අද කියන්නෙ අපට දුරින් නෑදෑ වන ලොකු මාමා කෙනෙක් පිලිබදවය.පොර වැඩ කරේ ආණ්ඩුවේ කන්තෝරුවක සමාන්‍ය රැකියාවක්ය.අපිට පොඩි කාලේ මාමා නොයෙක් කතාන්දර කියා දෙයි.අම්මා නම් කියන්නෙ ඔය මනුස්සයා ලොකු බොරු කාරයෙක්''ලොකු මිනිස්සු බොන තැන් වල වාඩිවෙලා ඉදලා අහන් එන එවා තමා ඔය,මේ මනුස්සයා දන්නෙ නෑ තමන් කියන්නෙ කාටද?කියන්නෙ මොනව ද කියලා වත්'',අම්මා ඒ දවස් වල ඒ කතාව කිව්වේ ඇයි දැයි දැන් ගෙන හිටියේ නැත.
කොම වුණත් ලොකු මාමා දිසාපති තැන සිට වෙනත් ආණ්ඩුවේ නිලධාරින් දැන හැදින ගෙන සිටියා ය.දිසාපති ගේ වාහනයෙන් බැස ගමේ අයට පෙන්නට මාමා එන්නේ ගමේ අයට ද කින්ඩියට මෙනි .ඒ කතා එසේ සිදු වෙයි .
කොම හරි ලොකු මාමා කතා කරන්න ගියාම නොදන්න දෙයක් නැති ය.හේ සියල්ල දන්නා පුද්ගලයෙක් මෙන් හැසිරේ.කතා කරන්න ගියාම ලොකේ සිදුවන දෙවල්,දේශපාලන කතා එහෙම රස කර ඔහු අසා ඉන්න අයට කියන්න මහත් වෙහෙසක් දරයි.ඕවා අසන අම්මා කියන්නෙ ඔය යකා දන්න මගුලක් නෑ,ඔය කොහෙන් හරි ඇහිද ගත්ත දෙයක් අරගෙන ඇවිත් මේ නොදන්න මිනිස්සු ඉස්සරහා විරයා වෙන්න හදනවා,කවුරු හරි ලොකු මාමා කියන කතා වලින් ප්‍රශ්නයක් ඇහුවොත් ලොකු මාමා පුෂ්පය විකසිත කර ගැනිම සාමාන්‍යය දෙයකි.තාත්තා නම් කතාව එපා වී ගෙන එන විට මැදින් කුමක් හෝ ප්‍රශ්නයක් අසයි,එවිට ලොකු මාමාට හදිසි රාජකාරි වැඩ මතක් වෙයි.පොඩි උන් වන අපි ''අනේ ලොකූ මාමේ කතාව කියන්න කෝ'' කිව්වත් වැඩක් නැත.හෙට කතාව කියන බව කියා යයි,හැබැයි ඒ ඇවිත් කියන්නෙ වෙන කතා ය.
අපේ ලොකු මාමා කසාද නොබැද තනිකඩ ජිවිතයක් ගත කල පොරකි.පොරට ලස්සන කෙල්ලක්ව පෙන්න බැරිය,පොර කරන්නෙ ඒ කෙල්ලට කුමක් හෝ ජරා විහිළුවක් කිරිම ය.වරක් තමන් ගේ ඕපිසියේ කෙල්ලකට විහිළු කොට කිහිප දෙනෙකුගෙන් ගුටි කෑ පුවතක් අපිට ආරංචි වුණේ සැහෙන කාලයක් ඔහු අපේ ගෙදර නැවිත් ඉන්න හෙතුව සොයා බලන විට ය.පොර ගේ මේ අනුන් ගේ කුණු හෙවිමේ ජරා පුරුද්දට ලගදි නැවත ගුටි පුජාවක් ලැබුණු බව ආරංචි විය. මේ එ කතාවේ සාරංශය ය.
