11 April, 2014

ආච්චි අම්මා ගේ කොණ්ඩ කැවුම් සහ අපේ අම්මා




සිංහල අලුත් අවුරුද්ද ලග ලගම එනවා.කැවුමක් කන්න  තියෙන හොදම කාලේ තමා අවුරුද්ද.කැවුම් කිව්වාම මුං කැවුම්,කොණ්ඩ කැවුම් ,තව ජාතිත් ඇති.මං නම් ආසම කොණ්ඩ කැවුම් කන්න,එකෙත් බුරිය කොටස කන්න තමා වැඩියම ආස කරේ,තොරලා ගන්නෙ බුරිය උඩඩ තියේන කැවුමක්.

අපි ඉස්සර අවුරුද්දට අපේ අම්මලා ගේ මහ ගෙවල් තියෙන කළුතර යනවා.මං නම් වැඩියම යන්නෙ ආච්චි අම්මා හදලා දෙන කොණ්ඩ කැවුම්,ආස්මි කන්න.හිටිය ලොකු මුණුබුරා විදියට ආච්චි ගෙන් මට ඉහල සැලකුම් ලැබුණා.ආච්චිට මං ඇමතුවේ ගමේ ආච්චි කියලා.ආච්චි කොණ්ඩ කැවුම් හැදුවේ කිසිම අච්චුවක් නැතුව කෙලින්ම තාත්චුවට පිටි මිශ්‍රණය වක් කරලා.ආස්මි හදන්න හාල් පිටි කොටන්න මං දන්න තරමින් කවදාවත් මෝලකට ගියේ නෑ.ගෙදර තිබුන ගල් වංගෙඩියෙන් තමා පිටි කෙටුවේ.කොටලා රෙදි කැල්ලකින් ගලා ගන්නවා.පිටි කොටන්න ගන්නෙ පිල්ල තියේන මොල් ගහකින්.ඔය පිල්ල තියෙන මොල් ගස් වලින් ගෙඩි හැදෙන්නෙ නැති පොල් ගස් වලට ගෙඩි හැදෙන්න කියලා අමාවක දවස් වලට අනින කෙමකුත් තියෙනවා.ආස්මි හදන එක ටිකක් අමාරු වැඩක් .ආච්චි මං හින්දාම කොණ්ඩ කැවුම් හදලා දෙනවා ඒ තරම් මට ආදරේ.


අම්මලා ගේ මහ ගෙදර සිංහල උළු වහලා තිබුණේ,වටේටම රබර් වතු.ආච්චි ගෙදර පිටි පස්සෙ තිබුණ පොඩි පිලක් වගේ කොටසක බැරල් එකක පියනක් උඩ  කබොක් ගල් තුනක් තියලා ලිපක් බදිනවා.එකේ තමා කැවුම් හදන්නෙ පැණි එහෙම දලා මිශ්‍රණය හදාගෙන,වැඩේ පටන් ගන්නවා.ඉස්සෙල්ලාම හදන කැවුම් අරන් තියනවා,කොණ්ඩය ගන්න ආච්චි පාවිච්චි කරේ කිතුල් කුරක් ,එක කැවුම් හදන්න පාවිච්චි කරපු එකක්.ආච්චි පිටි මිශ්‍රණය තාත්චුවට දාන විදියෙන්ම තරමක් බුරිය උඩඩ එනවා,ඒ තරම් පුරුද්ද තිබුණා.සාමාන්‍යයෙන් කැවුමක බුරිය අගල් එක හමාරක් විතර ගන්නවා.රත්තරන් පාටයි කැවුම නියම විදියට තෙලේ බැදුණාම,ආච්චි කැවුම් වල සීනි පදම බලන්න දෙන්නෙ මට,කොණ්ඩ කැවුම් මැද කොටස බැදෙන්නෙ නැතුව වටෙට කළු වෙනවා කියන්නෙ සීනි පදම වැඩි.එහෙම බලන්න දුන්නට ආච්චිට කවදාවත් පදම වැරදුණේ නෑ.හොදට බැදුණ කොණ්ඩ කැවුම් බලන්න ලස්සනයි,වේවැල් ගොට්ටකට තමා බදින කැවුම් දන්නෙ තෙල් බෙරෙන්න.කැවුම් ගෙඩියක් සීනි නැතුව කහට කොප්පයක් එක්ක බොණ එක නම් රසවත් වැඩක්.

