10 February, 2014

මෙහෙම වෙන්නෙ ඇයි ??



බුද්ධ දර්ශනය පිලිබඳ අන්ද භක්තියෙන් ඉන්න අය මෙක  කියවන්නෙ නැති තරමට හොදයි.මෙක මම පිලි ගන්න ධර්මයට කරන නිගාවක් නෙවෙයි කියන මගේ පෞද්ගලික මතයේ එලබ ගෙන ලියනවා .
                                                               ඇත්තටම  බුදු රජාණන්වහන්සේ ධර්මය තුල මුලිකවම අපි අනුගමනය කරන්න ඕන මැදි පිලිවෙත කියලා පෙන්නලා දුන්නා.එත් දැන් රට පුරා පෙන්න තියෙන්නෙ බෞද්ධ කම හිගා කැමක් කියලා මට පෙන්නෙ.මං පොර රට පුරා යනකොට දැක්ක දෙයක් තමා මිනිස්සු මොකක් හරි කොල කැල්ලක් දික් කරලා හිඟා කනවා,ඒ එක්කම කවුරු හරි පොරක් ඇවිත් තව බුද්ධ රූපයක් තියෙන කොලයක් දික් කරලා රුපියල් 100 /250/500/1000 ක් වගේ ගනන් වලින් සල්ලි එකතු කරනවා.ඒ මිනිස්සු කතා කරන්නෙ හරියට ඒ සල්ලි දුන්නෙ නැති වුණොත් නිවන් යන්න ටිකට් එකක් දෙන්නෙ නෑ වගේ.අනේ අහිංසක මිනිස්සු දරුවට කන්න අරන් දෙන්න තියෙන රුපියල් 100 ය දෙනවා ,අත ගැහි ගැහි.
                                   මේ දවස් දෙකකට කලින් මම ගිය බස් එකකට ගොඩ උනා බුදු පිලිමයකට වහලක් සදන්න සල්ලි එකතු කරන්න ,වහලය සදහා යන වියදම ලක්ෂ 750( කොහෙද තියෙන්නෙ කියලා කියලා වැඩක් නෑ මතක තරමට ලොක්කා විවෘත කරපු එකක් )වහලයට මෙච්චර නම් පිලිමයට කොච්චර මුදලක් ගියා ද කියලා හිතා ගන්න,ඇයි මෙච්චර හැම තැනම පිලිම හදන්නෙ මේ තියෙන පිලිම මදිද අපිට වන්දනා මාන කරන්න,මම දැකලා තියෙන විදිහට හැම ගමකටම පාහේ පන්සල් හෝ යම් කිසි බෞද්ධ ආගමට අවශ්‍ය ස්ථානයක් තිබේ,එහෙනං මොකටද මේ හන්දියක්, හන්දියක් ගානේ පිලිම හදන්නෙ,ඇයි බුදු රජාණන්වහන්සේ කියන්නෙ,මේ ඔය හැම තැනම අටවලා තියෙන දේශපාලුවෝ වගේ පුද්ගලයෙක් ද ?,අනික ඔච්චර පිලිම ගොඩක් හැදුවා කියලා අපේ මිනිසුන් ගේ බෞද්ධ කම බෙරෙන්න ගනිද ?
                                                                                             රටේ භාගයක් එදා වෙල සවි කර ගන්නෙ බොහොම අමාරුවෙන් ඔය කබ්බා මොන පච වාර්තා හැදුවත් බලන්න ඕන ගෙදරක ගිහින්(දියවන්නා වේ වුණ් ගේ හරක් මඩු හැරෙන්න ) ඒ මිනිස්සු කන්නෙ බොන්නෙ කොම ද කියලා, බැලුවා නම් තෙරෙනවා .තව පැත්තකින් මිනිස්සු වකුගඩු රෝග නිසා නොමැරි මැරි මැරි ජිවත් වෙනවා අපේ හාමුදුරු ගොල්ල සිවුරු කරට අරන් කෑ ගහනවා අරක එපා ,මෙක එපා .ඒ අස්සෙ අපේන් ගන්න පඬුරෙන් කොහෙ හරි @#$#% එක්ක රවුම් ගහනවා.ගහන රවුමක් හොරෙන් ගහන්නෙ නෑ කොමද අපේ වැඩ කියලා කොහේ හරි කුණු ගොඩකට පොටෝ කැලි දෙක තුනකුත් දානවා.
                                         මෙච්චර සල්ලි වියදම් කරලා හදන පිලිම නිකන් සිමෙන්ති,ගල් ,විතරක් වෙයි.මිනිස්සු හිතේ ගින්දර තියාගෙන මේ දෙන සල්ලි වලින් ඇත්තටම අපේ හාමුදුරුවරුන් කරන්නෙම විකාර වැඩ,ඒ කරන සිගිති වැඩ අපේ රටේ T.V චැනල් වලිනුත් තලු මරලා පෙන්නන්වා,මේ දෙවල් දැක්කාම කලකිරෙන එක විතරයි වෙන්නෙ,හිතේ සතුටින් පන්සලකට ගියොත් අධාර පත්‍රයක් කඩන්න ඕන.එකත් බලෙන් ඇගේ ගහන්නෙ.මට නම් මිට වඩා හොඳයි ගෙදර ඉදන් බුද්ධ ධර්මය පිලි පදින එක .
                                                                              කෝටි,ප්‍රකෝටි ගනන් වියදම් කරලා මේ පිලිම හදනවට වඩා හොදයි කියලා හිතෙනවා වෙලාවකට දුප්පත් මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දෙන එක,අර වකුගඩු රොගින්ට බෙහෙත් ගන්න ක්‍රමයක් හදලා දෙන එක.ඇත්තටම් අපේ බෞද්ධ ධර්මය විනාශ කරන්නෙ වෙන කවුරුත් නෙවෙයි අපි අපිමයි.බණ කියන්න ,ධර්මය දන්නෙ නැත්නම් සිවුරු ටික ගලවලා තියලා ඔය දැන් කරන දේශපාලන වැඩම කරගෙන හිටියා නම් පවු අඩු වෙයි.

