05 April, 2014

හේනක,වාඩියක රැය පහන් කලෙමි


විභාග වැඩ ඉවර නිසාත් එක තැන ඉන්න බැරි නිසා කලින් සුදානම් කර ගත්ත විදියට හේනක රැයක් හිදින්නට මං පොර බට්ටා,ඇටයා සහා බටයා,අපේ නිවස ලගින් පිටත් වුණේ හවස හතරට විතර.කොම හරි මගින් ටවුන් එකෙන් අපි බැස්සා අඩුම කුඩුම ටිකක් අර ගන්න කියලා හිතාගෙන.හැම එකාම කොට කලිසන් ඇදලා කරේ බැග් දාගෙන හිටියේ.කොම හරි ටවුමේ ඉදන් ගමට යන්න  ඒ වෙලාවේ අයේ බස් නෑ.ඊට පස්සෙ ලහිරුවාට කොල් එකක් දැම්මා වීල් එක අරන් වරෙන් එක්කරන් යන්න කියලා.ටවුන් එකක් කිව්වට තිබුණේ සිල්ලර බඩු කඩවල් දහයක් විතර,හැබැයි බාර් දෙකක් තියෙනවා.තව හෝටල් දෙකක් විතර තියෙනවා.අපිට ඕන වෙලා තිබුණේ බාර් එකක් විතරයි.ඒ දවස්වල රතු බස්වල කාඩි එකට ඇදපු නිසාත් පංති වලට සල්ලි දෙන්නෙ නැතුව ගිය නිසා අතේ යහමින් සල්ලි තිබුණා.බොන්න ගන්න දේ තිරණය කරන එක තමා ලොකුම ගැටළුව,කෝම හරි බෝතල් දෙකක් ගන්න තීරණය කර ගත්තා,බ්‍රැන්ඩි බෝතයකුයි,වයිට් ලේබල් එකකුයි ගත්තා,දුම නම් එක මානපයෙන්ම ඩන්හිල් සුවිච් එක තමා,ගත්තා එකෙකුත් පෙට්ටියක්.මෙවා අරන් දැන් යන්නෙ හේන රකින්නලු.කෝම හරි ලහිරුවා අවා පොර ඇවිත් අහනකොට අපි බඩු අරන් ඉවරයි.

තව කොල්ලො ඉන්නවා මේ මදි මදි..උඹලා බොනවා නෙවෙයි නේ නානවා නේ ..හිටින් පොඩ්ඩක් කියලා

පොරත් ගත්තා ඇපල් බෝතලයකුයි,බියර් ටින් වගයකුයි.කොහොම හරි ටවුමේ ඉදලා ටික දුරක් යන්න ඕන ලහිරුලා ගේ ගෙදරට,හේනට යන්න එහේ ඉදලා තව කිලෝමීටර් පහලවක් විතර ඇති.අලි ඉන්න කැලේ.අපි ගියේ දෙසැම්බර් වල නිසා වැස්ස හොදට තිබුණා.නිතරම අහස බිරන් කර ගත්ත ගමන්,පොඩි පොඩි පොද යනවා.කොම හරි අපි බෝතල් ටික මගින් තියලා අපි ගෙදරට ගියේ.

පුතාලා පරිස්සම් වෙන්න අලි ඉන්නවා,මේ දවස් වල ඉරිඟු කන්න ආපු ......ලහිරු ගේ මවගෙන් උපදේස් සැහෙන ලබිණ.

