18 February, 2014

සංවර්ධනය නිදිවැදිම


හැම තැනම කතා කරනවා රට සංවර්ධිත වෙනවාලු,හෙන විපාර්‍යාස වෙලාලු .අපි දැන් සුඛිත මුදිත වෙලාලු .ඇත්තටම සංවර්ධනය කියන්නෙ රටක භෞතික තත්වයේ වර්ධනක් විතර ද?මොකක්ද මේ සංවර්ධනය කියන්නෙ ,සරලව කිවහොත් මිනිසුන් ගේ භෞතික හා අධ්‍යාත්මික වශයෙන් ඇති කරන දියුණුවයි.තව මේ තුලම කතා කරනවා තිරසාර සංවර්ධනය කියන එක,එකත් සරලව කිව්වොත් රටක තියෙන සම්පත් අනාගත පරපුරටත් ඉතිරි කොට වර්තමාන ආර්ථික වර්ධනය සඳහා දායක කර ගැනිමයි .මොකක්ද මේ ආර්ථික වර්ධනය කියන්නෙ සමාන්‍යයෙන් සරලව කිවහොත් දළ දේශිය නිෂ්පාදිතය මේ තුල ගම්‍ය වෙන්නෙ.
           
දැන් එතකොට මේ ගිරි කඩාගෙන කෑ ගහන දේයක් වෙලා තියෙනව ද?,මෙහෙමයි සත්‍ය වශයෙන් අපේ රටේ යම් භෞතික වශයෙන් වර්ධනයක් වෙනවා හැබැයි ඊට සාපේක්ෂව ඊට වඩා මිනිස්සුන් ගේ අධ්‍යාත්මික වශයෙන් විශාල වශයෙන් කඩාගෙන වැටෙනවා.මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා මේ කොන්ක්‍රීට් ගොඩ ගැහුවා කියලා අවසානෙ ඉන්නෙ සත්තු ටිකක් නම් වැඩක් තියෙයි ද ?

හැමදාම කුමන මාධ්‍යය බැලුවත් තියෙන්නෙම අපරාධ මොකද මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ?මට තෙරෙන තරමින් (මේ දේශපාලන කතාවක් නම් නෙවෙයි ) රටේ අදායමෙන් වැඩි කොටසක් බෙදි යන්නෙ රටේ 25% කටත් අඩු පිරිසක් අතර,අනික් 75% පමණ පිරිස ඉන්නෙ ලොකු ජිවන බරක් දරාගෙන,එක හොදට බලා ගන්න පුළුවන් සති පොලකට ගියා නම් ,අම්මා කෙනෙක් එළවළු 250g ගන්න තුන් හතර සැරයක් කැරකෙනවා.ගාණ අඩු තැනක් හොයන්න,එතන තියෙන්නෙ තොරා ගැනිමේ නිදහස කියලා හරකෙක් කියන්න පුළුවන්.

කබ්බා හෙන පච ගනන් දලා ලොකු පොත් ගහනවා ,කාර්තුවෙන් ,කාර්තුවට හා අවුරුද්දේ අවසානෙට ,එකේ ගෙදර නැති බටු,මිරිස් කරලට පවා ගනන් හදලා තමා දාන්නෙ.ඊට පස්සෙ කියනවා 2500 කින් පවුලක් ජිවත් වෙන්න පුළුවන් කියලා ,ඒ කතාව න්‍යායක් විදිහට හරි,එත් ප්‍රයෝගික නම් නෑ.ඒ භාණ්ඩ පැස තුල අපේ රටේ තිත තියලා කියලා පෙන්නන්ඩ මධ්‍යසාර හා අනෙකුත් පාන වර්ග ඉවත් කරා,ඒ කියන්නෙ අපේ මිනිස්සු ඇල්කොහොල් අරහන් ජාතියක්,ගෙන්වලා තියෙන හා රටේ නිෂ්පාදනය කරලා තියෙන ප්‍රමණය අරන් බැලුවාම එක හොදට පෙනවා.