ප.ලි 
ලියන්න ගොඩක් දෙවල් තියෙනවා ,එත් මේ කතා කරා කියලා වැඩක් වෙයිද කියන දේ හිතේ තියෙනවා .පොඩ්ඩක් මැදි පිලිවෙතෙන් හිතන්න ,ඇත්තටම අපි බෞද්ධයන්ම ද කියලා ,නැත්නම් ධර්මයක් නැති වුන් ටිකක් ද කියලා  

41 comments:

  1. අඩේ මොකද මේ වෙන්නෙ දාන කමෙන්ටු වලට මොකද වෙන්නෙ අතුරුදං වෙන්නෙ කව්රු හරි ගිලිනවද මංද

    ReplyDelete
    Replies
    1. මං දාපු කමෙන්ට් 1ට මොකද උනේ හැබෑටම ආයෙ ලියපංකො ඉතිං...

      ආපෝ ඔයා ඔය මොනාද කියන්නෙ ඔම කලොත් අර අහිංසක කපුවො ටිකයි ගණිංනාන්සෙල ටිකයි කෝමද සල්ලි හොයන්නෙ
      මිනිස්සුන්ට ගෙවල් හදල දුන්නම උං එනවැයි පංසල් පංසල් ඇවිත් බාර හාර කරනකොට නෙව කීයක් හරි හම්බවෙන්නෙ ඈ...
      අනික මිනිස්සුන්ට ගෙවල් දොරවල් හදල දුන්න වගේද පිළිමයක් තියාගත්තම කී දාහක් හම්බ කරන්න පුල්වන්ද... මේ මේ බණ කතා කරන්න එපා...
      පව්ව්ව්ව්ව් අපේ අහිංසක ගණිංනාන්සෙලටික

      Delete
    2. ඔය කොටපු කමෙන්ට් දෙකම තියෙන්නේ...

      Delete
    3. මහේෂ් ඒ හම්බ කරන් කන විදිහ දැක්කාම කලකිරෙනවා ,ඒ තරම් පහත් වැඩක් ,ඔය පන්සල් වල අටවන් තියෙන දේවාල තවත් හම්බ කරන තැනක් ,ඔබෙ කතාව ඇත්ත ..

