13 March, 2014

කුවේණි වුණත් වැරදි නෑ


අද කතාව කියන්න හෙතු වුණු වස්තු බීජ රාශියක් පසුගිය කාලය තුලම දක්නට ලැබිණ, බොහෝ කරුණු ප්‍රසිද්ධ මාධ්‍යය තුලින් සොයා ගත හැකිය.කෙසේ වෙතත් මං පොර නම් ඔය යන්ත්‍ර -මන්ත්‍ර,නැකත් අදිය හිස මුදුනින් පිලි ගන්නෙ නැත.එවා බොරුයි කියා කියන්නෙ ද නැත.එහෙම කියන්න ගියොත් මං පොරත් බොදු බල සේනාව මෙන් ආන්ධානුකරණයට බැණ වදිමින් එකම කරන පිරිස් ගේ ගොඩට වැටෙනු ඇත.නමුත් පෙනි පෙනි ඔය විකාර වැඩ අනුමත් කරන්න මං පොරට නම් බැරිය.කෙසේ මුත් ඒ කතා එසේය.

එක එල්ලෙම අසන්න ප්‍රරශ්නයක් ඇත.එනම් අපේ ජිවිත පිලිබඳ කොලයක් ,තැටියක් කුමක් හෝ නොපෙනෙන දෙයකින් කියා තවත් මනුස්සයෙකුට තිරණ දිය හැකිද?.අපි බොහෝ දෙනෙකුට කෙන්ද්‍රයක් කියා එකක් සදා ඇත.ඇත්තටම ඔකද අපේ ජිවිතය පෙන්වන එකම කරුණ.අපේ මිනිසුන් මං පොරට පෙන පරිදි භෞතික වශයෙන් යම් දියුණුවක් ලගා කර ගන්නා අතර විශාල වශයෙන් මානසිකව කඩන් වැඩි ඇත.නැත්නම් ඔය යන්ත්‍ර-මන්ත්‍ර කඩවල් වල මෙතරම් පොලිම් තිබිය නොහැක.මානසික වශයෙන් යම් සහනයක් ලගා කර ගැනිමට බෝධි පූජා වැනි ඕනෑ තරම් ක්‍රම තිබේ.

නමුත් ජිවිත එක්ක සෙල්ලම් කරන මේවැනි ගෝත්‍රික වැඩ මං පොරට නම් කිසිසේත්ම අනුමත කරන්න බැරිය.තැටියක් දෙස බලා ඇද බාන බෙගල් දෙස දොහොත් මුදුන් තබා වැද ඉන්නා පිරිස් දැක්කාම ඇති වන්නෙ අනුකම්පාවකි.මේ තැටි වලට හෝ ඔය දේවාල වලට ලක්ෂ ගනන් මිනිසුන් ඝාතනය කල ප්‍රභාකරන්ට හෝ එකෙකු ගේ මයිලක් වත් හොලවන්න බැරි විය.එහෙත් අහිංසක මිනිසුන් මිරිස් හෝ යම් දෙයකින් වරු තුනෙන් අනතුරක් කල හැක.වරු තුනෙන් වැඩ පෙන්වන මේ තරම් වැඩකාරයෝ හිටියා නම් ප්‍රභාකරන් අවුරුදු 30ක් නටන්න දෙන්නෙ නැති ය.අපේ අවාසනාවට මේ වීරයන් ඒ දවස් වල මර නින්දේ ය.අවදි වී තිබෙන්නෙ දැන් ය.ඒ කාලයේ සිටියේ වෙඩි උන්ඩෙට පපුව දෙන්න අපේ වීර හමුදාව පමණි.

