21 August, 2014

වම



විවිධ හේතු කාරණා මුල් කරගෙන මං පොඩි පොඩි කතා ලිව්වා.එහෙම ලියන අතරේ විවිධ දින වෙනුවෙන් ද පුංචි පොස්ටුක් ලියන්න පුළුවන් උණා.මේ පොස්ටුවත් එවැනිම එකක් ...

දකුණ සහ වම,ලොකේ හැම දෙයක්ම හදුන ගන්න විවිධ නාමයක් යොදපු වෙලාවෙදි මෙහෙම වෙන් කරන්න ඇති වෙන් කරලා අදුන ගන්න.අපි පොඩි කාලේ පාරේ පයින් යනවා නම් යන්න ඕන දකුණු පැත්තෙන් කියලා වැඩිහිටියෝ කියලා දුන්නා.තව කෑම කන්න ඕන දකුණු අතින් කියලා කිව්වා.ලියන්න ඕන දකුණු අතින් කියලා පැන්සල දකුණු අතට බලෙන් දුන්නා.ටිකක් ලොකු මහත් වෙනකොට අපි කවුරුත් දන්න ලිබරල් දේශපාලනය හෙවත් දක්ෂණාංශික දේශපාලනය හොදම එක කියලා බලෙන් පෙන්වන්න හැදුවා.දකුණ කියන වචනය නිවරදි කියන වචනය වගේ කියලා සැලකුවා.සමහර අය වම් අතින් ලියන කන බොන මිනිස්සුව දකින්න පිළිකුල් කලා.පිළිකුල් දෙයක් කියන්නත් එ දේවල් පාවිච්චි කලා.එහෙම කරන්නෙ දකුණින් කන බොන ලියන,වැඩ කරන  මිනිස්සු ගාව වැඩි යමක් තිබුණ නිසා වෙන්ඩ ඇති.

පොඩිම කාලේ සහෝදර ගිය ඉස්කෝලෙ පොඩි ඩෙස්ක් එකක ළමයි තුන් දෙනෙක් හිටියා.එහෙම ඉන්න කොට මට තිබුණ ලොකුම ගැටලුව තමයි මම ලියන කොට මගේ අත අනික් ලඟ ඉන්න ළමයා ගේ අතේ වැදිම දෙන්නටම එක අපහසුයි එක නිසා කොහොම හරි මට තනියෙන් වාඩි ගන්න තැනක් ලැබුණා.එහෙම තනියම ඉන්න ලැබීම පොඩි කාලේ දි මට තේරුණේ මාව පංතියේ කොන් කරලා වගේ.ගුරුවරිය ලගම වෙනම බංකුවක ඉන්න ලැබුණා.ඉස්කොලේ දි දිගටම ඔය ප්‍රශ්නය තිබුණා,ඇතැම් දේශන වලට සහභාගි වුණ වෙලාවට යමක් ලියා ගන්න තියෙන ඇදි තියේන පුටුවෙ ඉදලා මේ ප්‍රශ්නය තිබුනා.තව මුසිකය අල්ලන තැනදිත් ඔය ප්‍රශ්නෙම නැවත ආවා.බයිසිකලයක් පදින්න පුරුදු වෙන්න ඕන දකුණින් කියලා පුරුදු කරන්න හැදුවා එත් ඒ දේවල් සහෝදරට නම් කිසිම දවසක වලංගු වුණේ නෑ.සහෝදර ගේ බොහෝ වැඩකටයුතු වමට බර වුණා.ඒ දේවල් ගෙදර අයට ගැටලුවක් වුණේ නැත්තෙ සහෝදර ගේ පියාත් වමත් කරුවෙක් වුණ නිසා වෙන්න ඇති.මේ වමෙන් වැඩ කිරිම ඇතැම් අයට විකෘතියක් වගේ දැකපු අවස්ථාත් තිබුණා.

මේ හැමදෙයක්ම කිව්වෙ දකුණත් කාරයෝ,එහෙම කියන්න දකුණතට බරව වැඩ කරන්න ඕන කියලා හදා ගත්තෙත් දකුණත් කාරයින් ගේ පහසුවට වෙන්න ඇති හැබැයි ප්‍රතිශතයක් විදියට අඩු වුනත් වම් අත වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්න පිරිසක් ඉන්නවා ඒ අතර සහෝදරත් ඉන්නවා.බොහෝ දේවල් වලට දින වෙන් කරලා තියෙන අතරේ වමත්කරුවන්ටත් දිනයක් තියෙනවා ඒ අගෝස්තු 13 වනදා,පොස්ටුව දාන කොට නම් දිනේ පහුවෙලා .....