      Delete
  2. මචන් සහෝදර උඹේ ඊ මේල් එක එවපන්කො මට.මගෙ ඊ මේල් එක yakamamayaka@gmail.com.
    මම නම් ඕවට සත පහක් දෙන්නෙ නෑ.ගෙවල් වලට හිඟමනේ එන ගනයො (ගනින්නාන්සෙල ) හොරු බව දන්නවා.ඒ විතරක් නොවෙයි සමහර පුද පූජා ගැනත් මගෙ මනාපයක් නෑ.ඒව පිරිසිදු බුද්ධ ධර්මය නොවෙයි පසුකාලෙක හින්දු ආභාෂය නිසා අති වුන ඒව.මෝඩයන්ගෙ ශ්‍රද්ධාව ගසා කන බල්ලො.

    ReplyDelete
    Replies
    1. ඔන්න මෙල් දෙකක්ම දැම්මා .....

      පුදුම සල්ලි හිගෑ කැමක් තමා තියෙන්නෙ ,ඔව් ඔය දේවාල පොලොන්නරු රාජධානිය තිබුණ කාලයේ තමා පන්සල් තුලට මේ තරම් අවෙ කියලා අහලා තියෙනවා ,..මම සල්ලි දෙන්නෙත් නෑ ,එත් කිසිම හිතක් පපුවක් නැතිව දුප්පත් මනුස්සා ගෙන් සල්ලි ගන්නෙ කොමද කියන එකනේ ප්‍රශ්නෙ ,

      Delete
  3. නිවන් යයන්න කෝස් තියෙන රටේ මේ මොන ඉලාවක්ද බන් උඹ කතා කරන්නේ ...ඕනේ නම් වරෙන් පනස්දාහකට උඹව සෝවාන් කරවන්න .

    ReplyDelete
    Replies
    1. ගාන වැඩි නැත්ද? මම එනවා ඩිස්කවුන්ට් එකක් ඉල්ලලා දියන්කො.

      Delete
    2. @ ඉවාන්
      මමත් සොවාන් වෙලා ,බ්ලොග් එකෙන් සොවාන් පාඨමාලාවක් පටන් ගත්තා නම් හොඳයි වගේ ,

      @ ප්‍රියා
      මටත් ගාන තමා අවුල කමක් නෑ ,ණය වෙලා හරි සොවාන් වෙලා මාත් අපේ ගමේ සොවාන් කැලැස් එකක් දාගන්නවා .. :)

      Delete
  4. උඹටත් තියෙන කේස් මදිවට NGO කාරයා, ආගම ජාතියට විනකටින්නා කියලා අහ ගන්න ඕනද? මඟුල.

    සිරාවට සහෝ. ඔය ඉවානුත් කියලා තියෙනවා වගේ දැන් පන්සල් නෑ. තියෙන්නෙ ක්ලාසුයි කඩයි විතරයි.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ප්‍රියා එත් මේ එදා වෙල කන්න නැති මිනිස්සුන්ගෙන් හාමුදුරුවන් සල්ලි ගන්නෙ කොමද ?මට හිතා ගන්න බෑ ,එ අය ලග තියෙන ගුණ ,මේ ගිහියන්ට වඩා ,සල්ලි කාක්කෝ

      Delete
  5. මාත් ඔය වගේ වැඩ වලට නං නෑ.

    ReplyDelete
    Replies
    1. මොන වැඩ වලටද රාජ් අයියේ .....
      සල්ලි දෙන වැඩ වලට ද ???

      Delete
  6. සහෝ,

    අපේ උන් දැන් ආගම අදහසන, පිලිපදින එක නැතුව අනෙක් ඔක්කොම කරනවනෙ. ඕකෙන් වෙන්නෙ ආගම විනාස වෙලා යන එකම තමයි.

