19 March, 2014

ඒ දවස පිළිබඳ මතක බිඳක්..



සිංහල හින්දු  අලුත් අවුරුද්දට තව ඇත්තෙ මාසයකට අඩු කාලයකි.අපි කුඩා කාලයේදී නම් අලුත් අවුරුදු කියන්නෙ පුදුම විනෝදජනක සිද්ධියකි.එ දවස ගමේ සියලු ගෙවල් පාහේ සුද්ධ පවිත්‍ර කරයි.අපේ නිවෙස් වල නම් අලුතින් ගොම ගා පිරියම් කරයි.නිවසේ සියලු බඩු භාණ්ඩ නිව්සේ අගුවේ ගොඩ ගසයි.ඊට පසු ගොම සහ මැටි කලවම් කොට සදා ගත් බොල නිවසේ තැනින් තැන තබයි,පසුව වතුර භාජනයක් ගෙන ලොකු බෝලය දිය කර ගනිමින් ගොම මැටි පිරියම් කරයි.කුඩා ළමුන් වු අපට ගොම පිරියම් කරන විට නිවසේ ඇවිද යැම තහනම් ය.ගොම අඩු වුවහොත් මැටි බිම වෙලිමේදි ඉරිතැලි කැබැලි ගැල වී යයි.අලුතින් ගොම පිරියම් කල පසු නිවස තුලින් දැන්නෙනෙ සිත සනහන සිසිලසකි.

ඒ දවස අපේ නිවස මැටි වුවද බිත්ති වලට සුදු හුණු පිරියම් කොට තිබිණ.හුණු ගන්න විශාල මුදලක් වැය වෙන නිසා හුණු පිරියම් කරේ අවුරුදු තුන,හතරකට වරක්‍ ය.හුණු නොගෑ නමුදු නිවස වර්ෂා කාලයට වරින් වර ගිලා බැසිම නිසා බිත්ති පුපුරා තිබිණ,එවාට සිමෙන්ති වලින් බදාම පැලැස්තර දැමිම සිදු කෙරිණ.තවද වහලයට පිටින් කණු ගසා සවිය වැඩි කරයි.අවුරුදු කාලයට අපේ කාමර තුනෙ නිවස රජ මාලිගයක වෙස් ගනි.අම්මා අලුතින් සාරි රෙදි කපා ජනෙල් හා දොරවල් වලට සවි කරයි.එවා සුළගට සෙල වෙනවා බලන් ඉන්න ප්‍රිය දසුන් ය.

ගමේ තරමක තරුණයින් උණ ගස් කපා ගෙනවිත් උණ වෙඩි සාදයි.ඉන් පසු අල්ලපු ගමේ කොල්ලන්ට ඇසෙන්නට ශබ්ද කරයි.එහෙන් එකක් තියන හඩට අපේ ඇයෝ ද කටින් පිබිමින් උණ වෙඩි පත්තු කරයි.කුඩා අපිට දෙන්නෙ බිරංග පත්තු කරන්නය.ඒ දවස හෙන් වල සත්තු එලවිමට ද භාවිතා කෙරිණ.රැට කුරුම්බා මල් වෙඩි බැලිමට ගමේ කොල්ලන් එක්කාසු වෙයි.එවා බලන් ඉන්න ලස්සන ය.ගුණයා හා මහතුන් වැනි උන් කලින්ම බැරල් ගනන් පෙරා ගත් කසිප්පු බී මත් වූ ගමන් ය.ඔවුන් සියලු දෙනා කොතරම් බීමත්ව සිටියත්,සුදු පුතා කොහෙද යන්නෙ කියා අසා වඩාගෙන ගම පුරා රැගෙන යයි.ඔවුන් ලගින් එන කසිප්පු ගඳ තවම හොදට මතකය.අවුරුදු ලංවත්ම ගමේ හොර අරක්කු,සුදු පොලවල් ඕනෑ තරම් ය.දිනක් ඕවැනි හොර අරක්කු දෙන තැනකින් මහතුන්ට ගල් අරක්කු කියා කොකාකොලා පුරවපු බෝතලයක් දී ගමේ ලොකු රණ්ඩුවක් පවා ඇති විණ.

අවුරුදු කාලයට මං පොර නම් වැඩියෙන්ම ආසා කරේ අලුත් ඇදුමක් ලැබෙන නිසා වෙනි.අම්මා සහා තාත්තා අවුරුද්දට නිවසට බඩු ගෙන්න එන අතරතුර අපට අලුත් ඇදුමක් ද ගෙන එයි.බොහෝ විට කොට කලිසමක් හා ටි ෂර්ටයක් වන අතර ඇතැම් විට එය ඒ අවුරුද්දට ලැබේණ එකම ඇදුම ද වෙයි.ඒ ඇදුම ඇදන් අවුරුදු කාලයට නෑදෑ නිවෙස් වලට යයි.

