03 March, 2014

බොන්න බැරි උන අරක්කු





වෙලාව රාත්‍රි 7ට පමණය,සංගීත සංදර්ශනය පටන් ගන්න ඇත්තේ තව සුළු මොහොතකි බෝතලයක් ගෙන්න ගිය උන් තවම නැතිය.කොතන ගියත් මධුවිත පෙරට ගෙන යැමේ උසස් පුරුද්ද අපේ අය ලග ඉහලින්ම තිබිණ.යුද්ධය ඉවර නිසා රටේ මිනිස්සුන්ට මාර සැහැල්ලුවක් දැනි තිබේ .සැම තැනම උත්සවය ය .අපි තිත තැබුවේ නලලේ ය.ඒ කතා එසේ ය .

බ්‍රැන්ඩි බෝතලයක් ගන්න විදින්න වෙන්නෙ මාර දුකකි.රුපියල් 1200ක් පමණ එකතු කර ගන්නවා කියන්නෙ ඉබ්බන් ගෙන් තටු ගන්නවා වගේ ය.කොම හරි පස් දෙනෙක් එකතු වී බ්‍රැන්ඩියක් හරි අමාරුවෙන් ගෙනා ගත්තා ය.සැන්ඩි හා බයිට් වලට සල්ලි නැතිය.මේ වෙලාවට තමා ගල් බෝතලයක් ගැහුවා නම් ඉවරයි කියලා හිතෙන්නෙ,එත් බැරිය ගල් නාසය ලගට ගන්නා විටම කබරයා (වමනය) ශුවර් ය.අමාරුවෙන් ගත්ත බෝතලේ අරන් කනත්තට යැම සිරිත ය.මගතොටේ අදුනන උන් එමටය.මල් වඩම් මැදින් තියලා බෝතලෙට තට්ටුවක් දලා වැඩේ පටන් ගත්තා.අමුවෙන්ම ගසනවා ය .එක වටයක් හෙමිට ගියා.අවුලක් නෑ.ටිකක් දෙවනි වටේ යනකොට ටොච් එළියක් අපි සිටි සොහොන මුල ය.මුණට එළිය අල්ලා බැලිය.හිතුවේ නම් අද නම් කූරු ගනන් කිරිමක්,සෙට් වුණා කියලා ය.

හා ...මේ  මහත්තුරු ටික නේ ......

පොරගේ  නම මහතුන් ය.ගමේ එහේ මෙහේ යන ඉන්න තැනක් නැති ,කා සමග වුවත් කුළුපග වෙන,ඕන උදව්වක් කරදෙන පොරක් ය.කොම හරි මේ යකා අරක්කු මල පෙරෙත්යෙක් ය.උදේ පාන්දර සිටම කසිප්පු කටේ තියා ගත් ගමන් ය.පොර මගේ ලගින්ම වාඩි විය.එපා කියන්න කලින්ම පොරත් ලගම දෙකක් නමා ගත්තා ය.උදේ ඉදන් කසිප්පු ගසා ඉන්න පොරට බ්‍රැන්ඩි නිකන් කොක් ගසනවා වගේ වැනි ය.බොන එක පැත්තක,අපි මේ යකා නමන නැමිල්ල බලන් කට ඇරගෙන.

මේ මගුල හරි යන්නෙ නෑ ..බන් මේකා අද මේ ඉතුරු භාගේ සේරම ගහලා තමා නැගිටින්නෙ,අරන් පලයන් කවුරු හරි මේකාව පැත්තකට.කොම හරි මං පොර මහතුන්ට ලොකු බොරු ටිකක් කියලා පැත්තකට අරන් ගියා.අනික් වුන් ටික ඉක්මනින් ඉවර කරලා මට එකක් තියලා ඇවිත් ,ඉක්මනින් පලයන් ..මං පොර ඉක්මනින් ගොස් බලන විට අඩියේ යන්තම් පොඩ්ඩක් ඉතුරු වී තිබිණ.කරන්න දෙයක් නැත.

වෙන දා නම් ගිනි කූරක් බෝතලයට දමා එයි.අද කරන්න දෙයක් නැත.ලොකු මුත්‍රා බරක් තිබු මා වැඩ හමාර බැවින් ,ඉක්මනින් අනික් අය සිටින පැත්තට ගියා ය.යන විට මහතුන් බර කතා ය.

සුදු මහත්තයා කොහෙද ගියේ ....

