03 February, 2014

මොකක්ද මේ සංකල්පය ?

මේ දිනවල බ්ලොග් ලොකයේ නානන්තර විපර්යාස වෙමින් පවති.කෙසේ වුවද මා මේ දිනවල ලිව්වෙම මගේ වචනයෙන්ම කිවහොත් සිගිති ආතල් දෙන කතාය,
               අද   කියන්න වෙන්නෙ වෙනත් කතාවකි,මේ කතාවත් කලින් මා කිවු ඉරිඟු කතාව මේන් මා කුඩා කාලයේ සිටම අත්දකින කතාවකි. ගොඩයා කවුද මේ ගොඩයා කියන්නෙ?හැමදාමත් උඹලා මහා ගොඩයෝ බන්,ගොඩේ කම නේ,ආදි කතා දැන් මං පොරට වැඩිය නැති වුණත් මං එදා මං හිටි තත්වයේ අද ඉන්න උන් හට තිබෙනවා.ඇත්තටම කාටද මේ ගොඩයා කියන්නෙ,මට තෙරුණු විදිහට නම් මේ ගොඩයා කියලා ගමෙ අයටය.ඇයි මේ ගොඩයා කියන්නෙ ,නගරේ ඉන්න අයට වඩා ගමේ ජිවත් වෙන අයගේ ගතිගුණ,කතාව අදි හැම දේම වෙනස් ,ඒ වෙනසට ගොඩයා කියලා පහත් කරාම හරිද ?
                                     අපේ රටේ ඉන්නෙ මිලියන විස්සකට ආසන්න ජනතාවක් ,ඒ වුණත් අපේ ඉන්න මිනිස්සුන් ගේ තියෙන්නෙ පුදුම භේද බින්න කමක්,මට හිතෙන හැටියට ඒ භේද බින්න කමේ එක පැත්තක් තමා මේ ගොඩයා සංකල්පය.ඔය දේ මම හිතන්නෙ උඩරට පවුල් වදි රදළ ක්‍රමය තුල ලොකු අනුබලයක් තියෙන්නෙ ඇති.මම හිතුවේ දැන් ඔය කතා නැතුව ඇති කියලා එත් මේ දවස් ටිකෙම අහන්න වුණා ඔය කතාව.මට නම් තෙරෙන්නෙ නැහැ මේ ගොඩයා කතාව,මොකද මාත් මේ කියනවා වගේ ගොඩයෙක් නිසා වෙන්නෙ ඇති.
                          පොඩ්ඩක් හිතන්න දැන් නුවර පැත්තෙ අයගේ කතා රටාව,සිරිත් විරිත්,හැසිරිම වෙනස්,මාතර පැත්තෙ ඊට වඩා වෙනස් ,මාගම් පත්තුව,දිගාමඩුල්ල අදි පැති වල කතා කරන විදිහ,සිරිත් විරිත් අදිය වෙනස් ,එහෙම බලන කොට කොතන ද මේ ගොඩයා ඉන්නෙ.අවසානේ සල්ලි භාගේ නැති දුප්පත් මනුස්සයාට තමා මේ ගොඩයා කියලා තියෙන්නෙ.සම හරක් කෙනෙක් ජිවත් වෙන පැත්ත අනුව ගොඩයා කියලා කියනවා ,අපෝ ඒ පැත්තෙ ද ඔයා ,එහේ මහා ගොඩයෝ නේ ඉන්නෙ .මං පොර නම් ඕන තරම්  ඔය කතාව අසාගෙන තියෙනවා.එත් පොඩි කාලයේ සිත් පිඩා කර ගත්ත ද දැන් නම් මං ගොඩයා කියන එක මං කියන්නෙ අඩම්බරෙන්.මොකද එකත් හොද මාකට් කරන්න පුළුවන් දෙයක් නිසා.
                           මේ කතාවට අසන්නම හෙතු රාශියක් තියෙනවා ඒ මම බස් එකේ ගමනක් යන විට බස් එකට ගොඩ වුණා මිනිස්සු කණ්ඩායමක් ,නගරේ එක්ක බලන කොට ,ඇදුම් පැලදුම් ,කතාව හාත්පසින්ම වෙනස් ,පොඩ්ඩක් බස් එකේ සද්දෙන් කෑ ගහනවා ,පොඩි උන් එහෙට මෙහෙට යනවා,එවා දැකපු මගේ ලඟ හිටපු පොර මට කියනවා මල්ලි අර බලන්න මහා ගොඩයෝ සෙට් එකක් ,අදද දන්නෙ නෑ කැලේන් එලියට බැහැලා තියෙන්නෙ ,ශුවර එකට මහියංගනය පැත්තෙ වෙන්නෙ ඇති.මට ඉතින් මේ දවස් වල පුෂ්පය අතේ අරන් යන ගමන් ඉන්නෙ අර මනුස්සයාට මම මොකුත් කිව්වෙ නෑ ,කිව්වා නම් ගුටි කෙලියක් තමා එතන,

