09 June, 2014

කවුද යකෝ මගේ සිංදුව කොපි කරේ .......

හාලෝ ............... හලෝ ....කොහෙන් ද මේ කතා කරන්නෙ ?
මං නම් කටින් උඹ ඇයි උඹ වෙන තැනකින් ද කතා කරන්නෙ ?
මේ දොඹයා කියන එකා ද ?
ඔව්...එකා තමයි ඇයි අවුල් ද  ?
ඈ ගස් මූසලයෝ තොට මාව අදුන ගන්න බැරිද ? 
තෝව අදුන ගන්න පෙන්න එපෑ ......
වල් මීමො මං මේ බට්ටා කතා කරන්නෙ ??තෝ මැරිල ද පෙන්න නැත්තෙ?
ආ ......මචං මං මේ උඹ ගැන මතක් කරා විතරයි ......
ආ ...එහෙම ද?සුමනා නැන්දා ගේ දුවත් එක්ක වෙන්න ඇති නේ ??
හරි..........හරි......ඇයි බන් හදිසියේ .....?උඹ කොමද මගේ නම්බර් එක හොයා ගත්තෙ ?
නම්බර් එක හොයා ගත්තෙ ද උඹේ උඩැක්කිය හම්බ වුණා අද ටවුමෙදි,උඹේ නම්බර් එක වැඩ නෑ කිව්වාම කිව්වෙ නැතෑ ,අපි දෙන්නා දැන් කපල් වෙලා ඉන්නෙ කියලා ...
ඉතිං උඹලා තව වෙන මොනව හරි කිව්වද ?
අපි මොනවා කියන්න ?මං කිව්වා අපි නම් හිතුවෙ දැන් පවුල් වෙලා දරු සුරතල් බලනවා ඇති  කියලා කිව්වා.....ඊට පස්සෙ පතිවත නැති වෙනවා වගේ උඹේ අලුත් නම්බර් එක දුන්නා .....
ආ...එක තමා දැන් තොපිට මාත් එක්ක බැණ බැණ හිටියේ ඔයා අර වල් හිපාටුවෝ එක්ක ආශ්‍රයට අයේ යන්න එපා කියලා
ඇ.....මොකක්ද යකෝ කිව්වෙ .....
එක හරි බන් ....උඹ කතා කරේ හදිසියක් ද .....
මියුසිකල් එකක් තියෙනවා අද රෑට උඹ එනව ද යන්න ??මං අනික් වුන්ටත් පණිවිඩේ කිව්වා .....
අපි නැතිව ඔවා විවෘත කරන්නෙ කවුද බන්..... මං හය වෙනකොට ඇටයලා ගේ ගෙදර ???

ඔන්න හවස අට විතර වෙනකොට අපි තිබහට බීම එකක් එහෙම බීලා ඇදුනා ඇතුලට .... ගිහින් විවෘත කටයුතු කරා බටයා ඇතුලේම කබරයා පාරක් දලා ......ඔන්න මහ සද්දෙට වැඩේ නැගලා යනවා ...සම හරක්  පොලොවේ දිග මනිනවා උඩ පනිනවා,වටේ දුවනවා,ඇබෙරෙනවා එකම විකාරයයි,එතන හිටපු ගොඩක් අය ඔය නටන තරු තෝරන තරගෙකට ආපු අය වගේ පෙනුනේ .....

ටික වෙලාවක් ඔහොම යනකොට ආරාධනා කරා නැගි එන කලා කාපාලු,කෙප්පමාණි,කෑරල සම්මාන ලාභි නැගි එන රැල්ලෙ අඩන ගායක හොටු කබරාස් ට ,ඉස්සරා ඉන්න කෙල්ලන්ට හිනා කට දා ගෙන පොර නැගලා ස්ටෙජ් එකට නැගලා අඩන්න ගත්තා හොටු කඳුළු පෙරාගෙන,බිම බදාගෙන,දිව එළියට දා ගෙන ,බලන් ඉන්න අපිට දුකයි මූ අඩන ඇඩිල්ලට,මොකක් වුණත් කොලු නාමයක් නේ ........යකෝ මෙහෙම අඩන්න පුළුවන් නම් සිංදු කියන එක නවත්වලා මළ ගෙවල් වල කුලියට අඩන්න තිබුණා මුන්ට .....

