25 February, 2014

ලොකු මාමා ගේ ලොකු වැඩ




අද කියන්නෙ අපට දුරින් නෑදෑ වන ලොකු මාමා කෙනෙක් පිලිබදවය.පොර වැඩ කරේ ආණ්ඩුවේ කන්තෝරුවක සමාන්‍ය රැකියාවක්ය.අපිට පොඩි කාලේ මාමා නොයෙක් කතාන්දර කියා දෙයි.අම්මා නම් කියන්නෙ ඔය මනුස්සයා ලොකු බොරු කාරයෙක්''ලොකු මිනිස්සු බොන තැන් වල වාඩිවෙලා ඉදලා අහන් එන එවා තමා ඔය,මේ මනුස්සයා දන්නෙ නෑ තමන් කියන්නෙ කාටද?කියන්නෙ මොනව ද කියලා වත්'',අම්මා ඒ දවස් වල ඒ කතාව කිව්වේ ඇයි දැයි දැන් ගෙන හිටියේ නැත.

කොම වුණත් ලොකු මාමා දිසාපති තැන සිට වෙනත් ආණ්ඩුවේ නිලධාරින් දැන හැදින ගෙන සිටියා ය.දිසාපති ගේ වාහනයෙන් බැස ගමේ අයට පෙන්නට මාමා එන්නේ ගමේ අයට ද කින්ඩියට මෙනි .ඒ කතා එසේ සිදු වෙයි .

කොම හරි ලොකු මාමා කතා කරන්න ගියාම නොදන්න දෙයක් නැති ය.හේ සියල්ල දන්නා පුද්ගලයෙක් මෙන් හැසිරේ.කතා කරන්න ගියාම ලොකේ සිදුවන දෙවල්,දේශපාලන කතා එහෙම රස කර ඔහු අසා ඉන්න අයට කියන්න මහත් වෙහෙසක් දරයි.ඕවා අසන අම්මා කියන්නෙ ඔය යකා දන්න මගුලක් නෑ,ඔය කොහෙන් හරි ඇහිද ගත්ත දෙයක් අරගෙන ඇවිත් මේ නොදන්න මිනිස්සු ඉස්සරහා විරයා වෙන්න හදනවා,කවුරු හරි ලොකු මාමා කියන කතා වලින් ප්‍රශ්නයක් ඇහුවොත් ලොකු මාමා පුෂ්පය විකසිත කර ගැනිම සාමාන්‍යය දෙයකි.තාත්තා නම් කතාව එපා වී ගෙන එන විට මැදින් කුමක් හෝ ප්‍රශ්නයක් අසයි,එවිට ලොකු මාමාට හදිසි රාජකාරි වැඩ මතක් වෙයි.පොඩි උන් වන අපි ''අනේ ලොකූ මාමේ කතාව කියන්න කෝ'' කිව්වත් වැඩක් නැත.හෙට කතාව කියන බව කියා යයි,හැබැයි ඒ ඇවිත් කියන්නෙ වෙන කතා ය.

අපේ ලොකු මාමා කසාද නොබැද තනිකඩ ජිවිතයක් ගත කල පොරකි.පොරට ලස්සන කෙල්ලක්ව පෙන්න බැරිය,පොර කරන්නෙ ඒ කෙල්ලට කුමක් හෝ ජරා විහිළුවක් කිරිම ය.වරක් තමන් ගේ ඕපිසියේ කෙල්ලකට විහිළු කොට කිහිප දෙනෙකුගෙන් ගුටි කෑ පුවතක් අපිට ආරංචි වුණේ සැහෙන කාලයක් ඔහු අපේ ගෙදර නැවිත් ඉන්න හෙතුව සොයා බලන විට ය.පොර ගේ මේ අනුන් ගේ කුණු හෙවිමේ ජරා පුරුද්දට ලගදි නැවත ගුටි පුජාවක් ලැබුණු බව ආරංචි විය. මේ එ කතාවේ සාරංශය ය.

