08 August, 2014

යුතුකම


පියදාස  ඉඩොරයට පුරන්ව ගිය කුඹුරේ අතරින් පතර බොල්ව ගොස්  නොමැති වී කරල් සොයා අතින් කඩමින් උර පත්තෙහි එල්ලා ගෙන සිටි මල්ලට දමා ගනි.පිදිමට ආසන්නව ඉඩොරයට අසු වු කුඹුරේ එක් පසකි,තවත් කොටසක් පීදුණු බොල් වී විය.අහස දෙස බැලු පියදාස දිගු හුස්මක් හෙළා මුහුණේ තිබු දහඩිය පිස දැමිය.මාස ගණනකින් වැසි දියක් නොලද පොළොව විවිධ රටාවල් මතු කරමින් ඉරිතලා ගොස් ය.අක්කර තුනක පමණ කුඹුරු යායක් සම්පූර්ණයෙන්ම ඉඩොරයට හසුව පුරන්ව ගොස් තිබිණ.ගොයම් කණාටුව බිමට හැරි වියළි ගොස් තිබුණෙ පියදාස ගේ දහසක් බලාපොරොත්තු ද සමගිනි.කැද ටිකක් හෝ බීමට වී ප්‍රමාණයක් සොයා ගැනිමට සිතු හේ ගිනි පූටකය නොතකා දෑකැත්තක් මෙන් නැවි කුඹුරේ වී කරල් ඇහිදිය.දරුවන් සිවු දෙනෙකු ගෙන් යුතු පවුල යැපුනේ පියදාස වගා කල දෙයකිනි.ඔහුගේ ලොකු දුව වු කමලාට පසුගිය දිනක ඉස්කොලයක කම්කරු පත්විමක් ලැබිම කරදර කන්දක් ගොඩ ගැසි තිබු පියදාස ගේ සිතට  යම් සහනයක් ගෙන ආ කරුණක් විය.දීග දෙන වයසක සිටි කමලාට කම්කරු පත්වීමක් සදා දුන්නෙ ඔහු වගා කටයුතු කල ගොඩ ඉඩම් අක්කර දෙක උගස් කර ලැබුණු මුදලිනි....

තාත්තෙ...........තාත්තෙ............

ඔහු හිස ඔසවා බැලීය ...ඔහු ගේ පොඩි දරුවා වන පියසෝම කුඹුර දෙසට දිව එමින් සිටීය....වයස අවුරුදු දහයක් පමණ වු පියසොම කොණ්ඩය අවුල් කර ගත් හිසින් හා නාවර පෙරුණු මුහුණකින් හා අත් පා වලින් නිතරම සිටි කොලු ගැටයෙකි.නිතර නිතර ගමේහි විවිධ දඩබ්බර වැඩ කල ඔහු නිසා පියදාස මිනිසුන් ඉදිරියේ සමාව ගැනිම් නිතර සිදුවූ දෙයක් විය.

මොකෑ ......උක්කුවෝ මේ ගිනි පූටකේ ......ඔහු හති අරිමින් කියන්නට සැරසුණ දේ ගැන පියදාස බිය උයේ ඔහු ගේ මෙම හැසිරිම පිළිබඳ දැන උන් හෙයිනි......

අර අන්දිරිසා මට පත බාන්න පන්නනවා ...ඔහු ඇස් ලොකු කර ගනිමින් පැවැසීය...

හේතුවක් නැතුව උඹට පත බාන්න එළවන්නෙ ඌට පිස්සු ඈ ....

එක මන් දන්නෙ නෑ ...මද වෙලාවක් ගත වන විට අන්දිරිස් තරමක කෝටුවක් ගෙන එමීන් සිටි අතර එය දුටු පියසෝම තව පියා පිටුපස සිට ගත්තෙ බිය නිසාමය.

පියදාස උඹේ කොල්ලා මගේ වත්තට පැනලා කෙසෙල් කැන් වල තිබුණ බාගෙට ඉදුණු කෙසෙල් ගෙඩි ටිකත් කාලා,කුරුම්බා ටිකත් ගලක ගහලා බොනවා මගේ අතටම අහු උණා.....පියදාස උක්කුවා දෙස බැලීය...

මේ ඇත්තද කියන්නෙ ?ඈ උක්කුවෝ .....පියසෝම කිසිත් නොකියා පියදාස ගේ සරමේ කොනින් අල්ලාගෙන බීම බලාගෙන හිදී ....

උඹට මගේ පාඩුව ගෙවන්න වෙයි ඕන් ....මේ ගිනි පූටකෙට හැම තැනම වෙලිලා තියෙන වෙලාවෙ උඹ දන්නවා නේ ගණන් බඩු වල,පියදාස කිසිත් නොකියා කර බා ගත්තෙ වරද ඇත්තෙ තමා ගේ පුත්‍රයා ගේ බව එත්තු ගැන්වි තිබුණු බැවිනි ....අන්දිරිස් පිටව ගොස් මද වෙලාවක් ගත වත්ම .....

