17 May, 2014

අමතකව ගිය යුදඟනාව

යුදගනා රාජ මහා විහාරය පිහිටා තිබෙන්නෙ මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල නගරයේ සිට වැල්ලවාය දෙසට දිවෙන මද දුරක් ගොස් කිලෝමීටර් 2 පමණ අතුරු මාර්ගයක ගමන් කිරිමෙන් අනතුරුවය..... 

දුටුගැමුණු හා සද්ධාතිස්ස යන සොහොයුරන් දෙදෙනා යුධ වැදුණු ස්ථානය වශයෙන් මෙය සලකණු ලැබේන අතර දෙසොහොයුරන් යුධ වැදිමෙන් සිදු වු පාප කර්මය,වසාලිමට සද්ධාතිස්ස කුමරු විසින් මේහි දාගැබ කර වු බව සැලකේ......

අඩි 1038 යුක්ත විශාල දාගැබක් වන මෙය ලංකාවේ විශාලම දාගැබ් වලින් එකක් ලෙස සැලකේ,නමුත් දැනට ඇත්තෙ දාගැබෙන් කොටසක් පමණි..දාගැබ සමිපයේ විහාර මන්දිරය 18 වන සියවසට අයත් වුවක් ලෙස සැලකෙන් අතර එහි චිත්‍ර නුවර යුගයේ ලක්ෂණ පෙන්වයි..තවද නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද සෙල් ලිපියක් ද මෙහි පිහිටා ඇත.....

                                                                   මේ තමා ලොකු දාගැබ


ලොකු දාගැබට අමතරව තවත් කුඩා දාගැබක් පිහිටා ඇත.එය චුලංගනි නම් ව,එය විශාල දාගැබට මිටර් 150ක් පමණ දුරින් පිහිටා ඇත....



                                                                       චුලංගනි දාගැබ

චුලංගනි දාගැබ අසල තවත් විනාශ වෙමින් යන නටබුන් හා හිටි පිලිමයක කොටස් පවති                                                    
                                                                                              

                                                    බිමවැටි ඇති හිටි පිලිමයේ කොටසක්


                                                              හිටි පිලිමයෙහි පාද යුගල


                                                  නිසි අවධානයක් නොමැතිව පවතින නටබුන්






                                                                 වෙහෙර ලඟ ඉබුල් ගසක්


මා යුධගනාව රාජ මහා විහාරයට ගියේ මීට වසර පහකට පමණ පෙරය,ඒ යන විට නිධන් හොරු විසින් විශාල හානියක් සිදු කොට තිබිණ,විශේෂයෙන්ම දාගැබ  මත විශාල ගස් වැවි තිබු අතර වර්තමානය වන විට යම් තරමක් දාගැබ නම් පිලිසකර කර ඇති බව පෙනේ නමුත් නිසි වැඩ පිලිවෙලක් යටතේ මේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානය රැක ගන්නෙ ද යන්න ගැටලුවකි.අපේ පුරාවිද්‍යාව අනුරාධපුර,පොලොන්නරුව  වැනි ප්‍රදේශ වලට පමණක් සීමා වී ඇත් ද යන්න ගැටලුවකි,නිසි දැනුමක් ඇති පුරාවිද්‍යා නිළධාරීන්ට මෙවැනි ප්‍රදේශ වල ඇති ස්ථාන ගැන සැලකිය යුතු අවධානයක් යොමු කරන බව නම් නොපෙනේ ....එසේ අවධානයක් යොමු කරනවා නම් නව පරිජෙදයන් ඉතිහාසයට ලියවෙන බව නොඅනුමානය,තව කාලයකින් අවධානය යොමු වන විට නිධන් හොරු සියල්ල විනාශ කර දමා යනු ඇත.මේය යුධගනාවට පමණක් පොදු කරුණක් නොව සමස්ථයක් ලෙස විශාල ලෙස පුරාවිද්‍යා හොර කමක් සිදු වන බව සහෝදර ගේ පෞද්ගලික මතය විය හැකිය.එය කෙසේ වුවද මෙවැනි ස්ථානයන් අනාගත පරපුරට ද දැක ගැනිමට රැක ගැනිම යුතුකමක් බව මගේ මතයයි ....

සම හරක් මේ ගඩොල් ගොඩවල් මොනවටද කියා කීමට ද ඉඩ ඇත,ඉතිහාසය කන්න ද මනුස්සයෝ කියා කියන ඇයන්ව ද දැක ඇත.එවැනි කතා වලට මේ අවස්ථාව නොවේ ය..............


