17 February, 2014

උපරිම කාලයක්-උපරිම වින්දනයක්







නිවාඩු දිනයේ සුවපහසු ලෙස නිවස ඉස්සරහා හාන්සි පුටුවේ වාඩි වී සති අන්ත පුවත්පතකට මුණ ඔබා ගෙන මා සිටියෙමි .අම්මාත් මා අසලම යම් වැඩක නිරත වෙමින් සිටිය .පාර දෙසින් වෙළෙන්දෙකු ගේ හඩක් ඇසින 

උපරිම කාලයක් ............ උපරිම වින්දනයක් 

අදම ගෙන වෙනස වටහා ගන්න 

මූ කැගනවා ..ඉවරයක් නෑ ...අම්මා මගෙන අහනවා මොනව ද ඒ කියලා ,මට ඒ කතාව තිබුණ නිකන් මතකයි වගේ ,මම හිතුවේ එවත් දැන් පාර දිගේ විකුණනවා ද කියලා ,මෙන්න මූ ඒ පාර කෑ ගහනවා 

ඉස්තරම් ලියෙන් ,කැටයම් කපාපු ......

උපරිම කාලයක්-උපරිම වින්දනයක්...

මට මාර ප්‍රශ්නෙ මේ යකා මොනවා විකුණව ද කියලා ,ඔන්න අම්මා ගෙට්ටුව ගාවට ගිහින් ,ඒ මනුස්සයාව නැවැත්තුවා,ඒ මදිවට මටත් එන්නලු ,වෙන දෙයක් වෙයි කියලා ගියා ..

එන්න මහත්තයා මෙවා ඉස්තරම් පුටු ...ගන්න මහත්තයා ..

මෙවා අපේ රටේ එවා වගේ නෙව්යි ...වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් 

ඔන්න මට පුෂ්පය විකසිත වුණා ...මේ යකා අපේ දේශ ප්‍රේමේ ගැන දන්නෙ නෑ වගේ අපේ බඩු නිකන් පහත් කරන්නෙ

ඇයි මනුස්සයෝ එහෙම කියන්නෙ ..ඇයි අපේ රටේ හදන්නෙ පුටු නෙවෙයි ද ???

නෑ... මහත්තයා අපේ රටේ හදපු පුටු ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි උනානේ ..එවා වැඩිය සවි සක්ති නෑ මහත්තයා..එකයි දැන් මේ පිටරට එවා විකුනන්නේ

ම්ම්ම් ...එකත් ඇත්ත තමා..අබුඩ ලෙන්සුවත් පිටින් ගෙන කාලේ

දැන් මේ පුටු ලංකාවට ගෙන්වන්නේ කවුද ???

හා ...මහත්තයා මෙවා ගෙන්වන්නෙ ..කුරහන් සහ දේශප්‍රේමි සමාගම නේ..

ඊට පස්සෙ විමල් සහ පචොරිස් සමාගමෙන් ඉස්තරම් පෙන්ට් පාරක් ගලා තමා මේව මේ තියෙන්නෙ ....එක නිසා බය වෙන්න එපා මහත්තයා ...අයේ අවුරුදු දහයක් වුණත් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ...

ම්ම්ම් ම්ම් .....අපේ ගෙදර ඇති වෙන්න පුටු තියෙනවා නේ ....ඈ අම්මෙ ගන්නවා ද ..අම්මා ඒ පාර කියනවා 

මේ පුටුවල අමුතු සිරියාවක් තියෙනවා ගත්තා නම් හොදයි වගේ ...බලන්නකෝ එකේ තියෙන ගැජට් ටික

ගන්න නෝනා ....මේ පුටුවක ඕන තරම් වෙලා ඉන්න පුළුවන් ..රත් වෙන්නෙ නෑ ,දේශ ප්‍රේමය වැඩි වෙලා සිතල වෙනවා  නෝනා ...

මොකක්ද මනුස්සයෝ ඒ හරුපේ .....

නෑ මහත්තයා ..මොකුත් නෑ ...මෙකේ මේ තියෙන ගැජට් නිසා තමා එහෙම වෙන්නෙ ,පොඩි බැටරි කැල්ලක් ඇති මෙකට ,වාඩි වෙලා ඉන්න ආස හිතෙයි

ඈ ...එ කියන්නෙ මෙක මේ සමාන්‍ය පුටුවක් වගේ නෙවෙයි...