අපි යනවා මහතුන් .දැන් අරක පටන් අරගෙන වගේ ....මහතුන් එන්නෙ නැත්ද ?...

තව ටිකකින් එනවා මහත්තයා..මේ ගුණේ එනකන් ඉන්නෙ මාත් .

කොමහරි ඇතුලට යනකන් මම සිතින් බැණ බැණ ගියා ය ..

                                   ..... පසු දවසේ .උදැසනම මට මහතුන් මුණ ගැසින .  ...

ඊයේ මහත්තුරු ටික අර බ්‍රැන්ඩි බාගේ බොන්න බැරුව ද සොහොන ගාව හංගලා අවේ ?මම යි,ගුණෙයි ඇද්දා එකත් ,අපි දෙන්නාට නම් ගානක් වත් නෑ ..මහත්තුරු තවම පොඩි නේ එකයි ඕය,දැන් අපේ වදින තැන් ගෙවිලා.ගුණෙත් ඇති වෙන්න දලා හිටියේ ...අපි දෙන්නා ගැහුවෙ මහත්තයා...සමාවෙන්න ඕන.

මට වත් නැති එවා මුන් දෙන්නාට මතු උනේ කොමද?කන්ත්තේ මැරිච්ච බේබද්දෙක් වත් හිටියා ද?මුට වැරදිලා වෙන්න ඇති කියලා හිතුවත් ,පස්සේ කන්ත්තෙන් එන්න කලින් කරපු වැඩේ මතක් වුණාම වැඩේ තෙරුණාය ,දැන් මහතුන්ට ඕවා කියා වැඩක් නැත..




ප.ලි 
 කලින් ලිවු පොලොසි ගිය කතාව 

ඉල්ලිමක් .
ඔබේ බ්ලෝගිය මගේ රොලේ නැත්නම් දන්වන්න. කමෙන්ටුවක් ලෙස හෝ ලින්කුව එක් කරන්න හැකි නම් .




41 comments:

  1. සිරා බං අරුන් හුජ්ජ බාගෙ ඇද්ද හැටි මැවිලා පේනවා.ඔය වගේ පොරවල් හැම ගමකම ඉන්නව මම දන්නා හැටියට.

    ReplyDelete
    Replies
    1. කොම හරි වැඩේ දිලා මුන් දෙන්නා .
      ඔය පොරවල් ගැන තියෙනවා පස්ට කතා ...හැමදාමත් මොකක් හරි කෙස් එකක් ...හැම ගමකම ඉන්නවා තමයි ඔය වගේ චරිත .

      Delete
  2. ගල් වලට අපහාස කිරීම හෙලා දකිනව..

    ReplyDelete
    Replies
    1. ගල් වලට අපහාස කරනවා නෙවෙයි බන් ගල් ගැහුවාම පස්ට අමාරුයි .අනික දැන් එන බඩු වැඩිය හොද නෑ ජරාව ..

      Delete
  3. හපොයි සූර් !! ඉතින් අපි බ්‍රැන්ඩි බිස්නස් එකක් පටන් ගමුකො. මාත් නිෂ්පාදනයෙන් දායක වෙන්නම්. :D

    ReplyDelete
    Replies
    1. ගන්න අපේ දේ…
      බොන්න අපේ දේ…

      Delete
    2. හ්ම්ම්. ඔය තියන්නෙ ප්‍රචාරණ වැකිත්.

      Delete
    3. @ චන්දන

      වැඩේ පටන් ගමු හැක් හැක් ..නැගලාම යයි වැඩේ..ගාණ තමා තිරණය කරන අමාරු ..

      Delete
    4. @ප්‍රියා
      එල එල ඔය තියෙන්නෙ අදහස් ..ඔය වගේ දෙනවා නම් මිනිස්සු ඔයිට වඩා දෙයක් වුණත් ගනි ..අපි අපේ දෙවල් අගයන්න ඕන, අනික මෙවා ඇගට අගුණ නැති වෙයි නේ ..හැක් හැක්

      Delete
  4. ශැක් උන් දෙන්නට සුවඳ ආ නෑ ගඳෙන් වත් අදුර ගන්න බැරි තරමට ගහලා වෙන්න ඇති හිටියෙ.

