07 February, 2014

මෙහෙම එවුන් ඉන්නව ද හැබැට .....



ලියන්න බෑ කියලා හිතුවත් ඔන්න ඔහෙ වෙන දෙයක් වෙයි කියලා ලියලා දානවා .මම දන්න අදුනන පොරක් හිටියා කෙල්ලක්ව සෙට කර ගන්න ටික කාලයක් බලාගෙන හිටපු.හොඳම යාළුවෙක් කියන්න බෑ ,හැබැයි ෆිට් එකක්.මිනිහා ගෙන් අපි සෙට් උන වෙලාවට තමා ඔය ස්තිරි කතා අහන්නෙ කියන කතා මල් හතයි.
                                      සෙට් වුණ වෙලාවට මිනිහා ලැජ්ජ නෑ,කියලා දානවා ඕන දෙයක්.අනික් හැමෝම කෙල්ලො සෙට් කරගෙන ඉන්න කොට පොරටත් ඕන වෙලා තිබුණා කෙල්ලක් සෙට් කර ගන්න හැබැයි අපේ උන් ගේ කතා අහලා ද මන්දා පොර ගාව තිබුණේ අමුතු විකාර අදහස්.අපේ ඉන්න උන් ඉන්නවා මාසේන් මාසේට කෙල්ලො මාරු කරන උන් ,කරා කියමුකෝ ,ඒ ගැන ගහන නයි ,අර පොරත් හිතන්නෙ එවා ඇත්ත කියලා,ඒ වෙලාවට මිනිහා කියන්නෙ ''තොපි මහා වලත්තයෝ කවදා හැදෙයි ද දන්නෑ'' කියලා කියන එක.අනේ ඉතිං මං පොර උපාසක නිසා පොරට හෙන විශ්වාසයි,ඔය කතා ඉතිං මට කියනවා,මටත් මොකද නිකන් ඉන්න ගමන් අහන් ඉන්නවා.

          පොරගෙන් මම දවසක් ඇහුවා ,ඈ බන් උඹ තවම කෙල්ලක් හොයා ගත්තේ නැත් ද කියලා.තවම නෑ කුලේ එකක් ඉන්නවා මම පොඩි ට්‍රයි එකක් දැම්මා ,ගොඩ වගේ කිව්වා.පොර හොයන්නෙ කොල්ලෙක් අත තියපු නැති කෙල්ලක්ව ,අපේ උන් පොරට විහිළු කරන්නෙම ඔය කාරණෙ නිසා.උඹට හබ්බ වෙයි පැකින් පිටින් එකක් කියලා .
                       
                       එහෙම කෙල්ලො ඉන්නව ද?හැබෑට.....අනේ හිටියත්   මට නම් වැඩක් නෑ කියලා පොරට මම දවසක් කිව්වා,පොරට තේරෙන්නේම නෑ ,එහෙම කෙල්ලක් හිටියා කියන්නෙ එක්කො සාමාජයේ නැති එකියක්,නැතිනම් කොල්ලෙක්ට බලන්න බැරි එකියක් කියලා.කොම හරි ඒ කතා ඔය විදියයි.
                              මෙන්න මේ ලඟදි දවසක් පොර මට හම්බ උනා මල් හිනාවක් දා ගෙන ටවුමේ.උඹ කොහෙද මේහේ කියලා ඇහුව

ශොපින් අවා.... කුලේ කොහේ යන ගමන් ද ?

මම ගෙදර යන ගමන් බන් ,උඹ කවදාවත් නැතුව ශොපින් ඇවිත් ....ඇත්ත කියහන් ..කෙල්ලක් සෙට් වුණා ද (මම විහිළුවට ඇහුවා )

ආ .....හිටපන්  අදුන්නලා දෙනකන් ....