තවද මං පොර ආසා කල අංගයක් වන්නෙ අවුරුදු කාලයට සාදන කෑම කන්නය.අදට ද කොණ්ඩ කැවුම් වලට මං පොර දක්වන්නෙ අසිමිත පෙරේත කමකි.තව ද කොලිකුට්ටු කෙසේල් වලටද පෙරේත කමක් දක්වයි.අපේ නිවසේ ද අවුරුදු කාලයට කැවිලි ,පෙවෙලි විශාල ප්‍රමාණයක් සාදයි.අම්මා කැවුම් සැදිමට අනන මිශ්‍රණය කන්න දෙන්නෙ නැත.ඉන් ටිකක් රස බලන තුරු මට නින්ද යන්නෙ ද නැත.කැවුම් සැදු පසු කැම එතරම් රස නැති ය.තවද කළු දොදොල් ද ඉතා රසවත් ය.අවුරුදු දිනවල දි දවල් කෑමට නෑදෑ නිවෙස් වල මෙන්ම අපේ නිවසේ ද දිනක් වෙන් වේ.ඒ දින වලට කඩේන් ගෙනා අල,පරිප්පු සහා සාඩින් ආදිය පිළියෙළ වේ.එවැනි කැම වෙලක් ලැබිම එදවස ලොකු දෙයක් ය.

ගමේ අවුරුදු හමාර කරන්නෙ මැයි මස මුල වාගේ ය.ඒ හොර අරක්කු,සුදූ පොළවල් වලට පොලිසියෙන් පැන්නාම හෝ බීමතින් රණ්ඩු වී කවුරු හෝ එකෙකු ඉස්පිරිතාලේට ගියාම ය.සුදු පොළවල් වලට බොහෝ ප්‍රදේශ වලින් පිරිස් එයි,ඒ එන පිරිස් හා අපේ ගමේ අය අතර ද රණ්ඩු ඇති වනු සුලභ කරුණකි.එවැනි දෑ එක දිගට සිදු විම නිසා අවුරුදු සිරිය හමාර වේ.

දැන්ට නම් අලුත් අවුරුදු එනවා කියා එතරම්ම නිදහසක්,සතුටක්  සිතට දැනෙන්නෙ නැත.කඩෙන් ගෙනා කේක් හා වෙනත් කැවිලි කා නැකතට වැඩ කරයි.පසුව නිවසේ සිටිය හොත් රූපවාහිනියේන් අවුරුදු උත්සවයක් නරඹයි.ඇත්තටම නිවසේ සියළු දෙනා ඉන්න හැකි වන්නෙ මෙවැනි දවසකට කියා සිතුවද එය ද එසේ නොවේ.මං පොර නම් එසේ වෙනවා කියා දුක් වන්නෙ නැති ය.මන්ද එදා මෙන් නොව අද දවස කරන්න වැඩ බොහෝ ය.


ප.ලි

කතාව එක දිගට ගලා යන්නෙ නැති ය,තැනින් තැන සිංහල අවුරුද්ද ගැන මං පොරට මතක සිද්ධි පිලිබඳ  තැබු සටහනකි.

කමෙන්ටු ලෙස ලින්කු එක් කිරිමට මේ ක්‍රමය භාවිතා කරන්න

<a href="LINK HERE"> WORDS HERE</a>



50 comments:

  1. පරණ දවස් ගැන කියන්න නං සිද්ධි අම්බාවෙට... ඒත් කියන්න ගියොත් කමෙන්ට් එක පෝස්ටුවක් වෙයි... සහෝදර මටත් මතකය අලුත් කලා.... මං හිතන්නෙ මටත් පෝස්ටුවක් ලියන්න පුලුවං වෙයි... බලමු...
    අවුරුද්දෙ මං නං කැමති වුනේ වදින්න යන්න... ඒ දවස් වල දන්න නොදන්න හැම එකාටම වදිනව... ඇයි අඩේ සල්ලි හම්බෙනවනෙ...

    ReplyDelete
    Replies
    1. පරණ මතකය පොඩ්ඩක් හරි මතක් කරන්න පුළුවන් උනා නම් සතුටුයි.
      හැක් ....අවුරුදට නැදැයින්ට වැන්දාම තැගි ,සල්ලි එහෙම ලැබෙනවා තමා මටත් තැගි එහෙම ලැබිලා තියෙනවා ..ලියමු බලන්න අලුත් පොස්ටුවක් .