          ඇයි යකෝ ඒ මිනිස්සු ඇත්තටම මහියංගනයේ කියමු,හරි අදිවාසින් උනාම කියමු ,ඇයි ඔය කියපු එකා එංගලන්තේ මහා රජා වදපු එකෙක් ද ?මං පොරත් ඔය වගේ කතා මුණටම අසා ඇති පොරක්ය.එත් තව මනුස්සයෙක්ව දැක්ක ගමන් පහත් කරලා කතා කරන මේ වගේ මනුස්සයෝ මට නම් පෙන්න බෑ.කෙනෙක් උසස් හෝ පහත් වන්නෙ පුද්ගලයන් කරන ක්‍රියාවෙන් බව අපි කුඩා කල සිටම අසා ඇති කතාවයි,ඉතින් කවුද මේ සමාජයේ උසස් අය ....

සටහන 
මේ කතාව දැනටත් වචනයෙන් ලියන බ්ලොග් කරුවන් මා දැක ඇත.ඒ අයවලුන් රෙදි උස්සා ගත යුතු නැත,කතාව විද ඇති අය හා තෙරුම් ගත හැකි අය සදහා පමණි.

ප.ලි 
තවම මේ තත්වය රට තුල තිබිම ඇත්තටම ශෝචනීය තත්වයකි . 
තරමක් පුෂ්පය අතින් ගෙන ලිවු පොස්ටුවකි ...

26 comments:

  1. මම නම් දකින්නෙ අපේ මිනිස්සු බෙදෙන්න, මම අනෙකට වඩා වෙනස් උසස් කියලා පෙන්නන්න කැමතියි. අපි ජාති වලට බෙදෙනවා ඊට පස්සෙ එකම ජාතියෙ උන් ආගම් වලට බෙදෙනවා ඊට පස්සෙ එකම ජාතියෙ එකම ආගමෙ උන් කුල වලට බෙදෙනවා. ඔය ඔක්කොම ගැලපෙන උන්ට බෙදෙන්න විදියක් නැතුව පොෂ්- ගොඩේ විදියටත් බෙදෙනවා. බෙදිලා ඇර ගන්නවා.

    අනේ මන්දා සහෝ. අපේ උන් කවදා හැදෙයිද??

    ReplyDelete
    Replies
    1. 100% සහතික ඇත්ත ප්‍රියා අපේ උන්ට ඔවා පෙනවා හොදට ,රටේ වෙන කොච්චර දෙවල් තියෙනව ද බලන්න,එත් කරන්නෙම අනික් එකාට වඩා තමන් ලොකුයි ,උසස් කියලා පෙන්නන්ඩ හදන මොඩ වැඩෙ විතරයි.අපේ උන්ට තෙරෙන්නෙ නෑ ප්‍රියා මෙක ගොන් වැඩක් කියලා

      Delete
  2. ඔක්කොම ගොඩයෝ තමයි.. නැතිව වතුරයොයි.. ඔය ගොඩේ කියන කතාව හදලා තියෙන්නේ මඩේ ඉන්න උන්. ඒ කියන්නේ ගොයියෝ. එහෙම කුළයකුත් තියෙනවනේ. උන් මේ මඩ හෝද ගත්තාම රජවරුය කියලා අන්දලා නේ තියෙන්නේ. ඒ උනාට අපේ රටේ ගොවියෝ තාමත් හිඟන්නෝ. ගොඩයො නම් සෑහෙන ඉස්සරහට ගිහින් කුඩු කන්ටේනර් හිටන් ගේන තත්වෙට පත්වෙලා. එහෙම ගොයියොත් නැතුව නෙමෙයි.

    මම නම් ගොඩේ කම මනින්නේ කෙනෙක්ගේ චින්තනයෙන්. බෙන්ස් එකේ ගියත් කතරගම යන එකෙක් නම් ඌ මට ගොඩයා..