කොම හරි පැය බාගයකට විතර පස්සෙ ඔන්න කෙල්ලව මට අදුන්නලා දුන්නා .අනේ වාසනාවන් ඌට ඌ හිතපු විදියේම කෙල්ලක් හබ්බ වෙලා.මට ඉතිං හතර හිනා .අනේ උගේ අර කොන්දේසි ගැන මට ඒ වෙලාවෙ මතක් උනා එත් මට ඒ වෙලාවෙ එක අහන්න ගටක් තිබුණේ නෑ.එකක් ඒ කෙල්ල ගේ මුණ තිබුණ විදිහට.අනික මොකක් වුණත් මට මොකද කියලා හිතුණ නිසා .මට ඇහුනා ලොතැරයි කුඩුවක යනවා කපුගේ මහත්තයා ගේ ඔබ පෙම් කරනා ඔබෙ කුමාරි සිංදුව.අනේ ඉතිං මේ වගේ දෙවලුත් වෙනවා නේ සැබෑ ජිවිතෙත් කියලා හිත හිතා අවා වෙන අහවල් එක කොරන්න ද ...

ප.ලි 
කිසිවෙකුට අපහසයට හෝ උපහාසයට ලක් කිරිමේ අදහසකින් නොලිවෙමි .ෆිට් එකට කතා කරාට පොර අයියා කෙනෙකි.

46 comments:

  1. මල්ලිලත් එක්ක කතා කරන්න හොද නෑ කියල මේක දැක්කොත් මිනිහා තේරුං ගනීවි..

    ReplyDelete
    Replies
    1. දේශක මුල ඉදලාම මාව කන්න එපා ...මේ වගේ පොරක් ආශ්‍රය කොරා නම් නියම කතා තියෙයි කියන්න ..පැකින් නොකඩපු උනු උනු කතා ...හැක් ... :)

      Delete
  2. කෙල්ල බුදු බයේ ඉන්න ඇත්තේ යකෝ

    ReplyDelete
    Replies
    1. හැක් ....කෙල්ල ගේ මුණ අටපට්ටම් වෙලා තිබුණා,අරුට තේරුණේ නෑ.

      Delete
  3. ඔය ලොතරැයි විකුණන අළුගුත්තේරුවෝ නොදන්න මගුලක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හැක් ....අහක හිටිය ඒ මනුස්සයා මක් කොරන්න ද ??..කොම වුණත් ඒ වෙලාවෙ වෙන සිංදුවක් දාන්න තිබුණා.

      Delete
  4. ඒ... ඒවගේ අය තාම ඉන්නව කියල අහන්නත් සංතෝසයි... හැබැයි බුවාට කවද හරි නැට්ටට යනකං දුක හිතෙයි.. එයාගෙ පිස්සු අදහස් ගැන

    ReplyDelete
    Replies
    1. තවම ඉන්නවා ඔය වගේ කිරලා මැනලා කෙල්ලො හොයන පොරවල් ...ඕන තරම් උදාහරණ දෙන්න පුලුවන් ..

      හැබැයි බුවාට කවද හරි නැට්ටට යනකං දුක හිතෙයි///
      මෙක සැර වැඩිද මන්දා ...එහෙම දුක හිතෙන එකක් නෑ ඕන් .. :)

      Delete
  5. ම්ම්..එහෙම හිතන ම එක හොදද මන්ද..

    ReplyDelete
    Replies
    1. කොම හිතන එකද කෙන්ජි මාමේ ??? :D

      Delete
  6. අයි බං මිනිහා හිතලා තියෙන එක හරිනේ...ඌ හොයාගෙන තියෙන්නේ "කොල්ලෙක්" එක්ක යාලු නොවෙච්ච කෙල්ලෙක් තමයි. ;D

    ReplyDelete
    Replies
    1. යකෝ මෙහෙමත් කතා කියනව ද හැබෑට......
      අර කෙල්ල ඒ ගැන කියයි.. D

      Delete
    2. Anonymous2/08/2014

      සහෝ මේ බලපන්කෝ ඉවාන් කියන කතා...කොල්ලෙක් කියලා ලියලා හයිලයිට් පාරකුත් දාලා.