මේ සියල්ල මිනිසුන් ගේ කර උඩ යන්නෙ ඒ මදිවට බදු මත බදු ගහලා තියෙන්නෙ.මේ සියලු පිඩනයන් මිනිස්සු පිට කරන්න දගලනවා,එවා පිට කරන ක්‍රම වෙනස්,සම හරක් මහා දාවාලේ මංකොල්ල කනවා,වෙන කරන්න දෙයක් නැති නිසා වෙන්න ඇති.සම හරක් සියදිවි නසා ගන්නවා.වෙන රටවල් වල ඉන්න බොහි ලියන අය මේ සමහර දේවල් එයාලට රටින් පිට ඉදන් දකින නිසා වෙනම කොණ ඇති.කොම වුණත් අපේ රටේ අයට තියෙනවා මේ කොදෙව් මානසිකත්වය,අපි ඇත්තටම දුපතක් බව ඇත්ත.ඒ කියලා අපි තනියෙන් ජිවත් වෙන්න නෙවෙයි නේ.

වෙනින් රටවල් මම හොදයි කියනවාම නෙවෙයි.ඒ රටවල් වල යම් නීති පද්ධතියක් තියෙනවා,මිනිස්සුන් ගේ ජිවිත වලට යම් වටිනාකමක් තියෙනවා,එකිනෙකා ගරු කරනවා,අපේ රටේ කොන්ක්‍රීට් ගොඩ ගැහුවා කියලා මේ දේවල් නම් හදන්න සත පහක් යොදවනවා පෙන්න නෑ.එහෙනම් ඔය කියන සංවර්ධනයක් වෙලා තියෙනව ද?අවසාන්යේ ඔලු වල ලොකු බරක් පුරවා ගත්තු සත්තු ටිකක් බිහිවෙයි.උන් එකිනෙකා මරා ගනි ,ඇයි ජිවිත වල කිසි වටිනාක් නෑ නිතියක් නෑ ඉතිං ප්‍රශ්නයක් නෑනේ.හැමදාම රටේ මිනිස්සු කී දෙනෙක් නම් මරා ගන්නව ද?ඒ මැරුණේ හොරෙක් නම් මිනිස්සු හරි හොදයි කියනවා,මොකක්ද මේ වෙලා තියෙන්නෙ මේ යක්කු එක ආගමක් වත් පිලි ගන්න වුන් නෙවෙයි ද?නැත්නම් මේ තත්ත්වයට මේ මිනිසුන්ව කවුරු හරි තල්ලු කරලා ද ?

දැන් රටේ හැමතැනම අධික නියගය,සියලු බව භෝග ඇස් ඉදිරිපිට විනාශ වෙලා යනවා,කබලේ හිටපු ගොවියා ලිපට වැටෙන දිනය අද හෙටමයි.දන්නො දන්නවා ගොවියා තමන් ගේ අස්වැන්න ගෙට ගත්තේ නැතොත් අවුරුද්දම ඉවරයි.එදාවෙල කන්න බැරි වෙනවා.තවම අපේ රට කෘෂිකාර්මික රටක් වැඩි පිරිසක් ගොවියෝ.

සටහන 
පාරේ යන චුන් පාන් වැන් එකක් දිහා බලන් හිටපු මනුස්සයෙක් තමන් ගේ දරුවන්ට රැට කන්න දෙන්න විදහක් ගැන කල්පනා කර කර ඉදලා එක පාර කිව්වා දැන් ඉතිං පාන් වැන් එක මංකොල්ල කන්න තමා වෙන්නෙ කියලා.

ප.ලි 
ඇතැමෙකුට මෙය සුරංගනා කතාවකි ,තවත් සමහරක්ට මෙක යම් දේශපාලන කතාවක් විය හැක,චින්තනය ඔබ අතේ හැබැයි මේ දේවල් තමා මට දැනෙන්නේ ඇතැම් විට වැරදි වෙන්න පුළුවන් .එළියට බැහැලා බලන්න පොඩ්ඩක් මිනිස්සු ඔලුවේ ප්‍රශ්න කොටියක් පුරවාගෙන,කිසිම අරමුණක් නැතුව යනවා..මොකටද ? එදාවෙල හොයා ගන්න .

ප්‍රියා ලිවු තිත්ත කරවිල කතාවත් බලන්න .