      Delete
    2. අනිවා හැබැයි දින කීපයක් යයි

      Delete
    3. හරි හරි තව කල් තියෙනවා නේ ..ලියමු බලන්න

      Delete
  2. අවුරුදු... මොන ඉතිං හැමදාම අපිට ඒමනේ..

    ReplyDelete
    Replies
    1. එහෙමද දේශක ...ආශ්චර්යය කියන්නෙ ඕකට වෙන්න ඇති .. ;))))

      Delete
    2. කෝක් තියනකන් දේශට හැමදාම අවුරුදු :D

      Delete
    3. වැඩේ තියෙන්නෙ දේශක කෝක් බිව්වාම කරන වැඩ නේ :))

      Delete
  3. දැන් නම් අනිත් හැම උත්සවයක් වගේම අලුත් අව්රුද්ද මාධ්‍ය සහ අනෙක් ව්‍යාපාරිකයන්ගේ දෙයක් විතරක් බවට පත් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත විරේ එහෙම වෙලා ,අනික අපිටත් ඕවා කරන්න දැන් වෙලාවක් නෑනේ ,ඉතිං ඔය විදිහට හරි පොඩි දරුවෙකුට බලා ගන්න කරන එක හොදයි මං නම් හිතන්නෙ

      Delete
  4. සිංහල අවුරුද්ද ගැන මේ විදියේ රචනාවක් අපි ලියයි කියලා අපේ සිංහල ගුරුවරු කොයි තරම් නම් බලා හිටියද? උඹ නම් පරක්කු වෙලා හරි වැඩේ දීලා. :D

    ReplyDelete
    Replies
    1. කින්ඩියක් ද මන්දා .. :)) මෙක රචනාවක් වගේ ද ?ලකුණු කියක් විතර දෙන්න පුලුවන් වෙයි ද ??
      කොම වුණත් මේ පොඩ්ඩක් මතක් වුණ එකක් ලිව්වෙ.

      Delete
    2. කිණ්ඩියක් නෙවෙයි. ඉස්කෝලේ යනකාලේ මෙහෙම එකක් ලිව්වා නම් මම හිතන්නේ ගුරුවරයගේ මූඩ් එක මත 95-100 ගන්න පුලුවන්. දැන් වුනත් අවුරුද්ද ගැන සුන්දර මතක සටහනක්.

      Delete
    3. හම්මෙ අහන්නත් සතුටුයි ,
      මගේ බොගේ සිංහල ලිවිල්ලෙ ගෞරවය හිමි වෙන්න ඕන දේශක තුමාට ය ....

      Delete
  5. අඩෙ අෆ්ෆා ඔය අවුරුද්ද කියන එක තාමත් සමරනවද සහෝ? ;)

    ඉස්සර නම් මතක් කලත් බඩයි හිතයි දෙකම පිරෙනවා.

    ReplyDelete
    Replies
    1. සමරනවා ,ඉඩ ලද හැම වෙලාවකම ... හැක් හැක්

      ප්‍රියා ...දැන් අපි සුඛිත මුදිත වෙලා නේ ඉන්නෙ හැම වෙලාවෙම බඩයි හිතයි පිරිලා වෙන්න ඇති නේ

      Delete
  6. දැන් අවුරුද්දත් වැලන්ටයින් වගේ නිකම්ම විකිනෙනවා විතරද මන්දා :(

    ReplyDelete
    Replies
    1. එහෙම එකකුත් වෙලා තමා

      Delete
  7. දැන් නම් අවුරුදු එනවා යනවා දන්නේ නෑ.
    එදාටත් මටනම් සාමාන්‍ය විදියට වැඩට යන දවස්, ගොඩක් වෙලාවට.
    ඉස්සරනම් දවස් 365 ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක්. දැන්නම් 2014 මාස තුනකුත් ඉවර වෙන්න ලගයි. කාලය දැන් හරි වේගෙන් යනවා.
    හොද පොස්ටුවක්, පරණ මතක අවදි කලා.

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ මට විතරක් එහෙම දැනෙනවා කියලා හැක් ...