සම හරක් මෙසේ කියන විට ගොඩනගන ප්‍රධාන තර්කයක් නම් මේ දෙවල් අපේ සංස්කෘතිය කියලා ය.ඇත්ත මං පොරත් සංස්කෘතිය තුල මේ දෙවල් තියෙන්න ඕන කියන එක පිලි ගන්නවා.එත් මේ දේ පරම සත්‍ය කියා පිලි ගන්නෙ කුමක් මතද ?. කතාව උදාහරණ මගින් කියනවා නම් මෙසේය.ඔන්න ගැණු දරුවෙක් ඉපදෙනවා ,කෙන්ද්‍රය බලනකොට සතර කෙන්ද්‍රයේ ග්‍රහයෝ නෑ,තව ඔය සර්ප යෝග ,පවුලට හොද නෑ,තාත්තාට හොද නෑ වගේ එක එක ප්‍රශ්න දානවා තවම පොලොවේ පය තියලාවත් නැති පොඩි එකා ගේ ඉදලාම.මෙහෙම කියන්නෙ යම් ක්‍රමයකට වෙන්න පුළුවන් හැබැයි ඒ දේ සත්‍ය නොවෙයි.අන්න එක සත්‍ය කියලා මං පොර පිලිගන්නවා.හැබැයි ඔය යම යම් දේවල් සම්භාවිතාව අනුව ඕනම කෙනෙක් ගේ ජිවිත වල වෙනවා ,ඇතැම් විට ඔය දරුවා ගේ තාත්තාට යම් අනතුරක් වෙන්න පුළුවන් ,ඔන්න හැම කෙනාම කියන්න ගන්නවා  අර දරුවා ගේ වරදින් තමා මේ දේ වුණේ කියලා ,ඇත්තට මෙහෙම වෙන්න පුළුවන්ද ?කොම වුණත් අර දරුවා සමාජයට වයිර කරන පුද්ගලයෙක් නම් වෙනවා.(ඔය සියළු දෝශ දෙකොඨාශයටම තිබුණත් කුමණ හෝ වරදින් පිරිමියා ගේ එවා වැඩිය මතු වෙන්නෙ නෑ )

තව දෙයක් තමා ඔබේ සැමියා බිමත් ද?/ඔබට දරුඑල නැත්ද මෙන්න අපෙන් සහනයක් ,අර අම්මාගේ වරයෙන් මේ යකා ගේ බලයෙන් ඔබේ ගැටලු වලට විසදුම් යනාදි දෙවල් ඕනෑ තරම් දැක ඇතුවා නිසැකය.

නිමිත්ත -:
ඔන්න කසාද බැදලා අවුරුදු ගනනක් යනකන් දරුවන් නැති පවුලක් ඉන්නවා,කරන්න තියෙන ගොඩක් දෙවල් කරනවා,ප්‍රතිඵල නෑ,පස්සෙ කවුරු හරි කියන දෙයක් අහලා ඔය වගේ යන්ත්‍ර-මන්ත්‍ර වැඩ කර්න ස්ථානයකට නෝනා මහත්තයා හොරෙන් යනවා ගියාම කියන්නෙ මෙන්න මේ ගුලි දවස් 14ක් යනකන් කැම වලට දාලා කන්න දෙන්න මේ ගැන කටවත් කියන්න එපා එහෙම වුණොත් මෙකේ බලය නෑ කියලා.ඊට පස්සෙ නෝනාත් ඔය වැඩ ටික පිලිවෙලට කරලා අයේ ගියාම කියනවා මහත්තයාව එක්කරන් එන්න කියලා.මොනවා දෙනවද දන්නෙ නෑ ඔය බෙහෙත් කියලා,හැබැයි අවසානයේ වෙන්නෙ අර මනුස්සයා මානසික රෝගියෙක් හරි ,වෛද්‍යවරුන්ට හොයා ගන්න බැරි ලෙඩක් හැදිලා අකාලයේ මිය පරලොව යනවා.පස්සෙ ඔය ගැන ආරංචි වෙන පිරිස් හමුවේ ,අර බිරිදට ඇති වන පිඩනය ආදි නොයෙක් ප්‍රශ්න.අවසානයේ ඒ මනුස්සයාටත් තමන් ගේ ජිවිතය එපා වෙනවා.ඕවැනි සත්‍යය කතා විශාල ප්‍රමාණයක් පසු ගිය දවස් වල අහන්න දකින්න ලැබුණා.

ඇයි මිනිස්සු මේ තරම් හරි ක්‍රම තියෙද්දිත් මේ වගේ ගෝත්‍රික වැඩ තවමත් පිලි ගන්න හදන්නෙ.ජීවිත්යෙන් වන්දි ගෙවන්න වෙන තරම් අවධානමක් අරන් ,මං පොරට හිතා ගන්නම බැරි ප්‍රශ්නයක් .විශේෂයෙන්ම උගත් කියලා රටේ පිලිගත් අය තමා වෙලාවකට මේ දෙවල් වල ඉදිරියෙන්.පසු ගිය කාලයේ රහත් වුණු භික්ෂූන් ඉන්න රටක ද මෙහෙම වෙන්නෙ කියලා හිතෙනව වේලාවකට.

