21 March, 2014

සියවෙනි ගුවන් ගමන හා තවත් කතා .

කරුණාකර මගින් ආසන පටි තද කර ගන්න ...

මං පොර තද නින්දක ය,යන්තමට වගේ කවුද මුමුණන ශබ්දයක් ඇසින ...හම්මෙ දැන් අපේ රටේ  තියෙන බස් නේ කියලා හිතන් මං පොර තවත් නිදා ගත්ත.ටික වෙලාවකින් 

මං නින්දෙන්ම නැගිට දොර ලඟට යන්න හදන විටම 

හෝ ..හෝ කොහෙද යන්නෙ? තමුසේ අර ඇමැති පුතා ද ? කියලා එතන හිටපු පොරක් අහපි ..

අම්මා ගහයි බැට් එකෙන් කිව්වාලු ,කවදද මං දන්නෙ නැතුව අපේ  තාත්තා ඇමැතියෙක් වුණේ හැබැට,

මොන ඇමැති පුතා ද අයියේ ?? මං පොඩි එකා වගේ පහත් වෙලා ඇහුවා 

ඇයි?අර ක්‍රිකට් ගහන ,අර අපුල්ලන අමැති ගේ පුතා 

අනේ ඒ මං නෙවෙයි නේ අයියේ ,මට බහින්න ඕන 

තමුසේත් බීලා ද ඕයි ඉන්නෙ ??

ජිවිතෙට ඕවා දැකලාවත් නැති මට ඔහොම කියන කොට තවත් කොහොමද ඉවසන් ඉන්නෙ, මේ  මොන හොතම්බුවෙක් ද 

තමුසේ මට බහින්න මේ ටිකට් එකේ ඉතුරු සල්ලි දෙනව ද නැත් ද ? නැත් නම් තමුසේම තියා ගන්නවා මං බහිනවා කියලා මං යන්න හැදුවා ..

තමුසේ බීලා ද පොඩ්ඩක් වටපිට බලනවා මේ කොහේද ඉන්නෙ කියලා .

මං නින්ද මැද්දෙම වටපිට බැලිමි ...

අම්මා ජේන් කිව්වාලු ,හැබැට මේ වගේ බස් එකකට නෙවෙයි නේ මං නැග්ගේ .මගේ මොලේත් විකාරයි වගේ ,හරි ලක්සනයි ,බලුප් දලා

ඇත්තට මේ කොහේද අයියේ ??

කට වහන් වාඩි ගන්නවා ද?නැත්නම් වාඩි කරන්න ද මං ?ඇදලා ගත්තා පිස්තෝලයක්,මං පොර ඉතිං කොහොමත් චන්ඩියා නේ

හම්මේ හොදට හිටපු අයියාට තරහා ගියා නේ ,මං යනවා අයියේ,තරහ ගන්න එක ශරිර සෞඛ්‍යයට හොද නෑ කියපු මං පොර පුස් පැටියෙක් වගේ ගිහින් වාඩි වුණා .

මෙන්න  අපේ ලොකු මාමා කාරයාත් වාඩි වෙලා ,හැබෑට ලොකු මාමේ අපි මේ කොහෙද ඉන්නෙ ?? ලොකු මාමා මගේ මුණ දිහා බලලා ඇදවෙලා තිබුණ මුණ අනික් පැත්තට හරවා ගත්තා .මං පොරට වගේම අනික් අයටත් බෙහෙත් ලැබිලා වගේ,ලොකු මාමා නැත්නම් මෙහෙම ඉන්නෙ නෑ,මං පොර අයේ ලඟ හිටපු එකෙක් එක්කවත් කට හොල්ලන්න ගියේ නෑ .

ටික වෙලාවකින් අර පොර දොරක් ඇරියා ,ඇරලා ඔළුව එළියට දලා

ෂෝ..ෂෝ ..කියලා කෑ ගහනවා,අහසට වෙඩි තියනවා,නිකන් අර්සස් පොරකට  කක්කා බර ගහලා වගේ .

