යුදගනා රාජ මහා විහාරය පිහිටා තිබෙන්නෙ මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල නගරයේ සිට වැල්ලවාය දෙසට දිවෙන මද දුරක් ගොස් කිලෝමීටර් 2 පමණ අතුරු මාර්ගයක ගමන් කිරිමෙන් අනතුරුවය.....
දුටුගැමුණු හා සද්ධාතිස්ස යන සොහොයුරන් දෙදෙනා යුධ වැදුණු ස්ථානය වශයෙන් මෙය සලකණු ලැබේන අතර දෙසොහොයුරන් යුධ වැදිමෙන් සිදු වු පාප කර්මය,වසාලිමට සද්ධාතිස්ස කුමරු විසින් මේහි දාගැබ කර වු බව සැලකේ......
අඩි 1038 යුක්ත විශාල දාගැබක් වන මෙය ලංකාවේ විශාලම දාගැබ් වලින් එකක් ලෙස සැලකේ,නමුත් දැනට ඇත්තෙ දාගැබෙන් කොටසක් පමණි..දාගැබ සමිපයේ විහාර මන්දිරය 18 වන සියවසට අයත් වුවක් ලෙස සැලකෙන් අතර එහි චිත්‍ර නුවර යුගයේ ලක්ෂණ පෙන්වයි..තවද නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද සෙල් ලිපියක් ද මෙහි පිහිටා ඇත.....
මේ තමා ලොකු දාගැබ
ලොකු දාගැබට අමතරව තවත් කුඩා දාගැබක් පිහිටා ඇත.එය චුලංගනි නම් ව,එය විශාල දාගැබට මිටර් 150ක් පමණ දුරින් පිහිටා ඇත....
චුලංගනි දාගැබ
චුලංගනි දාගැබ අසල තවත් විනාශ වෙමින් යන නටබුන් හා හිටි පිලිමයක කොටස් පවති
බිමවැටි ඇති හිටි පිලිමයේ කොටසක්
හිටි පිලිමයෙහි පාද යුගල
වෙහෙර ලඟ ඉබුල් ගසක්
මා යුධගනාව රාජ මහා විහාරයට ගියේ මීට වසර පහකට පමණ පෙරය,ඒ යන විට නිධන් හොරු විසින් විශාල හානියක් සිදු කොට තිබිණ,විශේෂයෙන්ම දාගැබ මත විශාල ගස් වැවි තිබු අතර වර්තමානය වන විට යම් තරමක් දාගැබ නම් පිලිසකර කර ඇති බව පෙනේ නමුත් නිසි වැඩ පිලිවෙලක් යටතේ මේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානය රැක ගන්නෙ ද යන්න ගැටලුවකි.අපේ පුරාවිද්‍යාව අනුරාධපුර,පොලොන්නරුව වැනි ප්‍රදේශ වලට පමණක් සීමා වී ඇත් ද යන්න ගැටලුවකි,නිසි දැනුමක් ඇති පුරාවිද්‍යා නිළධාරීන්ට මෙවැනි ප්‍රදේශ වල ඇති ස්ථාන ගැන සැලකිය යුතු අවධානයක් යොමු කරන බව නම් නොපෙනේ ....එසේ අවධානයක් යොමු කරනවා නම් නව පරිජෙදයන් ඉතිහාසයට ලියවෙන බව නොඅනුමානය,තව කාලයකින් අවධානය යොමු වන විට නිධන් හොරු සියල්ල විනාශ කර දමා යනු ඇත.මේය යුධගනාවට පමණක් පොදු කරුණක් නොව සමස්ථයක් ලෙස විශාල ලෙස පුරාවිද්‍යා හොර කමක් සිදු වන බව සහෝදර ගේ පෞද්ගලික මතය විය හැකිය.එය කෙසේ වුවද මෙවැනි ස්ථානයන් අනාගත පරපුරට ද දැක ගැනිමට රැක ගැනිම යුතුකමක් බව මගේ මතයයි ....
සම හරක් මේ ගඩොල් ගොඩවල් මොනවටද කියා කීමට ද ඉඩ ඇත,ඉතිහාසය කන්න ද මනුස්සයෝ කියා කියන ඇයන්ව ද දැක ඇත.එවැනි කතා වලට මේ අවස්ථාව නොවේ ය..............