ඈ උක්කුවෝ උඹ මොකද අර මනුස්සයා ගේ වත්තට හොරෙන් පැනලා කුරුම්බා කෑවේ?කුඹුරේ වියළි ගිය දිය කුඹුක් ගසක් එක් අතකට ගනිමින් අනික් අතින් පියදාස උක්කුවාව අල්ලා ගෙන ඇසිය .

බඩගින්නට ......අම්මා කිව්වා අද උදෙට ඉව්වෙ නෑ කියලා,ඊයේ රෑත් කෑවෙ නෑ මට බඩගිනි නිසා කෑවේ ..උක්කුවා මහ හඩින් හැඩිය......

                                                     **********************

සුමනෝ ......සුමනෝ .... මෙන්න ටික සුද්ධ කරලා බලපන් කැද ටිකක් හරි හදා ගන්න හාල් ටිකක් තියෙනව ද කියලා .....අද ග්‍රාම සේවක මහත්තයා ආවෙ නැතෙයි අධාර ලියන් යන්න .....මං එනකොට සිරිපාලයා කිව්වෙ උන්දැලාට ලිව්වා කියලා ....

ඔහේ ආවේ ...ලොකු කෙල්ලට ආණ්ඩුවේ පත්වීමක් තියෙනවා කියලා අපිට අධාර නැතිලු ...පියදාස ගේ මුහුණ රතු විය...

එක හරි කතාවක් නේ ...ලොකු කෙල්ල ගෙන් ඈ අපි කලා බීලා ඉන්නෙ .....එකිටත් තවම කන්න බොන්න දෙන්නෙ අපි ....අනික එකිට කියාලා මහ ලොකු සල්ලියක් ලැබෙනවා ඈ ......

මිදුල ඉදිරිපස දෙසින් ඇසුණු වාහන සද්දය නිසා පියදාස නිවසින් එළියට අවුත් බැලීය ......නව පන්නයේ මෝටර් රථයක් මිදුලෙහි නතර කර ඇත.එයින් පිටතට බැස නිවසට ගොඩ වුණු පුද්ගලයාව පියදාසට හැදිණ ගැනිමට හැකි විය.එ ලොකු මහත්මයා ගේ ලේකම් තුමා වූ නිමලසිරි මහතා විය .තරමක් ඉදිරියට බඩ නෙරා තිබු ඔහු අතින් ගත් පොත් පත් මිටියකි,නිවසට ගොඩ වැදුණු ඔහු විශාල පොතක් පෙරළා බැලීය .....දැඩි ඉඩොරය මුහුණ පා අන්ත අසරණව සිටි ඔහු බලාපොරොත්තු නෙතින් බලා සිටියේ කෑමට හෝ යම් අධාරයක් දෙන්නට ඔහු පැමිණ ඇතැයි සිතාය ....

කමලා කියන්නෙ කවුද ?....

ඒ අපේ ලොකු කෙලි ?මොකක් හරි උවමනාවක් ද මහත්තයෝ ?....

අලුතින් ඉස්කෝල වලට පත්වීමක් හම්බ උනා නේද ?....දැන් කොහෙද වැඩ කරන්නෙ ?.......

පත්වීමක් නම් හබ්බ උනා සභාවෙ සභාපති තුමා තමයි කෙල්ලට රස්සාව හදලා දුන්නෙ ....දැන් අපේ ගමේ ඉස්කොලේ තමයි වැඩ .....

ඔහු පොත පෙරලා එහි පිටුවක තිබුණු ඔහු ගේ හා කමලා ගේ රූපයක් පෙන්වීය.ඒ ඇයට පත්වීම ලබා ගැනිමට දින කිහිපයකට මත්තෙන් පත්විම් ලියුම් ලද අය වලුන්ව කැදවා  ලොකු මහත්මයා  ගැනුණු ජයාරූපය විය.

මේ තියෙන්නෙ අපේ ලොකු මහත්තයා හදලා දුන්නු රස්සාවල් වල ලැයිස්තුව,ඔහෙගේ දුවටත් රස්සාව හදලා දිලා තියෙන්නෙ අපේ ලොකු මහත්තයා ......මේ ලඟ ඉස්කෝලෙකට පත්වීම දිලා තියෙන්නෙත් ඔහෙලා අපේ ලොකු මහත්තායට ජන්දේට වැඩ කරපු උදවිය කියලා මේ පොත් වල ලියවිලා තියෙන නිසා .....ඔහු සිනා සී පියදාස දෙස බැලිය ...

අනේ ඉතිං කවුරු උනත්  කෙලිට රස්සාව හදලා දිපු එක අපිට කරපු ලොකු උපකාරයක් නොවෑ ....

දැන් එ කරපු උපකාර වලට යුතුකම් ඉෂ්ඨ කරන වෙලාව ....එතුමාට මේ පාර ජන්දය ජය ගන්න සුබ පතලා ගේ ඉස්සරහා පාරට පේන්න පොස්ටරයක් දාන්න ඕන ....

හරි ,මහත්තයෝ මහත්තයලා කැමැති එකක් ගෙදර ඉස්සරහින් එල්ලන්න එකට අපේ කිසිම අමනාපයක් නෑ .....


                                                    ************************** 
පියදාස නිවස ඉදිරිපිට බංකුව මත හිද බර කල්පනාවකය,කකුලේන් මිදුලේ වැලි එකතු කොට නැවැත විසුරවා හරියි ....