    ReplyDelete
    Replies
    1. අනිවා මාතලන් අපේ ගොවියෝ ගැන කතාව නම් අන්තිම නරකයි,ගොවියා මඩෙ හිටියේ දැන් වලේ වැටිලා ඉන්නෙ ,ගොඩ හිටිය උන් කන්ටෙනර් පිටින් ගෙනල්ලා හරි දැන් ගොඩ ගිහින් ,එකට ඉදන් කියන කතා තමා ඉවසන්න් බැරි ...

      මම නම් ගොඩේ කම මනින්නේ කෙනෙක්ගේ චින්තනයෙන්///
      100% එකඟයි හැහොම ඔහොම හිතනවා නම් ප්‍රශ්නයක් නෑ

      Delete
  3. කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රහ්මනෝ..

    ReplyDelete
    Replies
    1. 100% හරි සැම් බුදු හාමුදුරුවෝ කිව්ව බණ ,එත් දැන් මිනිස්සුන්ට ඕවා මතක නෑ ...

      Delete
  4. බොබසේ එකෙන් ජාති,ආගම් භේද අවුස්සන්වා.
    සමහරු කුල භේද ඔලුවට ගහන් ඉන්නවා.
    ඔය අතරේ සම හරක් ඔය කියන ජාතියේ භේදත් තියන් ඉන්නවා.ඔව්වා ඔහොම තමයි.
    මෙන්න දුලා'ස් ස්පෙෂල්

    ReplyDelete
    Replies
    1. දුලා අපේ උන්ම අපේ උන්ව කපන එක නේ බලන් ඉන්න බැරි .එක රටේ එත් අනිකා පහත් ,තමන් උසස් කියන මානසිකත්වය නිසා තමා මේ ගොන් කතා

      Delete
  5. ඔය ගොඩයා කියන වචනෙත් මට හිතෙන්නේ අනෙකා ගැන තියෙන ඉරිසියාව පිට දාන්න යොදා ගන්න වචනයක් හැටියට තමයි....... අපිට වඩා ඉහල යන්න දගලන එකෙක්ක්ට උයි මමයි දෙන්නම අදුරන කට්ටියක් ඉස්සරහා ඔය ගොඩයා දන්නා තරම තමයි කියලා කිව්වම මටනම් හිතට හරිම සනීපයක් දැනෙන්නේ.................... ( හුකැස් .....)

    ReplyDelete
    Replies
    1. මැලේ රාළ පිලිගන්නවා ..
      100% ඔබ හරි අනෙකා ගැන ඉරිසියාවට හා අනිකා පහත් කරන්න හිතන් තමා ඔය කතා ,අන්තිම ටික නම් මට තෙරුනේ නෑ ඕන්

      Delete
  6. ගොඩයා කියලා අපහාස කරන්න සමහරු ඕක යොදාගත්තට අද වෙනකොට තත්වය වෙනස්, ගොඩේ කම අද සාර්ථක වෙළඳ උපක්‍රමයක්. සමහර කලාකරුවෝ දේශපාලකයෝ කටපුරා කියන්නේ අපි ගොඩේ මිනිස්සු.කියලා එකෙන් එයාලා මාර මාකට් එකක් හදාගන්නවා. එකම වචනේ දෙපැත්තට යෝදාගන්න් අපූරුව.

    ReplyDelete
    Replies
    1. ඔය උඩ ඉන්න ඇයොත් කරන්නෙ ඒ ටිකමනේ ,මට තියෙන ප්‍රශ්ණෙ එ මින්ස්සුන්ට අපේ උන් ගොඩයා කියලා කියන්නෙ නෑ ,එත් අපේ අහිංසක මනුස්සයාව පහතට දලා කතා කරනවා .ඇත්තටම බොරු ගොඩයන්ට ,ගොඩේකම මාකට් කරන්න පුලුවන් ,එත් ඇත්ත මනුස්සයාට දරා ගන්න බෑ ඒ දේ ..