38 comments:

  1. මොකක්ද බං මේ දවසට දෙක ගානෙ දැමිල්ල.. දවස් තුනකට එකක් විකර වෙන්න දාහං අඩුගානේ.. කොටල තියාගනිං පෙට්ටගමේ.. බලන්න එන්න පවා එපා වෙනවා එකදිගට දවසට දෙක ගානේ දාන කොට

    ReplyDelete
    Replies
    1. හරි අයේ නෑ ,මේ මාසෙටට පොස්ටුවක් ලියන්නෙ ...හැක් හැක් ...කොමත් සමහර වෙලාවට අයේ නොලියාම ඉන්න පුළුවන් මාසයක් විතර ....

      Delete
    2. Anonymous2/18/2014

      ඒ මොකෝ ,, අපරාදේ මල්ලි ලග ලග දාද්දි ඒකයි අපි වගේ හැමදාම නෙට් එකේ ලැගගෙන ඉන්න හැමෝටම වෙලාව නැහැ , ඒ නිසා එන දවසට උඩ තියෙන තමයි කියවන්නේ ,,අපරාදේ ඔයා ලියන හොද ලිපි යටවෙන එක, ඒකයි මේ උඩ ඉන්න මහත්මය කීවේ ,, :)

      Delete
    3. ඇත්ත, අපි වගේ මේකේ පදිංචි වෙලා ඉන්න එවුන්ටනම් අවුලක් නෑ.. අනිත් අයට මඟ ඇරෙනවා.. ඒක ගැනත් හිතලම ලියන්න.. උඹ ලියන දේට හරි ඇගයීමකුත් ලැබෙන්න ඕන බවත් මතකේ තියා ගනින්..

      Delete
    4. තෙරුණා දිනේෂ්,ඉස්සරහට හදා ගන්නම්

      Delete
  2. Anonymous2/18/2014

    ඔයාගේ කතාව නම් හරිම වටිනවා ,, අපේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය ගැන නම් කතා කරන්න එපා .. .සංවර්ධනයට තියෙන බාදා හරිම ප්රාතමිකයි අපේ රටේ .. බිත්තියක් අලුතෙන් තීන්ත ගාන්න කලින්, බිත්තිය සුරලා පිහදාලා ගන්න ඕනේ කුණු උඩින්ම ගාලා වැඩක් නැහැ .

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මේ වගේ වෙලා තියෙන්නෙ මට හිතෙනවා මිනිස්සු ඉන්නේ දුපත් මානසිකත්වයෙන් කියලා

      ,ඇත්ත දැන් ගොඩක් කුණු ජරාව බැදිලා තමා,පුදුම වැඩේ කියන්නෙ තව තව ජාරව එක් කරනවා මිසක් එවා සුද්ධ කරන්න තබා ඒ ගැන කතාවක්වත් නෑ

      Delete
  3. කොන්ක්‍රීට් වනන්තරේ මිරිගු සර්පයා...ආ....හා.....හා...
    මිනිස්සු කරවිල කන්නෙයි, කිරි ටිකක් දෙන්න බැරුව අම්මලා ළිං වලට පනින්නෙයි ඔය කියන ආශ්චර්ය හින්දම නෙව...
    කොන්ක්‍රීට් හැම තැනම පුරවනව ඒත් මිනිස්සුන්ගෙ බඩගින්න නිවන්න උන්ගෙ සාරධර්ම වර්දනය කරන්න දෙයක් කව්රුවත් කරන්නෙ නෑ..කව්රු හරි කීවොත් අද අපි බඩගින්නෙ කියල හෙට කව්රු හරි හිපාටු දේසපාලුවෙක් ඇවිත් ගර්ජනා කරයි එහෙම කිව්වෙ නෑ කියන්න කියල... එහෙව් කාලයක් මේ...
    ආශ්චර්ය මල්ලි... ආශ්චර්ය

    ReplyDelete
    Replies
    1. මේ වෙන්නෙ ආශ්චර්යය නම් අයේ කියන්න දෙයක් නෑ ,රටේ මිනිස්සු කියන්නෙ බොරු කියලා උන් කියන්නෙ ජිවිතෙට උන් එහෙම කට්ටක් කාලා නැති නිසා ,

      මිනිස්සුන් ගේ මුණවල් දැක්කා නම් තෙරෙනවා ජොලියේ තරම,එදාවෙලා කා ගන්න බැරුව ,අඩන්න බැරි නිසා හිනා වෙනවා

      Delete
  4. චූං පාන් මතක් වෙනකොටත් ආසයි බං,දැන් වතුරත් හිඳිලා නේද බොන්න වතුරවත් හොයාගන්නෙ බොහොම අමාරුවෙන් කියන්නෙ ඇත්තද.