      දැන් තියෙන වැඩ නිසා කාලේ යනවා තෙරෙන්නෙ නෑ ,අවුරුදුත් ඔහොමම ගෙවිල යයි
      මතකය පොඩ්ඩක් හරි අලුත් වුණා නම් සතුටුයි

      Delete
  8. Anonymous3/20/2014

    ඇයි සහෝ වලකජු ගහන එක, කැට ගහන එක, චක්ගුඩු පනින එක, අඹ ගහේ කොළ අල්ලන්න උන්චිලි පදිනඑක..
    මෙව්වා මතක්වෙද්දී ඇඩෙනවා වගේ..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව්නේ ..
      අඩන්න දෙයක් නෑ විදානේ ..අපි ටැටිවිසොන් එකේ බලමු නිවාඩුවක් තිබුණොත් :)))

      Delete
  9. අනේ දැන් උණ වෙඩිල්ලක් කලාතුරකින්වත් ඇහෙන්නේ නැති තරම්. දැන් උණ වෙඩිල්ලක් පත්තු කලොත් අසල්වාසීන් 119 අමතනවා සිකුරුයි. බීරංගය අපෙන් වෙන්වුනේ 71 කැරැල්ලෙන් පස්සේ වෙඩි බෙහෙත් විකිණීම තහනම් වුන නිසයි. බීරංගෙට දාන වෙඩි බෙහෙත් (ගෙන්දගම් සහ පොටෑෂ්) අඹරන්න ගිහින් ගිනි අරගෙන නූලෙන් බේරුණු අවස්ථාවක් මට මතකයි. දැන් බීරංග ගහන්න ගියොත් අනවසර ගිනි අවි කියලා පොලීසියෙන් අල්ලාගෙන යයිද මන්දා.

    උණ වෙඩිල්ලකයි බීරන්ගේකයි පින්තූරයවත් හොයාගන්න නැහැ.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා ..
      දැන් උණ වෙඩියක් හදාගන්න දන්න කෙනෙක් අඩුයි,ඕවා ගේ සද්දෙට 119 නැති උනත් අහල පහල අය ගේ ගුණ වර්ණනාව නම් වැඩි වෙයි උණ වෙඩියට වඩා ..
      බිරංගයට අපි නම් කරේ ඊයම් කොළවල වෙඩි බෙහෙත් දලා ගහපු එක,අපේ ගෙදර තිබුණා එකක් වෙලාවක ඕන නම් පින්තුර කැල්ලක් එවන්නම් ඕන නම් .

      Delete
    2. මෙතනට දාන්න බීරංග පින්තූරේ. හුඟ දෙනෙක් ඇති දැකලා නැති අය.

      Delete
    3. හ්ම්ම් බලමු ,එකට දවස් දෙකක් විතර යයි සමහර වෙලාවට

      Delete
  10. අපට පුරුදු සිංහල අවුරුද්දට ආයෙමත් ගියා වගේ මේ පොස්ටුවෙන්. අවුරුද්ද ගැනම නොවුනත් උණ වෙඩි සම්බන්ද මගේ මතකයක් මෙන්න මෙන්න

    ReplyDelete
    Replies
    1. සතුටුයි පරණ මතකය අලුත් වුනා නම් ,

      අවුරුද්ද ගැනම නොවුනත්///
      හික් වෙන මොනවද තෙරුණේ .. :))))

      Delete
  11. අපිට නම් හැමදාම අවුරුදු.. ඒ කියන්නේ අවුරුද්දට කරන ඒවා වෙනසක් නැතිව හැමදාම කරනවා..

    ReplyDelete
    Replies
    1. හම්මේ ,එහෙමද මාතේ එහෙනම් ඉතිං ජය

      Delete
  12. අවුරුද්ද මතක් වෙන්නේ දැන් TV එකේ commercial වල රබන් සද්ද ඇහෙන්න පටන් ගත්තහම! :D

    ReplyDelete
    Replies
    1. හරියටම හරි නාඩි ,දැන් ඒ විදිහ තමා ඒ ඇහුනත් වැඩිය ගානක් නෑනේ :)))

      Delete
  13. අඩේ මේක දැක්කම මතක් වුනේ අවුරුද්දත් ලගම එනවා කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙම අවා කියලා දැන් නම් වැඩිය ගානක් නෑ දිනේෂ්..
      මොකෝඅලුත් මොකුත් ලියන්නෙ නැත්තෙ ?????????