සටහන :-
විශේෂ ස්තූතියක් මෙම ජයාරූප හා තොරතුරු ලබා දුන් මාගේ සහෝදරියයට හිමි වන අතර මෙහි එන ජයාරූප සියල්ලෙහි අයිතිය ඈය සතුය ....මෙහි එන ඇතැම් තොරතුරු පත්‍රිකාවකින් උපුටා ගන්නා ලද එවාය.....
සම හරක් මේ ගඩොල් ගොඩවල් මොනවටද කියා කීමට ද ඉඩ ඇත,ඉතිහාසය කන්න ද මනුස්සයෝ කියා කියන ඇයන්ව ද දැක ඇත.එවැනි කතා වලට මේ අවස්ථාව නොවේ ය..............
සටහන :-
විශේෂ ස්තූතියක් මෙම ජයාරූප හා තොරතුරු ලබා දුන් මාගේ සහෝදරියයට හිමි වන අතර මෙහි එන ජයාරූප සියල්ලෙහි අයිතිය ඈය සතුය ....මෙහි එන ඇතැම් තොරතුරු පත්‍රිකාවකින් උපුටා ගන්නා ලද එවාය.....
වැදගත් පෝස්ට් එකක් ...
ReplyDeleteඅද වෙද්දි පුරා විද්‍යා කියන ආයතනය ඩෝග්ට වැටිල තියෙන්නෙ... මොකදමේ දේසපාලුවො හැම සෙද්දටම හොස්ස දානව නෙව... පොලොන්නුරුව පැත්තෙ වුණත් තත්වෙ ඔහොමම තමා.. අර කට්ටිය හුගක් යන තැන් හොදට තියෙනව.. අඩුවෙන් යන තැංබල්ලට ගිහිං... කොහෙත් එතයි.. අපේ උං බෙරිහං දෙනව අපිට ියෙන්නෙ පෞඩ උරුමයක්ය අරකය මේකය කියල ඒත් ඒක රැකගන්න හදන්නෙ නෑ..
මං හිතන්නෙ මේ අපේ රටේ හැටියක් වෙන්න ඕන...
තමන්නෙ දේ බල්ලට දාල අනුන්නෙ දේ අගේ කරනෙක..
එක තමා වෙලා තියෙන්නෙ පොලොන්නරුව පැත්තෙත් අපි දන්න ස්ථාන විතරක් වෙන්න ඇති ඔය බොඩ් එකක් හරි ගහලා තියෙන්නෙ, ලංකාවේ ගොඩක් ප්‍රදේශ වල මේ වගේ ස්ථාන ඇති අවධානය යොමු නොවුණු ..
Deleteකෑ ගහනවා අපි අපේ දේවල් ගැන රැක ගන්න නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ ස්ථානයන් මෙහෙම වෙන එකක් නෑ
මේව මේ විදියට විනාශ වීම අපරාධයක්. ලොකෙ අනිත් රටවල මේවගේ දේවල් සංරක්ෂණය කරපු හැටි දකින අපිට අපි කරල තියෙන්නෙ මොනවද කියල හිතෙනව.
ReplyDeleteමේ දේවල් ගැන අපේ රටේ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවාද යන්න මට නම් ලොකු ගැටලුවක් මෙහෙම මේ දේවල් විනාශ කරන මිනිස්සුන්ට ඉඩ දිලා බලන් ඉන්න එක ???ගොඩක් රටවල් තමන් ගේ ඉතිහාසයේ ගැන විශාල කැනිම් කරලා හොයා ගන්නෙ ....අපේ මේ පෙන්න තියෙන දේවල් වත් රැක ගන්න අදහසක් පෙන්න නෑ
Deleteඋඹ දැක්කෙ නැත්තං අනිව හොයාගෙන බලපං ඊයෙ ලංකාදීපෙ තියනව හෝර්ටන් තැන්න ගැන ලිපියක්. ඒකත් මේ ජාතියෙ එකක් තමයි.
ReplyDeleteහෙඩිම පොඩ්ඩක් හදපං
Deleteමං ඒ ගැන බලන්නම් ,හෙඩිම කඩබලේට දැම්මෙ ,හදන්න බලන්නම්
Deleteඅපිට බොහොම සමීප ස්ථානයක්. තියෙන වටිනාකම තේරුම් ගන්න ගිහිල්ලම බලන්නෝනි.
Deleteහෙඩිම ටිකක් අවුල්වෙලා සහෝ.. හදල දාමු.
ඈ මනෝ ගම් පළාත මේ ලඟ ද ???ගිහින් බලන්න වටින තැනක් ,හෙඩිම හැදුවා බලන්න
Deleteළඟමත් නෙවෙයි. ඒ උනාට ඉතින් ඔය අපේ පළාත නොවැ.