නෑ ...මහත්තයා ...එකනේ මම මේ කියන්නෙ ...
හැරි.....දැන් මෙක තමුසේ විකුණලා යනවා ,හදිසියේ මොනවා හරි වුණොත් එහෙම අපරාදේ නේ සල්ලි ...

අපි නිතර නිතර එනවා මහත්තයා ....කතිර කොළ හැදෙන කාලෙට අපි කොහොමත් එනවා,අනික දැන් නිතරම කතිර කොළ හැදෙනවා නේ ....මහත්තයා බය වෙන්න එපා .
                                .....................................
 

කොම හරි ඔය  පුටුවක් ඉතිං අපිත් ගත්තා ,එත් පුදුම වැඩේ කියන්නෙ මට නම් එකේ වාඩි ගන්නම බෑ ,,රත් වෙනවා මෙලෝ සීතලක් දැන්නෙන් නෑ .කිව්ව කිසිම ගැජට් එකක් වත් වැඩ නෑ ..අර මිනිසා කියලා තියෙන්නෙ බොරු නේ ,ඒ ගැජට් එහෙම පෙනුනාට එවා වැඩ නෑ ...බලනකොට පරණ විසි කරපු පුටු වගයක් තමා මේ පොඩි පෙන්ට් පාරක් ගහලා විකුණන්නෙ .අයියෝ.... අපරාදේ සල්ලි




ප.ලි 
මෙය හුදෙක් ගෙතු කතාවකි,කිසිවෙකුටත් අපහාස හා උපහාස කිරිම මා නම් එතරම් අනුමත නොකරමි.අද ඇනෝ කමෙන්ට් දැමිය හැක 

මේ පිංතුරෙත් බලන්න එක පැත්තකින් හිතන කොට මොනව කියන්න ද මන්දා,හැබැයි මට එකක් හිතෙනවා දැන් ඔය දේශ ද්‍රෝහීන් කියලා හංවඩු ගහන වුන් ටික විතරයි කවදා හරි ඔය කොතන වුණත් අවසානයේ ඉන්නෙ ,ප්‍රශ්නයක දී  ඔය දේශ ප්‍රේමින් ඇද යට රිංගනවා සිකුරුයි .







26 comments:

  1. විදුලි පුටුවක් ගෙනාවනං..

    ReplyDelete
    Replies
    1. දේශක දැනුත් බිලා ද ඉන්නෙ ????

      Delete
  2. හිහික්...... හික් හික්....
    සහෝදර තුමා ටත් හිතෙන ජාති...
    ඇත්තටම සහෝදර තුමා ඔය දේසපේමියො කියන අය කරන්නෙ නිතරම පරණ කබල් අයිඩියාස් වලට අලුත් පේන්ට් 1 ගාන 1මයි නේ... ඒ අතිං බැලුවාම කව්ද හැබෑ දේශද්‍රෝහියො කියනෙත උඩිංම පැහැදිලි නැද්ද මං අහන්නෙ....

    ReplyDelete
    Replies
    1. මෙවා බලන් ඉන්න එකත් දේශ ද්‍රෝහි කම්ක් කියලා හිතෙනවා බං වෙලාවකට ..
      ඔය දේශ ප්‍රේමින් කියන උන් ඉතිහාසයේ පවා දුන්නා අදත් පවා දෙනවා ....කට පුරා පච කියන්න පුලුවන් ඒ වුණාට ..
      මට පෙන්න බෑ ඔය එලු වංශයාව

      Delete
  3. සහෝට අද නම් සුදු වෑන් එකක් ඕකේ හි… හි…

    මම නම් හෙඩිම දැක්ක ගමන් හිතුවෙ අද බඩු හරි කියලා. චික් කැත හිත. ;-)

    ReplyDelete
    Replies
    1. සුදු වැන් වලට බයේ තමා සැර අඩු කරලා ,බොලද විදිහට ලිව්වෙ ....