ප.ලි 
අසන්න දකින්න ලැබුණු කරුණු නිසා මේ දේ ලියවුණි.කියවන්න අපහසු බව මං පොරටද තෙරෙනවා .හිතේ තිබුණු කලකිරිම,පිලිකුල වැනි සිතුවිල්ලක් නිසා ලියවුනේ මේ විදිහට .

41 comments:

  1. Anonymous3/13/2014

    සහෝ, ටිකක් හිතන්න ලියල තියනවා...

    මොනව උනත් මිනිස්සු කරදරේකට පත්වුනාම බලන්නේ කොහොම හරි එතනින් ගොඩඑන්න,
    අවට සමාජේ උදවිය කියන්නේ ,ඕකට අතන්ට ගිහින් නූලක් දාගන්න, සාත්තරයක් අහන්න, වතුර කලයක් මතුරගන්න, අහවල් දෙවියාට පූජාවක් තියල බාර වෙන්න, පඩුරක් ගැටගන්න, etc...
    එතකොට අර කොතනින් හරි ගොඩඑන්න බලන මිනිහා ඒ තැන්වලට ඇදිල යනවා...


    ReplyDelete
    Replies
    1. විදානේ ඔබ හරි මිනිස්සු අසරන කමත් එක හෙතුවක් මේ වගේ වැඩ වැඩි වෙන්න එත් ගොඩ යන්න කියලා වට පැනලා හරි යන්නෙ නෑනේ ,

      Delete
  2. සම හරක් අපි හිතනවාට වඩා අතිශයින්ම දුර්වල මනසකින් යුත් අය. අපි හොඳ ප්‍රබුද්ධ, ලෝක විෂයය දන්න, විචාර බුද්ධිය ඇත්තවුන් කියලා හිතාගෙන ඉන්න සම හරක් එළ හරක් ටත් අන්තයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත විචාරකතුමා
      මිනිස්සුදුර්වල කම නිසා තමා මේ වගේ වැඩ ජයට කෙරිගෙන යන්නෙ

      Delete
  3. කියවන්න අමාරුවක් නෑ. උඹ නියමෙට කියලා තියෙනවා.

    වැඩක් නෑ බන් මේවා කතා කරලා. කළකිරෙනවා මේවා දැක්කම. මුන්ට ඕන මුන්ගෙ දුර්වලකම්, අඩුපාඩු, වැරදි, හැම රෙද්දම භූතයෙක්ට කේන්දරෙකට භාර දීලා අත පිහද ගන්නයි.

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ අමාරු කියලා ප්‍රියා ඉක්මනින් කොටපු නිසා .
      ඇත්තටම කලකිරෙනවා ,හැමදෙයක්ම මිනිස්සු අන්තෙටම යන්න හදන්නෙ එකයි අවුල

      Delete
  4. හිත තමයි ඉතින් කෝකටත්.. ගොඩක් වෙලාවට මිනිස්සු හොරුන්ට අහු වෙනවා.

    ReplyDelete
    Replies
    1. හිත කඩා වැටිම නිසා තමා මේ අගේ දෙවල් වලින් පිලිසරණක් හොයන්න යන්නෙ ,ගොඩක් වෙලාවට නෙවෙයි චන්දන මේ ඉන්න උන්ගෙන් 99.99%ක්ම හොරු

      Delete
  5. මිනිස්සු මරාගෙන කන්න උපන් තවත් හැත්තක්..ඕක හරියට දන්න එකෙක් හොයා ගන්න පුලුවන්ද අද/

    ReplyDelete
    Replies
    1. ඔකේ තිබුණු ගුණාත්මක පැත්ත දැන් නෑ දැන් තියෙන්නෙ සල්ලි හම්බ කරන ක්‍රමයක් .

      Delete
  6. අපේ උන්ගේ මාර ශ්‍රද්ධාවක් නේ තියෙන්නේ! අනේ වාසනාවන් ඕන ගිනි ගෙඩියක් ගිලිනවා

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ නාඩි ,මොනවද කියලා බලන්නෙ නෑ ,දෙන හැමදෙම කන්න ගිහිල්ලා තමා ඔය ජීවිතත් නැති වුණේ ,

      Delete
  7. හ්ම්..අනේමන්දා පත්තරේක මේව ගැන දවසකට යන දැනවීම්ම කොච්චරක්ද? එහෙම දිනපතා දැනවීම් දාන්න තරම් ඒ මිනිස්සුන්නට මේයින් ආදායමකුත් ඇති නේ

    ReplyDelete
    Replies
    1. තනිකරම සල්ලි මත තමා දැන් මේ දෙවල් තිරණය වෙලා තියෙන්නෙ ,අදායමක් ඇති එක්කෙනෙක් ගෙන් කියක් නම් ගන්නවා ද ?