ඔන්න ඊළඟට කිව්ව විදියට හොටු කබරාස් ගේ අලුත්ම ඇඩිල්ල අඩන්න ගත්තා විතරයි මෙන්න අපේ බට්ටා හුලං ගැහිල්ල නතර කරා,නතර කරලා..........

අඩෝ...පල් හොරා .....මූකලන් බස්සා .......ඇට මීමා ....අද නම් මං උඹව තියන්නෙ නෑ ...මං උඹට එවනවා සුදු වැන් එකක් පටවාගෙන යන්න,උඹ අපේ ලොකු මාමා ගැන දන්නෙ නෑ ,කියලා මූ මර හඬ දෙනවා .....ඊළඟට කරේ කොහෙන්ද පොල්ලල් අරන් යනවා ස්ටෙජ් එක පැත්තට ......

මං පැනපු ගමන් බට්ටාව බදා ගත්තා ... බටයා කබරයා දාගෙනම පැන්නා උගේ ඇග උඩඩ,ඇටයා බිම දිගේ ඇවිත් බට්ටා ගේ කකුල් දෙක අල්ලා ගත්තා......

මොකක්ද යකෝ අවුල ....උඹ ඔය පොල්ල කෙලින් කරන් කොහෙද යන්නෙ ?
නෑ මචංලා බලපල්ලා මං අර අලුතෙන් සිංදුවක් කරා උඹලා දන්නවා නේ,

ඔව්.....ඉතිං මොකද වෙලා තියෙන්නෙ එක අහපු වුන්ට දැන් පාචනය හැදිල ද ?ලේ අතිසාරය ද?

නෑ ...හිපාටුවෝ ,අර ගස් මුසලයා මගේ සිංදුව කොපි කරලා උගේ වගේ කියනවා බොරු නම් අහලා බලපල්ලා පොඩ්ඩක් කිව්වා .......අපේ බට්ටාත් එසේ මෙසේ පොරක් නෙවෙයි ඌත් පහුගිය දවසක් සිංදු කැල්ලක් කරපු එකෙක්,එහෙම කරපු කුළුඳුල්ම එක වෙන එකෙක්ට අයිති වෙන්න දෙන්නෙ බෑනේ අපි පොඩ්ඩක් අහලා බැලුවා ....

ඇත්තනේ  බන් ...මේ උඹේ සිංදුව වගේ තමයි .....

එකනේ උඹලාට මං කිව්වෙ මේ වල් නාබ්බා කියන්නෙ මගේ සිංදුව උගේ වගේ,වරෙල්ලා යන්න මේක බෙරුමක් කර ගන්න කියලා අපි මැන්ස් ස්ටෙජ් එකෙන් බහින කොටම අල්ලා ගත්තා ......එතන එකම යුද්ධයයි ...

අඩෝ හොට්ටා උඹ මගේ සිංදුව කොපි කරා නේද ?අද මං උඹව මෙතනම සීනිගම යවනවා....හොට්ටා එකසිය ගානට බය වුණා ....සට සට ගලා වෙවුලන ගමන් මැන්ස් ඇහුවා

මල්....ලි ..ඔ..ඔ...යා ගේ සිං....සිං.....දුව මො....කක්...කක් ...ද මල්ලි ,මං තවම වෙන අයගේ සිංදු කියලා නෑ ........

උඹ බාබා දැන් උඹ කිව්වෙ අවසානේ කියලා බට්ටා පොරගේ ඇඩිල්ල අඩන්න ගත්තා පොලොව බදාගෙන ....පස් කටෙන් එකයි ....  

මං ගඟේ පනිනවා 
අම්මපා මුදේ පනිනවා 
නැත්නම් පනිනවා මයි ලිදේ 
උඹ නැතිනම් අම්මපා 
පනිනවමයි ලිදේ //
  
ඉතිං මල්ලි මගේ සිංදුව ඔක නෙවෙයි නේ,වෙන එකක් නේ කියපු හොට්ටා පොර ගේ ඇඩිල්ල අඩන්න ගත්තා ....පොලොව හොබ්බ උලා ගෙනම .....හොටු කඳුළු පෙරගෙන .......