ප.ලි 
සම හරක් කියනවා වමෙන් ලියන අය බුද්ධිමත්ලු ,අකුරු ලස්සනලු,කතාවටත් දක්ෂ ඇති ද දන්නෙ නෑ...මේ ගැන  තියේ නම් අත්දැකීම් කමෙන්ටුවක් ලෙස ඒ දේවල් එක් කරන්න.

84 comments:

  1. වමෙන් ලියන අය බුද්ධිමත් කියන කතාවල් නං මාත් අහල තියේ...
    හැබැයි දවසක් පත්තරයක තිබුන (දවසවත් පත්තරයවත් මතක නෑ)
    දැනට ලෝකයෙබිහිවෙලා ඉන්න අපරාධකාරයන්ගෙන් වැඩි හරියක් වමත් කාරයන්ය කියල...
    ඇත්ත නැත්ත නං දන්නෙ නෑ... ඒත් මට මතක විදියට එතන හොද හොද උදාහරණත් බර ලොට් එකක් තිබ්බ

    ReplyDelete
    Replies
    1. සැක්....
      මං එක නෙව බොලං

      Delete
    2. අන්න බලහන් උදේම ඇවිත් සහෝදරට අපහාස කොරලා ගිහින්

      Delete
    3. ඒකනම් ඇත්ත. නිකන් අරින්න එපා ඕක....

      Delete
    4. Anonymous8/22/2014

      එක පලියට

      Delete
    5. මං කියන්නෙ ඕකෙ සම්පූර්ණ වැරද්ද ඉවානයගෙ. ඕ යේස්.

      Delete
    6. @ මහේෂ්
      ස්තුතියි ,මං ඒ ගැන දැනගෙන හිටියේ නෑ වැඩිය... හොයලා බලන්න ඕන ...

      Delete
    7. විදානේ වැරදුනා නේද බොට. “එක පුලියේ“ කියල නේද කියන්න ගියේ

      Delete
  2. මම දකුණත් කරුවෙක්,ඒ කියන්නේ අපිට දවස් 364ම තියෙනවා කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඇයි 364 විතරක් නෙවෙයි තව 1/4 කක කොටසකුත් තියෙනවා නේ ???? හැක් ..ඔය දවස් නම් නිකන් නමට විතරයි

      Delete
  3. ඔය ගොඩක් සේස්ට විද්‍යාඥයොත් වමත් කරුවොලු නෙහ්..

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් නම් අහලා තියෙනවා,ඔය මයික්‍රෝසොෆ්ස් එකේ ලොක්කත් වමත් කරුවෙක් නේද ?

      Delete
  4. \\එහෙම ඉන්න කොට මට තිබුණ ලොකුම ගැටලුව තමයි මම ලියන කොට මගේ අත අනික් ලඟ ඉන්න ළමයා ගේ අතේ වැදිම දෙන්නටම එක අපහසුයි //

    ප්‍රායෝගික ලෝකෙට මේක කොච්චර අපූරුවට ගැලපෙනවද. දක්ෂිණාංශිකයො සහ වාමාංශිකයෝ කවදාවත් එකතැනක එකට හිටගන්නෙ නෑ. එහෙම උනොත් එතන ලොකු අවුලක් නිර්මාණය වෙනවා.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ වාසියට හිටගන්න උන් ඉන්නවා බං! :)

      Delete
    2. ඉතින් මචෝ එහෙම උන් වාමාංශිකයෝ නෙවෙයිනේ.....

      Delete
    3. හිටගත්‍තම තමා ඒකනං බලන්ඩෝනැ …

      සීරුවෙං හිටියොත් වාමාංශික
      පහසුවෙන් හිටියොත් දක්ශිනාංශික
      හේත්තුවෙලා හිටියොත් ධනවාදී
      ඔලුවෙන් හිටියොත් සමාජවාදී
      තනි කකුලෙං හිටියොත් සුභවාදී
      ඇදේට හිටියොත් ප්‍රජාතන්ත්‍රවාදී
      බුදියං හිටියොත් ජාතිවාදී

      Delete
    4. උඹ්ට දේශපාලන විද්‍යා උපාධියක් තියෙනවා නේද බං?