      Delete
  8. ඉතාම වටිනා ලිපියක් සහෝදර.
    මමත් මේ වගෙම ලිපියක් ලියන්නයි ඉන්නෙ .ඒනම් ජ්‍යෝතිෂය ගැන.ඇත්තෙන්ම මාර විදියට මිනිස්සු මුළාවෙන ක්ෂේත්‍රයක් තමයි මේක.මම නම් මේව සත පහකට ගනන් ගන්නෙ නෑ. මම හිතන්නෙ තවම විද්‍යාවෙන් සොයානොගත් යම් දෙයකුත් මෙතන තිබෙනවා. ඒ භූතයන් කතා කරවීම හා අනාවැකි කීම යන අංශවල.අනෙක් ඒ වගෙ නම් 100% ක් ම බොරු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යකා
      ලියන්න ,මේ දෙවල් වලින් කරන්න පුළුවන් යම් කිසි කොටසක් පමණයි කියලා මං නම් හිතන්නෙ ,එත් මේ දැන් ඉන්න මිනිස්සු මේ දෙවල් වල නැති මැජික් වගේ දෙවලුත් කරනවා සල්ලි හොයා ගන්න එක තමා මේ දෙවල් කඩා වැටෙන්න හෙතුව ,

      Delete
  9. කවුරු මොනවා කිව්වත් තමන්ගේ අතේ ලියවිලා තියෙන්නේ තමන් හම්බු කොලොත් තමන්ට කන්න පුළුවන් කියලා. ආගමට දහමට ලැදි වීම වරදක් විදියට මමත් දකින්නේ නෑ.එත් කොහෙවත් යන කට්ටඩියෙක්ට ඔක්කොම බාර දීලා බලන් හිටියට මොකුත් වෙන්නේ නෑ. එකෙන් වෙන්නේ අතේ තියෙන සතෙත් හිදෙනවා. මිනිස්සු ප්‍රශ්න වලින් මිරිකෙනකොට කොහෙන් හරි සහනයක් හොයනවා. ඔය කියන්නේ "දියේ ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා" කියලා. එතකොට ඔය කවුරුහරි කිව්වාම හිස් මුදුනෙන් පිළිඅරගෙන සාක්කුව හිස් කරන් ගෙදර එනවා.

    බයි ද වේ, නියමෙට ලියලා තියෙනවා සහෝ.

    මේ නිකමට අහන්නේ බොලන්ට අලුතෙන් බ්ලොගක් ෆලෝ කරනකොට එරර් එකක් එනවද?
    මම බුදු කට්ටක් කෑවා සහෝගේ බ්ලෝග පලෝ කොරන්න. කොටින්ම දවස් 3ක් විතර වෙනවා. යන්තං අද කොරගත්තා වෙන විදියකට.

    ReplyDelete
    Replies
    1. නිමෝ ඔබ කියන දේ හරි ,අපි උත්සාහය තමා වැදගත්
      මං හැමදාමත් කියන දෙයක් තමා තමන් කුමණ ආගමක් ,ධර්මයක් වුවද පිලි ගන්න මේ අගේ බාල වැඩ පස්සෙ යන්නෙ නැතුව .මිනිස්සුන් ගේ අසරණ කමින් හුරා ගෙන කන මේ මිනිස්සු මට නම් පිලිකුල් .

      මට කොමෙන්ටු දාන කොට නම් පොඩි එර්ර එකක් අවා මේ ලගදි නම් නෑ .

      Delete
  10. අහල නැද්ද සහෝ අපි ලැම්බෝගිනියෙන් ශීග්‍ර වේගෙන් ගල් යුගයට යන බව.

    ReplyDelete
    Replies
    1. ශ්‍රේෂ්ඨ මහාචාර්යවරයකුගේ කියමනක් නේද....?

      Delete
    2. @ හැලප කඩේ
      ++++++++++++++++++++++++++

      Delete
  11. අපේ රටේ වැඩි පිරිසක් නොම්මර එකේ මෝඩයෝ.... වචන දහයක් කතා කරන කොට ඒ දේ තේරෙනවා.. උගත් පිරිසක් උන්නත්.. උනුත් බුද්ධිමත් නෑ.. නිකන් සැටිපිකට් එකක් තියෙන ගිරවු විතරයි... මේක අජ්ජාපන ක්‍රමයේ වැරද්ද... වාසනාවට අපිට සත්තරන් ගුරුවරු ලැබුන නිසා හොඳයි..