උඹ නැත්නම් අම්මපා 
පනිනවා මහ මුහුදේ 
බැරි උනොතින් නගේ
අම්මපා පනිනවා මං ගඟේ
පනිනවා මං ලිදේ //  

මේ ඇඩිලි අහන  උන් කබරයා දාන්නෙ නැතුව බේරෙන්න කොමද කියන එකත් මාර ප්‍රශ්නයක්.....

ආ.....දොඹයා උඹම කියපන් මේ වල් හිපාටුවා මගේ සිංදුව කොපි කරලා නෙවෙයි ද මේ ?මං පොර මහ බැරෑරුම් ප්‍රශ්නෙක පැටලුණේ ...

හ්ම්ම්ම් හොට්ටො බොලාට කවුද සිංදුව ලියලා දුන්නෙ ?මං පොර දාර්ශනික පොරක් වගේ ඇහුවා ...

අන්න හරි දැන් කියපන් හොට්ටො බලන්න,උඹ මගේ සිංදුව අහලා එක කොපි කරපු කතාව ........බට්ටා පොල්ල වන වනා කිව්වා .....

පොඩ්ඩක් හිටපන් කෝ උඹ හොබ්බ දාන්නෙ නැතුව,හොට්ටො උඹ කතාව කියපන් ......ඇත්ත කිව්වෙ නැත්නම් වල් වෙවැල් ගුටි.....ඒ පාර හොට්ටා හැඟුම්බර උනා ....තනි ඇහෙන් කඳුළු පැන්නා ......

මල්ලිලා....මට හරි ආසාවක් තිබුණා ආසික්කිත චිත්‍රපටියේ සිංදුවට සිංහලෙන් සිංදුවක් කරන්න ඉතිං මං මෙලඩි එක අරන් ගිහින් කොපිකාචාර්‍යට කිව්වා වචන ටිකක් දලා දෙන්න කියලා ...ඊට පස්සේ ..

හෝව් ....හෝව් ...ඔය ඇති ,බට්ටා උඹ කියපන් දැන් උඹ කොහොමද සිංදුව හැදුවේ කියලා ......ඒ පාර බට්ටා ගේ මූණ ටිකක් ඇද වුනා ....

මචංලා උඹලා දන්නවානේ මට සිංදුවක් කරන්න මාර ඇම්මක් තිබුණා කියලා ඉතිං මං සිංදුවක් ලියා ගන්න කොපිකාචාර්‍යට ගාවට ගියා,මිනිහා තමයි මේ පද ටික දිලා කිව්වෙ මේකට අර අසික්කිත ෆිලුමේ සිංදුවේ මෙලඩිය දලා බලන්න කියලා,මමත් දලා බලනකොට මරුවට ගැලපුණා ,ඉතිං මමත් සිංදුව කරා ,ආ උඹ කියපන් මං වැරදිද ?මූ මූණ ඇඹුල් කරගෙන කිව්වා .......

දැන් වල් හිපාටුවෝ දෙන්නාගේ ඇඩිලි දෙකේ මෙලඩිය අසික්කිත ෆිලුමේ එකක්,වචන කොපිකාචාර්‍ය ලියලා තියෙන්නෙ,එකත් එකම කතාවක් වචනත් එකම වගේ .......කතාව අහන් හිටපු බටයා අයේ වතාවක් කබරයා පාරක් දැම්මා හොට්ටාගේ ඇග දිගට.....ඇටයට බැහැපූ සූර් අයේ ඇවිත් දඩාස් ගලා වැටුනා හතර ගාතේ දා ගෙන පෙරෙතයා පොලොවේ ගැහුවා වගේ  .....මං මොනවා කියන්න ද මෙතෙක් වෙලා නොතිබුණු සූර් ගතියක් එනවා වගේ දැනුනා මං එහෙම්ම බට්ටාගේ කරට හේත්තු වුණා .................... 

ප.ලි 
මෙහෙම කතාවක් ලියන්න සිතා නොතිබුණත් ලැබුණු මෙලක් නිසා අයේ  මෙහෙම ලියන්න සිතුණි.............................. 