අපි කොම හරි හවස හයට විතර හේනට යන්න පිටත් වුනා.යන්න තියෙන්නෙ කරත්තෙන්.එකේත් දෙපැත්තේ ඇදි නැති එකක්,බඩු අදින්න ඕන නිසා ඇදි ගලවලා.අපේ ගමනට තව කොල්ලො තුන් දෙනෙක් එක්කාසු වුණා ගමෙන්.ඔක්කොම අට දෙනායි.අපි අමාරුවෙන් ඇදි නැති කරත්තෙට වාඩි වුණා පිටට පිට හෙත්තු කරන්.එදා අහස බීරන් කරලා නිසා හදත් නෑ,හවස් වෙනකොටම ඇදිරි වෙලා.මගින් හංගපු බෝතල් ටික මං අර ගත්තා,මඤ්ඤොකා තම්බලා කොච්චි සම්බලයක් තලලා හදලා තිබ්බා,තව බත් පැකට් ගහලා දිලා තිබ්බා ගෝන මස් එක්ක.මං බෝතල් තියෙන බෑග් එක බදාගෙන මැදින් වාඩි වුනා.කිසිම එළියක් නෑ.ගුරු පාරට දාපු කරත්තෙ හරක් දෙන්නාට පිටට තට්ටු දෙකක් දැම්මා,හරක් දෙන්නා යනවා විදුලි වේගෙන්,ඇග හැමතැනම තේරෙන විදියට මඩ වදිනවා,එක පාරම කරත්තෙ වලක වැටුණා කළුවරේ කවුරු හරි කරත්තෙන් වැටුනා දැනුනා.ටෝච් එකක් ගහලා බලනකොට බටයා බිම වැටිලා ඉන්නවා,පොරගේ කකුල තුවාල වෙලා පොඩ්ඩක්.කළුවරේ වුනත් හරක් දෙන්නා පුරුදු වෙලා හිටියා හරි පාර දිගේ වාඩියට යන්න.

අපි වාඩියට තමා සෙට් වුණේ,පැල උඩට නැග්ගොත් අපි බිමට වැටෙන බව දැනගත්තා.වාඩිය මැද ගිණි මැලයක් තිබුනා තව දෙපැත්තෙන් ගහපු මැහි දෙකක් තිබුණා.මැහි හදලා තියෙන්නෙ පිට ලෑලි දලා,ඒ උඩ කදන් පොතු එලලා.ඔන්න හතර වටේටම හූ කියලා උඩඩ ටොච් එළි ගහලා අනික් හේන්වල ඉන්න අයට සංඤා දිලා අපි වැඩේ පටන් ගන්නකොට රෑ හත හාමාර විතර ඇති.මං ඉතින් මඤ්ඤොක්ක ටිකට වැඩේ දෙන්න ගත්තා,බෝතල් බලන් ඉන්න කොට හිස් වෙනවා.මං බ්‍රැන්ඩි එකෙන් පටන් ගත්තා.ඕන සබන් කැලි ටිකක් ගෙනත් තිබ්බා,එවත් ඕතලා ගත්තා ඒ අතරම.මං පොර බොහොම මානප මේ සබන් වලට තමා.(සබන්=ගංජා )අපි මුල්ම කාලේ ඔතන්න බැරි නිසා කරේ බීඩි අරන් එක මුලින් කපලා දෙවර්ගයම මිශ්‍ර කරලා අයේ අර බිඩියට පුරවලා පාවිච්චි කරපු එක.

කොම හරි රෑ වෙනකොට බෝතල් ඉවර වුණා හැබැයි බියර් එහෙම ඉතුරු වුණා,දෙන්නෙක් පාවිච්චි කරෙම නෑ .ඔන්න සිංදු එහෙම කියන්න ගත්තා වාඩියේ තිබුණ හට්ටි,මුට්ටි,වතුර ගෙනාපු බූලි එහෙම අරන්.ටිකක් වෙලා  යනකොට තැපැල් සේවය ක්‍රියාත්මක වුණා කස්ටියට කියවනවා මටත් හරි කියලා  තෙරුනා,ඔන්න එක කොල්ලෙක් ෆොන් එක අරන් මගේ ලගම ඉදන් මැසෙජ් යවනවා,මට පෙනවා යවන එවා

මේ කැලේට සිග්නල් නෑ බන් කාටද මේ රෑ මැසෙජ් කොටන්නෙ ?
නෑ ..බන් මේ කම්පැනියට මැසේජ් එකක් යැව්වෙ,එකි රිප්ලයි නෑනේ  ...

කිව්වා,හැම එකාම හිනා වෙනවා,මූ බයවෙලා වගේ කට ඇරන් ඉන්නවා.අපිට තව හිනා.