සටහන :-
විශේෂ ස්තූතියක් මෙම ජයාරූප හා තොරතුරු ලබා දුන් මාගේ සහෝදරියයට හිමි වන අතර මෙහි එන ජයාරූප සියල්ලෙහි අයිතිය ඈය සතුය ....මෙහි එන ඇතැම් තොරතුරු පත්‍රිකාවකින් උපුටා ගන්නා ලද එවාය.....

43 comments:

  1. වැදගත් පෝස්ට් එකක් ...
    අද වෙද්දි පුරා විද්‍යා කියන ආයතනය ඩෝග්ට වැටිල තියෙන්නෙ... මොකදමේ දේසපාලුවො හැම සෙද්දටම හොස්ස දානව නෙව... පොලොන්නුරුව පැත්තෙ වුණත් තත්වෙ ඔහොමම තමා.. අර කට්ටිය හුගක් යන තැන් හොදට තියෙනව.. අඩුවෙන් යන තැංබල්ලට ගිහිං... කොහෙත් එතයි.. අපේ උං බෙරිහං දෙනව අපිට ියෙන්නෙ පෞඩ උරුමයක්ය අරකය මේකය කියල ඒත් ඒක රැකගන්න හදන්නෙ නෑ..
    මං හිතන්නෙ මේ අපේ රටේ හැටියක් වෙන්න ඕන...
    තමන්නෙ දේ බල්ලට දාල අනුන්නෙ දේ අගේ කරනෙක..

    ReplyDelete
    Replies
    1. එක තමා වෙලා තියෙන්නෙ පොලොන්නරුව පැත්තෙත් අපි දන්න ස්ථාන විතරක් වෙන්න ඇති ඔය බොඩ් එකක් හරි ගහලා තියෙන්නෙ, ලංකාවේ ගොඩක් ප්‍රදේශ වල මේ වගේ ස්ථාන ඇති අවධානය යොමු නොවුණු ..
      කෑ ගහනවා අපි අපේ දේවල් ගැන රැක ගන්න නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ ස්ථානයන් මෙහෙම වෙන එකක් නෑ

      Delete
  2. ‍මේව ‍මේ විදියට විනාශ වීම අපරාධයක්. ලොකෙ අනිත් රටවල මේවගේ දේවල් සංරක්ෂණය කරපු හැටි දකින අපිට අපි කරල තියෙන්නෙ මොනවද කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. මේ දේවල් ගැන අපේ රටේ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවාද යන්න මට නම් ලොකු ගැටලුවක් මෙහෙම මේ දේවල් විනාශ කරන මිනිස්සුන්ට ඉඩ දිලා බලන් ඉන්න එක ???ගොඩක් රටවල් තමන් ගේ ඉතිහාසයේ ගැන විශාල කැනිම් කරලා හොයා ගන්නෙ ....අපේ මේ පෙන්න තියෙන දේවල් වත් රැක ගන්න අදහසක් පෙන්න නෑ

      Delete
  3. උඹ දැක්කෙ නැත්තං අනිව හොයාගෙන බලපං ඊයෙ ලංකාදී‍පෙ තියනව හෝර්ටන් තැන්න ගැන ලිපියක්. ඒකත් මේ ජාතියෙ එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. හෙඩිම පොඩ්ඩක් හදපං

      Delete
    2. මං ඒ ගැන බලන්නම් ,හෙඩිම කඩබලේට දැම්මෙ ,හදන්න බලන්නම්

      Delete
    3. අපිට බොහොම සමීප ස්ථානයක්. තියෙන වටිනාකම තේරුම් ගන්න ගිහිල්ලම බලන්නෝනි.

      හෙඩිම ටිකක් අවුල්වෙලා සහෝ.. හදල දාමු.

      Delete
    4. ඈ මනෝ ගම් පළාත මේ ලඟ ද ???ගිහින් බලන්න වටින තැනක් ,හෙඩිම හැදුවා බලන්න

      Delete
    5. ළඟමත් නෙවෙයි. ඒ උනාට ඉතින් ඔය අපේ පළාත නොවැ.

      Delete
    6. මනෝ බුකියේ ඉන්නවා නම් මට පොඩ්ඩක් චැට් පාරක් දාන්න ....