34 comments:

  1. දැන් තියෙන සංගීත "සාහිත්‍ය" දිහා බලපුවාම මේ වගේ සිදුවීම ඕනිතරම් වෙනවා ඇති තමා. දෙයියනේ කියල ඉස්සෙල්ලාම කියාගන්නෙකා ගොඩ. අනික අනාථයි.

    ReplyDelete
    Replies
    1. මේ යක්‍රමෙට කවුරුත් ගොඩ නෑ,මට පෙන්නෙ .....ඉස්සෙල්ලා කිව්වත් පස්සෙ කිව්වත් .....හැබැයි ඉස්සර වෙන එකාට පොඩි වාසියක් නම් තියෙයි

      Delete
  2. Anonymous6/09/2014

    onna ohoma hotu kathavak liyagena hitapan ban. anunge ava copy karanne nethuva

    ReplyDelete
    Replies
    1. සුපුරුදු සුවඳයි ඔබ ලඟ දැනුනෙ කවුරුන් දෝ මේ ගීතිකා :D

      Delete
  3. කොහොමත් දැන් කාලේ තියෙන සින්දු බහුතරයක් ම ඇහුවාම කබරයා විතරක් නෙමෙයි වෙන වෙන ඒවත් පිටවෙනවා සහෝදරයෝ......................

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් අයේ කියන්න දෙයක් නෑ,අහනවා නෙවෙයි නේ බලෙන් අස්සවනවා නේ දැන්

      Delete
    2. බස් එකට නැග්ගම අපි ඩ්‍රයිවර්ට ඕනේ අජිත්ගේ අඩන ඒවා අහන්න ඕනේ.. ත්‍රීවිල් එකකට නැග්ගාම හිටගෙන තඩිබාන වාදන අහන්න ඕනේ.. කඩේකට ගියාම මුදලාලිට ඕනේ ඒවා.. බැංකුවට ගියාම මැනේජර්ට ඕනේ ඒවා... පාරේ යද්දි සුයිප් මල්ලිට ඕනේ ඒවා.... ඉතින් අපි මාර රසිකයෝ නෙමෙයි ද සහෝ..........

      Delete
    3. මාර කේස් එක ඒකත්. ඇත්තම තමා.

      Delete
    4. කූරුටු හරි මේ යන විදියට දෙන දේ ගන්න වෙලා තියෙන්නෙ

      Delete
  4. Anonymous6/09/2014

    දැං ස්ටේජ් එකේ අැවිල්ලා කතාකරල දගලල යනවා, කිව්වේ සින්දුලු.. අනේ සාසැනේ...
    ඔය සෝනං බලන්නෙනම නෑ බොල.. කාඑක්ක හරි අඩියක් ගහගෙන මිල්ටන්ගේ බූට් සින්දුවක් අහනවා අැර..

    ලියැවිල්ල කියවද්දී කෙන්ජිගේ ලයින් එකක් දැනුනා...

    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. දැන් මියුසිකල් බලන්නෙ බස් එකේ යන ගමන් නේ .....අපි සෙට් වුණාම කියන්නෙ කපු ගේ ගේ සිංදු ඈ,.....මිල්ටන් ඇලජික් ....
      කෙන්ජී මාමාට අපහාසයක් නොවේවා සිතමී ,.....

      Delete
    2. ඕ යේස්.අපිත් කපුගේගෙන්..ඊළඟට වික්ට රතනායකගෙන් .අන්තිමට ජෝතිපාලගෙන්,අලුත් සිංදු කියන්න බෑනෙ බං ඒව කියන්න DJ කෙනෙක් එපෑ.. ඒවට බොංගො ගහන්න බෑ :D

      Delete
    3. පත්තරේ හරි දැන් තියෙන සිංදු කියන්න ලෙසි නෑ තාලෙ හොයන්න වෙනම මහන්සියක් ගන්න වෙනවා

      Delete
  5. අම්මප මියුසිකල් ෂෝ වල නටන උන් නං ඔහොම්මමයි ඇ...පොලොවේ දිග, වර්ගඵලය මනින්න තියෙන දේවල් ඔක්කොම මනිනව.. :D දැං කාලෙ හොටු සින්දු ඇහෙනකොටනං නිකම්ම කබරයා පිටවෙනව..!!