කොම හරි  කස්ටිය දගලලා එක මැස්සක් කඩන් වැටුණා,රෑ මැදියම් වෙනකොට වැස්ස තුරල් වුණා.දැන් තමා හේන පෙන්නෙ එක දිගට ඉරිඟු අක්කර දාහක් විතර.අපි හිටපු තැන ඉදලත් තව ගොඩක් ඇතුලට යනකන් හේන් තිබුණා.මැස්ස කඩන් වැටුන නිසා බිම තමා නිදාගන්න වෙන්නෙ.රෑ ඔන්න සද්දයක් ඇහෙනවා වාඩියට එහායින් ,අපි හිතුවෙ අලි ඇවිත් කියලා,බලනකොට අපි ආපු කරත්තෙ ගෝන් දෙන්නා ඇණ ගන්නවා,රෑ මැද්දෙ එකත් බේරලා කිරි ඉරිඟු ටිකක් ගෙනත් පුච්චන්න පටන් ගත්තා,නොබිපු උන් දෙන්නා නින්දේ සැපට,අපි ගිනි මැලේ වටේ වාඩි වෙලා,හුලං එනවා කිරි ඉරිඟු මල් සුවඳ එක්ක,හඳ එළියේ හෙනක ලස්සන ඇස් දෙකෙන් දකින්නම ඕන.කෝම හරි රෑ දෙක විතර වෙනකොට සූර් එක බැහැලා කට්ටියගේ හීතල දැනෙනෙවා ඉන්නම බෑ,ඉරිඟු පුච්ච්න්නෙ හේනේ ගිනි මැලේ ඉරිඟු කරල සුද්ද කරන්නෙ නැතුව.කොම හරි පුච්චන එකා පැත්තක් මොකද තවම සූර් පොරට පුච්චලා දෙනවා,අපිත් කනවා අමු ඉරිඟු.කෝම හරි උදේ අපි අවා ඇවිත් නලා ක්ෂණිකව ගෙවල් වලට ගියා,ඇවිත් බලනකොට කොට තමා දැක්කෙ ඇග හැමතැනම තැළුම් පාරවල්,සූර් පිට පිස්සුවෙ තරම.අපි එක දවසින් අවට ඒ මිනිස්සු පවුල් පිටින් ගිහින් හේන් වල පදිංචි වෙනවා ඔය කාලේට.හරිම කටුකයි ඒ ජිවිතේ,රෑ දවල් නෑ,හරියට කෑමක් බීමක් නෑ,මිනිස්සු අලි ගහලා මැරෙනවා,දුක් විදලා ගන්න භෝගෙට නිසි මිලක් නෑ. හැබැයි ඒ මිනිස්සුන්ට ඒ ගැන වගකුත් නෑ.ඔහේ ඉන්නවා,වෙන දෙයක් වෙයි කියලා.

                                  **************************************************************
ඇත්තටම ඒ ජීවිතේ හරිම සරලයි,සැහැල්ලුයි තවමත් එළියේ ගහක් යට නිදාගෙන ඉන්න ගමන් හිතන්නෙ මේ වගේ ජීවිත කොච්චර සරල ද?අපි මේ නටන්නෙ පිස්සුවක් කියලා.එත් ඔය කතා සේරම එක ඇමතුවෙන් වෙනස් වෙනවා,එකත් හරි පුදුමයි.

ඔය හේනක ගිය එකක් ගැන මං පොර කුරුටු ගාපු එකක් මේ 
http://sinhalaya19.blogspot.com/2014/01/blog-post_27.html

කලින් ඉරිඟු ගැන ලියපු එක මේ 
http://sahodarage.blogspot.com/2014/01/blog-post_524.html


ප.ලි 
මේ සිදුවිම් සිදු වි දැන් වසර දෙකක් ,තුනක් පමණ වුවද තවමත් අපේ රටේ සැලකිය යුතු මිනිස්සු කොටසක් ගෙවන්නෙ මෙවැනි ජීවිතය,ඔය මොන බෙගල් ඇද බැවත් වේදිකා උඩ මේ ජිවිත තවමත් එක තැනය.කෘෂිකර්මය තවමත් ඔය කියන තරම් දියුණු වී ඇත්තෙ කඩදාසි කොළවලට පමණි,වැලිමඩ,නුවරඑළියේ සිට අනුරාධපුර ,යාපනයේ ගොවියාත් තවම ගෙවන්නෙ මෙවැනි ජීවිතය.ඔය ගන්න බෝහෝ කෘෂි නිෂ්පාදන පිටු පස ඇත්තෙ මේ මිනිසුන් දහඩිය සුවද ය.