ඈ ..එයි අර මහත්තයා මොකද කිවේ ....මොකක් හරි ආධාරයක් වත් දෙනවා කිව්වද ?

මොන .....උන්දැ කියන්නෙ ලොකු මහත්තයාලු අපේ කෙලිට රස්සාව හදලා දුන්නෙ කියලා ...

ඉතිං ..ඔහේ මොකද කිව්වෙ ?.....

මං මොනවා කියන්න ද ඒයි ,ලොකු කෙළිව දුරකට මාරු කොලා නම් එහෙම .....අනික ඔය මොකක්ද පෝස්ටරයක් ගහන්න කිව්වෙ ගෙදර ඉස්සරහා .....

පොස්ටරය දිලා ගියැයි ???

නෑ හෙට ටවුමේ පෝස්ටර් ගහන කඩෙන් සල්ලි දිලා ගන්න කිව්වෙ ගිහින් ....

අපිට පොඩි උන්ට වෙලක් කන්න දෙන්න බැරුව ඉන්න වෙලාවෙ කොහෙන්ද සල්ලි පොස්ටර් වලට......


ඔකට මහ ලොකු ගාණක් යන්නෙ නැතුව ඇති බන් ...පොඩි කඩදාසි කොළයක් නේ,එ වගේද කෙළි ගේ රස්සාව............පසුදින උදෑසනින්ම පියදාස නගරයක් ගියේ කඩේ මුදලාලි ගෙන් ණයට මුදලක් රැගෙන ය....සවස් වන තෙක්ම නිවසට තම සැමියා එනතුරු ඈ බලා හිදීය ....ගොම්මන් අදුර වැටෙන විට පියදාස ගෙට ගොඩ වුයේ බලාපොරොත්තු කඩ වූ මුහුණින් ය...ඈ කිසිත් නොඅසා උන්නාය ...

ඊයේ ගිය වැඩේ මොකෑ උණේ පෝස්ටර් ඉවර වෙලාද ??

එක මේ ඔහේ හිතන ජාතියේ සුළු පටු එකක් නෙවෙයි ....එක ගන්නවා නම් සැහෙන සල්ලියක් ඕන ....අර ගෙවල් ඉස්සරහා ගහලා විසාල රූප තියෙන්නෙ අන්න එකක් ඒයි ......පියදාස සොවින් බර මුහුණින් පැවැසිය ....

එතකොට එවත් ගහලා තියෙන්නෙ ඒ මිනිස්සුන් ගේ සල්ලි වලින් ද ?අපි ඔන්න ඔහේ ඉමු ....ඔවා නොගහා .......

මං එනකොට සිරිදාසව මුණ ගැහුණා...අපේ කෙළිත් එක්ක රස්සාව හම්බ උණු සිරිදාස ගේ කොල්ලා ගේ රස්සාව නැති වෙලාලු.....අපි කොච්චර අමාරුවෙන් ද කෙළිට රස්සාව හදලා දුන්නෙ ....අනික එකි දැන් දීග දෙන වයසේ,මං කපුවටත් කිව්වා රස්සාවක් තියෙන තැනකින් මගුලක් ආවොත් කියන්ඩ කියලා .......පියදාස ලොකු හුස්මක් ගෙන හීල්ලිය ...

මද වෙලාවක්   නිහඬව හිදි ඈ ගෙතුළට වැද අතේ යමක් ගුලි කොට ගෙන වුත් ඔහු අත තැබුවාය....

මෙකවත් තියලා සල්ලි ටිකක් ගන්න බලන්න....අපිට පස්සෙ බැරියෑ ඔක බේර ගන්න....හදිසියකට ගන්න කියලා අරන් තිබ්බෙ ........කරාබු දෙක අතමත තබා ගත් පියදාස වචනයකුදු පිට කර ගැනිමට නොහැකිව සුමනා දෙස බලා හිදීය ....






82 comments:

  1. Anonymous8/08/2014

    දේශපාලනේ පස්සෙන් ගිහින් වැඩක් කරගත්තම කොටි වලිගේ අල්ල ගත්ත වගේ තමයි.. ආයේ අත ඇරගන්නවා බොරු.. කම්කරු රස්සාවක් නොවෙයි ඕනම රස්සාවක් ගත්තම තත්වේ ඕකයි.. ඡන්දේ ඉවර වෙනකං කැන්නසින් යන්න වෙනවා. රෑ නිදිවරාගෙන පෝස්ටර් ගහන්න වෙනවා.. කොටින්ම කිව්වොත් වැලයන පැත්තට මැස්ස ගහන්න වෙනවා.. වෙනතක් බැලිලි බොරු..
    හිත්න්න හිතෙන කථාවක්....

    ජ ය වේ වා !!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. Anonymous8/08/2014

      හෑෑෑෑෑෑෑෑෑෑෑෑැ....................මං එක බොලේ...

      Delete
    2. සික් ඉතරක් ........! හිටු කියවලා එනකං.