Deleteමනෝ බුකියේ ඉන්නවා නම් මට පොඩ්ඩක් චැට් පාරක් දාන්න ....
Deleteඑකවුන්ට් එකක් නම් තියෙනවා මචං ඒ උනාට ලොග් උන කාලයක් මතක නෑ. ඊට වඩා මේ බ්ලොග් කෙරුවාව දාහෙන් සම්පතක් බං.
Deleteමේලක් එවන්නම් මං ;)))))
Deleteඔය යුදගනාව බලන්න මම ඉස්සර යනකොට තිබ්බ තත්වෙට සෑහෙන වෙනස් තත්වයක් දැන් එතන තියෙන්නෙ. අලුත් පන්සලක් හදාගෙන අර පරණ වෙහෙර අමතක කරල දාල.
ReplyDeleteඕක ඔය තත්වෙට හරි හදල ගත්තෙ ප්‍රේමදාස මහත්තය මට මතක හැටියට. ඒ මනුස්සය හිටියනං ඕකත් අර මාලිගාවිල තත්වෙට පත්කරන්න තිබුණ.
ප්‍රේමදාස මහත්තයා නම් ගොඩක් පුරාවිද්‍යා ස්ථාන ගැන ලොකු උනන්දුවකින් වැඩ කරපු කෙනෙක් කියලා අහලා තියෙනවා හැබැයි ඒ හොද පැත්තට නම් නෙවෙයි,මාලිගාවිල නම් යම් තරමක් අවධානයට ලක් වුණ තැනක් මං හිතන්නෙ ,
Deleteඒක නං ඇත්ත හැබැයි දැං ඒ තාත්තගෙ වැඩේ ඒ පුතාටත් වැඩිය වෙන තාත්ත කෙනෙක් ගෙ පුතෙක් කරන්නෙ...
Deleteහැම තැනම ගල් වල පත වලවල්
මහේෂ් ඔය යකා වගේම ගොඩක් උන් කරන්නෙ අපේ දේ විකුණන් කන එක තමා ,තාත්තා වගේ පුතා ඉන්න එපැයි ...
Delete//සම හරක් මේ ගඩොල් ගොඩවල් මොනවටද කියා කීමට ද ඉඩ ඇත// මේක නම් සිරා කතාව බං. කොටින්ම ඒකාලෙ ඉස්කෝලෙන් ත්‍රිප් යත්දි අපෙම සම හරක් කියලා තියෙනවා "ඔය රෙද්දෙ ගල් කණු අස්සෙ මොනවා බලන්නද ෆන් එකක් ගන්න පුළුවන් තැනකට යමන්ලා" කියලා.
ReplyDeleteඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ.
ගිහින් බලන්න හිතෙන තැනක් බං.
ප්‍රියා ඔය කතා මමත් අහලා තියෙනවා මේ වගේ හිතන උන්ට කියන්න දෙයක් නෑ ,මොකට එහෙම කියනව ද කියන එක තමා ප්‍රශ්ණේ ???? වෙලාවක බලන්න යන්න ප්‍රියා මමත් අයේ යන්න හිතන් ඉන්නෙ :))))
Deleteඒ වගේ හරකුන්ට ආතල් එකක් ගන්න කැසිනෝ එකකට ගියාම හරි මං හිතන්නෙ
Deleteහැක් හැක් රාජ් හරක් කියන එකත් නම්බු වැඩි වගේ ඔය වගේ උන්ට .........
Deleteමේ පෝස්ට් එකේ කොපියක් යවන්නකෝ අර රැවුල වවාගෙන ඉන්න මොනරාගල් ඇමෑත්තයාට.
ReplyDeleteකවුද මේ වි.මුණි සොයිසාට ද????
Deleteඕකාව බැරල් එකකට දාලා නයෙක් දැම්මානම් හරි....
Deleteඅරූ කාවද ඔය බැරල් ඇතුල්ල දාන්න කියන්නෙ හැක් හැක්
Deleteබුත්තල ගමුදාව වෙලාවෙ ඔය පන්සල, වෙහෙර වටේ සුද්ධ කරල, ඕක තරමක් පිලිවෙලක් කරා ප්‍රේම් ලොක්ක. උන්දැගෙ කාලෙ හෑරුවත් හෑරුවෙ අඩුගානෙ හදල, අපිටත් බලන්න යමක් තියල. දැන් එකාල තීන කෙලිම්ම විනාස කොරල උගේ වැඩේ කරන් යනව.