61 comments:

  1. අපේ ඇත්තො ඉරිගු වවනව ඒත් ඒව ගන්නෙ කුණු කොල්ලෙට... කොච්චර හොදට අස්වැන්න තිබ්බත් ගාන්ක ගන්න අමාරුයි...
    මේ ළගදි මගෙ යාලුවෙකුයි මමයි කතා වෙලා ඉරිගු ඇට දෙන්න කම්පැණියකට හොව්ව... සාමාන්‍යෙයන් ඕ වැඩේ කරන්නෙ මුස්ලිං අය...
    අපි හොයල බැලුවම ඒක අපිට කරන්න බැරි වැඩක් එක පාර බුසල් ලක්ෂ 2ක් 3ක් වත් හොයන්න ඕන... හොයන්න පුලුවං උනාට කෝ ඒ තරජ ගන්න සල්ලි...
    අන්තිමේ අතෑරලම දැම්ම...

    ReplyDelete
    Replies
    1. හේ මෙන්න වැඩක්..........................................................
      මං එක වෙලෝ.....................

      Delete
    2. මහේෂ් ඉරිගු ඇට දෙන එක ලොකු වැඩක් නෙවෙයි,ඒ ගැන සමහර දෙවල් මං දන්නවා,ගොඩක් ලාභ ගන්න පුළුවන් දෙයක් අද කාලේ.හැබැයි ගොවියාට මේ අතරමැදි ක්‍රමේ නිසා ගොඩක් පාඩු වෙනවා ...ඉරිඟු බිස්නස් එක මුස්ලිම් අය කරනවා අඩුයි මං දැකලා නම් නෑ ..

      Delete
    3. @සහෝදර
      අන්න වරද්ද ගත්ත තැන... අනුරාධපුර කැකිරාව වගේ(මං ඒ පැත්තෙ විතරයි මේ ටික හෙව්වෙ) සම්පූර්ණම උං තමා කරන්නෙ...

      Delete
    4. මට වැරදුණා කියලද හිතන්නෙ ..මහේෂ් ඔය මොන ඉරිඟු වුනත් ලංකාවේ යන තැන් කිහිපයක් තියෙනවා,ඔය K.S.T වගේ ආයතන වුනත් ප්‍රධාන විදියට සත්ව කෑම හදන්න තමා ඔවා ගන්නෙ,අනුරාධපුර කැකිරාව වුනත් මං හොදට දන්නවා,මිහින්ත්ලේ තියෙනවා k.s.t ආයතනයක් දන්නවා ඇති,ඔයාට ඕන නම් වෙලාවක ඒ විස්තර මං එවන්නම්,ඔය ඉරිඟු මිල වුනත් තිරණය වෙන විදියක් තියෙනවා,මං ෆිල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදියට කියන්නෙ,කිලෝ එකකින් සත50ක් වගේ ගානක් ඔය අනුමත කරන අයට,හිතන්න එක ලොරියකින් කොහොමද ? ඔයා කියන්නෙ මුස්ලිම් අය කියල ද මේ වැඩේ ප්‍රමුඛව කරන්නෙ කියලා ???එහෙම නෙවෙයි වෙන්නෙ මහේෂ් මං හිතන්නෙ ඔයා කියන්නෙ ඔය ගමේ ඉරිඟු ඇට එකතු කරන කෙනාගෙන් ගන්න එක ගැන වෙන්න ඇති

      Delete
  2. ඒ මිනිස්සුන්ට හීන නෑ. ඒ නිසා ජීවිතේ සරළයි සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ජීවිතය සරලයි එත් සුන්දරයි කියන්නනම් බෑ. අපිට් අපෙන හැටි ඒ . ඒ මිනිස්සුන්ට ඇති තරම් ප්‍රශ්න . ජීවත් වෙන්න් ඕනේ කාලයක් ඒ මිනිස්සු එක්ක . වැඩි දෙනක් ඉන්නේ සතුටින් නම් නෙවෙයි , එත් මහා කලකිරීමකිනුත් නෙවෙයි , ඒ හැගීම මොකක්ද කියන්න දන්නේ නෑ .තේරෙන්නේ නෑ

      Delete
    2. සහතික ඇත්ත බන්.. මජ්ජම ප්‍රතිපදාව කියන්නේ ඕකටද..

      Delete
    3. Anonymous4/06/2014

      උපන්නාට ඉන්නවා ප්‍රතිපදාව....එහෙම අය එන්න එන්නම වැඩිවෙනවා. සරළයි..ඒත් සුන්දර නැහැ.