      Delete
    3. අඩෝව් මාළුවා මම දෙක හොඳේ

      Delete
    4. විදානෙත් ආණ්ඩුවේ රාස්සාවක් ද කරන්නෙ ?... ඒ කොම වෙතත් හෑමදෙයක්ම දේශපාලනයට ගිලගෙන තියෙන්නෙ නුතනයේ ලංකාව ඇතුලේ ..දුප්පත් මනුස්සා ගේ ලේ ඌරා බීලා හරි තමන් හැදෙන තැනට ඇවිත් ...ඔය දේශපාලන වැඩ වල රාජ්‍ය සේවයේ අය වැඩියෙන් ක්‍රියාකාරි වෙන්නෙ මං හිතන්නෙ ඒ බලපෑම නිසා වෙන්න ඇති ....

      Delete
    5. @ නීමෝ
      පස්සෙ දවසක එක බුක් කර ගනින් බන් .... :)))

      Delete
    6. Anonymous8/08/2014

      අනික සහෝ මෙතැනට එන බහුතරයක්, උසස් වීම ගන්න එක හරි, ස්ථාන මාරුව හදාගන්න එක හරි, කොහොම හරි කරගන්න තමයි උත්සාහ කරන්නේ.. එතකොට ආයෙත් එයාලා දේශපාලකයන් පස්සේ යනවා.. ඒ දේ කරල දුන්න තටු පඬුරුත් ඡන්දෙ කාලෙට ගෙවන්න වෙනවා.. එහෙම නැත්තං ඒකාට බුදු සරණයි....
      තව දෙයක්.. කොහොම හරි උසස්වීමක් අරන් මිනිහා තැනකට ගියා කියමු, එතකොට ගහන ගැහිලිත් බොහොම ඉහල යනවා, මුලින් හාෆ් ෂීට් එකෙන්, ගම් බෝතලේන් පටන් ගත්ත ගසා කෑම මේ වෙනකොට ලක්ෂ ගනන් මිලියන ගනන් වලින් සිදුකරන්නේ.. එතකොට ඒවාට ආවරණයක් තියෙන්න ඕන. ඔන්න් ආයෙත් දේශපාලකයගේ පිහිට පතනවා... හැබැයි මේ වෙනකොටනං මිනිහා කැන්වසින් යන්න ඕන නෑ ලොකු කුට්ටියක් විසිකරාම ඇති..

      Delete
    7. අනික මචෝ තව සීන් එකක් තියනවා … ඔය එන සෙට් එකටම චන්ද කාලෙට ඩියුටි ලීව් දෙනවා බලෙන්ම. අයෙ මොනවද ගං වලින් ආපු උං කෙලින්ම ඒ ගම් වල කැන්වසිං … !!!! පඩි පිට…

      Delete
    8. @ විදානේ
      කතාව නම් සුපිරි ඇත්ත කතාව...

      @පත්තරේ
      කතාව සහතික ඇත්ත......පඩිත් එක්ක ජන්ද වැඩඩ ....

      Delete
  2. වැල යන අතට මැස්ස ගහන්න එතකොට ඔබට පලදාව රැකගත හැක

    ReplyDelete
    Replies
    1. පල නෙලුවට කමක් නෑ ලෙලි බිම දාන්න එපා කිව්වලු … !!!!!

      Delete
    2. Anonymous8/08/2014

      පල නෙලුවට කමක් නෑ ෂීට් එක ඉරන්න එපා කිව්වලු … !!!!!

      Delete
    3. වැල යන පැත්තට මැස්ස යහපු නිසා තමයි හෑමදේම මේ තරම් දේශපාලනයට යටවෙලා තියෙන්නෙ මං හිතන්නෙ .....

      Delete
    4. ශිට් එක ඉරෙන්න උබ පල නෙලන්නෙත් කාර් එකෙමද විදො..????

      Delete
    5. මොන වැලක් ද බොලව් මට වෙන වෙන එවා හිතෙනවා :D

      Delete
    6. ටිකක් දිග කාර් එකක්එකක් ගනිං ස්ටේෂන් වැගන් එකක් වාගෙ … පල නෙලුවහැකි ලෙලි යන්ඩ… !!!!!! ඕ යේස්.

      Delete
    7. Anonymous8/08/2014

      බස් එකේ අන්තිම ෂීට් එකේ මැලේ

      Delete
    8. පෙම් මුල්ලෙ :D ඉන්ටසිටි වල නං කර්ට්න් දාල ලයිට් ඩිම් කරල ෆුල් රොමෑන්ටික් …

      Delete
    9. Anonymous8/08/2014

      නිකං BOX එකකට ගියා වගේ......

      Delete
    10. මම නං කියන්නෙ බොක්ස් වල බාග දොර මදි. පුල් එකක් ඕනැ ඕවට … බාග දොරෙං ෆිල්ම් එක පේනවා.මොන කරුමයක්ද බං ඒ... චැහ්

      Delete
    11. Anonymous8/08/2014

      තව ඇඳුං එල්ලන්න එකකුත් හයි කරන්න ඕන නැත්තං හරියට පල නෙලාගන්න බෑ...

      Delete
    12. ඔව් නේ බං.. දොරේ වනද්දි අවුල්..බිම තියන්න බෑ මකුණො , චැහ්.