      Delete
  14. Anonymous3/20/2014

    ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ලා වරෙල්ලා වැල්ලේ පදිමු රන් ඔංචිල්ලා

    ReplyDelete
    Replies
    1. ඔවා දැන් ටැලිවිසොන් එකට විතරයි ,එත් ඇහෙන කොටත් සතුටුයි

      Delete
  15. ලංකාවෙ ඉද්දිත් වෙන කොහේ හිටියත් දිනපතාම මට නම් අවුරුදු වගේ තමයි ඉතින්.
    හැබැයි ළමා කාලේ උඹ කියල තියෙන දේවල් අත්විදලා තිබෙනව.කැවිලි,කෙසෙල්.අඹ.කජු පුහුලන් සුවද දැනුන කියවද්දී.
    මම නම් ආසම පැණි,කජු අලුව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කෙන්ජි මාමා අනිවා සමරන්න ඇති :)))))
      කජු එහෙම හැදෙනවා ,පොඩ්ඩක් හරි මතකය අලුත් උනා නම් සතුටුයි ...
      මං පොරත් ආසයි කජූ අලුවා වලට ,

      Delete
  16. දැන් අලුත් අවුරුද්දත් කොමර්ෂල් වෙලානෙ,ඉස්සර අවුරුද්දක් එන්නෙ කොච්චර කාලෙකට පස්සෙද.මේ පෝස්ටුවෙන් මගේ මතකයත් ඇවිස්සුනා ලියන්න ඕනෑ මා දුටු සිංහල අවුරුද්ද කියල එකක්.හැබැයි දැම්මම නෙවෙයි අවුරුදු කිට්ටුවෙලා.

    ReplyDelete
    Replies
    1. එහෙම වුණ එකේ වැරැද්දක් මං නම් දකින්නෙ නෑ ....

      මේ පෝස්ටුවෙන් මගේ මතකයත් ඇවිස්සුනා ලියන්න ඕනෑ ///
      සතුටුයි ඈ ලියන්න තව කල් තියෙනවා නේ ,මට හිතෙනවා මෙකෙන් කිප දෙනෙකුට පොඩි හරි උත්තේජනයක් ලැබුණා කියලා ..බලමු

      Delete
    2. ඉස්සර අපිට ඇහුනේ "සුභ අලුත් අවුරුද්දක් වේවා " කියලා ,,,, දැන් නම් එක්ක වෙනස් වෙලා ,,
      දැන් " සුභ අලුත් අවුරුද්දක් වීවා" වෙලා ...

      Delete
    3. @ කැළුම්
      එහෙම වුණා කියලා මං නම් වැරැද්දක් දකින්නෙ නෑ ,ඇත්තටම දැන් හැමදෙම වානිජ වෙලා

      Delete
  17. මේකටත් කියන්න වෙන්නේ කාලය මැව් වෙනසක අරුමේ කියලා . අද කාලේ තියෙන්න මෝඩ වෙච්ච අවුරුද්දක් ,අපිට තරම් නිදහස් වුරුද්දක් දැන් තියෙනවද සහෝ

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් එක එහෙම තමා ,අද කාලේ තියෙන එකත් අවුලක් නෑ මට නම් ,නිදහස කියන එක නම් අඩු වෙලා තියෙනවා,

      Delete
  18. මාත් ආස කලේ ගෙවල් වල ඇවිදින්න යන්න තමයි. අවුරුද්දට කැට ගහන්න එහෙම පටන් ගන්නෙ සෑහෙන කාලෙක ඉඳන් නෙ. අපිත් වැඩිහිටියො නිසා ද මන්දා, දැන් නම් ඒ දවස් ටික ගෙවිල යනව දන්නෙම නෑ.
    සුන්දර සටහනක්.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත චන්දන දැන් එහෙම මතකයක්ව් විතරයි තියෙන්නෙ ,එත් හරි සුන්දරයි ,කැට ගහන්න ගිහින් එතන වුණ සිද්ධි වගයක් මතක් වුණා

      Delete
  19. අයියෝ අවුරුද්දනම් එනවා යනවා, ඒ එක්කම පර්ස් එකත් හිස් වෙනවා :D

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් නම් එක තමා වෙන්නෙ ,හැබෑට තනිකඩ වුණ්ටත් බර වියදම් තියෙනව ද ??;))))

      Delete
  20. බිරංගයි කුරුම්බා මල් වෙඩියි නොදනිමි.

    ReplyDelete
    Replies
    1. බීරංගය කියන්නෙ පොඩි යකඩ කටක් තියෙන උපකරණයක් එකට වෙඩි බෙහෙත් දලා ගලක ගැහුවාම ඩෝං කියලා පත්තු වෙනවා ...අනිකත් කියන්න තරම් ලොකු දෙයක් නෑ හිස් කුරුම්බා කොබ්බෙකට වෙඩි බෙහෙත් පුරවලා පත්තු කරනවා හදන්නෙ කොහොමද හරියටම දන්නෙ නම් නෑ

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.