    මටනම් ඔය කශියා ගහන උන් ගාව එන ගන්දස්කාරෙ තමා ඉහිලුම් නැත්තෙ. :)

    ReplyDelete
    Replies
    1. ගහලා කියන්නෙ මහතුන් නම් හොදට ගහලා ,පැය 24ම ගහලා ඉන්නෙ .. කෂියා හොදට හැදුවාම එච්චර ගද නෑ ...සුපිරි නියම ක්‍රමෙට හදන්න ඕන එක

      Delete
  5. අපේ එකෙක් හුජ්ජ පුරවපු කුරුම්බයක් බිව්වෙ :))

    ReplyDelete
    Replies
    1. එකත් රසට තියෙන්න ඇති නේ. ..හොද සිහියෙන් බිව්වා කියන කොට .පොර දන්නවා නම් රස කොමද කියලා අහලා බලන්න තිබුණා .. :))

      Delete
  6. මොනවද ඉතිං ඉස්සර අපේ ජේ ආර් උන්නැහෙයි ඉන්දියාවේ මොරාජි දේසායි උන්නැහෙයි මාරුකරගෙන බිව්වා කියලත් කාඩ් එකක් තියනවා

    ReplyDelete
    Replies
    1. ඈ....මම ඒ කතාව දන්නෙ නැනේ ...ඒ මොකක්ද ඒ කතාව

      Delete
    2. ඉන්දියාවේ හිටපු ජනාධිපති කෙනෙක් වන මොරාජි දේශායි මහතා උදේ නැගිට්ට ගමන් තමන්ගේ පොම්පය වීදුරුවකට අල්ලලා එකක් පුරවාගෙන ගුඩුස් ගාලා ගහලා දානවා. ඒක ඉන්දියාවේ බොහොමයක් දෙනා කොරන හොඳ 'අවුසදීය පොතිකරුමයක්' ළු. ඔන්න ඉතින් දේශායි ලොක්ක මෙහෙ ආවා. ඒ කලේ මෙහෙ ලොක්කා ජේ.ආර් උන්නැහේ. දේශායි ජේ ආර් ටත් ඇඩ්වයිස් කොරාලු මේ පානයේ අගය ගැන. ඒ කාලේ ලංකාවේ ඉංගිරිසි පත්තරේක මෙන්න මෙහෙම කාටූන් එකක් ගියා. දේශායි සහ ජේ ආර් උදේම නැගිටලා වීදුරු දෙකකුත් අතේ තියාගෙන ඉන්නවා. ජේ ආර්ට තමන්ගේ රසය මතක ඇති. වීදුරු මාරුවෙලාද කොහෙද ජේ ආර් කියනවා, I say Deshayi I feel that there is a mixed up on the glasses. කියලා :D

      Delete
    3. හැක් .නියමයි ... :))

      Delete
  7. හැක හැක හැක ....කමක් නෑ ...බ්‍රැන්ඩි රස ටිකක්වත් එන්න ඇතිනේ

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ..බ්‍රැන්ඩි වලට වඩා රසයි නේ එවා ..ටිකක් එන්න ඇති ..පොරම තමා දන්නෙ මොන රස හ කියලා

      Delete
  8. දේශීය නිෂ්පාදනයක්.....සූර්ය සිංහ සලකුණ ඉල්ල ගනිල්ලා...

    ReplyDelete
    Replies
    1. හක් හක් ... අනිවා මේවා දේශිය බඩු ,සිංහ ලකුණ ගැහුවා කියන්නෙ කස්ටිය ගන්නෙ නෑ බන්,අපේ උන් කැමැති රට බඩු වලට

      Delete
  9. හුහ් හූ.... චූ පාර සසට තියෙන්න ඇති නේහ්......
    අංකලය ආයෙඉ ආවෙ නැද්ද ඉල්ලං.....

    ReplyDelete
    Replies
    1. රසට තියෙන්න ඇති ...අහලා බලන්න ඕන ,අයේ සෙට් වෙන තැනක් එහෙම දැක්කොත් ඉල්ලං එයි

      Delete
  10. මොරාජ් දේශායි බීපු එකේ මහතුවල බිව්වම මොකද බං .
    ඔය 1200 ට තියෙන්නෙ බිහයිව් ද හැනිපියර් ද ...?

    ReplyDelete
    Replies
    1. ඈ ...එහෙම එකකුත් වුණා ද ?දේශා කිව්වෙ මේ අපේ දේශකත් මේ වගේ එවා බිව්වා ද ?

      මම වැඩිය දන්නෙ නෑ අරක්කු ගැන විස්තර නම් ..ඒ වුණත් ඔය හැනිපියර් මං හිතන්නෙ ...අනික දැන් තියෙනවා ඕන ජාතියක් පස්ට අඩුවට මෙහේ බොතල් කරපු බඩු

      Delete
  11. හෙහ්, අපි ඉතින් මෙවුවට මුකුත් කියන්න යන්නේ න..