      Delete
    5. ප්හු.....!! පත්තරේ....!!
      යෙල.. යෙල..

      Delete
    6. Anonymous8/22/2014

      yela'' yela'''

      පත්තරේට ගෞරව සම්මාන සහිතව තියනවා..........ලු

      Delete
    7. ඕ යේස් … සුලුපටු දැනුමක්ද බොලව් මට තියෙන්නෙ.. කිව්වට මුං විස්වාස කරන් නෑ නෙවැ !!!

      Delete
    8. @මනෝ
      අපේ ලංකාවෙ නම් ඔය තත්ත්වය සැහෙන වෙනස් ,දෙගොල්ලො එකටමයි නේ ....වම කියලා කියන ඇයෝ .....

      Delete
  5. මගේ තාත්තත් වමත් ,වයිෆුත් වමත්..උං දෙන්නම කියන්නෙ මං මෝඩයා කියලා. ඕං බලහංකො :D

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක්ම කියනවානම්ම්ම්ම්ම්ම් බොරු වෙන්නත් බෑ බං එක්කො! :D

      Delete
    2. මාත් හිතනවා ප්‍රියා කියන දේ හරි කියලා!!!

      Delete
    3. අමූලක ඇත්තනෙ පවසල තියෙන්නෙ..!!

      Delete
    4. ඇත්ත තමා කියලා තියෙන්නේ.

      Delete
    5. Anonymous8/22/2014

      සැමරිය යුතු කාරනාවක්

      -ස්තුතියි-
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    6. මං නැති දාකට තේරෙයි උඹලට . මගෙ අගේ … එකෙන්ම . දැම්ම සලකපියව් මට. නැත්තං දුක් වෙන්න වෙන්නෙ උඹලටමයි ඈ..

      Delete
    7. @ පත්තරේම, මොනා වුනත් වයිපරේ කියනවනම් කතාව ඇත්ත වෙන්න ඇති බං..

      Delete
    8. @පත්තරේ
      උඹේ අගේ දන්නෙ නැතුව ඇති නැත්නම් ඔහොම කියන එකක් නැ ...

      Delete
  6. මේ ඉතාම ලඟදි දවසක් වමත් කරුවන්ට වෙන්කරපු ජාත්‍යන්තර දිනයක් හැටියට වෙන් කරලා තියෙනාඅ මම දැක්කා මූණු පොතේ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ලංකාව ඇතුලේ නම් වැඩි ක්‍රියාකාරී බවක් තවම නෑ ....

      Delete
  7. මම දන්න තරමින් සහ අත්දැකීම් අතරින්, වමත් කරුවන් ඉතාමත් නිර්මානශීලියි..ඒ කියන්නේ ක්‍රියේටිව් හෙහ් හෙහ්...මම නම් දකුනු අත් කාරයෙක් හැබැයි ඔය සහෝදර කියන ආකාරයේ එක ප්‍රශ්නයක් මටත් තියෙනවා...කා එක්ක වත් එක ලඟ එක පෙලට ඇවිදගෙන යන්න බෑ අත් ඔරලෝසුව වදිනවා අනිත් එකාගේ අත් ඔරලෝසුවේ...මොකෝ මම අනිත් අය වගේ නෙමෙයි ඔරලෝසුව බඳින්නේ දකුනු අතේ නිසා...
    එක දවසක් මම ලංකාවට ආපු අලුත, ආරක්ෂක සේවා ප්‍රධානින් සමග පැවැති මීටිමකදි, ඉහල පෙලේ හමුදා ප්‍රධානියෙක් මගේ දකුනු අතේ බැඳ තියෙන අත් ඔරලෝසුව දැකලා කිව්වා එයා දන්න තව එක අයෙක් ඔහොම ඔරලෝසුව දකුනු අතේ බඳිනවා කියලා...මම ඉතින් හරකා වගේ ඇහුවා කව්ද ඒ කියලා....'සුදු කොඩි' කියලා කිව්වා..

    ReplyDelete
    Replies
    1. සුදුකොඩි කිව්වෙ ෆො ...කා ටද ?මං ඒ ගැන නම් දැනගෙන හිටියේ නෑ ...

      Delete
    2. එසේය සහෝ...මේසය යටට දාගත්ත දකුනු අත මීටිම ඉවර වෙනකන් එහෙමම තිබුනා මතකයි.