      හෙඩිම ගැලපෙනවා කියලා හිතුවා .....කැත හිත නෙවෙයි ප්‍රියා ..ඔක දන්නෙ නැති පොරවලුත් ඉන්නවා ..හැක් හැක්

      දානවා මාත් 21+ කතා පොඩ්ඩක් ඉන්නකෝ (හසන්ත ගේ විදිහට ) හැක් හැක්

      Delete
    2. 21+ ආස්චර්‍ය හසන්ත මහත්තයෝ ආස්ච‍ර්‍ය…… :-D ;-)

      Delete
    3. ප්‍රියා පොඩ්ඩක් ඉන්නකෝ ...හැක් හැක් ...වැඩි ඇතක නොවේ ආශ්චර්යය...හැක් හැක්

      Delete
  4. මදැයි...මං මේ max dura කතාවක් බලන්න ආවේ...

    ReplyDelete
    Replies
    1. ඇයි අවුල් ද ??? හැක් හැක්

      Delete
  5. පුටු කාරයොත් එහෙනම් මහ ඇත්තන්ගෙ කලාවම ප්‍රගුණ කරල.. :)

    ReplyDelete
    Replies
    1. හික් ....දෙපැත්ත මාරු වෙලා ද මන්දා ..කොම වුණත් වෙලාවලට දේගොල්ලොම එකයි කියලා හිතෙනවා

      Delete
  6. සික් ආවෙ කුප්ප කතාවක් බලන්න බලද්දි වෙන සීන් එකක්නෙ තියෙන්නෙ, සක්කරයගෙන් පඩුපුල් ආසානේ ඉල්ලගත්තනම් සැපට ඉන්න තිබ්බ(හැබැයි ඒකත් රත්වෙනවා) :D

    ReplyDelete
    Replies
    1. හිටපල්ලා කුප්ප කතා දානකන් ....පොඩ්ඩක් මේ වැඩ අඩු වෙනකන් ......බලාපොරොත්තු සුන් වෙලා ගිහින් වගේ හැක් හැක් .....

      Delete
  7. සිතිවිල්ලක් නිසා කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ කෙන්ජී මාමේ ඒ ....හැක් .. :)

      Delete
  8. අලුත් පේන්ට් පාර ගහලා කස්ටිය හැඩවෙනව ඇති ජයටම. ඔවුවා වහකදුරු නිසා මමනම් නිවුස් බලන්නෙත් නෑ දැන්.

    ReplyDelete
    Replies
    1. හැඩ වෙනවා ..මාත් නිවුස් වැඩිය බලන්නෙ නෑ ....බලන බලන එකා කෑ ගහන්නෙ පුටු විකුණන්න නේ ...අහලාම එපා වෙලා

      Delete
  9. //මෙය හුදෙක් ගෙතු කතාවකි,කිසිවෙකුටත් අපහාස හා උපහාස කිරිම මා නම් එතරම් අනුමත නොකරමි.// සදය උපහාසයේ අවුලක් නෑ, නිර්මාණාත්මක උපහාසය අගේ ඇති දෙයක්.

    ReplyDelete
    Replies
    1. මම පෞද්ගලිකව කෙනෙක් ඉලක්ක කරගෙනම කියලා ලියනවට අකමැති ,එකයි කියන්න උත්සහ කරේ ,

      Delete
  10. හෙහ්, මරු ඈ.. අර අන්තිම ෆොටෝ එක දැකලම මේක හිතට ආව එකක්ද මන්දා කියලා හිතුනා.. කෝම වුනත් එල..

    ReplyDelete
    Replies
    1. අන්තිම ෆොටෝ කැල්ලෙන් ලොකු කතාවක් කියන්න පුළුවන් මම හිතන්නෙ ....එල නම් එච්චරයි

      Delete
  11. සහතික ඇත්ත කතාව. කෙලින්ම ඒසීඩීසි ගහන්නෙ නැතිව ඔය බැටරි දැම්මෙ සැර බාල කරන්න වෙන්නැති!

    ReplyDelete
    Replies
    1. කතාව තෙරුණා නම් ලොකු දෙයක් රාජ් ,උඩ කමෙන්ට් කරපු ගොඩක් අය උඩින් අතගලා කමෙන්ට් කරා කියලා හිතුණා .

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.