මං පොරටත් ඕන නැති කුණු ගොඩක් නෑනේ,මං හිතුවා එත් මේ පොර පාරේ උද්ඝෝෂණ කරන අයට වෙඩි තියනවා  කියලා.එත් ඉතිං අපේ රටේ කොහෙද එහෙම වෙන්නෙ .මං පොර ලංවෙලා බලන කොට ,ලෙල්ල වෙයි පුංචි අම්මා හාල්මල්ල ලොරියේ කිව්වලු .ඇයි යකෝ අපි ඉන්නෙ අහස උඩ නේ ,අපි හෙන කැළැවක් උඩින් යනවා ,මේ යකා කුරුල්ලො පන්නනවා ...එකට තමා මේ තටමන්නෙ ...

මල්ලි මෙන්න මේ මල් වෙඩි ටික යවපන් ,කියලා මගේ අතට දුන්නේ නැතෑ ලොකු මල්ලක් ...

මට මේ වෙන මොන මගුලක් වත් හිතා ගන්න බෑ අයියේ ...

උඹ මැරුම් කන්නෙ නැතුව ඔය ටික දාපන්,මේ මගුලේ වැදිලා කුරුල්ලො මැරෙන්න කලින් ,නැත්නම් මෙතනම ඉවර කරනවා හරිද ?මං පොර භයට සට සට ගලා මල් වෙඩි ගහනවා..අනේ අහිංතක කුරුල්ලො ගැන දුක හිතුණා.

ඔබ සම අත්තල මිලින්ද රාජ පස්ස ගුවන් ටොටුපොළට පිලිගනිමී කියලා මහ සද්දෙට ඇහෙනවා .බස් එක බ්‍රේක් ගහනවා ,පිට්ටනිය  මැද පොරක් හිටියා පොර යන්තම් දුවලා බේරුණා ,නැත්නම් එතනම වු සීනිගම යනවා.

හරි මල්ලි එහෙනම් බැහැ ගන්න ,කියනවා ඇහුනා විතරයි මං පොර බැග් එකත් අරන් පැන්නා බිමට.අනේ හොබ්බ ගිහින් ඇනුනා ගිහින් පොළොවේ.වටේටම කකුල් ටිකක් පෙනවා මං පොර භයටම අත්දෙක උස්ස ගත්තා උඩට ,නැගිටලා බලන කොට කස්ටිය මාව වට කරන් විඩියෝ කරනවා,පින්තුර අල්ලනවා ,එකම මගුලයි .... ඒ අතරේ
සුදු අක්කා කෙනෙක් ඇවිත් මොකක්ද පොල්ලක් දික් කරලා කට ලඟට...

ඔබට මොකක හිතෙන්නෙ මේ ගුවන් ගමන් ගැන?ඔබේ දේශාභිමානය අද ලොකයාම දැක්කා .ඇත්තටම මේ ටොටුපොළ අපිට හෙන ආඩම්බරයක් නේද ??? 

අක්කා මේ මගුලක් කතා කරනව ද මං මේ ගෙදර යන්න බස් එකට නැග්ග එකා,මේ මගුලට කොම අවාද දෙයියෝ තමා දන්නෙ,අනික කොමද අක්කා දන්නෙ මගේ දේශාභිමනය ගැන ?

ඇයි දැන් මල්ලි බැස්ස ගමන් බිම බදා ගත්තේ දේශාභිමානයට නෙවෙයි ද ? අපේ ලොක්කා කරන්නෙ එහෙමනේ?එහෙමයි දේශාභිමානය පෙන්නන්න,ඇයි මල්ලි දන්නෙ නැත්ද ?

හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු,අක්කා මගුලක් කතා කරනවා ද ,මං මේ ......කියන කොටම තඩි පොරක් එවිත් මාව අල්ලන් ගියා,සුදු ලක්සන අක්කිලා ටිකක් මල් මාල දානවා,මගේ හොදපු නැති මුණට උම්මා දෙනවා,එහෙන් මෙහෙන් අල්ලනවා එකම විකාරයයි.

මෙන්න මල්ලි සල්ලි කියලා තව පොරක් රුපියල් දෙදහහේ කොළයක් දික් කරා.මං ඔළුවට ලොකු ටොක්කක් ඇනගෙන බැළුවා මේ හිනයක් ද කියලත් ,එහෙමත් නෑ,නයි කයිද රොස් පාන් කිව්වාලු .

කොම හරි  සියලු සත්කාර මැද මං පොර යහතින් ගෙදරට ගියා ලොකු මාමා නෑ හොයා ගන්නවත්,යනකොටම ගෙදර අයයි ගමේ අයයි මල් වෙඩි තියනවා එකම මගුලයි එතනත් ...මං පොර හිතුවා මේ නම් මට පිස්සු හැදිලම තමයි කියලා.නැත්නම් අම්මා මුත්තාගේ කාලේවත් මේ වගේ විකාර වුණාද අපේ ගමේ.හම්මේ මගේ කරට මල් මාලයක් දැම්මා සුමනා නැන්දා දුවගෙන ඇවිත්,

දුවේ වැදපන් අයියාට කිව්වා ,අයේ මොකද මෙන්න කියන පමාවෙන් මල් හිනා විසි කරලා දඩාස් ගලා බිම පෙරලිලා වැන්දා,හම්මෙ උම්මා එකක් දෙන්න හිතුණා තදට ,කොහෙද වටෙට සූගාලා ගමේ උන් නේ . 

මං හිතුවා උන්දැගේ දුවත් එක්ක තිබුණ ආස්තරේ ගෙදරට මාට්ටු වෙලා තමා මාව අල්ලලා බන්දලා දෙන්න යනවා කියලා.මේ මං පොර ගේ අවසානේ තමයි,කසාද දෙකක් කොරන්න බැනේ අපේ රටේ,අනික හොරෙන් බැන්ද එකත් මාට්ටු වෙනවා අද නම් ...

එතකොටම අපේ අම්මත් දුවගෙන අවා,එක කනක් අල්ලන් මං පොර ඇස් දෙක පියා ගත්තා විතරයි ,අම්මා උම්මා දෙකක් දිලා එක්කරන් ගියා ගේ ඇතුලට.මට මේ නම් පිස්සුම තමා කියලා හිත හදා ගත්තා,කලබල අස්සෙ මොකෙක් හරි ගහපු එකක් ඔළු වටවැදිලා මං දන්නෙ නැතුවම ..

ගෙදර  ටැටලිවිසොන් එක දලා තිබුණා,අප්පට සිරි ,අච්චිට මල්,මට ජුවල්-උන්ට සිරි රජ සිරි කිව්වාලු උඩ ඉදන් කුරුල්ලෝ පන්නන්න දැම්ම මල් වෙඩි ටිකයි ,මං පොර අර බිම වැටිලා හොබ්බ ඇණ ගත්ත එකයි යනවා නයි.ටි.ඇන් එකේ,අපේ ගමේ එකෙක් කවදද රූප පෙට්ටියට ගියේ,ගියත් ඒ ලොක්කාට කතා කොරන්න විතරනේ .අනික මෙක හැම චැනල් එකකම නිතරම යනවා කියලා අක්කා කියපි.මට දැන් තමා සිද්ධිය මිටර් වුණේ,මේ සැලකිලි ඇයි කියලා මෙන්න ඒ නිවුස් එක 