      Delete
  8. ඇයි සහෝ, ඔය දෙපැත්තටම අහුවෙන ඉතා කුඩා කොටසකුත් ඉන්නවා නේද? වම දකුණ දෙකම භාවිත කරන,

    ReplyDelete
    Replies
    1. ඒ වාසි වාදියෝනේ මචෝ...

      Delete
    2. හෑ … … අත් දෙකම ??

      යකෝ මැරිල යයි !!! :D :D

      Delete
    3. ඒ මං නම් ඇහුවමයි වමයි දකුණයි දෙකම පාවිච්චි කරන උන් ගැන....

      Delete
    4. Anonymous8/22/2014

      අවුලක් නෑ.. වෙන අයගේ කකුල් දෙකත් පාවිච්චි කරන්නේ.. yela'' yela''

      Delete
    5. අපේ පැත්‍තෙත් ඉන්නවා අත් දෙකම පාවිච්චි කරන ඩයල් එකක්. ඌ රස්සාවට කරන්නෙ පොල් ගස් නගින එක..කකුල් දෙකත් පාවිව්චි කරනවා.. ඕ යේස්.

      Delete
    6. @ප්‍රියා
      එහෙම පිරිසකුත් ඉන්නවා එ අය නම් වමත් කරුවන්ටත් වඩා අඩු පිරිසක් ඉන්නෙ මං හිතන්නෙ ...

      Delete
  9. Anonymous8/21/2014

    මගුල..
    මං උදේ පාන්දරම ඇවිත් මේ මංගල්ලෙ කියවලා කොමෙන්ට් එකක් දැම්මා.. දාල බලන කොට වම ගලවලා.. මම දකින්නෙත් වම කියල එ කක් නෑ.. වම කියන්නේ කොන්ඩම් එකක් වගේ ආවරණයක් විතරයි.. වැඩේ කරගත්තට පස්සේ ගලවල විසිකරනවා.. ආයේ කවදාවත් ගන්නෙත් නෑ.. ගන්නත් බෑ....්‍

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි විදානේ ඔය කොන්ඩම් එක පාවිච්චි කරලා සැහෙන වැඩක් කර ගන්න ඇයෝ අද ඉන්නෙ...කොම උනත් උන වැරැද්දක් පොස්ටුව අයින් කරලා උදේ ..

      Delete
  10. වාමාංශික දේශපාලනය කියන්නේනම් හරිම පූජනීය දෙයක්.

    ReplyDelete
    Replies
    1. සම හරක් එහෙම හිතනවා .සමන්ත භද්‍රලා පූජනිය කාලේ ඔවා මොකක්ද???

      Delete
  11. අත් කරත්ත පැදල නැති අය අත උස්සන්නලා....

    ReplyDelete
    Replies
    1. අත්කරත්ත වර්ග ගොඩයි නෙව... ඔය මොන අත්කරත්ත ගැනද කියන්නේ....? :P

      Delete
    2. මං අත් දෙකම පහල දැම්මා !!!

      Delete
    3. @ නලින් අයියා ..
      අත් කරත්ත මතක් වෙලා :O

      Delete
  12. මම කුඩා කල වමත්කරුවෙක්. ඒ නිසාම නර්සරි එකේදිත්, ඉන් පස්සෙ ඩේ කෙයා එකේදිත්, ගෙදරදිත් හැමෝම මාව දකුණතට හුරු කරවන්න ෆුල් ට්‍රයි එක දුන්නා. ඒ මතකයන් හරිම අමිහිරියි, තිත්තයි. ඩේ කෙයාර් එකේ උන්නෙ කලු, මහත කොණ්ඩෙ පොකුටු ඇන්ටි කෙනෙක්. එයා බැන බැන දකුණත හුරු කරවන නිසා මම එතනදි ලියන අඳින එක නවත්තලාම දැම්මා වගේ මතකයි. අම්මා ඊට දෙවැනි නෑ.

    ඔවුන් දිනුවා. මම අද දකුණතින් ලියනව. හැබැයි මගේ ලිවීමේ වේගය ඉතාම අඩුයි. දැක්කොත් ඔබත් පුදුමවෙයි.

    මේක අනිත් අයට පුංචි දෙයක්. ඒත් මට ඒක තිත්තම තිත්ත මතකයක්.

    ReplyDelete
    Replies
    1. හෑ........ අතක් පයක් වගේද කකුලක් කිව්වලු....?

      වම හුරු එකාට දකුණ හුරු කරන්නේ කොමෙයි බන්....

