04 October, 2014

ආරම්භයක කතාවක්

                                     
සහෝදර කියලා නම මම මොනවට බොගියට දැම්ම ද කියලා හරියටම කියන්න බෑ,හබැයි මීට කාලයකට කලින් එහෙම කළා.ඇත්තටම පටන් ගත්තෙ සහෝදර කියන නමින් නෙවෙයි.පටන් ගත්තෙ සහෘදයා ගේ අඩහැරය වගේ නමකින්,පස්සෙ සහෝදර උනා.ඇත්ත නමින් මේ වැඩේ කලා නම් හොදයි කියලා මුල් දවස් වල හිතුණත් සහෝදර කියන නම ඊට වඩා ලෙසි කියලා හිතුණා. සමහරු හිතුවෙ සහෝදර කියලා නම තියෙන නිසා මම මොකක් හරි දේශපාලන මතයක් කියන්න හදන කෙනෙක් කියලා,ලියන්න පටන් ගත්තෙ මුලින්ම චේ ගැන කියලා නේ,පස්සෙ වම ගැනත් විකාරයක් කියලා තිබුණා එක නිසා එහෙම හිතන එකෙත් වැරැද්දක් නෑ.හැබැයි මං ඒ ගැනත් මුලින්ම පැහැදිලි කළා. .

 ඒ දවස් වල උ.පෙ කරන්න යනකොට තාත්තා පොඩ් ෆොන් එකක් අරන් දුන්නා හැබැයි එකෙන් බුකියට එන්න පුළුවන් ඔහොම එන යනකොට අපේ රන්දු මොනවද කවි දානවා බුකියේ සිතුවිලි හාන්තාන කියලා,ඒ දවස්වල ඔය ෆෙස් බුක් යන්න සමහර වෙලාවල් වලට කැෆේ වලට යනවා පැයට හැටක් වගේ ගාණක් ගෙවලා එහෙම ගිය වෙලාවක ඔය හන්තානට පොඩ්ඩක් ගොඩවෙලා බැලුවා,පස්සෙ එතනින් කතන්දර බොගිය හම්බවුණා.අමුතුම කතා,එක කතාවක් බලන්න පටන් ගත්තාම ලින්කු වලින් ගිහින් කියවන්න කතා කොච්චර ද?එදා ඉදන් කියවන්න ගත්තා කතන්දර බොගිය.එහෙම ඉන්න දවසක මම කකාට මෙල් එකක් යැව්වා ගණිකාවක් ගැන තිබුණු කතාවක්  අහලා ඒ ගැන ලියන්න කියලා ,කකා එකට පිළිතුරු ඊළඟ දවසේම එවලා තිබුණා.මෙහෙම ඉන්න දවසක බොගි ගැන පොඩි විස්තර ටිකක් යාළුවෙක් කියලා දුන්නා,නැත්නම් රන්දුණුව හම්බවුණාම අහන්න හිටියේ මටත් ලියන්න පටන් ආසාවක් තිබුණා ඒ දවස් වල.පස්සෙ කාලේක සහෝදර බොගියක් පටන් ගත්තා හැබැයි බොගි ගැන මෙලෝ මලදානයක් දන්නෙ නැතුව අද එක්ක බලනකොට.සහෝදර ගේ පරිඝණක දැනුමත් අන්තිමයි.කොමහරි බොගිය අටව ගත්තට එක මනුස්සයෙක්ට බලන්න බෑ,අකුරු පොල් සයිස්,තව වැරදි ගොඩක් තිබුණා.පස්සෙ ඔමායා අක්කට කියලා තමයි බොගි යන්තම් පොඩ්ඩක් කියවන්න පුළුවන් තත්වයකට ගත්තෙ.එහෙම උදව් කලාට ස්තුතියි කරන්න අවුරුද්දක කාලයක් යනතුරුම බැරි උනා .මල්ලි අරක වෙනස් කරන්න,අකුරු කියවන්න බෑ,අර ගැජ්ට් එක දාන්න,එක කරන්න මෙහෙමයි කියලා කොමහරි ගොඩ දැම්මා සහෝදරව,එ කරපු උදව් වලට ස්තුතියි..... 