"අත්තල මිලින්ද  රාජ පස්ස ගුවන් ටොටුපොළට අද දින සියවෙනි ගුවන් ගමන් සනිටුහන් කරයි ඊට අද දින විශාල මල් වෙඩි සංදර්ශනයක් සහා පිලිගැනිමේ උත්සවයක් සංවිධානය කර තිබිණ,ලොකයේ ඇති ගුවන් යනා මීට උඩින් ගියත් සල්ලි රටට ගලාගෙන එන ටොටු පොළක් වන මෙය අපේ රටට මහත් අභිමානයකි,රටට සල්ලි ගෙන එන උල්පතකි ,අද දින ගුවනින් විශාල මගින් සංඛ්‍යාවක් පැමිණ ඇත,ඔවුන් ගේ ඇති දේශාභිමානය මේ රූප පෙලේ දිස් වේ''

කියලා මං පොර බිම වැටිලා හොබ්බ ඇන ගත්ත එක දානවා,නොදකින් මට නම් දැන් වෙන්නෙ එක්කො වහ කන්න,නැත්නම් සාරියකින් බෙල්ලෙ වැල දා ගන්න තමා කියලා මං පොර හිතුවා ,මෙහෙම විලිලැජ්ජාවක්.එතකොටම අම්මා ඇවිත් හාල් සෙරුවක විතර බත් එකක් බෙදා ගෙන කවන්න හදනවා .හිතේ තිබුණ අවුල නිසාම මං පොර පොඩ්ඩක් එළියට බැස්සා,කන්න පිරියකුත් නෑ ..

මෙන්න තව මගුලක්,මගේ රූපෙ දාලා පොස්ටර් ගහලා හැම තැනම ,දේශාභිමානී සහෝදර වැඩිම මානපයෙන් ඊළඟ පළාත් සභාවේ මුල් පුටුවට කියලා.ලංවෙලා පොස්ටරේ යටින් තියන එක කියවන්න හදන කොටම,සෙට් එකක් ඇවිත් මාව කරේ තියන් සහෝදරට ජයවේවා!!! රටේ දේශාභිමානය රැක ගත් වීරයාට ජයවේවා!!! ,කියලා අරන් ගියා පාර දිගේ ,මල් මාලා දලා...

එවලේ මං පොර හිතා ගත්තා අයේ නම් බස් වලට නැගලා නිදා ගන්නෙ නෑ කියලා,කොහේ අරන් යයිද කවුද දන්නෙ ,ඊළඟ සැරේ ජිනීවා වලින් වත් මතු වුණොත් කාට කියන්නද ,එත් හිත හදා ගත්තා කේ.පි වගේ ගල් හොරු ලක්සනට උස්සන් අපු අයට මාව වැඩක් ද ?කෝ අපේ ලොකු මාමා,මනුස්සයා කොහේ ගියා ද?හොයා ගන්න ඕන ..






ප.ලි 
මෙම කතාව සම්පූර්ණ ගෙතු කතාවකි ,කතාවේ අයිතිය සහෝදර වන මා සතුය.

මගේ අවුරුදුකතාව බලපු නැති අයට








30 comments:

  1. හොඳ ට්‍රිප් එකක් ගිහිං වගේ පුතා... අර නැතිවෙච්චි ප්ලේන් එක ඔය පැත්තේ තිබ්බද බං?

    ReplyDelete
    Replies
    1. අඩෙ එක ලියන්න තමා ලොකු මාමාව අතුරුදන් කරේ ,දැන් ඕන නෑ ,හිතා ගනින් ලොකු මාමා එක ගැන හොයන් අවා,පොර රහස් පරික්ෂක නේ .,එක අත්තලලු තිබුණේ

      Delete
  2. හහ් හහ් හා....... පට්ට කතාව මචෝ. අර උඩින් යනකොට ආදායම එනව කියන සීන් එක මරු බං. යට මොකක් හරි පුදුම හිතෙන දෙයක් සෙට් කලානං හැම එකාම අත්තල උඩින් යයි නෙහ්!

