඔය සෙතේ බව තමන්ගේ පස්ස බිම ඇනෙනකම් තේරෙන්නැනේ.කොච්චර කථා ලිව්වත්..
මං හිතන්නෙ සහෝදර කියන්න හැදුවෙ ගෝනෙක් ගැන වෙන්නෝනි. ටයිපිං එර(ර්) එකක් වෙන්නෝනි.
Deleteහ්ම්ම්.......... පැහැදිලි මදි ගතියක් දැනුනෙ මොකද මන්දා.......
ReplyDeleteකමෙන්ට් එකක් කොටන්න කලින් //ප.ලි
ReplyDeleteකමෙන්ටුවක් නොදමා ගියා කියා අහිතක් නැත ..පෞද්ගලික තෘප්තිය සඳහා ලියවු කතාවකි .....// මේ මොකක්ද කියපන්කො… :o :o
ප්‍රියා++++
Deleteඔය කොණඩේ රුවුල් ගැන කියලා තියෙන කතාවට කියන්නේ stereo typing කියලයි. එය අනවශ්‍ය දෙයක්.
ReplyDelete/කමෙන්ටුවක් නොදමා ගියා කියා අහිතක් නැත ..පෞද්ගලික තෘප්තිය සඳහා ලියවු කතාවකි ...../
ReplyDeleteඅපි හැමෝම ලියන්නේ පෟෙද්ගලික මෙව්වා එකටනේ සහෝ...
කෝනා කියන්නේ කවුද? මං අඳුනන් නැති සතෙක් ද?
ජ ය වේ වා!!!
>>අපි හැමෝම ලියන්නේ පෟෙද්ගලික මෙව්වා එකටනේ සහෝ...<<
Delete+++++++++++++++++++++++++++++++++++++++++++
ඉච්ඡා භංගත්වයේ හොඳම එක. දැන් මූ කොහෙ යන්න ඇතිද?
ReplyDeleteඅවසානය පොඩ්ඩක් පැහැදිලි මදි,මට තේරෙන්නෙ නැතිකමද මන්දා.
ReplyDeleteඔබ හරි මචෝ....
Deleteඅවසානේ තව ටිකක් ඇදපන් සහෝ නට්ටන් අවසානයක් පැහැදිලි නෑ
ReplyDeleteකතාව ටිකක් විතර අපහැදිලියි.. එක්කෝ උඹ ඕනවට එපාවට ලියලා, එහෙම නැත්නම් වෙනම සීන් එකක්...
ReplyDelete//කමෙන්ටුවක් නොදමා ගියා කියා අහිතක් නැත ..පෞද්ගලික තෘප්තිය සඳහා ලියවු කතාවකි .....//
මම මෙච්චර කල් හිතන් හිටියේ අපි ඔක්කොම බ්ලොග් ලියන්නේ තෘප්තියට කියලා.. උඹ ලියන්නේ වෙන එකක් හන්දද?
මොකක්ද හුත්තො තොට තියන තදියම.....
ReplyDelete+++++++ :)
Deleteඊයා........................... කෙන්ජි නැහැදිලා...........
Deleteහොලමන්ද බේරේ පොල් කොළ සමග දෙල් මල්...
ReplyDeleteගගට කැපූ ඉණි...
ReplyDeleteනැද්ද සහෝ....
කතාව නියමයි...
කරන යුතුකම් දැනෙන හැටිනම් අපූරුයි...
ජයවේවා
තමන්ගේම අය වෙනුවෙන් දිය කල ජීවිතය ගැන කිසිදු වටිනාකමක් ඒ අයට නැති වීම මහා කරුමයකි.
ReplyDeleteයුතුකම් කරන්න ඕන බැණුං අහන්ඩත් බලාගෙන !!!
ReplyDeleteඔය කතාවටනම් මමත් එකගයි පත්තරේ....!
Deleteකමෙන්ට්ස් දානෙක ගැන එක්කො උඩින් තියෙන එක අයිං කරහං, නැත්නම් මේ යටින් තියෙන එක අයින්කරහං.
ReplyDeleteමේ කතාව ලියල තියෙන ශෛලියටනම් මං හරිම මනාපයි.
//කමෙන්ටුවක් නොදමා ගියා කියා අහිතක් නැත ..පෞද්ගලික තෘප්තිය සඳහා ලියවු කතාවකි .....//
Delete////කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න////
සහෝ....කොයි එකද කරන්න ඕන :D
ගොඩාක් ලොකු පුතාලාගේ කතාවන් මීට සමාණයි. මමත් ලොකු පුතෙක් වුනත් මට වෙනස් අත්දැකීම් තියෙන්නේ
ReplyDeleteසැක්! ලොකු පුතා භූමිකාවෙ මගේ අත්දැකීම් නම් හරිම අප්‍රසන්නයි. ඔක්කොටම වඩා දෙමවුපියෝ එයාලගේ හැම හීනයක්ම පිරිමහගන්න හදන්නෙ ලොකු පුතා තුලින්. ඒ අතින් බාලයා. හුහ්! පට්ට හුරතලා. ලොකු එකා දොස්තර වෙන්නෝනි. පොඩි එකා.. අනේ යන්තම් ඒ ලෙවල් දාගත්තනම් ඇති! හොඳයිනෙ.
Deleteකතාව අගෙයි. විශේෂයෙන් ම ලියලා තියෙන විදිහ නියමයි. .......
ReplyDeleteඒ...... බන්... නිකන් කොයිල් වගේ..... අන්තිම ටික තේරුනේ නෑ. ඒකා කොහෙද මකබෑවුනේ
ReplyDeleteමේකේ ඊලග කොටසක් හෙම තියෙනවද?
@All
ReplyDeleteසියලු දෙනාට ස්තුතියි..
කතාව අපැහැදිලි වන්නට ප්‍රධාන හෙතුවක් ඇත ,මෙය ඕනෑවට එපාවට ලියුවක් ලෙස පෙනුන ද..මෙතක් මා යමක් ලිව්වද එ ලිවු දේ සියල්ල අතරින් වැඩිම කාලයක් විඩංගු කොට කතාවෙ අවස්ථා චරිත ගැන හොදින් හිතා ලිවු කතාව මේය වේ ..ඒ බව හොදින් බැලුවහොත් පෙනෙනු ඇත..
උඩ හෙඩිම දැක්කා නම් සිරි කියන චරිතය හා මා අතර ඇති සම්බන්ධය තෙරුම් යනු ඇත ..සිරිට මොකද වුණේ ???එක කියවන කෙනාට හිතෙන විදිය,...
මට නං හිතෙන්නේ බාගෙට ලියපු කතාවක් වගේ කියලයි..
ReplyDeleteහිතාමතාම කොටසක් නොලියා හිටියා වෙන්න ඇති බැරිද ???
Delete