      Delete
    4. @ මාතලන්
      හීන නෑ නෙවෙයි ඒ හින සැබෑ කරගන්න විදිය අහුරලා ,සරළ බව නම් උපරිමයි

      Delete
    5. @ ඉවාන්

      මෙහෙමයි ඔකට ප්‍රධාන හෙතුව ඔය මිනිස්සු එක් විදියකට කොටු වෙලා ඉන්නෙ,එ ජිවිතෙන් මිදෙන්න බැරි හෙතුත් තියෙනවා අපේ මිනිස්සුන් ගෙන් කියෙන් කී දෙනාද කොළඹ එන්නෙ,රටෙ වෙනින් පැති දකින්නෙ,එහෙම යන්නත් හෙතුවක් ඒ මිනිසුන්ට නෑ,ඉතිං මෙක තමා එකම ජීවිතේ කියලා ඉන්නවා වෙන එවා ගැන හිතන්න එහෙම දෙවල් දැකට විදලා තියෙන්න ඕන නේ .ගමෙන් යන උනුත් අයේ එන්නෙ නෑ පැත්තටවත්

      Delete
    6. @ අරූ
      උපන්නාට ඉන්නවා ප්‍රතිපදාව....එහෙම අය එන්න එන්නම වැඩිවෙනවා. සරළයි..ඒත් සුන්දර නැහැ.////

      උපන්නාට ඉන්නවා නෙවෙයි මේ මිනිස්සුන්ට මේ ජිවිතෙන් මිදෙන්න ක්‍රමයක් ඕන,ඒ ක්‍රමය කොතනද තියෙන්නෙ ??ඉතිං එක හම්බ වෙනකන් මේ මිනිස්සු මෙහෙම ඉදී

      Delete
    7. Anonymous4/07/2014

      උපන්නාට ඉන්නවා කිව්වේ...ඒ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැ. කිසිම මාවතක් විවෘත නැහැ. අපි මොනවට උපන්නද කියන සිතුවිල්ලේ හිරකරලා.

      Delete
    8. අරූ හරි මං වැර්දියට තෙරුම් අරන්,කෘෂිකර්මය හරි තැනකට ගෙන්න පුළුවන් එක කරන්න පුලුවන් ගොවියට විතරක් නෙවෙයි.ජපානේ ගොවියා පස් පරික්ෂා කරලා පොහොරයොදනකොට අපේ ගොවියෝ කොකටත් කියලා NPK මිශ්‍රණය තමා ගහන්නෙ .. මගේ මිනිස්සු හැමදාම එක තැන පල් වෙනවා ,වකුගඩු රෝග ද අරක ද මෙකද හැම එකම ඊට පස්සෙ

      Delete
  3. හේනක ඉන්න තවම අවස්ථාවක් ලැබිල නෑ. හේන් වලට ටිකක් සමාන වගා බිමක දවල් කාලෙ ඉඳල ඒකෙම උයල කාලා, හවස අලිත් බලල ඇවිත් නම් තියනව. හේන් වලදි හූ කියන්නෙ අලි ආව බව අනෙක් අයට දැනුම් දෙන්න කියලයි මං හිතුවෙ.

    කොහෙද මේ කියන පළාත ? ගොවියන්ට හිටවපු දා ඉඳන් ප්‍රශ්න තමයි. එක්කො වතුර නෑ. නැත්තන් සත්තු කනව. අන්තිමට විකුණ ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. එන්ඩ මෙහේ හේන් වල එක්ක යන්න,මෙහෙමයි චන්දන අලි අවාමත් හූ කියනවා,අපි වාඩියේ ඉන්නවා කියලා අනික් වාඩි වල අයට කියන්න ඕන ,එකට හෙතු තියෙනවා විශේෂයෙන්ම අලි පන්නනක එක කරන්න එක ඕන වෙනවා.

      පළාත් ඌව ,වතුර ප්‍රශ්ණේ නිසා මේ සැරේ ගොඩක් කුඹුරු විනාශ වුණා ,

      Delete
    2. මං හූ කියන විදි ගැන හා කෙම් ක්‍රම,දඩු වැට හදන්නෙ කොමද ?වගේ ගොඩක් දේවල් තියෙනවා හෙනක ඉගෙන ගන්න ලියන්නම් වෙලාවක,තව හෙන් කතා එහෙම ;))

      Delete
    3. //එන්ඩ මෙහේ හේන් වල එක්ක යන්න// මරු අයිඩියා එක. බලමු කවද හරි දවසක. ඔව්.. ඉස්සරහට ලියන්න ඒ අනෙක් විස්තරත්.