    ReplyDelete
    Replies
    1. එක තමා මාත් කියන්නෙ ,අපේ ධර්මය කියන්නෙ බිස්නස් එකක් නෙවෙයි,සිවුර කියන උනිෆොම් එක දාගෙන කරන ,එත් අපේ වැරැදෙන්ම එක එහෙම වෙලා ,

      Delete
  7. ඔබ හරි. පන්සලකට ගිහිල්ලා අපේ හිතේ තියන ශ්‍රද්ධාව කෙලෙසාගෙන, කෝපය සහ කනගාටුව කියන සිතුවිලි වලින් පීඩිතව ආපසු එනවාට වඩා තම නිවසේ නිහඬවම ආගම ඇදහීම හොඳයි. සල්ලි නොගරන ස්වාමීන් වහන්සේලා ඉන්න පන්සල් තිබෙනවා. එවැනි ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කිරීමත් සිතට සහනයක්. අපේ පන්සලේ මේ දිනවල අඩි 26 ක් දිග සැතපෙන පිළිමයක් පිහිටි ගලක නිර්මාණය කරනවා. වියදම ලක්ෂ 50 ඉක්මවනවා. නමුත් අපේ හාමුදුරුවොත් දායක සභාවත් තීරණය කරලා තියනවා හිඟමනේ නොයන්න. කැමති අයගේ ආධාරයෙන් කවදා හෝ පිළිමය හදනවා.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමා වටින්නෙ විචාරක ,අපේ තියෙන හිත තවත් කිලිටිකර ගන්න පන්සල් යන්න ඕන නෑනේ ,එත් අපි පුරුදු වෙලා තියෙන්නෙ පන්සල් යන්න ,ඒ සල්ලි දෙන්න නෙවෙයි ධර්මය ඉගෙන ගන්න ,දැන් හාමුදුරුවෝ ඉන්නෙ බණ පදයක් කියලා දෙන්න නෙවෙයි ,එන එක්කෙනා ගෙන් කියක් හරි ඉල්ල ගන්න ,පුදුම හිතෙනවා දැක්කාම .

      ඔබ කියන ජාතියේ පන්සලක් හොයා ගෙන නිවාඩු වෙලාවක වෙන කොහෙ හරි යන්නෙ නැතුව නැවතුනත් ජිවිතෙට වටිනවා ,ඇත්තටම ආස හිතෙනවා ,

      Delete
  8. මෙන්න ෆේස්බුකියෙ චාමි සෑම් දාපු කතාවක්
    ////මෙන්න මෙහෙමයි හාවුන්ගෙන් අං ලැබෙන්නේ.......

    අපෙ අම්මා එක්තරා අසපුවක හොඳ දායිකාවක්. ඉතින් අවුරුද්දකට පාරක් එතෙන්ට දානයක් දෙනවා. (ඒකත් පෙර කුසල් බලයෙන් ලැබෙන අවස්ථාවක්ලු. දානෙකට දිනයක් ගන්න බැරුව බර ගානක් එතන පෝලිමෙත් ඉන්නවලු)

    ඉතිං මෙදා අවුරුද්දේ දානේ ගැන කට්ටිය එකතුවෙලා සාකච්ඡාවක් හෙම දාලා. (මට ඕවා කියන්නෙ නෑ. මිත්‍යාදෘෂ්ටිකයා කියලා)
    අද උදේ අම්මා කතා කරලා කියනවා මට බාරදීලා තියෙන්නෙ අට පිරිකරලු. කට්ටිය තීරණේ කරගත්තු හැටියට රුපියල් තුන්දාහක විතර එකක් තිබ්බොත් ඇතිලු අවශ්‍යනම් තුන්දාහකින් කල හැකි අනෙකුත් පොදු වැඩවලින් කිහිපයක් පහත දක්වන අතර තුන්දාහක් වෙන්කරගත නොහැකි නිසා මා මේ කිසිවක් සාමාන්‍යයෙන් කරන්නේ නැත.
    1. පහුගිය ගංවතුරෙන් කැඩී දැනට හැදෙමින් පවතින අසරණ පවුලක ගෙදරකට සිමෙන්ති කොට්ට තුනක් අරන් දීම
    2. අර පාසැල් නොයන දරුවන්ට පොත්පත් වතුර බෝතල් බෑග් අරන් දීම
    3. අපේ වැඩිහිටි කස්ටියගේ ඊළඟ නිකිණී වන්දනා අරමුදලට යෙදවීම
    4. වැඩිහිටි වෛද්‍ය සායනය දවසට පොඩි දන්සැලක් දීම
    5. මේ වන විට අසාධ්‍ය තත්වයෙන් එක්තැන්ව සිටින දන්නා හඳුනන තිදෙනෙක් ඇති අතර ඒ අයට රුපියල් 1000 බැගින් දීම
    ඔය වගේ තව දහයක් පහලොවක් තිබිය හැකිය.....