      Delete
    13. තව ෆිලුම් හෝල් එකේ කැන්ටිමේම පුංචි පහේ ෆාමසියකුත් ඕනෙ. වැඩි බෙහෙත් එපා!! හදීසි උවමනාවට ගන්න.

      ආ දැන් බස් වල පල නෙලලා හමාරයි. ඒවටත් cctv එනවා. අන්තිමට අන්තිම සීට් එකේ පල නෙලත්දි මුල් සීට් වල උන්ට නොමිලේ වැල බැලුවැහැකි.

      :D :D

      Delete
  3. එහෙමත් වෙනව නේද?

    ReplyDelete
    Replies
    1. නොවෙනවා කියලකියන්නත් බෑ ,වෙනවා කියන්නත් බයයි :D අතුරුදහන් කලොත්

      Delete
  4. අන්තිම වෙනකල් යන්නේ කොහාටද කියලා හිතාගන්න බැරි උණා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..යක්ෂයා දැකිමත් සතුටක් ,අලුත් ලිවිල්ලක් දැක්කෙ නෑ ලඟ දි ???

      Delete
  5. මෙහෙමත් දේවල් ලංකාවේ වෙනව නේද!

    ReplyDelete
    Replies
    1. Anonymous8/08/2014

      නෑ

      Delete
    2. එකක් වෙලා තිබ්බොත් කණ කපනවා … !!

      Delete
    3. පික්සුද බන් මේ ආශ්චර්යමත් රටේ එහෙම වෙන්න....

      Delete
    4. ඊටත් කැළණියෙ කීයටවත් වෙන්ඩ බෑ.. ඕං මන්නාරං ,කච්චතිව් පැත්තෙ නං කියන්ඩ බෑ ..

      Delete
    5. Anonymous8/08/2014

      ඔය කරේතිව් පැත්තේ මිනිස්සු ඕවා නෑ කියලා ගස් බැඳගන්නවා

      Delete
    6. මුලතිව් පැත්‍තේ පොලිස් මාම කෙනෙක්ගෙ කාර් එකක් ගිනිගත්තා නෙවැ වෑර් ෂෝට් එකක් වෙලා.. ඒ යකා දැනගන්න එපැයි ඇංජිම ඕෆ් කරල බැටරි වෑර් ගලවන්ඩ … මෝඩ යක්කු !!! තුක්

      Delete
    7. @බස්සි
      ලංකාවෙ වෙන්නෙ නෑ,ලංකාව ඔය දර්ශක වල උඩඩ එන්නෙ කොහොමද මෙහෙම වෙනව නම් ...ප්‍රචන්ත්‍රවාදයලු

      Delete
    8. //ඊටත් කැළණියෙ කීයටවත් වෙන්ඩ බෑ..//

      අඩෝඕඕඕව් පත්තරේ ඔහොම කියන්නෙපා!!! උඹව ගස් බඳිනවා දැන ගනින්.!!

      Delete
    9. Anonymous8/08/2014


      ඒ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට...

      පෙර රජ දවස වැව් දාගැබ් ගනන් කොට...
      ගල් කණු අසළ හපකරමින් බුළත් විට...
      ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද....
      ඒ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට...

      කහට කෝප්පේ පොඟවා ගිළින්නට...
      පාන් කෑල්ලක් යදිනා දනන් හට...
      ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට…
      එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට…

      රැවටී සුවහසක් බොරු කාරයින් හට…
      පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට…
      දෑසේ කඳුළු ඉතිරිව නැත හඬන්නට…
      එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට…

      උගසට තබා මගෙරට පිට රටුන් හට…
      ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට…
      සිගමන් යදිමු සාගින්දර නිවන්නට
      එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට…

      ගායනය -නන්දා මාලනී
      පද රචනය - සුනිල් ආරියරත්න.
      සංගීතය - ඔස්ටින් මුණසිංහ

      Delete
    10. මේ හැම ගීතයක්ම පවන කැසට් පටයේ. ඇනෝ ඉතාම හොඳ පවන රසිකයෙක් වගේ. ඇත්තෙන්ම සතුටුයි.

      Delete
    11. ඇනෝ මචෝ ස්තුතියි ,සිංදුව ගන්න හරි අහන්න හරි පුළුවන් තැනක ලින්කුවකුත් දැම්මා නම් වටිනවා ඈ ...

      Delete
    12. Anonymous8/13/2014

      සහෝ මෙන්න ......

      http://infolanka.com/miyuru_gee/art/nanda.html
      https://www.youtube.com/watch?v=O39EESHWMWQ

      Delete
  6. මේ රටේ ප්‍රධානම කරුමය. ආන්ඩුවේ හිඟන රස්සාව.

    ReplyDelete
    Replies
    1. මෙහෙම එක කියන්න බෑ මටනම් මං හිතන්නෙ දෙඅංශයම රටක තියෙන්න ඕන...

      Delete
  7. මේව ඉතින් අමුතු දේවල් නෙවේ නෙ...
    මේ රටේ මොන දේකට හරි දේශපාලන සහයක් පැතුවොත් ඉතින් අනිවාර්යෙන් අතකොලුවක් වෙන්න වෙනව..