      Delete
    4. අනිවා චන්දන ඔය සැහෙන පිරිසක් ඉන්නෙ ආසාවෙන්,තව දේවල් තියෙනවා ලියන්න ලියමු දන්නෙ නැති අය ඇති නේ ,

      Delete
  4. Anonymous4/05/2014

    //ඇත්තටම ඒ ජීවිතේ හරිම සරලයි,සැහැල්ලුයි තවමත් එළියේ ගහක් යට නිදාගෙන ඉන්න ගමන් හිතන්නෙ මේ වගේ ජීවිත කොච්චර සරල ද?//
    යෙස්..
    හේනේ පැලේ පැල්රකින්ට යන්න හිතයි..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. විදානේ මට ඔහොම හිතුණාට අයේ එක පාර එක නැති වෙනවා,අපිට ඇත්තටම දැන් එහෙම ඉන්න බෑ මේ ක්‍රමෙට දැන් ඇබ්බැහි වෙලා ඉවරයි.
      යමු දවසක් හේනක ඉන්න සැහෙන බොගි ලියන අය එයි වගේ ...

      Delete
  5. අපේ සුදීකයත් වතාවක් ගියා නේ හේනක ලගින්න... එකක් කඩන් වැටුනයි කිව්වා.. හට්ටි කුඩු උනේ නැද්ද..

    ReplyDelete
    Replies
    1. ලින්කුව තියේ නම් දෙන්නකෝ,ඒ වාඩියේ ඇල්මිනියම් බඩු තිබුණේ දේශක කාතාව කියවලා නෑ නැත්නම් හට්ටි බුලී වලින් කරපු වැඩේ දැක්කෙ නැත්ද ආ ... ;))

      Delete
  6. කොහොමත් වැඩ කරන දහදිය කටුකයි බං..... ඔය බිඩිය කපලා ගහන එක එපා වෙනවා බං.. ගඳයි නේ! ;)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මුටත් අත්දැකීම් තියනව ඈ බීඩි කපල ගහල :D

      Delete
    2. බීඩි නම් මතක් කරත්දිත් හුස්ම හිර වෙනවා බං :(

      Delete
    3. කටුකයි කියන්නෙ හොදම එකෙන් ,
      ඔය බීඩි ගැහිල්ල ගැන වෙනම පොස්ටුවක් ලියත හැකි තව ටික කාලේකින්,ගදයි කියන්නෙ එක යවා ගන්න එක තමා අමාරු ,

      Delete
    4. @ ප්‍රියා

      බීඩි මතක් කරමා මොකෑ හුස්ම හිර වෙන්නෙ ???

      Delete
    5. @ සසිදු

      අත්දැකිම් නෑ කරලා තියෙනවාලු හැක් ;))

      Delete
  7. හැබැයි ඉතිං ඒ හේන් රකින්න යන මිනිස්සුන්ට නම් සහෝදරලට වාගේ ඩන්හිල්, බියර්, ඇපල්, ස්මාට්ෆෝන් නෑ. මාර කට්ටක් කනවා ඇත්තේ. අනිත් එක ගිය වැඩේ කරන්නත් එපායැ. උඹලා වාගේ එන්ජෝයි කරන්න යනවා නෙවෙයිනේ.

    පැලේ පැදුර හේනට අරගෙන යනවා
    එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
    රටා වියපු අත්දෙක මට සිහිවෙනවා
    හිතේ දුකට එතකොට කවි කියවෙනවා

    ReplyDelete
    Replies
    1. නෑ මට ඔය කියන තරම් මුකුත් නෑ , කැමරා ෆොන් එකක් අදත් නෑ තියෙනවා නම් ෆොලෝ කැල්ලක් දානවානේ,අඩු තරමේ වීචාරක තුමා ඉල්ලපු ෆොටෝ එකවත් දාන්න විදියක් නැතුව ඉන්නෙ,අපිත් හොදට කට්ට කැවා හැබැයි අපිට හේන් නෑ වාඩි තිබුණ.

      මං ඔය කවි පංතිය කියවලා තියෙනවා..දුකට කියන කවි සීපද නේ

      Delete
  8. බොලා චේන්ජ් එකට යන ගමන් වගේ නෙවෙයි ඒ මිනිස්සුන්ගෙ ජීවිත දුෂ්කරයි කටුකයි.
    පින්තුර ටිකකුත් තිබ්බනං මරු.