සහෝදර මේ අවුරුද්දක් ඇතුලත පුළුවන් හැමවෙලාවකම බොගියක් කියවන්න උත්සහා කලා,නම් කියන්න ගියොත් දිග නම් ලිස්ට් එකක් තියෙනවා තව ස්තුතියි කරන්න ඕන,විශේෂයෙන්ම සහෝදරට මුල් දවස් වල ඉදලා අද දක්වා සහෝදර ලියන දේවල් කියවලා අඩුපාඩු පෙන්වලා අද සහෝදර කියලා බොගියක් තියෙන්න අවශ්‍ය හයිය දුන්නු කට්ටියට.ඒ වගෙම  කමෙන්ටුවක් නොදමා වුනත් කියවන පිරිසට.සියලු දෙනාට ස්තුතියි.................

ප.ලි 

මං සහෝදර හැර මේ බොගි ලියන වෙන සහෝදර කෙනෙක් ඉන්නවා ද?තව කියන්න බොහෝ දේවල් තියෙනවා.එත් මාසයක් ලියන්නෙ නැතුව ඉදලා ලියන විදියත් අමතක වෙලා වගේ :) .........


70 comments:

  1. ආයමත් දිගටම ලියමු අපි එනවා.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අනිවා මෙන්ඩි ලියනවා
      එලද බ්‍රා

      Delete
  2. Anonymous10/04/2014

    වසරක් පුරාවට - පෝස්ටු 55කින් බ්ලොග් ලෝකය සැරසුවාට ස්තුතියි සහෝදර.. ඒ වගේම තමයි දිරියටත් රසබර නිර්මාණ ගෙන එමු...
    මාසයක් තිස්සේ වහං වෙලා හිටියම මං හිතුවේ දේශපාලනේටවත් බැහැලද දන්නෑ කියලා..

    එහනං සුභපැතුම්!!!!
    ගල් බෝතලයක් සමග මුණ ගැසෙමු..
    cvpsur@gmail.com කරුණාකර දුරකථන අංකය මෙල් කරන්න..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මොන දේශපාලන විදානේ වෙන වැඩක් වුණේ ,කතා ටිකක් තියෙයි ඒවා ගැනත් ඉදහිට ඇවිත් ගියා,ලබන අවුරුද්ද වෙනකන් පොඩ්ඩක් අමාරුයි බොගි වලට වෙලාව දෙන්න ...එත් ඇවිත් යනවා පුළුවන් විදියට ...

      ගල් සමග මල් ....ජයවේවා...

      Delete
  3. සහෝදරගේ බ්ලොගීයට අවුරුද්දක්.සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.මනෝ දැන් ලියන්නෙම නැතෙයි ???? :))

      Delete
  4. එලම තමා... ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. අනිවා සිහින යමු ..බොගියක් තියේ නම් ලින්කුව කොටලා ගියා නම් වටිනවා ...

      Delete
  5. පටන් ගන්න අවුරුද්ද ගෙවුනු එකට වඩා හොඳ වෙන්ට කියල මං යෝජනා කොරන්ට කැමතියි ! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ,මේ චන්දන අයියා වෙන්න ඇති නේ???

      Delete
    2. ඒකා ද කොහෙද තමයි :D

      Delete
  6. Anonymous10/05/2014

    සහෝ.....උඹට සුබ පැතුම්!!!! මමත් මේ මාස ගානකට පස්සේ බ්ලොග් පැත්තේ ආවේ. උඹ කිව්වා වගේ ලියන්නත් අමතක වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. මමත් මාසෙකින් මේ ලිව්වෙ මෙකත් ලියන්න මාර මහන්සියක් වුණේ ,ඉක්මනින් ලියපු කතා ටිකක් තියෙනවා එවා සම්පුර්ණ කරනවා අරූත් ඉක්මනින් අවා නම් එලකිරි ....

      Delete
  7. වෙල්කම් බැක් සහෝ..

    ඒ වගේම මේ කුළුඳුල් උපන් දිනේට මුළු හදවතින්ම සුබපතනවා. ඒ වගේම තව චිරාත් කාලයක් බ්ලොග් ලොව අපිත් එක්ක ඉන්න කියල ආරාධනාකරනවා වගේම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....කොහොමත් පුළුවන් කාලයක් ලියන්න හිතන් ඉන්නවා ලියන්න තව දේවල් තියෙනවා ...

      Delete
  8. අවුරුද්දක් පිරුන සහෝදර බොගියට සුභපැතුම්...දිගටම ලියන්න සහෝ....අපි එනවා කියවන්න...ජයවේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චෙෆ් දිගටම ලියනවා ....ජය

      Delete
  9. ජය වේවා කිව්වා එහෙනම්...

    නොනැවතී ලියපං කියල මටත් දැන් පඩි ටෝක් දෙන්න බැහැ බං. නැවතිලා තිබිලා ලගදි ආයෙත් පටන් ගත්ත නිසා..