    ReplyDelete
    Replies
    1. මෙවා එදත් වුණා අදත් වෙනවා හෙට ????
      අතකොලු වෙන්න වෙනවා ...

      Delete
  8. මොනවා බං? අර මහලොකු බැනර් ගහන එකා සල්ලි වලට ගන්න ඕනේද?
    :-O

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඉස්සර නම් ඔය කොන්ත්‍රාත් කරන මුදලාලිලා වගේ උදවිය නේ ඔය බැනර් සෙල්ලමට සල්ලි යෙදෙව්වෙ පොඩිම උන් විදියට දැන් ඔය රජයේ විවිධ පත්විම් ගත්ත ඇයන්ටත් කියනවාලු,මටත් මේ වගේ කතාවක් ඇහුවාම ඇස් දොට්ට පැනලා කට හතරැස් උනා ඇයි යකෝ අපිට සේවය කරන්න නේ අපි මේ සල්ලි වියදම් කරලා යවන්නෙ .....හැබැයි ඔවා පස්සෙ යන ඇයින්ට හොද පාඩම . :D

      Delete
    2. කතාව ඇත්ත.. මගෙ යාළුවෙක්ටත් ඕම වුණා...
      පොර මොකද දන්නවද කීවෙ....
      ගක්ෂ දෙකක් දීල ජොබ් එක අරන් මගෙ අතිං පාඩු කරන් බැනර් ගහන්න ඕනද... යනව හලෝ යන්න...

      Delete
  9. රස්සා හිගන්නන්ගේ අවාසනාවන්ත ඉරණම

    ReplyDelete
    Replies
    1. හිගන්න පස්සෙන් යන උන්ටත් හොද පාඩම .මෙහෙම උත්තර දෙන්න බැරු කතාත් තියෙනවා අපි ගිහනවා කිව්වට

      Delete
  10. හුඟක් දෙනෙක්ට වෙන්නේ ඕක තමයි.. අන්තිමට ඉතින් ජීවිතෙන් වැඩි හරියක් කාගෙවත් ඕන එපාකම් ඉශ්ඨ කර කර ඉන්න තමයි වෙන්නේ..

    කතාව එල..

    ReplyDelete
    Replies
    1. වැරදි පාරවල් වල ගියාම මෙහෙම වෙනවා ,එ වගේම තමන් වටේ ඉන්න මිනිස්සුන්ටත් එවාගෙන් ගෙන්නෙ කරදර .

      Delete
  11. Anonymous8/08/2014

    MAMA EKADA

    ReplyDelete
  12. යකෝ.. ඇඟේ මාලු නටනව මරාගෙන කන්න තරම්. උදේම ලේ ටික කෝප උනා. දේසපාලුවෝ කොයි පළාතෙත් මේවගේ. කාලකණ්නි හැත්ත. එක අතකට කාලකණ්නි උන් නෙවෙයි. උන්ට ඡන්දෙ දෙන මීහරක්.

    මේක උඹේ කෙටි කතාවක් බව ඇත්ත. ඒත් මේකම තමයි අද රටේ හැමතැනම වෙන්නෙ. බඩගින්නෙ මළත් මේ නරුමයන්ගෙන් නම් රස්සා ගන්න යන්න හිතන්නවත් එපා හීනෙකින්වත්. ආයෙ ඉතින් කොටි වල්ගෙ අල්ලගත්ත වගේ තමයි. බේරුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ලේ කෝප වෙන්නෙ කිහිප දෙනෙක් ගේ විතරයි,ජන්දයක් දිහා බලපන් රටේ වැඩි දෙනෙක් කරන්නෙ වාසි පැත්තට යන එක ,මෙක කතාවක් විදියට පේනවා නම් සතුටුයි හැබැයි ඇතුල් කතාව සුපිරිම සත්‍ය ය මට අහන්න ලැබුණ .....

      Delete
  13. කතාව අපුරුය... අලුත්ම කතාවකි.. හැමදාම පිළුණු වෙන ටොපික් අල්ලං ලියන අපේ උංට වඩා ඔබේ කතාව මසුරන්ය..
    ඒත් හැමදාම වගේ අකුරු වැරදි අම්බානෙටය...
    ඒ මදිවාට කතාව ලියලා තියෙන්නේ කෝච්චියට දුවන්න වගේය...
    කලබල නැතිව ලියනවා නම් කතාව මීට වඩා හොද තැනකට ගන්න තිබිණි..
    නරකක් කියනවා නොවේ ඒත් හොද කතාවක් මේ වකෙග් අවුල් යද්දි අප්සට්ය..
    (මං මේව හැම කෙනාටම කියන්නෙ නෑ බොලං... මොකද දන්නවද දැං දැං කට්ටිය මගෙ බ්ලොග කියවන්න එන්නෙත් නෑ නෙව.. ඇයි දන්නවද අනික් උංට පෙනුනත් නොපෙනෙන වැරදි මට පේන හංද සහ ඒව කියන හංද.. ඒත් මේ වගේ වෙලාවක දෙයක් කීවෙ නැත්තං ආයෙ කියන්න වෙන්නෙ නෑ..)