      Delete
    3. ඉවාන් එක පාරම කියලා දැම්මා නම් දුකක් නෑ ,හැඩ කරලා නේ දුන්නෙ ....ශික් මෙහෙමත් චරිත ඝාතන

      Delete
  7. ආඩම්බරයි පුතේ...

    ReplyDelete
    Replies
    1. අනිවා....ඔය වගේ සින් එකකටත මුණ දුන්නු දාට ආඩම්බර කම මොකක්ද කියලා හොඳටම දැනෙනවා :)

      Delete
  8. කාලයක් යත්දි ප්‍රතිපත්ති වෙනස් කරන මිනිස්සු ඉන්නවනෙ. ඒ වගේ මෑනුත් ප්‍රතිපත්ති වෙනස් කලාද දන්නෑ. කෙල්ල නම් පව් බං.

    ReplyDelete
    Replies
    1. මිනිහා ප්‍රතිපත්ති වෙනස් කරලා නෑ ප්‍රියා ,කෙල්ලට මොකෑ අනුකම්පාවක් .. :)

      Delete
  9. එක වෙලාවකට කෙල්ල පව් කියල හිතෙනවා. සැහෙන අපහසුතාවයකට පත්වෙලා තියෙන්නේ.
    සහෝදර සහෝදර බක්තියෙන්ම කටයුතු කර ඇති කියල ත් මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා ...කෙල්ල මුණ අඩපට්ටම් වුණා ,එක මට පෙනුණා අරුට පෙනුනේ නෑ මම හිතන්නෙ ...

      සහෝදර සහෝදර බක්තියෙන්ම කටයුතු කර ඇති කියල ත් මට හිතෙනවා////
      මෙක මේ දරුණු කතාවක් නෙවේ නේ ..හැක් .. :)

      Delete
  10. Anonymous2/08/2014

    මල්ලි උබ නොකිය කිවේ අන්තිමට යාලුවා හොයාගත්තේ උබේ පරණ කැච් එකක් බව නේද ?

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑට මෙව්වා කියන ලස්සන.. :)
      මගේ පරණ එක වුනාම මක් වෙනව ද .. පොර හෙව්වේ කොල්ලෙක් දිහා නොබලපු පතිනියක් .මේ වගේ වුන් ගැන අසා නැතිද ???

      Delete
    2. Anonymous2/08/2014

      /// පොර හෙව්වේ කොල්ලෙක් දිහා නොබලපු පතිනියක් /// මෙයින් ගම්‍ය වනුයේ ඔබ ගැහැනියක් බවද හි හි හි

      Delete
    3. පොර දන්නෙ නෑනේ මගේ කතාව දැන ගත්ත දාට ....
      අඩේ මම ඇඳගෙනම නානවා ..ඉවානුත් ඔක නොකියා කිව්වා ...
      මෙයින් ගම්‍ය වන්නෙ මා ගැහැනියක් යන දෙට වඩා නැබුල් පිරිමින් හා ගැහැනුන් අඩු බවය ....

      Delete
  11. ඔන්න අපි නම් මොකුත් කියන්නේ නෑ සහෝදරට. මේ අර අයියාට කියපන් පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක් ගාව රවුමක් ගහන්න කියලා.

    ReplyDelete
    Replies
    1. යක්ෂයා කොහෙද ගිහින් හිටියෙ......අන්න කතාව .....ඔය කොච්චර පාඩම් ඉගැන්නුවත් ඔය වගේ උන් හදන්න බෑ ,ලොකු කතා කියන්නෙ මේ ලොකේ එවා නෙවෙයි

      Delete
  12. හ්ම්ම් හ්ම්ම්ම්...
    ඔන්න අපි නම් නෙමෙයි කිවුවෙ ඒ කෙල්ල 'කොල්ලෙක්' එක්ක යාලුවෙලා ඉඳල නෑ කියල.

