22 April, 2014

ඇබ්බැහි වූ ජිවිතය .....

පලමු කංසා සුරුට්ටුව දල්වා ගත් මා මද වෙලාවක් අවට පරිසරය දෙස ඕනෑ කමින් බලා අයේ සුරුට්ටුව මුවේ රුවා ගතිමි.දුම් වලා එකිනෙක අවට හුලග සමග මුසුව විසිරි කුඩුපට්ටම් වී අතුරුදන් වී යයි .එදා මෙදාතුර දැක්ක ලොකුම හීනය,දුම් වලලු සමගම කුඩු පට්ටම් වනවා මෙන් හැගින....

මචං අපි යමු නේද ???වැඩක් නෑ තව මෙතන බලන් උන්නා කියලා ..
තව ටිකක් ඇවිදලා බලලම යමු ...

දෙවන කංසා සුරුට්ටුවද මා නොදැනුවත්වම ඕතා අවසන්‍ ය ....

උඹට ඔය මදිද?නවත්වපන් ඔක ... අපි යමු ....තව මෙතන හිටියා කියලා වැඩක් වෙන එකක් නෑ ... දැන්පැය කියක ඉදන් මේ කොටේ උඩද?යමන් බන් මෙක නැති උනා කියලා අයේ මේ ලංකාවේ වෙන නැතුව ඈ ...

හ්ම්ම්ම් ..උඹත් හරි ....අපි පස්සෙ දවසක බලමු ...

ගොඩක් කාලයක් ඉදලා බලාගෙන ඉදලා අවසානේ හම්බ වුණා,ගැලපෙනවා කියලා තෙරුණත් ලබා ගන්න ලෙසි නෑ කියලා හොදට තෙරුනා ..

**************************************************************************
මං හිතන විදියට අපි හැමෝටම ඉලක්ක තියෙනවා,ඒ ගැන හින තියෙනව,එවා ලබා ගන්න ක්‍රම හොයා ගන්න වෙහෙසෙනවා.මේ ගැන මට මතක් වුණේ මේ ලගදි මං එක දිගට කරපු වැඩක් නිසා .අපි පුංචි කාලේ එක එක හින දකිනව,මං නම් දැකපු හීන කොච්චර ද කියලා මතක නෑ,හැබැයි ඒ දකින දේවල් හරිම තාවකාලිකයි.තව කාලෙකින් අයේ අලුත් හීනයක් එහෙමයි උනේ ඒක නිසාම හීන තිබුණ ද කියලත් මතක නෑ.

කෝම වුණත් දැනට ඉලක්ක තියෙනව එවා ලබාගන්න උත්සහ කරනවා,ඒ වෙනුවෙන් මහන්සි වෙනවා ඒ දෙවල් සාර්ථක වෙනවා දකිද්දි ලැබෙන්නෙ අමුතුම සතුටක්,කෝම උනත් තරමක කාලයක ඉදන් දැක්ක ලොකුම හිනය ඉලක්කය උනේ ගොවිපලක් ආරම්භ කරන එක මිනිස්සු කෘෂිකාරමාන්තයට හිනා වෙන කාලයක් තිබුණා,සම හරක් දැනුත් එහෙමයි ඒ කන බත් පත ගැනවත් නොදන්න මිනිස්සු වෙන්න ඇති,මොකද කවුරු හරි වගා කරොත් තමා කන්න ලැබෙන්නෙ,එ වෙනම කතාවක් ....

කොම වුනත් මං ගොවිපළක් පටන් ගන්න ඕන නිසා බිංදු ජලසම්පාදන ක්‍රම ගැන,හරිතාගාර වගාව,වේළද පොල ගැන වගේ දෙවල් ගැන හැම වෙලෙම අවධානයෙන් හිටියා.නමුත් ඒ වැඩෙට සරිලන ඉඩමක් තිබුණෙ නෑ,සල්ලි තිබුණෙත් නෑ අඩුම තරමේ මගේ ඔලුවේ තිබුණේ අක්කර පණහකින් වත් වැඩේ පටන් ගන්න.සුදුසු ඉඩමක් ගැන මේ ලඟදි ඔත්තුවක් ලැබුණා,කිව්ව ගානත් සාධාරණයි.එත් ගියාම එ මනුස්සයා ගාන වැඩි කරනවා,තව ගැනුම් කාරයෝ ඉන්නවා කියනව..මට තෙරුණ විදියට මං මනුස්සයට කිව්වා මේ ඉඩම අරන් කරන්න යන වැඩේ ගැන,ඇත්තටම මං ඉඩම ගත්තත් ගොවිපළ ප්‍රාතිහාර්යකින් වගේ මතු වෙන එකක් නෑ,එකට අවුරුදු හතරක් ,පහක් වගේ කාලයක් යනවා...එත් මට තෙරුණේ මං ඒ මනුස්සයට මගේ ඔළුවේ තිබුන සැලැස්ම කියපු එකෙන් කර ගත්තෙ ලොකු මෝඩ කමක් කියලා,මොකද මගේ ඉලක්කය සපුරා ගන්න තිබුණ අවස්ථාවක් ....