    තරහක් හිතන්න කාරි නෑ මම දැක්ක දේ මං කීවෙ..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අඩුපාඩුවක් පෙන්නුවාම තරහා ගන්නෙ මොකටද?මමත් දකින අඩුපාඩු කියනවා ...අකුරු නම් සුබසෙන් බැලුවා,වෙනම හැදුවෙ නෑ,මගේ මේ ක්ෂණික කතා ලිවිල්ල ආයේ පටන් ගන්න හෙතු තියෙනවා බන්,වැඩ අස්සෙ වුනත් කතාවක් ලියන්න හිතුණා.සංචාරක මලයා ඇහුව වෙලේ මෙක ඉක්මනින් කෙටුවෙ බොරු නෙවෙයි.මීට හාත්පසින්ම වෙනස් කතා සැහෙන ටිකක් තියෙනවා ලියලා ඩ්‍රැෆ් ගොඩේ එවා හෙමින් අඩුපාඩු බලලා දාන්නම් .මෙවා කිව්වා කියලා මං නම් උඹ ලියන එවා කියවන්නෙ නැතුව ඉන්නෙ නෑ..මොකද මං කලිනුත් කියලා ඇති මං උඹ ලියන එවට බොහොම මනාපයි කියලා....අඩුපාඩුවක් පෙන්නන්න ආයේ හිතන්න එපා මගේ ,එක මට දැනෙන එකක් නම් මං අනිවාර්යයෙන් හදා ගන්න උත්සහා කරනවා මේ ගානට හරි මගේ අඩුපාඩු හදපු බොහෝ දෙනෙක් ඉන්නවා.මං එහෙම බනින්නෙ නෑ මොකද මං දන්නවා කොලේක වගේ නෙවෙයි මේ ලිවිල්ලෙදි මගේ අකුරු අඩුපාඩු වෙනවා කියලා ...

      Delete
  14. ගොඩක් වෙලාවට වෙන්නෙ මේදේ බං. නොදකින් අපේම කාළකණ්නිකම.

    කතාව හොදයි මචෝ.!!

    ReplyDelete
    Replies
    1. මේ වෙන දේවල් ඇහුවාම අපේත් කාලකණ්ණි කමට කර ගත්ත එවා කියලා හිතෙනවා ..
      ස්තුතියි ප්‍රියා ...

      Delete
  15. එල ද බ්‍රා (උඔගේ ලියවි්ල බං නැතුව අරැ කරපු අසමත්ඡාති වැඞෙ එල කියන්නයෑ?)

    ReplyDelete
    Replies
    1. උඹේ ඔය එලද බ්‍රා එක දැක්කත් සතුටුයි බන් ,ඔය අසමත්ජාති වැඩ හොදයි කියන ඇයෝ වැඩි අද කාලේ

      Delete
  16. දේශපාළුවො හැමතැනටම රිංගලා.මොනවා කරන්නද බං......

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමේ වෙනස් කරන්න ඕන වගේ කතා මෙතන ලියන්නෙ නෑ කෙලින්ම මේ වගේ කතාවක් ලියනවා එ වැඩ ගැන දැනෙනෙ එකෙකුට හරි දනෙයි නේ ජන්දේවත් නැති මට පුළුවන් එක තමයි දැනට :D

      Delete
  17. එහෙමත් එකද්ද,අනේ මංදා ඔය විදියට ජොබ් ගත්තම කියන කියන දේ කරන්න වෙනවා තමා.අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. හැලප තුමා මීට වඩා දෙයක් කියයි කියලා මං හිතුවෙ ....ඒ කාලේ කොමද දන්නෙ නෑ රාජ්‍ය සේවය එත් දැන් නම් මේ වගේ එවත් වෙනවලු ....

      Delete
  18. මේ රටේ දැන් රජ්‍ය සේවකයෝ වැඩියි.ප්‍රමාණය වැඩි වෙලා වැඩක් නැහැ සපයන සේවය ගුණාත්මක නැතිනම්.
    හැබැයි මේ විදියට ගහන්න ඕනේ පෝස්ටර් අවශ්‍ය නම් එයාලම සපයනවා නේද?මොකද මම නම් හිතන්නේ නැහැ කවදාවත් ඉස්සර වගේ දැන් ඔය වගේ දේවල් වෙනුවෙන් එහෙම මිනිස්සු අතින් සල්ලි වියදම් කරන් කරනවා කියලා.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවයේ ගුණාත්මක බව නැති වෙන්නත් වෙන දේශපාලන බලපෑම් බලපනවා මං හිතන්නෙ,අනික රාජ්‍ය අංශය ඕනෑවට වඩා පුළුල් කරා කියන්නෙ රටේ මිනිසුන්ට වැඩි බරක් දරන්න වෙනවා එකෙන් හරි සේවාවක් වෙන්නෙ නැත්නම්....