    ReplyDelete
    Replies
    1. මොකද දිනේෂ් ඒ ..කියන්න දෙයක් නත්තෙ ??

      Delete
  12. හිනා කාල මැරෙනව බන් :D

    ReplyDelete
    Replies
    1. හික් හික් ..එකත් ලොකු දෙයක් නේ ..

      Delete
  13. මට හිතුන දේ හරිද මන්ද නැත්තම් මං ටියුබ් ලයිට් ද? :O

    ReplyDelete
    Replies
    1. මටත් යමක් හිතුන. මේක හරිද කියල අහන්නයැ නේද.

      Delete
    2. @ බඩි

      හිතුන එවා හරි වෙන්න ඇති ,ටියුබ් ලයිට් නෑ ..හැක්

      Delete
    3. @ බස්සි

      අහන්න ඕන නෑ කියවලා කතාව තෙරුණා නම් එච්චරයි

      Delete
  14. කෝමත් එක ගද එක සුවද.. උස්සල ගැහුවත් එකක් ගහල ඉස්සුවත් එකයි හැක්

    ReplyDelete
    Replies
    1. එහෙමද ? හැක් හැක්

      Delete
  15. බෝතලේට චූ කරන්න පුලුවන් කෙරුමට වටේ නොහැලි අච්චර ලොකු කොමඩ් කටට චූ කරන්න බෑ කියලා ගෑනිගෙන් බැණුම් අහනවා කියන්නේ ඇත්තද බං? :D

    ReplyDelete
    Replies
    1. අඩේ අෆ්ෆා
      ලොකු කොමඩ් කටට චූ කරන්න බෑ කියලා ගෑනිගෙන් බැණුම් අහනවා කියන්නේ ඇත්තද බං? :D///

      මේවා වෙන්න තව අවුරු 7/8ක් වත් යයි ඕන් ... හැබැයි ඔකත් පුරශ්ණයක් නම් තමා හැක්

      Delete
  16. අපිත් හැමදාම නික්මෙන්න කලින් ගිනි කුරක් දානවා...අනිත් වැඩේ නම් කරන්නේ නැ එහෙම උනොත අපේ එකෙක්ම ඇදල අරිනවා සුවර්

    ReplyDelete
    Replies
    1. ගිනි කුරක් දැමිම හැම තැනම කරන්නත් බෑනේ ,අනික් වැඩෙත් අයේ නම් කරේ නෑ එක අර වගේ මිනිස්සු ඉන්න නිසා ,නිකං පවු වැඩක් වගේ නොහිතා වුණත්

      Delete
  17. Anonymous3/08/2014

    ඕකනම් හිතලා කරපු දෙයක් නෙමේනේ. හිතලා කරා එකෙක් මම ඔබරෝයි ඉන්න කාලේ. ඌ හරිම සතා.බැන්ක්වට් බාර් එකේ වැඩකරේ. එතැන ඔය උත්සව ඉවරවුනාම බොන්න විස්කි, බියර් ඉතිරිවෙනවා. මූ භාජන පවිත්‍ර කරන අංසේ කොල්ලෙකුට බියර් බෝතලේට හුජ්ජ කරලා දීලා. හොරෙන් බොන්න ඕන නිසා අර අහිංසකයා ...කටේ තියන් ගහලා. කටට දාගන්නකොට තේරිලා ..අපිට ඇවිත් කිව්වා. පාරෙදි අල්ලන් ගහලා වැඩක් නැති නිසා, අපේ බොස් කෙනෙකුට කියලා ..අර භාජන හෝදන පැත්තටම ඩිමෝට් කරා වෙන වැරද්දක් අල්ලලා. ඒ අංශේ වැඩ හරි කටුකයි...මහන්සියි. ඒකට ගිය දවසේ ඉඳලා අරුන් මුට දුන්නා පනිශ්මන්ට්, රස්සාව ඇත හැරලා යනකම්ම. ඌට කවුරුත් අනුකම්පා කලේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හිතලා නොකරාට හිතේ පොඩි අවුලක් වුණේ නෑ කිව්වොත් බොරුවක් ,මොනවා කිව්වත් මනුස්සයෙක් නේ .,හිතලා කරන වුන්ට නම් අනිකම්පා කරන්න හොද නෑ ජරා වැඩ වලත් ජරා වැඩ මෙවා ...

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.