ReplyDeleteබුත්තල වැල්ලවායෙ සෑහෙන පුරාවස්තු නිකන් විනාසවෙලා යනව. හරිම අපරාධයක්!
ගමුදාව වෙලාවේ යම් සංරක්ෂණක් වෙන්න ඇති හැබැයි මං මීට අවුරුදු කිපයකට කලින් යනකොට රූස්ස ගස් තිබුණා වෙහෙර උඩ ඒ වගේම වෙහෙර හරලා විනාශ කරලා තිබුණා දැන් තරමක් එලිපෙහෙලි වෙලා ,දැනටත් නිධන් හොරකම සිදු වෙන එක නම් කණගාටුවට කරුණක් ,ප්‍රේමදාස ලොක්කා කියලා කරලා තියෙනවා කියන හොරකම් ගැන නම් බොහොම කතා අහලා තියෙනවා
Deleteගිහිල්ල නෑ ඔය පැත්තට වත්. ගියොත් අනිවා යන්න ඕනෙ!
ReplyDeleteයන්න වෙලාවක ,ගියොත් මතක් කරලා බලන්න වටින තැනක්
Deleteහරිම වටින තොරතුරු ටිකක්..
ReplyDeleteමීට වඩා යමක් ලියන්න පුළුවන් වෙයි මං නැවත ගිය දවසක .....
Deleteසංරක්ෂණය කරන්න උවමනාවක් දැන් නෑ , ඔයටික ඩෝසර් කරලා දාලා පොඩි වැවක් හදලා එක වටේට ගල් අල්ලලා walking park එකක් හැදුවනම් හරි
ReplyDeleteඉස්සරහට එහෙම වුණොත් පුදුම වෙන්න දෙයකුත් නෑ
Deleteවැදහත් ලිපියක් සහෝ!
ReplyDeleteස්තුතියි බස්සි
Deleteපෙරදා මහරෑ මා කෙටූ එක යුදගනාවේ ගල් අතර සැගව ගියද..
ReplyDeleteදැං එ් කොටපු ටික මතක නෑ..
දෙතුන්පාරක්ම මාත් ඔතැනට ගිහිං තියනවා.. හැමදාම හාමුදුරු නමක් චෙෙත්‍ය ගොඩ නගන්න කියලා අාධාර එකතු කරනවා.. දැං අවු 15ක් විතර තිස්සේම.. එච්චරයි..
ජය වේවා!!!!
මේක තමා තිබුණ එකම කමෙන්ටුව ,වෙන නම් නෑ .හැම තැනම අධාර නම් එකතු කරනවා වැඩක් නම් වෙන පාටක් නෑ
Deleteහරිම අගනා ලිපියක්. අපිට යුදගනාව පිළිබඳ අවබෝධයක් ලබා දුන්නා වගේ ම ඒ ගැන අදාල අංශයන්ගේ ඇස් ඇරවීමකුත් මේ ලිපියෙන් වෙනවා..................
ReplyDeleteමේ ගැන හරියට හොයා බලනවා නම් මෙහෙම වෙන්නෙ නෑ,ස්තුතියි අදහසට
Deleteවටිනා ලිපියක්. අපේ උන්දැලට මේවා අගයක් නැහැ බන්. බලපන් මේ ලක්ෂපාන දිය ඇල්ලට වෙන්න යනදේ. සමහර රටවල්වල පැරණි නිවසක් පවා තමන්ට ඕන විදිහට කඩන්න, වෙනස් කරන්න බැහැ, බලධාරීන්ගෙන් අවසර ගන්න ඕන. අපේ කඩන්නේ බලධාරීන්. බලුධාරීන්.
ReplyDeletehttp://www.lankaenews.com/Sinhala/news.php?id=24682
අරූ එක තමා අපේ රටට වෙලා තියෙන්නෙ අපේ දෙවල් ගැන අගයක් නෑ ,වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව ...
Deleteහරිම වටිනා ලිපියක්.... ලංකා ඉතිහාසයක් කියන්නේ මම කැමතිම මාතෘකාවක්..
ReplyDeleteපින්තුර ටික නියමයි...
ස්තුතියි කොල්ලො ...
Deleteපින්තුර ගැන නම් ස්තූතිය මගේ සහෝදරියට හිමි වෙන්නෙ ...මේ මං ගත්ත පින්තුර නෙවෙයි