පස්සෙ මට හිතුනා මං කියපු දේවල් අහන් ඉදලා කැලේට වැදුණ ඉඩමෙන් මේ මනුස්සයා වැඩක් ගනි,මං මේ අනුන්ගේ දෙයක් ගැන දුක් වෙනවා විතරයි කියලා,මට ඕන කියලා ඒ මනුස්සයා ගෙන් බලේන් ගන්නත් බෑ,අනික මට කවදා හරි හොද රැකියාවකට යන්න පුළුවන්,ඒ මනුස්සයා දන්නෙ මේ දේ විතරක් වෙන්න පුළුවන්,මට ඉඩම දිලා මොනව කරන්නද කියලවත් මේ මනුස්සයා ලග අදහසක් තිබුණේ නෑ.

එත් මගේ මේ ඉලක්කය ගැන සිතුවිල්ල මේ කඩාවැටුණත් නැති වුණේ නෑ.ටික දවසක් දුක් වුනත් අයේ ඒ ඉලක්කය වෙනුවෙන් වැඩ කරනවා ..මං ඒ දේවල් වලට තදින්ම ඇබ්බැහි වෙලා කියලා තෙරුණා.කොටින්ම ඒ ඇබ්බැහි වීම තුලින් තමා යම් සාර්ථකත්වයක් ලැබෙන්නෙ කියලා තෙරුනා

 සටහන:-
මට හිතුන විදියට මොන තරම් දෙවල් ලැබුණත් හිතේ සතුට තියෙන්නෙ අපි දකින හීන,ඉලක්ක සපුරා ගන්නා තරමට..අපි කරන්නෙ සමහර වෙලාවට අපි කැමැති දේවල් නෙවෙයි ඒ දේවල් වල අපේ ඉලක්ක හීන අංශු මාත්‍රයක්වත් ගැවිලාවත් නෑ,එත් ඒ දේවල් කරන්න ඕන...ඇයි ???????
 
ප.ලි 
ඔබ ලිවු මේ හා සැබැදි ලිපි ඇත්නම් එක් කරන්න.එය කියවන අයට පහසු වනු ඇත.අවංකව හිතෙන දේ ලියලා තියන්න.එක හොද නරක විය හැකිය.

25 comments:

  1. Anonymous4/22/2014

    /මට හිතුන විදියට මොන තරම් දෙවල් ලැබුණත් හිතේ සතුට තියෙන්නෙ අපි දකින හීන,ඉලක්ක සපුරා ගන්නා තරමට/
    අැත්ත සහෝ...
    හීන සැබෑවන්නේ කැපවීමෙනි කියලා කියනවනේ...

    දවසක හම්බෙලා කංසා පාරක් ගහමු එහෙනං...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. අනිවා කැපවෙන තරමට ඉලක්ක ජය ගන්න පූළුවන් ...එකේ සතුට විදින්න පුළුවන්
      අනිවා දවසක සෙට් වෙමු ජොයින්ට් එකක් එක්කම ;)))

      Delete
  2. එක පාර දෙකක් ගැහුවොත් ඉවරයි පුතේ..

    ReplyDelete
    Replies
    1. Anonymous4/22/2014

      දෙකම එකසැෙරේ කටේ තියන්ද?

      තේරෙන්නෑ..

      Delete
    2. නෑ දේශක එහෙම අවුලක් නෑ කට්ටෙ දෙපාරට ගහන එක තමා හොදම ,ඕන නම් කරලා බලන්න වැඩිත් නෑ අඩුත් නෑ ...

      @විදානේ
      දේශක කියලා තියෙන්නෙ සුරුට්ටු දෙකක් එක දිගට බොන්න බෑ කියලා ;))

      Delete
  3. හීන කියන ඒව එක රැයින් ඉවර වෙන්නෙ නෑ දොඹේ...
    ඒවට සුදුසු කාලයක් එනව පල දරන්න..
    හරියට ගහක මල් පිපෙන්නෙ අපිට ඕන කාලෙට නෙමේනෙ... අන්න ඒ වගෙ...
    අපේක්ෂා බලාපොරොත්තු තියෙනව තමා... ඒව නැත්තං ඌ මිනිහෙකුත් නෙවී.... ඒත් අපිට කවදාවක් පොහොට්ටුවක් බලෙන් පුප්පලා අරන් ඒකෙ නියම සුන්දරත්වය මතුකරගන්න බෑ...
    ඔයාගෙ වෙලාව ආවාම ඒ වැඩේ නිකංම වෙන තැනට ඇවිත් තියෙයි.