    ReplyDelete
    Replies
    1. චුං පාන් කන්න දැන් ලෙසි නෑ හැලප අයියෙ,ටිකක් දරුණුවට නියගය තියෙනවා,වතුර තිබුණාට වගා නම් පාළු වෙනවා .

      Delete
  5. කතාක‍රලා වැඩක් නෑ බන්. සහෝ කිවුවත් වගේ සමහරුන්ට මේවා සුරංගනා කතා, දේශපාලන කතා. ඒ ඉතිං තමුන් දාන් ඉන්න කණ්නාඩිය අනුවයි.

    අපේ රටේ මම නම් දකින ලොකුම ප්‍රශ්ණෙ තමා සංවර්ධනය යම් කොටසකට පමණක් සීමා වීම.

    රට උපරිමයෙන් දියුණුවේගෙන එත්දි ඒ රටේම තවත් පැත්තක කරවිල කාලා පවුලක්ම ජීවත් වෙනවා, තවත් තැනක අම්මයි දරුවයි පංසලක දානෙ කාලා ජීවත් වෙනවා (මේ පවුල් මෙහෙම ජීවත් වෙන එකම පවුල් නෙමේ) ඒත් අවාසනාවට ඒ මිනිස්සුන්ට "බඩගිනියි" කියලා කියන්නවත් අයිතිවාසිකමක් නෑ.

    ඒ ඔක්කොම තියෙත්දි පාර්ලිමේන්තුව පේන දුරින් අති උත්තම මන්ත්‍රී උතුමන්ලට සුරවිමන් තනනවා.

    ආස්චර්‍ය්‍ය නොවැ. අපි ගනන් ගන්න නාකයි මේවා.

    ReplyDelete
    Replies
    1. ලිංකුවට තැන්ක්ස් කිවුවා සහෝ.

      හරි හරි මූවත් සුදු වෑන් එකට දා ගනිල්ලා. ;-)

      Delete
    2. ප්‍රියා මම හිතන්නෙ මේ අපිට පෙන විදිහේ වැරෙද්දක් වෙන්න ඇති ,රටේ දැන් අදායම් බෙදියාමේ විශමතාවය ගැන නම් කියලා වැඩක් නෑ,මම 25% කිව්වට ඇත්තටම 10%-15% වගේ පිරිසක් අතර තමා මුළු අදායමෙන් වැඩි කොටසක් යන්නෙ ,එක තමා ඔය මිනිස්සුන්ට කරවිල කන්න වෙන්නෙ .
      ලස්සන වෙන්න කරවිල කැවා කිව්වෙ නැතුවා පුදුමයි ,ඒ වගේ හරක් ඉන්නෙ .

      සුර විමන් ,දිව්‍ය රථ ,,,අනේ මන්දා ,


      ඇයි මම විතරක් ඔය ලින්කු දලා තියෙන අයත් යමු ,පොඩි ට්‍රිප් එකක් වගේ තියෙයි ,පස්සෙ අපිත් දේශ ප්‍රේමි වෙයි ජිවිතේ බෙර ගන්න

      Delete
    3. "මලයන්ඩිය බිය නොවන්න සුදු වෑන් වල යන සැටි මන් පෙන්වන්නම්…" එක්කො බෑ බන් හි… ;-)

      අඩා කරවිල කෑවම ලස්සන වෙනවා නේන්නම්. මාත් අද ඉදන් කරවිලමකනවා. ඔන්න ඔහේ.

      Delete
    4. යන්න කලින්ම දේශ ප්‍රේමි වෙලා වගේ හැක් හැක් ..එහෙනම් ඕන් බෙන්ස් එකක් වෙන් කරා ....ලේකම් තනතුරක් එක්ක

      කරවිල කියද දැන් එහෙම ලෙසියෙන් කන්න බෑ ,ගාන සැරයි ... :)

      Delete
  6. //පාරේ යන චුන් පාන් වැන් එකක් දිහා බලන් හිටපු මනුස්සයෙක් තමන් ගේ දරුවන්ට රැට කන්න දෙන්න විදහක් ගැන කල්පනා කර කර ඉදලා එක පාර කිව්වා දැන් ඉතිං පාන් වැන් එක මංකොල්ල කන්න තමා වෙන්නෙ කියලා.//

    මුලු පෝස්ටුවටම වඩා මේ පසු සටහන හදවතේ ගැඹුරටම කා වැදුනා... හ්ම්ම්ම්....