මා උක්තව කිවු ලෙස ලොකූ මාමා නොදන්න මගුලක් නැති ය.කොම හරි පොර වැඩ ඇරී අපේ නිවසට එන්න ලොකු කම පෙන්නවන්න බහින්නෙ 500m  දුරින් ය.ඒ එන විට ගමේ ගෙදරක ලොකු කලබැගෑනියක් පොරට ඇසි තිබේ,කොම හරි ලොකු මාමා එතනට ඔලුව දමා බලන විට කතාව මෙසේය.ඒ ගෙදර සිටියේ බැදපු පවුලක් ය.ජොඩුවට අමතරව පොඩි අත දරුවෙක් සිටි.මනුස්සයා ට්‍රැක්ටර් රථ රියදුරෙකි.ගැහැනියට අනියම් සම්බන්ධයක් ඇති බවට ගමේ පොඩි කතාවක් තිබිණ.(එ කතා අපි නොදනි ) කොම හරි ගෙදර මනුස්සයා  වෙන දා එන වෙලාවට කලින් ගෙදර එන විට ගෙදර ගෙදර වැසිකිළියේන් මනුස්සයෙක් එලියට ඇවිත් ය.නෝනා මහතාටත් ඒ පැත්තේ සිට ගෙදර පැත්තට යන ගමන් ය.කොම හරි ලොකු යුද්ධයක් වෙන්නලු යන්නෙ,අර අනියම් සම්බන්ධක් තියෙනවා කියපු මනුස්සයාලු වැසිකිළියේ හිටියේ.කස්ටිය මරා ගන්න හදනවාලු කැති පොලු අරන්.කොම හරි අර ගෑණු මනුස්සයා තමන් ගේ මනුස්සයාට කිව්වලු මේ මනුස්සයාට හදිස්සියක් වෙලා මේ වැසිකිලියට ගියා කියලා කොම හරි වැඩේ පොඩ්ඩක් ශේප් වෙලා අර මනුස්සයාව යැව්වාලු.වැඩේ බලන් හිටපු ලොකු මාමාට මේ වැඩේ ශුවර් නැතිලු ,මේ ඔක්කොම සිද්ධිය බලන් ඉදලා ලොකු මාමා කිව්වලු අපි එහෙනම් යමු බලන්න වැසිකිළිය  ඔය මනුස්සයා කරපු වැඩේ අවශෙෂ ඇතිනේ කිව්වාලු.(කොමද පොර ගේ රහස් පරික්ෂණ දැනුම )කොම හරි කස්ටිය ගිහින් වැසිකිලිය බලලා.එකේ කිසිම ලකුණක් නැතිලු.ඔන්න ඒ පාර එතන ඉදලාම අර මනුස්සයා ,තමන් ගේ බිරිදට පහර දෙන්න පටන් අරන්.

ලොකු මාමා ඔක පොර වගේ අපේ ගෙදර ඇවිත්  අපේ ගෙදර අයට කිව්වා,මේ''ගමේ එකෙක්කුට මොලයක් නෑනේ'' කියමිනි.අපේ අම්මා එත් බැන්නා අනුන්ගේ ප්‍රශ්න හොයන්න ගියේ ඇයි,තමන් ගේ පාඩුවේ ඉන්න  කියලා,පොර එත් තමන් ගේ කෙරුවාව කියේව්වා.''එහෙම කොහොමද අපේ ගමේ මේ වගේ දෙවල් වෙන්න දෙන්න බෑ'' කොම හරි මේ ටික දවසකට කලින් කස්ටියක් පොරට හොදටම ගහලා.අපිට ආරංචි වුණෙ නම් අර වැසිකිළියේ හිටිය මනුස්සයා ගේ යාළුවෝ කියලා.

ලොකු මාමාව  බලන්න අපි ඉස්පිරිතාලෙට ගියා.එත් පොරගේ පම්පොරි ය නම් ඇරිලා නෑ.පොර කියනවා මම දන්න ලොකු මිනිස්සු ඉන්නවා, මට ගහපු මිනිස්සු අහු වුණොත් එහෙම පොලොසියට කියලා හතර හන්දි කඩලා හිරේ තමා යවන්නෙ'' කියලා.අම්මා ලෙඩා කියලා අතහැරියේ නෑ ,''අනේ නිකන් ඉන්නවා තමුසේ හිතන් ඉන්නෙ මේ ලොකේ තමුසේ විතරද කෙරුමා තමන් ගේ පාඩුවේ හිටියා නම් කවුරුත් ගහන්නෙ නෑනේ ,තවත් ලජ්ජා නෑ'' කියලා .

 ප.ලි
පොඩ්ඩක් මුණ ලැජ්ජාවෙන් රතු වුණාට මම නම් හිතන්නෙ මනුස්සයා අයේ ඔය අනිත් මිනිස්සුනේ කුණු හොයන වැඩේ කරයි කියලා.

කතාවේ සම්පුර්ණ අයිතිය සහෝදර වන මා සතුය.