      Delete
  7. Anonymous2/03/2014

    මට අනුව නම් ගොඩයා සහ ගමයා යනු දෙන්නෙක්.ගොඩයා කියන්නේ දියුණු නොවූ හැසිරීම් ඇති නැත්නම් පසුපසින් ඉන්න ප්‍රජාවක් කියන එක.කෙනෙකුට ගැට්ටක් හදන්න ඕනම දෙයකින් පුළුවන්.ගමයා කියලා ගමේ ඉඳන් ආපු කෙනෙකුට කියන්න පුළුවන්.ටිකක් මතක් කරලා බලන්න එකම බීම බෝතලෙට දෙන්නෙක් "අලියා ජින්ජර් බියර්" කියලයි "EGB" කියලයි කියන වෙළෙඳ දැන්වීම ගැන.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. අන්න නියම කතාව ඇත්තටම කාට හරි ගැට්ටක් හදන්න ඕනිම පහත් දෙයක් යොදා ගන්න පුළුවන් ,මට තියෙන ප්‍රශ්නෙ අපේ මිනිස්සුම අපේ මිනිස්සුව මේ තරම් පහත් කරන එක

      Delete
  8. හප්පා... පබ්ලිසිටියකුත් දීලා!

    ReplyDelete
    Replies
    1. නොවරදින වශි ගුරුකම් වල ප්‍රතිඵල තමා ...හැක් හැක්

      Delete
  9. Anonymous2/04/2014

    මම බ්ලොග් ලෝකයට අළුත් .පොඩි ටෙස්ට් එකක් විදියට කොමෙන්ට් එක දැම්මෙ.අපේ පැත්තෙ එන්න.කොමෙන්ට් එකක් කරල පොඩි සපෝට් එකක් දෙන්න.මාත් ඇවිත් නොවරදවාම කොමෙන්ට් කරන්නම්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ස්පොට් එකක් දෙනවා,ලින්කුව එක කරන්න ...එතකොට හරි ,මම බ්ලොග් ලිස්ට් එකටත් දාන්නම්

      Delete
  10. තව ටිකක් වයසට ගියාම කට වහගෙන ඉන්නේ නැතුව කතා කරන්න ගට ඒවි!

    ReplyDelete
    Replies
    1. හැක් හැක් .....එවා කියන්න බෑ ,ගට එයි .දැනටත් මම පුලුවන් තරම් දේවල් කරනවා .

      Delete
  11. මටත් ගමේ කතා ගොඩක් තියෙනවා, මම බය නැ, මොනවා කිවත්,
    වැදගත් , දුප්පත්, පෝසත් , අපිට වැඩක් නැ,
    අපි ශ්‍රී ලාංකිකයෝ

    ReplyDelete
    Replies
    1. මමත් භය නෑ කුමා ,එත් ලැජ්ජා හිතෙනවා අපේ මිනිස්සුම මේ කියන කතා දැක්කාම

      Delete
  12. හුඟක් දෙනෙක් ඔය සංකල්පය මනින්නේ ඇදුමෙන් පැලදුමෙන්, හැසිරීමෙන්, කතාබහෙන්.. ඒත් ඒක ගොඩේ කම නෙමෙයි තමන් ජීවත් වන පරිසරයේ ආර කියන එක ඉතින් තේරුම් ගන්නේ කී දෙනාද..

    ReplyDelete
    Replies
    1. එක තමා මාත් කියන්නෙ එ මිනිස්සුන් ගේ පොඩි පොඩි දේවල් වෙනස් උනා කියලා පහත් කරලා කතා කරන්නෙ ,සලකන්නෙ සබෑ පහත් මිනිස්සු,අනික එහෙම කතා කරන්න තියෙන අයිතිය මොකක්ද?
      එක ඉතින් තේරුම් ගන්නේ කී දෙනාද..

      Delete
  13. සහෝදර තුමා ඕම ගියාට රත්ත කොල්ල නං ඕවට දෙන්නෙ දොබෙං යන්න මොකද කොච්චර කොන්ටෝල් 1 හිටියට මගෙ කටට බේක් නෑනෙ. අනික ඕම ටෝක් දෙන බුවාල ඔක්කොම හිතං ඉන්නෙ උං හෙන පොරවල් කියල. නෙද්දකිං හාල් පාරුවො... මට නං පෙන්නන්න බෑ.. තූ....

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මහේෂ් මම ඔය වගේ කතා කරා කලින් වෙන සින් එකකට ,අවසානේ ඒ මිනිස්සු කියනවා මහත්තයා යන්න අපි අපේ ප්‍රශ්න බෙර ගන්නම් කියලා ,මම නිකන් පිචං උනා ,හැබැයි මම හිතන්නෙ ඒ මිනිස්සු නොදැනුවත්කම නිසා ,

      ඔය මිනිස්සු පහත් කරලා කතා කරන උන් මට පෙන්නත් බෑ ,වැඩිය ඉන්නෙ උන් මේ රටෙ මොනවා කරන්න ද ?

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.