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් ඇඳගෙන නැමක් අයියෝ ......කතාවෙන් ගන්න තියෙන දේ ගැන හිතන්නෝ ....මාව ඉවර කරන්නෙ නැතුව :)

      Delete
    2. Anonymous2/08/2014

      yes ,, මෙයා ඇදගෙන නෑවා ඈ ඉදගෙන , ;)

      Delete
    3. ඉඳගෙන නෙවි නැවේ ....ඇදගෙනම නැවෙ ...ශික් ...ලියපු නරකම පොස්ටුව ද කොහෙද .. :)

      Delete
    4. සිරාවට. කමෙන්ට් දකිද්දි දුකේ බෑ සහෝදර ගැන.

      Delete
    5. දෑන් වෑඩෙ ඔක්කොම කරලා දුක් වෙන කෑත ....ලියනවා තව එකක්...කන්තා හින්සනය ගෑන....බලමුකො උත්තර දෙන විදිහ :)

      Delete
  13. පව් බං ඌට කියන්න තිබුනේ.. එහෙම කෙල්ලොත් තාම ඉන්නවා.. යක්කු නෙමෙයි.. කිරි ටොයියෝ..

    ReplyDelete
    Replies
    1. යක්කු නෙවෙයි කිරි ටොයියෝ ///හැක් හැක්
      ඌට කිව්වා කියලා වැඩක් නෑ ඌ හිතන්නෙ ඌ හිටියා කියලා කෙල්ලොත් ඉදි කියලා ,මාර ජෝලි සෙට් වෙන වෙලාවට කියන කතා ඇහුවා නම් ...

      Delete
    2. එහෙම යක්කුත් නෑ අඹ යකෙක්වත් ඉතුරු වෙලා ඇතිද මන් දන්නේ නෑ!

      Delete
    3. ඈයි හිටියෙ නියම ටොයියා එකක් ...හෑක්
      අනෙ තව කතා කියලා නාන්න ඔන නෑ......

      Delete
  14. Anonymous2/08/2014

    උඹට නරකද පොරගේ ගෙවල් පැත්තෙන්ම පොඩි ඇනෙක්ස් එකක් අරගත්තොත්..දැන් වෙඩිමත් ලෑස්ති ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. තවම වෙඩින් නෑ මම හිතන්නෙ ....මරු උපදේසේ ,ඇනෙක්ස් අරන් මක්ක කරන්න ... :)

      Delete
  15. තද ගති සිනිඳු ගති වලින් කැපිලා යනවා ඔය කවුරු කොහොම කිව්වත්

    ReplyDelete
    Replies
    1. එහෙම වුණොත් නම් හොදයි ....හෑක්
      හෑබෑට එහෙම වේයි ද????

      Delete
  16. පවු බං ඌ.. කෙල්ල බය වුන පාර හෙමීට අතීත කතාව කිවුවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කිව්වා නම් වු මගෙන් අහන්න ඔන නෙ කො ඈහුවෙ නෑනෙ ......අර වෙලාවෙ නම් මුණ අටපට්ටම් වුණා .....හෑක්

      Delete
  17. Anonymous2/09/2014

    මොනවද බන් මේ වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. පෙන්නෙ නෑත්ද මම හොදට නලා කියලා...ඔක අහන්න දෙයක්ද ????

      Delete
  18. Anonymous2/09/2014

    අපේ පැත්තෙත් වරෙන්කො.මොනවහරි කියපන්කො.ගල් වුනත් කමක් නෑ මල් වුනත් කමක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔන්න ගියා කමෙන්ට් කරා ...අයෙ කමෙන්ට් කරන කොට ලියපු අලුත් කතාවල ලින්කුවත් කමෙන්ට් වලට එක් කරන්න ...එක පොඩි උදව්වක් වෙයි

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.