55 comments:

  1. ඒ බං ඔය අපේ ලොකු මහප්පගේ කපාපු පලුවක්ද මන්දා,,

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් හොදට කියවලා බලන්න .කතාව එච්චර ලොකු නෑ

      Delete
    2. යකෝ බලන් ගියාම හැම පවුලෙම ඔහොම එකෙක් ඉන්නවද බන්?? :o

      Delete
    3. ඇයි ප්‍රියාලා ගේ පවුලෙත් ඉන්නව ද ?දුරින් හරි ඉන්නවා නේ මේ වගේ එකෙක් පවුලකට :)

      Delete
  2. එයා වගේ අය ඇති තරං අනුන්නෙ කුණු අවුස්සන එක කරන්නෙ ජම්ම පුරුද්දක් විදියට... නැත්තං නිකං තුං වේල කනව වගේ ආසාවෙං... නැති කරන්න බෑ...
    මේ බණ අහන කියන රටේ ඕව සාමාන්‍යයයි සහෝදර තුමා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ,එක නම් ඇත්ත බලමු ඉස්සරහට ලොකු මාමා මොනවා කර ගනිද ?කියලා සමහර වෙලාවට ජරා පුරුද්ද අත්හරින්න ඇති .ලැජ්ජා තියෙනවා නම් විතරයි එත්

      Delete
  3. නියම රහස් පරීක්ෂක.....ඔය වගේ මිනිස්සු ප්‍රයෝජනවත් වෙලාවලුත් තියේ....ආණ්ඩුවේ ඔෆිස් වලදී එහෙම...

    ReplyDelete
    Replies
    1. එහෙම ද ?වැඩක් නෑ කරන්න පුළුවන් දෙයක් නෑ ,කරත් එකේ පම්පොරිය අහන් ඉන්න ගියාම එපා වෙයි ,කරපු මොඩ කම කියලා එතකොට හිතෙයි

      Delete
  4. Anonymous2/25/2014

    පව් යකෝ

    ReplyDelete
    Replies
    1. කවුද අෆ්ෆා පවු :)

      Delete
    2. ඈ ...එතකොට ලොකු මාමා පවු නෑ :)

      Delete
  5. ම්ම්ම්.. කතාව....... වැටැහුනා :)

    ReplyDelete
    Replies
    1. වැටහුණා නම් එච්චරයි :) :)

      Delete
  6. මේ වගේ මිනිස්සුන්ට අත දෙන්න ඕනේ මම කියන්නේ. එහෙම කරලා ස්වෙච්චා රහස් පරීක්ෂක සංගමයක් වගේ දෙයක් දා ගන්න බැරි කමක් නෑ අපිට

    ReplyDelete
    Replies
    1. එහෙම අත දෙන්න පුළුවන් පොරක් නෙවයි යක්ෂයා පොර ,දුන් අත හපා කන එකෙක් ..තව ඉන්නවා නම් එකතු කරලා හදමු සංගමයක් ,හැබැයි 100%ක් ශුවර් සෙරමලා ගුටි කනවා ඇති වෙන්න

      Delete
  7. මේ සැරේවත් ලොකු මාම හැදුනොත් හොදයි අෆ්පා ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්...අපි නිහඩව බලන් හිදිමු ..වෙන මොනවා කරන්න ද ?

      Delete
  8. ුඋඹ විශ්වාස කරනවනම් විශ්වාස කරපන් සහෝ අපෙත් ඉන්නවා ඔහොම්ම මාමා කෙනෙක්. හැබැයි මෑන්නම් බැඳලා ළමයිනුත් ඉන්නවා.

    ප.ලි. ~ අරුන් දෙන්නා මොනවද බන් ටොයිලට් එකේ කරලා තියෙන්නෙ.? චැක් :))

    ReplyDelete
    Replies
    1. ඈ ..එහෙනම් හොද කතා එහෙම ඇති නේ ...ලොකු දෙයක් බැදලා ඉන්න එක දැන් කනවා ඇත්තේ වයිපරේ ගෙන් විතරක් වෙන්නෑ ...

      ප.ලි එක මම අහලා බලලා කියන්න ද ? හැක් හැක් :) :)

      Delete
  9. ගෑනිට තිබ්බනේ බොරුවට හරි ටොයිලට් එකට වතුර පාරක් ගහලා එන්න .