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් නොනැවති ලියන්න හිතන් ඉන්නවා .,සෑම් ගේ කතා දැක්කෙ නෑ තමයි ලගදි

      Delete
  10. සුබ පැතුම් සහෝ... දිගටම ලියන්න ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,දිගටම ලියන්න ඕන

      Delete
  11. හා හා... දිගටම කොටමු එහෙනං බලන්න

    ReplyDelete
    Replies
    1. කොටාගෙන කොටාගෙන යනවා පුළුවන් තරම් කාලයක් තව

      Delete
  12. අවුරුද්දක් වුනාද ? කාලය යන ඉක්මන , එහෙනම් දිගටම් ආපහු ලියන්නයි , අවුරුද්දටයි දෙකටම සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පවෙල් ...අවුරුද්දක් ගෙවිලා ආපහු ලියනවා

      Delete
  13. ලියන්න ලියන්න දිගටම ලියන්න පළමුවැනි අවුරුද්දේදී තමයි ටිකක් චකිතයක් ඇතිවන්නේ.

    තේරුනේ නැද්ද? ලියපං යකෝ දිගටම. මගෙන්................නැතුව.

    ReplyDelete
    Replies
    1. දෙවැනි විදියට කිව්වාම තමයි හොදටම පැහැදිලි වුණේ හැක්

      Delete
  14. හ්ම්........... හ්ම්............ කොහොම හරි ඇදගෙන යමු.......... අපහසුතා ගොඩයි... ඒත් කොහොම හරි ලියන්න උත්සහ කරමු.............

    ReplyDelete
    Replies
    1. කොම හරි පටන් ගත්ත එක අත්හරින්න බෑ දැන් ,අපහසුතා නම් සැහෙන එත් ලියනවා මොනවා උනත්

      Delete
  15. ආ මග දුරයි යා යුතු මග කෙටියි ද මක්කද එකෙක් දොඩල තියෙනවලු නෙ. :-D :-D :-D
    ආව වගේම ලොවෙත් නැතිවෙන්න මේ කැඳ හැලිය කාල් ගාන්න චිරාත් කාලයක් හේතු වාසනාව ලැබේවා.
    තව කියන්න මොනා හරි තියේද මංද

    නැතුව ඇති.
    (සද් බාවකින් කොටන ලද කොමෙන්ටුවකි අනවස්සිය කතා ඇතොත් අර අහවල් එක මොකද්ද ඒකට කියන්නෙ
    ආ හරි
    සමාව බාජනේකට දාල ටිකක් හොරතල් කරන්ඩ හොදේ.

    ReplyDelete
    Replies
    1. මක්කද එකා ගේ නම වෙන්ඩෑ උඩිනම තියෙන්නෙ ,දැන් මේ කැද හැලිය කාල් ගාන්න ඇබ්බැහි වෙලා බන් නැත්නම් ආයේ ලියන්න පටන් ගන්න හිටියේ 2015 දී හැක් ....අවසානෙ ටික මෙලෝ දෙයක් තේරූනේ නෑ ...හැක් හැක් ;)))

      Delete
    2. නොතේරුම් කමට මගෙ මෙව්ව එක.
      :-P :-P :-P :-P :-P :-P

      Delete
  16. විභීෂණ ත් හැමදාම සහෝදර සමග...

    අනිවා මාත් එනවා ලියන ලියන හැම එකම කියවන්න...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් විභීයා ,
      එල්ලියන් ඔය උඩින්ම ...

      Delete
  17. උණුසුම් සුභපැතුම් සහෝ....

    ReplyDelete
  18. සුබ පැතුම් සහෝ

    ReplyDelete
  19. ලියාන් ලියාන් අපි එනව කියවන්න..

    ReplyDelete
  20. අවුරුද්දට හදවතින්ම සුභ පැතුම් සහෝ!!

    මටත් දැන් ලියන්න අමතකයි බං!

    ReplyDelete
  21. ආමග කෙටියි,යායුතු මග දුරයි.නිරතුරු නුවනැසින් තරනය කල යුතුයි...

    ReplyDelete
  22. උණුසුම් සුභ පැතුම් සහෝදර. මට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න දැනෙන කම්මැලි කම උඹට කිසිදා නොදැනේවා.

    ReplyDelete
  23. මගේ සභා පැතුම් පිළිගන්න.
    සමරසේකර

    ReplyDelete
  24. හරි හරි ලියාගෙන යද්දී ආයෙත් මතක් වෙයි ලියන හැටි.....ලියමුකො බලන්න..

    ReplyDelete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.