    මගේ පිරිකර නොලැබුනා කියලා ඔය අසපුවට කිසිම අඩුවක් නොදැනෙන බව දනිමි. එනිසා මගේ ඉහත ලැයිස්තුවේ පිරිකර පූජ‍ාකිරීම දමන්නේ අවසානයටම බව අමුතුවෙන් කිව යුතු නැත.
    ඒ වුනාට මට කරන්න වෙන්නේ අන්තිමටම වැටෙන එකය.
    යකෝ මෙව්වා හැදිලා තියෙන විදිහ...!!////

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් ,
      මේවගේ දෙවල් ගැන පොස්ටු තියෙනවා නම් ලින්කු දාන්න ,,

      Delete
    2. Anonymous2/12/2014

      Raj ************************************************

      Delete
  9. ඔය රෙද්දවල් වලට ආධාර දෙන එව්වන්ට ගහන්න ඕන බන්.

    ReplyDelete
    Replies
    1. වෙලාවකට එහෙමත් හිතෙනවා කෙලවක් නැති මේ අධාර එකතු කරන විදිහ දැක්කාම ,

      Delete
  10. බුදු හාමුදුරුවෝ හිටියනම් විවන් දකින්න වෙන්නේ නෑ.. එල්ලිලා මැරෙණවා..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ,බුදු හාමුදුරුවෝ විකුනන් කන විදිහ දැක්කාම ,

      Delete
  11. තම තමන් කර ගන්න දෙයක් විතරයි බං ඉතුරු වෙන්නෙ අන්තිමට..

    ReplyDelete
    Replies
    1. එක හරි 100%ක්ම ,බුදු හාමුදුරුවෝත් කිව්වෙ ඔය ටිකමනෙ ,එත් මේ දැන් ඉන්න හාමුදුරු ගොල්ලන්ට එකත් අමතක වෙලා මම හිතන්නෙ

      Delete
  12. අනේ මන්දා මිනිස්සුන්ගෙ සර්දාව. හ්ම්ම්... හ්ම්ම්ම්..... තමයි සහෝදර

    ReplyDelete
    Replies
    1. මේ ශ්‍රද්ධාව බුදු හාමුදුරුවෝ පවා වැඩක් නෑ කියපු එකක් නේ ,මේ අය මේ කරන්නෙ

      Delete
  13. මමත් සෑම ඉන්න මතේම ඉන්න එකෙක්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ...මමත් පිලි ගන්නවා අන්තිමට තමන් කරපු දෙයක් විතරයි කියන එක ,එත් හාමුදුරුවෝ සල්ලි කාක්කෙක් උනාම බණ අහන්න වෙන්නෙ මුදලාලි කෙනෙක් ගේ බණ ...

      Delete
  14. තුට්ටු දෙක හරි පිනට දෙන එක පිං අතේ වැඩක්ම කරනවානං නෙ හොඳ පන්සල්වලට දුන්නට පිනක් සිද්ද නොවේ කියල හිතනවා නං තමන් කැමති ආකාරයට යොදවන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. එක තාමා මාත් අදහස් කරේ බලෙන් මිනිස්සුන් ගෙන් සල්ලි එකතු කරන එක පිනක් ද ?ඒ කරන දේ වලින් වැඩක් වෙයි ද ????ඔබෙ මතය එක්ක 100% එකගයි

      Delete
  15. හෙට උදේ වෙද්දී මේ පොස්ට් එකට විරුද්දව කුණුහරුපෙන් බුද්දාගම සුරකින අය බුකියේ යුධ ප්‍රකාශ කරලා තියෙයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. යුධ ප්‍රකාශ කරන වුන් කරයි ,මම කියන්නෙ මේ ටික විතරයි ,යුද්ධ කරලා එපා වෙයි නේ ,මෙකෙ මොකක් හරි බොරු දෙයක් තියේ නම් එකට පිලිතුරු දෙන්න කාට උනත් අයිතියක් තියෙනවා ..

