10 April, 2014

අවුලවා ගැනිම හා ඇවිලිම

ලියන්න හිටියේ අවුරුදු කතාවකි එත් ප්‍රවෘත්ති දැක්කාම අවුරුදු රෙද්ද පල්ලෙන් බැස ගියා ය.උදේම බුකියේ සැරි සරන්නෙ මහා වීර ක්‍රියා වලට තුති ය.මේ වගේ වැඩ වලට තුති කරන උන් නම් බුකියේ ඉන්නෙ බුකිය තහනම් කර දැමිම වඩාත් රටට සුභ දායකය.සරල දේ නම් මේ රට කාගෙද කියාය,මේ රටේ නිතියක් නැතිද යන්න ය.මං බෞද්ධ ධර්මය පිලි ගන්නා පුද්ගලයෙකි.නමුත් දැන් දැන් මේ වන බෞද්ධ පිබිදිම කියා නටන පිස්සුව නිසා පන්සලක් පැත්ත පාළාතේ යන්න හිතෙන්නෙ නැතිය.අනුන් ගේ එකා හදා ගන්න කලින් තමන් ගේ එකා හදා ගනින් කියා අපේ ගම් වල  කතාවක් තිබුණේ නිකමට නොවෙය.

ප්‍රභාකරන් මැරුණ වෙලේ උගේ පොඩි පුතාත් කොටියෙක් කියා හංවඩු ගැසු අපි,එයද කිරිබත් කැමට කරුණක් විය.එහෙව් අපි දැන් එක් විදියට ප්‍රභාකරන් ඒ වැපිරු නරුම ජාති වදයම වපුරවන්න උඩ ගෙඩි දෙනවා නොවෙද?රටේ නිතිය සිංහලයාට,දෙමළ අයට ,මුස්ලිම් හෝ අන් ජාතික අයට වෙනස් වෙනස් සැලකිලි දක්වන බව සදහන් ද?රටේ එක පැත්තකින් සිංහල මිනිස්සු රක්ෂිත ඕනෑ තරම් කපා පදිංචි වෙයි.එහෙනම් උපන්දා සිට ඉන්න අනික් ජාතින්ට අපේ රටේ පදිංචි වෙන්න අයිතියක් නැත්ද ?

හැම වෙලේම පරයා කියයි.මං දන්න තරමින් නම් පරයා කියන්නෙ අපේ නොවන,මෙන් තෙරුම් දෙන පහත් වචනයකි.අපි දැක්කෙ නම් මීට වෙනස් සඝ පරපුරකි.දැන් දැන් අපේ ගම් වල හමුදුරු වරුන්ට ද සේනා බලයේ රස වැටි රගපාන්න පටන් ගෙනය,ගමේ පන්සල ගමේය එහෙම නැතුව අපේ දානේ ටික හොදට වලදලා රැස් පෙන්නන හමුදුරුවරුන් ගේ නොවෙය.රහත් වෙලා යැයි දෙසා බාන ඇයෝ ගැන මේ බලසේනා නිහඬය,රටේ නිතිය ද මෙවාට නිහඬය .

අවසානේ වෙන්නෙ අපේ රටේ තලෙබාන් වරුන් අත නොතැබීම නම් කාට කිව හැකිද?දෙමළාට ඉන්දියාව පමණක් සිටිය ද තම්බියාට සැහෙන්න සල්ලි ගලන් එනු නොඅනුමානය.ඉතිං ඔය අස්සෙ ඉන්න ජාති වාදින් අරගල කර ගත්ත දාට,එදාට ඔය කවුරුත් අණ දෙනු ඇත.එහෙත් පපුව දෙන්න ඕන අහිංසක කොල්ලන් ය.උඩ පාලනය කරන ඇයෝ මේ වෙන දෙවල් වලට සතුටු වෙනවා ඇතිය.නැතිනම් මේ වැඩ පාලනය කල නොහැකිද ?

බුදු රාජුන් පවා රජ්‍ය නීතියට ඉහලින් ගියේ නැත.සිංහල බෞද්ධ කම කියන්නෙ චන්ඩි පාටි දැමිම නම් මේ වැඩ සාධාරණය.අනිත් අයට ගරු කරන්න කියා දෙන්න යන අය තමන් ගේ අයට ගරු කරන්න ඉගෙන ගැනිමක් තිබෙද යන්න පෙනෙන්නෙ නැත.

ප.ලි 

තව ලියන්න හිතෙන්නෙ නැතිය ලිව්වොත් මේ මමත් තබ්බියෙක්ගෙන් සල්ලි ගත්තා කියා නැවත පොස්ටුවක් දමනු ඇත.කෝ අර සහෝදර කියන පරයා,මෙහෙ අරන් වරෙන් ඕකාව,කියපිය මං සිංහල බොගි තම්බියාට පවා දුන්නා එකට මුලු සයිබරයෙන්ම සමාව ගන්නවා කියා ප්‍රකාශ කරන්න සිදු වනු ඇත.

සටහන :- 

එක් පසකින් බලසේනා වේ ඇතැම් වැඩ මං පොර පෞද්ගලිකව අගය කරමි.ඒ ගැන කිසිදු තර්ක නැත.නමුත් අපේ පන්සල් වල හමුදුරුවරුන් මල් පුජා කරන්නෙ ඇයිද කියාවත් නොදනිමි.ඉතිං ධර්මය නොදැන සිවුර උඩ යවා කෑ ගසුවා කියා ධර්මය රැකෙයිද මං පොරට නම් ලොකු ගැටළුවකි . 