ආච්චි අම්මාට දුවලා හතර දෙනෙක් හිටියා,ඒ කියන්නෙ මං පොරට පුංචිලා තුන් දෙනෙක්.මේ කතාවේ අම්මා ගේ කොටස සම්බන්ධ වෙන්න මෙහෙමයි දැන් ඔය හිටපු දූවරුන් ගෙන් තුන් දෙනෙකුටම හොදට කැවුම්,ආස්මි එහෙම හදන්න පුළුවන්.වැඩේ තියෙන්නෙ අපේ අම්මාට හොදට රසට උයන්න පුළුවන් උනාට ඔය කෑම ජාති දෙක හදන්න බෑ,මොකද අම්මා කරලා තියෙන්නෙ ඒ කාලේ ඔවා හදන්න ඉගෙන ගන්න එක නෙවෙයි පාඩම් කරපු එක.ඔක පොඩි කාලේ  මට ඒ තරම් දැනුනේ නෑ ආච්චි අම්මා හිටපු නිසා,මං වයස අවුරුදු නවයක් දහයක් විතර කාලේදි ,ආච්ච් අම්මා අඩු වයසින්ම ඇස් දෙක පියා ගත්තා.කොණ්ඩ කැවුම් එහෙම අයේ කාලේකට කන්න බැරි උණා කොම හරි පුංචි අපේ ගෙදර ආව වෙලාවක මිශ්‍රණය අහගෙන අම්මා හදන්න පුරුදු වුණා.එත් මං ආසම බුරිය නැතුව.අපේ තාත්තාට ඔවා ගැන වැඩිය හෙවිල්ලක් නෑ,තියෙන දෙයක් කලා ඉන්නවා.එකට එක්ක මං පොර හිටියා නේ වද දෙන්න.කොම හරි ඔය කැවුම් වදේ වැඩි වුන දවසක අපේ අම්මා බැණ්නා බැදපු දාක වයිපරෙට කියලා හදවාගෙන කන එකයි තියෙන්නෙ මට වද දෙන්නෙ නැතුව කියලා.එත් ඒ වැඩේටත් වෙන්නෙ මේ වැඩේමයි කියලා තව ටික කාලේකින් තෙරෙයි මං පොරට.

අම්මා කෙනෙක් දුවක් හදනවා කියන්නෙ මහා රාජකාරියක් වෙන්න ඇත්තෙ මේ වගේ දෙවල් වුණත් අම්මා ගෙන් දුවට දෙන දැවැදි වගේ දෙවල් කියලා අතිතේ ඉදලා කියලා තියෙනවාලූ නේ.දැන් ඉන්න ගොඩක් අයට බුරිය ගන්න බෑ,ඉතිං ඔවා වැඩක් නෑ කියලා හිතෙයි එත් හැමදෙම වටිනව ඉගෙන ගත්තොත්.

හැමොටම කිරි පැණි උතුරණ සුභම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා!!!




ප.ලි
ඊයේ දිනයේ මෙක ලියන්න හිටියේ එත් මෙච්චර සංසුන් මටත් තරහා ගියා.තරහා පාලනය තව අවශ්‍ය බව ඉගෙන ගත්තා.


65 comments:

  1. තැපෑලෙන් කැවේමේ කොන්ඩය ගැනීමේ පාඪමාලා පවත්වන්නෙමු...