      Delete
    7. එකවුන්ට් එකක් නම් තියෙනවා මචං ඒ උනාට ලොග් උන කාලයක් මතක නෑ. ඊට වඩා මේ බ්ලොග් කෙරුවාව දාහෙන් සම්පතක් බං.

      Delete
    8. මේලක් එවන්නම් මං ;)))))

      Delete
  4. ඔය යුදගනාව බලන්න මම ඉස්සර යනකොට තිබ්බ තත්වෙට සෑහෙන වෙනස් තත්වයක් දැන් එතන තියෙන්නෙ. අලුත් පන්සලක් හදාගෙන අර පරණ වෙහෙර අමතක කරල දාල.
    ඕක ඔය තත්වෙට හරි හදල ගත්තෙ ප්‍රේමදාස මහත්තය මට මතක හැටියට. ඒ මනුස්සය හිටියනං ඕකත් අර මාලිගාවිල තත්වෙට පත්කරන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස මහත්තයා නම් ගොඩක් පුරාවිද්‍යා ස්ථාන ගැන ලොකු උනන්දුවකින් වැඩ කරපු කෙනෙක් කියලා අහලා තියෙනවා හැබැයි ඒ හොද පැත්තට නම් නෙවෙයි,මාලිගාවිල නම් යම් තරමක් අවධානයට ලක් වුණ තැනක් මං හිතන්නෙ ,

      Delete
    2. ඒක නං ඇත්ත හැබැයි දැං ඒ තාත්තගෙ වැඩේ ඒ පුතාටත් වැඩිය වෙන තාත්ත කෙනෙක් ගෙ පුතෙක් කරන්නෙ...
      හැම තැනම ගල් වල පත වලවල්

      Delete
    3. මහේෂ් ඔය යකා වගේම ගොඩක් උන් කරන්නෙ අපේ දේ විකුණන් කන එක තමා ,තාත්තා වගේ පුතා ඉන්න එපැයි ...

      Delete
  5. //සම හරක් මේ ගඩොල් ගොඩවල් මොනවටද කියා කීමට ද ඉඩ ඇත// මේක නම් සිරා කතාව බං. කොටින්ම ඒකාලෙ ඉස්කෝලෙන් ත්‍රිප් යත්දි අපෙම සම හරක් කියලා තියෙනවා "ඔය රෙද්දෙ ගල් කණු අස්සෙ මොනවා බලන්නද ෆන් එකක් ගන්න පුළුවන් තැනකට යමන්ලා" කියලා.

    ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ.

    ගිහින් බලන්න හිතෙන තැනක් බං.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා ඔය කතා මමත් අහලා තියෙනවා මේ වගේ හිතන උන්ට කියන්න දෙයක් නෑ ,මොකට එහෙම කියනව ද කියන එක තමා ප්‍රශ්ණේ ???? වෙලාවක බලන්න යන්න ප්‍රියා මමත් අයේ යන්න හිතන් ඉන්නෙ :))))

      Delete
    2. ඒ ව‍ගේ හරකුන්ට ආතල් එකක් ගන්න කැසි‍නෝ එකකට ගියාම හරි මං හිතන්‍නෙ

      Delete
    3. හැක් හැක් රාජ් හරක් කියන එකත් නම්බු වැඩි වගේ ඔය වගේ උන්ට .........

      Delete
  6. මේ පෝස්ට් එකේ කොපියක් යවන්නකෝ අර රැවුල වවාගෙන ඉන්න මොනරාගල් ඇමෑත්තයාට.

    ReplyDelete
    Replies
    1. කවුද මේ වි.මුණි සොයිසාට ද????

      Delete
    2. Anonymous5/20/2014

      ඕකාව බැරල් එකකට දාලා නයෙක් දැම්මානම් හරි....

      Delete
    3. අරූ කාවද ඔය බැරල් ඇතුල්ල දාන්න කියන්නෙ හැක් හැක්

      Delete
  7. බුත්තල ගමුදාව වෙලාවෙ ඔය පන්සල, වෙහෙර වටේ සුද්ධ කරල, ඕක තරමක් පිලිවෙලක් කරා ප්‍රේම් ලොක්ක. උන්දැගෙ කාලෙ හෑරුවත් හෑරුවෙ අඩුගානෙ හදල, අපිටත් බලන්න යමක් තියල. දැන් එකාල තීන කෙලිම්ම විනාස කොරල උගේ වැඩේ කරන් යනව.