      Delete
    2. Anonymous8/22/2014

      දුක හිතෙන සිද්දියක් බස්සි..

      Delete
    3. චැහ්.. ඒ මොකද්ද බං ඒ වැඩේ.. !!!

      Delete
    4. ඒක මහ අසාධාරණයක්නේ බං..

      Delete
    5. @බස්සි
      අමිහිරි මතකයක් ,මටත් පොඩි පොඩි බලබෑම් තිබුණට ගෙදරින් තිබුණේ නෑ ,මොකට එහෙම කලාද දන්නෙ නෑ ඒ කාලේ අද නම් මේ තත්ත්වය පොඩි අයට මං හිතන්නෙ නැතුව ඇති ...

      Delete
    6. බලෙන් අත් හුරුව මාරු කරවන එක හොඳ නෑ කියලයි මාත් අහල තියන්නෙ. වමෙන් දකුණෙන් නෙවෙයි කකුලෙන් උනත් මොකෝ ලියනව නම් :D

      Delete
  13. අපි ඉස්කෝලේ යනකාලේ වමත් එකෙක් ඩෙස් එකට සෙට් උනොත් ඔක්කොම උන් එකතුවෙලා තග දාලා ඒකාව දානවා ඩෙස් එකේ වම් කොනටම ඕන මගුලක් කරගනින් කියලා.

    ReplyDelete
    Replies
    1. ඕන හිතපන් එහෙම කටු කන එකාගේ මානසික තත්වෙ,ඇත්තම කිව්ව එකට ස්තුතියි බන්

      Delete
  14. වමත් කාරයෝ වැඩකාරයෝ කියලා කතාවක් නම් තියෙනවා. ඒත් වම් අතෙන් ගිඟා ඉල්ලන උනුත් ඉන්නවා.. ඕකත් සාපේක්ෂයි..

    නමුත් අප්සට් වැඩේ තමයි. අපි වමේ කියලා කෑ ගහලා. වැඩ කරන්නේ දකුණෙන් වීම.. අන්න ඒක නම් කැතයි...

    ReplyDelete
    Replies
    1. මාතලන් හරි මේ දේත් සාපේක්ෂයි ,වමෙන් කියලා කෑ ගහලා දකුණෙන් වැඩ කරන එක දේශපාලනයේදි නම් ලෙසි ඇති හැබැයි ලියන එක නම් එහෙම නෑ මං හිතන්නෙ ..

      Delete
  15. මමත් සහෝගේ පැත්තේ. ඒ කියන්නේ වමත්. කන්නේ දකුනින්. අනිත් වැඩ ඔක්කොම වමත් ..

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි ..හැක් කෑම වම් අතින් කන අයත් මට හම්ම්බ වෙලා තියෙනවා,සම හරක්ට නම් එක පිලිකුල් දේයක් ...

      Delete
  16. දාපන් මචං වමෙන් පහක්! පිස්සු හැදෙන්නේ සමහර උපකරණ පාවිච්චි කරන්න ගිහාම තමයි. මොකෝ ගොඩක් ඒවා හදලා තියෙන්නේ දකුණට හරි යන විදිහට

    ReplyDelete
    Replies
    1. ඔන්න පහක් ...ගොඩක් දේවල් දකුණින් වැඩ කරන්න හදලා තියෙන්නෙ එවා වමත හුරු උන් වැඩ කරන්න ගියාම එපාම වෙනවා,

      Delete
  17. මම නම් දකුණේ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ලොක්කගෙ ගමේද....

      Delete
    2. දකුනේ කිව්වෙ ගම දකුණේ වෙන්න ඇති නේ හැක් ...

      Delete
    3. පුක ලෑල්ලට වදින ගමේ එකෙක් නේ දිනේෂ්..

      Delete
  18. මගෙ පුතත් වමත්....... පුංචි කාලෙ ඉදලම......මම වෙනස් කරන්න ගියෙත් නැහැ......
    නමුත් මේ ලිපිය කියෙව්වම අහල බලන්න සිතුන පාසලේදී එයාට වෙන අපහසු තිබෙනවද කියා....
    හැබැයි මෙයාලට නම් එක ලග වාඩි වීමක් නැහැ.......ටිකක් දුරින් වෙන්ව තමා .....

    ReplyDelete
    Replies
    1. දැන් නම් වමත කියන එක ලොකු ගැටලුවක් නැතුව ඇති මං හිතන්නෙ ,අහලා බලන එක නම් වටිනවා ,පොඩිඩා ගෙන් ....