    ReplyDelete
    Replies
    1. ඇත්ත සීන් එකක් මට ඇහුණා ඔක ගැන කියනවා ,මොකක්ද ගුවන් මාර්ගයක් තියෙන නිසා අත්තලට උඩින් යන හැම එකක්ම සල්ලි දෙනවාලු නේ ඒ ගමන රිමීක්ස් එක තමා මේ ,යටින් හයි කරන්න හැක් හැක්

      Delete
  3. //එතකොටම අම්මා ඇවිත් හාල් සෙරුවක විතර බත් එකක් බෙදා ගෙන කවන්න හදනවා//
    මේක මරු කෑල්ල බං අම්මට හෙන ආඩම්බර ඇතිනෙ,ඒකයි බත් ලොරියක් විතර ගිල්ලවන්න හදන්නෙ.ලොකු මාමා හම්බ උනේ නැද්ද බං

    ReplyDelete
    Replies
    1. අම්මාට විතරක් නෙවෙයි ගමේ ඔක්කොටම අඩම්භරයක් ,ඇයි සුමනා නැන්දා :))

      ලොකු මාමා රහස් පරික්ෂක නේ පොර නතර වෙලා ,එහෙ සැක කටයුතු දේවල් වගයක් දැකලා :))

      Delete
  4. බස් වල නැගලා නිදා ගන්නවට හොද වැඩේ බොට.. සාවුදේ උදරිතරි..........!

    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ..අපි හැමොම බස් වල යන්නෙ ගොඩක් වෙලාවට නිදාගෙන තමයි ..

      Delete
  5. හෙහ්..හෙහ්..හේ....හැම තැනම කවර් .....

    ReplyDelete
    Replies
    1. එහෙම ද කෙන්ජි මාමෙ ...තැන්කු

      Delete
  6. අඩෝ සිරා බං. තෝ කොහෙද බං මෙච්චරකල් හැංඟිලා හිටියෙ.? එළ මචෝ එළ. (y)

    ඔක්කොමත් හරි අපේ මරා මාමත් වැටුනමද දේචපේමී කියලා පේන්නෙ.? මාත් අදම බස් එකෙන් බැස්සත් හතර ගාතෙ වැටිලා පොළව ඉඹිනවා. ආපෝ හැබැයි බස් එකේ නිදා ගන්නෙ නම් නෑ. ;)

    ReplyDelete
    Replies
    1. ප්‍රියා ඇයි මං කොහෙ ද ගියේ ඈ ??

      බස් එකෙන් වැටුනත් පොලොව බදාගෙන වැටුණොත් ටි.වි එකේ බ්‍රේකින් නිවුස් තමා අපේ රටේ ,අපි බස් එකේ නිදාගෙන යන්නෙ නෑ කිව්වාට නිදාගෙන තමා යන්නෙ දැනුත් ;))

      Delete
  7. අපිටත් ආඩම්බරයි ආ/ දැන් අපිටත් ඉන්නවා දන්න කියන දේශාභිමානි පොරක්. මාරම සතුටුයි

    ReplyDelete
    Replies
    1. අනිවා ,දැන් අපිත් දේශාභිමානී ඈ .....හෙන අඩම්භරෙන් ඉන්නෙ ,

      Delete
  8. Anonymous3/22/2014

    ආඩම්බරයි පුතේ....
    මට ඕන උනේ උඔ කොහොම හරි ලොකු තැනකට යවන්න,
    උඔ නොදන්නවා උනාම උඹව අරකෙන් බිමට තල්ලුකලේ මම..
    මොනව උනත් අද උඔ ලොකු තැනක ඉන්නවා ඒක මට පට්ට සතුටක්,
    ඕක දිගටම රැකගනින් එහෙම උනොත් උඹට දියවන්නාවේ පීනන්න උනත් පුඵුවන් වෙයි..