    ReplyDelete
    Replies
    1. මුලින්ම පිලි ගන්නවා ඈ ...
      අපිත් ඔහොම මැනපු උන් තමයි ;).....දැන් සිංදු කියලා එකක් නෑ තියෙන්නෙ ඇඩිලි වැලපිලි නේ ,

      Delete
  6. දැන් කාලේ ගීත සාහිත්‍ය ගැන හොඳ විවරණයක්.....:D

    ReplyDelete
    Replies
    1. දැක්කෙ සැහෙන කාලයකින් ..... :D

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. සහෝ ලක්ෂ්මන් හේවාවිතාරණ කියනව සිංදුවක්... හරිද
    වැඩේ කියන්නෙ අතුලයත් කියනව ඔයිට සමානම සිංදුවක්... සිංදු දෙකඇහුවට පස්සෙ මං සිදු දෙක හොයාන රිලීසින් ඩේට් හෙව්වත් හොයාගන්න බැරිවුණා...
    ඒවත් අර ඩිලාන් කියන මල පෙරේතයද කොහෙද ලියල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඕක තමයි දැන් වෙලා තියෙන්නෙ ,සේරම සිංදු එක වගේ මොනවා කරන්න ද යන විදිය

      Delete
  9. ඇගට දැනෙන ලිපියක්. තවම බඞ රිදෙනවා හිනා වෙලා.
    අන්න ඒකට බස් අඡිත්ගේ සිංදු
    සුදු රෙදි යාර දෙක එලුවෙි ඇයි ඇදට...
    මගේ නංගිගේ කදුලු වලින් මුතු පට අමුනා

    ReplyDelete
    Replies
    1. අජිත් ගේ සිංදු හොදයි කියලා හිතෙනවා වෙලාවකට,එවා කතා වගේ තිබුණත්

      Delete
  10. සිංදු නම් ඔන්න දැන් තමයි සින්දු තියෙන්නේ , අපරාදේ ඒ කාලේ නාමල් උඩුගමට හූ කිව්වේ

    ReplyDelete
    Replies
    1. අර යටින්ම ලින්කුවක් දලා තියෙන්නෙ අද තියෙන නියම කතා සිංදුවක්

      Delete
  11. දැන් ගීත වල නම් ගොඩක්ම ඔය කේස් එක තියෙනවා නේද බං.

    සහෝට මතකද ඉරාජ් ලගෙයි BNS ලගෙයි 'සාවන්කා' එක. ඒකෙත් ඔය කේස් එකමයි උනේ.

    ReplyDelete
    Replies
    1. මං ඒ කේස් එක දන්නෙ නෑනේ ප්‍රියා BNS මට ඒ තරම්ම කැමැත්තක් නෑ සිංදු ඉදහිට අහනවා

      Delete
  12. දැන් තියෙන්නේ නටන්න පුළුවන් වෙන්න හදපු මියුසික් ටිකක් විතරනේ බං.. හැබැයි ඒක හැම එකටමත් අදාල නෑ හොදේ..

    ReplyDelete
    Replies
    1. ඉදහිට නිර්මානාත්මක සිංදු හැදෙනවා එත් එවට වෙන ඉරනම නම් හිතා ගන්න බෑ මේ ක්‍රමය තුල

      Delete
  13. අපේ කාලෙ මොන සින්දුද සහෝ දැන්නෙ සුපිරි සිංදු තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. Netuwa Nethuwa helape ayye....menna sindu .............

      http://www.youtube.com/watch?v=MMnFErYQpg0

      Delete
    2. @ හැලප
      ප්‍රශ්ණේ එ සිංදූ ඕන කාටද කියන එක ??

      Delete
    3. @kelum
      ශා ....නියම කතාවක් නේ අනේ මෙහෙම එවත් කරනවානේ කියලා හිතුනා

      Delete
    4. සහෝ ලංකාවේ සිංදු හැදෙන්නෙ මෙහෙමයි............

      https://www.youtube.com/watch?v=dZ0KUtrUtpg

      Delete
    5. ලින්කු ටිකට බොහොම ස්තුතියි ,ගැලපෙනම ටිකක්

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.