    ReplyDelete
    Replies
    1. දේශක වැඩේ හොදයි ,ගොඩක් අය එයිනේ ....දැන් කවුද දන්නෙ හරියට බුරිය ගන්න ඈ ,

      Delete
  2. බුරිය ගන්න බැරි උනාට අවුලක් නෑ සෙක්සි බුරියක් තියෙනවනම් ඒ ඇති. සමහර බුරි දැක්කම බය හිතෙනවා. වැටුනොත් ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. මට නම් බුරිය ඕන එකනේ මෙතන අවුල ..
      හම්මෙ ,සෙක්සි බුරි,හැක් හැක්

      Delete
    2. Anonymous4/13/2014

      :(

      Delete
    3. @අපූර්වී
      මොකෝ අවුලෙන් වගේ හක් :)))

      Delete
  3. පොහ්..........අති විශේෂ ප්‍රාගුණ්‍යය නැත්නම් ඔය කැවුමේ කොණ්ඩය ගන්නවා බොරු. එහෙම බැරි අය තමයි අර අච්චු කැවුම් හදන්නේ. හාපෝ................එව්වා මෙලෝ රහක් නැති පිටි ගුලි.

    ReplyDelete
    Replies
    1. ඔව් විශේෂ ප්‍රගුණ්‍යය ඕන මේ බුරිය ගන්න ,

      හාපෝ................එව්වා මෙලෝ රහක් නැති පිටි ගුලි//
      මේ මොකෝ කැමැති නැතෙයි

      Delete
  4. දැන් සහෝගෙ භාර්‍යාව (අනාගත) ඔය රාජකාරි දන්නවැයි.? :)

    ReplyDelete
    Replies
    1. ඉවරයි මං ඉවරයි ..හක් හක්

      එතනත් පොඩි කොස්සක් නේ ;))

      Delete
  5. භුරි ඛන්නා, මං කැවුම් වලින් නම් වැඩිය ආස හැඳි කැවුම් වලට.

    ReplyDelete
    Replies
    1. භුරි ඛන්නා/// නිකං හිංදි නමක් වගේ

      හැදි කැවුම් මිශ්‍රණයත් මේ හා ටිකක් සමානයි නේ ,එවත් මං ආසයි

      Delete
  6. මාත් කන්නෙ කොණ්ඩ කැවුන් විතරමයි...
    අපේ අම්ම හදනව මාර රහයි ඈ....
    ම්ම්මම්ම්ම්.....
    පට්ට යකෝ

    ReplyDelete
    Replies
    1. මහේෂ් එහෙනම් මටත් ටිකක් එවවා නම් හොදයි නේ ,

      බුරිය කන්නද වැඩිය ආසා ,මං නම් එකට තමා කැමැති ;))

      Delete
  7. මාත් කොන්ඩ කැවුම් විතරමයි කන්නෙ ඒකත් පැණිවලින් හදපුව.කැවුමෙ බුරිය නං නැතත් මොකද බං හොඳ ගැඹුරු බුරියකට සැට් වෙන්න තියේනං කොහොමද ආතල් එක.

    ReplyDelete
    Replies
    1. Anonymous4/12/2014

      //හොඳ ගැඹුරු බුරියකට සැට් වෙන්න තියේනං//
      ගිලිල මැරෙයි

      Delete
    2. සතුටුයි ..කොමත් කෑම ගැන කතා වලින් පෙරමුණ හැලප තමා ,ගැඹුරු බුරි ගැන දන්නෙ නෑනේ තාම සෙට් වෙලා නෑ හක් ;)))

      Delete
  8. අපෙ අම්මටත් කැවුමෙ කොන්ඩෙ ගන්න එක අවුල් අප්පා...හබැයි මමනම් වැඩිපුරම ආස මුංකැවුම් වලට

    ReplyDelete
    Replies
    1. දුව හරි ඉගෙන ගත්තා නම් හොද නැතෙයි ;))
      මුං කැවුමුත් හොදයි ,මං නම් ආස කොණ්ඩ කැවුම් වලට තමා ..

      Delete
  9. ආ අමතක උනා..එසේම වේවා ඈ

    ReplyDelete
    Replies
    1. එසෙම වේවා ඔබටත් !!!

      Delete
  10. අද අවුරුද්දට හැඳි කැවුම් හැදුවා සහෝදර.ඒකත් අමාරුවෙන් ගොඩදාගත්තෙ.ඉතින් කොණ්ඩ කැවුම්???........

    ඔබටත් ලබන්නාවූ අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.........

    ReplyDelete
    Replies
    1. හක් ...හැදි කැවුම් හදන් එක ලේසි නේ ..එකත් අමාරු නම් කොණ්ඩ කැවුම් ගැන හිතන්න අමාරු තමා ,

      ඔබටත් අලුත් අවුරුද්ද සුභ වේවා !!