මා උක්තව කිවු ලෙස ලොකූ මාමා නොදන්න මගුලක් නැති ය.කොම හරි පොර වැඩ ඇරී අපේ නිවසට එන්න ලොකු කම පෙන්නවන්න බහින්නෙ 500m දුරින් ය.ඒ එන විට ගමේ ගෙදරක ලොකු කලබැගෑනියක් පොරට ඇසි තිබේ,කොම හරි ලොකු මාමා එතනට ඔලුව දමා බලන විට කතාව මෙසේය.ඒ ගෙදර සිටියේ බැදපු පවුලක් ය.ජොඩුවට අමතරව පොඩි අත දරුවෙක් සිටි.මනුස්සයා ට්‍රැක්ටර් රථ රියදුරෙකි.ගැහැනියට අනියම් සම්බන්ධයක් ඇති බවට ගමේ පොඩි කතාවක් තිබිණ.(එ කතා අපි නොදනි ) කොම හරි ගෙදර මනුස්සයා වෙන දා එන වෙලාවට කලින් ගෙදර එන විට ගෙදර ගෙදර වැසිකිළියේන් මනුස්සයෙක් එලියට ඇවිත් ය.නෝනා මහතාටත් ඒ පැත්තේ සිට ගෙදර පැත්තට යන ගමන් ය.කොම හරි ලොකු යුද්ධයක් වෙන්නලු යන්නෙ,අර අනියම් සම්බන්ධක් තියෙනවා කියපු මනුස්සයාලු වැසිකිළියේ හිටියේ.කස්ටිය මරා ගන්න හදනවාලු කැති පොලු අරන්.කොම හරි අර ගෑණු මනුස්සයා තමන් ගේ මනුස්සයාට කිව්වලු මේ මනුස්සයාට හදිස්සියක් වෙලා මේ වැසිකිලියට ගියා කියලා කොම හරි වැඩේ පොඩ්ඩක් ශේප් වෙලා අර මනුස්සයාව යැව්වාලු.වැඩේ බලන් හිටපු ලොකු මාමාට මේ වැඩේ ශුවර් නැතිලු ,මේ ඔක්කොම සිද්ධිය බලන් ඉදලා ලොකු මාමා කිව්වලු අපි එහෙනම් යමු බලන්න වැසිකිළිය ඔය මනුස්සයා කරපු වැඩේ අවශෙෂ ඇතිනේ කිව්වාලු.(කොමද පොර ගේ රහස් පරික්ෂණ දැනුම )කොම හරි කස්ටිය ගිහින් වැසිකිලිය බලලා.එකේ කිසිම ලකුණක් නැතිලු.ඔන්න ඒ පාර එතන ඉදලාම අර මනුස්සයා ,තමන් ගේ බිරිදට පහර දෙන්න පටන් අරන්.
ලොකු මාමා ඔක පොර වගේ අපේ ගෙදර ඇවිත් අපේ ගෙදර අයට කිව්වා,මේ''ගමේ එකෙක්කුට මොලයක් නෑනේ'' කියමිනි.අපේ අම්මා එත් බැන්නා අනුන්ගේ ප්‍රශ්න හොයන්න ගියේ ඇයි,තමන් ගේ පාඩුවේ ඉන්න කියලා,පොර එත් තමන් ගේ කෙරුවාව කියේව්වා.''එහෙම කොහොමද අපේ ගමේ මේ වගේ දෙවල් වෙන්න දෙන්න බෑ'' කොම හරි මේ ටික දවසකට කලින් කස්ටියක් පොරට හොදටම ගහලා.අපිට ආරංචි වුණෙ නම් අර වැසිකිළියේ හිටිය මනුස්සයා ගේ යාළුවෝ කියලා.
ලොකු මාමාව බලන්න අපි ඉස්පිරිතාලෙට ගියා.එත් පොරගේ පම්පොරි ය නම් ඇරිලා නෑ.පොර කියනවා මම දන්න ලොකු මිනිස්සු ඉන්නවා, මට ගහපු මිනිස්සු අහු වුණොත් එහෙම පොලොසියට කියලා හතර හන්දි කඩලා හිරේ තමා යවන්නෙ'' කියලා.අම්මා ලෙඩා කියලා අතහැරියේ නෑ ,''අනේ නිකන් ඉන්නවා තමුසේ හිතන් ඉන්නෙ මේ ලොකේ තමුසේ විතරද කෙරුමා තමන් ගේ පාඩුවේ හිටියා නම් කවුරුත් ගහන්නෙ නෑනේ ,තවත් ලජ්ජා නෑ'' කියලා .
ප.ලි
පොඩ්ඩක් මුණ ලැජ්ජාවෙන් රතු වුණාට මම නම් හිතන්නෙ මනුස්සයා අයේ ඔය අනිත් මිනිස්සුනේ කුණු හොයන වැඩේ කරයි කියලා.
කතාවේ සම්පුර්ණ අයිතිය සහෝදර වන මා සතුය.