    බුත්තල වැල්ලවායෙ සෑහෙන පුරාවස්තු නිකන් විනාසවෙලා යනව. හරිම අපරාධයක්!

    ReplyDelete
    Replies
    1. ගමුදාව වෙලාවේ යම් සංරක්ෂණක් වෙන්න ඇති හැබැයි මං මීට අවුරුදු කිපයකට කලින් යනකොට රූස්ස ගස් තිබුණා වෙහෙර උඩ ඒ වගේම වෙහෙර හරලා විනාශ කරලා තිබුණා දැන් තරමක් එලිපෙහෙලි වෙලා ,දැනටත් නිධන් හොරකම සිදු වෙන එක නම් කණගාටුවට කරුණක් ,ප්‍රේමදාස ලොක්කා කියලා කරලා තියෙනවා කියන හොරකම් ගැන නම් බොහොම කතා අහලා තියෙනවා

      Delete
  8. ගිහිල්ල නෑ ඔය පැත්තට වත්. ගියොත් අනිවා යන්න ඕනෙ!

    ReplyDelete
    Replies
    1. යන්න වෙලාවක ,ගියොත් මතක් කරලා බලන්න වටින තැනක්

      Delete
  9. හරිම වටින තොරතුරු ටිකක්..

    ReplyDelete
    Replies
    1. මීට වඩා යමක් ලියන්න පුළුවන් වෙයි මං නැවත ගිය දවසක .....

      Delete
  10. සංරක්ෂණය කරන්න උවමනාවක් දැන් නෑ , ඔයටික ඩෝසර් කරලා දාලා පොඩි වැවක් හදලා එක වටේට ගල් අල්ලලා walking park එකක් හැදුවනම් හරි

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට එහෙම වුණොත් පුදුම වෙන්න දෙයකුත් නෑ

      Delete
  11. වැදහත් ලිපියක් සහෝ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සි

      Delete
  12. Anonymous5/19/2014

    පෙරදා මහරෑ මා කෙටූ එක යුදගනාවේ ගල් අතර සැගව ගියද..
    දැං එ් කොටපු ටික මතක නෑ..
    දෙතුන්පාරක්ම මාත් ඔතැනට ගිහිං තියනවා.. හැමදාම හාමුදුරු නමක් චෙෙත්‍ය ගොඩ නගන්න කියලා අාධාර එකතු කරනවා.. දැං අවු 15ක් විතර තිස්සේම.. එච්චරයි..

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මේක තමා තිබුණ එකම කමෙන්ටුව ,වෙන නම් නෑ .හැම තැනම අධාර නම් එකතු කරනවා වැඩක් නම් වෙන පාටක් නෑ

      Delete
  13. හරිම අගනා ලිපියක්. අපිට යුදගනාව පිළිබඳ අවබෝධයක් ලබා දුන්නා වගේ ම ඒ ගැන අදාල අංශයන්ගේ ඇස් ඇරවීමකුත් මේ ලිපියෙන් වෙනවා..................

    ReplyDelete
    Replies
    1. මේ ගැන හරියට හොයා බලනවා නම් මෙහෙම වෙන්නෙ නෑ,ස්තුතියි අදහසට

      Delete
  14. Anonymous5/20/2014

    වටිනා ලිපියක්. අපේ උන්දැලට මේවා අගයක් නැහැ බන්. බලපන් මේ ලක්ෂපාන දිය ඇල්ලට වෙන්න යනදේ. සමහර රටවල්වල පැරණි නිවසක් පවා තමන්ට ඕන විදිහට කඩන්න, වෙනස් කරන්න බැහැ, බලධාරීන්ගෙන් අවසර ගන්න ඕන. අපේ කඩන්නේ බලධාරීන්. බලුධාරීන්.
    http://www.lankaenews.com/Sinhala/news.php?id=24682

    ReplyDelete
    Replies
    1. අරූ එක තමා අපේ රටට වෙලා තියෙන්නෙ අපේ දෙවල් ගැන අගයක් නෑ ,වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව ...

      Delete
  15. හරිම වටිනා ලිපියක්.... ලංකා ඉතිහාසයක් කියන්නේ මම කැමතිම මාතෘකාවක්..
    පින්තුර ටික නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොල්ලො ...
      පින්තුර ගැන නම් ස්තූතිය මගේ සහෝදරියට හිමි වෙන්නෙ ...මේ මං ගත්ත පින්තුර නෙවෙයි

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.