    ReplyDelete
    Replies
    1. බස්සි ඔය කතාව සබැවට ඇහුවා නම් දැනෙන දේයින් පොඩ්ඩක් හරි දැනුනා නම් මම 0.001% විතර සාර්ථකයි .මගේ ඒ වෙලාවේ උගුරේ මොකක්ද හිර වුණා .මෙහෙම මිනිස්සු ඉන්න රටක මේ නටන විකාර මොකක්ද කියලා හිතුණා...ඔතන හිටියා නම් අනිවා බස්සි අඩයි ...එකේ කතා දෙකක් නෑ..රගපැම් නෙවෙයි ඒ ස්භාවිකව එන දුක ..හිතා ගන්නම බෑ තවමත් .

      Delete
  7. හරි සංවර්ධනයක් වෙනවා නම් ඒක මිනිස්සුන්ට දැනෙන්න ඕන. එහෙම දැනෙනව නම් මිනිස්සු සන්තෝෂෙන් (100% ම නොවේ) ඉන්න ඕන. ඒත් වැඩක් කරන, කරන්න වෙහෙසෙන මිනිස්සු එක්ක කතා කරද්දි නම් හිතෙන්නෙ අපි ඉන්නෙ වෙන රටක ද, නැත්නම් ඔය සංවර්ධනේ තියන්නෙ කොහෙද කියලයි.. කරත්තෙ ලස්සනට පෙනුනට බර අදින ගොනා තමයි අමාරුව දන්නෙ..

    ReplyDelete
    Replies
    1. කතාව මල් 7යි....සම හරක්ට නම් මේ යන විදිහ හොද ඇති ,අපිට දැනෙන්නෙ නැති උනාට ,ඔතන වැරද්ද අපේ මිනිස්සු දකින්නෙ මේ නයි අරින චැනල් ටික පෙන්වන ලොකය නේ.එක නිසා මෙක තමා අමර සැපත කියලා හිතන් ඉන්නවා ,අනික වෙන විසදුමක් පෙන්නත් නෑනේ

      Delete
  8. ඔය තිත්ත ඇත්ත රට කරවන උන්ට පෙන්නේ නැති එකනේ කරුමේ...

    ReplyDelete
    Replies
    1. උන්ට පෙනවා නම් මෙහෙම වෙයි ද ?උන් හිතන්නෙ ඔය තාර ටිකක් කොන්ක්‍රිට් ටිකක් දැම්මා කියන්නෙ හරි කියලා ,

      Delete
  9. ඕව දකින්න අකමැති නිසාම තමයි වෙන රටවලට වෙලා ඉන්නෙ .
    මගේ රට කියල රටට කොරන්න ගිහින් අතින් කෙලව ගත්ත එකෙක් මම ...එහෙම වෙච්චි එවුන් අනන්තවත් ඉන්නවා.
    උඹලටත් පුළුවන් රටක ජිවත් වෙන්න දැම්ම තෝරගනිල්ල ..
    ලියවිල්ල අගෙයි...

    ReplyDelete
    Replies
    1. ඈ ...එහෙමද ??කී දෙනෙක් නම් රටින් පිට ඉන්නවා ද මේ රටේ දෙස පාළුවන් ගේ වැඩ නිසා ...අපිටත් ඔය ටිකම වෙයි ද දන්නෙ නෑ,එත් තවම රට පනින්න අදහසක් නෑ ..ඉදිරියට කොම වෙයි ද දන්නෙ නෑ ..මේ යන විදිය එක්ක ...

      ලියවිල්ල අගෙයි...///

      මෙවා අයේ බොරු නෑ හදවතින් දැනෙන එවා එකයි ඔහොම ලියවෙන්නෙ

      Delete
  10. රට කරවන අයගේ වැඩ ගැන කියන්න දේවල් නෑ බං.. අපිටත් ඉතින් බලාගෙන ඉන්න සිද්ද වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අපිත් බලන් ඉන්නවා ..එත් ඉවර වෙන පාටක් නෑනේ ,මෙන්න මේ ටික තමා තමා දැන් අහන්න තියෙන්නෙ

      ඉවසන එකේ සිමාව කොතනද ?
      විදවන එකේ සිමාව කොතනද ?
      රැවටෙන එකේ සිමාව කොතනද ?
      වැලපෙන එකේ සීමාව කොතන ද ?