      Delete
  16. මිනිස්සු හරියට පන්සිල් ආරක්ශා නොකලත් මේ වගේ දේවල් වලටනම් පැනලා උදවු කරනවා.. හිතන්නේ ඒ දේවල් කරන එක තමයි හරියට ආගම ඇදහීම කියලා.. ඒත් අමතකයි ගෙදරදි එක පාරක් හරි පහනක් පත්තු කරලා පන්සිල් ගන්න..

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත දිනේෂ් මිනිස්සුන් ගෙත් වරදක් මම දකින්නෙ නෑ ,මොකද මිනිස්සු ධර්මයට කැමති ,මම කියන්නෙ අහිංසක මිනිස්සුන්ගෙන් ධර්මයේ නාමයෙන් හුරන් කන්න එපා කියන එක විතරයි ,නැතුව වෙන එකක් නෑ ,

      අනික මේ සමහර මිනිස්සු බොරු කාඩ් ගහලා සල්ලි එකතු කරනවා පන්සල් හදන්න නෙවෙයි,මේ දෙවල් වලින් වෙන්නෙ අපේ ධර්මයට හානි වෙන එක විතරයි ,ක්‍රමයක් ඕන හැම දෙකම ,

      Delete
  17. පින් කැටේ එකතු වෙන පොඩි සල්ලි ටිකෙන් විදුලි බිල ගෙවන පන්සල් තියෙද්දී සමහරක් ඒවාට ඊට ඕනෑවට වඩා සැප සම්පත් තියනවා. ඇත්තටම කෙනෙක් සතර දිශාවේ වෙසෙන මහා සංඝයා වෙනුවෙන් කරන පින්කමක් තියනවා නම් ඒක කියලා නිම කරන්න බැරි තරම් පිනක්. ඒත් මෙතන වෙන්නේ සඟ සතු කරලා පුජා කරනවාට වඩා පුද්ගල ප්‍රතිරූපයක් වෙනුවෙන් පුජා කරන එක. එකයි වැරැද්ද

    ReplyDelete
    Replies
    1. යක්ෂයා පුද්ගල ප්‍රතිරූපය වෙනුවෙන් පුජා කරත් කමක් නෑ වෙලාවකට ,එත් අහිංසක මිනිස්සු මේ දෙන සල්ලි වලින් කෙලින පිස්සු ,ඒ මිනිසුන්ට උදව් කරා නම් වටිනව ,මම දැනට ඔය පන්සල් වලට වඩා අහිංසක මිනිස්සුන්ට උදව් කරනවා ,එකෙන් හිත හරි සතුටු වෙනවා ,මම කාටවත් කියන්නෙ මේ වැඩ හොද නෑ කියලා ,එත් මුල් තැන දෙන්න වටින දෙවල් තියෙනවා නේ ...

      Delete
  18. Anonymous2/12/2014

    සහෝ...........මම පන්සල් යන එක නවත්තලා ගොඩාක් කල්. මේ කුණුහරුප බලන් ඉන්න බැරිනිසා. පිං කරන්න ඕන තරම් විධි තියෙනවා අර රාජ් කියනවා වගේ. මට හැකි පමණින් ඕවා කරනවා පිං බලාගෙන නෙමේ යුතුකම් හැටියට. මේ පිංගුත්තර ආධාර පත්තර හිඟන්නෝ ආගමටත් නිගරුවක්.

    ReplyDelete
    Replies
    1. අරූමම නම් තවම පන්සල් යනවා ...එත් හැම ගොඩක් වෙලාවට හිත රිදවා ගෙන තමා එන්නෙ ,මම කරන්නෙත් දැන් හැකි පමණින් දෙයක් කරනවා ,කතාව තෙරුම් අරන් තියෙනවා ,මටත් මේ මෙලො ක්‍රමයක් නැති අධාර පත්‍ර හිගෑ කැම අල්ලනෙම නෑ .

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.