      ඉස්සර නම් සපයලා තියෙනවා දැන් නම් තම්න් ගේ අතින්ම ගහ ගන්න කියනවලු,ඒ ගැන මට විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔය කියලා තියෙන කතාවෙ හරය ගැන,ඕනෑවට වඩා කියන්න බැරි කමක් තියෙනවා..මං මෙක එක පක්ෂයක් පුද්ගලයෙකුට එල්ල කරා නෙවෙයි අද තත්වය මේ....දැනටත් ඉන්නවා පක්ෂ වෙනුවෙන් සල්ලි වියදම් කරන පොහොසත්තු,ඒ සල්ලි මදි නිසා වෙන්න ඇති පහලම ඉන්න මනුස්සයාගෙනුත් මෙහෙම ගන්නෙ ......

      Delete
  19. පෝස්ටරේ විතරක් නෙවෙයි ඊළඟ සැරේ ලොකු මහත්තයාගේ පුතා ඇවිත් කෙල්ලවත් ඉල්ලනවා 'පෝස්ටර් ගහන්න' රෙස්ට් හවුස් යන්න.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++
      හෙහ්......හෙහ්..... එල......................

      Delete
    2. ඒ වගේ එවත් වෙන්නෙ නෑ කියන්න බෑ ...පුතා නෙවෙයි ලොක්කාම එයි සමහර විට ....

      Delete
  20. ඡ්න්ද ලං වෙනකොට රස්සාවල් බෙදලා දෙන්නේ ඔන්න ඕකට තමයි.. අසරණ අහිංසක මිනිස්සුන්ටම තමයි මේ හැම දේම...

    කතාව ගලාගෙන ගිය විදිහ නම් අපූරුයි...

    ReplyDelete
    Replies
    1. එක නේ ඔය ජන්ද කාලේට කෝම හරි රස්සා ටිකක් දෙන්න බලන්නෙ,රස්සා හිගන උනුත් ජන්දේට පොස්ටර් ගහන්න යන්න වෙනවා,එක පැත්තකින් මිනිස්සු අහිංසකයි අනික් පැත්තෙන් මේ මිනිස්සු නිසා තමයි ඔය බඩෝ චණ්ඩි වෙන්නෙ ....

      Delete
  21. උන්ට ගෑවුනොත් කුම්බල මාළු කාපු බළලාට වූ දේ තමයි පුත්‍රයා''''''''''''!!!!! ...................

    ReplyDelete
    Replies
    1. අනිවා කෙන්ජි මාමේ ආවසානේ වෙනකන්ම බේරුමක් නෑ,යන්නෙත් අපේ මිනිස්සු එ විදවන ගමන් එක රසයි කියන්නෙත් අපේ මිනිස්සු ....කතාව එකෙන්ම හරි ...

      Delete
  22. හැමදාම තැලෙන්නේ අසරණයින්ම තමා. ඒ ගැන වැඩිය කතා කරන්නත් බැහැනෙ. අද තත්වෙ මෙහෙම තමා. ජනමාධ්‍ය නම් මේ ගැන කියන්නෙ මෙහෙම කරන්න තහනම් කියල. ඒ උනාට ලොක්කන්ට තහනමක් නම් නෑ කියල ගියපාර ඡන්දෙදි දුටුවා.

    ReplyDelete
    Replies
    1. මෙවා ගැන කතා කරන්න බෑ ඇත්ත.ජනමාධ්‍යය වුනත් කියන හැමදෙම ඇත්ත කියලා හිතන්න අමාරුයි නේ,ජන්ද කාලේකට අහන්න ලැබෙන දුක්බර කතා බොහොමයි .....

      Delete
  23. Anonymous8/10/2014

    ඔය උගුලෙන් ගැලවෙන්න බැහැ සහෝ....ඇත්තටම මේවා හිතන්න හිතන්න කලකිරීමම හමයි. අපි රිවර්ස් ගියර් එකට හුරුවෙලා. මොනවා වුනත් උඹේ ලියවිල්ල ඉස්සරට වඩා හරි පිලිවෙලයි කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙවා නිකන් නෙවෙයි මර උගුල් මෙවා අහන්න ලැබිලා අපි මෙහෙම කලකිරෙනවා නම් වුන මිනිස්සු කොම කල්කිරෙයි ද ?වැඩේ එහෙම කල කිරුණා කියලා වෙනසක් නෑ ආයේ යනවා බඩන්ගේ පස්සෙන්....මේ කතාව නම් ලිව්වෙ සෑහෙන වේගයකින් පැයක් වගේ ඇතුලත,කතා ටිකක් තියෙන්වා අරූ වෙනස්ම එවා කියලා හිතන පොඩ්ඩක් කල් ඉන්න අඩුපාඩු අඩු කරලා ලියනකන්...අරූ මුල ඉදන්ම මං ලියන එවා කියවන නිසා වෙනස සැහෙන දැනෙනවා ඇති .. ....

      Delete
  24. Anonymous8/10/2014

    ම හිතුවෙ ලොකු මහතතයා කෙල්ලට ගෙදරට එන්නවත් කියයි කියලා............. ඇති ඔයින් ගියා. මේක තමයි අපෙ රටේ තිත්ත ඇත්ත. ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. මුලින්ම පිලි ගන්නවා මේ පැත්තට ..
      එහෙම වෙන්නත් පුළුවන් ඔය පත්තර වල එහෙම යන්නෙ ඒ වගේ කතා,තිත්ත වුනත් ඇත්ත ,...

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.