      Delete
  11. මට නම් ඔය වගේ අද්දැකීම් ඇත්තෙ ම නෑ. අලුත් අවුරුද්ද සුබ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. Anonymous4/12/2014

      කඩේ තියෙන්නේ ගනුකො..

      Delete
    2. මොකක්ද දිලිනි ...දැන් මොනවා ගැනද අත්දැකීම් තියෙන්නෙ ,අඩු තරමේ කාගෙන්වත් ගුටියක්වත් ලැබිලා නැත්ද මතක හිටින්න ඈ :)) (විහිළුවක් හොදේ )

      Delete
    3. මොනවද විදානේ ගන්න කියන්නෙ ඈ ???

      Delete
    4. Anonymous4/12/2014

      අද්දැකීම්

      Delete
    5. මොනවද කඩේ විකුණන අත්දැකිම් ඈ හික් හික් ;)))

      Delete
  12. කොන්ඩ කැවුම් දකිනකොටත් කෙල උනනව.දැන් කොහොමත් ඉස්සරහට හොදට මේ දේවල් කන්න ලැබෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. හක් ....ඔව් කන්න ලැබෙයි ඇති වෙන්න කන එකයි තියෙන්නෙ තෙල් බෙරෙන්න

      Delete
  13. අවුරුදුත් නැති අපිට මොන කැවුම්ද බං..

    ReplyDelete
    Replies
    1. ඈ ..ඒ මොකෝ දිනේෂ් ඒ ..

      Delete
  14. දුවලාට ඔය දෑවැදි (කවුම්, ආස්මී හැදීම ) දෙන්ට හැදුවට දුවලා ඕවා ගන්නේ නෑලු. :)

    සහෝදරට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඈ ඒ ඇයි පොඩි කුමාරි හාමි ඒ ???දුවලා කඩෙන් අරන් කන්නද කැමැති ..

      පොඩි කුමාරිටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!

      Delete
  15. Anonymous4/12/2014

    This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකෝ විදානේ ලැජ්ජා හිතුණාද ඈ ;))

      Delete
  16. Anonymous4/12/2014

    කොන්ඩ කැවුං ඉතිං විදානේගේ පේවරිටිමය..
    කොහේ හිටියත් අම්මාගෙන් කොන්ජ කැවුම් පාර්සලයක් වරදින්නේ නැත...

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කැමැති ,එත් හදා ගන්න ටිකක් අමාරුයි ...ඒ කියන්නෙ විදානේ ගේ අම්මට හොදට කැවුම් හදන්න පුළුවන් නේ ..

      සුබ අලුත් අවුරුද්දක් විදානේටත් !!!!!!!!!

      Delete
  17. සුබ අලුත් අවුරුද්දක් සහෝ !!!!!

    ReplyDelete
    Replies
    1. බස්සිටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

      Delete
  18. Anonymous4/13/2014

    මේවා අච්චු කැවුම් ,,මං අද ඉවුවා කොන්ඩ කැවුම්..

    සුබ අලුත් අවුරුද්දක්

    ReplyDelete
    Replies
    1. ඈ මෙවර අච්චු කැවුම් කියනව ද ????

      ඔමා අක්කාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

      Delete
  19. සහෝදර මොකද බං මේ උඹලා කොණ්ඩ කැවුමෙ බුරියක් ගැන කතාකරන්නේ? උඹලා කියන්නේ එහෙමද? අපි නම් ඕකට කියන්නේ කොණ්ඩේ කියලා. ඒකනේ ඒකට කොණ්ඩ කැවුම කියන්නේ. නැතිනම් ඕක බුරි කැවුමක් වෙන්න එපායැ.

    සුබ අලුත් අවුරුද්දක් සහෝදර.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා කියන්නෙත් බුරිය කියලා...තාත්තගේ පැත්තේ කට්ටිය හිනා වෙනවා එතකොට! පළාතේ අනුව වෙනස් ඇති. :D

      Delete
    2. @ niRo @සහෝ
      ඇත්තටම මම ඇහුවමයි කොන්ඩ කැවුමට බුරි කැවුම් කියනවා කියලා.