    බුදු සරණයි ..
    මේ ලොකුමාමා

    ReplyDelete
    Replies
    1. හික් හික් ....දියවන්නාවෙ පැත්තෙ කොහෙද වැඩ තියෙන්නෙ මෙහෙනේ වැඩ තියෙන්නෙ ,ගිතා ඇන්ටි කිව්වෙ එහෙමයි එක නිසා එහෙ යන්නෙ නෑ

      Delete
  9. හැක් හැක්... පට්ට පට්ට කියල තමා කියන්න තියෙන්නෙ සහෝදර තුමා...
    මො දවස් වල යන අර මිසි ප්ලේං එක ගැන හොයන්න ලොකු මාම ගියාවත්ද...
    සැක් තව ටිකක් තියෙන්න තිබ්බෙ

    ReplyDelete
    Replies
    1. බලමු තව කොටසක් ලියන්නෙ ,මාමා කාරයාව අතුරුදහන් කරේ එක ලියන්න කියලා තමා

      Delete
  10. //ලොකයේ ඇති ගුවන් යනා මීට උඩින් ගියත් සල්ලි රටට ගලාගෙන එන ටොටු පොළක්// අන්න වැඩ :D

    ReplyDelete
    Replies
    1. නැතුව මෙකට කොමද සල්ලි එන්නෙ බස් එන්නෙ නෑනේ :))) එක කලින් දැකලා පෙර දක්නා නුවනින් ඔයw වැඩේ කරලා තියෙන්නෙ

      Delete
  11. ගුවන් යානයක් වෙනුවට ගුවන් තොටුපොළක් අතුරුදන් කරන ක්‍රමයක් දන්නවානම් වහාම කියනු. මට ඓතිහාසික රාජකාරියක් ජාතිය වෙනුවෙන් කරන්නට තිබේ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ වැඩකට නම් මෙහෙයුමක් හදන්න වෙනවා බලමු ලොකු මාමාත් එක්ක කතා කරලා පොර ගාව හොද අදහස් තියෙනවා ,

      Delete
  12. පට්ට පට පට...

    මාමට මොකෑ බන් උනේ... ඉඳලා වැඩක් තියෙයිය ඒ මනුස්සයට මක්කවත් උනා නම්..

    ReplyDelete
    Replies
    1. ලොකු මාමාට ඕන නැති තැන් වලට තට්ටු කරන්න යන පුරුද්ද අත් හැරිලා නෑ වගේ ,බලමු පොර හොයා ගන්න

      Delete
  13. හයියෝ සහෝදර! මේකනම් පට්ටයි ඈ....!! මන් හිතන්නෙ උඹ පඩිපෙල ගාවට යද්දි ලොකුමාම පස්සට පයින් එකක් දෙන්න ඇති දේශාභිමානෙන් පොළව බදාගන්න. හෙහෙහෙ.... මරු ඈ....

    ReplyDelete
    Replies
    1. බස්සියෝ ලොකු මාමා මට ගහන්නෙ නෑ ,මං පොර තමා මාමාව දලා දිව්වෙ බයට ..

      Delete
  14. එල ඕයි... නියමෙට වටේටම නෙලලා තියෙන්නේ .. කෝ හැබෑටම ලොකු මාමා ...අනික අර දොර ඇරලා ෂෝ ෂෝ ගානවෙලාවේ වීඩියෝ රෙකත් නයි ටී එන් එකෙන් පෙන්නුවද බන් ...

    ReplyDelete
    Replies
    1. හික්...තව කොටසක් ලියන්න හිතාගෙන තමා ලොකු මාමාව අතුරුදන් කරේ,ලියන්න හිතන් ඉන්නෙ අර අතුරුදන් වෙච්ච භාන්ඩෙත් අල්ලලා :)))

      Delete
  15. ගහනව කියල ඔහොමත් ගහනවද...අනිත් එක දැන් මේ චන්දෙ දවස් වල..

    ReplyDelete
    Replies
    1. සුදු වැන් ශුවර් හැ :)))

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.