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගික දැනුම මද කමනෙ බන්

      Delete
    2. @ ඉවාන්
      හදිසි රාජකාරි නේ මතක් වෙන්නෙ නැතුව ඇති .. :)

      Delete
    3. @ප්‍රියා
      ම්ම්ම්ම්....එකට කොද ලොකු මාමා ප්‍රායෝගික දැනුම උතුරනවා නෙහේ .. :)

      Delete
  10. ඉල්ලං කන ඔයවාගෙ පොරවල් කොතනත් ඉන්නවා නේද! අපේ පලාතෙත් ඉන්නව ඔය මොඩ්ල් එකේ එක්කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. බස්සි කොච්චර ඉල්ලන් කැවැත් වැඩක් නෑ අෆ්ෆා හැදෙන උන් නම් නෙවෙයි ...බලන් ගියාම හැමතැනම මේ වගේ අය ..... :D

      Delete
  11. අනුන්ගෙ කුණු අවුස්සනවට හොඳ වැඩේ!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්....ඔක කිව්වට මිනිහා කියන්නෙ පොරගේ දැනුම ඒ අනික් අයට මොලේ නෑ එවා පෙන්න කියලා නේ ..හැක් :)

      Delete
  12. හපොයි මේ වගේ උන් නේන්නම් අපේ රටේ වැඩිපුර ඉන්නේ.. බ්ලොග් ලියන උන් අතරත් ඕන තරම් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. රටේ හැමතැනම ඉන්නවා නෙන්නම් ..
      ඈ .... බොලොග් ලියන අය :( :) :) :)
      හික් ..හික්

      Delete
  13. Anonymous2/26/2014

    ඔන්න බලපන් ඉතින් අපේ මාමාත් හෙන ටොම් පච කියන්නේ. පච චන්දරේ කියලා තමයි අපි කියන්නේ. හෙන බොරු කියලා අම්මාවයි...ආච්චිවයි අන්දලා දඩයක් දාගෙන මාරුවෙනවා. හැබැයි සුන්දර මිනිස්සු බං.

    ReplyDelete
    Replies
    1. පච චන්දරේ හික් හික් ...පොර ගැන ලියපු එවා නැති ද ?
      මට නම් වැඩි සුන්දර කමක් පෙන්නෙ නෑ ..තියෙන සුන්දර කම් මේ වගේ වැඩ නිසා වැහෙනවා එක පොරට තෙරෙන්නෙ නෑ ..

      Delete
  14. උඹ හිතං ඉන්නෙ ඔය යකා තමන් කරන වැඩ ඔතනින් නවත්තයි කියලද,බලාගෙන ඉඳින් ආපහු කී සැරයක් ගුටි කයිද කියල.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ..එකත් ඇත්ත තමා ඔහොම ගුටි කන පොරට හරි ,ගහන උන්ට හරි ලැජ්ජාවක් නැති වෙයි නේ ..
      අපි බලන් හිදිමු පොර මොකද කරන්නෙ කියලා ...තව කන බව නම් මටත් හිතෙනවා ... :) :)

      Delete
  15. මේ වගේ අය අපේ පැත්තෙත් ඉන්නවා අෆ්ෆා හබැයි එහෙම මිනිස්සුත් හරි ජොලි

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් ..ඔව් නාට්‍යකාරයා මේ වගේ අය හැමතැනම ඉන්නවා ,ජරා ගති නිසා සමහර හොද දෙවල් මේ වගේ මිනිස්සුන් ගේ යටපත් වෙලා

      Delete
  16. මේවා ගිය ආත්මයෙන් ගෙනෙන ගති ලක්ෂණ. මොනවා කලත් ඔය ජාතියේ මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අපි එහෙම හිතමු විචාරක ,වෙනස් වෙන්නෙ නැති වෙනකන් මිනිහා ගුටි නම් කනවා ,මෙතෙක් කල් වුණෙ නම් එහෙමයි ඕන්

      Delete
  17. ඩ්‍රයිවර් කොලුවත් ආවා ඔන්න සහෝදරව මුන ගැහෙන්න...
    අපේ ගමෙත් ඉන්නවා මේ වගේ මනුස්සයෙක්...මල ගෙදරක නයිට ගහන්න එහෙම නියම පොර..එලිවෙනකම් පම්පෝරිය කියවයි...

    ReplyDelete
    Replies
    1. එල එල ...

      මල ගෙවල් වලට වගේ නම් පස්ට තමයි ...එත් එක දිගට පම්පොරිය බොරු කතා අහන් ඉන්න එක එපා වෙනවා ,පොඩ්ඩක් මැදින් ප්‍රශ්ණ අහන්න ඕන එතකොට .. හැක්

      හැම තැනම මේ වගේ උන්ම නේ .. :)

      Delete
  18. අපෙත් ඉන්නවා ඔය සෑම්පලේම එක්කෙනෙක්.. කතාව විතරයි හැබැයි, වැඩ නම් නෑ තමයි..