    ReplyDelete
    Replies
    1. මෙවා හීනම නෙවෙයි ..මං හදා ගත්ත ඉලක්ක කිව්වොත් හරි ..
      මං මෙතෙක් කාලයක් බලන් ඉදලා නෑ ඒක කොහොම හරි ගන්නවා කියලා මහන්සි උනා විතරයි ,කිව්වට විශ්වාස කරන එකක් නෑ දැන් හිතෙනවා එවා කරේ කොමද ,නිකන් ප්ස්සුවෙන් වගේ කියලා ,හෙඩිම දැම්මෙ එකයි අරහම ..

      Delete
  4. Anonymous4/22/2014

    ජොයින්ට් එක ගහලා සැලසුම් හදනවාට වඩා හොඳ...ජොයින්ට් එක ගහලා හදපු සැලසුම් ගැන හිතන එක.

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම වෙනවා ,එත් ඔය මුකුත් නැතුව ඉන්න පුළුවන් නම් ගොඩක් හොදයි :))

      Delete
  5. මම නං හීන දකින්නෙ නෑ. නමුත් ජොයින්ට් එකක් නං ගහනව මේ...
    http://raj1st.blogspot.com/2011/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. නියම පොස්ටුව ...මං කැමැති දෙයක් මේ ලින්කු එක් කරන එක

      Delete
  6. පොඩ්ඩක් හිටින් මම මේ අර ප්‍රශ්ණෙට උත්තර හොයනවා… ඇත්තටම ඇයි අපි අපිට අනවශ්‍ය දේවල් වලට කැපවෙන්නෙ…??? මටත් හිතා ගන්න බැරි තැනක් ඕක.… කංසා පාරක් අදින්න ඕන ප්‍රශ්ණයක්.……!!!!

    ReplyDelete
    Replies
    1. අපි අනවශ්‍ය දේවල් වලට කැප වෙන්නෙ මං දැක්ක විදියට එකක් අපි සාමාජයෙන් බෙරෙන්න ,අනික හිත් සතුටු කරන්න ,ඔය වගේ දෙවල් වලට තමා ..

      ප්‍රියා බොලා මොකද ජොයින්ට් ගහන්නෙ ,අමධ්‍යප නේද ..;)))

      Delete
  7. ඔය විදිහට බැහැ. හිතේ ධෛර්යය අඩු කරගන්න එපා. එක තැනකින් පරදිනකොට තව තැනකින් දිනනවා. උත්සාහය අඩු කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම විචාරක මේක පැරදිමක් නෙවෙයි ,මං මේ වැඩේ කොහොම හරි කරනවා ...

      Delete
  8. හැබැයි මෙහෙම යි. එක හීනයක් හැබෑ කරගෙන සතුටු යි කියලා නවතින්නෙ නැතුව අපි තව හීනෙකට යනවා. නොනවතින හඹා යෑමක්!

    ReplyDelete
    Replies
    1. අනිවා එක තමා මං උඩින් හෙඩිම දැම්මෙ ඇබ්බැහි වෙලා කියලා ,අපි කවදාවත් ඇති කියලා නවතින්න අදහසක් නෑනේ

      Delete
  9. මුලින් හිතුවේ කංසා වලට ඇබ්බැහි වූ ජීවිතයක් කියලා.පස්සෙනේ තේරුනේ.

    ReplyDelete
    Replies
    1. හික් ..එහෙම හිතුවත් අවුලක් නෑ මොකද එවටත් මිනිස්සු ඇබ්බැහි වෙනවා නේ ..

      Delete
  10. හීන කියන දේවල් ලේසියෙන් සාර්ථක වෙලා ජීවිතේ ලගට එන්නේ නෑනේ බං.. ප්ලෑන් කරන්න ඕන හිත නිදහසින්..

    ReplyDelete
    Replies
    1. අනිවා දිනේෂ් ඒ දෙවල් සාර්ථක වෙලා ලැබෙන සතුට කොමද :))))
      හිත නිදහස කියන එක නම් ලොකු කතාවක්

      Delete
  11. මමනම් හීන දකින එක නවත්තල තියෙන්නෙ සහෝ..ඒත් මොන කරුමයක්ද මන්ද බං පේන්නෙම ඒවනෙ..

    ReplyDelete
    Replies
    1. ඔවා ඔහොම තමයි

      Delete
  12. කිසිම කෙනෙකුට කියන්න නරකයි තමන් කරන්න යනදේ.....
    ඉඩම අයිතිකරු ට අපි කරන්න යන දේ විනාඩි කීපයකින් කිව්වම ඌ හිතන්නෙ හය මාසෙන් ප්‍රතිපල ලැබෙනව කියල....

    ReplyDelete
    Replies
    1. එක තෙරුම් ගන්නකොට පරක්කු වැඩි ...
      එක තමා උනේ මනුස්සයා ගේ ලෝබකම මතු උනා ,මනුස්සයාට එකෙන් වැඩකුත් නෑ එත් හිතේ ලෝභ කම නිසා දුන්නෙ නෑ ...

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.