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමේ නිසා තමා එක විදිහකට මේ දෙවල් රජ වෙන්නෙ ,මොකද මිනිස්සු කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නෑනේ

      මාතලන් කියන කතාව මං පොරටත් වෙලාවකට හිතෙනවා ,අපි ගැනම .අවංක කතාව .

      Delete
  12. සාමාන්‍යෙයන් ලංකාවේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට වඩා යමක් කමක් ඇති අය ඔය වගේ දේවල් පිටිපස්සෙ යනවා වැඩියි. ඒකට එක හේතුවක් වෙන්න ඇති එයාල අසාධාරනෙන් හොයන සල්ලි වලින් සැනසීමක් නෑ කියලා එයාලගේ හෘද සාක්කිය දැනගෙන ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් එක නම් සහතික ඇත්ත ඔය රහත් වුණ හමුදුරුවෝ ගාව ඉන්න අය දිහා බැලුවාම ,ඔය සල්ලි කාරයෝ සම හරක් නම් යන්නෙ තවත් සල්ලි හම්බ කර ගන්න .හොදට බලන්න ඔය පොලියට සල්ලි දෙන පොරවල් එහෙම .

      Delete
  13. මොකක් හරි ගුවන්විදුලි නාළිකාවකින් මේ එක එක අයට කතා කරල ඒව ප්‍රචාරය කරන වැඩක් කළා නේද?

    ReplyDelete
    Replies
    1. එක නම් දිලිනි මට මතක නෑ ,හැබැයි හැම මාධ්‍යයකම ඔවාට ප්‍රචාරය තියෙනවා ,මොකද මිනිස්සු ඉල්ලන්නෙ මේවා නිසා

      Delete
  14. හැබැයි මන් පොඩි දෙයක් කියන්නම් යන්ත්‍ර මන්ත්‍ර බොරු කියලා විශ්වාස කරන්න පුලුවන් උනත් ජෝතිශ්‍ය කියන එක බොරුයි කියන්න බෑ මනුස්සයන්ගේ හා සත්වයන්ගේ ගහ කොලට පවා ජොතිශ්‍යයේ බලපෑම තියෙනවා ජොතිශ්‍ය හරියටම කියනවනම් විද්‍යාවක් ඕක ඔය ග්‍රහලෝක වලින් පොලවට වන ගුරුත්වාකර්ශන බලය අනුව හා මනුශ්‍යයෙක් ඉපදෙන වෙලාවට ඒවා බලපාන්නෙ කොහොමද කියන එකයි ඔය ජොතිශ්‍යයෙන් බලන්නෙ සමහර වෙලාවට කරන මනුස්සයා අනුව ඕක වෙනස් වෙනවා මොකද ඕක ගනිත ශාස්ත්‍රයක්නෙ හරියට ගාන හදාගන්න බැරි උනොත් ඔක්කොම කොට උඩ මේකෙ සත්‍යක් නෑ කියන්න බෑ. යන්ත්‍ර මන්ත්‍රනම් දැන් ගොඩක් කරන්නෙ බොරු ඒත් මන්ත්‍ර කියන්නෙ ධ්වනිය මගින් වැඩ ගත්තු ශාස්ත්‍රයක් ඒවා ගොඩක් වැලලිලා ගියා ඕගොල්ලො විද්‍යාව ඉගෙන ගත්තනම් දන්නවා ඇති ධ්වනියෙන් ගන්න පුලුවන් වැඩ ස්වර මගින් ධ්වනි තරංග ඇති කරලා තමා මන්ත්‍ර වලින් වැඩ ගත්තෙ මම මේ ගැන ලිපියක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා එතොකොට ගොඩක් කරුණු ඔප්පු කරලම දාන්නම්

    ReplyDelete
    Replies
    1. ඔය ජොතිශ්‍යය වුණත් වැඩක් තියෙන ප්‍රමාණයක් තියෙනවා හැබැයි ඒ ඉතාම පොඩ්ඩයි ,එකෙන් ජිවිතෙම ගොඩ දා ගන්න තරම් දෙයක් නෑ ,පෞද්ගලිකව මට නම් කියපු හැම දෙම බොරු මගේ කෙන්දරේ බලලා .