      Delete
  19. මමත් වමත් ගොඩක් දේවල් කියන්න නං තියෙනවා,පෝස්ට් එකක්ම දාන්නං.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි ..ස්තුතියි හැලප

      Delete
  20. අනේ මන්දා... මම නම් දකුණෙන්....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කිව්වෙ පොස්ටුව පැහැදිලි මදි වගේ හිතෙන්න ඇති නේ ...හේමිට කියවලා බාලන්න ..දකුණෙන් ලියන අයනේ වැඩි පිරිසක්

      Delete
  21. Anonymous8/23/2014

    මගේ යාළුව වමත්.ඉස්‍‍කෝලෙදි ලියන වෙලාවට අතේ වදින ප්‍රශ්නෙනම් අපි හම්බුන මුල් කාලෙදි තිබුන.අවුරුදු 11ක් ම අපි දෙන්න එකම පංතියෙ එක ලගම හිටපු නිසා යාළුව වැඩි ඉඩ ප්‍රමාණෙක ලියන වැඩ කරන්නත් මම කුඩා ඉඩ ප්‍රමාණෙක ලියන වැඩ කරන්නත් පුරුදු උනා.කිසිම ප්‍රශ්ණයක් ඇති උනෙත් නැහැ .වමෙන් ලියන අය බුද්ධිමත් කියන කතාව මමත් අහල තියෙනව .

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව වමෙන් ලියන අයට පොඩ්ඩක් වැඩියෙන් ඉඩ ඕන අත වුනත් හසුරවන්නෙ පොඩ්ඩක් ඇදේට ,අවුරුදු 11ක් හිටියා කියන්නෙ එකට ...මෙහෙම යාළුකම නම් වටිනවා ...

      Delete
  22. වමෙන් ලියන අයගේ අකුරු ලස්සනලු??? මගේ ගැන කිව්වොත් ඔය කථාව සම්පූර්ණ බොරු! මටත් එපා වෙන්නේ අර ලියන ලෑල්ල පුටුවටම සෙට් වෙලා එන පුටුව පාවිච්චි කරද්දී...

    ReplyDelete
    Replies
    1. මුලින්ම පිලි ගන්නවා මේ පැත්තට ,
      අකුරු කතාව මම පිලි ගන්නෙත් නැ වැඩිය,මගේත් අවුල් නේ හැක් ...ඇදි පුටු වල වමෙන් වැඩ කරන අයට හදපු එවත් තියෙනවා මට හම්බවෙලා තියෙනවා,අනික් වෙලාවට නම් එපා වෙනවා

      Delete
  23. වමෙන් වමෙන්.. කන්නේ දකුණෙන්

    ReplyDelete
  24. සහෝදර වාමාංශිකයෙක් එතකොට. ඉස්සර ඔය ලෙක්චර් රුම් පුටු හා අර සිතියම් අඳින මේසය හා ටී රුල වමත්කරුවන් සෑහෙන අපහසුවට පත් කරපු උපකරණ . මම දැකලා තියෙනවා වමත හුරු මගේ යාලුවෙක් වින්ද අපහසුව ඒවා නිසා . දැන්නම් හැබැයි වම්මු ගැනත් හිතනවා මේ වගේ තැන්වලදී

    ReplyDelete
  25. ඇත්ත වමත් කරුවන් තීක්ෂණ බුද්ධියක් තියන අය කියල මමත් කොහේදෝ කියෙව්වා...
    ශ්‍රෙෂ්ඨ බුද්ධිමතුන් වගේම අපරාධකාරයොත් ඒ ගොඩේ ඉන්නවා.. අපරාධකාරයෙක් වෙන්නත් තියුණු මොලයක් තියෙන්න ඕනනේ :D

    ReplyDelete
  26. මට සමහර දේවල් වමෙනුත් හුරුයි. මවුස් එක පාවිච්චිය, ඇණ ගලවන නියනක් පාවිච්චිය වගෙ දේවල්. ඔය මේසන් බාස්ලට හෙම නම් දෙකම හුරුයි. මගෙ අක්කා කෙනෙකුට අත් දෙකෙන්ම ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් වඩා හුරු අතේ වැලමිට කොටසයි නුහුරු අතේ වැලමිට කොටසයි දිග ඇරිරල තියද්දී ඒ දෙක අතර, පොඩි වෙනසක් නැද්ද ?

    ReplyDelete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.