    ReplyDelete
    Replies
    1. අනන් හරි , මාතෙට උත්තරේ කෙටුවට පස්සේ තමයි මේක දැක්කේ, ඒ ජීවිතත් එක්ක කාලයක් ඉඳලා බලන්න ඕනේ . අපිට එක සරල සුන්දර ජීවිතයක් වගේ පෙන්නේ අපිට එක චේන්ජ් එකක් නිසා . එත් ජීවිතේ පුරාවටම එක විනිදින් මිනිහෙකුට ඕක සුන්දර නෑ

      Delete
    2. @ හැලප

      අපි චෙන්ජ් එකටම නෙවෙයි ගියේ,මෙකේ අතුරු කතාවක් තියෙනවා,අනික අපිත් ඔය කියන මිනිස්සු අතරම තමා ඉන්නෙ,අපිත් හේන් කරනවා,කුඹුරු කරනවා දුක හොදට දන්නවා,හැබැයි ජිවිතේ ගොඩක් වෙනස් වෙනවා,මං අදටත් දුක් වෙනවා ඒ ජිවිතේ අතහැරුණු එකට ...

      Delete
    3. @ඉවාන්
      මං කියලා ඔය ජිවිතෙන් ගොඩක් දුර නෙවෙයි ඉන්නෙ,හැබැයි දැන් මට ඒ ජීවිතේ මග හැරෙනවා,එතකොට මට හොදට දැනෙනවා බර ,එකයි මං සැහැල්ලුව කියලා අදහස් කරේ,නැතුව අපේ ජිවිත සුඛෝපභෝගි කියන එක නම් නෙවෙයි,අපිට චෙන්ජ් කරන්න ඕන මේ ජිවිතේ නම් නෙවෙයි,

      Delete
  9. බොන්නෙ නැතිව පැල් රකින්ඩම බැරිද බන් උබලට :D

    ReplyDelete
    Replies
    1. අඩුම තරමේ වතුරවත් නැතිව බෑ ;))

      Delete
  10. අපේ පැත්තෙ හේන් නැහැ. තිබුනෙ එලවලු කොරටු. ඒවයිත් එලෝලු විකුනන කාලෙට මිල බහින නිසා ගොවියන් ලොකු අවදානමක් දරන්න ඕනි අස්වනු විකුනගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව මං දැකලා තියෙනවා හොදට එවත්,ඔය ගොඩක් එළවළු වගා කරන මිනිස්සු ඇඩ කරන්නෙ අදේට ,ඉඩමේ කුලිය බෙරුවාම ඉතුරු වෙන්නෙ සොච්චමයි

      Delete
  11. කටුක නමුත් සරල ජීවිත……

    මටත් ආසයි බං එක දවසකට වත් ඔය ජීවිතේ ගත කරලා බලන්න.

    ReplyDelete
    Replies
    1. Anonymous4/06/2014

      තනියෙං ඉදං පැල්රකින එකත් ලේසි නෑ..

      Delete
    2. @ ප්‍රියා
      එනු මෙහේ පැලක ඉමු ,ඕක වැඩක් ද ,සැහෙන කස්ටිය ඉන්නෙ ඔය වැඩෙට ආස ,නිවාඩුවක් අල්ලලා වැඩේ කරමු :))

      Delete
    3. @ විදානේ
      තනියම මාස ගනන් පැල් රකින මිනිස්සුත් ඉන්නවා ,

      Delete
  12. අපට කොහෙද ඉතින් ඔහොම අද්දැකීම් :-((

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් ඕන අයට සහන ගාස්තු යටතේ මං පැලක් හොයලා දෙන්නම්,උඩත් සැහෙන අය ඉන්නවා හික්
      ඇත්තට මෙවා ජීවිතේ එක පාරක් හරි විදින්න ඕන,

      Delete
  13. අත්දැකිම අපිත් ඵක්ක බෙදා ගත්ත ඵක වටිනවා

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තියෙන්නෙ බෙදා ගන්න තමා ..
      ජයවේවා!!!

      Delete
  14. සුන්දරයි බොල..

    හැබැයි මාතෘකාව වැරදි නේද?