      උන්ට ආතල් එනි වේ ...............
      අපේ ජිවිත වන් වේ ................

      Delete
  11. අපිට නිදහසේ පාරට බහින්න පාරවල් ටික හදලා දීපු එකම මදිද අනේ.ඔන්න ඔහේ දේශප්‍රේමී ජනතාව වගේ පටි තද කරගෙන ඉමු.මේක දී........ර්ඝ කාලීන සැලැස්මක්ලුනෙ.ප්‍රජාචන්චරවාදෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ...පාරවල් ටික හදුවා රට නිදහස් කරා ,තව කාලෙකින් ජිවිතෙනුත් නිදහස් කරයි ..ලොකු උදව් මෙවා ...අපිට මෙවා පෙන්නෙ නැති එකනේ අවුල ...හැක්

      අපි ඔන්න ඔහේ පටි තද කරන් ඉමු ...මාර සැපක් නේ තියෙන්නෙ ...හැක් හැක්

      පටි තද කරගෙන කොච්චර කල් තව ජිවත් වෙන්නද ?
      මඩී තද කර කර කොච්චර කල් වුන් තව ජිවත් වේවිද?///

      Delete
  12. වැඩේ කියන්නේ එදත් එහෙමයි, අදත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. එක නම් එහෙම තමා කකා කලකිරිම එන්න එන්න වැඩි වෙනවා නේ ,මං හිතන්නෙ වෙනදට වැඩි මේ කාලේ...කොම වුණත් හෙටත් මෙහෙම තමා .....

      Delete
  13. මේක ඇවිල්ල ඈස්චර්ය

    ReplyDelete
    Replies
    1. රාජ් ඒ ඇස්චර්‍ය ඔය කෑ ගහන තරම් දැනෙන්නේ නැති එකත් ඇස්චර්‍යක් නේ ??

      Delete
  14. අනේ මන්දා. මම මේ බැලුවෙ මේ පාලනේට සහය දෙන, හොදයි කියන කෙනෙක් බෙහෙතකටවත් නෑ හොයා ගන්න. ඒත් කොයි චන්දෙත් උඩින්ම දිනුම්. ඒකත් ආශ්චර්‍යයක් නේ.

    ReplyDelete
    Replies
    1. එක තමා අශ්චර්‍යය ,ජන්දය එක් විදිහක වෙලදාමක් වගේ මේ කාලේ මොනවා හරි දිලා ජන්දේ ගන්නවා ,ජන්ද ක්‍රමයත් දැන් අන්තින සවුත්තුයි

      Delete
  15. මේක හැමදාමත් ඔහොමම තමයි. මිනිස්සු ඉන්නේ හරක් මරණ එක නවත්හ්ටන්න මිසක් තමන්ට හොඳ ජීවන රටාවක් හදා ගන්න නෙවෙයි

    ReplyDelete
    Replies
    1. එක නම් එහෙම තමා ,මිනිස්සු රට ගැන කියන කොට තමන් ගැන අමතක කරනවා නේ ...එක හොදයි මේ යක්කු එක දේශපාලන ගුන්ඩුවක් ක්‍රන් හැමදාම ,ප්‍රධාන ප්‍රශ්න අමතකයි

      Delete
  16. ඒයි සහෝදර උබ මාත් එක්ක කහටක් තිබෙනවනම් ඒක අයින් කර ගනින් බන්.මට උබත් එක්ක ගේමක් නෑ.අපි මොකටද රන්ඩු වෙන්නෙ බන්.උබ විතරක් නොවෙයි බ්ලොග් ලෝකෙ මම එක්ක කේස් දාගත්ත දිලිනි එක්කත් මට හිතවත් වෙන්න ඕන.මොනවටද බන් තරහ මරහ

    ReplyDelete
    Replies
    1. මෙයට අදාල දෙයක් නොවේ ...පොස්ටුවට අදාල කරුණු පමණක් කමෙන්ටු වලට ඇතුලත් කරන්න

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.