    ReplyDelete
    Replies
    1. එකනේ දිනේෂ් කියන්නෙ මේ මිනිස්සුන් ගේ කතාව නම් තියෙනවා ,බර සාරෙට ...වැඩ නම් නෑ ,කොහෙන් හරි අහුල ගත්ත ටිකක් කියව කියව ඉන්නවා :)

      Delete
  19. මරු මාමෙක් නේ දෙයියනේ සහෝදරටත් ඉන්නේ. ඕයින් ගියා මදැයි...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ...මගේම මාමා කිව්වාට ගොඩා ...................................ක් දුරින් මාමා කෙනෙක් ..බලමු තව පොර මොනවා කර ගනිද කියලා :) ;)

      Delete
  20. //අපි එහෙනම් යමු බලන්න වැසිකිළිය ඔය මනුස්සයා කරපු වැඩේ අවශෙෂ ඇතිනේ//

    හිනාවෙලා පනයනව බං.

    ඔයවගේ මිනිස්සු සම්පතක් බං. නිකං බොරුවට ප්‍රශ්න දාල එයාල අවුස්සනවට වැඩිය හොඳ නැද්ද ආතල් කතා ටිකක් අහගන්න එක.

    ReplyDelete
    Replies
    1. රාජ්
      මම ලියන බොහෝ දෙවල් වල මම බලාපොරොත්තු වෙන තැන් ස්පර්ශ කරන්නෙ ඔබයි අරූයි තමා ගොඩක් වෙලාවට ,
      අද කතාවේ පොඩ්ඩක් මග හැරිලා ද මන්දා .මෙහෙමයි පොර ගේ ඔය තියෙන දැනුම අපරාදේ නාස්ති වෙනවා අනුන්ගේ කුණු හොයන්න ගිහින් ,

      නිකං බොරුවට ප්‍රශ්න දාල එයාල අවුස්සනවට වැඩිය හොඳ නැද්ද ආතල් කතා ටිකක් අහගන්න එක.//
      මැදින් ප්‍රශ්න දැම්ම ගමන් ආතල් කතා එක දිගට පොර දෙනවා ..හැක් ;)

      Delete
    2. සාමාන්‍යයෙන් ඔය ජාතියෙ උදවිය ඉන්නව එයාල කියන දේවල් හාස්‍යට ලක් කලාම කතාව නවතිනව. නැත්තං බැනල කතාව නවත්වනව. මම කිව්වෙ ඒ ගැන. මට මුනගැහිල තියන ආතල් මිනිස්සුන්ට (බ්ලොග් පෝස්ට් වලත් දාල ඇති මේ කතා) සමීප වෙලා ඔවුන්ට සවන් දුන්නම ඔවුන්ගේ කතා අහගන්න පුළුවන්.

      කුණු සෙවීම නිසා එයාලට නං හානියක් වෙන එක ඇත්ත. නමුත් මිනිස්සුන්ගේ ගති වෙනස් කරන්න සෑහෙන්න අමාරුයි.

      Delete
    3. ම්ම්ම්ම්ම් ...වෙන්න පුළුවන් ..
      මිනිස්සුන් ගේ ගති වෙනස් කරන්න නම් බෑ තමා /අනික හැම කෙනාම එක වගේ හිටියාම කිසි ගතියක් නෑනේ (මම හිතන හැටි ඒ )

      ලියපු කතා තියේ නම් ලින්කු දාන්න

      Delete
  21. ලොකු මාමා වැරදි දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ මම හිතන්නේ. හරිනම් එයා ඉන්න ඕනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හරි රූපවාහිනී ආයතනයක හරි.

    ReplyDelete
    Replies
    1. Anonymous2/27/2014

      අයිටීඑන් එකෙට වඩා හොඳයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරානම්...

      Delete
    2. @Henry
      මරු කතාව ,පොරට ඒ වගේ දෙයක් දුන්නා නම් බලන්න තිබුණා වැඩේ ..ඇයි ආණ්ඩුවේ ඇමති කමක් හොද නැත්ද?

      @අරූ

      දැන් නම් පොලොස් මාධ්‍ය ප්‍රකාශක තමා හොද නේ ..හෙක් :)

      Delete
  22. ඔහොම මාමල ඉන්නවනම් මොනව කොරන්න බැරිද...නේද සහෝදර..?

    ReplyDelete
    Replies
    1. උමේෂ් අයෙත් අහනවා ,අඩම්භරයි නේ මේ වගේ පොරවල් ඉන්න එක ;)

      Delete
  23. ආත්ම ආරක්ෂාව පත හමුදා පුහුණුවක් වත් දුන්නොත් නරකද.

    ReplyDelete
    Replies
    1. :) එකත් හොදයි තමා මනුස්සයා කර ගන්න වැඩ දැක්කාම

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.