    හේනක රැය පහන් කලෙමිද?? හේනක අඩියක් ගැසුවෙමි ද??? ;)

    ReplyDelete
    Replies
    1. අම්මපා මට එක තෙරුණේ නෑනේ ,ලියලා තියෙන්නෙ අඩියක් ගහපු එකක් ගැනනේ හැක් සබන් සුවද පිට ලියන එවානේ

      Delete
  15. Anonymous4/06/2014

    ඔය මිනිස්සුන්ගේ ජීවිත හරිම කටුකයි බන්. අපි කොහොමද ඒවා වෙනස් කරන්නේ. වෙනස් කරන්න පුළුවන් එවුන් හිතන්නේ නැහැ...හිතන එවුන්ට වෙනස් කරන්න බැහැ.

    සබන් ගහලා අලි ඉන්න කිට්ටුවට යන්න එපා..උන් හොඬ වනන කොට හිතෙන්නේ අපිට එන්න කියනවා කියලා. සබන් නිසා හිනාවෙවී ලඟට යනවා :D

    ReplyDelete
    Replies
    1. අපිත් ඔය මිනිස්සුම තමා අරූ වෙනස් කරොත් මේ දේශපාලනයත් ගොඩක් වෙනස් වෙයි,
      අලින් ගේ ඇග උඩ එක සැරයක් ගිහිල්ල ,එවා ලියන්න හිතුවත් කෙබර ගහන්නෙ කියලා හිතයි කියලා ලිව්වෙ නෑ,සබන් ගහන විදි තියෙනවා තව එකට මිශ්‍ර කරන දෙවල් තියෙනවා ඒ ගැන ලිව්වෙ නැත්තේ ගොඩක් අය ඔවා පාවිච්චිය නෑනේ ,

      Delete
  16. අනේ මන්ද... වැවේ..... හරක්/රෙදි/ට්‍රැක්ටර්/මිනිස්සු ... නාන හෝදපු වතුරත් ගිනි මැලයෙන් උණු කරන් වතුර බිල ...මැලේරිය උනත්... හදාගත්ත එකෙක්...මං ....

    ReplyDelete
    Replies
    1. Anonymous4/07/2014

      හයියෝ මොකට කියනවාද? පයිප්ප තියෙද්දි ඇදන් නාපු එකෙක් තමයි කෙන්ජි මාත්.. පිස්සුම තමයි කෙලියේ..සෙස්ස පස්සට

      Delete
    2. කෙන්ජී මාමේ ඔය මැලේරියාව අපේ පැත්තට මං ඉපදුණු අවුරුද්දේ තිලා තියෙනවා,මං ඉපදෙන කොටම මොලේ මැලේරියාව හැදිලාලු ඇගේත් පාට වෙනස්ව් වෙලාලු හිටියේ,

      කෙන්ජී මාමත් නොගිය තැනක් නෑනේ බලන් ගියාම,ඔය 90/91 වගේ කාලේ ද ???කොහෙද හිටියේ ???

      Delete
    3. @ අරූ

      අපි ලිදෙන් හැමදාම ඇදගෙන තමා නෑවෙ ,මටත් ඔය මුල් කාලේ පයිප්පෙන් නැවට නෑවේ නෑ වගේ කියලා හිතුණා ,එක වෙනම ලෙඩක් වුණා :))

      Delete
  17. පින්තූර ටිකකුත් එක්ක ආවනම් පෝස්ට් එකේ වටිනකම තවත් වැඩියි..

    ReplyDelete
    Replies
    1. මං පොරට තාම කැමරාවක් හෝ එකක් තියෙන ෆොන් එකක් නෑ ,ඉතිං බලමු ඉදිරියේදී එහෙම මොකක් හරි අරන් වැඩේ කරන්න ,ඇත්ත මෙවා පින්තුර තිබුණා නම් තව තෙරුම් ගන්න තිබුණා

      Delete
  18. කාලෙකින් මේ වගේ ගමනක් යන්න බැරිවුනා. සිංහල අවුරුදු දවස්වල යන්න හිතාගෙන ඉන්නවා. රසවත් අත්දැකීමක් අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ ගැන ලියන්න විචාරක තුමා ,මීට වඩා රසවත් එවා විචාරක තුමාට ඇති තව ලියන්න

      Delete
  19. ෆොටෝ කාරියේ එහෙම නැද්ද ??

    ReplyDelete
    Replies
    1. ෆොටෝ නෑනේ ,ඉස්සරහට බලමු

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.