      Delete
    3. @Henry Blogwalker

      අපි නම් කියන්නෙ ඔකට බුරිය කියලා මං දන්නෙ නෑ එක තමා කියන්නෙ ,ඒ ගැන කතා කරේ ඕක ගන්න හැමොටම බැරි දෙයක් නිසා ....කොණ්ඩේ කියලත් කියනවා තමා :)

      Delete
    4. @ηiRσ

      ඔව් පළාතේන් පළාතට වෙනස් ,ඔක හිනා වෙන්න දෙයක් ඈ ... :))

      Delete
    5. @Nimo (නිමෝ)

      බුරි කැවුම් කීයලා කියන්නෙ නෑ අර මැදින් උඩඩ එන කැල්ලට කියන්නෙ බුරිය කියලා :))

      Delete
  20. //එත් හැමදෙම වටිනව ඉගෙන ගත්තොත්.//
    ඔව් ඒක නම් ඇත්ත...හැබැයි ඔය කැවුම් හදන එක නම් කියල දෙන්න අමාරු ලු. ඔය අම්මල නැන්දලා කියන්නේ. අපේ අම්මට නම් රසට කැවුම් හැදුවට බුරිය ගන්ඩ බෑ. ඒත් මට පුළුවනි. මට කවුරුත් කියල දීල නෙමෙයි. හදනව බලන් ඉඳලත් නෙවෙයි. එක්තරා අවුරුද්දක නිකම් සෙල්ලමට මම අම්මගෙන් ඉල්ලං කැවුමක් හදල බැලුවා. හැදු පාර ටිකක් වැදගත් පාට කැවුමක් ආවා එක පාරින්. ඒ පාර මමම ඔක්කොම කැවුම් ටික හැදුව. මේ පාරත් ඉතින් මේ රටේ ඉඳනුත් කැවුම් ටිකක් හදාගත්තා ආසාවට...

    අනේ මන්දා මම ඉතින් ඕකේ ලොකු ටෙක්නික් එකක් දන්නේ නෑ...තෙල් මට්ටම, අත හසුරන හැටි එහෙම පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා කැවුම බුරිය එක්ක හදා ගන්ඩ නම් පුළුවන් :)

    එහෙනම් ඔයාට තෙල් ඉහිරෙන ලස්සන අවුරුද්දක් පතනවා!

    ReplyDelete
    Replies
    1. කියලා දෙන්න අමාරු ඇති ,එත් ඉගෙන ගන්න එක වටිනවා .
      අහන්නත් සතුටුයි හොදට කැවුම් හදන්න පුළුවන් එක ගැන ..ඇත්තටම මේ දෙවල් වලට අතේ හුරුව තමා ඕන

      ඔයාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

      Delete
  21. අපේ තාත්තාගේ අම්මා ජිවත් වෙලා ඉන්නකොට නම් කොන්ඩ කැවුම් වරදින්නේ නෑ. කැවුම් හදලා මැටි මුට්ටියක දාලා පත්තරකොල දාලා කට ගෙටගහනවා,
    වැඩක් නෑ, මම කොහොමත් හොරෙන් 10 හෝ 15ක් වගකියනවම තමා.
    පොස්ටුවෙන් පරණ මතක අවදි කලා.
    මේපාර අපේ අම්මා කොහෙන්දෝ මන්දා කැවුම් හදන ආච්චි කෙනෙක්ගෙන් කොන්ඩ කැවුම් අරන් ඇවිත් තිබුනා. ඒවත් වරදක් නෑ.

    එනිවේ සහෝට මොකෝ තරහා ගිහින්, අලෙ ඔවා ගණන් ගන්න එපා අලෙ, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!

    ReplyDelete
    Replies
    1. අපේත් ආච්චි තමා වැඩෙට දක්ෂ,මට නම් කඩෙන් ගෙනාවාම කිසිම ගතියක් නෑ ...පරණ මතක හරි සුන්දරයි ...

      තරහා අවා එක දැන් හරි ....

      නිමෝටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.