අරූ  ලියූ පොස්ටුව  එකත් බලපු නැති අය බලන්න


31 comments:

  1. මූට හරක් +යියෙන් තලන්න ඕන

    ReplyDelete
    Replies
    1. මට නෙවෙයි නේ :)))

      Delete
  2. බුදු හාමුදුරුවෝ යමා මහ පෙලහර පෑවය. යක්කු එලෙව්වය කියන්නෙත් මේ වගේම වෙන්න ඇති නේද බං. මොකෝ උඹවත් මමවත් දැකලා තියෙන එකක්ය. තාත්තා සජ්ජුරුවොනේ. ඊට පස්සෙ ඉන්න ඇත්තෙත් දන්න කියන කෙනෙක් වෙන්න ඇතිනේ. මාර ලස්සන බණ ටික. තව ටිකෙන් මම නිවන් යනවා.

    ReplyDelete
    Replies
    1. මෙව්වා බලන් ඉන්න ගොක් හතර පස් පොලකින්ම නිවන් යන්න පුළුවන්

      Delete
  3. කියවා තේරැමි ගන්නට උත්සහා ක‍ලේමි.

    ReplyDelete
    Replies
    1. උත්සාහය සාර්ථක වෙවායි පතමි !!!!

      Delete
  4. බුදු රැස් විහිදෙනවා ආසාවෙ බෑ නේද සහෝ,මට නං බුද්ධාලම්බන ප්‍රීතියට කඳුළුත් ආවා.

    ReplyDelete
    Replies
    1. අයෙත් අහනවා අමන්දානන්දයට පත් වෙනවා බලන් හිටියාම

      Delete
  5. ඌ............................ක්..... මේ වගේ *රක් ගැන අපේ හරක් කවදා තේරුං ගනීද මංද සහෝදර තුමා............... සිරාවටම මුං ලංකාවෙ විතරක් නෙවී බුද්ධාගමත් කැත කරනව....
    තූ..................... ඉතරක්

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔවාට උඩගෙඩි දෙන පිරිස වැඩි නේ එකයි මේ හැම දෙම

      Delete
  6. මාව නම් මතක් වෙත්දිත් වෙවුලනවා බං.

    අහෝ දෙවුදත් නොදුටු මොක්පුර…………!!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රියා හරි ,මං ලියපු පොස්ටුවත් වෙනස් වුනා දැක්ක ගමන්

      Delete
  7. /* ප්‍රභාකරන් මැරුණ වෙලේ උගේ පොඩි පුතාත් කොටියෙක් කියා හංවඩු ගැසු අපි .....
    ......එය ද කිරිබත් කැමට කරුණක් .......... */

    ඒ අර උපතෙන් නොව ක්‍රියාවෙන් වසලයෙක් වේ කියන බුදු වදන අනුව යමින් කරපු උපකල්පනයක් නේ!

    ReplyDelete
    Replies
    1. තාත්තා කොටියා කියලා උගේ පුතත් මරපු වෙලේ අපි කිරිබත් කැවා, එක තමා ඇත්ත තාත්තා ගේ වැරදි දරුවන් ගේ පිටින් යවන්න අපි හරි දක්ෂයි ..කකා කියන්නෙ එක හොද වැඩක් කියල ද ???

      Delete
    2. ටියුබ් ලයිට් ස්ටාටර් එක තද කරලා ආපහු මගේ කමෙන්ට් එක කියවන්න.

      Delete
    3. හරි කකා එහෙම කරලා බලමු :))

      Delete
  8. Anonymous4/11/2014

    අනේ සෑසනේ....

    ReplyDelete
    Replies
    1. බලන් ඉමු වෙන මොනවා කියන්නද ??

      Delete
  9. කලකිරුනා බං..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණෙ ඔවට උඩගෙඩි දෙන අය වැඩි නේ

      Delete
  10. කුජීතයි බන් උන්ගෙ වැඩ නම්

    ReplyDelete
    Replies
    1. ඔක සමස්තෙට පෙන්නෙ නැති එක නේ වැඩේ

      Delete
  11. මෙවුවට කියන්න වචන නෑ බං..

    ReplyDelete
    Replies
    1. කිව්වා කියලා වැඩකුත් නෑ කියලා හිතෙනවා වෙන වැඩ දැක්කාම

      Delete
  12. හිතේ නොතියාගෙන ලියපු එක හොදයි ඉදගෙන ......
    වැඩි දුර දේවල් කිව්වොත් උඹ තව කුලප්පු වෙන නිසා යන්න යනව හිටගෙන.....

    ReplyDelete
    Replies
    1. ලියවුණා කෙන්ජී මාමේ ..
      නෑ නෑ මං කුලප්පු වෙන එකක් නෑ ,

      Delete
  13. කහටක් නැතුවම තේ හදල වගේ කතාව ලියල අෆ්ෆා..ඇඩෙනව සහෝ..

    ReplyDelete
    Replies
    1. තව අඩන්න උනේ නෑ අපිට තව ඉස්සරහට හොද හොද එවා බලා ගත්තහැකි

      Delete
  14. ලංකාවේ ඉපදුනා නම් මේ හැම තර්ක විතර්කයක්ම කාටත් අයිතියි. උත්තරය අපිටම නිසා....

    ReplyDelete
    Replies
    1. ඔව් එක හරි ..උත්තරය අපිටම තමා ලැබෙන්නෙ

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.