      ඔය යන්ත්‍ර මන්ත්‍ර ඇත්ත නම් කෝ දැනුත් වැඩ කරන අය ඉන්න එපැයි දැන් ඉන්නෙ සල්ලි කාක්කො .මං නම් බොරු කියන්නෙ නෑ පිලි ගන්න අය පිලි ගන්න ,මං කියන්නෙ මෙහෙම දෙවල් වෙනවා කියලා විතරයි ,

      Delete
  15. දැන් සමහරක් ට තියන පිස්සුව ෆෙන්ග්ෂුයි නේ.

    ReplyDelete
    Replies
    1. හම්මෙ ඔව් ,වැඩි තාණ්නාසේ නේ

      Delete
  16. Anonymous3/14/2014

    සහෝ......මටනම් ඔය පිස්සු විකාර අරහං බන්. මගේ වයසක දෙමව්පියෝවත් ඕවා විශ්වාස කරේ නැහැ. ඒත් මේ සමහර තරුනයෝත් ඕවා පස්සේ යනවා දකිනකොට පුෂ්පවිකසිත වෙන්න නොදී මේ සින්දුව අහනවා.
    ගායනය.....නාරද දිසාසේකර
    සංගීතය.....ෂෙල්ටන් ප්‍රේමරත්න
    පදවැල් ....?????

    ජයලත් මනෝරත්නයන් ඔය ඒ කට්ටිය සෙට්වුනාම" බොන්න තව මන්ද ප්‍රමාදේ "කොටස හයියෙන් කියනවාලු.

    http://www.youtube.com/watch?v=vnBXG77Mcrg

    ReplyDelete
    Replies
    1. නෑ අරූ අපේ මිනිස්සු ගිහින් ජිවිතෙන් වන්දි ගෙවනවා දැක්කාම මොනවා කියන්න ද මන්දා ...
      හ්ම්ම්ම් අපි ඔන්න සිංදුවක් අහන් ඉමු .

      Delete
  17. අන්ධ විශ්වාස වල එල්ලිලා ඉන්න මිනිස්සු ඉන්න කොට ඕවා මොනවද ඉතින්..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත දිනේෂ් මිනිසුන් ගේ අන්ධ විශ්වාස නිසා තමා තමන්ම විනාශ වෙලා යන්නෙ

      Delete
  18. අනධානුකරණයෙන් සියල්ලම බදා වැලද ගැනීම තමා මට දැනෙන විදියට මූලිකම හේතුව... පේ මිනිස්සුන්ගෙන් ඔ පුරුදු යවන්න අලුත් බුදුකෙනෙක් පහල වෙන්න වෙයි කියල තමා මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අලුතෙන් බුදුවරු පහල වුණා කාලයක් මෙක ,ඒ අය නිසා තමා මේ දෙවල් මේ තරම් ජරා ජිර්ණ වුණේ ,දැන් නම් ඉන්නෙ රහත් අය විතරයි නේ

      Delete
  19. සියළු දෙනා වෙත ..

    මේ දිනවල පදම අවුල් වෙලා මොලේ බම්ප් වෙනවා ,හතර වරන් වෙච්ච කතා කියවෙන්නෙ ,පුෂ්පය ලෙසටම විකසිත වෙලා,එහෙම තත්වයක ඉදන් මගේ අදහස් එකතු කරන්න බෑ ,එවැනි ආසාධ්‍ය රොගි තත්වයක මං පොර ඉන්න නිසා සඳුදා දිනයේදි වත් මං පොර ගේ අදහස එකතු කරන්නම් .

    එතෙක් ජයවේවා සියලු දෙනාට!!!!!

    ReplyDelete
    Replies
    1. ආ මොකක්ද බොල ඒ ලෙඩේ?? :o

      බෙහෙත් ගත්තද?

      Delete
    2. ඇයි බොට හෙනද...??? කියන සෙද්දක් කියපං බං ගෑල් ළමයි වගේ ඇබ රෙන්නෙ නැතිව ...
      ඇයි යකෝ...get වැල soon කියල කොටන්න හරි ඩෙංගු ම ද කියල කියපං ...
      කතාවට කමෙන්ට් කරන්න ගියාම මේ සෙද්ද දැක්කෙ ....

      Delete
    3. කෙන්ජි මාමේ
      සමාවෙන්න කතාවට කමෙන්ට් කරන්න . :((.

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.